බිංදුවෙන් පටන් ගැනෙන අලූත් ආරම්භයකට යමු Milinda Prashna සිංහල හා දෙමල අලූත් අවුරුද්දට කලින් ගතකරන කාර්ය බහුල දින කිහිපයක් ගෙවී යමින් තිබේ. අලූත් අවුරුදු උදාව හා එහි උත්සව සිරිය ගැන අප්‍රමාණ සිහින ඇති නමුත් බහුතර ජන කොටසකට එම සිහින සාක්ෂාත් කරගැනීමට හැකියාවක් නැත. යතාර්ථය එයයි. අතට ලැබෙන ආදායම යුතුකම් ඉටු කරන්නට ප්‍රමාණවත් නොවේ. රට තුළ ඇති නැති පරතරය දරුණු ලෙස වර්ධනය වී ඇත. සමාජ පරිවර්තනයක් තුළින් අලූත් ...
ආයෝජනයට අලුත් ප්‍රයෝගයක් Milinda Prashna 2017/12/13 – ලංකාදීප විදේශ සමාගමක් ආයෝජනය සඳහා කැමැති කරගැනීම පහසු නැත. ලෝකයේ නොයෙක් රටවල් සහ ඒවායේ ප්‍රධාන නගර ප්‍රකට සමාගම් තමන් කෙරෙහි කැඳවාගනු සඳහා වෙහෙස වෙමින් සිටිති. ප්‍රකට අන්තර් ජාල අළෙවි සමාගමක් වන ඇමේසන් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා අලූත් ප්රයෝගක නිරත විය. නිව්යෝක් නරගයෙන් එපිට සිය දෙවැනි ප්‍රධාන කාර්යාලය පිහිටුවන්නට අදහස් කර ඇති බව ප්‍රකාශයට පත් කළ ඇමේසන් ...
රබර් කර්මාන්තයේ අනාගතය කුමක්ද? Milinda Prashna 2016/02/01 – ලංකාදීප වානිජ වැවිලි ආර්ථිකය රටට හඳුන්වා දෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ කාලයේ දීය. අවුරුදු දෙසීයක පමණ ඉතිහාසයක් තිබේ. එයට කලින් පුරාණ රාජධානි පැවැති කාලයේ දී පෙරදිග කලාපයෙන් මෙරට පැමිණි වෙළඳුන් පුවක්, කුරුදු, ගම්මිරිස් හා සුළු අපනයන භෝග එකතු කරගෙන ඇත. වර්තමානයේ ද වැවිලි ක්ෂේත්රය ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජ ව්‍යුහයේ වැදගත් කොටසකි. රබර් වගාව මෙකී වැවිලි කර්මාන්තය තුළ පවතින නියෝජනය කැපී ...
මහතීර් ගේ සෙරෙප්පු කුට්ටම Milinda Prashna 2018/05/23 – ලංකාදීප අනූ දෙහැවිරිදි වියේ පසුවන වෛද්‍ය මහතීර් මොහමඞ් නැවත මලයාසියාවේ අගමැති ධුරයට පත්ව සිටී. දේශපාලනයෙන් ඉවත්ව විශ්‍රාම ජීවිතයක් ගත කරමින් සිටි හෙතෙම වසර දෙකකට පමණ කලින් නැවතත් දේශපාලනයට එන බව නිවේදනය කළ අතර ඔහු කියා සිටියේ රට තුළ පවතින දූෂණ සහගත පසුබිම අනුව අකමැත්තෙන් නමුත් එය කරන්නට සිදුවී ඇති බවය. ජනතාව හමුවට පැමිණි මහතීර් අලූත් බලවේගයක් සංවිධානය ...
වර්ජනය වෙනුවට සමථකරණය Milinda Prashna 2017/10/18 – ලංකාදීප වැඩ වර්ජන ගැන රට පුරා පුලූල් අවධානයක් යොමු වී ඇත. නිතිපතා වර්ජන සිද්ධි වාර්තාවෙයි. වැඩ වර්ජනය කරන පිරිස තම අතියිවාසිකම් ඉල්ලා බල කරති. ඉල්ලන දේ වලින් දෙන්නට හැකි සීමාවක් තිබේ. ඉල්ලීම් දෙන තුරු වැඩ වර්ජනය කරන පිරිස කරන තර්ජනයෙන් විපතට පත් වන්නේ සාමාන්‍ය ජනතාව බව සදහන් කළ යුතුය. නොබෝදා දුම්රිය වැඩ වර්ජනය කළේය. එයට කලින් විදුලිය ...
