වහාම විසඳිය යුතු බරපතළ ප්‍රශ්නයක් Jangun ලංකාවේ ගවමස් මිල ඉහල යාම නිසා මහජනතාව බලවත් අර්බුදයකට මුහුණ දී සිටී. තත්වය තවත් දරුණු වුවහොත් මෙය ජාතික ප්‍රශනයක් දක්වා වර්ධනය වියහැකි බව පෙනීයයි. මීළඟ මැතිවරණයේදී මෙම ප්රශ්නය පදනම් කරගනිමින් ජනතාව විසින් වර්තමාන යහපාලන ආණ්ඩුව පරාජය කිරීමටද ඉඩතිබේ. අනේ මෙහෙම කියන්නේ මම නෙවෙයි. මෙන්න මේ අඩවියයි. කවුරුවත් අදහස් දක්වලාවත් නැහැ. එක බ්ලොගර් වරයකු ‘කැමතියි’ […] ...
ඩෙංගු මාරයාගෙන් ගැලවුනෙමි Jangun පසුගිය ජනවාරි පළමුවැනිදා මමත් මගේ බිරිඳත් කුරුණෑගල මහජන පොළ වෙත ගියේ ගිනි ගණන් වුනත් එළවලු වර්ග දෙක තුනක්වත් මිලදී ගන්නටය. පොලේ ඇවිදිද්දී අපි දෙදෙනාගේම මදුරුවන් දෂ්ඨ කළා මට හොඳටම මතකය. එයට හේතුව ඒ මහා දවාලේ මදුරුවන් දෂ්ඨ කිරීම නිසයි. කුරුණෑගල මහජන පොළ ආශ්‍රිතව ඇත්තේ කුණුවූ එළවළු ගොඩවල් බහුල, අත්හැර දමන ලද වෙල්යායකි. එහි සෑම විටම ජලය [...] ...
ඩයලොගාගේ දීලා ඇදිල්ල ……….. Dialog Give and Take Game Jangun හෙහ් හෙහ්……ඩයලොගා තමයි දවසකටවත් මිනිහා. මිනිහා ගහන ගේම් අපිට හිතන්නවත් බැරි ගේම් ය. එව්වාට කියන්න වෙන්නේ දීලා ඇදිල්ල මිසක් වෙන මොන කෙහෙම්මලක්වත් නොවේ ය. මේ දෙනවාය ඊළඟට අදිනවා ය. රෑ නිදාගෙන උදේ නැගිටලා බලපුවාම දුන්න එව්වා ආපහු ඇදලා ය. කටන්තරේ මෙන්න මෙහෙම ය. ගිය මාසේ ඩයලොග් චන්ද්‍රිකා සැටලයිට් කාරයා, දවස් ගණනාවක් රූපවාහිනී තිරයේ […] ...
ලයිසන් ඉන්ෂුවරන්ස් නැතුවම ආශ්චර්යයට යමු Jangun අපේ රට දැන් ආශ්චර්යයට ලංවෙලා නේද ඉන්නේ? මමනම් හිතන්නේ, නෙළුම් කුළුණ හදලා ඉවර වුන ගමන්, අපිට පුළුවන් ඒක උඩට නැගලා, අපේ රටේ ආශ්චර්යය බලලා, බිමට පනින්න. එකම පුරස්නේ වෙන්නේ, මාමා ළඟදි ගණන් වැඩි කරපු එව්වා වලින් තමයි, දෙකක් දාගෙන යන්න වෙන්නේ. ඒ දුකම මදෑ කුළුණෙන් බිමට පනින්න. අපි දැන් ආශ්චර්යය කරා යන ගමන […] ...
අජිතා ඔන්න ඔයාගේ රෙද්ද ගැලවෙලා Jangun අනේ අජිතා, මොකද ඔයාට වුණේ? ඔයාට දැණුනේ නැද්ද ඔයාගේ රෙද්ද ගැලවෙලා කියලා. චීත්ත අඳින්න හැමෝටම බැහැ අජිතා. චීත්තයක් අඳින ක්‍රමයක් තියනවා. අද ඔයා අර කැමරා කාරයෝ ඉස්සරහා හෙළුවෙන් වනන්න ගියේ ඇයි? ඔයාගේ ලොක්කා, ලොක්කාගේ ලොක්කා, කිව්වද හේතු මුට්ටියා රටෙන් පැන්නේ නෑ නිකම් පාවෙලා ගියා කියලා කියන්න කියලා. අයියෝ…………ඔයා මොකටද ඔයාගේ කන්‍යා භාවය කැමරා […] ...
