අරුම ගමන ඩ්රැකී Iදම්පිල්ලෑව තව මත් අලුත් පන්නයට වඩා පරණ පන්නයට සමාන පිටිසර ගමෙකි. සේතන් හාමි මුළු ගමේ ම වැඩි හිටියා ය. අනූ අවුරුද්දක් පමණ වයසැති සේතන් හාමි ගමේ කා ගේත් ආදරය දිනා ගත්තේ ය. ආ ගිය කො තැන දීත් ගැමියෝ ඔහු හරසරින් ම පිළිගත් හ. ගමේ කවුරුනුත් පාහේ ඔහු ඇමැතූයේ "සේතන් සීයා" කියා ය. වයස තරමට අබල දුබල නො වූ ඔහු ගේ ...
වෙනස ඩ්රැකී "මට මේ පේන්නෙ හීනයක් ද? මේක නම් වෙන්ඩ බැරි දෙයක්. මං මේ ඇවිත් ඉන්නෙ දිවියලෝකෙට ද? ඒත් දිවියලෝකෙට මහ පොළොවෙ ඉඳල පයින් ගිය හැකැ? මොකක් උණත් මට මේ පෙනෙන්නෙ අනුරාදපුරේ නං නෙවෙයි."වන රේඛාවට නුදුරින් පිහිටි ගල්පරයේ ගෑවෙමින් අහසට නැඟුණු වීර ගහ දිගේ වඳුරෙකු මෙන් බඩගාගෙන ගොස් මුදුන් අත්තට වී අවට බැලූ 'චාරක' මවිත විය. ගස් පට්ටා හා කොළවලින් තනා ගත් ...
මී පැණි වන් ගි තනු - 1 3/4 කොටස ඩ්රැකී මේ ගැන මම ලියපු 1 1/2 කොටස ට මගේ හිතවත් මිත්‍රයෙක්, රසවතෙක් සහ දිවා රෑ නැතුව මා එක්ක කතා කරමින් මගෙ පරණ කතාව හැඩ ගස්සවන්නට දායක වුණු ඒ කතාවේ සැබෑ ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් ද වුණු නෙක්ස්ට් කමෙන්ට් කරමින්, මතු කරපු කාරණයක් තමයි, සුළු සමාජයකින් උපරි ව්‍යුහයට කොපි කරගන්නා සංගීතය ගැන. ඔහු දුන්න උදාහරණය මෙන්න...මේ වක්කා වක්කා පොර් සංගලේවා. කැමරූන් හි ...
මී පැණි වන් ගී තනු - 1 1/2 කොටස ඩ්රැකී මී පැණි වන් ගී තනු 1 කොටස...1 කොටස කියවද්දි මට හිතුණු දෙයින් සාරාංශයක් මම 1 කොටසට යටින් කමෙන්ට් කළා. නමුත් ඒ ගැන දිගට කතා කරන්න දෙයක් තියෙන නිසාත්, ඒ වගෙම, මේ ගැන මී ළඟ කොටස ලියන්න කියා තට්ට අයියා වද කරන නිසාත්, වැඩ දහසක් මැද්දේ මේක ලියන්න ඉඳ ගත්තෙ. ඔක්කොට ම කලින් මේ ගැන අනික් උදවිය ලියපු සටහනුත් මෙතනින් ...
එදා අප දුටු චිත්‍රපටයකින් - හැම්ලට් ඩ්රැකී ගමේ ඉස්කෝලෙ ඉඳලා, සෙන්ට්‍රල් එකට ගියා ම මට තිබුණෙ මහා කෞතුක හැඟීමක්. පොත පතින් දැකල තිබුණු හතළිස් ගණංවලට අතීතයට ගියා වගේ දැනුණෙ. සමර ගාපු මහත බිත්ති, පරණ හොස්ටල් යනාදියත්, අපේ තාත්තා ගියපු පාසල වීමත් එහෙම ඒකට බලපෑවා. ඔය ඉස්කෝලෙ පුස්තකාලෙදි මට කියවන්න ලැබුණු පළමුවෙනි පොත හැම්ලට්. ඒ වගේ ම, හැම්ලට් නාට්‍යයට සහ ඒකට පසුබිම් වෙච්ච කාලයට අප්‍රමාණ සාධාරණයක් ඉටු කරපු ...