නතර වූ තැනින් ගමනට සූදානම් වන දේශපාලනඥයෝ Milinda Prashna 2019/09/04 – දේශය දාර්ශනිකයෝ බලය ගැන නොයෙක් නිර්වචන ඉදිරිපත් කර තිබේ. ඒවායේ හරය ගැන සෑහෙන විවාද කළ හැකිය. බලය කේන්ද්‍රගත වන ආකාරය හා පුද්ගල බලය පාලනය කර ආයතනික වශයෙන් බල කේන්ද්‍ර ඇති කිරීම ගැන සෑහෙන අත්හදාබැලීම් ප්‍රමාණයක් ඇත. රටවල් පාලනය කරන පාලකයෝ තනි බලය ඇතිව කි‍්‍රියා කරන අන්දම ගැන උදාහරණ තිබේ. ඒවායේ සාර්ථක හෝ අසාර්ථක භාවය ගැන වෙනම සාකච්ඡා ...
පොත් ප්‍රදර්ශනය Milinda Prashna 21/09/2016 – ලංකාදීප ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වාර්ෂිකව සංවිධානය කරයි. එය සෑහෙන සමාජ අවධානයක් දිනා ගත් එකක් බවට පත්ව තිබේ. ඉකුත් සති අන්තය වන විට වාර්තාගත ජන සහභාගීත්වයක් පැවැති අතර එය පෙන්වන්නේ පොත පත කියවන්නට, දැනුම් සොයායන්නට පවතින උනන්දුවක තරම බව සඳහන් කළ යුතුය. අවුරුදු දහ අටකට කලින් පොත් ප්‍රකාශකයන් තිස් හතර දෙනෙකුගෙන් අරඹන ...
ඉගෙන ගැනීම තරඟයක්ද? Milinda Prashna 2018/10/31 – ලංකාදීප ක්‍රීඩා පිටියේ දී ජවන හා පිටිය තරඟ ඉසව් තිබේ. එතැන තරඟය ඇත. අධ්‍යාපනය සඳහා තරඟ වදින තැන පාසල නොවේ. පාසලේ දී ඉගෙන ගත යුතුය. පවතින දැනුම අධ්‍යයනය කළ යුතු අතර අලූත් දැනුම නිෂ්පාදනය කළ යුතුය. එය ඉගෙන ගන්නා දරුවන්ගේ වගකීමකි. තරඟයකින් තොරව අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තහවුරු කිරීම හා පාසලට නිසි පහසුකම් සැලසීමට ආණ්ඩු සමත් විය ...
නායකයකු වෙන්න යෝගීවරයෙකුගෙන් උපදෙස් Milinda Prashna 2018 /01/ 17 – ලංකාදීප ජගී වාසුදේව ඉන්දියාවේ යෝගීවරයෙකි. සත්ගුරු නමින් ප්රකටය. යෝග උපදෙස් පමණක් නොව අධ්‍යාත්මික දර්ශනයක් ද පතුරවයි. සමාජ උද්දීපනයෙහි නිරත එම යෝගීවරයා කළමණාකරන උපදේශක සේවාවෙහි ද යෙදේ. නොබෝදා සත්ගුරු කරන ලද ප්‍රකාශයක් ජාත්‍යන්තරයේ අවධානයට ලක්වී තිබේ. ‘‘ජන නායකයෙකු සේ දේශපාලනයේ ඉදිරියට එන්නට කිසිවක් කළ යුතු නැති’’ බව කියන යෝගීවරයා විරෝධතා හෝ අරගල ඇවිලීම හොඳටම ප්‍රමාණවත් බව ...
මතු පිටින් පෙනෙන දේ සත්‍යම විය හැකිද? Milinda Prashna 2019/12/18 – ලංකාදීප ‘‘ඇටසැකිලි සෙවූ අය සොයා ගත්තේ සපත්තු’’ යැයි අලූත් කියමනක් එකතු වෙන්නට බැරි නැත. එය අලූතින් නිකුත් වූ වාර්තා චිත්‍රපටියක ප්‍රධාන චරිතයක ප්‍රකාශයකි. එක්තරා කාලයක දී මුළු ලෝකය ආන්දෝලනාත්මක චරිතයක් වූ පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයාගේ බිරිද ඉමෙල්ඩා මාකෝස් එය ප්‍රකාශ කරන්නීය. ‘‘මතු පිටින් දකින දේ නොඑසේ නම් හැගීම් යනු ඇත්ත නොවන’’ බව ද ඉමෙල්ඩා මෙම චිත්‍රපටියේ තීරණාත්මක අවස්ථාවක දී ...