පොලිස් මහත්වරුනි…………………, මැරුම් නොකා වැඩකරන්න Jangun කුරුණෑගල පොලිස් ස්ථායට අනුයුක්තව (‘අනියුක්ත’ යනුවෙන්, කුණුහරපයක් ලියන මහත්වරු, නිවැරදි වචනය ‘අනුයුක්ත’ බව මතක තියාගන්න) සේවය කල 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂක වරයකු, ඊයේ (2016/11/14) දින, අපරාධකරුවකු විසින් වෙඩි තැබීම නිසා මියගොස් ඇත. (අද ද රෙන නාලිකාව, කීපවිටක්, පුන පුනා, නාඳුනන තුවක්කු කරුවකු විසින් තබන ලද වෙඩිල්ලක් යන අදහස ඉදිරිපත් කරමින්, අමුතු භීෂණයක් ඇතිකිරීමේ […] ...
භයානක කුමන්ත්‍රණයක් Jangun මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉතා භයානක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේ තොරතුරු අනාවරණය කරගන්න මට දුරකථන ඇමතුම් ඉතා විශාල ගණනක් සහ වැදගත් පුද්ගලයන්ට නොදැනෙන පරිදි ඔවුන්ගේ අදහස් දැනගැනීමක් කරන්නට සිදුවුනා. මෙය දැලිපිහියෙන් කිරි කනවා වැනි භයානක ක්‍රියාවක් වුණා. ලැජ්ජා නැතිව සමහර ලොක්කෝ කිව්වා, අපි හොඳින් හෝ නරකින් මහින්දට බලය අරන් දෙන බව. මෙය ඉතා භයානක […] ...
අර ටැංකි, මේ ටැංකි, එව්වා අස්සේ මේං එනවා යුද්ද ටැංකි (හතර වැනි කොටස) The Battle Tank (Part Four) Jangun මොකක්දෝ පුදුමාකාර ග්‍රහ චාරයක් නිසාදෝ මන්දා, මේ ලිපි පෙළ ලියන්න වෙලා තියෙන්නේ, එක එක කොටස් අතර, බලාපොරොත්තු රහිත, දීර්ඝ කාල පරතරයක් සහිතවයි. සමහරු ටිකක් අමනාප වෙලත් තිබුනා, මගේ ප්‍රමාදය ගැන. ඒ පිළිබඳව සියලු දෙනාගෙන්ම සමාව අයදිනවා. නැවත වරක් මා කාර්ය බහුල වුණේ, ප්‍රදේශයේ සමිති සමාගම් ආදියට සම්බන්ධව කරන, පොදු වැඩකටයුතු […] ...
කළකට පසු මහගෙදර ගියෙමි Jangun කාලෙකට පස්සේ මහගෙදර යන්න ලැබුණානේ මේ ඊයේ පෙරේදා දවසක. ගියාට පස්සේ තමයි මතක්වුණේ පින්තූර ටිකක් ගත්තනම් ඔබ හැමදෙනාටත් පෙන්වන්න තිබුණා කියලා. ඒත් ඉතින් කැමරාවක් නොතිබුන නිසා ජංගම දුරකථන කැමරාවේ පිහිට පැතුවා. ඒ නිසා බොහොමයක් පින්තූර ගුණාත්මක බවෙන් අඩුයි. ඒ වගේම තමයි එදා සිදුවූ සෑම දෙයක්ම පින්තූරයට නගන්නත් අවස්ථාව ලැබුණේ නැහැ. මතක්වුන වෙලාවට ගත්ත […] ...
මේ බල්බ් වර්ගය මිලදී ගන්න එපා – Poor Quality CFL Bulbs Jangun පහත පින්තූරයේ දැක්වෙන බලබ් වර්ගය මිලදී ගන්න එපා. මා පසුගිය මාර්තු මාසයේදී මේ වර්ගයේ බල්බ් 15 ක් එකවර මිලදී ගත්තා. මේ වනවිට එයින් 5 ක් දැවී ගොස් අවසන්. ඒවා දැවී යන්නේ අමුතුම ආකාරයකටයි. දැල්වී තිබියදී, එකවරම් ‘ඩොහ්’ යන හඬින් පුපුරා ගියාක් මෙන් දැනෙන ආකාරයට නිවී යන්නේ, එම පරිපථයට අයත්, කුඩා පරිපථ බිඳිනයද ක්‍රියා විරහිත […] ...
