රැකියා උත්පාදන අංශ ගැන රට තුළ ඇති කැමැත්ත Milinda Prashna 2015/08/12 – ලංකාදීප වසර 2050 වන විට ලෝකයේ රටවල් පැවැතිය හැකි තත්ත්වය ගැන පර්යේෂණ සිදුවෙමින් තිබේ. දියුණුවන රටවල් සහ වර්ධනය වන ක්ෂේත්‍ර ගැන අවධානයක් යොමුවෙයි. තාක්ෂණය සහ මානව සම්පත උපයෝගීවීම ගැන සාකච්ඡුා කෙරේ. රටක් වශයෙන් ජාත්‍යන්තරයේ සිදුවන දේ ගැන අවධානය යොමුකිරීම අවශ්‍යය. අතීත අත්දැකීම් පදනම් කරගෙන අනාගතය උදෙසා තින්දු ගැනීම වැදගත්ය. විශේෂයෙන් අලූත් ආණ්ඩුවක් තෝරා ගැනීමේ මහ මැතිවරණයක් පැවැත්වෙන ...
තවත් ඡන්ද ප්‍රතිඵලයක් Milinda Prashna 04/10/2016 – ලංකාදීප කොලොම්බියාවේ දශක හයක් පැවැති ගැටුම් අවසන් කරන සාම ක්‍රියාවලියක් යෝජනා විය. ජනතා අනුමැතිය ලබා ගැනීමට ජනමත විචාරණක් පවත්වන ලදී. පොදු ජනතාව සාම ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කර තිබේ. ත්රස්තවාදීන් ප්රජාතන්ත්රවාදී රාමුවට ඇතුළු වන වෑයම ජනතාව පරාජය කරන්නේ මන්ද? කොලොම්බියාව දකුණු ඇමරිකානු රටකි. නිදහස අත්පත් කරගත් කාලයේ සිට එහි අභ්‍යන්තර ගැටුම් පැවැතිණ. ෆාක් ගරිල්ලන් ඒ අතරින් ඉදිරියට පැමිණෙයි. 1964 ...
බලශක්ති ප්‍රශ්නයට ඉර එළිය පිළිතුරකි Milinda Prashna 2015/09/23 – ලංකාදීප බලශක්තිය සම්බන්ධයෙන් ඇති ලෝක අවධානය නොසන්සිෙ`දන එකකි. ජාත්‍යන්තර ෂෙල් සමාගමේ ප්‍රධානියා මෑතක කරන ලද සම්මුඛ සාකච්ඡාවක දී ලෝක බලශක්ති අවශ්‍යතාව ගැන අදහසක් දක්වා තිබේ. ඔහුට අනුව ඉදිරි දශකය තුළ ලෝක බලශක්ති ඉල්ලූම දෙගුණයක් වනු ඇත. මෙම බලශක්ති අවශ්‍යතාව සපුරනු ස`දහා පොසිල ඉන්ධන එනම් බොරතෙල් වලට පමණක් හැකියාව ලැබෙන්නේ නැත. හිරු එළිය ප්‍රයෝජනයට ගැනීම කෙරෙහි සියලූ පැති ...
හරකුන්ගේ අං කපන්නත් ජනමතය විමසූ රටක් Milinda Prashna 2018/12/05 – ලංකාදීප හැසිරීම අනුව අං ඇති අයවලූන් බව පෙන්වන අය සිටිති. අං පටලවා ගන්නා අවස්ථා ද තිබේ. මුලින් තිබුණ කණට වඩා පසුව ආ අඟ ලොකු වූ බව සඳහන් වන ව්‍යවහාරයක් ද ඇත. මෑතක දී අං ඇති සතුන්ගේ පැවැත්ම ගැන ජනමත විචාරණයක් ස්විට්සර්ලන්තයේ දී පැවැත්විණ. එය ලෝකය පුරා ආන්දෝලනයකට ලක් වූ එකකි. සත්ව පාලනයෙහි නිතර ස්විස් ගොවියෙකු ගවයන්ගේ හා ...
