රට ගැන කැක්කුමක් ඇති විනය ගරුක පරපුරක් බිහිකිරීමේ අවශ්‍යතාව Milinda Prashna 2018/10/17 – ලංකාදීප අවංක උත්තරයක් අවශ්‍ය වැදගත් ප්‍රශ්නයක් මතු කළ යුතුව ඇත. අපට රට ගැන කැක්කුමක් අපට තිබේද? ‘‘ නැත’’ යන උත්තරය අසාධාරණ එකකි. අගය කළ යුතු විශිෂ්ඨ ජන කොටසකට රට ඉහළින් තැබීමේ අප්‍රමාණ උවමනාවක් තිබේ. නමුත් අවාසනාවකට බහුතරයකට එකී අවශ්‍යතාව නැත. රට ගැන හැඟීමක්, කැක්කුමක් නැති පරපුරකින් අනාගතය දෙස බලන්නේ කෙසේද? රට ගැන ඇති කැක්කුම වශයෙන් අදහස් කරන්නේ ...
නියම ජන නායකයකුට ඉරාන කුමෙයිනිගෙන් පාඩමක් Milinda Prashna 2018/10/10 – ලංකාදීප රජයේ මැති ඇමැතිවරයෙකු ගෙන් ලැබුණ ලිපියක් අවසානයේ දී මෙයට ජනතා සේවක යනුවෙන් ලියා අත්සන් කරන ලද යුගයක් තිබුණි. නිදහස ලබා දශක හතක් ගතවන විට ජනතා සේවකයෝ සර්වබලධාරීහු බවට පත්ව සිටිති. ඉතා ගරු කටයුතුව ආමන්ත්‍රණය නොකළහොත් උදහස් වන අතර ජනතා ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයෝ උතුමන් ගේ තත්ත්වයට පත් වෙති. ජනතාවගේ බදු වලින් ජීවත්වන, සියළු සැප පහසුකම් භුක්ති ...
ගුමු ගුමුවෙන් අලි එලවන්නට කෙමක් Milinda Prashna 2018/10/03 – ලංකාදීප කුමාරතුංග මුනිදාස ශූරීහු හීන්සැරය ළමා කෘතිය රචනා කළහ. වනාන්තරයේ අරුමය දරුවන් ගේ සිත් තුළ තහවුරු වන සේ එහි කියැවෙයි. අලි රාළහාමි පුංචි කටුස්සෙකුට අභියෝග කළේය. කටුස්සා කළේ අලියා අතු ඉති බුදින අවස්ථාවක් බලා අලියාගේ හො`ඩවැල තුළට රිංගීමය. එතැන් සිට අලියාට විසුමක් නැත. අවසානයේ දී කටුස්සෙකු පෙනෙන තෙක් මානයේ අලියා ගැවසෙන්නේ නැත. සොබා දහම අතර පවතින පැවැත්ම ...
රටේ සංවර්ධනයට විදේශ සංචාර අවශ්‍යද? Milinda Prashna 2018/09/26 – ලංකාදීප නවීන තාක්ෂණික යුගයක් කරා ලෝකයේ පැවැත්ම වෙනස් වෙමින් තිබේ. දෙකෙළවරක සිටින දෙදෙනෙකු යා කරන්නට ගතවන කාලය මොහොතකි. සජීවී සම්මුඛ සාකච්ඡා පමණක් නොව සමූහයක් සහභාගීවන සම්මන්ත්රණ පවා ටෙලිකොන්ෆරන්ස් ක්‍රමයට පවත්වන්නට හැකියාව ඇත. දැනුම අවබෝධය ඇති සහ කාලය උපරිමව ප්‍රයෝජනයට ගන්නට සැලසුම් කරන නායකයෝ ව්‍යාපාරිකයෝ අවස්ථා සොයා රටින් රට ගමන් කරන්නේ නැත. තාක්ෂණ මෙවලම් භාවිතා කරති. විනිමය හිඟ, ...
