අවසානයක් නොවේ 37 ඩ්රැකී 36 කොටස...හිරු ගේ රෂ්මිය එන්න එන්න ම දැඩි වෙමින් යද්දී, සම පිළිස්සෙන සියුම් සුවඳ නාවුකයා හට දැනිණ. වෙද මුදලි වළව්වේ ඉඩම කෙළවර ඔසු උයන ට පිවිසෙත් ම ඔහුට දැනුණේ සහනයකි. හිසට ඉහළින් වූ තුරු වියනින් හිරු රැස් වැළැක්වුණෙන්, පිළිස්සීම නතර වූව ද, හිරු එළියෙන් දෑස් දැවීම නැවතුණේ නැත.කායික පීඩාවත් දැවෙන දෑසින් දර්ශන පථය ට වූ බාධාවත් හේතුවෙන් ඉදිරිය නොපැහැදිළි ...
අවසානයක් නොවේ - 36 ඩ්රැකී 1 කොටස3 කොටස35 කොටසරුහිරෙන් පුදමි 14 කොටසඅඳුර වැටෙමින් තිබුණද, තාර පාර තවමත් මඳක් උණුසුම් විය. පාර දෙපස වැවුණු වියළි පඳුරු දුහුවිල්ලෙන් නැහැවී ගොස් තිබිණ. කන් පාරවන තහඩුමය හඬක් නංවමින් ට්‍රක් රථයක් ඇදී ගියේය. එය ඈත නොපෙනී යද්දී පාර අයින දිගේ අකිල ගැහෙමින්, වැනෙන සුළු පියවරින් ආයේය. පාරේ විරුද්ධ දිශාවේ ඈත සිට වේගයෙන් ඇදී ආ ඩබල් කැබ් රථයක් මහ හඬින් බ්රේක් ...
වෙඩිල්ල - මුකබාණා, බුරතීනෝ, නිදි, සිරිබිරිස් ඇතුළු උනන්දුවක් දක්වන සියල්ලන්ගේ ම ලාම්පු සංවේගය උදෙසා... ඩ්රැකී විභාගයෙන් බාගෙයක් ම ඉවර වේගෙන යන අතර, (තව ඉරිදාවල් දෙකක් තියෙනව...) මේං මෙතන ඇති වෙච්ච කතා බහක් එක්ක මේ පෝස්ට් එක පළ කරන්ඩ සෑහෙන කුතුහලාත්මක උනන්දුවක් ඇති වුණා. මේ පළ කරන්ඩ යන්නේ ඩබ්ලිව්. ඒ. සිල්වා ගේ කථා රත්නාකරය කියන කෙටිකතා සංග්‍රහයේ තුන්වෙනි පොත වන "අමෘත හස්තය" කියන පොතේ තිබුණු ඉතාම විශිෂ්ඨ සහ ක්ලැසික් රහස් පරීක්ෂක කතාවකට කදිම ආදර්ශයක්.මේ පොත අපේ ...
අවසානයක් නොවේ - 35 ඩ්රැකී රීරි යකා ට හිසින් සංඥා කරමින් ඉන්ද්‍ර නැඟී සිටියේ ය. ඔහු අනුව ටිරෙල් ද, අග්නි ද, රුද්‍ර ද, ගුහාවෙන් පිට වූ හ. 34 කොටස..."අග්නි තමන්ට පැවරුණු කොටස ඉතා ම කදිමට ඉටු කළා..." ඉන්ද්‍ර කීවේ ය. රුද්‍ර ඉන්ද්‍රගේ දෑස් දෙස තියුණු ලෙස බලා, හිස සලා එකඟ විය. අග්නි ඉවත බලා ගත්තා ය. ඇගේ දෑසේ කලින් පැවති කෝපය තවත් නොවීය. ඒ වෙනුවට ...
නුවරඑළියෙ ආවෙමු - ගජබින්න නෙවෙයි ඩ්රැකී http://3.bp.blogspot.com/-XZ62ICjBok8/Toqf1vjKgrI/AAAAAAAAAB0/b4cYWNzgDF0/w1200-h630-p-k-no-nu/DSC04092.JPGඒ ලෙවල් කරන කාලෙදි අනාගතය ගැන ඉළක්ක කරන්න පටං ගත්තෙමුය. ඒ් ඉළක්කවලින් ඒකක් තමයි නුවරඑළියෙ ජීවත් වෙන එකය. මක් නිසාද යත්, ඒ් කාලේ දැනගෙන හිටපු ෆැන්ටසි ම පළාත නුවරඑළිය වීමය. අපි නිකං මෙහෙ මල්වැටක් දැක්කත් ඒකත් මාර සුන්දර ය.ඉතිං අපි මෙහෙ ආවා ය. බලන්ට යන්ට නං සෑහෙන තැන් ඇත. ඒ උනාට කොවිඩ් නිසා යන්ඩ බෑ ය. අපි ඇවිත් දවස් ගාණකිං ...
