අවසානයක් නොවේ - 19 කොටස... ඩ්රැකී ...කෙඳි වළාකුළු ස්තරය පසා කරගෙන ඉහළට නැඟුනු ළිහිණියා, ආපිට හැරී හිස පහතට ලාගෙන පියාපත් අකුළා ගත්තෙන්, ඉහළ සිට පහතට වැටෙන කාලතුවක්කු උණ්ඩයක් සේ වේගයෙන් පහළට එන්නට ගත්තේ ය. පළමුවෙනි කොටසතුන්වෙනි කොටසදහ අට වන කොටසනාවිකයා කරගන්නට යන අනතුරේ තරම මැන ගැනීමට දුර්ගා විල ආසන්නයේ වූ උසැති ගල් කුළක ට නැග ගත්තා ය. කුරුල්ලා පහතට එන වේගය අනුව තවත් තත්පර කිහිපයකින් පොළොවට ...
අවසානයක් නොවේ - 18 ඩ්රැකී "ඔයා කියන දෙයක් තමයි ඉතින්..."ඔහු වෙත ඇස් කොණින් බැලූ තරුණිය මඳ සිනහවක් නැඟුනු මුහුණින් යුතුව අත ඔසවා, අන්තරාලයේ බාල්කයක එල්ලා තිබූ සීනුව හතර වරක් නාද කළා ය. ගත වූයේ තප්පර කිහිපයකි. අවට හෙවුණු ඝන වනය මැදින් පුෂ්ටිමත් පුරුෂයෝ හතර දෙනක් දුවගෙන ආවෝ ය. ඉණෙන් පහතට දිවි සම් ඇඳ සිටි ඔවුන් ගේ අත්වල දුනු හී ද, උරහිසෙහි අත් පොරව බැගින් ද ...
පුනරාගමනික රාවණ... ඩ්රැකී වවුල් දොර පියන් දෑතින් තල්ලු කරමින් ජයලංකාර ඇතුල් වූයේ ය. නිදහස් මාවතේ පිහිටි පුරාවිද්‍යාඥයන්ගේ සමාජ ශාලාව මඳ අඳුරින් සහ දුමින් පිරුණු හුදෙකලාබව රජැයූ තැනක් විය. වසර ගණනාවක් තිස්සසේ සමාජ ශාලාව පවත්වාගෙන යන නිලධාරි මඬුල්ල, එහි පැවති පෞරාණික පෙනුම සහ අංගෝපාංග කිසිදු වෙනසක් නොකොට පවත්වාගෙන යාමට වගබලා ගත් හෙයින්: දුහුවිලි සහ සිගරැට් අලු වලින් පිරුණු අඳුරු මුලු, ඇදුම රෝගය ගැන බියෙන් ...
අවසානයක් නොවේ - දා හත් වන කොටස ඩ්රැකී "ඔබේ ආගන්තුක සත්කාරය නම් ඇත්තටම විශිෂ්ටයි..." මහනුවරදී හාමුදුරුවරුන්ගෙන් උගත් සිංහල භාෂාවේ උසස්ම වචන භාවිත කිරීමට නාවිකයා පරිස්සම් විය."හොඳා..." තරුණිය සිනාමුසුව කීවා ය. "තමුන්නාන්සෙ සතුටු වුණා නම් ඒ කියන්නෙ, මගෙ අදහස ඉටු වුණා. දැං ඉතින් ආපු කාරණාව කතා කරගෙන ඉඳිමු."ඇඩම් හිස සලා එකඟත්වය පළ කළේ ය.පළමුවෙනි කොටසතුන්වෙනි කොටසදා සය වන කොටස"පළමුවෙන්..." තරුණිය දිග කතාවක් පටන් ගන්නට යන බව පෙනුණේ ය. "...රහස් ...