නිවාඩු ඉල්ලුම්පත්‍රය Jangun නම:- බ්ලොග් ලියන්නලාගේ විචාරක ලිපිනය:- http://jangun.wordpress.com http://wicharaka.blogspot.com තනතුර:- බ්ලොග් ලියන්නා නිවාඩු ඉල්ලීමට හේතුව:- බෝවන ඇස් රෝගයක් වැළඳීම Conjunctivitis රෝගය වැළඳීමට හේතු:- සංචාරයක් ගොස් පැමිණි විට වැළඳුනා සංචාරය කළේ කොහේද:- මුලතිවු, කිලිනොච්චි, පරන්තන්, අලිමංකඩ, යාපනය, නාගදීපය, ඩෙල්ෆ්ට් දූපත සංචාරය හොඳද:- මල් හතයි ඈ නිවාඩු ඉල්ලන දින ගණන:- හරියට ඇස් දෙක ඇරගන්න පුළුවන් වෙනතුරු. (දැනට රිදෙනවා කඳුළු […] ...
මේ උගුලට අහුවෙන්න එපා! Jangun උගුල් ඇටවීම, ප්රාග් ඓතිහාසික යුගයේ ජීවත්වුණු මානවයා විසින් පවා කළ දෙයක් නේද? රැකියා නොකළ ඔවුන්, තම ජීවිතය රැකගත්තේ, උගුල් අටවා සතුන් අල්ලාගෙන ආහාරයට ගැනීමෙන්. නමුත් උගුල් ඇටවීම අද සමාජයේත් දෙයාකාරයකින් සිදුවෙනවා. එක් ආකාරයක් තමයි, වන සතුන් අල්ලාගැනීම සඳහා උගුල් ඇටවීම. මෙය අදත් වනසතුන් ගහණ ප්‍රදේශවල සිදුවෙනවා. අනෙක් ක්‍රමය තමයි, අද සමාජයේ තිබෙන විවිධ කපටි කෛරාටික […] ...
අපි දෙන්නේ ඔක්කොම සුන්නද්දූලි වෙලා යන්ඩ …හරිද…? (තුන්වැනි කොටස) – WMD and NBC Warfare (Part Three) Jangun අපි දෙන්නේ ඔක්කොම සුන්නද්දූලි වෙලා යන්ඩ ලිපි මාලාවේ තුන්වැනි කොටසෙනුයි අද මා ඔබව හමුවන්නේ. මේ ලිපි මාලාවේ පළමුවැනි කොටසෙන් සහ දෙවැනි කොටසෙන්, ඔබ සමූලඝාතක අවි ගැන යම් සරල දැනුමක් ලබන්නට ඇතැයි මා විශ්වාස කරනවා. ඒ දැනුම තවත් ඉදිරියට ගෙනයමින්, අද මා ඔබ සමග සාකච්ඡා කරන්නේ ජීවවිද්‍යාත්මක සමූලඝාතක අවි සහ රසායනික සමූල ඝාතක අවි පිළිබඳවයි. මේ විස්තර [...] ...
ඊළාම් යුද සිරකරුවෝ – වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ ලිපියක් – The POWs of The Eelam War Jangun වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ ලිපි සහ පොත්පත් ගැන මීට පෙර මා ඔබ සමග අවස්ථා ගණනාවකදී සාකච්ඡා කර තිබෙනවා. එතුමාගේ වෙනත් සාහිත්‍ය නිර්මාණ කීපයක්ද මා ඔබවෙත ගෙන ආවා. එබැවින්, මේ අඩවියට පැමිණෙන ඔබට, ඔහු අමුත්තකු නොවෙයි. තිස් වසරක් තිස්සේ, අප රට ගිලගෙන තිබුණු කුරිරු ඊලාම් යුද්ධය, තවත් පරම්පරා ගණනකට අපේ මතකයෙන් ඈත නොවන බව, මා අමුතුවෙන් […] ...
චාරිකා සටහන් එකතුවක් Jangun පහුගිය මාස පහක හයක පමණ කාලය තුළ, චාරිකා කීපයක යෙදෙන්නට, මට අවස්ථාව ලැබුණා. එයින් ‘යාපනයේ සංචාරය‘ සහ ‘වැදි ජනතාව බලන්නට ගිය චාරිකාව‘ පිලිබඳ අද්දැකීම්, මා ඔබ සමග බෙදා හදාගත්තා. නමුත්, සමහර චාරිකා පිලිබඳ විස්තර කියන්න අමතක වුණා. එහෙම නැත්නම්, ඊට වඩා ප්රමුඛස්ථානයක් ලැබිය යුතු මාතෘකා ඔස්සේ ලිපි ලියවුණ නිසා, චාරිකා සටහන් ලිවීම අතපසු වුණා.. […] ...
කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා (තුන්වැනි කොටස) – Battle Appreciation and Plan (Part Three) Jangun අනේ මන්දා, මම මේ ලිපි පෙළ ලියන්න පටන් අරං තියෙන්නේ, මොකක්දෝ මහා අපල ග්‍රහචාරයක් තියන වේලාවකද කියලා හිතෙනවා. මේ ලිපියේ පළමුවැනි කොටසේදී මම කිව්වනේ, ලිපිය ලියන්න පටන්ගත්තේ 2013 වර්ෂයේදී කියලා. පින්තූරය ගත්තේ මෙතනින් ඉතිං බලන්න, පළමුවැනි කොටස පළකර ගන්නම කොච්චර කාලයක් ගියාද. ඊළඟ දෙවැනි කොටස පළකරන්න ලැස්ති වෙනකොටම, වෙනත් වැදගත් මාතෘකා දෙකක් ඔලුවට […] ...
වදන් බලය 4 Jangun මේ අඩවියේ පළවන, වදන් බලය නමැති, සිංහල භාෂා දැනුම උරගා බලන ලිපි මාලාව, ඔබ අතරින් බොහෝ දෙනෙකුට මතක ඇති. අද පළවන්නේ, එහි හතරවැනි කොටසයි. මෙය මගේ නිර්මාණයක් නොවන බවත්, පැරණි සිව්දෙස සඟරා වලින් උපුටා දැක්වීමක් බවත්, මීට පෙර ලිපි තුනේදීත් මා සඳහන් කර තිබෙනවා. අනුන්ගෙන් උපුටා ගන්නා ලිපියක, කර්තෘත්වය සනාථ කරන්නේවත් නැති, මව්කිරි වෙනුවට […] ...
රිවෝල්වරය / පිස්තෝලය. මොකක්ද වෙනස? (පළමුවැනි කොටස) Jangun අප සියලු දෙනාම රිවෝල්වර් සහ පිස්තෝල ගැන දන්නේ නැතත්, සෑහෙන පිරිසක් ඒවා දැක තිබෙනවා. (යටත්පිරිසෙයින් සිනමාවේදී හෝ රූපවාහිනියෙදිවත්) එමෙන්ම අප එදිනෙදා කියවන පුවත්පත්, සඟරා, සහ වෙනත් පොත්පත් වලත් පිස්තෝල හෝ රිවෝල්වර ගැන සඳහන් වන අවස්ථා තිබෙනවා. විශේෂයෙන් රහස් පරීක්ෂක කතා වලදී බොහෝවිට සඳහන් වෙනවා. තවත් සමහරු රිවෝල්වර් හෝ පිස්තෝල අතගාලා බලලාවත් ඇති ආසාවට. ඒ වගේම ඒ දෙක එකිනෙකට වෙනස්ද නැද්ද ...
සංගීත සංදර්ශනයක් ඇසුවෙමි Jangun ඊයේ පෙරේදා දවසක අපේ ගම් පළාතේ සංගීත සංදර්ශනයක් පැවැත්වෙන බව දැනගත්තේ, ඒ සංදර්ශනය පැවැත්වෙන පිටිය ටකරම් වලින් වටකොට තිබෙනු දැකීමෙනි. මා එළිමහන් සංගීත සංදර්ශන බැලීම නැවත්වුයේ 1980 දශකයේ මුල් භාගයේදීයි. එයට හේතු දෙකක් තිබුණි. 1. ආරක්ෂක හමුදා නිලධාරියකු වශයෙන් තරමක් දුරට මහජනයා රැස්වන තැන් මග හැර සිටීම වඩාත් සුදුසු බව මට හැඟී ගියනිසා. 2. ඒ අවධිය වනවිට එවැනි ප්‍රසංග වල ...
ආමි කාරයෝ ගෑණිට වෙඩි තියන්නේ ඇයි? Jangun ඔව්, මම පිළිගන්නවා. මාතෘකාව ටිකක් අශ්ලීල වචන වලින් ලියවෙලා තියෙන්නේ. නමුත් කරන්න දෙයක් නැහැ. දැන් දැන් අහන්න ලැබෙන දේවල් අනුව, මේ වගේ වචන තමා ලියන්න වෙන්නේ. මේ ලිපිය ලියන්න නිමිත්ත වුනේ යුද හමුදා නිලධාරියකු විසින්, තම බිරිඳ ඝාතනය කිරීමේ අරමුණෙන්, ඇයට වෙඩි තැබුවායයි චෝදනා ලැබීමේ සිද්ධියයි. ඔබ බොහෝ දෙනෙක්, දැන් මේ ගැන ජනමාධ්‍ය […] ...