ජී. අයි. පනත Milinda Prashna 10/09/2016 – ලංකාදීප ජී. අයි. පනත් කෙටුම්පත ඇමරිකානු පුරවැසියන් හොදින් දන්නා එකකි. එයින් ප්‍රතිපාදන සලසන්නේ එරට ආරක්ෂක අංශ සාමාජිකයන්ටය. උසස් අධ්‍යාපනයටය. ජී. අයි. කියන්නේ ගැල්වනයිස් යකඩ හදුන්වන කෙටි ව්‍යවහාරයයි. ඇමරිකානු ආරක්ෂක භටයන් ජී. අයි. වෙන්නේ ඔවුන් ගේ අතට මුලින්ම ලැබෙන යකඩින් තැනූ ගිනි අවිය හෙයින්ය. එසේම සෙබලූන් ‘‘ගැල්වනයිස් යකඩයන්’’ සේ දැඩි නිසාය. ඕනෑම දුෂ්කරතාවයකට මුහුණ දී රට වෙනුවෙන් අභියෝගයට ...
තාක්ෂකණික දරු උපතක් Milinda Prashna 2017/02/08 – ලංකාදීප නිදුක් නිරෝගී දරු සම්පතක් ප්‍රාර්ථනා කළ යුගය අවසානයක් කරා ළඟා වන බව අනාවරණය වෙයි. තෝරාගත් ගති ලක්ෂණ සහිත ප්රවේනිගත රෝග නොවැළදෙන බවට සහතිකය සහිත දරු උපතකට පසුබිම සකස් වෙමින් තිබේ. නවීන සොයා ගැනීම් අනුව වෛද්‍යවරයා හමුවට යන දෙමව්පියන්ට තමන් කැමැති දරුවා ඉල්ලන්නට හැකියාව ලැබෙන්නට බැරි නැත. විද්‍යාව හා තාක්ෂණය දියණුව සමග සිදුවන මෙම වෙනස ගැන විශාල ...
පොලිතීන් බැනර් කටවුට් Milinda Prashna 2017/09/06 – ලංකාදීප පොලිතීන් භාවිතය පරිසර විනාශයට එක ප්‍රබල හේතුවක් වී තිබේ. දිරාපත් නොවන පොලිතීන් හා ආශි‍්‍රත නිෂ්පාදන තහනම් කරන්නට රජය තීරණය කළේය. නීතිය බලපවත්වන අතර සහන කාලයක් ද ප්‍රකාශයට පත් කර ඇත. සහන කාලය තුළ තවදුරටත් පරිහරණය නොව එයින් ඉවත්වීමට සූදානම් විය යුතුය. ශ්‍රී ලංකාව දියුණු සමාජයක් බව කියන නමුත් පරිසරය ආරක්ෂා කරන සේ කරන ඉල්ලීම් පමණක් නොව ...
ශිෂ්‍යයන්ගේ චර්යාව Milinda Prashna 2017/08/09 – ලංකාදීප අයිවර් ජෙනින්ග්ස් මෙයින් වසර හැට පහකට කලින් ලියන ලද සටහනක් කියවන්නට ලැබිණ. විශ්ව විද්‍යාල දරුවන් ගැන එය ලියා ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා වූ හෙතෙම මෙරට පළමු ව්‍යවස්ථාව කෙටුම්පත් කළ විද්වතා වශයෙන් වඩාත් ප්රකටය. ශිෂ්‍යයන්ගේ චර්යාව යනුවෙන් ලියැවිල්ල අරඹන හෙතෙම එහි මුලින් කියන්නේ තම බිරිඳ සමග වාහනයෙන් යන එන විට පාසල් දරු දැරියන් ඉතා විනීතව ...
විශ්ව විද්‍යාලයේ දේශපාලනය තහනම් Milinda Prashna 2017/11/10 – ලංකාදීප විශ්ව විද්‍යාලය යන හැඳින්වීමට විශාල අර්ථයක් තිබේ. එය හුදෙක් පටු රාමුවකට කොටු වූ තැනක් නොවේ. මුළු විශ්වයම අධ්‍යයනය කරන දැනුම සම්පාදනය කරන තැනකි. එය නිවහල් නිදහස් මානසිකත්වයකින් යුතු උදාර බුද්ධිමත්හු බිහි කරති. තර්කයට එහි ඉඩ තිබේ. වාද කරන්නට කිසිම බාධාවක් නැත. දැනුම නිෂ්පාදනය කරන්නට පසුබිම සම්පාදනය එහි අරමුණයි. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ක්ෂේත්රයට දීර්ඝ ඉතිහාසයක් නැත. ...