මරණය ලුසී සහ ඔසිමැන්ඩියස් ගැන... ඩ්රැකී කෙනෙක් මැරෙනව කියන එක ශිෂ්ඨාචාරය පුරාවට මනුෂ්‍යයන්ගෙ කුතුහලයට සහ බයට හේතුවුණු කාරණයක්. පුද්ගලයෙක් කියන්නෙ ආකල්ප, මතවාද සහ යම් යම් දේ ගැන දරණ ස්ථාවරයන්, මතකයන් සහ දැනුම සහිත තැනැත්තෙක්. ජීවිත කාලය පුරා රැස්කරපු දැනුම, අත්දැකීම් මහා සම්භාරයක්. ඒත් එක්තරා අවස්ථාවකදි එයා මැරෙනව. ඒ මරණයත් එක්ක, එයා දරපු මතවාද, ආකල්ප, මතකයන් ආදී සියල්ලේ පැවැත්ම අහෝසි වෙනව. නිකම්ම නිකං හිස් ප්‍රෝටීන් සහ කාබන් ...
අවසානයක් නොවේ - දා සය වන කොටස ඩ්රැකී කිරි බඳුන අවසන් වෙද්දී, ඇඩම් සක්මන් කරමින් සිටියේ ධනසේකර වළව්වේ ගෙවත්ත කෙළවර වූ ඔසු වනය අසල ය. කීස් හඬ නඟමින් ඊයක් ඔහුගේ දෙපා මුළ බිම ඇණුනේ ය. එතෙක් ගැළී සිටි වින්දනාත්මක ආලස්‍යයෙන් මිදුණු ඩ්‍රේක් ක්ෂණිකව බිමට පහත් වී, හිස පහත් කොටගෙන වටපිට බැලීය. කෙටි බැලුම් කිහිපයකින් හාත්පස සෑම අඟලක්ම නිරීක්ෂණය කළ හෙතෙම, කිසිදු අනතුරක් නොමැති බව සැක හැර ගත්තේ ය. ...
ඇම්බැට්ටයා - තක්කඩියන් ගැන ජන කතා අංක 02 - බුරුම ජනකතාවකි... ඩ්රැකී https://njmonthly.com/wp-content/uploads/cache/2014/07/balloon1/76167853.jpgඇම්බැට්ටයා හරිම දඟකාර ළමයෙක්. පොඩි කාලෙ ඉඳන්ම මෙයා යාලුවන් බොරු කියා රවට්ටන්න පුරුදු වෙලා හිිටියා.දවසක් එයාගෙ තාත්තා වැඩට යන්න ලෑස්ති වෙලා, එයාගෙ බත්මුල පාර ගාවට ගෙනත් දෙන්න කියලා ඇම්බැට්ටයාට කිව්වා. ඇම්බැට්ටයා ත් හොඳ ළමයා වගේ බත් මුලත් අරගෙන තාත්තගෙ පස්සෙන් ආවා. ටික දුරක් ආව ට පස්සේ එයා මග නතර වෙලා බත්මුල ලෙහාගෙන කෑවා. ඊට පස්සෙ ආයෙමත් තාත්තගෙ පස්සෙන් ගියා. ...
අවසානයක් නොවේ - පහළොස් වෙනි කොටස ඩ්රැකී පළමුවෙනි කොටසතුන්වෙනි කොටසදා හතර වෙනි කොටසසුමන සාකච්ඡාව ආරම්භ කළේ ය. "මිත්‍රටත් මටත් වාර්තා කරන්න සහ සැක හැර ගන්න තොරතුරු කිහිපයක් තියෙනවා. අග්නි සහ ඉන්ද්‍රට ත් අපට එකතු කරන්න දේ ඇති..."පළමුවෙන් ම ලක්දිවට ආ විදේශිකයන් ගැන. ප්‍රංශ තානාපතිවරු වුණු බ්වාෆොන්ටීන්, නෝක්ලෑ ද ලානරෝල් සහ ඔවුන්ගේ සහචරයන් පහසුවෙන්ම අපේ විමසුමෙන් ඉවත් වුණා. ඔවුන් කිසිම ආකාරයක සැක සහිත චර්යාවක් පෙන්වූයේ නෑ. ඒ වගේම ...
