අපේ තාත්තා ඩ්රැකී පහු ගිය දාක මෙහෙ ඇවිත් ගියපු දිලා හෙවත් දිල්ෂාන්, ඒ ගැන පින්තූරයක් ෆේස්බුක් දාලා තිබුණා. ඒකට දිලා දාපු කමෙන්ට් එකක් නිසා මට අපේ තාත්තා ගැන මතක රාශියක් ආපහු හිතට නැගුනා. ඒ නිසා මේ පෝස්ට් එක දාන්න මූලික වුණු දිලා ට මගේ කුරුතඤ්ඤ බාවය මෙයින් පළ කර සිටිනවා.අපේ තාත්තා ගැන මගේ මුල් ම පෝස්ටුවේ යම් තාක් දුරකට සඳහන් කර තිබෙනවා. නමුත් ...
අයින්ස්ටයින් ප්‍රහෙලිකාව විසඳපු හැටි ඩ්රැකී ඒ ගැන කියන්න කලින්, විසේසෙන් ම කියන්ට උවමනයි, මේ වගේ තර්ක රාමු විසඳන ක්‍රම හතරක් මේ වෙනකොට මට හම්බ වෙලා තියෙනව. 1. සමහර සරළ තර්ක රාමු තියෙනව, ඉඟි දෙක තුනක් දීලා සරළ ප්‍රශ්නයක් අහන. ඒ වගෙ එව්ව මනෝමයෙන් ම විසඳන්න පුළුවන්.2. තව ගැටළු තියෙනව, නෙගෙටිව් ඉඟි තියෙන. ඒ කියන්නෙ, "අහවලා, අහවලෙක් නොවේ..." වගේ ඉඟි. ඒ වගේ එව්වට අර කතිර ගහන ...
අයින්ස්ටයින් ප්‍රහේලිකාව ඩ්රැකී ළඟක දී මට කියවන්න ලැබුණා ෆේස්බුක් එකේ උඩ තියෙන මාතෘකාවෙන් පළ කරලා තිබුණු තර්ක ගැටළුවක්. බුද්ධි පරීක්ෂණවල තර්ක රාමු කියලා පොදුවේ හැඳින්වෙන ගැටලුවක් මේක.මේකට ගොඩක් තැන්වල අයින්ස්ටයින් ගේ ප්‍රහෙලිකාව කියා හැඳින්වෙනවා. බහුතරයක් දෙනා විශ්වාස කරනවා, මේ ගැටළුව හදලා තියෙන්නේ, අයින්ස්ටයින් තරුණ කාලයේ දී විනෝදයට කියලා. සමහරුන් කියනවා, තමන්ගෙ ගෝළයන් තෝරාගන්න අයින්ස්ටයින් භාවිත කරපු ගැටළුවක් බව.තවත් තැන්වල සඳහන් වෙන්නේ, මේ ගැටළුව ...
ප්‍රේමය සහ කයිකතන්දර ඩ්රැකී බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරාගේ කයිකතන්දර පොතෙන් මෙවර අපි අරගෙන එන්නේ, ස්ත්‍රිය, සහ ප්‍රේමය ඇසුරු කරගත් කයිකතන්දර කීපයක්. ගමක පෙම්වතුන් දෙන්නෙක් උන්නා. කාලෙකදි කොල්ලා වෙන ගමක තරුණියක් කැන්දගෙන ආවා. හදවත බිඳුණු ගෑණු ළමයත් ටික කාලයක් දුකින් ගත කරලා, වෙන ගමකට දීග ගියා.ටික කාලෙකට පස්සෙ අර තරුණයා දුර ගමනක් ගියා. ඒ යද්දි, අතරමග දි රෑ වුණ නිසා නවාතැන් ගන්න ගෙදරකට ගොඩ වුණා. ...
මාටින් රැට්ලර් ඩ්රැකී මා මීට කලින් පාසල් පෙළ පොතකින් උපුටාගෙන පළ කළ, "මාටින් රැට්ලර් සහ බානි" පෝස්ටුව කියැවූ නිදි, ඔහු සතුව පැවති මාටින් රැට්ලර් පොත, කොරැල් දූපත සහ උඩරට විත්ති පොත් සමඟ මා වෙත තැපෑලෙන් එවුවේ ය. ඊට උපකාර කළ නමියාටත් ස්තූතියි.එසේ එවුවේ, මම ඒ පොත් ස්කෑන් කර, පීඩීඑෆ් අනුවර්තනයක් කර, බෙදා හරිනු ඇතැයි අපේක්ෂාවෙනි. ඊට පෙරත් නිදි මා හට පොත් කීපයක් දුන්නේ ...