හැලොවීන් සැමරුමේ ඉතිහාසය ඩ්රැකී වික්ටෝරියා රැජිණගේ පාලන සමය වන විට මහා ගිණිමැල අවුලුවා, ඒ වටා නැටීම සියලු ශාන්තුවරයන්ගේ රාත්‍රියේ විනෝදයට කළ දෙයක් බව...පුරාණ සෙල්ටික්වරුන්ගේ වාර්ෂික සැමරුම් හතරක් තිබුණා, අලුත් සෘතුවක් ඇරඹීම සනිටුහන් කරන්නට. පෙබරවාරි 01 ට යෙදෙන ඉම්බොල්ක් (Imbolc) සැමරුමෙන් වසන්තය ඇරඹුනා. මැයි 01 දින සැමරුනු බෙල්ටේන් (Beltane) උත්සවය ගිම්හාන සෘතුව ඇරඹීම සනිටුහන් කළා. ලූනාසා (Lughnasadh) උත්සවය පැවතුනේ, සරත් සෘතුව හෙවත් අස්වනු නෙළන කාලය ...
අවසානයක් වේ ඩ්රැකී ශාම් ගේ දුරකථනය නාද වුණෙන් සංවාදය එතෙකින් ඇණ හිටියේ ය. සිය සුරතේ වූ දුරකථනය දෙස වරක් බැලූ ඔහු කෑ ගැසී ය. "ඒ නිර්මලී... යං! යං!"42 කොටස...ඇන්ඩර්සන් ග්‍රේන්ජ් මැඳුරේ ප්‍රධාන දොරපියන් පැරණි වූ නමුත් තවමත් සවිමත් බව රැකගෙන නැඟී සිටියේ ය. එහෙත් බලැති ලැන්ඩ්රෝවරයේ වේගය සහ සවි ගන්වන ලද ඉදිරිපස බෆරයේ ශක්තිය ඊට වැඩි විය. කැඩී බිඳී විසිරී ගිය ලී පතුරු ...
එදා අප දුටු චිත්‍රපටයකින් - Pixels ඩ්රැකී මෙන්න නෝනාවරුනි, නෝනාවරුනැති මහත්වරුනි, මම බලපු තවත් පට්ට ම පට්ට රසවත් චිත්‍රපටයක් ගැන පල්හෑල්ලක් විස්තර...අපි පොඩි කාලෙ හෙවත් අසූව දශකයෙ තිබුණු ටූඩී ගේම් ගැන තියෙන අතීතකාමය සංසිඳුවන සයිෆයි, ඇක්ෂන්, කොමඩි ෆිල්ම් එකක් - 2015 දි එළි දැක්වුණු පික්සෙල්ස්.මේ ෆිල්ම් එකේ ඉන්නෙ ඇඩම් සෑන්ඩ්ලර්, කෙවින් ජේම්ස්, පීට ඩින්ක්ලේජ් සහ ජෝෂ් ගැඩ් කියන දැක්කත් හිනායන නළුවො සෙට් එක. ඩිරෙක්ටර් ක්‍රිස් කොලොම්බස් (ඇමරිකාව ...
එදා අප දුටු චිත්‍රපටයකින් - ඩික් සහ ජේන් එක්ක ෆන්... (Fun with Dick and Jane) ඩ්රැකී මම දැකපු හොඳ ම කොමඩි සහ චරිතාංග නළුවෙක් වුණු ජිම් කැරී 2005 වර්ෂයේදී රිදී තිරය දෙවනත් කළ තවත් එක ගොඩාාාක් ම උසස් නෙමෙයි චිත්‍රපටියක් තමයි මේ.ඩික් හාපර් කියන්නෙ ග්ලෝබොඩයින් නම් කොම්පැනියක, ටිපිකල් මිඩ්ල් ලෙවල් මැනේජ්මන්ට් සේවකයෙක්, උසස් මධ්‍යම පාංතික ජීවිතයක් ගත කරන. ඔහුට අසල්වැසියත් එක්ක සහ රාජකාරි සගයනුත් එක්ක පොඩි පහේ තරගයකුත් තියෙනව, තමන් උසස් ජීවන තත්ත්වයක් ගත කරන බව ...
අවසානයක් නොවේ - 42 ඩ්රැකී රුහිරෙන් පුදමි අවසාන කොටස1 කොටස...2 කොටස... 41 කොටස...2004 වර්ෂයේ අග භාගය...ෆයර්මවුන්ට් නගරය පැවතියේ බදුල්ල නගරයට සෑහෙන තරම් ඈතිනි. නිරන්තර කුඩු වැස්ස සහ එය ගසාගෙන යන සුළඟ පැවතිය ද, මිනිසුන් සෑහෙන තරම් නිදහසකින් නගරයේ වීදි පුරා සැරිසරන බව පෙනුණි. ඝන මීදුම හා අඳුරු වළාවන්ගෙන් පිරි අහස දුක්මුසු මහල්ලෙකු වැනි ස්වරූපයක් නගරයට ආරෝපණය කළේ ය. හාත්පස වූ ගොඩනැඟිලිවල තීව්ර බෑවුමින් යුතු හතර ...