අවසානයක් නොවේ - දා හතර වන කොටස ඩ්රැකී පළවෙනි කොටසතුන් වෙනි කොටසදහ තුන් වෙනි කොටසබිම අඩ දණින් වැටුණු ඇඩම් හති ලෑවේ ය. තම මුහුණ කෙලින් පහත් වූ ගැහැණු අතක්... බීම පිරවුණු සම් මල්ලක් අල්ලාගෙන සිටි ගැහැණු අතක්... ඔහු හිස ඔසවා බලද්දී, දුටුවේ සුන්දර සිනහවක් රැඳුණු තරුණියකගේ මුහුණකි. දුන්න වමතින් අත නොහළ ඇඩම්, දකුණත දිගු කර සම් මල්ල අල්ලා ගත්තේ ය. එය මුවට ළං කරද්දී ඉන් නැඟුනු මීපැණි සහ ...
අවසානයක් නොවේ - දහ තුන් වන කොටස... ඩ්රැකී පළවෙනි කොටසතුන් වෙනි කොටසදොළොස් වෙනි කොටස"මම අර ක්‍යුනිං ගායනා කරපු තරුණිය ගෙ හඬ ඇහුණු දිහාවට යන්න පටන් ගත්තා. ගල් ගුහාව ඉදිරිපිට ලොකු තණ බිමක් තිබුණෙ. වටේටම කඳු වැටියකින් වට වෙලා. මම තව තවත් ඉදිරියට යනකොට, ඈත... සෑහෙන්න ඈත... දැවැන්ත විලක් තිබුණා. ඒ විල අයිනේ ගැමියන්ගෙ පැල්පත් ටිකකුත්, ගොවිපොලවලුුුුත්, දකින්න ලැබුණා. ඒ හැම දේකටම කලින් මම දැක්කෙ, මිටියාවතේ මැද්ද හරියෙ ගොඩැල්ලකට ...
අවසානයක් නොවේ - දොළොස්වෙනි කොටස ඩ්රැකී පළවෙනි කොටසතුන් වෙනි කොටසඑකොළොස් වෙනි කොටස"...'හෙලවෙන්න, ඇස් අරින්න එපා දැන්ම...' ඒ වචන තමයි මම සෑහෙන කාලයකින් අහපු මිහිරිම ශබ්දය විදිහට මට මතක තියෙන්නෙ. ඒ වචන කිව්වෙ සැක්සන් තරුණියක් බව මට ඒ කටහඬේ උච්ඡාරණ විලාසයෙන් තේරුණා. එහෙම කියද්දි එයාගෙ හුස්ම මගෙ කන් පෙත්තට දැණුනා. ඒ එක්කම සියුමැළි අතකින් දිග කෙට්ටු ඇඟිලිවලින් මගෙ දකුණු අතේ ඇඟිලි අල්ලගන්නවා මට දැණුනා. ඒ අතේ මෘදු ...
අවසානයක් නොවේ - එකොළොස් වන කොටස ඩ්රැකී පළවෙනි කොටසතුන් වෙනි කොටසදහ වෙනි කොටස"හොඳයි" ගලගොඩ නිළමේ ඔහු ගේ දෑස් දෙස බැලුවේ ය. "පටන් ගැන්ම වශයෙන් අපට කියන්න... මිත්‍ර මුලින් ම අහන්න ගිය කාරණාව. ඔබ එදා බහිරවයාගේ කඩු පහරින් මාරාන්තික තුවාලයක් ලැබුවා. ඒ කඩු පහර ඔබගෙ හදවත ට ලොකු හාණියක් කළා. ඒත් ඔබ මිය ගියේ නෑ. ඒ වගේම ඉතාම කෙටි කාලයකින් ඒ තුවාලය සුව වුණා."කොහොමද එහෙම වුණේ?"ඇඩම් ගලගොඩ නිළමේ ...