අවසානයක් නොවේ 34 ඩ්රැකී 33 කොටස...ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් දෑස් හැර බැලුවේ තමන් සිටින්නේ කොතනකදැයි දැන ගැනීමට ය. ලී කඳන් දෙකක් එක මත එක සවිකර තැනුණු ඇටවුමකට සිය දෙපයේ වළලුකර සිර කර ඇති බව ඔහුට දැනුණි. දෙපය හිරි වැටී තිබුණෙන්, එම ඇටවුම පැය ගණනක් තිස්සේ තමන් සිර කර තිබූ බව සිතා ගන්නට වැඩි වේලාවක් නොගියේ ය. අවසාදිත පාෂාණයකින් තැනුණු ගුහාවක එළන ලද රළු ලොම් සහිත ...
අවසානයක් නොවේ 33 ඩ්රැකී 32 කොටස...තිත්ත කලුවර... හාත්පස මිදී තිබුණේ, වළාකුළු වලින් අහසේ තරු එළිය ද ආවරණය කර තිබුණු හෙයිනි. අඳුරටත් වඩා, පරිසරය අරක්ගෙන තිබූ සීතල මැද ගල් ගැසුණු දැවැන්ත ගස් කිහිපය ගංතලාවේ රටේ මහතාගේ නිවස වටකරගෙන සිටගත් යෝධයන් සේ පෙනුණි. වළව්වේ උස් පිළේ වූ දැවැන්ත ලී කණු, පරාළවලින් පහතට එල්ලුණු පිත්තල පහන් කිහිපයෙන් නැඟුණු මළාණික ආලෝකයෙන් දිළිසුණි. පිල මත ඇණ තබාගත් මුරකරුවෝ සිවුදෙනෙක් ...
අවසානයක් නොවේ 32 ඩ්රැකී රිටිගල ජයතුංග වෙදැදුරු තැන දෑස් පිස දමමින් දොරකඩින් එළියට ආවේ ය. දෙගොඩහරි ජාමයේ තමන් නින්දෙන් අවදි කෙරුණේ සුලුපටු පුද්ගලයෙකු සඳහා නම් නොවන බව ඔහු නිගමනය කර තිබුණි. "ඇයි?" ඔහු තමන් අත වූ පිත්තල පහන ඔසවා එළිපත සිටි උසැති මිනිසා ගේ හිස සිට දෙතුල තෙක් නිරීක්ෂණය කළේ ය. රන්වන් කෙස්, තියුණු රත්පැහැ ඇස්, ප්‍රංශ රාජකීය නාවුක හමුදා නිල ඇඳුම, කොපුවෙන් අඟලක් ...
අවසානයක් නොවේ 31 ඩ්රැකී අග්නි සිය දෙතොල් මත සිරස් අතට සුරතේ දබරැඟිල්ල තබා, නිහඬ වන ලෙස සන් කළා ය.හිස ඔසවා අවට බැලූ ඩ්‍රේක් ගේ දෑසට එක්වරම ලක්වුණේ, තැන තැන විසිරෙන ගිණි පුපුරු වැනි කණා මැදිරියන් ය. රහස් දූරයේ සෙසු සාමාජිකයෝ ගල් තලාව මත එළන ලද සම්කඩවල් මත වැතිර සුව නින්දේ පසුවූහ.හඬ නොනැගෙන සේ නැගිටගත් තාරා අනුව, ඇඩම් ද සීරුවෙන් නැගිට්ටේ ය. තමා පසුපස එන ...
අවසානයක් නොවේ - 30 ඩ්රැකී "ඔව්... දෙන්නා ම තමයි" සුමන වාඩි වී සිටි තැනින් නැඟිට ඇත්කඳ ළිහිණියා වෙත පිය නැගුවේ ය. ඔහු දැවැන්ත පක්ෂිරූපාකාර සත්ත්වයාගේ මුහුණ දෙසට සිය සුරත දිගු කරත්ම, ළිහිණියා ගෙළ දිගු කරමින් හිස බිමට පහත් කළේ කර මතට නැඟීමට පහසුු කරවමිනි. සුමන ඉතා පහසුවෙන් වම් පය ඔසවා ඓරාවණගේ කර මතට පැන, හරි බරි ගැසුණි. ඔහු අනුගමනය කළ තාරා, බිම සිටිමින් ම නෝර්ඩික් ...
