අතේ පැළවෙන බේගල්කියා රට රවටන දේශපාලකයෝ Milinda Prashna 2018/05/30 – ලංකාදීප මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මැතිතුමා බේගල් නමින් චරිතයක් නිර්මාණය කළේය. බොරු කීම බේගල්ගේ සිරිතයි. ඔහුගේ බොරු කිසිසේත් විශ්වාස කළ නොහැකි අතර නොදන්නෝ රැවටෙති. නිවසකට ගොඩවදින බේගල් ගෙන් කතාන්දර අසන්නට රිසි දරුවෝ ඔහු කෑමෙන් බීමෙන් සප්පායම් කරන අතර කුස පුරවා ගත් පසු පෑල දොරින් පැනයාම ඔහුගේ චරිතයේ තිබුණ අහිංසක ලක්ෂණයකි. තොරතුරු බහුල නවීන තාක්ෂණ යුගයක නමුත් අතේ ...
මහතීර් ගේ සෙරෙප්පු කුට්ටම Milinda Prashna 2018/05/23 – ලංකාදීප අනූ දෙහැවිරිදි වියේ පසුවන වෛද්‍ය මහතීර් මොහමඞ් නැවත මලයාසියාවේ අගමැති ධුරයට පත්ව සිටී. දේශපාලනයෙන් ඉවත්ව විශ්‍රාම ජීවිතයක් ගත කරමින් සිටි හෙතෙම වසර දෙකකට පමණ කලින් නැවතත් දේශපාලනයට එන බව නිවේදනය කළ අතර ඔහු කියා සිටියේ රට තුළ පවතින දූෂණ සහගත පසුබිම අනුව අකමැත්තෙන් නමුත් එය කරන්නට සිදුවී ඇති බවය. ජනතාව හමුවට පැමිණි මහතීර් අලූත් බලවේගයක් සංවිධානය ...
ජනතාවට කලන්තේ Milinda Prashna 2018/05/16 – ලංකාදීප ඛනිජ තෙල් මිල වැඩි කිරීම සන්සුන් ස්වභාවයක තිබුණද එදිනෙදා ජන ජීවිතය කලත්තන්නට හේතු වී තිබේ. කාලගුණය හා බලශක්තිය අලූත් ව්‍යුහ අනුව ආර්ථිකයට බලපාන ප්‍රධාන මර්මස්ථාන දෙකකි. කාලගුණය පාලනය කළ නොහැකි අන්දමට බලශක්ති අංශයෙන් ද ශ්‍රී ලංකාවට ගැලවීමක් නැත. ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල ගණන් ඉහළ ගොස් ඇත. රජයේ ආනයන වියදම් පාලනය කරගත නොහැකි වී තිබේ. ...
රජ්ජුරුවෝ හෙළුවෙන් Milinda Prashna 2018/05/10- ලංකාදීප එක්තරා ජන කතාවකට අනුව පිටරටකින් පැමිණි උපායශීලී පිරිසක් රජ්ජුරුවන්ට අලූත් ඇදුමක් සකස් කරන්නට කැමැත්ත පළ කර ඇත. එයට අනුමැතිය ලැබී තිබේ. මාළිගයේ කොටසක් වෙන් කරගත් ඔවුහු ඉහළම සත්කාර ලබමින් කාලය ගත කර තිබේ. අවසානයේ දී නිම කළ ඇදුම රජ්ජුරුවන්ට පෙන්වයි. ඥානවන්තයන්ට පමණක් පෙනෙන ඇදුමක් බව උපායශීලීහු නිවේදනය කරන අතර රජ්ජුරුවෝ මෙතැන ඇදුමක් තැතැයි කියන්නට මැලි වෙති. ඒ ...
හැදෙනවා නම් ආදර්ශයට ගත හැකි තැන් එමටය Milinda Prashna 2018/05/02 – ලංකාදීප ‘‘පැලක ඉන්නවා නම්, දොළක නානවා නම් රුවල් නැව් මොකටද’’ කොළඹ නගරයේ ජනාකීර්ණ මාවතක ගමන් කරමින් තිබුණ වාහනයක පිටුපස මෙම වාක්‍ය ලියා ප්‍රදර්ශනය කර තිබුණි. පිටු ගණනකින් ප්‍රකාශ කළ හැකි අදහසක් වචන දහයකට අඩු ගණනකින් සරලව දක්වා තිබේ. රට පුරා සැරිසරන බස්, ලොරි හා තී‍්‍ර විලර් රථ වල අදහස් සැහෙන ප්‍රමාණයක් ප්‍රදර්ශනය කර ඇත. ඇතැම් එකක අදහස ...