සිරිබිරිසාගමනය ඩ්රැකී එක් සමයෙක්හි අලගෙඩියට අධිපතියාණ වූ ද, සකල පුරාණ පුස්තකයනට බහිරවයෙක් වූ ද, මිතිකලයට කාන්දමක් වූ ද, වීර අලකේෂ්වර වූ මහා ඩ්‍රැකියාණන් සිය මහා කරුණා නම් වර්ෂායෙන් නුවරඑළිය පුර ප්‍රවරය තෙමා නහවමින් ද, ස්ට්‍රැටජික නම් යුද්ධායුධයෙන් සභාවන් හා රදොළුන් ද ටැකලයට නතු කරවමින් ද, දැහැමෙන් සෙමෙන් දිස්තිරික්කය භොජනය කෙරෙමින් වැඩ වාසය කරන සමයේ, මහා සිරිබිරිසාගමනය නම් කුණ්ඩාවාඩයක් කඩා පාත් වී වදාළ ...
උගත්කම ඩ්රැකී 1. එළු සකු මගද පොත් කට පාඩමින් දනීමිනිහා පණපිටින් යන පොත් ගුලක් වැනීවැගිරෙන විලස සාහිත රස අමර පැනීපොතක් ලියන්නට සිතිවිලි පහළ වුනී2. පොළොවට ගැට ගසන්නා වාගේ අහසවද විඳ පොතක් ලිවුවා නො බලා වෙහෙසකියවන අතර ඒ පොත අහගනු පිණිසකැඳවා ගති ළඟට සිය පෙම්බර දිගැස3. හැම වචනය ම පදමට ගෙන පියකරුවපොත කියවයි හෙතෙම සාහිත රස ඉරුවපුදුමේ මහත අහගෙන ඉන්නට බැරුවඇය පැන ගියා ...
වැම්පයර් විහිළු කතා (ඔව්... එහෙම එව්වත් තියෙනව) ඩ්රැකී වැම්පයර්ලා තුන් දෙනෙක් දවසක් රෑ කතා වුණා, තමන් අතරින් දක්ෂම කෙනා තෝරන්න. ඔන්න ඉතින් පළවෙනියා ඉතා ම වේගයෙන් පියාඹලා ගියා, පැයට කිලෝමීටර් සීයක විතර වේගයෙන්. ගිහින් විනාඩි කීපයකින් ආපහු ආවා. කටේ හැම තැන ම ලේ..."අර පේනව නේද, කන්ද උඩ සංචාරක බංගලාවක් තියෙනව..." එයා ඇහුවා, අනික් අයගෙන්."ඔව්?""මං ඒකට පියාඹලා, ඒකෙ හිටියා පස් දෙනෙක්. උන් ඔක්කොම වේළෙනකං ලේ බීලා, මරලා දාලා ආවා..."දෙවෙනියට ...
උපාසකයෝ ඩ්රැකී "ඒයි ගොයියො, මොකද උඹ මං පිටි පස්සෙ ම එන්නෙ? හා, හා පලයන්, පලයන්, උඹ කන බොන දේ මගෙ පැලේ නෑ. හා, හා ආපහු පලයන්."උපාසක උන්නැහේ තමා පිටුපසින් එන බලු කුක්කාට කීප වරක් ම මෙසේ කීවේය. ඊට අවනත නොවූවාක් මෙන් ඌ දිගට ම ඔහු පිටුපසින් දිව එයි. උපාසක උන්නැහේ නැවතී බලු කුක්කා කකුලෙන් තල්ලු කර ආපසු යවන්නට සැරසෙන විට ඌ උඩුබැල්ලෙන් ...
උපමා කතා තුනක් - නත්තල් කළාපය 2022 ඩ්රැකී අද උදේ (මේක ලීවේ 18 වෙනිදා සෙනසුරාදා) මමත්, බිරිඳත්, පුතාත් අවදි වුණේ එක ම වෙලාවක. නිවාඩු දවසත් නිසා, අපි ටිකක් කතා කරමින් හිටියා ඇඳට වෙලා. අපි පොඩි කාලෙ දි වගේ ම, පුතාට හරිම ආසයි ළඟ ළඟ ම එන නත්තල ගැන. ඉතින් එතනදි අපි අතර කතා බහට ලක් වුණේ නත්තල් දිනය හෙවත් දෙසැම්බර් 25 ජේසු ගේ උපන් දිනය නොවන බව. එතන ...