අවසානයක් නොවේ - 29 ඩ්රැකී කුඤ්චනාද දහසක් එකපිට නැඟෙන්නා සේ කණ හිරිවැටෙන සුළු තියුණු හඬක් ඇසුනේ එක් වරමය. හාත්පස හෙවුණු ගස් අතු පතර කුණාටුවකට අසුවුණාක් මෙන් කරකැවෙන්නට විය. අශ්වයන් දෙ දෙනා කුළප්පු වී වනය තුළට දුවද්දී, දැවැන්ත අත් පසුරු දෙකකින් ඒ සතුන් දෙ දෙනා අල්ලා ගැනෙනු මඟියෝ දෙ දෙනා දුටහ. අත්තටු ගැසෙන හඬ, ගස් අතු වැනෙමින් කඩා වැටෙන හඩ, සමඟ මුසුවූ අශ්වයන්ගේ විළාප හඬ... අතර ...
අවසානයක් නොවේ - 28 ඩ්රැකී 27 කොටස...රොස්කෝ ක්‍රිස්ටියන්සන් පියවි සිහියෙන් දෑස් හැර බැලුවේ දින ගණනාවකට පසුව ය. තමා සිටින්නේ කොහිදැයි දැනගැනීම ඔහුගේ පළමු චේතනාව විය. පොල්තෙලින් දැල්වෙන පිත්තල පහනක්, ඔහු සිටි කුටියේ හරි මැද ට වන්නට වහලයෙන් එල්ලෙමින් තිබුණේ අඩ අඳුරට හුරු දෑසට සහනයක් ගෙන දෙමිනි. එහි එළිය හාත්පස වූ තනි ගලින් කෙරුණු බිත්ති මත දිළිසෙමින්... එක් බිත්තියක වූ ගලින්ම කෙරුණු උළුවස්ස හැරුණු කොට තනි ...
අවසානයක් නොවේ - 27 ඩ්රැකී 26 කොටසට...ඇතුල් නුවර තුළ ම පිහිටා තිබුණත්, රජ මැදුර ටත්, දළදා මැදුර ටත් පියවර දාහක් පමණ පිටුපසින් කුඩා ගල් පර්වතයක් පිට පිහිටි ගරා වැටුණු පැරණි විහාර ගෙය ඒ තරම් අවධානයට ලක් වුණු තැනක් නොවී ය. ගල් කුළ මත පිහිටි අභාවයට ගිය කවාකාර මැටි ගඩොල් ගොඩැල්ලක්, ඉතා ඈත යුගයක තැනුණු කුඩා ස්ථූපයක් සළකුණු කළේ ය. එහි පසෙකින් වූයේ හතරැස් ගොඩනැඟිල්ලකි. එහි ...
අවසානයක් නොවේ - 26 ඩ්රැකී ...මේ රට ඇතුළෙම ක්‍රියාත්මක වෙනවා, රටේ තියෙන සම්පත් සූරාකන, එහෙම නැත්තම් උකහාගෙන විකුණන, එහෙමත් නැත්තං විනාශ කරලා දාන කීප දෙනෙක්. අර අද අපි පස්සෙන් ආවෙ එහෙම එක්කෙනෙක්..."ඉතිං ඇයි ඔයාලා එයාලව අල්ලලා නඩු දාන් නැත්තෙ?""අපි කාලෙකට කලිං ඒක උත්සාහ කළා. ඒත් නඩු කියන්න සාක්ෂි හොයන්න වෙනව. ඒ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරන්න වෙනව. අර වගේ සූක්ෂ්ම හතුරො එක්ක ඒක කරන්න ...
අවසානයක් නොවේ - 25 ඩ්රැකී "ඔයා නේද සුභාෂ් බණ්ඩාර ධනසේකර? ටිකිරි බණ්ඩාර ධනසේකර මහත්තයගෙ මුණපුරා?"පළමුවෙනි කොටසතුන්වෙනි කොටසවිසි හතරවෙනි කොටස"ඔයා... ඔයා කොහොමද අපෙ අත්ත ගැන දන්නෙ?"ඈ සිනාසුනා ය. වැවු තලයක් මතට සිහින් කැටයක් වැටුණු කළ නැඟී පැතිරෙන දිය රළ සේ... ඒ සිනහව ක්ෂණිකව අතුරුදන් වී විමසිලිමත් බව ආරෝපණය විය. ඈ කෙටි බැලුම් කිහිපයකින් හාත්පස විමසුවා ය."මම ඒ විස්තර සේරම කියන්නම්. නමුත් දැන් හදිසි තත්ත්වයක් තියෙනව. ඉක්මණට ...
