චීන උපහාස කතා ඩ්රැකී ඔන්න ඔය මාතෘකාව තිබුණ පොතක් තිබුණා ජපං පන්සලේ පුස්තකාලෙ. ඒ කියන්නෙ කඩවත, රම්මුතුගල තිබුණු ජපන් ආධාරවලින් හදාපු පන්සලේ පුස්තකාලෙ. මේ ළඟදි මොකක් හරි කාරණේකට මට මතක් උනා ඒ පොතේ තිබුණු කතා කීපයක්. ඔන්න එහෙනං ඒ ටික කියෝගන්ඩලා.බාහිර වෛද්යදවසක් සෙන්පතියෙක් යුද්ධෙදි තුවාල වෙලා ගෙදර ගෙනාව. යාගෙ හිස් කබල විනිවිද ගියපු ඊතලයක් නිසා තමයි තුවාල වෙලා තිබුණෙ. ඉතිං ගෙදර උදවියත් හදිසියට ළඟ ...
තේ කෝප්පය ඩ්රැකී "අද අරුමැක්කෙ අබේපාල මහත්තයත් එනවා. හොඳ උදැල්ලක් තෝරල තියන්ඩ ඕනැ," කී වෙද මහතා පසෙක වූ උදලු ගොඩෙන් එකක් අතට ගෙන තලය බිමට තබා තද කොට බලා පසෙකින් තැබුවේය."මටත් හිතුණා වෙද මහත්තයලගෙ ශ්‍රමදානෙ බලන්ඩ එන්ඩ, අද නිවාඩු දවසෙ," වෙද මහතා දුටු අබේපාල මහතා ඈත තියාම කීවේය."කොච්චර හොඳ ද? හැබැයි වැඩ කරන්ඩ ඕනෑ. ඔන්න මම හොඳ උදැල්ලකුත් තෝරලා තිබ්බා," කී වෙද මහතා ...
යුද්ධ කතාවක්... ඩ්රැකී දහ අට වන සියවසේ අග. හේතුඵලවාදයේ යුගය...මකර මුහුණු කැටයම් කළ කාලතුවක්කුවලින් පහර දෙන දර්ශන. ඉතා අපූරු කැමරා කෝණ දෙක තුනකින් යුද්ධයේ බිහිසුණු බව සහ වින්දිතයන් පීඩා විඳින හැටි නිරූපණය වෙයි.කඩං වැටුණු ලෝහමය අශ්වයෙකුගේ හිස සහ උරහිස් කොටසක ඇතුලේ කුහරය තුළ පවුලක් යම් කිසි කෑමක් උයාගන්නා හැටි කැමරාවට හසු වෙයි. ඉහළට යොමුවෙන කැමරාවට හසුවන්නේ ඒ හිස කඩා වැටුණු ප්‍රතිමාවයි. එහි කඩුව ...
රත්තරන් ඔරලෝසුව ඩ්රැකී ඉස්කෝලේ මහත්මයාගේ නම බාඩ් ය. ඔහුගේ මල්ලී ඇන්ඩර්ස් විය. අයියා මල්ලී ගැන ද, මල්ලි අයියා ගැන ද ලොකුවට සිතූහ. දෙදෙනා ම යුද හමුදාවට බැඳුනේ කට මයි. ජීවත් වූයේ එක නගරයේ මයි. යුද සමය ගෙව්වේත් එකට මයි. එක ම බළ ඇණියට අයත් ව සිටි ඔවුහු දෙදෙනා ම කෝපරල් නිලයට ද උසස් වීම් ලැබූහ. යුද සේවාව අවසානයේ ගමට පැමිණි ඔවුන් යස ඉලන්දාරි ...
එදා අප දුටු චිත්‍රපටයකින් - මී ධාවන තරගය (Rat Race) ඩ්රැකී ඩොනල්ඩ් සින්ක්ලෙයා ලාස් වේගාස්වල කැසිනෝ හලක් අයිති කෝටිපතියෙක්. ඔහුට අවශ්‍ය, තමන්ගෙ කෝටිපති මිතුරන්ගේ සූදුවට ඇති ආශාව දිගටම පවත්වාගැනීම සඳහා අලුත් අලුත් සෙල්ලම් හඳුන්වාදෙන්න. ඉතින් ඔහු තමන්ගෙ කැසිනෝ හෝටලයට ආ පුද්ගලයන් හය දෙනෙක් තෝරාගන්නවා, අහඹු ලෙස. ඒ හය දෙනාට යතුරු හයක් දෙනවා. ලාස් වේගාස්වල සිට සැතපුම් 563ක් දුරින් නිව් මෙක්සිකෝ හි සිල්වර් සිටි දුම්රිය ස්ථානයේ ලොකර් එකක තියෙනවා, ඩොලර් මිලියන දෙකක්. ...