රට ගැන කැක්කුමක් ඇති විනය ගරුක පරපුරක් බිහිකිරීමේ අවශ්‍යතාව Milinda Prashna 2018/10/17 – ලංකාදීප අවංක උත්තරයක් අවශ්‍ය වැදගත් ප්‍රශ්නයක් මතු කළ යුතුව ඇත. අපට රට ගැන කැක්කුමක් අපට තිබේද? ‘‘ නැත’’ යන උත්තරය අසාධාරණ එකකි. අගය කළ යුතු විශිෂ්ඨ ජන කොටසකට රට ඉහළින් තැබීමේ අප්‍රමාණ උවමනාවක් තිබේ. නමුත් අවාසනාවකට බහුතරයකට එකී අවශ්‍යතාව නැත. රට ගැන හැඟීමක්, කැක්කුමක් නැති පරපුරකින් අනාගතය දෙස බලන්නේ කෙසේද? රට ගැන ඇති කැක්කුම වශයෙන් අදහස් කරන්නේ ...
දුප්පතුන්ට අලූත් දොරටුවක් Milinda Prashna 2018/03/28 – ලංකාදීප දුප්පත්කම විශාල ගැටළුවකි. ලෝක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් ජීවිතය ගත කරන්නේ අපහසුවෙන්ය. කුස පිරෙන්නට ආහාර වේලක්, සැනසිල්ලේ නිදන්නට තැනක් අහිමි අසරණ ජන කොටසක් සිටී. එක පැත්තකින් විශාල සංවර්ධනයක් කරා යොමු වන අවස්ථාවක එහි ප්රතිලාභ අහිමි වන සීමිත පිරිස ගැන ලෝක ප්‍රජාව නොයෙක් ආකාරයට අවධානය යොමු කරන බව පෙනේ. දිළිදු ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණයෙන් සපයන්නට ආණ්ඩු අසමත්ය. කොපමණ ...
වාහනයක අයිතියක් නැති ලොව විශාලතම ටැක්සි සේවය Milinda Prashna 2015/06/17 – ලංකාදීප ලෝකය බිහිවී එහි මනුෂ්‍යවාසය ඇරඹුන දා සිට අද දක්වා කාලය පැය විසි හතරක් යැයි උප කල්පනය කළහොත් අන්තර් ජාලය බිහිවී ගතවී ඇත්තේ තත්ත්පරයකින් ද කුඩා පංගුවක් විය හැකිය. නමුත් මෙම ඉතා කුඩා ක්ෂණික කාලය මනුෂ්‍ය සංහතියට කර ඇති බලපෑම සුළු කොට තැකිය නොහැකිය. එය සන්නිවේදන විප්ලවයයි. උපතේ සිට මරණය දක්වා ඉතාමත් වැදගත් ආකාරයට බලපාන මෙවලමක් බවට ...
නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රායෝගික අධ්‍යාපනයට Milinda Prashna 2012.03.27 – මිලින්ද මොරගොඩ දරුවන් ගේ කෞෂල්‍ය හැඳින අනුරුපවන පරිදි ඉගැන්වීමේ සුවිශෙෂ අධ්‍යාපන රටාවකට මෙරට පාසල් පද්ධතිය තුළ වැඩි ඉඩක් නැත. වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවෙකු කිරීම දරුවන්ගේ අනාගතය සම්බන්ධව දෙමව්පියන් ගේ සිහිනයයි. රජයේ රුකියාවක් ලබා ගැනීම උසස් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු, බහුතරයක ඇති අපේක්ෂාව බව පෙනේ. අනාගත වෘත්තිය ගැන සමීක්ෂණයක් කළහොත් ව්‍යවසායකයෙකුව තමන්ම දෙයක් නිපදවන බව කියන පාසල් දරුවන් ...
