ඔයා බෙල්ට් එක හරියට අඳිනවා නේද Jangun අද්‍යතන පරපුරේ පිරිමි ජනගහනයෙන් 99% ක් පමණ ඉන පටියක් පැළඳීම අරුමයක් නොවේ. අපි කුඩා දරුවන් අවධියේ ඉන පටි පැලැන්දේ මැදි වයසේ හෝ මහලු වයසේ අයවලුන්ය. සරමට උඩින් අඳින විවිධ ආකාරයේ බඳපටි එකල තිබුණි. ඒ කාලයේ කලිසමට බඳපටි පැළඳුවේ සීමිත පිරිසක් පමණි. බඳපටිය කාලීනව වෙනස්වන විලාසිතාවකි. මේ නිසා සෑම පිරිමියකුම මෙන්න මේ අආකාරයේ බඳ පටියක් පැළඳිය යුතුයි නීති පැනවිය නොහැකිය. කෙසේ ...
ප්රභාකරන්ගේ බංකරේ? පුඃ ඒකයැ මේකනේ බංකරේ – The Underground Ward Jangun මගේ සහෝදරියක රෝහල් ගතවී දින කීපයක් ගත වුනත්, ඇය බැලීමට යාමට නොහැකි වූයේ, අධික වර්ෂාපතනය මැද වාහනයක් පදවාගෙන යාම, මටනම් අතිශයින්ම අප්‍රසන්න කාර්යයක් වන බැවිනි. කෙසේ වෙතත් අද දිනය තරමක් පැහැපත් වූ නිසා, අපේ භාර්යා තොමෝ උදේ ඇඳෙන් නැගිට්ටේ, ‘අදවත් අක්කා බලන්න යන්නේ නැද්ද?’ කියා අසාගෙනය. අපේ නෝනා, ඇගේ නෑනලාට ආදරේ වීම මා ලද මහත් [...] ...
කොහොමද මේ සෙල්ලම Jangun මතකයි නේද මීට කලින් මම ලිව්වා, මොබිටෙල් එකෙන් කියලා මට ලැබුණු SMS පණිවිඩයක් ගැන. ඒකට මම අහුවුනේ නැහැනේ. මෙන්න බොලේ ඒ ජාතියේම තවත් සෙල්ලමක්. මේ පාර ඊ මේල් එකක්. කියවලා බලන්නකො ඊ මේල් එක. රූපය උඩ ක්ලික් කරලා විශාල කරලා බලන්න පුළුවන්. බලන්න මේ ඊමේල් පණිවිඩයේ තිබෙන භාෂා විලාශය. කොහේදෝ යන මළහෝන්තුවක් […] ...
එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමද? – Are we going in a circle? Jangun පසුගිය දිනවල අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල ඇතිවූ අවාසනාවන්ත, කාලකණ්නි සිදුවීම් පිළිබඳව තවමත් බ්ලොග් අඩවි වල කතාබහට ලක්වෙනවා. ජනමාධ්‍ය හා ජඩ මාධ්‍ය, තව සෑහෙන කාලයක්, කුණු මිනීමස් රසට ඇදී එන ගිජු ලිහිණියන් මෙන්, කුණු රසය අවුස්සමින්, මහජනතාවට කට ඇරගෙන, තුෂ්නිම්භූතව, ඉන්න දේවල් පෙන්නයි, කියයි, ලියයි. මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඒවා බලා, අසා, කියවා, අවිචාරයෙන් හැසිරෙයි. ඔයටික […] ...
තීරණාත්මක නව වසරක් උදාකර ගනිමු Jangun මතකයි නේද මා ඔබෙන් නිවාඩුවක් ඉල්ලුවා මට අසනීප නිසා. දැන්නම් තරමක සුවයක් ලැබී තිබෙනවා. එහෙත් තවමත් දිගු වෙලාවක් පරිගණක තිරය දිහා බලා ඉන්න අමාරුයි. නමුත් පසුගිය දිනවල ලිපි කීපයක් ලිව්වේ, රටේ වෙන දේවල් දැක දැක, ඇහැ කණ පියාගෙන ඉන්න බැරි නිසයි. සමහරවිට විනාඩි දෙකතුනක් ලියා, විවේක ගනිමින් තමා ලිව්වේ. දැන් මම කරන්නේ, යතුරු පුවරුව […] ...