අවසානයක් නොවේ - දහ වන කොටස ඩ්රැකී සංලක්ෂය - කතාවේ ශෛලියට, කාලයට සහ යතාර්ථයට ගැළපෙන පරිදි ස්කැන්ඩිනේවියානු අද්මිරාල් ගේ නම ඇඩම් - ඩ්‍රේක් ඇන්ඩර්සන් ලෙස වෙනස් කරන ලදි.මේ පිළිබඳව ඉතා උනන්දුවෙන් සිය අගනා කාලය මා හා ගත කරමින් ලබා දුන් පෝෂණය සම්බන්ධයෙන් හිතවත් Pra Jay මහතාට කෘතඥවෙමි.පළවෙනි කොටසතුන් වෙනි කොටසනව වෙනි කොටසමුරකාවලේ සිට පටු මාවත නැගෙනහිර දෙස ට විහිදුණි. මාවත දෙපස වූයේ මනාව නඩත්තු කරන ලද උද්‍යානයකි. ...
අවසානයක් නොවේ - නව වන කොටස ඩ්රැකී පළවෙනි කොටසතුන් වෙනි කොටසඅට වෙනි කොටසhttps://d2urhn0mmik6is.cloudfront.net/site/age_of_signs/images/content_images/four-riders/FourRiders4.jpg"රාසිං දෙවියන් ගේ වාසලට ඔබගේත්, ඔබ භාරයේ සිටින රැඳවියාගේත් පැමිණීම අණ කර සිටිනවා!" රජවාසලේ පණිවුඩකරු ධනසේකර මුදලිතුමා වෙත සැළකර සිටියේ ය. යටිකයට ඇඳි සුදු පැහැ ධෝතියත්, ඉණ පටියේ පැළඳි කැටයම් කළ මිට සහිත කඩුපතත් දැරූ අශ්වාරෝහක දූතයා පෑවේ නිසග තෙදවත් බවකි. වෙද මුදළි තුමා පණිවුඩකරු ගෙනැවිත් තිබූ අමතර අශ්වයා දෙස බලා මඳහසක් හෙළුවේ ය."මට නං ...
අවසානයක් නොවේ - අටවන කොටස ඩ්රැකී පළවෙනි කොටසදෙවෙනි කොටසතුන් වෙනි කොටසහතර වෙනි කොටසපස් වෙනි කොටසහය වෙනි කොටසහත් වෙනි කොටසhttps://creativemarket.com/Edgieus/1230921-Early-morning-sunrise-at-field-in-summerධනසේකර කුමාරිහාමි කුරුළු හඬ අසමින් අඩ නින්දේ ගැළී සිටියා ය. වළිකුකුළන්, දෙමලිච්චන්, ගිරවුන්, මයිනන්, ලේණුන් එක්ව නැඟූ මියුරු සංධ්වනිය පසුබිම්කරගත් බටිත්තන්ගේ සිවුරුහඬලෑම දිව්‍යමය සංගීතයක් බඳු විය. පින්නෙන් තෙත්බර වූ ගහකොළ අතරින් තීරු තීරු පෙරී ආ උදෑසන ආලෝකය, අලුත්ම දිනකට පරිසරය උණුසුම් කළේ ය. උදෑසනින් නැගිට දඟකරමින් දුව පනින ...
අවසානයක් නොවේ - හත්වන කොටස ඩ්රැකී පළවෙනි කොටසදෙවෙනි කොටසතුන් වෙනි කොටසහතර වෙනි කොටසපස් වෙනි කොටසහය වෙනි කොටසබියෙන්, හුදෙකලාවෙන් හා බිඳුනු සිහිකල්පනාවෙන් තමා සියුම් මෝහණයකට නතු වන බව තරුණියට දැනෙමින් පැවතිණ. වරක වනරොදෙහි සියුම් සෙළවීමක් ඈ අඩවන් දෑසින් දුටුවාය. එක්වනම, අඳුරු ගුලියක් බිම පෙරළී අවුත් තමා බැඳ සිටි ලී කණුව වෙත ආවේයැයි ඈට දැනුණි. කුමාරිහාමි ඒ දෙස හැරීමට හෝ ආයාසයක් නොගත්තී ය. ඇයට මේ සියල්ල බියකරු සිහිනයකි. ...