ජාත්‍යන්තර සමාගමකින් පරිසරය වෙනුවෙන් මස් තහනමක් Milinda Prashna 2018/09/19 – ලංකාදීප මසක් මාලූවක් රහට නැත්නම් වේලක් අනුභව කරන්නට අපහසු පිරිසක් සිටී. ආහාර වේලක තිබිය යුතු යැයි හිතන පිරිසට උත්තරයක් ජාත්‍යන්තරයෙන් ලැබී තිබේ. කාර්යාල වැඩ කටයුතු පොදුවේ බෙදා ගන්නා ජාත්‍යන්තර නව සංකල්පයක් අනුව පිහිටුවන ලද සමාගමක් එහි රටවල් විසි දෙකක ගනුදෙනුකරුවන්ට සපයන කෑම පාර්සල් වලට මස් ඇතුලත් නොකිරීමට තීරණය කර තිබේ. හය දහසක් වන කාර්ය මණ්ඩලයට ‘‘පරිසරය උදෙසා ...
වන සතුන් ආරක්ෂාව වගේම බෝවීමේත් පාලනයක් අවශ්‍යද? Milinda Prashna 2018/09/12 – ලංකාදීප නගරයේ ජීවත්වන ජන සමාජය ගහ කොළ වන සතුන් කෙරෙහි බලවත් ලැදියාවක සිටිති. පරිසරය හා සියළු ජීවීන් ගේ අයිතිය ආරක්ෂා කිරීමට කැපවී සිටින පිරිසක් ඒ අතර වෙති. නගරයෙන් බැහැර ජීවත්වන ජනී ජනයා වන සතුන් හා ගහ කොළ කෙරෙහි ඇල්මක් නැතැයි එයින් අදහස් නොකෙරේ. ගැමියෝ සොබා දහමට අනුකූලව ස්වකීය පැවැත්ම කරගෙන ගිය අතර සොබා දහම සමග නොබිඳෙන සහජීවනයක් ...
තාන්න මාන්න පස්සේ දුවන අයට වියට්නාම ලඩුක් තෝ දුන් පාඩම Milinda Prashna 2018/09/05 – ලංකාදීප තාන්න මාන්න, නම්බු නාම වලට ලෝබකමක් මෙරට අනන්‍යතාවයේ ඇත. ලංකාව පාලනය කළ අධිරාජ්‍යවාදීහු එය මෙවලමක් සේ භාවිතා කළහ. ඉහළ ස්ථරයේ තෝරාගත් පිරිසකට සම්මාන ධුර පිරිනැමීය. ඒවායෙන් සතුටු වූ මෙරට වංශවත් පුද්ගලයෝ වැඩියෙන් සේවය කළේ නොරටුන්ටය. මෙරට රදල පැලැන්තිය සතුටින් තබා රට යටත් කර තබාගන්නට අධිරාජ්‍යවාදී සුළු පිරිසකට හැකිවිය. එදා මෙන්ම අදටත් සම්මාන පිරිනැමේ. තනතුරු වලට පත් ...
බලපුළුවන්කාරකම් වලින් සාම්ප්‍රදායික බැදීම් කැඩීම Milinda Prashna 2018/08/29 – ලංකාදීප බලපුළුවන්කාරකම් වලින් සාම්ප්‍රදායික බැදීම් කැඩීම පැරණි ඉතිහාසයක් ඇති සමාජ වල සම්ප්‍රදායික ලක්ෂණ තිබේ. එයින් කොටසක් ගරු කළ යුතු ගති ලක්ෂණ සේ සැලකිය හැකිය. ගතානුගතික දේවල් ද පවතී. භාෂාව ආගම සහ සංස්කෘතික ලක්ෂණ අනුව මේවා සමාජ පැවැත්මට එකතු වී තිබේ. අනන්‍යතාවය ගොඩනැගෙන්නේ මේවා පදනම් කරගෙනය. ආත්ම ශක්තිය ඇති කරන්නේ සහ ජන සමාජය තුළ විශ්වාසය ගොඩනැගෙන්නේ ද අනන්යතාවයෙන්ය. ...