අවසානයක් නොවේ - 24 ඩ්රැකී "ඒ දේශනාවෙ ලොකු ගැඹුරක් තියෙනවා." ඇඩම් කල්පනා බරව කීවේ ය. "කාලයක් තිස්සේ හිතේ තියාගෙන, මෙනෙහි කරමින් තේරුම් ගන්න දෙයක් එතන තියෙන්නේ..."දුර්ගා හෙවත් අග්නි සිය යුරෝපීය සගයා හට ගෞතම දේශනාව සිතෙහි ධාරණය කරගැනීමට ඉඩ හරිමින් නිහඬ වූවා ය. සෑහෙන වේලාවක් තිස්සේ ඔවුන් දෙස විමසිලිමත්ව බලා සිටි ආගන්තුකයෙක් ගල් ගුහාව තුලින් පිටතට පිය එසවූයේ තවත් කිහිප මොහොතක් ගත වූ පසුව ය.පළමුවෙනි කොටසතුන්වෙනි ...
නත්තල් සැමරුමේ පේගන් මුල් ඩ්රැකී ජේසුතුමන් ඉපදුනා යැයි සැළකෙන කාලයට බොහෝම කාලයකට පෙර ඉඳන් ම දෙසැම්බර් මාසයේ අග උත්සවයක් පැවැත්වීම නෝර්ඩික් සහ පේගන් සංස්කෘතියේ පැවතුණු බව පේනවා. උතුරු යුරෝපයේ ශීත සෘතුව ඉතාම කටුකයි, ශීතාධිකයි, ඒ වගේම දවල් දවස බොහොම කෙටියි. ඒ ලක්ෂණ අනික් පිට හැරෙන්න පටන් ගන්නෙ වර්තමාන කැළැන්ඩරයේ දෙසැම්බර් මාසෙ අග සතිය වෙනකොටයි. ශීතල අඩුවෙන්නත්, දවල් දවස දිගු වෙන්නත් පටන් ගන්නේ ඒ දවස් වන ...
අවසානයක් නොවේ - 23 ඩ්රැකී "මීට අවුරුදු දෙදාස් දෙසීයකට විතර ඉස්සර, ඒ විදිහට ඈතට ගියපු එක නායකයෙක් වුණු 'යම' ආපහු අර උල්පත තිබුණු බිමට ආවා. ඒ ආවෙ, ඒ කාලයේ බිහිවුණු මහා දාර්ශනිකයෙක් එක්ක..." දුර්ගා නැවතත් කතාව ආරම්භ කළා ය.පළමුවෙනි කොටසතුන්වෙනි කොටසවිසි දෙ වන කොටස"ඒ දෙන්නා ආවෙ, මේ දූපතේ හිටපු අයහපත් ගෝත්‍රයක් හරිමග ට ගන්න. ඒ ගෝත්‍රය තමන්ගෙ ශරීර ශක්තිය යොදාගෙන අනෙක් ගෝ්ත්ර, කණ්ඩායම් ඔක්කොම හාමත් ...
අවසානයක් නොවේ - 22 ඩ්රැකී "ඒත් මේ තැනිතලාව අල්ලගෙන තනි පාවිච්චියට නතු කරගන්න උත්සාහ කරපු තවත් ගෝත්‍රයක් හිටියා. නිතරම ආත්මන් ගේ මෙහෙයවීම යටතේ මේ ගෝත්‍රය එක්ක සටන් කරන්න ඔවුන්ට සිද්ධ වුණා."අවසානයේ එක දවසක් හවස ගෝත්‍රයේ නායකයන් ගේ රැස්වීමකදී ගෝපාල යෝජනාවක් කළා. ඔවුන් ළඟ තිබුණු ඖෂධීය දැනුම එකතු කරලා, සටනේදී ඇතිවන තුවාල, වේදනාවල් තුරන් කරන, ධෛර්යය සහ ශක්තිය වැඩි කරවන මහා ඖෂධයක් හදන්න...පළමු වෙනි කොටසතුන් ...
කිරි කිරි බෝලේ, ගූසි ගූසි ගැන්ඩර් සහ රොක් අ බයි බේබි - ළමා කවිවල අඳුරු ඉතිහාසය ඩ්රැකී රිං අරවුන්ඩ් ද රෝසීලංකාවේ පොඩි දරුවො රවුමට හිටගෙන, අත් අල්ලගෙන කැරකෙන සෙල්ලමක් කරනවනෙ "කිරි කිරි බෝලේ - රැළි රැළි මාලේ" කියා පටන් ගන්න කවියක් කියමින්... ඒ වගේම තාලයකට කියන කවියක් තමයි රිං අරවුන්ඩ් ද රෝසී... ඒ කවියත් කිරි කිරි බෝලේ වගේම අත් අල්ලගෙන රවුමට රවුමට කැරකෙමින් කරන සෙල්ලමකට අදාළ කවියක්. පහත තියෙන්නෙ ඒ කවිය.https://images.fineartamerica.com/images/artworkimages/mediumlarge/1/ring-of-roses-frederick-morgan.jpgRing-a-round the rosie,A pocket full of posies,Ashes! ...