සපත්තුවේ ආච්චි, හිකරි ඩිකරි ඩොක් සහ තවත් කවි - ළමා කවියක අඳුරු ඉතිහාසය ඩ්රැකී පහුගිය ලිපිවලින් අපි හොයාගත්තා, මෙන්න මේ ළමා කවිවල තියෙන ඉතිහාස කතා:1. හේ ඩිඩ්ල් ඩිඩ්ල්2. බා බා බ්ලැක් ෂීප්, අන්ධ මීයො තුන්දෙනා, ජැක් සහ ජිල්3. ලන්ඩන් පාළම කඩා වැටේ, වයසක හබර්ඩ් අම්මා සහ හම්ටි ඩම්ටි4. රිං අරවුන්ඩ් ද රෝසී, ගූසි ගූසි ගැන්ඩර් සහ රොක් අ බයි බේබිපහුගියදාක අපේ පොඩි රාළගෙ ඉංග්‍රීසි ගුරුතුමිය එවල තිබුණා කවියක් පොඩි රාළලාට පාඩම් කරගන්න, ඒක ...
බ්ලොග් අඩවියක් නිර්මාණය කරගන්නේ කෙසේද (ස්ක්‍රීන් ෂොට් සහිතයි) ඩ්රැකී මේ ලිපිය ලියන්නේ අපේ ආදරණීය තට්ටයා අයියා ගේ යෝජනාව අනුව...තමන්ට ම කියා බ්ලොග් අඩවියක් හෝ විවිධ විෂයයන් සඳහා බ්ලොග් කිහිපයක් තිබීම වැදගත්. ඒ ගැන මම වෙන ම කියන්න යන්නේ නෑ. ඒක මේ ලිපියේ අරමුණ නෙවෙයි. කොහොම හරි, "මාත් බ්ලොග් එකක් අටවගන්න ඕනෙ" කියා අදහස් කරන කෙනෙක් නෙව මේක කියවනවා ඇත්තෙ. ඒ නිසා පියවරෙන් පියවර ඒ ගැන කියා දෙන්න (ඒ කියන්නෙ ...
එදා අප දුටු චිත්‍රපටයකින් - සොරුන් ගේ කුමාරයා ඩ්රැකී චිත්‍රපටිය ගැන කියවන්න කලින් මේ ගීතය අහල, බලල ඉමු...රොබින් හුඩ් ගැන හදපු හොඳ ම චිත්‍රපටය මේක නොවෙන්න පුළුවන්. නමුත් මම දැකපු, ඒ වගේම හිතේ නොමැකෙන විදිහට සටහන් වුණු චිත්‍රපටියක් තමයි මේ. “රොබින් හුඩ් - සොරුන් ගේ කුමාරයා“මේකෙ රොබින් හුඩ් විදිහට රඟපාන්නෙ කෙවින් කොස්ට්නර්, මම දැකපු හොඳ ම තාත්වික රංගන ශිල්පියෙක්. ඒ වගේ ම නොටිංහැම් හි ෂෙරිෆ් ට රඟපාන්නෙ තවත් විශිෂ්ට ...
අවසානයක් නොවේ - 41 ඩ්රැකී 40 කොටස...1987 මැයි මස එක් දිනක...ලෙෆ්ටිනන්ට් මිත්‍ර උඩුගම නතර වී ආපසු හැරී බැලුවේ අප්‍රසාදය මුසු වූ බැල්මෙනි. "මම කලින් ම කිව්වා, මිලිටරි සෙල්ලම එක්ක අපට අපේ වැඩේ සාර්ථක කරගන්න බැරි බව..." ඔහු පහත් හඬින් කීවේ ය.මඳ අඳුර හාත්පස හෙවුණු දැවැන්ත පළතුරු ගස් වල අතු පතර සිට පහතට පැතිරෙමින් පැවතුණි. සිය කැදලි කරා යුහු යුහුව පියාසර කරන කුරුල්ලන් ගේ කළබලය ...
එදා අප දුටු චිත්‍රපටයකින් - මොන්ටි පිඹුරා සහ ශුද්ධවූ ග්රේලය ඩ්රැකී 1975 දි එළි දැක්වුණු බ්‍රිතාන්‍ය චිත්‍රපටියක් "මොන්ටි පයිතන් ඇන්ඩ් ද හෝලි ග්‍රේල්". මේක හැදුවෙ මොන්ටි පයිතන් නම් බ්‍රිතාන්‍ය කොමඩි කණ්ඩායම. මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත හැම එකක්ම නිරූපණය කරන්නේ මොන්ටි පයිතන් කණ්ඩායමේ ග්රැහැම් චැප්මන්, ජෝන් ක්ලීස්, ටෙරී ගිලියම්, එරික් අයිඩ්ල්, ටෙරී ජෝන්ස් සහ මයිකල් පේලින් යන හය දෙනා.මේ චිත්‍රපටියේ මුලින්ම අවධානය යොමු කළ යුතු අංගය තමයි, නාමාවලිය. නාමාවලිය ඉංග්‍රීසියෙන් දක්වන අතරෙ, ...
