යුරෝ සංචාරය ඩ්රැකී ස්කොට් තෝමස් හෙවත් ස්කොටී, හයිස්කූල් හෙවත් උසස් විදුහලෙන් එළියට එන කොල්ලෙක්. ඔහු මොන අවස්ථාවක, මොන විදිහෙ දෙයක් කරයි ද කියලා වේලාසන කාටත් හිතාගන්න පුළුවන් විදිහෙ, අහිංසක සාමාන්‍ය කොල්ලෙක්.ඒක ඔහුගෙ පෙම්වතිය ෆියෝනාට ගැළපෙන්නෙ නෑ. ඔවුන් ගේ උපාධි ප්‍රදානෝත්සව දිනයේ දී ඇය ඔහුගෙන් වෙන් වන බව ඔහුට කියනවා. ඇය කියන්නේ, තවදුරටත් වංචා කරමින් ප්‍රේම කරන්නට නොහැකි බව.එදා උත්සවයේ දී ෆියෝනාගේ අනික් පෙම්වතා ...
ඔසිමැන්දියස් ඩ්රැකී (ෂෙලී නමැති ඉංග්‍රීසි කවියාගේ කවි සංකල්පනාවක් විකාසනය කිරීමෙන් සැකසිණ)රජුන් හට ද රජකම් කළ අසම සමඔසිමැන්දියස් වෙමි මම ලොව පතළ නමසුරුකම් මගෙ බලව් තෙපි දුබලයිනි හැමයන මේ වදන් විය අඩිතාලමෙහි එම(ඔසිමැන්දියස් - ෂෙලී).සියුම් වැල්ලෙන් සැදීගත් වැලිතලය පෙනෙන තෙක් මානයේ පැතිරී තිබිණ.නිල් අහස් කුසෙහි තැනින් තැන පා වෙන, සුදු හංසයන් වැනි වලා පටල අතරින් පෙරී එන ළහිරු රැසින් වැලිතලය නෑවෙයි.විටින් විට සුළං ...
කයිකතන්දර - 2 කොටස - වස් / සෙත් කවි ඩ්රැකී බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා ගේ කයි කතන්දර පොතෙන් තවත් කවි ටිකක් අරගෙන ආවා. මගෙ කලින් ලිපියෙන්, දෙමළ මවුබස කරගත් මරක්කල සහ දෙමළ උදවියගෙ සැහැල්ලු කවි ටිකක් පළ කළා. ඒවා ගැන හිනාවුණාට, සිංහල මවුබස කරගත්ත උදවියගෙ කවි ඇහුවහම ඊට හතයි. මේ පහළින් තියෙන්නෙ ඒ වගේ කවි කීපයක්.අන්දිරිසා තරුණ වෙළෙන්දෙක්. උන්නැහැ මනමාලියක් කැන්දං ආවට පස්සෙ මාස කීපයක් වෙළෙඳාමට යන්නෙ නැතුව ගෙදර හිටියා. ...
පිටස්තරයාගේ වාර්තාව 3 - විශ්වාස ඩ්රැකී මගේ පහුගිය වාර්තාවක සඳහන් වුණු හැටියට මේ ග්‍රහලෝකයේ ඉන්නා බුද්ධිමත් ජීවීන්ගේ චර්යාවන් එකිනෙක සියුම් ව පරීක්ෂා කර වාර්තා කරන්නැයි උපදෙස් ලැබී තිබුණි. ඒ අනුව, මේ වාර්තාවෙන් මේ කියන බුද්ධිමත් ජීවීන් ගේ විශ්වාස ගැන වාර්තා කරමි.මේ ජීවීන් විශ්වාස කරන බොහෝ දේ තිබෙන අතර, ඒවා හැම එකක් ම වාගේ ඇත්තට ම නොපවතින, එහෙමත් නැත්නම් පවතින බව තහවුරු කරගන්නට බැරි කාරණා වේ. ඒ ...