පාසල් දරුවන්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා කිරීම Milinda Prashna 2018/04/25 – ලංකාදීප අලූත් පාසල් වාරය ආරම්භ වී තිබේ. අලූත් අවුරුද්දට පසු පළමුවෙන් පාසලට එන මෙරට දරු දැරියන් අධ්‍යාපනය ගැන අපේක්ෂා පෙරදැරිව සිටිති. ඔවුන්ගේ ආරක්ෂාව හා ආත්ම ගෞරවය ගැන පුලූල් අවධානයක් යොමු කළ යුතුව ඇත. දියුණු වෙමින් පවතින රටක් වශයෙන් උසස් ගුණාංග කෙරෙහි අවධානය යොමු කළ යුතුය. දරුවන් කෙරෙහි ජන සමාජය දක්වන ගැඹුරු ආකල්ප එහිලා ඉතාමත් වැදගත්ය. හොඳම දේ ...
පොදු ගමනාගමනය නොමිලේ Milinda Prashna 2018/04/18 – ලංකාදීප ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය ගැන ප්‍රශ්න තිබේ. සාමාන්‍ය ජනතාවට සිය දිනපතා ගමන බිමන තිත්ත වී ඇත. පාසලට, කාර්යාලයට හෝ වෙනත් කාර්යයකට මහපාරට එන ජනතාවට පොදු ප්‍රවාහන සේවාව නිසි පහසුව සලසන්නේ නැත. කාලය නාස්ති කිරීම එක පැත්තකින් ප්රශ්නයකි. අනෙක් පැත්තෙන් ගමනා ගමන වියදම නිතිපතා ඉහළ යන බව පෙනේ. ඉතාම අපහසුවෙන් බස් රථ හා කෝච්චි වල එල්ලී ගමන් කරන ...
මැයි දිනය Milinda Prashna 2018/04/11 – ලංකාදීප ලෝකයේ වැඩ කරන ජනතාව වෙනුවෙන් දිනයක් තිබේ. එය කම්කරු දිනය වශයෙන් නම් කර ඇත. මැයි මාසයේ පළමු වැනිදා වැඩකරන ජනතාව වෙනුවෙනි. වැඩ කරන ජනතාව හා පාලකයා අතර අයිතිවාසිකම් අරභයා ඇත්තේ අවසානයක් නැති සටනකි. ආරම්භක වකවානුවේ දී මෙම වෘත්තීය අරගලය වෙනුවෙන් කදුළින් සහ රුධිරයෙන් කරන ලද කැපවීම අද ලබා ඇති ජයග්රහණයන් හි පදනමයි. වැඩකරන ලද ජනතාවගේ අයිතිවාසිකම් ...
කියවිය යුතු පොතක් Milinda Prashna 2018/04/04 – ලංකාදීප හාවඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීවන් පින්කර් ලියන ලද කෘතිය අනිවාර්යෙන් කියැවිය යුතු පොතක් බව මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘවරයා වන බිල් ගේට්ස් සිය බ්ලොග් සටහනක දක්වා තිබේ. එයට හේතුවක් ඇත. උපකල්පනය කරන සමහර දේවල් අසත්‍ය බව කරුණු ගවේශනය කිරීමේ දී තහවුරු වන බව එකී ‘‘එන්ලයිට්මන්ට් නව්’’ නමැති කෘතිය පෙන්වාදීමයි. කරුණු පදනම් කරගෙන තීන්දු ගැනීම අවශ්‍ය බව පෙන්වන ...
දුප්පතුන්ට අලූත් දොරටුවක් Milinda Prashna 2018/03/28 – ලංකාදීප දුප්පත්කම විශාල ගැටළුවකි. ලෝක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් ජීවිතය ගත කරන්නේ අපහසුවෙන්ය. කුස පිරෙන්නට ආහාර වේලක්, සැනසිල්ලේ නිදන්නට තැනක් අහිමි අසරණ ජන කොටසක් සිටී. එක පැත්තකින් විශාල සංවර්ධනයක් කරා යොමු වන අවස්ථාවක එහි ප්රතිලාභ අහිමි වන සීමිත පිරිස ගැන ලෝක ප්‍රජාව නොයෙක් ආකාරයට අවධානය යොමු කරන බව පෙනේ. දිළිදු ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණයෙන් සපයන්නට ආණ්ඩු අසමත්ය. කොපමණ ...