පරිනත ප්රජාතන්ත්රවාදයකට මග පාදාගැනීම Milinda Prashna 2015-08-26 – ලංකාදීප ශ්‍රී ලංකාවේ සර්ව ජන ඡන්ද බලය දශක දහ අට ඉක්මවා තිබේ. එදා සිට මෙදා දක්වා ඡන්ද විමසීමේ වාර ගණනින් අත්දැකීම් ගැන අවබෝධයක් ලබා ගත හැකිය. ඩොනමෝර් කොමිසමේ යෝජනා අනුව ඡුන්ද බලය හිමිවන්නේ සමාජයේ එක්තරා කොටසකට පමණී. ධනවත් සහ ඉඩම් හිමි පැලැන්තියටය. එවිට ජනගහනයෙන් සියයට දෙකකට අඩු කොටසකට ඡුන්දය ඉල්ලන පමණක් නොව ඡුන්දය පාවිච්චිකර නියෝජිතයන් මන්ත්‍රණ සභාවට පත් ...
දුම්රිය ප්‍රමාදයි Milinda Prashna 2016/11/30 – ලංකාදීප ස්කොට්ලන්තය මහා බි්රතාන්යයේ කොටසක් නමුත් වෙනම පාලනයක් ඇති රටකි. කුඩා නමුත් හොඳ ජීවන තත්ත්වයක පසුවෙයි. ස්කොට් වැසියන් පොදු ප්‍රවාහනය වශයෙන් දුම්රියට කැමැතිය. එරට දුම්රිය සේවාව රජය සතු ව්‍යාපාරයකි. කිලෝ මීටර් තුන් දහසක් පුරා පවත්වාගෙන යන සේවය අවුරුද්දකට මගීන් මිලියන හැට දෙකක් එහා මෙහා ගෙන යන බව සඳහන්ය. ස්කොට්ලන්ත පාලකයන් එරට දුම්රිය ගමන් මගීන් ගේ පහසුව ඉහළින්ම ...
ආලෝකයට වැඩිපුර ගෙවා අන්ධකාරයේ සිටින මිනිස්සු Milinda Prashna 2016/10/19 – ලංකාදීප නැවත වතාවක් අඛණ්ඩ විදුලිය සැපයුමට බාධා සිදුවී තිබේ. උත්පාදනයේ දී ගැටළු මතුවන විට සැපයුම සිමා කරන්නට සිදුවෙයි. එදා – මෙදා ස්වභාවය එයයි. නිවැරදි සැලසුමක් අනුව කටයුතු නොකළහොත් අනාගතයේ දී ද එසේ සිදුවන්නට බැරි නැත. විදුලිය බලය සම්බන්ධයෙන් රටට දීර්ඝ කාලීන සහ ස්ථිර විසඳුමක් අවශ්‍යව තිබේ. දකුණු ආසියාවේ රටවල් අතර ප්‍රතිශතයක් වශයෙන් වැඩිම ගෘහස්ථ ප්‍රමාණයකට විදුලිය සපයා ...
නූතන මාධ්‍ය භාවිතාව Milinda Prashna 2018/01/24 – ලංකාදීප ශ්‍රී ලංකාවේ දේශපාලනයේ පවතින ප්රවනතා පුරවැසියන්ගේ ආඩම්බරයට හේතු වී නැත. අභිමානයට බරපතල කැළලක් වී තිබේ. නිදහස ලබා හැත්තෑ වසරක් සම්පූර්ණ වන මෙම වකවානුවේ දී දේශීය දේශපාලන නායකයන් අනාගත පරපුර සඳහා ලබා දෙන ආදර්ශය කණගාටුවෙන් නමුත් ප්‍රශ්න කරන්නට සිදුවී ඇත. ජනතාව සිය ඡන්දයෙන් ප්රජාතන්ත්රවාදී පාලනය සඳහා තම නායකයන් තෝරා ගනී. ජනතා අවධානය දිනා ගැනීම අරමුණු කරගෙන දේශපාලනඥයන් ...