හද පියුමේ කරුණා සුවඳ තවරාලූ ගුණෙ අයියා ට... ඩ්රැකී අපි පොඩි කාලේ, සංගීත වේදිකාවේ උන් වීරයා නිහාල් නෙල්සන් ය. කුඩා සිරුරක් තිබුණ ද, තමන්ගේ ගීතය ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කිරීමෙහි දී ඔහු පෑවේ අපූර්ව දක්ෂතාවකි. ඔහු එය කළේ ආයාසයෙන් නොවේ. ඒ ඔහු තම ගීතය රසවිඳි ආකාරය ම ය. විශේෂයෙන් ඔහුගේ මයික්‍රෆෝනය අතින් අතට මාරු කිරීම, අත වටා කරකැවීම ආදී ඇක්ෂන් අපි කුඩා උන් ලෙසට බලා සිටියේ මවිතයකිනි.අපි ගැටවර වියට එළඹෙන ...
පෙරකොදෝරු සහ දේශපාලු කතා ඩ්රැකී හිටපු ජනාධිපති/අගමැති/පා.ම. ගරු මැතිතුමෙක් මිය ගියා. මිය ගිහින් එයාගෙ ආත්මය ගියා චිත්‍රගුප්ත ගාවට. කවුද චිත්‍රගුප්ත? එයා තමයි යම රජුගේ ලේකම්.//උපුටා ගැනීම ////ඉන්දියානු පුරාවෘත්තයට අනුව චිත්‍රගුප්ත යනු මිනිසුන්ගේ ක්‍රියාවන් පිළිබඳ සම්පූර්ණ වාර්තා තබා ඔවුන්ගේ කර්මයට අනුව ඔවුන්ට විපාක දීමේ කාර්යය පැවරී ඇති හින්දු දෙවියෙකි’ චිත්‍රගුප්තට පැවරී ඇත්තේ මිනිසුන්ගේ ක්‍රියාවන් මත පදනම්ව ඔවුන්ගේ මරණයෙන් පසු ස්වර්ගයට හෝ නිරයට යනවාද යන්න තීරණය කිරීමයි’ ...
මල්බෙරි පඳුර වටේ යාම, වයසක මිනිසා සහ වීසල්... ළමා කවියක අඳුරු ඉතිහාසය. ඩ්රැකී බටහිර ළමා කවිවල ඉතිහාසය ගැන මීට කලින් ලියූ ලිපිවල තවත් කොටසක් හැටියට, අද මම ඉදිරිපත් කරනවා තවත් කවි කීපයක්.මෙන්න පළමුවෙන් ම, මල්බෙරි පඳුර වටේ යාම...මේ කවියේ විවිධ එකතු කිරීම් සහ විවිධ පදවැල් තිබුණත්, ඒ සියල්ල පටන් ගන්නේ මල්බෙරි පඳුර වටේ යාමෙන්. ඒ කවියේ තේරුම ගැන මත දෙකක් තිබෙනවා.ආර්. එස්. ඩන්කන් වැනි ඉතිහාසඥයන් අදහස් කරන්නේ 18 වන සියවසේ වේක්ෆීල්ඩ් සිරගෙයි තිබූ ...
හොඳ, නරක, කැත මිනිස්සු ඩ්රැකී ඇමරිකාවේ 1860 ගණන්වල සිවිල් යුද්ධය පැවති කාලය...ටූකෝ බෙනඩික්ටෝ පැසිෆිකෝ හුවන් මරිය රමීරස්: එක්සත් ජනපදයේ කවුන්ටි දා හතරකින් උවමනා කර තිබෙණ; මිනී මැරුම්, මිනිසුන්ගෙන්, බැංකුවලින් සහ තැපැල් කන්තෝරුවලින් ආයුධ සහිතව සොරකම් කිරීම්, පූජනීය දේ සොරකම් කිරීම්, රජයේ බන්ධනාගාරයක් ගිණි තැබීම, බොරුවට දිවුරුම් දීම, බහු විවාහ කර ගැනීම්, භාර්යාව සහ දරුවන් අත්හැර යාම, ගණිකා වෘත්තියට පෙළඹවීම හෝ බල කිරීම, පුද්ගලයන් පැහැරගෙන යාම, ...
පෙරකොදෝරු කතා ඩ්රැකී මෑතක අපේ ප්‍රා ජේ සහෘදයාගේ කමෙන්ටුවකට උත්තර දෙමින් මම කීවේ, ඉස්කෝල මහත්තුරු වගේ ම නීතිඥ ප්‍රජාව ගැනත් රස කතා ඇති බව ය. වැඩ රාජකාරි බහුලකම නිසා ඒ ගැන ලියන්නට පමා විය. පහතින් තියෙන්නේ මම ඇහූ සහ කියවූ කතා ටිකකි.ප්‍රසිද්ධ ඉංජිනේරු මහත්තයෙක් මැරී අපායේ ගියේ ය. ඔව්. ඉංජිනේරුවොත් යන්නෙ අපායෙ ම තමා. ගිය දා පටන් උන්දැට අපායේ වැඩ පිළිවෙල දියුණූ කරන්න ...
