විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   කාලෝ ෆොන්සේකා මහතා, අපේ රටේ බිහිවූ විද්වතුන් අතර, එක්තරා ආකාරයක විප්ලවීය චරිතයක් බව, ඔබ හොඳින්ම දන්නවා ඇති. ඔහුගේ දේශපාලන දර්ශනය හෝ කාලීනව වෙනස්වන අනෙකුත් ප්‍රතිපත්ති කෙසේ වෙතත්, හේතුවාදී චින්තකයකු ලෙස, 1970 දශකයේදී, ඔහු ලාංකික ජනතාවගේ චින්තනයේ වෙනසක් කරන්නට සමත් වුණා. ඒ තමයි, ලාංකික සමාජයේ මුල්බැස තිබුන මිත්‍යාවක් වන ගිනි පෑගීම, කිසිදු අආගමික වතාවත් කිරීමකින් තොරව, කිසිදු දේව ඇදහිල්ලකින් තොරව, කිසිදු ආගමික හෝ දේව වරමකින් හෝ ආධ්‍යාත්මික බලයකින් තොරව, විද්‍යාත්මක සාධක පමණක් ආධාර කරගෙන, ඕනෑම කෙනෙකුට කළහැකි බව ඔප්පුකොට පෙන්වීම.

   මේ දිනවල මට කියවන්නට ලැබුන එක්තරා පොතක් නිසා, මගේ මතකය, 1970 දශකය වෙත ඇදී ගියා. හේතුවාදී චින්තනය පිළිබඳව, එවකට මූලිකත්වය ගෙන ක්‍රියාකළ පුද්ගලයකු වන්නේ, ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර්. ඒ මහතාද මිත්‍යාවට එරෙහිව ජනතාවගේ චින්තනය වෙනස් කරන්නට ඉමහත් වෙහෙසක් ගෙන ක්‍රියා කළා. එවකට පාසල් සිසුන්ව සිටි අප, මේ කරුණු ගැන පුවත්පත්වල පළවුණු ලිපි සෑහෙන ගණනක්, විශාල උනන්දුවකින් කියවූවා මතකයි. ඒ මහතා ගැන පසුව වෙනම ලිපියක් ලියන්නට සිතා සිටිනවා.

මට කියවන්න ලැබුන පොත මෙන්න මේකයි.

මේ පොත, අද වෙළඳපොලේ මිළදී ගැනීමට තිබෙනවාදැයි, මා දන්නේ නැහැ. නමුත්, බුද්ධි වර්ධනය සහ චින්තනයේ නව පැතිකඩක් විවෘත කරගැනීම සඳහා, අනිවාර්යයෙන්ම කියවියයුතු පොතක් ලෙස, මේ පොත මා නිර්දේශ කරනවා.

අද සොයාගන්නට නොහැකි තරම් දුර්ලභ කරුණු රාශියක් කැටිකොට, මේ පොත සැකසීම පිළිබඳව, එහි කර්තෘ, නීතීඥ ධර්මපාල සේනාරත්න මහතාට, මගේ විශේෂ ගෞරවය සහ ස්තුතිය පුදකරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා.

හොඳයි, කාලෝ ෆොන්සේකා මහතාගේ ගිනි පෑගිල්ල ගැන, පොතේ තිබෙන පරිච්ඡේදය, එහෙම පිටින්ම මෙහි ඇතුලත් කරන්නේ, එය කිසිසේත් සංස්කරණය කල නොහැකි නිසයි. සංස්කරණය කලොත්, එහි ඇති මූලික රසය විනාශ වෙනවා. ඒ නිසා, ඉවසීමෙන් යුක්තව, පහත දැක්වෙන ස්කෑන් රූප වල ඇති විස්තර කියවන මෙන්, ඔබෙන් කාරුණිකව ඉල්ලනවා.

scan_20161226_215402

scan_20161226_215629-copy

scan_20161226_215629

scan_20161226_215842-copy

scan_20161226_215842

scan_20161226_220050-copy

scan_20161226_220050

scan_20161226_220325-copy

scan_20161226_220325

scan_20161226_220546-copy

scan_20161226_220546

scan_20161226_220759-copy

scan_20161226_220759

scan_20161226_221006-copy

scan_20161226_221006

scan_20161226_221256

අද අපේ රටේ මිත්‍යාව කොතරම් තදින් පැතිරී තිබේද නැද්ද යන්න, ඔබටම සිතාගැනීමට ඉඩ තබා, සමුගන්නවා.