රජ්ජුරුවෝ හෙළුවෙන් Milinda Prashna 2018/05/10- ලංකාදීප එක්තරා ජන කතාවකට අනුව පිටරටකින් පැමිණි උපායශීලී පිරිසක් රජ්ජුරුවන්ට අලූත් ඇදුමක් සකස් කරන්නට කැමැත්ත පළ කර ඇත. එයට අනුමැතිය ලැබී තිබේ. මාළිගයේ කොටසක් වෙන් කරගත් ඔවුහු ඉහළම සත්කාර ලබමින් කාලය ගත කර තිබේ. අවසානයේ දී නිම කළ ඇදුම රජ්ජුරුවන්ට පෙන්වයි. ඥානවන්තයන්ට පමණක් පෙනෙන ඇදුමක් බව උපායශීලීහු නිවේදනය කරන අතර රජ්ජුරුවෝ මෙතැන ඇදුමක් තැතැයි කියන්නට මැලි වෙති. ඒ ...
බ්‍රිතාන්‍යයේ පාසලකින් නිවසට ලිපියක් Milinda Prashna 16/11/2016 – ලංකාදීප පාසල අධ්‍යාපනය ලබා දෙන තැනයි. නිවසේ දෙමාපියන් සමග ගත කරන කාලයට වැඩි වේලාවක් දරුවන් ජීවත් වෙන්නේ ගුරුවරු ඇසුරෙහිය. මෙරට අද පවතින අධ්‍යාපන රාමුව අනුව දරුවා පාසලෙන් පසු ටියුෂන් පන්තියටය. තමන්ගේ දරුවාගේ දුක සැප සොයන්නට මව්පියන්ට ලැබෙන කාල අවකාශය සීමිතය. අම්මාත් තාත්තාත් රැකියාව කරන නිවසක දරුවන් හැදෙන වැඩෙන අයුරු වඩා දැනෙන්නේ පාසලේ ගුරුවරයාට හෝ ගුරුවරියටය. දරුවා තේරුම් ගෙන ...
ප්‍රසාදය කණපිට හැරෙන්න වැඩිකල් ගතවන්නේ නෑ Milinda Prashna 2019/11/19 – ලංකාදීප බ්‍රිතාන්‍ය යෝක්ෂයර් ප්‍රාන්තයේ ප්‍රදේශයක් පසුගිය සතියේ ගංවතුර තර්ජනයට ලක් විය. දෙදහසක පමණ පිරිසක් විපතට පත් වූ බව වාර්තා වෙයි. දින පහකට පසු එරට අගමැති බොරිස් ජොන්සන් විපතට පත් පිරිස ගේ සුව දුක් විමසීමට පැමිණියේය. ඒ වන විට සහන සේවකයන් පැමිණ විනාශ වූ තැන් පිලිසකර කිරීමේ කටයුතු සෑහෙන දුරට අවසන් කර තිබුණ අතර ජනතාවට සෑහෙන සහන ඛෙදා ...
ජනතාවට කලන්තේ Milinda Prashna 2018/05/16 – ලංකාදීප ඛනිජ තෙල් මිල වැඩි කිරීම සන්සුන් ස්වභාවයක තිබුණද එදිනෙදා ජන ජීවිතය කලත්තන්නට හේතු වී තිබේ. කාලගුණය හා බලශක්තිය අලූත් ව්‍යුහ අනුව ආර්ථිකයට බලපාන ප්‍රධාන මර්මස්ථාන දෙකකි. කාලගුණය පාලනය කළ නොහැකි අන්දමට බලශක්ති අංශයෙන් ද ශ්‍රී ලංකාවට ගැලවීමක් නැත. ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල ගණන් ඉහළ ගොස් ඇත. රජයේ ආනයන වියදම් පාලනය කරගත නොහැකි වී තිබේ. ...