පුංචි මෆිට් මෙනවිය, පැන්ස හයේ සිංදුව සහ වී විලී වින්කී - ළමා කවිවල අඳුරු ඉතිහාසය ඩ්රැකී ආයෙම පාරක් අපි හොඳින් ම දන්නා ළමා කවි කීපයක ඉතිහාස කතාව හොයාගෙන ආවා. පළමුවෙන් ම, පුංචි මෆිට් ගෑණු ළමයා.මෙන්න කවිය:පුංචි මෆිට් මෙනවියඋස් තණ ගොඩැල්ලක (සමහර අය කියන විදිහට කකුල් තුනේ බංකුවක) වාඩි වුණාඇගේ මුදවපු කිරි සහ මෝරු කමින්මකුළුවෙක් ඇවිල්ලාඇගේ පසෙකින් වාඩි වෙලාපුංචි මෆිට් මෙනෙවිය බයකරලා එළෙව්වාමේ කවියෙන් කියවෙන්නේ දොස්තර තෝමස් මෆිට් (1553 - 1604) සහ ඔහුගේ දුව (සමහරු කියන විදිහට ...
මට වෙන කිසිවක් එපා ඩ්රැකී ඒ වසන්ත උත්සවයයි. දැකුම්කලු ඇඳුමෙන් සැරසුණු ජනයා නගරයෙන් පිටත පටු මාවත් ඔස්සේ ඇදී එන්නට වූහ. සිය ගුහා තුළින් පිට ව දීප්තිමත් ඉර අව්ව බලා ඇදෙන පැහැපත් හාවුන් රංචුවක් මෙන් මහා ජනකාය අතුරු සිදුරු නැති වෙළඳ පොළ දෙසට යුහුසුලු ව ගමන් ගත්හ. දෙපසින් ගමන් කළ අම්මාටත්, තාත්තාටත් මැදි ව කුඩා පිරිමි ළමයෙක් හැල්මේ දිව්වේය. උදෑසන සිරියෙන් පිබුදු වූ ඔහුගේ සිත, සුපිපි ...
කයි කතන්දර - දෙමළ / සිංහල කවි ඩ්රැකී කයි කතන්දර ගැන මගෙ පරණ පෝස්ට් එකක දි සඳහන් කළා මට මතකයි. එතන දි සඳහන් කරපු බොරළැස්ගමුවේ ජී. එච්. පෙරේරා ගේ කයිකතන්දර පොතේ තිබිලා මට මතක හිටපු කයි කතන්දර ගැන වෙන ම ලියන්න හිතාගෙන හිටියා. මේ ඒකෙ පළවෙනි ලිපිය. මෙතන මම කියන්න යන්නෙ දෙමළ භාෂාව මවුබස කරගත්ත ලාංකිකයො කීපදෙනෙක් හැදුවා කියා කියවෙන කවි කීපයක් ගැන.දවසක් මරක්කල මනුස්සයෙකුත් ගියා බණක් අහන්න. ...
මා ලේඛකයෙකු කළ කුමාරසිංහ මහතා ඩ්රැකී සුනිල් කුමාරසිංහ අතුකෝරල සහෘදයාණන් මාහට මුණ ගැසුණේ රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේදී ය. ඔහු සමඟ කතා බහ කරද්දී මා දුටු ඉතා නිහතමානී සහ සරල මනුස්සකම සාමාන්‍යයෙන් රජයේ සේවකයෙකු තුළ දකින්නට නොමැති තරම් විය. පැය ගණනක් වුව ද එකදිගට වෙහෙසක් නොමැතිව ශාස්ත්‍රීය දේ පිළිබඳ කතා කරන්නට ඔහු සතුව මහා දැනුම් සම්භාරයක් විය. මානව විද්‍යා, පුරාවිද්‍යා, ඉතිහාස මෙන්ම සාහිත්‍යය පැත්තෙන් ද ඔහු ...