ජනතා සිහින බොඳකරන ජනතා නියෝජිතයෝ Milinda Prashna 2018/08/22 – ලංකාදීප ජනතාව හා පාලකයන් අතර ආකල්ප හා අවශ්‍යතා වෙනස්කම් තිබේ. දෙපාර්ශවය අතර ඉතාම සමීප භාවයක් අපේක්ෂා කළ නොහැකිය. පරතරය අසාමාන්‍ය මටට්මක් දක්වා වර්ධනයවීම සාධාරණ තත්ත්වයක් නොවේ. ජනතාවගේ පැවැත්ම ගැන අවධානය නොකරන ජනතා නියෝජිතයෝ ස්වාර්ථය තකා තීන්දු ගන්නා බව මෑත කාලය තුළ නිරීක්ෂණය කළ හැකි විය. ජන සම්මතවාදය එය නොවන අතර ප්රජාතන්ත්රවාදී පැවැත්මට හානියකි. ශ්‍රී ලාංකේය රටවැසියන් ඉල්ලන්නේ මොනවාද? ...
පුරාජේරු රාජ්‍ය උත්සව වලට ආදිවාසි නායකයාගෙන් පාඩමක් Milinda Prashna 2018/08/15 – ලංකාදීප වැඩ වර්ජන, විරෝධතා, නිවාඩු අතරට උත්සව පැවැත්වීමේ විලාසිතාව එකතු වී තිබේ. ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින, රටක ආර්ථික දුෂ්කරතා වලට මෙම උත්සව වලින් ලැබෙන පිටිවහල කුමක්දැයි ප්‍රශ්න කරන්නට අවශ්‍යය. කාලය ධනය නාස්තියකි. මහජන මුදල් වැය කරන මුල්ගල තැබීම, විවෘත කිරීම, නොයෙක් අරමුණු කරගත් වැඩසටහන් වෙනුවෙන් මහා පරිමාන උත්සව පවත්වන්නට දරන වියදම අනවශ්‍ය එකක් බව අප ...
ලොකු වාහන කාරයන්ට චූන් පොඩි වාහන සිහිනේ සුන් Milinda Prashna 2018/08/08 – ලංකාදීප අත දිගහැර ඵල නෙලාගන්නට තැත් කරන විට ඒවා අල්ලන්නට අපහසු වන තරමට ඔසවා තැබීම සාධාරණ නැත. ආණ්ඩුවේ වාහන බදු වැඩි කිරීමේ තීරණය එබඳුය. වාහනයක් මිල දී ගෙන අභිමානයෙන් ජීවත්වීමට උත්සාහ කරමින් සිටි මධ්‍යම පංතියේ පුරවැසියෝ විශාල පිරිසක් හදිසියේ වාහන ආනයන බදු නැංවීම ගැන කලකිරීමකට පත්ව ඇත. ජනතාවගේ සිතැඟි හදුනාගෙන ඒවා සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම ...
ඇත්ත ගැන වග විභාගයක් නොකිරීමේ විපාක විඳීම Milinda Prashna 2018/08/01 – ලංකාදීප අද අප ජීවත් වෙන්නේ, වැටෙන බෙලිගෙඩියේ ශබ්ධයෙන් ද කලබල වී අහස කඩා වැටෙනවා යැයි දුවන්නට පටන්ගන්නා සමාජයකය. කලබල සිද්ධි එකින් එක පෙල ගැසේ. ඒවායේ ඇත්ත නැත්ත ගැන කිසිම වග විභාගයක් නැත. සියළු දෙනාම විශාල ඝෝෂාවක් නගමින් සිටින අතර එය බරපතල ප්රශ්නයකි. දිනපතාම එකිනෙකට වෙනස් වාද විවාද මතු වෙයි. ඒවායෙන් ආන්දෝලනයක් ඇති වන අතර දින කිහිපයක ඇවෑමෙන් ...