මාමා අපිට අරින්න? හුහ්….හිතුවා මදි මාමේ Jangun හෙහ් හෙහ් හෙහ්….මාමා තමයි මාමා කියන්නේ. මේ වයසක පැන්සොන් කාරයන්ට කාරියන්ට, නහින දෙහින කාලේ, පැත්තකට වෙලා ඉන්න දෙන්නේ නැතුව, උන්ටත් අරින්නනේ මාමා තනන්නේ. මම හිතන්නේ මාමට දැන් වෙන අයට අරින්න බෑ. ඒ කාලේ මාමගේ වසුරු ඇදපු එවුන් පවා, මේ දවස්වල මාමට අරිනවා. ඒ නිසා වෙන්න ඇති මාමා මේ නාකි අපිට අරින්න හිතුවේ. එව්වා කොහෙද […] ...
සංවේගයෙන් සටහන් කරමි Jangun පසුගිය දෙසැම්බර් 3 වැනිදා සිට මේ දක්වා, අන්තර්ජාලය පරිහරණය කරන්නට අවස්ථාව ලැබුණේ නැහැ. සුනාමි ව්‍යසනයෙන් අභාවප්‍රාප්ත වූ, මගේ බාල සොහොයුරා සහ ඔහුගේ එකම පුතා පිළිබඳ, හද කම්පා කරවන මතකය නැවත අලුත් කරමින්, මගේ ඒ සොහොයුරාගේ බිරිඳ, ලියුකීමියා රෝගයෙන් පීඩා විඳිමින්, වසර 15ක් පමණ, අනේක විධ ප්‍රතිකාර මධ්‍යයේ, අනේක විධ දුක් විඳිමින් සිට, පසුගිය 3 […] ...
හෙලිකොප්ටර් කතා Jangun පසුගිය යුද සමයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉටුකළ උතුම් සේවය කළගුණ දත් කිසිවකුටත් කිසි දිනක අමතක නොවනු ඇති. එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් දැඩි ප්‍රහාර එල්ල කර, අපේ ගුවන් බලය වනසන්නට උත්සාහ කලත්, එය අසාර්ථක කරමින් ජය ගන්නට ගුවන් හමුදාවට හැකි වුනා. මේ කතා හුදෙක් ඕනෑම සන්නද්ධ සේවාවක සිදුවන සිද්ධීන් විනා කිසිවකුට හෝ පහර ගසන්නට පල කරන තොරතුරු නොවන බව මුලින්ම අවධාරණය කරනවා. ...
නෝනාවරුනි මහත්වරුනි එන්න පින්තූර බලන්න Jangun නෝනාවරුනි මහත්වරුනි, මා මෙතනට පැමිණියේ පින්තූර ටිකක් පෙන්වීමටයි. තමුන්නාන්සේලා ඉතා සාවධානව ඒ පින්තූර බලනු ඇතැයි සිතනවා. නෝනාවරුනි මහත්වරුනි, පින්තූර හොයාගත්තේ මෙතනින් ය. 2015 අගෝස්තු මස 21 වැනි දින 0001 පැය Filed under: පුංචි කතන්දර, ලිපි, විශේෂ ...
ජනාධිපතිතුමාගේ කතාව බැලුවද/ඇහුවද – President’s talk to ‘Al Jazeera’ Jangun අපේ ජනාධිපතිතුමා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීමට සහභාගිවීමට ගිය අතරේ, අල් ජසීරා – Al Jazeera නමැති, චන්ද්‍රිකා රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවා. මෙය විකාශනය වුනේ පසුගිය සැප්තැම්බර් 28 වැනිදායි. එම රූපවාහිනී නාලිකාව විසින්, අදාළ සාකච්ඡාව, තම නාලිකාවට අයත් අනතර්ජාල වෙබ් පිටුවේ පළකර ඇති ආකාරය මෙතනින් බලන්න පුළුවන්. එමෙන්ම පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ සාකච්ඡාව ඇතුළත් වීඩියෝ […] ...
කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි Jangun කාලෝ ෆොන්සේකා මහතා, අපේ රටේ බිහිවූ විද්වතුන් අතර, එක්තරා ආකාරයක විප්ලවීය චරිතයක් බව, ඔබ හොඳින්ම දන්නවා ඇති. ඔහුගේ දේශපාලන දර්ශනය හෝ කාලීනව වෙනස්වන අනෙකුත් ප්‍රතිපත්ති කෙසේ වෙතත්, හේතුවාදී චින්තකයකු ලෙස, 1970 දශකයේදී, ඔහු ලාංකික ජනතාවගේ චින්තනයේ වෙනසක් කරන්නට සමත් වුණා. ඒ තමයි, ලාංකික සමාජයේ මුල්බැස තිබුන මිත්‍යාවක් වන ගිනි පෑගීම, කිසිදු අආගමික වතාවත් කිරීමකින් […] ...
හාබර් එකේ වැඩ වැරුමකි මහ සද්දේ නැව් හමුදාපතිඳු හිටගෙන යම යුද්දේ Jangun මේ දිනවල අපේ සමහර මාධ්‍ය, තම එදාවේල සරිකරගන්නේ, හම්බන්තොට වරායේ සේවා වර්ජිත සේවකයන්ට පින් සිදුවන්නට බව, රහසක් නොවේ. අනෙක් අතින්, හක්කෙන් හක්කට මාරු කරමින්, තලු මරමින්, සූප්පු කරමින්, සාරය උරා බොන්නට, නාවික හමුදාපති වරයා සිටින්නේය. හම්බන්තොට වරායේ සේවකයන් පිරිසක්, බලහත්කාරයෙන් රඳවාගෙන සිටි විදේශීය නැව් දෙකක් මුදාගැනීමට, නාවික හමුදාව විසින් දියත් කළ ක්‍රියාන්විතයේදී, රූපවාහිනී මාධ්‍යවේදියකුට, නාවික […] ...
අපරාධයක් සහ දඬුවමක් Jangun මීට පෙර මා ඔබ වෙත ඉදිරිපත් කළ, හේතුහාමි ගේ කතාව ගැන අදහස් දැක්වීමේදී අසභ්‍ය වචන නොලියන ලෙස මා කල කාරුණික ඉල්ලීම සියලු දෙනා විසින්ම ඒ අයුරින්ම ඉටු කර තිබුනා. ඒ ගැන ඔබ සැමට කෘතඥ වෙමින්, එම ඉල්ලීමම නැවතත් කරමින්, මේ කතාවද ඔබ වෙත ඉදිරිපත් කරනවා. මේ කතාව ලියන්නනම් ටිකක් ලැජ්ජයි වගේ. ඒත් ඉතින් [...] ...
ඡන්දෙ ඉවරවෙනකල් Jangun අම්මෝ……………..ඡන්දෙ,ඡන්දෙ, ඡන්දෙ. උදේ ඉඳන් රෑ වෙනතුරු බැලූ බැලූ හැම පැත්තේම ඡන්දෙ. කන්න බොන්නවත් ඕනෑකමක් නැහැ වගේ සමහර අයට. සමහර වෙලාවකට හරිම වදයක්. මේ දවස්වල ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නගෙම ප්රචාරක පත්‍රිකා වලින් අපේ පැත්තේ ගෙවල්වල තැපැල් පෙට්ටි පිරිලා. අපි නම් ඒවා විසිකලේ නැහැ. මොනවා හරි ඔතන්න අරං තිබ්බා. මේ ඡන්ද කරච්චලෙන් ටිකක් මිදෙන්නත් එක්ක, කියවලා බලමුද […] ...
අපේ කාලයේ තුවක්කු 4 ඉතිරි කොටස Jangun .303 සුළු යාන්ත්‍රික තුවක්කුව පිළිබඳව ඔබ ලබාගත් මූලික දැනුම සහ විවිධ ප්‍රශ්න විමසීමෙන් තහවුරු කරගත් දැනුමත් උපයෝගී කරගනිමින් අපි කොටස් වලට ගැලවූ තුවක්කුව යලි සවිකර වෙඩි තියන්නටයි දැන් සූදානම් වෙන්නේ. මේ තුවක්කුවට කියන නමෙහි කිසියම් පරිවර්තන දෝෂයකුත් තියනවා. ඉංග්‍රීසි භාෂාවෙන් Light Machine Gun කියන නම සුළු යාන්ත්‍රික තුවක්කුව කියා තමයි මුල් අවධියේදී පරිවර්තනය වී තිබෙන්නේ. නිවැරදි නම විය යුත්තේ සැහැල්ලු ...