අවසානයක් නොවේ - හත්වන කොටස ඩ්රැකී පළවෙනි කොටසදෙවෙනි කොටසතුන් වෙනි කොටසහතර වෙනි කොටසපස් වෙනි කොටසහය වෙනි කොටසබියෙන්, හුදෙකලාවෙන් හා බිඳුනු සිහිකල්පනාවෙන් තමා සියුම් මෝහණයකට නතු වන බව තරුණියට දැනෙමින් පැවතිණ. වරක වනරොදෙහි සියුම් සෙළවීමක් ඈ අඩවන් දෑසින් දුටුවාය. එක්වනම, අඳුරු ගුලියක් බිම පෙරළී අවුත් තමා බැඳ සිටි ලී කණුව වෙත ආවේයැයි ඈට දැනුණි. කුමාරිහාමි ඒ දෙස හැරීමට හෝ ආයාසයක් නොගත්තී ය. ඇයට මේ සියල්ල බියකරු සිහිනයකි. ...
අවසානයක් නොවේ - හයවන කොටස ඩ්රැකී පළවෙනි කොටසදෙවෙනි කොටසතුන් වෙනි කොටසහතර වෙනි කොටසපස් වෙනි කොටසමැදින් මස අව අටවක පසුවී දින දෙකක් ඉක්ම ගියේ ය. කන්ද උඩරට ට එතරම් හුරු නොවූ චණ්ඩ සූර්ය තාපය.... එකතැන ගල් ගැසී රත් වූ වාතස්කන්ධය.... ගහ කොළ, සතා සිවුපාවුන් කුරුල්ලන් ආදී කිසිම පණඇති දෙයක සෙළවිමක් නොවී ය. රාජකාරියට කැඳවීම් ලැබ, මහවාසලට ගිය ධනසේකර වෙද මුදලි තුමා ආපසු ආවේ යම්කිසි අමුත්තක සේයාවක් පළ ...
අවසානයක් නොවේ - හයවන කොටස ඩ්රැකී පළවෙනි කොටසදෙවෙනි කොටසතුන් වෙනි කොටසහතර වෙනි කොටසපස් වෙනි කොටසමැදින් මස අව අටවක පසුවී දින දෙකක් ඉක්ම ගියේ ය. කන්ද උඩරට ට එතරම් හුරු නොවූ චණ්ඩ සූර්ය තාපය.... එකතැන ගල් ගැසී රත් වූ වාතස්කන්ධය.... ගහ කොළ, සතා සිවුපාවුන් කුරුල්ලන් ආදී කිසිම පණඇති දෙයක සෙළවිමක් නොවී ය. රාජකාරියට කැඳවීම් ලැබ, මහවාසලට ගිය ධනසේකර වෙද මුදලි තුමා ආපසු ආවේ යම්කිසි අමුත්තක සේයාවක් පළ ...
අවසානයක් නොවේ - පස්වන කොටස... ඩ්රැකී පළවෙනි කොටසදෙවෙනි කොටසතුන් වෙනි කොටසහතර වෙනි කොටසඅවරට හැරුනු හිරු ගේ රැස් මළාණික ලෙසින් කන්ද උඩරට පුරා වැතිරී, නුවර කසාවන් එලියකින් පිරවීය. නිසල වූ පරිසරය.... ගහ කොළක සෙලවීමක්වත් ඇති නොකළ නිශ්චල තෙත්බර වාතස්කන්ධය.... නගරය සිවුකොණ සිට, තවත් හෝරා කීපයකින් හාත්පස වසා ගැනීමට බලා සිටි මීදුම.... සියල්ල නිසල විවේකී ආලස්යයක ගැළී පැවතිණ.(අන්තර්ජාලයෙනි)සිංහලේ මහරජ්ජුරුවන් යමක් පිළිබඳ විනිශ්චයක් ලබාදීමට ප්‍රිය කළේ දවසේ හවස් වරුවයි. ...