බිල්ලංගෙත් බිල්ලෝ හෙවත් විකී සහ ඩ්රැකී ගේ වික්‍රම ඩ්රැකී පහුගියදාක බකුස් තෙමේ ටිං ටිං ගැන සහ ටිං කටර් ගැන යමක් ලියමින්, මගේ චිත්‍රකතා ලෝලීත්වය ආපහු පුබුදුවන්නට සමත් වුණේ ය. එතනදී මට මතක් වුණේ සත්සිරි පත්තරේට සුසිල් ප්‍රේමරත්න ඇන්ද විකී ගේ වික්‍රම චිත්‍රකතාවයි. ටිං ටිං ගැන මෙලෝ අල බෝලයක් නොදන්නා පුංචි කාලේ දී පත්තරෙන් ලයිව් කියවන්නට යෙදුණු මේ කතාව මට මාර විදිහට හිතට අල්ලලා තිබුණු අතර, පස්සෙන් පහු චිත්‍රකතා පත්තර ...
යථාර්ථය ඩ්රැකී රස්සාව සරසවියඅතර සිරවුණු සිතටදහස් වරකට වඩා,දැණුනා ජීවිතේ රළුකමජීවිතේ මහ දුකක්සිතෙන හැම විටකදි මසිතේ රැඳි හැම දුකමඔහේ කීමට ඇවැසිමිතුරෙක් උනා නුඹනමක් නැති මිතුරුකම යහපතක් නොවන බවදැනුණ හැම මොහොතෙදි මමැකුවා නුඹේ නොම්මරය,රවා දුරකථනයටදින ගණන් ගෙවී ගොස්සිව්වසක් ගෙවුණු තැනදුන්නා නුඹ ලොකු නමක්අපේ මිත්රත්වයටවසර ගණනක් ගියත්දැනුණු විටකදී දුකක්රවටගෙන මගේ හිත,කියනවා අඩ අඬාදරුවා මට ඇති කියාඑදා වාගෙම අදත්, අසා ඔබ මගේ දුක,හදනවා මගේ හිතඑතෙන ලෙස ...
කුරුළු ගෙදරින් පුළුල් ලොවට ඩ්රැකී මුහුදු ලිහිණි පැටියා පර්වත කුහරයේ තිබුණු කැදැල්ලේ නැවතී සිටියේ හුදෙකලාවය. කලින් දින උගේ අයියාත් මල්ලීත් නංගීත් පියාඹා බැහැර ගියහ. උන් සමග පියාඹා යෑමට ලිහිණි පැටියා බිය වූයේය.පර්වත කුහරයේ කට ළඟට පැමිණ, සිඟිති පියාපත් සලා, පියාඹා යන්නට සැරසුණු උගේ සිතට යලිත් බිය ඇතුළු විය.ඌ ඉදිරිපස පැතිර තිබුණේ ඉඳුනිල් මිණි පැහැයෙන් බබළන සයුරයි.සිය පියාපත් තව ම දුබලයයි සිතූ ලිහිණි පැටියා කර බාගෙන, ...
නිදහස? සහ ජාතික වීරවරු? ඩ්රැකී ජාතික වීරයන් සහ නිදහස් දිනය ගැන කණට ඇහෙන හැම වාරයකම වාගේ අපේ තාත්තා කියපු දෙයක් තමයි, "ඔය කියන නිදහස හැබෑ නිදහසක් නෙවෙයි. ඔය කියන ජාතික වීරයො අපේ හැබෑ වීරයො නෙවෙයි" කියන එක. පහුගියදාක අසංග ලියපු මෙන්න මේ පෝස්ට් එක කියවද්දි මට මතක් වුනේ තාත්තතගෙ ඒ වචන. ඇත්ත. ජාතික වීරයන් කියලා අපට පාසල්වල උගන්නන්නෙ ඩී ඇස්, බණ්ඩාරනායක, බාරොන් ජයතිලක, ආරුමුග නාවලර්, ...
කළුවර... (ගජබින්න නෙමෙයි යකො!) ඩ්රැකී මුලිම්ම කියවන්ඩ ආපු කතාව කියවල ඉමුකො...ඔන්න එකෝමත් එක රටක තිබුණා ගම්පහ කියල ප්‍රදේශයක්. ඒකෙ තිබුණා ගණේමුල්ල කියල හරියක්. මම ඔය කියන කතාව ට පසුබිම් වෙන කාලෙ ගණේමුල්ල කියන්නෙ නිකම්ම නිකං කඩ මණ්ඩියක් විතරයි. ඔය ගණේමුල්ල කඩමණ්ඩියෙ ඉඳල හැතැම්ම දෙක හමාරක් විතර දකුණු පැත්තට වෙන්ඩ තිබුණා, අන්දිරිස් අප්පු කියලා සූර වීර වඩු රාළ කෙනෙකුට රජ්ජුරුවො නීන්දෙ පවරලා දුන්නු ගොරකගහවත්ත කියල ...