දේශපාලකයා මගුලට මරණෙට බෙදන්නේ ඔහුගේම සල්ලිද? Milinda Prashna 2018/07/25 – ලංකාදීප දේශපාලනඥයන්ගේ මුදල් ගනුදෙනු ගැන හෙළිදරව් වන කරුණු වලින් ජන සමාජය විමතියට පත් වී තිබේ. එක සිද්ධියකින් විශාල අනාවරණයක් කරන විට අනෙක් දවසේ ඊටත් විශාල ආන්දෝලනයක් ප්‍රතිවාදියෙකු වෙත එල්ලවෙයි. එතැනින් මෙතැනින් කියැවෙන දේ අනුව සමස්ථ ව්‍යුහයම ජරාජීර්ණ වී ඇත. බලය ඇති සහ බලය නැති පාර්ශව දෙක අතර වැඩි වෙනසක් නැත. ජනතා නායකයෝ හොරු බව හෙළිදරව් කෙරේ. දුෂිතයෝ ...
ජනතා විශ්වාසය නැතිකර ගත්තෝ Milinda Prashna 2018/07/18 – ලංකාදීප විශ්වාසය ඉතාම වැදගත් සාධකයකි. සමාජයේ පැවැත්ම උදෙසා එකිනෙකා කෙරෙහි පවතින විශ්වාසය හා ගෞරවය සෑහෙන මෙහෙවරක් කරයි. ඇමරිකාවේ ගැලප් පර්යේෂණ ආයතනය එරට ව්‍යුහ අතරින් වඩාත්ම විශ්වාසදායක කොටස කුමක් ද යන්න හඳුනා ගැනීමට පර්යේෂණයක් කළේය. එයට අනුව ආරක්ෂක අංශය ඉතාම ඉහළ විශ්වාසයක් ජන සමාජය තුළ දිනා ගැනීමට සමත්ව ඇති බව තහවුරු වී තිබේ. දෙවැනුව පොලිසිය හා තුන්වැනුව දේවස්ථානය ...
මෙක්සිකෝවේ නව ජනපතිගේ ආදර්ශය Milinda Prashna 2018/07/11- ලංකාදීප දකුණු ඇමරිකාවේ විශාලතම ආර්ථිකය සහිත රටවල් අතර දෙවැනි තැන හිමි මෙක්සිකෝ රාජ්‍යයේ වැසියෝ පසුගියදා අලූත් ජනාධිපතිවරයෙකු පත් කරගත්තේය. එතෙක් බලයේ සිටි පක්ෂයේ අපේක්ෂකයාට සියයට විසි දෙකක ඡන්ද ප්‍රතිශතයක් ලබාදී තුන්වැනි තැනට තල්ලූ කරන ලද එරට වැසියෝ අලූතින් පිහිටුවන ලද රීජෙනරේෂන් පක්ෂයේ නායක, අන්ද්‍රෙස් මැනුවෙල් ඔබ්රෙඩෝ සියයට පනස් තුනක ප්‍රතිශතයකින් බලයට පත් කරන ලදහ. විවෘත ආර්ථික ක්‍රමයෙන් බිහිවී ...
රඹුටන් ගෙඩිය දෙස අලුත් මානයකින් Milinda Prashna 2018/07/04 – ලංකාදීප රඹුටන් වාරය උදා වී තිබේ. සෑම නගරයකම මග දෙපස රඹුටන් අලෙවියෙහි නිරත ලොකු කුඩා වෙලෙන්දෝ දැකගත හැකිය. වෙළදුන් වටා එකතු වූ බාල මහළු ගනුදෙනුකරුවෝ අත ඇති මුදලට රහ පිරි රඹුටන් මිල දී ගැනීමට යුහුසුළු වෙමින් සිටිති. ප්‍රධාන මාර්ගවල දෙපැත්තේ රඹුටන් විකුණන වෙලෙන්දෝ රුපියල් සියයකට ලැබෙන ගෙඩි ගණන සඳහන් පුවරු ප්‍රදර්ශනය කර තිිබේ. රඹුටන් ගෙඩියක් රුපියල් පහක ...