ජැක් බි නිම්බල්, පුංචි ජැක් හෝනර් සහ මේරි මේරි... ඩ්රැකී මහා අමුතු ඉංග්‍රීසි ළමා කවි කීපයක් අපි මීට කලින් ලිපිවලින් කියවලා තියෙනවානේ. මේ ඒ ලිපිවලට ලිංක්. හේ ඩිඩ්ල් ඩිඩ්ල්බා බා බ්ලැක් ෂීප්, අන්ධ මීයො තුන් දෙනා, ජැක් සහ ජිල්ලන්ඩන් පාලම, වයසක හබර්ඩ් අම්මා, හට්ටි ඩම්ටි රිං අරවුන්ඩ් ද රෝසීස්, ගූසි ගුසි ගැන්ඩර්, රොක් අ බයි බේබිසපන්නුවේ ආච්චි, හිලරි ඩිකරි ඩොක්, මෆීන් මෑන්මේ මෑතකදී පුතා එක්ක ඒජ් ඔෆ් එම්පයර්ස් සෙල්ලම් කරද්දි, ...
ප්‍රාතිහාර්යයක ඇනටොමිය - තර්ටීන් ලයිව්ස් සිනමා පටය හැදූ හැටි. ඩ්රැකී හදවතට දැනෙන ඒ සිනමා පටය කෙරුණු හැටි ගැන අංග සම්පූර්ණ විස්තරයක්, ගබඩාවක් තුළ දැවැන්ත ටැංකි ඉදිකිරීමේ සිට, පැය හාරසීයකට කිට්ටු ධාවන කාලයක එකතුවක් සහිත වීඩියෝ පට පීරමින් සංස්කරණය කිරීම දක්වා...2022 අගෝස්තු 05 - ඩේවිඩ් කෑන්ෆීල්ඩ් ගේ ලිපියකි.මුදවාගැනීමේ මෙහෙයුමක් සම්බන්ධයෙන් වූ කල, තමන් කළ යුත්තේ මොකක්දැයි රොන් හාවඩ් හොඳට ම දනියි. ඔහු 1995 දී නිර්මාණය කළ ඇපොලෝ 13 කලාත්මක චිත්‍රපටියේදී වගේ ...
Untitled Post ඩ්රැකී අසෙකු පිටින් පැමිණි තානායම්කරු බිමට බැස්සේ මැහැල්ලගේ ගොවිපළ ළඟදීය. ඔහු උසය, මහතය. ඔහුගේ මුහුණ රතු වී තිබිණ. තමා නැගී ආ අසු කණුවක බැඳ ඔහු ගොවිපළට ඇතුළු විය. මැහැල්ලගේ ගොවිපළ පිහිටා තිබුණේ තානායම්කරුගේ ඉඩමකට යාබද වය. මේ ඉඩම ලබා ගැනීමට ඔහුගේ සිත් තුළ ලොකු ආසාවක් හටගෙන තිබිණ. බොහෝ අවස්ථාවල ඊට උත්සාහ ගත් නමුත් වැඩක් වූයේ නැත. මැහැල්ල ඉඩම විකුණා දැමීම උදක් ...
මමයි දුම්රියේ ගායකයා සහ තවත් අය... ඩ්රැකී දුම්රියේ රසවත් දේ දකින්නට නම් යා යුත්තේ දවල් දහයත් තුනත් අතර සහ හවස හතෙන් විතර පස්සෙ. කාර්ය බහුල වෙලාවලත් සමහර විට මම මේ කියන්නට යන උදවිය දුම්රියේ ඉන්නවා වුණාට, වඩාත් ඉඩකඩ සහිතව ගමන් කරන්නට පුළුවන් මම ඔය ඉහතින් කියා තියෙන වෙලාවල් අතරේ නිතරම වගේ මේ කියන රසවතුන් හමු වෙනවා.ඔයින් එක්කෙනෙක් තමයි, “මමයි දුම්රියේ ගායකයා“. මේ තැනැත්තා අවුරුදු හැටක් වතර වයස, ...
