නියඟය පරාජය කරන සැලැස්මක් Milinda Prashna 2017/01/18 – ලංකාදීප වසර හතලිහකට මෙපිට ඇති නොවූ තරම් බලවත් නියඟයකට මුහුණ දෙන්නට රටට සිදුවී ඇති බව අනාවරණය වන කරුණකි. ඉතිහාසය පිරික්සන විට වලගම්බාහු රජ දවස ඉතා දරුණු නියඟයක් ගැන සඳහන් වෙයි. බැමිණිටියාසාය යනුවෙන් දැක්වෙන මෙම කාලයෙහි සංඝරත්නයට දානය නොලැබෙන තරමට එය ව්‍යවසනයක් වූ බව කියැවෙයි. ශ්‍රී ලංකාවේ බලපැවැත්විය හැකි බව කාලගුණ තොරතුරු හෙළි කරන නියඟය හමුවේ ගත යුතු ...
පොදුජනතාව සමග විදේශ සම්බන්ධතා ගොඩනගමු Milinda Prashna 2015/03/18- මිලින්ද මොරගොඩ ඉන්දු ශ්‍රිලංකා සබ`දතා සම්බන්ධයෙන් අලූත් පරිච්ඡේදයක් ආරම්භ වෙමින් තිබේ. දෙරට අතර නායකයින් එක් එක් යුග වලදී තමන්ට දැනෙන දර්ශනය අනුව රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බව ඉතිහාසය අධ්‍යනය කරනවිට නිරීක්ෂණය කළ හැකිය. සමීප රටක් වශයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවේ උරුමයට සම්බන්ධතාවයක් තිබේ. එසේම නොයෙක්වර ශ්‍රීලංකාව ආකර්මන්‍යය කර ඇත්තේ ද ඉන්දියාවයි. විශාල රටක් ආසන්නයේ ඇති කුඩා දිවයිනක වැසියන් ...
ජන ජීවිතය සංකීර්ණ කරන ආයතනික විධි විධාන Milinda Prashna 2012.08.15 – ලංකාදීප – මිලින්ද මොරගොඩ අධිකරණය උත්තරීතර ආයතනයයි. මහජනතාව යුක්තිය අපේක්ෂා කරන්නේ අධිකරණයෙන්ය. යුක්තිය පසි ඳ ලන විනිසුරුවරුන්ට සමාජයේ ඇති මහත් ගෞරවය සැලකිය යුතු එකකි. විශ්වාසනීය සේවාවක් ස්ථාපිතකරන අරමුණෙන් විනිසුරුවරු නිශ්චිත කාලයකදී ස්ථාන මාරුවීම් ලබයි. තම නිල නිවාසයෙන් ස්වකීය ගේ දොර උපකරණ ද රැුගෙන පිටත්ව යන විනිසුරුවරයෙකුට ග්‍රාම නිලධාරීන් ගෙන් සහතිකයක් ගන්නට සිදුවෙයි. එම ලියැවිල්ල රහිතව හදිසි ස්ථාන මාරුවක ...
පසු විපරම Milinda Prashna 2017 /11/ 08 – ලංකාදීප ණය ගෙවා ගත නොහැකි වූ කුඩා ව්‍යවසායකයන් මුහුණ පා සිටින ඉරණම ගැන පුළුල් අවධානයක් යොමු කළ යුතුය. නොබෝදා මාධ්‍ය වාර්තා කරන ලද සිද්ධි මගින් ණය ගෙවා ගත නොහැකිව අසරණ වූ අය ගැන අණාවරණය කෙරිණ. උතුරුකරයේ දරු පවුලක් ජීවිත වලින් වන්දි ගෙවූ ඛේදජනක සිද්ධිය ඒ අතරින් විශේෂ අවධානයට යොමු විය යුතුය. හුදෙක් ණය ගැතියෙකු හෝ ...
රටට වැඩක් කරන්නට දේශපාලනඥයකු වියයුතුදමද? Milinda Prashna 2015/06/24 – ලංකාදීප එකිනෙකට වෙනස් ක්ෂේත්රවල අනගිභවනීය විශිෂ්ටයෝ එදිනෙදා ජීවිතයේ දී අපට හමුවෙති. නළු නිලියන්ය. රංගධරයන්ය. නොඓස්නම් අති විශිෂ්ට දක්ෂතා පෙන්වන ක්‍රීඩක කි්රඩිකාවන්ය. අති දක්ෂ වෛද්‍යවරු නොඑසේනම් ලේඛකයන් හෝ නිවේදක නිවේදිකාවන්ය. නොඑසේනම් කර්මාන්ත හෝ ව්‍යාපාරික අංශවල දැවැන්තයන්ය. මෙම සියලූ අංශ වල පරිපූර්ණත්වයට පත්වූවෝ රට තුළ බලවත් පිළිගැනීමට ලක්ව සිටිති. රට තුළ පමණක් නොවේ ජාත්‍යන්තරව ද, ඇගයීමට ලක්වෙති. සමාජයේ ඉහළ ...
ජනප්‍රිය වන වේගයෙන්ම අප්‍රසාදයට ලක්වන දේශපාලනඥයෝ Milinda Prashna 2018/06/13 – ලංකාදීප අති විශාල ජනප්‍රසාදයක් සහිතව බලයට පත්වන දේශපාලන නායකයෝ ඉතාම ඉක්මනින් අප්‍රසාදයට පත්වෙති. එය නූතන තාක්ෂණික යුගයේ ස්වභාවයයි. ජන නායකයන් ගේ ගුණාංග, ප්‍රතිපත්ති හා ක්‍රියාකරන විලාශය ගැන ජනතා ප්රබෝධය වැඩි කල් පවතින්නේ නැත. නිල කාලය අවසන්වීමටත් කලින් පිරිහීමට ලක් වන අතර ජනතාව තුළ ගොඩනැගුණ විශ්වාසය ගිලිහීයෑම බරපතල ප්රශ්නයකි. ලෝකයේ සෑම රටකම දේශපාලන නායකයෝ මෙම ගැටළුවට මුහුණ පා ...
ජන සංස්කෘතිය ජනගත කිරීම Milinda Prashna 13.08.2014 – ලංකාදිප – මිලින්ද මොරගොඩ සෞන්දර්ය ශ්‍රී ලාංකේය ජන ජීවිතයේ අංගයකි. රට තුළ පවතින සංස්කෘතිය සහ ජන විඥාණය සමාජයේ තහවුරු වන්නේ පොදු ජනතාවගේ හැසිරීම, සිරිත් විරිත් සහ ඇදහිලි අනුවය. අතීතයේ සිට පැවැත එන ආකාරය මෙහි රටාවයි. සෞන්දර්ය අංග ජන සමාජයේ ආගම් අනුව අනන්‍යය. කතා කරන භාෂා විලාශය අනුව එකිනෙකට වෙනස්ය. ප්‍රදේශය අනුව ද නොයෙක් වෙනස් ගති ලක්ෂණ පෙන්වයි. ...
අදට ගැලපෙන පොලිස් සේවාවක් Milinda Prashna 06/08/2014 – ලංකාදීප – මිලින්ද මොරගොඩ මෙරට මහජන ආරක්ෂාව, සහ සදාචාරය ඇති කිරීම සම්බන්ධයෙන් පොලිස් සේවාව සතු සුවිශේෂී කාර්යභාරයක් තිබේ. එසේ තිබියදී පොලිසියේ පැවැත්ම ගැන බාහිර සහ අභ්‍යන්තර විවේචනයක් ඇත. පොලිස් සේවාවේ නිරත නිලධාරීන්ට තම කාර්ය භාරය සහ එහි සිදුවිය යුතු වෙනස්කම් අලලා කියන්නට දෙයක් ඇතිබව පෙනේ. නිලධාරීහු තමන්ට ලැබෙන පහසුකම්ගැන අතෘප්තිමත්ය. එය අභ්‍යන්තර විවේචනය වන අතර ජනතාවට ද ...
වෙන්දේසි කළ යුතු නැති පදික වේදිකාව Milinda Prashna 2013.02.20-ලංකාදීප- මිලින්ද මොරගොඩ ඉන්දියාව විශාල රටකි. ආර්ථික අතින් නැගෙන නමුත් අදටත් එරට වෙසෙන ඇතැම් පිරිසකගේ ජීවත්වීමේ අරගලය දැවැන්ත එකකි. යමක් උපයන ව්යුවසායකත්වය විවිධ ආකාරයට බිහිව තිබේ. සීතල පදික වේදිකාවේ රාතරිඑකකය ගත කරන්නට මිලක් තිබේ. පදික වේදිකාව අත්පත් කරගෙන ඇති අතරමැදියෝ ගාස්තු අයකර රාතරි් ්ය ගත කරන අසරණයන්ට එය විකුණන බව ඇතැම් පරාත් න්ත වලින් අදටත් වාර්තාවෙයි. දෙනෝ දාහක් සැරිසරන පදික ...
ඇමැතිවරු අවශ්‍ය ඇයි? Milinda Prashna 2017/11/22 – ලංකාදීප ඇමැතිවරු අවශ්‍ය ඇයි? හදවතට එකඟව උත්තරය සොයාගත යුතු ප්රශ්නයකි. කැඩපතක් ඉදිරියට එන ඇමැතිවරුන් ද තමන්ගෙන්ම ප්‍රශ්න කළ යුතුය. ඇමැතිකමක් ලබාගත්තේ ඇයි සහ එයින් රටට හා ජනතාවට කරන සේවාව ගැන තෘප්තිමත් දැයි විමසීම සුදුසුය. මහජන ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයන්ගේ එකම අරමුණ ඇමැතිකමකි. ඡන්ද දායකයන් ද තමන් ඡන්දය දුන් නියෝජිතයා ඇමැතිවරයෙකු වන තුරු බලාගෙන සිටී. දේශපාලන පක්ෂ නායකයන් ...
වෛද්‍ය විද්‍යාවෙන් දිනා දෙන ජීවිතය Milinda Prashna 2015/04/29 – ලංකාදීප -මිලින්ද මොරගොඩ විද්‍යාව සහ තාක්ෂණය සොබා දහමට කරන අභියෝගය තව දුරටත් සංකීර්ණ වෙමින් තිබේ. ස්වභාව ධර්මය වෙනස්කිරීම අනිටු පල විපාක වලට හේතු වන බවට බලවත් සංවාදයක් ද තිබේ. නමුත් දිනපතා සිදුවන අලූත් සොයාගැනීම් ඔස්සේ ජන ජීවිතයත් විශ්වයේ පැවැත්මත් පාලනය කරන්නට හැකිවන තැනට විද්‍යාත්මක පර්යේෂණ යොමුවෙයි. අලූත් තොරතුරු වලට අනුව මනුෂ්‍යයන්ට වැළ`දෙන ලෙඩ රෝග සෑහෙන ප්‍රමාණයකට ප්රත්යක්ෂ ...
දැනුම හා අවබෝධය Milinda Prashna 07/01/2015 – ලංකාදීප – මිලින්ද මොරගොඩ අලූත් පාසල් වාරයක් ආරම්භ වී තිබේ. දරු දැරියන් ලක්ෂ ගණනක් පළමු වසරෙන් අධ්‍යාපන ඉලක්කය අරඹයි. මෙතෙක් පාසලේ ඉගෙනුම ලබමින් සිටි දරුවන් ඉහල ශ්‍රේණියකය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඉතාමත් සංකීර්ණ එකකි. දෙමව්පියන්ගේ උවමනාව දරුවන් ඉතාම ජනපි‍්‍රය ජාතික පාසලට ඇතුලත් කිරීමය. සීමිත අවස්ථා වෙනුවෙන් අසීමිතව වෙහෙසෙන ස්වභාවය තුළ පාසලට ඇතුලත්වීම පමණක් නොව අධ්‍යාපනය රටාව ද, ...
බෙදාදීම වෙනුවට බදාගන්නා ධර්මය Milinda Prashna 2017/05/10 – ලංකාදීප සිද්ධාර්ථ කුමාරයා උප්පත්තිය ලැබුවේ අද වැනි දිනකය. ගිහි ගෙයින් නික්ම, සියළු කෙලෙස් මැඩ බුද්ධත්වය ලබන්නේ අද වැනි පොහොය දිනකය. නැවත ඉපදීමක් නැති අමා මහ නිවන් අවබෝධ කරගත් ගෞතම බුදු රජාණන් වහන්සේ පිරිනිවන්පෑවේ ද අද වැනි වෙසක් දිනයකය. ලොව පුරා බෞද්ධ ජනතාව මෙම අවස්ථා තුන සනිටුහන් කරන දිනයෙහි දැහැමි ඇවැතුම් පැවැතුම් සහිතව හැසිරෙති. බුද්ධ දේශනාව අනුව ක්‍රියා ...
පාසල් දරුවන්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා කිරීම Milinda Prashna 2018/04/25 – ලංකාදීප අලූත් පාසල් වාරය ආරම්භ වී තිබේ. අලූත් අවුරුද්දට පසු පළමුවෙන් පාසලට එන මෙරට දරු දැරියන් අධ්‍යාපනය ගැන අපේක්ෂා පෙරදැරිව සිටිති. ඔවුන්ගේ ආරක්ෂාව හා ආත්ම ගෞරවය ගැන පුලූල් අවධානයක් යොමු කළ යුතුව ඇත. දියුණු වෙමින් පවතින රටක් වශයෙන් උසස් ගුණාංග කෙරෙහි අවධානය යොමු කළ යුතුය. දරුවන් කෙරෙහි ජන සමාජය දක්වන ගැඹුරු ආකල්ප එහිලා ඉතාමත් වැදගත්ය. හොඳම දේ ...
දේශපාලකයා මගුලට මරණෙට බෙදන්නේ ඔහුගේම සල්ලිද? Milinda Prashna 2018/07/25 – ලංකාදීප දේශපාලනඥයන්ගේ මුදල් ගනුදෙනු ගැන හෙළිදරව් වන කරුණු වලින් ජන සමාජය විමතියට පත් වී තිබේ. එක සිද්ධියකින් විශාල අනාවරණයක් කරන විට අනෙක් දවසේ ඊටත් විශාල ආන්දෝලනයක් ප්‍රතිවාදියෙකු වෙත එල්ලවෙයි. එතැනින් මෙතැනින් කියැවෙන දේ අනුව සමස්ථ ව්‍යුහයම ජරාජීර්ණ වී ඇත. බලය ඇති සහ බලය නැති පාර්ශව දෙක අතර වැඩි වෙනසක් නැත. ජනතා නායකයෝ හොරු බව හෙළිදරව් කෙරේ. දුෂිතයෝ ...
ඉන්ධන වාහනයට ඉන්දියාව සමුදෙයි Milinda Prashna 2019/08/07 – ලංකාදීප ඉලෙක්ටි්රක් වාහන පරිහරණය කරන කේන්ද්‍රස්ථානයක් බවට පත් වන ජාතික සැලැස්මක් ඉන්දියාව ක්‍රියාත්මක කරමින් සිටී. පසුගියදා ප්‍රකාශයට පත් කළ එරට අයවැය ලේඛනය අනුව ඉන්දියාව විදුලි බලයෙන් ධාවනය වන වාහන නිෂ්පාදනය කරන ප්රමුඛ ස්ථානයක් බවට පත් කරවන අභිලාශය අනාවරණය කරයි. දැනට ලෝකයේ වැඩිම ඉලෙක්ටි්රක් එනම් විදුලිය බලයෙන් ධාවනය වන වාහන නිපදවන රට චීනයයි. මගී බස් රථ පවා සම්පූර්ණයෙන් ...
සවුදි අරාබියේ අලුත් සැලැස්මක් Milinda Prashna 12/10/2016 – ලංකාදීප සවුදි අරාබිය ඛණිජ තෙල් සම්පත නිසා පොහොසත් රටකි. එරට ආර්ථිකයෙන් සියයට හතලිස් හතරකට පදනම බොරතෙල්ය. ලෝක වෙළඳ පොලේ තෙල් මිල පහත වැටීම සවුදි ආර්ථිකය අර්බුදයකට පත් කර තිබේ. තෙල් නිෂ්පාදනයේ දී පිරිවැය අඩුම රට බවට පත්ව සිටියේ සවුදි අරාබියයි. නමුත් ඇමරිකාව අලූත් තාක්ෂණය භාවිතා කර තෙල් කර්මාන්තය විශාල වෙනසකට ලක් කළේය. ඉසුරුමත් තැනක තිබුණ සවුදි ආර්ථික ...
නේපාල බේදවාචකයෙන් මතුවෙන සමාජ ගැටලු Milinda Prashna 2015/05/20 – මිලින්ද මොරගොඩ නේපාලය තුළ සිදුවූ භූමිකම්පාවෙන් පසු නිෂ්පාදනය වූ තොරතුරු සම්භාරය විවිධ ද්රෘෂ්ටිකෝණ වලින් විග්රහ කරන්නට පටන්ගෙන තිබේ. එය විශාල සහ අනපේක්ෂිත විපතකි. සාමකාමීව ජීවත්වෙමින් සිටි නේපාල ජනතාව එවැනි භූමිකම්පාවකින් තැති ගන්වනු ඇතැයි අපේක්ෂා කළ එකක් නොවේ. නමුත් නේපාල ඉතිහාසය දෙස බලන විට ව්‍යවසනකාරී භූමිකම්පා දෙකක් ගැන ප්‍රධාන වශයෙන් ස`දහන් වෙයි. 1934 දී සිදුවූ මෙවැනිම භූමිකම්පාවකින් දස ...
සිංගප්පූරුවේ වචන තුනක රහස Milinda Prashna 2016/12/21 – ලංකාදීප සිංගප්පූරුව ලෝකයේ වඩා සාර්ථක සමාජය බවට පත්වන්නේ ඇයි? නොබෝදා එරට රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ ලී ක්වාන් යූ අධ්‍යයන විද්‍යාලයේ ප්‍රධානී විශේෂ ලිපියක් ලියමින් ජාත්‍යන්තරයෙන් ප්‍රශ්න කළේය. රටේ සාර්ථකත්වයට හේතුවූයේ විශිෂ්ඨ නායකත්වය යැයි කියන ඔහු එය ළඟා කරගත්තේ කෙසේද යන්න රහසක් බව කියා සිටී. රහස හෙළි කරන අතර එය කරුණු තුනකින් සමන්විත උත්තරයකි. කරුණු තුනක් සඳහන් කරන හෙතෙම ...
පොළොන්නරුවේ බෞද්ධ ප්රබෝධය Milinda Prashna 2016/12/14 – ලංකාදීප පොළොන්නරුව පෞරාණික නගරයකි. යුනෙස්කෝ සංවිධානය ලෝක උරුම නගරයක් සේ නම් කර තිබේ. මෙරට ඉතිහාසයට අනුව අනුරාධපුර රාජධානියට පසු පොළොන්නරු යුගය බිහිවෙයි. පළමුවැනි විජයබාහු රජු පොළොන්රුව සිය රාජධානිය සේ තෝරා ගන්නේ චෝල ආක්‍රමණිකයන් පළවා හැරීමෙන් පසුවය. රාජධානියේ සශ්‍රික අවධිය සේ සැලකෙන්නේ මහා පාරාක්රමබාහු පාලන සමයයි. අහසින් වැයෙන එක දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මහා සාගරයට යව්ට නොදෙන ...