බුද්ධාගම උප්පැන්නේට සීමා කිරීමේ ප්‍රතිවිපාක Milinda Prashna 2017/06/28 – ලංකාදීප උප්පැන්න සහතිකය පුද්ගලයෙකු සතු වැදගත් ලේඛනයකි. නම හා සමාන වැදගත්කමක් ආගම සම්බන්ධයෙන් ඇත. උපතේ දී, දෙමව්පිය පසුබිම අනුව දරුවාගේ ආගම තීරණය කෙරේ. පෙලපත් නාමය ලැබෙන අන්දමට ජන්ම උරුමයෙන් ලැබෙන ආගම වර්තමානයේ දී මෙරට පුරවැසියන්ගේ ජීවිතයට බලපාන අන්දම ගැන සමාජ පර්යේෂණයක් කළ යුතුව ඇත. එවැනි අවශ්‍යතාවයක් පැන නගින්නේ ඇයි? ආගම් වලින් උගන්වන පණිවුඩය සමාජය තුළ නැත. පාපයට ...
සීසර් ගේ නීතිවලට ලක්වෙන අපේ දේශපාලකයෝ Milinda Prashna 2018/06/20 – ලංකාදීප සීසර් ගේ බිරිඳ සැකයට පාත්රවියයුතු නැත’’ යන්න ප්‍රකට ඉංගී්රසි කියමනකි. (Caesar’s wife must be above suspicion) යනුවෙන් භාවිතා කෙරේ. ජුලියස් සීසර් රෝමයේ අධිරාජ්‍යයෙහි අසහාය පාලකයෙකි. ක්‍රිස්තු පූර්ව යුගයේ රෝම අධිරාජ්‍යයා වූ හෙතෙම රෝම අධිරාජ්‍යය ස්වර්ණමය යුගයකට යොමු කරන්නට සමත්විය. සීසර් සිය පළමු බිරියගේ අභාවයෙන් පසු දෙවන වතාවට පොම්පියා කුමරිය ආවාහ කර ගනී. ඇය සම්බන්ධයෙන් සීසර් අනුගමනය ...
ජනප්‍රිය වන වේගයෙන්ම අප්‍රසාදයට ලක්වන දේශපාලනඥයෝ Milinda Prashna 2018/06/13 – ලංකාදීප අති විශාල ජනප්‍රසාදයක් සහිතව බලයට පත්වන දේශපාලන නායකයෝ ඉතාම ඉක්මනින් අප්‍රසාදයට පත්වෙති. එය නූතන තාක්ෂණික යුගයේ ස්වභාවයයි. ජන නායකයන් ගේ ගුණාංග, ප්‍රතිපත්ති හා ක්‍රියාකරන විලාශය ගැන ජනතා ප්රබෝධය වැඩි කල් පවතින්නේ නැත. නිල කාලය අවසන්වීමටත් කලින් පිරිහීමට ලක් වන අතර ජනතාව තුළ ගොඩනැගුණ විශ්වාසය ගිලිහීයෑම බරපතල ප්රශ්නයකි. ලෝකයේ සෑම රටකම දේශපාලන නායකයෝ මෙම ගැටළුවට මුහුණ පා ...
දූෂණ චෝදනා ලැබූ පක්ෂයේ මන්ත්‍රීන් 34ටම නාම යෝජනා නෑ Milinda Prashna 2018/ 06 /06 – ලංකාදිප ඉරාක ජනරජයේ මහ මැතිවරණය පසුගියදා පැවැත්විණි. ප්‍රතිසංස්කරණ සඳහා වූ ව්‍යාපාරය කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්පත් කරගත්තේය. සාද්රිස්ට් ව්‍යාපාරය එහි දී වැදගත් පාර්ශවයක් විය. මුක්ටාදා අල් සාදර් එම පක්ෂයේ නායකයා වශයෙන් ක්‍රියා කරයි. හෙතෙම ඉරාකයේ බෙහෙවින් ජනප්‍රිය චරිතයකි. හෙතෙම තනතුරු වලට ප්‍රිය නැත. සමාජ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් පෙනී සිටියි. දූෂණයට විරුද්ධත්වය පළ කරන අතර ඉරාකයේ අනන්