එදා අප දුටු චිත්‍රපටයකින් - සෝහාන් එක්ක සෙල්ලං එපා - you don't mess with Zohan ඩ්රැකී ඊශ්‍රායෙල් ආරක්ෂක හමුදාවේ හිටපු ලොව දක්ෂතම ත්‍රස්ත විරෝධී සොල්දාදුවා සෝහාන්. ඔහු තරමට ම දක්ෂයෙකු ට හිටියේ පලස්තීන ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයා වුණු ෆැන්ටම් හක්බාරා පමණයි.සෝහාන්ට තිබුණා සිහිනයක්. ඒ කේෂ අලංකරණ ශිල්පියෙක්, නැත්තං සිංහලෙන් කිව්වොත් හෙයා ඩ්‍රෙසර් කෙනෙක් වෙන්න. ඔහු නිවසේ සිටින ඉතා කෙටි විවේක කාලවල හැත්තෑ ගණංවල සඟරාවක් බලමින් හෙයා ඩ්‍රෙසින් කරන හැටි ගැන සිහින මැවුවා.දවසක් ඔහු ත්‍රස්ත විරෝධී මිෂන් එකක ...
මිත්‍ර ඩ්රැකී හිරු දෙවියෝ මිත්‍ර වෙත තම පණිවුඩකරු වූ රේවන් කපුටා එවුවා. ඒ, ගවයෙකු මරා බිලි පූජාවක් කරන ලෙස දැන්වීමට. මිත්‍ර ඒ නියෝගය ක්‍රියාත්මක කළේ අකමැත්තෙන්, ඒ වගේ ම දුකෙන්. නමුත් ගවයා මැරුණු මොහොතේ ම, මහා ප්රාතිහාර්යයක් සිද්ධ වුණා. සුදු ගවයා, රූපාන්තරණය වෙලා හඳ බවට පත් වුණා. මිත්‍ර ගේ ලෝගුව, දිළිසෙන තරු හා අනෙකුත් ආකාශ වස්තු සහිත අහස බවට පත්වුණා. ගවයා ගේ ...
අන්ධ මරණය - අවසාන කොටස ඩ්රැකී 3 වන කොටස...අපට දවසකට වඩා නිවාඩු ගන්නට හැකි නො වීය. සවස හයට පමණ පිටත් වූ අපි රෑ වන විට කොළඹ ට ළඟා වුණෙමු. මේ තාක් මට, අප යන්නේ කොයිබට දැ යි දැන ගැනීමට අවස්ථාවක් නො ලැබිණ. එහෙත් අපගේ ගමනාන්තය ශ්‍රී පුර යැයි ප්‍රාන් කියූ විට මම විස්මයෙන් යුතුව ඊට එරෙහි වීමි."ඒක භයානකයි." මම කීවෙමි. "කොහොමටත් රෑ එහෙ යන එක... රෑට ...
අන්ධ මරණය - 3 කොටස ඩ්රැකී උදෑසණින් ම මා සමඟ ප්‍රාන් එළියට බැස්සේ රම්බෝ හමුවීමට යාම සඳහා ය. අපට පාරට බැස යාමට හැකි වූයේ ටික දුරක් පමණි. අප ඉදිරියට වේගයෙන් ඇදී ආ තද නිල් පැහැ කොරොල්ලා 141 රථයක් අප පසුකර අඩි පහක් - හයක් පමණ ගොස් නතර කෙරිණ. එවිගස ම එහි වම් පස ඉදිරි දොර ඇරී සිවිල් ඇඳුමින් සැරසුණු උසැති අයෙක් එළියට ආයේ ය.2 කොටස..."පොඩ්ඩක් ඉන්න"යි ...
එදා අප දුටු චිත්‍රපටයකින් - අවසාන ක්‍රියාදාම වීරයා (Last Action Hero) ඩ්රැකී වැන්දඹු මවක් ගෙ එක ම පුතා ජේමි. ඔවුන් දුප්පත්. කොයිතරම් දුප්පත් ද කියතොත් ගෙට පැනපු හොරාත්, ජේමි ට බැණලා හිස් අතින් ම යන්ඩ යනව. ජේමි ට ඉන්න එක ම යාළුවා සිඩ්, බංකොලොත් මහළු සිනමා ශාලා කරුවෙක්. ඔහුටත් ඉන්න එකම පාරිභෝගිකයා ජේමි විතරයි. ජේමි ගෙ හිතේ තාත්තා ගැන තියෙන හැඟීම ට පණ දෙන්නෙ, දැනටමත් චිත්‍රපට තුනකින් ම සාර්ථකව නිරූපණය කෙරුණු ජැක් ...