ලෝකයම නොසන්සුන් Milinda Prashna 2016/11/09 – ලංකාදීප ගෙවී ගිය පැය විසි හතර තුළ ලෝකයේ පැවැති නොසන්සුන් තත්ත්වය අවධානයට ගෙන තිබේද? හොඳ දේ සියයක් කියැවෙන විට දහසක් දේ අහන්නට ලැබෙන්නේ ආන්දෝලනාත්මක කාරණාවන්ය. ඉන්දුනීසියාවේ ජනතාව වීදි බැස තිබේ. දකුණු කොරියාවේ අර්බුදයකි. දකුණු අප්‍රිකාව ද නොසන්සුන්ය. මෙම රටවල පුරවැසියන් කියන්නේ මොනවාද? අවුරුදු හය හතකට කලින් අරාබි වසන්තය ලෝකයේ නායකයන් තැති ගැන්මකට ලක් කළේය. ඒ හා සමාන ...
වන සතුන් ආරක්ෂාව වගේම බෝවීමේත් පාලනයක් අවශ්‍යද? Milinda Prashna 2018/09/12 – ලංකාදීප නගරයේ ජීවත්වන ජන සමාජය ගහ කොළ වන සතුන් කෙරෙහි බලවත් ලැදියාවක සිටිති. පරිසරය හා සියළු ජීවීන් ගේ අයිතිය ආරක්ෂා කිරීමට කැපවී සිටින පිරිසක් ඒ අතර වෙති. නගරයෙන් බැහැර ජීවත්වන ජනී ජනයා වන සතුන් හා ගහ කොළ කෙරෙහි ඇල්මක් නැතැයි එයින් අදහස් නොකෙරේ. ගැමියෝ සොබා දහමට අනුකූලව ස්වකීය පැවැත්ම කරගෙන ගිය අතර සොබා දහම සමග නොබිඳෙන සහජීවනයක් ...
නිෂ්පාදකයා ආරක්ෂා කරන පාරිභෝගික සමාජය Milinda Prashna 2014/10/22 – ලංකාදීප – මිලින්ද මොරගොඩ වෙළ`ද පොළ ආර්ථික ක්‍රමය තුළ ප්‍රමුඛතා හ`දුනා ගැනීම ඉතාම වැදගත් කාරණාවකි. භාණ්ඩ නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා මුණ ගැසෙන්නේ වෙළ`ද පොලේ දීය. මිළ, ප්‍රමිතිය, උපයෝගීතාව සහ පහසුව රහිත නම් පාර්ශව දෙකටම ගැටලූ මතුවෙයි. පාරිභෝගිකයන් වශයෙන් පොදු මහජනතාවට අඩු මිලට හො`දම තත්ත්වයේ භාණ්ඩ, පහසු මිලට, ඕනෑම තැනකින් ගන්නට හැකියාව ලැබිය යුතුය. නිෂ්පාදකයන් සිය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලිය ...
රාමුවක් නැති සිතිවිලි Milinda Prashna 2017/05 /24 – ලංකාදීප හිතන්නටත් නිදහසක් අවශ්‍යය. සිතිවිලි සම්බන්ධයෙන් දර්ශනයක් තිබීම උසස් මනුෂ්‍ය ලක්ෂණයකි. රාමුවක් තුළ සිතන පැවැත්ම පැරණි එකකි. සියවස් ගණනකට කලින් පැවැති පාලන ක්රමයේ ලක්ෂණයක් වූයේ ජනතාවගේ සිතිවිලි පාලනය කිරීමය. බලවත් ඒකාධිපති නායකයෝ වැසියන්ට හිතන්නට අවස්ථාව දුන්නේ සීමා සහිතවය. නිදහස් සිතිවිලි අනුව ක්‍රියාකරන වැසියෝ, තමන්ට එරෙහිව නැගී තම පාලනයට අවහිර කරනු ඇතැයි කල්පනා කළ එකල පාලකයෝ ජනතාවට ...