2016 දෙසැම්බර් මස 26 වැනිදින 2315 පැය

Comments on: "කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි" (17)

  1. හෙහ් හෙහ් නටන්ට බෑ පොළව ඇදයි කිව්වලු .මේක කියෙව්වම පොත කියවන්න ලොකු ආසාවක් ආවා. බොහොම ස්තූතියි මේ වගේ වැදගත් ලිපි පල කරනවට. ඔය මිනිස්සු කරන්නෙ ආගමට තම තමන්ගෙ මති මතාන්තර එකතු කරල ඒවා තමන්ගෙ වාසියට හරවගන්න එක. අපේ කට්ටියත් ඉතිං දොහොත් මුදුන් දීල පිලිගන්නවා ( ඒ වුනාට ඉන්නෙ 21වෙනි ශතවර්ෂෙ & ස්මාට්ෆෝන් එක කනේ ).කොහොමටත් අපේ සාඩම්බර මාධ්‍ය ආයතන ඕවා උදේ ඉඳන් රෑ වෙනකං ප්‍රචාරය කරනවනෙ.
    කවුරු කොහොම පැහැදිලි කලත්, මතුරපු පෑනක් කොට්ටෙ යට තියාගත්තම විභාග පාස් වෙනව කියල හිතන, ලාෆීන් බුද්ධා පිළිමයක් කඩේ ඉස්සරහින් තිබ්බම සල්ලි වැහිවහිනව කියල හිතන, හක්ගෙඩියක්
    ලඟ තියාගත්තම ධනය සැපත ලැබෙනව කියල හිතන අපේ අය ඕක පිළිගන්නෙ නෑ.

  2. අපේ ගමේ වුනු සිදුවීමක්………. ඔය ගැන අපේ තාත්තා මාත් එක්ක කියල තියෙනවා. ප්‍රේමා ගල් මෝල (මේ පැත්තේ නම් ඔය ගල් මෝලට කිවුවේ ප්‍රේමවතී ගල් මෝල කියල…) අයිති කට්ටිය ඔය දෙවියන්ගේ අනං මනං වැඩ කරපු කට්ටියක්. හැබැයි ඉතින් ඒ අයටත් ඔය කියන දෙවියන්ගේ පිහිට ලැබුණු බවක් අපිට නම් පෙනිලා නෑ. ප්‍රේමවතී නෝනත් මිය පරලොව ගිහින් අන්තිමට ඔය ව්‍යාපාරේ කරගෙන යන්නවත් පවුලේ කිසි කෙනෙක් ඉතුරු වුනේ නෑ කියල තමයි මම අහල තියෙන්නේ. මම කුඩා කාලෙදීත් (අනූ ගණන් මුල…) ඔතන ගල් මෝල අතහැරලා දාල, බෝධියයි ඒකෙ ප්‍රාකාරේ විතරයි ඉතුරු වුණේ….. අන්තිමට ඔය කියන දේව අඩවිය කෑලි කෑලිවලට කැඩිලා පිටස්තර කීප දෙනෙක් අතරේම බෙදිලා ගියා. බෝධියයි ඔය කියන දේවාලේ තිබුණා කියන කොටස ගත්තේ අපේ නෑදෑ කට්ටියක්….. දැන් නම් දේවාලේ කෑලිත් නෑ. බෝධියයයි ප්‍රාකාරෙයි විතරයි ඉතුරු…. ඔන්න දෙයියන්ගේ හාස්කම්….!

  3. බුද්ධික පෙරේරා said:

    විචාරක තුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

  4. Dear Sir
    There is no new post for past month?

  5. Sir ,ඔබ තුමාට නිවන් සුව.

  6. Sir ,ඔබ තුමාට නිවන් සුව.

  7. ඔබ නැති අඩුව අපට දැනෙනව. ජාතියට රටට ණය නැති
    යුග පුරුෂයෙකි ඔබ. ඔබතුමාට නිවන් සැප ලැබෙවා!!!

  8. පුබුදු said:

    සුභ ගමන් විචාරක….

  9. විචාරකතුමනි, ඔබතුමන් නැති අඩුව කිසි දිනෙක, වෙනයම් කිසිවකින් පිරවිය නොහැකි වනු ඇත.
    ඔබතුමන්ට නිවන් සුව ලැබේවා,,,,,!!!

  10. විචාරක,, ඔබට කුමක් උනිද??????

  11. හැබැයි මේ තරම් ගිනි පාගලා දේවල් වෙලා, එක පින්තුරයක්වත් නැහැ. ඔතරම් විශ්ල ගිනි පාගීම් උත්සව සවිධ්නය වුනා නම් මේවා ඔතරම් ප්‍රසද්ධ වුනා නම්, ඕවයේ විස්තර තියෙන්න ඕනේ. ෆොටෝ තියෙන්න ඕනේ. මේක ඒක පාර්ශ්වික කතාවක් විතරයි. අනෙක පත්තර වල දීලා තියෙන reference බොරු ඒවා කියා පෙන්වා. මොකද පත්තරයක් වාර්තා ඉදිරිපත් කරන්නේ පින්තුර ඇතිව දීර්ඝව. හරි අපි හේතු වාදීන්ට අභියෝගයක් කරමු. ඒ අයැ එදා ගිනි පෑගුවා නම් අදත් පුළුවන් වෙන්න ඕනේ නේ. අපි කියමු මීටර් 100 දිග ගිනි ගොඩක් පාගා පෙන්වන්න කියා. ඒ ඕනෙත් නැහැ අඩි 100 ගිනි ගොඩේ අරක්කු බිලා උරු මස් කාලා අවදින්න කියමුකෝ. මොකෝ අභියෝගය බාර ගන්නවද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.