චීන කැබිනට් මණ්ඩලය Milinda Prashna 2018 /03/ 21 – ලංකාදීප ලෝකයේ ඕනෑම රටක ඇමැති මණ්ඩලය ඉතා බාරධූර වගකීමක් උසුලයි. රට පාලනය කිරීමේ දී අවශ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය කරන අතර ජනතාවගේ අභිවෘද්ධිය පිණිස කාර්යශූර මෙහෙවරක නිරතය. පසුගියදා මහජන චීන සමූහාණ්ඩුව සිය කැබිනට් මණ්ඩලය වෙනස් කළේය. අවුරුදු තිහක් යනූ දීර්ඝ කාලයකි. මෙය එවැනි කාලයක් තුළ අට වැනි වතාවට කරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනය බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය ...
හිතවත්කම් අවහිර කිරීම Milinda Prashna 2018/03/14 – ලංකාදීප මහනුවර දිස්ත්‍රික්කයේ හටගත් සිද්ධි පාලනය කරනු සඳහා හදිසි නීතිය පනවන ලද රජය එයින් පසු සමාජ මාධ්‍ය වාරණයක් පැනවීය. එය තාවකාලික බව සඳහන් වෙයි. සමාජ මාධ්‍ය අවහිර කිරීම සිද්ධි පැතිරීම වලක්වන එක ප්රයත්නයක් යැයි රජයේ කල්පනා කරන්නට ඇත. ෆේස් බුක්, ඉන්ස්ටග්‍රෑම්, වට්ස් ඇප් යනාදී සමාජ මාධ්‍ය මෑත දශකය තුළ ඉතාම වේගයෙන් ව්‍යාප්ත විය. ලොව පුරා ජනී ජනයා ...
බි්රතාන්යයෙන් පාඩමක් Milinda Prashna 2018/03/07 – ඉරිදා ලංකාදීප පලාත් පාලන මැතිවරණය අවසන්ය. එහි ප්‍රතිඵලය ඇති කරන ලද සමාජ ජීඩනය තවමත් පවතී. අලූත් මැතිවරණ ක්‍රමයක් මෙවර අනුගමනය කළේය. කොට්ඨාශ මට්ටමින් කෙලින්ම පත්කරන සහ පක්ෂය ලබා ගත් ඡන්ද ප්‍රමාණය පදනම් කරගෙන අනුපාත ක්‍රමයට අපේක්ෂකයන් තෝරා ගැනෙන ක්රමවේදයකි. අලූත් මැතිවරණ ක්‍රමයෙන් පලාත් පාලන ආයතන වල සභික සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. පත් වූ සභික සංඛ්‍යාව ගැසට් මගින් ...
බොරු කියන ජනනායකයෝ Milinda Prashna 2018/02/28 – ලංකාදීප අද රට පාලනය කරන්නේ මෙරට ජනතාව ඉල්ලා සිටි ජන නායකයන්ද? දේශපාලන නායකයන් ගැන බලවත් ආඩම්බරයක් ජනතාවට තිබේ ද? මෙම ප්‍රශ්න අහන්නට සිදුවී ඇත්තේ ඇයි? මෙරට ඉතිහාසගත ශ්‍රේෂ්ඨ ජන නායකයන් ගේ පසුබිම අනුව සලකන විට මෙරට පක්ෂ හෝ විපක්ෂ දේශපාලනඥයන් බොහෝ දෙනෙකු ගේ හැසිරීම සුදුසු නැත. ඔවුන්ගේ පැවැත්ම වෙනස්ය. හැසිරීම පුදුමාකාර එකක් බව දැකිය හැකිය. දේශපාලනඥයන් විවිධ ...
අත්හරින්න අකමැති ඇයි? Milinda Prashna 2018/02/21 – ලංකාදීප පලාත් පාලන ඡන්දයට පසු උදා වී ඇති දේශපාලන වාතාවරණය ගැන නොයෙක් අදහස් මතු වී තිබේ. ඡන්දය පැවැත්වූයේ ගම් මට්ටමේ පහලම ඒකකය සඳහාය. නමුත් ආණ්ඩුවේ ඉහළම තැන දක්වා සසල වී තිබේ. මෙරට ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ දේශපාලනඥන් විශාල ඝෝෂාවකය. ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය එයට එකතු වී ඇත. මාධ්‍ය ජන මතය නියෝජනය කරයි. පොදුවේ ජනමතය පමණක් නොව ෆේස් ...