මේජර් සහ ඔටුවා (අතිශයින්ම 21 +++) Jangun මීට පෙර බොහෝ අවස්ථා වලදී, ඔබෙන් බොහෝ දෙනෙක් ඉල්ලා තිබෙනවා, මා දන්නා, ලිංගික කරුණු පදනම් කරගත්, හාස්‍ය ජනක කතා ලියන ලෙස. එහෙත් මා විසින් මටම පනවාගත් ස්වයං වාරණ නීති හේතුවෙන්, මතකයේ ඇති එවැනි කතා ඉතා විශාල ගණනක්, අදටත් මතකයේම තිබෙන්නට ඉඩ හැරලයි ඉන්නේ. නමුත්, මේ මෑතකදී, මගේ මිතුරන් කීපදෙනෙකු සමග සල්ලාපයේ යෙදී සිටි අවස්ථාවක, එක් මිතුරකු මේ කතාව මතක් [...] ...
මේ පින්තූර දැකලා තියනවද? (පළමුවැනි කොටස) Jangun ලංකාවේ පැරණි තොරතුරු නිරූපණය කෙරෙන පින්තූර, නොයෙක් වෙබ් අඩවි සහ බ්ලොග් අඩවිවල වරින්වර පලවෙනවා. ඒ පින්තූර බොහොමයක්, විවිධ ආයතන, පුද්ගලයන් විසින් ලබාගත්, ඓතිහාසික වටිනාකමකින් යුත් ඡායාරූප බව, එම ඡායාරූප සහිත අඩවි වලට ගියවිට පෙනී යනවා. මේ මෑතකදී, එවැනි ඡායාරූප එකතුවක්, මට දකින්නට ලැබුණා. එම ඡායාරූප මට පෙන්වූ අය, පසුව එයින් කීපයක් මට ඊ මේල් […] ...
හරියට නොපැදපු ‘මෝටර් බයිසිකල්’ Jangun මම අද මෝටර් බයිසිකල් චිත්‍රපටිය නැරඹුවෙමි. චිත්‍රපටිය නරඹා, ආපසු නිවස වෙත වාහනය පදවන අතර, මා, මගේ බිරිඳ සහ, දියණියන් අතර ඇතිවූ සංවාදයද පදනම් කරගනිමින්, ඊට අමතරව තනිවම සිතමින් ආ කරුණු ද සලකා බලමින්, රාත්‍රී ආහාරයෙන් පසු, හරි බරි ගැසී පරිගණකය වෙත වාඩිවුණේ, සිනමා විචාරයක් කෙසේ වෙතත්, මගේ සිතුවිළි අකුරු කරන්නටය. මේ ලියන්නේ, අවංකවම […] ...
මේ දෙන්නව හඳුනාගන්න කැමතිද? G3A3 and HK MP 5 Jangun ලෝකයේ තිබෙන විවිධ ගිනි අවි වර්ග ගැන මා ඔබට සෑහෙන තරම් කරුණු කියාදී තිබෙනවා. නමුත් කවදාවත් එක පුද්ගලයකුට බැහැ ලෝකයේ තියන සියලුම ගිනි අවි ගැන තම ජීවිත කාලය තුලදී ලියා අවසන් කරන්න. එයට හේතු කීපයක් තියනවා. අපි නොදන්නා, රහසිගතව තබාගෙන ඇති, ගිනි අවි වර්ග සමහර රටවල තිබෙනවා. විවිධ අලුත් ගිනි අවි මෝස්තර, අපි නොසිතන […] ...
තවත් පුංචි කතා දෙකක් Jangun ඕ මයි ගෝඩ්! හමුදා නිලධාරීන්ගේ සුහද සාදයක් පැවැත්වුනා. සෑම දෙනාම මීවිතකින් දෙකකින් සප්පායම් වෙමින් සල්ලාපයේ යෙදුනා. එක හමුදා නිලධාරියකු කිව්වා මගේ පුතා පූජක වරයකු වෙන්න සෙමනේරියක ඉගෙන ගන්නවා. ඔහු ඕනෙම තැනකට ගියාම එතන ඉන්න මිනිස්සු එයාට ‘පින්වත් දරුවා’ කියා ගෞරව කරනවා. තවත් නිලධාරියකු කිව්වා, මගේ පුතා දැනටමත් පූජක වරයෙක්, ඔහු ඕනෑම තැනකට ගියාම මිනිස්සු ‘ආයුබෝවන් [...] ...