කයිකතන්දර 4 - රජකාලේ කවි ඩ්රැකී බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා ගේ කයිකතන්දර පොතේ තිබෙන රජකාලේ කයි කතන්දර කීපයක් අද ලිපියෙන් ඉදිරිපත් කරනවා. ඕලන්ද බටහිර ඉන්දියා වෙළෙඳ සමාගමේ බතාවියාවේ ලුතෙරන් මිනිස්ටර් වූ යාන් බ්‍රැන්ඩෙස් විසින් 1785 දී අඳින ලද රාජාධිරාජසිංහ රජතුමාගේ ආලේඛ්යයමහනුවර රාජධානි කාලේ තිබුණු එක් විනෝද ක්‍රීඩාවක් වුණේ ඇත් පොර. කැලෑවෙන් අල්ලාගත් වල් ඇතෙක්, රජතුමා ළඟ ඉන්නා හීලෑ කරන ලද ඇතෙක් සමඟ පොර ඇන්නවීම තමයි මේ ...
මා නායකයෙකු සහ කළමනාකරුවෙකු කළ අරවින්දි මහත්මිය ඩ්රැකී රාජ්‍ය සේවයට මා එක් වූයේ තුන්වන පංතියේ සාමාන්‍ය ලිපිකරුවෙකු වශයෙන්, පළාත් පාලන අමාත්‍යාංශයට ය. මා පත්වීම භාර ගැනීමට ගිය දවසේ මා එහි කැටිව ගොස්, එහි ප්‍රධානීන්ට හඳුන්වා දුන් සෝමදාස මහතා, රාජ්‍ය සේවයට අවශ්‍ය දැනුම ලබා ගැනීමට ඉතා ම හොඳ අංශය වන්නේ ගිණුම් අංශය බව මට පෙන්වා දුන්නේ ය. සෝමදාස මහතා කලින් පළාත් පාලන අමාත්‍යාංශයේ ගිණුම් අංශයේ ප්‍රධානී ලෙස සේවය කර, ...
මාටින් රැට්ලර් සහ බානි ඩ්රැකී මාටින් රැට්ලර් සහ බානි යාත්‍රා කළ නැව මුහුදු කොල්ලකරුවන්ගේ වෙඩි ලහරින් අබලන් ව ගල්පරයක හැපී මුහුදුබත් විය. ඇඳිරි වැටීගෙන එද්දී මේ මිතුරෝ දෙදෙනා බ්‍රසීලයේ වෙරළට පීනා ගොස් පණ බේරාගත්හ. එහෙත් සැඬ සුළඟට හා මහ වැස්සට බියෙන් කැලෑ වැදුණු ඔවුහු වනචාරී ඉන්දියානුවන් විසින් අල්ලාගනු ලැබූහ. ඉන්දියානුවෝ මේ මිතුරන් දෙදෙනා සැතපුම් ගණනක් ඈතින් පිහිටි සිය ගමට රැගෙන ගියහ.මිතුරන් දෙදෙනා එකිනෙකාගෙන් වෙන් කොට ...
මෝඩ කතා - බුරුම ජනකතා දෙකකි ඩ්රැකී ඔන්න එක කාලෙක බුරුමයේ උන්නා මෝඩ තරුණයෝ හතර දෙනෙක්. මුන් හතර දෙනා එකට මයි හිටියෙ. දවසක් බඩගින්නෙ වේළි වේළි හිටපු මේ කොල්ලො හතර දෙනා තීරණය කළා මොනව හරි කුළී වැඩක් කරල දීල කෑමට දෙයක් හොයාගන්න.වැඩක් හොයාගෙන පාර දිගේ යන මේ කොල්ලො හතර දෙනාට මුණ ගැහුණා වයසක ආච්චි කෙනෙක්. එයා ගෙන් වැඩක් ගැන ඇහුවම එයා කිව්වා, "වත්ත පහලින් ඉළුක් කපාගෙන, මිටි ...
කයිකතන්දර 3 - තොවිල් කවි ඩ්රැකී කයිකතන්දර ගැන මගේ පහුගිය ලිපිවලින් හතර දෙනෙක් එකතු වෙලා කියන කවි, භරණ ගණිතයාගේ කවි, සිංහල මවුබස නොවුණු අයගේ සිංහල කවි සහ වස් / සෙත් කවි ගැන කතා කළා. මේ වතාවේ අපි කතා කරන්නේ තොවිල් සම්බන්ධ කවි කතන්දර වගයක්.දකුණේ ප්‍රසිද්ධ යකැදුරෙක් හිටියා. එයා නටන්නත් බොහොම සමර්ථයි, ඊටත් වඩා හොරකමට සමර්ථයි.වතාවක කරපු හොරකමකට මේ යකැදුරාට නඩුවක් වැටුණා. උන්දැ නඩුවට ගියේ නෑ. ඉතින් ...