පුරවැසි උපදේශක කමිටු Milinda Prashna 2018/02/14 – ලංකාදීප පලාත් පාලන ඡන්දය අවසන්ය. එහි ප්‍රතිඵලය ගැන විවිධ කෝණ වලින් විශ්ලේෂණ පළවෙයි. ජයග්‍රහණය සඳහා තරග කරන ලද පමණක් නොව ප්‍රමාණවත් ඡන්ද ලබා ගැනීමට අපොහොසත් වූ අපේක්ෂකයන්ට ද ප්‍රදේශයේ පැවැත්ම යහපත් පැත්තට හැරවීමේ වගකීමක් තිබේ. දේශපාලන පක්ෂයක් හෝ ස්වාධිනව වෙන්ව තරග කළේ ඡන්දය වෙනුවෙන්ය. සටන අවසන්ය. බේධ අමතක කළ යුතුය. තමන් ජීවත්වන ප්‍රදේශය ගොඩනැගීම ජනතාවගෙන් සුළු ඡන්ද ...
විදුලිය වාහන උදෙසා යටිතල පහසුකම් Milinda Prashna 2018/02/07 – ලංකාදීප ශ්‍රී ලංකාව විදුලිබලයෙන් වාහන ධාවනය කරන අලූත් යුගයට ඇතුළු වීමට සූදානම්ය. මෙම වසරේ අය වැය මගින් විදුලි වාහන වලට විශේෂ බදු සහන ප්‍රකාශයට පත් කර තිබේ. විදුලිය බලයෙන් ධාවනය වන බස් රථ පනහක් මිල දී ගැනීමට මුදල් වෙන් කර ඇත. වසර 2040 වන විට ඉන්ධන වාහන භාවිතය අඩු කරන්නට රජය තීරණය කළේය. මෙරට වාහන භාවිතා කරන ...
කැලණිය අනන්‍යතාව Milinda Prashna ලංකාදීප – 2018/02/01 කැලණිය රජ මහා විහාරස්ථානය වාර්ෂිකව සංවිධානය කරන දුරුතු පුන් පොහෝ දින පින්කම් මාලාව අධි දුරුතු පොහොය දිනයට යෙදුණි. ආගමික සහ සංස්කෘතික අනන්‍යතාව දක්වන පෙරහැර ඊයේ රාත්‍රී වීදි සංචාරය කළේය. අද දස දහස් සංඛ්‍යාත උපාසක උපාසිකාවෝ සිල් සමාදන් වී සිටිති. ගෞතම බුදු රජාණන් වහන්සේ පළමු වතාවේ දී මහියංගනයට වැඩම කරන්නේ දුරුතු පොහොය දිනකය. දුරුතු පුන් පොහොය දිනය ...
නූතන මාධ්‍ය භාවිතාව Milinda Prashna 2018/01/24 – ලංකාදීප ශ්‍රී ලංකාවේ දේශපාලනයේ පවතින ප්රවනතා පුරවැසියන්ගේ ආඩම්බරයට හේතු වී නැත. අභිමානයට බරපතල කැළලක් වී තිබේ. නිදහස ලබා හැත්තෑ වසරක් සම්පූර්ණ වන මෙම වකවානුවේ දී දේශීය දේශපාලන නායකයන් අනාගත පරපුර සඳහා ලබා දෙන ආදර්ශය කණගාටුවෙන් නමුත් ප්‍රශ්න කරන්නට සිදුවී ඇත. ජනතාව සිය ඡන්දයෙන් ප්රජාතන්ත්රවාදී පාලනය සඳහා තම නායකයන් තෝරා ගනී. ජනතා අවධානය දිනා ගැනීම අරමුණු කරගෙන දේශපාලනඥයන් ...
නායකයකු වෙන්න යෝගීවරයෙකුගෙන් උපදෙස් Milinda Prashna 2018 /01/ 17 – ලංකාදීප ජගී වාසුදේව ඉන්දියාවේ යෝගීවරයෙකි. සත්ගුරු නමින් ප්රකටය. යෝග උපදෙස් පමණක් නොව අධ්‍යාත්මික දර්ශනයක් ද පතුරවයි. සමාජ උද්දීපනයෙහි නිරත එම යෝගීවරයා කළමණාකරන උපදේශක සේවාවෙහි ද යෙදේ. නොබෝදා සත්ගුරු කරන ලද ප්‍රකාශයක් ජාත්‍යන්තරයේ අවධානයට ලක්වී තිබේ. ‘‘ජන නායකයෙකු සේ දේශපාලනයේ ඉදිරියට එන්නට කිසිවක් කළ යුතු නැති’’ බව කියන යෝගීවරයා විරෝධතා හෝ අරගල ඇවිලීම හොඳටම ප්‍රමාණවත් බව ...