ඇත්ත බොරු ඩ්රැකී ඔමේගා යනු ඇමරිකානු ආණ්ඩුවේ රහස් ඔත්තු සංවිධානයක්. ඒකේ සිටින දක්ෂ ම සහ කැපවීමෙන් කටයුතු කරන නියෝජිතයෙක් හැරී ටස්කර්. ඔහු ඕනෑම අවස්ථාවකට මුහුණ දිය හැකි, ක්ෂණික තීරණ මත ක්‍රියා කරන තැනැත්තෙක්. වරක් ඔහු තමන්ට පහර දෙන්නට ඇවිත් මෝටර් බයික් එකක් පැහැරගෙන පළා යන ත්‍රස්තවාදියෙකු පස්සෙන් ළුහුබඳින්නේ පොලිස් අශ්වයෙකු පිටින්. ත්රස්තවාදියා බයික් එක හෝටලයකට ඇතුල් කරගෙන, ලිෆ්ට් එකට නඟිනවිට, හැරීත් තමන්ගේ අශ්වයා ...
සින්ද්බාද් දුටු ලංකාව ඩ්රැකී ...මා ගොඩබැස්සේ සෙරන්දිප් නම් දිවයිනේ බැවින්, එහි අගනුවරට පැමිණෙන තුරු අපි ගමන් කෙළෙමු. කළු මිනිස්සු ඔවුන්ගේ රජතුමාට මා දැක්වූහ. මම සිංහාසනය සමීපයට ගොස් ඉන්දියා දේශයේ රජවරුන්ට හොබනා පරිද්දෙන් ආචාර කෙළෙමි. මම එතුමාගේ පා මුල වැටී පොළොව සිඹියෙමි. රජ තෙම මට නැගිටින්ට කියා, මහත් දයාබර ලීලාවකින් මා පිළිගෙන එතුමා ළඟින් හිඳගැනීමට කීවේ ය. එ තුමා පළමුවෙන් මගේ නම ඇසී ය."මිනිස්සු මට ...
කෘමියෙකුගේ ජීවිතය ඩ්රැකී කූඹි ජනපදයක්... ඔවුන් ඉතා මහන්සි වී කෑම රැස් කරනවා. නමුත් ඒ කෑම උන්ගේ ගුලට ගෙනියන්නේ නෑ. ගුලේ කට ඇති තැන උස් මුදුනක තියෙන කොලයක් මත ගොඩ ගහනවා... ඒ උන්ව බයකරගෙන පාලනය කරන තණකොල පෙත්තන් රංචුවක් උදෙසා.ෆ්ලික් ඒ කූඹි රැලේ එක කූඹියෙක්. ඔහු නව නිපැයුම් කරන්නෙක්. නමුත් ඔහුගේ නව නිපැයුමක් මිස් ෆයර් වෙලා, තණකොල පෙත්තන් එන දවසේ ම, කූඹි රැළ දවස් ...
දොන් කිහෝටේ ඩ්රැකී ස්පාඤ්ඤයේ විසූ වංශවත් වයසක මනුස්සයෙක්, අලෙන්සෝ කිහැනෝ. ඔහු මධ්‍යතන යුගය පසුබිම් වුණු කතා සෑහෙන ප්‍රමාණයක් කියවා තියෙනවා. අන්තිමේ ඔහුගේ සිහිය පොඩ්ඩක් සීරු මාරු වී, ඔහු විශ්වාස කරන්න පටන් ගන්නවා, තමන් නිර්භීත නයිට් වරයෙක් වුණු මන්චා හි දොන් කිහෝටේ බව. යකඩ ඇඳුමක් ඇඳගන්නා ඔහු අශ්වයෙකු පිට නැගී, තම වීර චාරිකාව පටන් ගන්නවා.ඔහු අඳුනන කිහිප දෙනා ඔහුට හරි සිහිය ලබා දෙන්නට තැත් ...