එකට ගැටුම Milinda Prashna 2017/06/28 – ලංකාදීප විශ්ව විද්‍යාල ශිෂයන් කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී කරන ලද කලබැගෑනිය පරණ ප්රවෘත්තියකි. ශිෂ්‍ය ප්‍රජාව එතැනින් ඉවත් කරන්නට විශශේෂ කාර්ය බලකාය කැඳවීම ගැන ද සමාජය එතරම් තැකීමක් කළේ නැත. මෙම පැති දෙක එක තලයක තබා ප්‍රශ්න කරන විට පෙනෙන්නේ ඉතාම භයානක තත්ත්වයකි. දරුවන් හැසිරුන අන්දම හොඳ නැත. බලහත්කාරයෙන් ඇතුළු වී අමාත්‍යංශයේ වැඩ කරන කාර්ය මණ්ඩලය ...
ශ්‍රී ලාංකේය දේශපාලනය සුපිළිපන් තැනකට Milinda Prashna 2019/08/14 – ලංකාදීප යහපත් සමාජයක් බිහිකර ගැනීමේ උදාර අපේක්ෂාව නැවත නැවතත් සිහිපත් කිරීමට නිකිණි පොහොය දිනය තවත් අවස්ථාවකි. පළමුවැනි ධර්ම සංගායනාව පවත්වන්නේ නිකිණි පොහොය දිනකය. බුද්ධ ධර්මය අභියෝග එල්ල වූ මොහොතේ මහා ධර්ම සංගායනාවක් කරන්නට තීරණය කර ඇති අතර කාෂ්‍යප මහ රහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණ. සතර පෙර නිමිති දැක බෝසතානෝ ගිහිගෙය අතහැර ගියේ ද අද වැනි නිකිණි ...
පොහොසත් සමාජයක් Milinda Prashna 2017/05/03 – ලංකාදීප දුප්පත්කම කුමක්ද? පොහොසත් වෙන්නේ කොහොම ද? සමාජයේ සියළු දෙනාට මෙම කාරණය ගැන නොයෙක් පැති වලින් අදහස් තිබේ. ලෝකයේ නොයෙක් රටවල් උත්සාහ කරන්නේ දුප්පත්කමෙන් මිදී පොහොසත් සමාජයක් ඇති කරගන්නටය. දියුණු සහ අතමිට හිඟ නැති ජන සමාජය තුළ ප්‍රශ්න අඩු බව පිලිගැනීමයි. නමුත් ඇත්ත එය නොවේ. සමාජයක් දියුණු වන විට වෙනත් පැති වලින් ගැටළු මතුවෙයි. දුප්පත් හා පොහොසත් ...
ලී ක්වාන් යූ නම් උද්‍යාන පාලකයා Milinda Prashna 2017/06/21 – ලංකාදීප සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ ගැන ජාත්‍යන්තරය ඇති තරම් කතා කර තිබේ. ඔහු ගේ දර්ශනය හා සංකල්ප ගැන නොයෙක් අන්දමින් අවධානය යොමු කර ඇත. අභාවයට පත් නමුත් හෙතෙම අදත් ජීවතුන් අතර යැයි දැනෙන තරමට එය බලවත්ය. ජගත් ප්‍රජාව කාලගුණ විපර්යාස හා පරිසර සංරක්ෂණය ගැන කතා කරමින් සිටී. ලෝකයේ පැවැත්ම වෙනුවෙන් පරිසරය ඉතාම වැදගත් බව විද්වතුන් ...
අන්තවාදයෙන් මිදී මැද මාවතට පිවිසීමේ වාසිය Milinda Prashna 2019/03/06- ලංකාදීප අන්තවාදය පලක් නැති බව අවබෝධ වෙමින් තිබේ. ලෝකයේ තැනින් තැන වාර්තා වූ එකිනෙකට වෙනස් සිද්ධි මැද මාවතට අවතීර්ණ වීමේ වැදගත්කම පෙන්වා දී තිබේ. ඉන්දියාව සහ පකිස්තානය අතර අන්තවාදී අදහස් උත්සන්න වී ඇත. දෙපාර්ශවය අතර මෝදු වූ අන්තවාදී අදහස් අවසානයේ ගැටුමකට මුල පුරා තිබේ. මුල් වටයේ ප්‍රහාර වලින් පසු ගැටුම් ඇති කිරීමට වඩා සාකච්ඡාවෙන් විසඳා ගැනීම වැදගත් බව ...