අවසානයක් නොවේ - 40 ඩ්රැකී 39 කොටස...තෙත්බර පාංශුමය බවකින් වාතස්කන්ධය ඝන වී තිබුණේ ය. මහනුවර නගරයේ මැද ඇළ ට ආසන්න හරියක, අන්තර් භෞම උම්මග්ගයේ ගඩොලින් තැනුණු පාර්ශ්වික කුටීරය තුළ කිහිප දෙනෙකුට සුවපහසුවට වාඩිවන්නට ඉඩ කඩ පැවතුණි. බිත්ති හතක් මඟින් සප්තාස්‍රාකාර ව සැදී තිබූ කුටියේ වහළය, උඩට යන්න යන්න ම ගඩොල් එළියට පන්නමින් ආරුක්කුමය හැඩයකින් නිර්මිත විය. කුටිය මැද වූ විශාල ගල් පාත්‍රයට පිරවුණු දරින් ඇවිළුණු ...
එදා අප දුටු චිත්‍රපටයකින් - එල් සිඩ් ඩ්රැකී බස්සගෙ ආරාධනයෙන් ලියන්න ගත්තා, මම අගය කරන චිත්‍රපටි ගැන. මුලින් ම ලියන්නෙ, ආරාධනා කරපු තැනදි කිව්වා වගේ ම, මගෙ තාත්ත වගේ හැඟීමක් ඇතිකරවන චාල්ටන් හෙස්ටන් සහ සොෆියා ලොරේන් අර රංජිත් එදිරිසිංහ නිතරම කියනවා වගේ, රිදී තිරය වර්ණවත් කළ, විශිෂ්ට ගනයේ චිත්‍රපටයක් වන එල් සිඩ් ගෙන්...එල් සිඩ් කියන්නෙ, ස්පාඤ්ඤයේ සිටි නයිට් වරයෙක් වන රොඩ්රිගො ඩයැස්. ඔහු ජීවත් වුණේ 11 වන සියවසේ. ...
සුනිල් පෙරේරා ට සමුදෙමු. ඩ්රැකී අපි සාමාන්‍ය පෙළ කරන කාලෙ සිව්දෙස සඟරාවක පළ කෙරුණා සුනිල් පෙරේරා එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවක්. ඒක කරල තිබුණෙ ශ්‍රී ලාල් ප්‍රියන්ත. ප්‍රශ්න සහ සාකච්ඡාව පළ කරලා තිබුණු විදිහෙන්, ඒ වගේම ඒ ලිපියට දාල තිබුණු මාතෘකාවෙන් පේනව සඟරාවෙ අරමුණ වුනේ සුනිල් පෙරේරා සහ ඔහු නියෝජනය කරපු රසවින්දනාත්මක සමාජ ස්තරය පහත් බව ප්‍රකාශ කරන්න බව. වැඩි කතා නැතුව පහළින් දාන්නම් ඒ ලිපිය. ...
අවසානයක් නොවේ - 39 ඩ්රැකී 38 කොටස...යම් කිසි වෙනසක් දැනී ඩ්‍රේක් හිස ඔසවා බැලුනේ නොරුස්නා හැඟීමෙනි. ඔහු ඉදිරියෙහි වූයේ සුදුවන් ධෝතියක් හැඳ, රනින් හා මිනි මුතුවලින් අලංකාරවත් වූ මාල, උදර බන්ධන, හා අත් වළලුවලින් සැරසුණු, තෙදවත් පෙනුමක් සහිත රූමත් තරුණයෙකි. "නුඹ කවුද?" ඔහු ගේ කටහඬෙහි මෘදු නමුත් රාජකීය බවක් ගැබ් විය. "උත්තර දෙනු!"නාවුකයාගේ අවුල් වූ සිතෙහි කෝපය අකුණු කුණාටුවක් සෙයින් නැගී ආයේ ය. "මම කවුරු ...
අවසානයක් නොවේ - 38 ඩ්රැකී එක මොහොතකදී සිදුවීම් තුනක් සිදුවිය. පහත සිට ඉහළට විසි කෙරුණු වානේ යොත් දෙකක් ලෝකී සහ අංග්ර්බෝදා ගේ සිරුරු වටා එතුනේ සිතුවිල්ලක බඳු වේගයෙනි. ඇතෙකුගේ සොඬට හසුව ඔවුන් වාඩි වී සිටි දැවැන්ත අත්ත බිඳී ගියේ ද එවිට ම ය.බිම පතිත වූ යෝටුනයෝ දෙ දෙනා සිහි එළවා ගනිද්දී අග්නි සහ ශක්ති සිය වානේ පාෂයන් ඔවුන්ගේ සිරුරු වටා තද කරමින් සිටි අතර, තරබාරු ...