සුවාතගේ තවත් වික්‍රමයක් - කකුල් තුනේ බීරි මුවා ඩ්රැකී ඔන්න ළමයි මේ ළඟදි ප්රවෘත්ති බල බලා ඉන්නකොට මට මතක් වුණා සුවතා ගේ තවත් වික්‍රමයක්. මේක ගොඩක් කෙටියෙන් ලියවෙන්න පුළුවන්. කමක් නෑ ඉතිං කියවමුකො...සුවාතගේ අයියා තමයි විජයාතා. එයාගෙ පුතා නෙව අර ප්‍රසිද්ධ කලා භූෂණ කටුවාලමුල්ලේ වයි. ජිනදාස නම් කවියා. ඔන්න දවසක් ඔය කියන විජයාතට ලෝකෙ නැති ලෙඩක් හැදුණා. ඒක වුණේ හඳ සලබයා කියන මහා විසාල සලබයා...පොඩ්ඩක් නැවතිලා හඳ සලබයා ගැන ...
පාස්කු හාවා සහ බිත්තර... ඩ්රැකී ජේසුස් වහන්සේ මරණින් නැගිට්ටායැයි විශ්වාස කෙරෙන පාස්කු ඉරිදා, හාවෙක් පාට කරපු බිත්තර හංගමින් කරන්නේ මොකද්ද?හිටපු ගමන් මට ඇති වෙච්ච ප්රශ්නය ඒකයි. ඉතින් පටන් ගත්තා ඒ ගැන හොයන්න.තවත් එදා අප දුටු චිත්‍රපටියකට ඔත්තුවක්රෝමානු සංස්කෘතිය යුරෝපයේ, විශේෂයෙන් ඇංග්ලෝ, සැක්සන්, ගොත් ප්‍රදේශවල පැතිරෙන්නට කලින්, ඒ ප්‍රදේශවල මුල්බැහැගෙන තිබුණේ නෝර්ඩික් කළවමක් සහිත පේගන් ඇදහිලි. නත්තලේ පේගන් මුල් ගැනත් මේ වගේ ම හොයා බැලිල්ලක් මම ...
LXG ඩ්රැකී සුප්‍රකට දඩයක්කාරයෙක් සහ ගවේෂකයෙක් වුණු ඇලන් ක්වාටමේන්, ලෝකයේ පළමුවන වරට තැනුණු සබ්මැරිනයෙන් මුහුද යටින් ලීග විසිදාහක් ගියපු කැප්ටන් නීමෝ, ටොම් සෝයර්, ඩ්රැක්යුලා පොතේ මීනා හාකර්, රොඩ්නි ස්කිනර් හෙවත් නොපෙනෙන මිනිසා, කිසි දිනක වයසට නොයන ඩෝරියන් ග්‍රේ, ඩොක්ටර් හෙන්රි ජෙකිල් සහ එඩ්වඩ් හයිඩ් එකතු වී සාදාගත් සමූහයක්... අසාමාන්‍ය මහත්වරුන්ගේ ලීගය. (league of extraordinary gentlemen) ඇලන් ක්වාටමේන් කොයිතරම් දක්ෂ සහ පරිණත ඉළක්කකරුවෙක්ද ...
අවසානයේ අතුරු කතා... 1 ඩ්රැකී ෆයර්මවුන්ට් කොළණිය ලෙසින් ඉංග්‍රීසි පාලකයන් විසින් නම් කෙරුණු, ගිණිමලේ ඉපැරණි ජනාවාසය වසරේ වැඩි හරියක් ම මීදුම සහ වළාකුළු නිසා අඳුරු වී පැවතුණේ ය. නිතර වැටෙන කුඩු වැස්ස, කඳු මුඳුන් ඉහළින් ගළා යන සුළඟ විසින් ඒ මේ අත විසුරුවන්නේ හිතු මතේ ය. රවුම් ගල් ගෙඩිවලින් ආකූල වුණු, සිඳී යමින් පැවති දියපාරවල් වංගු ගැසෙමින් පුරන් වූ කුඹුරු මැදින් ගලාගෙන යද්දී හිරිමල් කෙල්ලන් ...