වැට ගහන්නෝ, වැට රකින්නෝ සහ වැට කඩන්නෝ (දෙවැනි කොටස) Jangun වැටවල් කතාවට සෑහෙන දෙනෙකුගේ සිත ඇදිලා ගිහින් තිබුණා. ඒ අයගේ පහන් සංවේගය හෙවත් ලාම්පු කණගාටුව උදