වැලිපිල්ලේ ලියූ හුරුවෙන් අන්තර් ජාල අධ්‍යාපනයට පදනමක් – මිලින්ද මොරගොඩ Milinda Prashna 08/05/2013 – ලංකාදීප වැලිපිල්ලේ ලියා අකුරු ඉගෙනගත් මතකය ඇති පැරණි පරම්පරාවේ ඇතැමෙකු අදටත් අප අතර සිටිනවා විය හැකිය. පුස් කොළයෙන්, පත පොතින් පසු පරිගණක ලේඛනය දක්වා දැනුම ලබන ආකාරය මේ වන විට විකාශය වී තිබේ. බටහිරට යටත් වන්නට කලින් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වූයේ පන්සලයි. අනතුරුව මිශනාරී අධාපන ක්‍රමය ව්‍යාප්ත විය. පාසල මූලික කරගත් අධ්‍යාපන ක්‍රමය මෙරට ඇති කළේය. යටත් විජිත භාවයෙන් ...
ජාතිකත්වය ඉක්මවා යා යුතු තාක්ෂණ යුගයේ බුදු දහම Milinda Prashna 2014/10/01 – ලංකාදීප- මිලින්ද මොරගොඩ බෞද්ධයන්ට අභියෝගයක් පවතින බවට බලවත් විවාදයක් පවතී. අන්යම ආගම් සහ සංස්කෘතීන් බුදු දහමට බලපෑම් කරන එහෙයින් සිංහල බෞද්ධයන් සහ බුදු දහම ආරක්ෂා කර ගත යුතු බවට මතයක් පැතිරෙමින් තිබේ. බුද්ධාගමට සහ එහි පැවැත්මට යම් අභියෝගයක් ස්වභාවිකව පවතින බව පිළිගත යුතුය. එය රට තුළ පමණක් නොව ලෝකයේ නොයෙක් රටවල දී ද දැකිය හැකිය. වර්තමානයේ පමණක් ...
බල වෙනසකට සැරසෙන හැටි මිහිතලය Milinda Prashna 2012.09.27 – ලංකාදීප – මිලින්ද මොරගොඩ බලශක්තිය ජන ජීවිතයට අවශ්‍යම දෙයකි. වියලි ලී කැබලි දෙකක් ඇතිල්ලීමෙන් හෝ ගල් කැබලි ගැටීමෙන් ගින්දර අවුලවාගත් යුගය පසුකර බොහෝ දුර පැමිණ තිබේ. එහි නතර වීමක් නැත. තව තවත් අලූත් සොයාගැනීම් සමග අනාගතය අතිශය සංකීර්ණ වෙමින් තිබේ. තරගකාරීව එයට අනුගත නොවන තැතක පැවැත්මක් නැත. ලෝක ධර්මතාවය එයයි. බලශක්ති විප්ලවය මෝටර් රථ වාහන අංශයෙහි ...
මහින්දාගමනය, විජයාගමනය සහ රාමායනය Milinda Prashna 10.09.2014- ලංකාදීප- මිලින්ද මොරගොඩ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බලපවත්වන සම්බන්ධතා කෙරෙහි අවධානය අලූත් මගකට පැමිණ තිබේ. එ රට අලූත් ආණ්ඩුව, අලූත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සහ ඉන්දියාව හැසිරෙන ආකාරය ගැන විශාල බලාපොරොත්තු මෝදුවෙමින් තිබේ. මෙම පසුබිම හමුවේ ඉන්දියාව හ`දුනාගැනීම සහ ශ්‍රී ලංකාවේ රාමුව අවබෝධ කරගැනීම ඉතාම වැදගත්ය.වර්තමාන ලෝක ආර්ථික සහ දේශපාලන භූමිකාව තුළ ඉන්දියාවට පැවරුණ වගකීමක් තිබේ. එය නීති ...
උපායශීලීව ආයෝජන හසුරුවා ගැනිම Milinda Prashna 17.09.2014 -ලංකාදීප- මිලින්ද මොරගොඩ චිනය සහ ඉන්දියාව ආසියාවේ දැවැන්ත රටවල්ය. වර්තමාන ලෝක ආර්ථිකයේ ප්රබලයන්ය. මෙම රටවල් දෙක අතර පැහැදිලි තරගයක් තිබේ. නමුත් ගැඹුරු විශ්ලේෂණයකට යන විට තවත් සමහර පැති හමුවේ කදිම එකමුතුවක් පවත්වාගෙන යයි. ආර්ථික කරුණු අනුව සලකන විට වෙළ`ද පොළ සම්බන්ධව තර`ග කරයි. එකතුවී ආයෝජන කරන අවස්ථා ද ඇත. නමුත් කලාපයේ ආරක්ෂාව හමුවේ ක්‍රියාකරන විට තමන්ගේ කලාප කෙරෙහි ...
අන්තිම සටන හමුවේ බාහු බලය පරදවා නැගෙන බුද්ධියේ බලය Milinda Prashna 01/05/2013 – ලංකාදීප- මිලින්ද මොරගොඩ මැයි දිනය රක්ත වර්ණයෙන් සංකේතවත්ය. රුධිරය හෙලා දිනා ගත් අයිතිය සදා සිහිපත් කරයි. වහලූන් සේ ශ්‍රමය කැපකරමින් නිෂ්පාදනය කරන්නට වැඩකරන ජනතාවට සිදුවී තිබිණ. නිෂ්පාදනයට හෙළන දහඩිය වෙනුවෙන් හිමිවූයේ දිවි පන නල සරි කරගන්නට තරම් සුළු වේතනයකි. පාලකයන්ගේ අනේක විධ නීති සහ දැඩි පාලනය ඉවසාගත නොහැකිවූ කම්කරුවෝ වීදි බැස සිය අයිතිය වෙනුවෙන් සටන් කළහ. ...
ප්‍රතිපත්ති වෙනුවට ප්රතිරූප Milinda Prashna 2014/12/03 – ලංකාදීප – මිලින්ද මොරගොඩ ප්රජාතන්ත්රවාදය ප්රජාතන්ත්රීය කරන්නේ කෙසේද? යන්න වර්තමානයේදී අවධානයට ගතයුතු ප්‍රධාන මාතෘකාවන් අතර මුල් තැනක් හිමිවිය යුතු කාරණාවකි. ප්රජාතන්ත්රවාදය බහුතරයේ කැමැත්තය. බහුතර මතය අනුව රටක් පාලනය කිරීම ප්රජාතන්ත්රවාදී ක්‍රමය ලෙස සැලකේ. ප්රජාතන්ත්රවාදය ලොව හොදම පාලන ක්‍රමය විය නොහැකිය. නමුත් අද ලෝකයේ වැඩිම රටවල් ගණනක් අනුගමනය කරන යුක්ති සහගත පාලන ක්‍රමය ලෙස පිළිගැනෙන්නේ ප්රජාතන්ත්රවාදයයි. පක්ෂ දේශපාලනය ...
මහජන මතය මැන පැන නැගෙන විවාද තේරුම් ගැනීම Milinda Prashna 2013 .04 .17 ලංකාදීප – මිලින්ද මොරගොඩ නොයෙක් විට, නොයෙක් තැන අලූත් මත පැන නැගෙන බව මෑත කාලය තුළ දැකිය හැකි නව පරමස වනතාවයකි. මෙවැනි මත තුළින් ඇතිකරන අවසාන පරැන තිඵලය බහුතර ජනතාවගේ කැමැත්ත විය යුතුය. හැම දෙනාටම නිදහස්ව සාමකාමීව ජීවත්වන්නට ඉඩ ඇතිකිරිම හො`ද සංස්කෘතික ලක්ෂණයකි. අප සොයා යා යුතු එවැනි පදනමකි. මරාගෙන මැරෙන යුදකාමයකින් නිදහස් වූ රට අලූත් යුගයකට ...
සංවර්ධන ක්‍රියාවලියේදී තරුණයන්ට ඉඩ නැතිද? Milinda Prashna 2014/11/05 – ලංකාදීප- මිලින්ද මොරගොඩ ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට ජනගහනයේ වයස් කාණ්ඩවල රිද්මය සම්බන්ධව ගැටලූවක් පැන නැගෙනු ඇතැයි ජාත්‍යන්තර පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. වසර 2025 හෝ එයින් පසු උදාවන කාලය ඇතුලත ජනගහනයේ ප්‍රතිශතයක් වශයෙන් විශ්‍රාම වයසේ පසුවන පිරිස ඉහළට යනු ඇති අතර තරුණ ශ්‍රමය සීමා සහිත එකක් වනු ඇත. එවැනි පසුබිමක නිෂ්පාදනය සහ එහිලා ශ්‍රම අවශ්‍යතා සම්බන්ධව යම් ...
මතු රැකෙනා ශිල්පයමයි උගත මනා Milinda Prashna 2012.08.29 – ලංකාදීප – මිලින්ද මොරගොඩ උගත මනා ශිල්පයමැයි මතු රැකෙනා යනුවෙන් කියැවෙනුයේ එදාය. අද ඉගෙන ගත යුතුව ඇත්තේ මතු රැකෙනා ශිල්පයයි. තරගකාරී ආර්ථික සහ සමාජ පරිසරයක් හමුවේ අධ්‍යාපන ක්‍රමය ද එහි දර්ශනය ද පරිවර්තනයකට ලක්ව තිබේ. වර්තමානයෙහි මෙරට අධ්‍යාපනය ගැන නොයෙක් මත නැගෙමින් තිබේ. ඉගෙන ගත යුතු අවුල් ඇති කරන්නට නොවේ. අවුල් නැති නිරවුල් සමාජයක් ඇතිකරගන්නා ආකාරය අප ඉගෙන ...
තුන් ඈඳුතු – ඇත්ත නොපෙනන කතාන්දරය Milinda Prashna 2013. 07. 14- ලංකාදීප- මිලින්ද මොරගොඩ තමන්ගේ දරුවා හොඳ පාසලකට ඇතුලත් කරගන්නේ කොහොමද යන්න දෙමවුපියන්ට ඇති ප්රශ්නයකි. ගමනක් බිමනක් යන්නට මගට පිවිසෙන මගියාට එහි ඇති අපහසුව බලවත් ගැටලූවකි. ලෙඩක් දුකක් වැළඳී ප්‍රතිකාර ගන්නට රෝහලකට යන දුගී දුප්පත් ජනතාවට මුහුණ දෙන්නට සිදුවන්නේ තවත් ප්‍රශ්න වැලකටය. මෙම එකිනෙකට ඈදී ඇති ප්‍රබල එදිනෙදා අවශ්‍යතා තුනකි. රටට කියන්නේ නම් ඒවා නොමිලේ දෙන බවය. ජනතාවට ...
පරමාදර්ශී චරිතයකින් නැගෙන වීරත්වය Milinda Prashna 2012.10.03- ලංකාදීප- මිලින්ද මොරගොඩ මෙරට පොදු ජනතාවට ඇති තරම් ප්‍රශ්න තිබේ. පාසලට දරුවෙකු ඇතුලත් කර ගැනීමේ සිට ජීවිතයේ අවසාන මොහොත දක්වා අභියෝග වලට මුහුණ දීමට සිදුවෙයි. ජීවිතය ජය ගන්නේ අභියෝග වලට සාර්ථකව මුහුණ දීමෙන්ය. හැම අතින්ම සාර්ථක පුද්ගලයෝ වීරත්වයට පත්වෙති. සාර්ථක චරිත ඇසුරු කරන රුචියක් පොදු ජනතාවට ඇත. චිත්‍රපටියෙන් ජන වීරයෝ නිර්මාණය කළේය. අයුක්තියට එරෙහිවන කතා නායකයාට ගැලරියෙන් ලැබුණේ විසිල්ය. ...
බත් ගස ජාත්‍යන්තර අවධානයට ලක්වීම Milinda Prashna 2015/05/27 – ලංකාදීප බත් දෙන්නේ ගොයම් ගහ නමුත් කොස් හැදෙන්නේ බත් ගහේ බව ජන ව්‍යවහාරය දක්වයි. ගහ කොස් නමුත් එයට බත් ගහ යැයි නම් පට බ`දින්නේ එහි ඇති අසීමිත වැදගත්කම හමුවේ බව නිසැකය. කොස් ගසෙහි වැදගත්කම දැන රට පුරා කොස් පැල සිටවූ ආතර් වී. දියෙස් මහතා කොස් මාමා බවට පත්වන්නේය. එනමුත් ආහාරයකට වඩා කොස් ගස ආර්ථික වටිනාකමක් ඇති වෘක්ෂයක් ...
අවුරුදු විනය Milinda Prashna 2017/04/12 – ලංකාදීප විනය ඉතාම වැදගත්ය. පුද්ගලයෙකු හෝ රටක් නිසි විනයක් රහිතව ක්‍රියා කරන්නේ නම් පිරිහීම වැලැක්විය නොහැකිය. සහජීවනය ද ඉතාම වැදගත්ය. සාමූහිකව කණ්ඩායමක් වශයෙන් පැවැතිය හැකි නම් එය විශාල ශක්තියකි. ඕනෑම අභියෝගයක් ජයගත හැකි පහසු මගකි. ශී‍්‍ර ලංකාවට අනන්‍යතාවයෙන් ම විනය හා සහජීවනය යන සංකල්ප උරුම වී තිබේ. සිංහල හා දෙමල අලූත් අවුරුද්ද එයට එක උදාහරණයකි. අවුරුදු නැකත ...
කාර්යක්ෂමතාවය වෙනුවෙන් විදුලියට ගෙවන මිල අපරාධයක්ද ? Milinda Prashna 2013.05.22-ලංකාදීප-මිලින්ද මොරගොඩ විදුලිය ගාස්තු වෙනුවෙන් මහජනතාව ගෙවන මිල සම්බන්ධව පැන නැගුන විවාදය තවමත් අවසන්ව නැත. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති විදුලිය ගාස්තු වැඩි කිරීමට එරෙහිව සටන් මගකය. විදුලිය බිල ගෙවා ගැනීමට නොහැකිව ජනතාව පාරට බැස සටන් කරන අවස්ථාවක වායු සමීකරණ යන්ත්‍ර භාවිතා කිරීමෙහි ප්‍රයෝජන ගැන කතා කිරීම අවශ්‍යම නැති මාතෘකාවකි. වායු සමීකරණය ගෙවී යන සියවසේ වැදගත් මෙවලම් අතර එකක් බව සිංගප්පූරුවේ ...
දගගෙයි දඩුවම සියුමැලි කරනට පාදාගත යුතු මග Milinda Prashna 2013.08.28 – ලංකාදීප- මිලින්ද මොරගොඩ ඇමරිකානු බන්ධනාගාර වල සිර ද`ඩුවම් වි`දින සිරකරුවන්ගෙන් හරි අඩක් මත් ද්‍ර ව්ය වැරදි වලට අසුවූ වැරදිකරුවන් බව නිකුත්ව ඇති අලූත් වාර්තාවකින් හෙළිවෙයි. එයින් විශාල කොටසක් මත් ද්‍ර ව්ය භාවිතා කිරීම සහ ල`ග තබා ගැනීම යන චෝදනාවල ලක්වූවෝ වෙති. මත් ද්රසව්ය ජාවාරම් වල යෙදෙන ලෝක පර ක කට චරිත එහි නැති බව නිසැකය. ජනගහනයේ පරවි තිශතයක් ...
නැවතුමක සිට පියවරක් ඉදිරියට ගමන් කිරීම Milinda Prashna 2013.06.12- ලංකාදීප- මිලින්ද මොරගොඩ සාමාන්‍ය ජීවිතයේ ඇතැම් අවස්ථාවක ජීවිතය නතර වෙලා වගේ දැනෙනවා. වෙනසක් අවශ්යවයි හිතෙන්නෙ ඒ වගේ අවස්ථාවක. අගනුවර හෝ තදාසන්න පර වගදේශයක ජීවත්වන දරු පවුල් වල සතියේ කාලසටහන ඒකාකාරීයි. කලබලකාරී බවත් වැඩියි. සතියේ දිනක උදෑසනක ගෙදර දොර මෙහෙයවෙන ආකාරය හිතෙන් මවාගන්න හැකිවේවි. ඉවුම් පිහුම් අතරේ ඇඳුම් සොයා දෙන්න, දරුවන් පාසල් වාහනයට නංවන්න ඒ අතරේ තමන්ටත් වැඩට යන්න ...
කෙළි බිම දිනන ක්‍රීඩකයෙකු තනන වෑයමක තරම Milinda Prashna 01.08.2012 – ලංකාදීප- මිලින්ද මොරගොඩ අවුරුදු හතරකට වරක් එළැඹෙන ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය මේ දිනවල පැවැත්වෙයි. සියලූ මතවාද පසෙක ලා, ලෝක වැසියෝ ක්‍රිඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් දෙස බලා සිටිති. ශ්‍රී ලංකාව සිය නාමය ඔලිම්පික් ඉතිහාසයේ දෙවතාවක් සටහන් කර ඇත. ඩන්කන් වයිට් සහ සුසන්තිකා ජයසිංහ එම කීර්තියෙහි සම කොටස්කරුවන්ය. ධනය හා රටක විශාලත්වය ක්‍රීඩාවේ ජවයට අභියෝගයක් නොවේ. කුඩා රටවල් ඔලිම්පික් රන් පදක්කම් දිනා ...
අතේ පැළවෙන බේගල්කියා රට රවටන දේශපාලකයෝ Milinda Prashna 2018/05/30 – ලංකාදීප මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මැතිතුමා බේගල් නමින් චරිතයක් නිර්මාණය කළේය. බොරු කීම බේගල්ගේ සිරිතයි. ඔහුගේ බොරු කිසිසේත් විශ්වාස කළ නොහැකි අතර නොදන්නෝ රැවටෙති. නිවසකට ගොඩවදින බේගල් ගෙන් කතාන්දර අසන්නට රිසි දරුවෝ ඔහු කෑමෙන් බීමෙන් සප්පායම් කරන අතර කුස පුරවා ගත් පසු පෑල දොරින් පැනයාම ඔහුගේ චරිතයේ තිබුණ අහිංසක ලක්ෂණයකි. තොරතුරු බහුල නවීන තාක්ෂණ යුගයක නමුත් අතේ ...
කඨින පූජාව සහ වත්මන් බොදුනු සමාජයේ පිළිවෙත් Milinda Prashna 2014/10/08 – ලංකාදීප- මිලින්ද මොරගොඩ බොදුනුවන්ට අනුව වැසි සහිත මාස හතරෙන් අවසාන මාසය චීවරදාන සමයයි. වස් කාලය ශික්ෂාපද ආරක්ෂා කරමින් වැඩ වසන හිමිපාණන් වහන්සේලාට වස් පවාරණ විනය කර්මය කිරීමෙන් ඉක්බිතිව කඨිනස්ථාරය නම් විනය කර්මය සිදු කිරීමට අවස්ථාව උදාවෙයි. වර්තමානයේ මහා උත්සවයක් ආකාරයට සැම විහාරස්ථානයකම පවත්වන කඨින චීවර පූජාවට මග පාදන්නේ එයයි. බුදුන් දවස වැසි සමයේදී පිණ්ඩපාතයෙහි ඇතුළු අවශ්‍යතා ස`දහා ...