අන්ධ මරණය - 2 කොටස ඩ්රැකී 1 කොටසට...එසේ කණිෂ්ක ද අතුරුදන් විය...මිනීමරුවා කණිෂ්ක ද? නැතහොත් ඔහු එහි හවුල් කරුවෙක් ද? කණිෂ්කගේ අතුරුදන් වීම වික්‍රම ගේ මරණය හා සම්බන්ධ වන්නේ කෙසේ ද? නැත්නම් පිටස්තර ඝාතකයෙකු සහෝදරයන් දෙදෙනාගේ ම ඉරණම ගැන වගකිවයුතු ද? වික්‍රම මරා දැමීමට කිසිවෙකුට අවශ්‍ය වන්නේ ඇයි? අප ඉදිරියේ ප්‍රශ්න ජාලයක් විය. යම් ආලෝකයක් ලැබීම උදෙසා ය මම ෂැංහයි පබ් එකට ගොඩ වැදුණේ. වික්‍රම ගේ ...
එදා අප දුටු චිත්‍රපටයකින් - අතිශයින් ම රහසිගතයි (Top Secret!) ඩ්රැකී 50 දශකය...ජනප්‍රිය පොප් ගායක නික් රිවර්ස්, ප්‍රසංගයක් පැවැත්වීමට නැගෙනහිර ජර්මනියට යනවා. එහිදී ඔහුට මුණ ගැහෙනවා සුරූපී තරුණියක්, හිලරි ෆ්ලැමන්ඩ්. ජර්මානු බසින් ඒ නමෙහි තේරුම, ගුරුත්වාකර්ෂණයට එරෙහි පියයුරු. ඇගේ පියා රජය විසින් පැහැර ගන්නා ලද විද්‍යාඥයෙක්. ඔහු බේරා ගැනීම සඳහා නික් රිවර්ස් සහ හිලරි, ප්‍රංශ විප්ලවකාරී සංවිධානයකට එකතු වෙනවා. ඒ සංවිධානයේ එක් කඳවුරක් පිහිටා තිබෙන්නේ පොටෑටෝ ෆාම් නම් ගොවිපළේ. එහිදී හිලරි ...
අන්ධ මරණය - 1 කොටස ඩ්රැකී මළාණික ලා සඳ එළිය... බකමූණෙකු නඟන්නට වූ ඒකාකාර තාරතාවකින් යුත් මූසළ හඬ අවට පරිසරයට කාළකන්ණි බවක් එක් කළේය.කටු පඳුරින් ගහන වූ තැනිතලා භූමිය කෙළවර මිනිසුන් දෙදෙනෙකුගේ අඳුරු ඡායාවන් දක්නට ලැබිණ. උස මහතින් සම වූ ඔවුන් උණුසුම් ලෙස කතා කළ බව ඔවුන්ගේ අත් පාවල වේගවත් චලනයෙන් පැහැදිළි විය. ඔවුන්ගේ දෙබස තව දුරටත් සුහද නොවූ බව පෙණින. ඒ සැණින් එකෙකුගේ මිට මෙළවූ ...
එදා අප දුටු චිත්‍රපටයකින් - හිච් - Hitch ඩ්රැකී මූලික සිද්ධාන්ත...ගෑණු ළමයෙක් උදේ නැඟිටිනකොට, අධිෂ්ඨාන කරගන්නෙ නෑ "අද කොල්ලෙක් මගෙන් අහන්න නම් එපා" කියලා. නමුත්, කොල්ලෙක් ඇහුවොත්, එයා කියාවි:"ඒකට මේ වෙලාව ඉතා ම නරකයි""චුට්ටක් ඈත් වෙලා, මට පොඩ්ඩක් ඉඩ දෙන්න...""මම මේ දවස්වල රස්සාවත් එක්ක ගොඩක් බිසී" මේ කතා විශ්වාස කරනවද? ඒ ගෑණු ළමයත් විශ්වාස කරන්නෑ ඒ කියන දේවල්.ඇයි?එයා කියන්නෙ බොරු.ඔව්. බොරු. මොකද, ගෑණු ළමයෙක් කියන්නෙ හරිම සුහද කෙනෙක්. එයාට ...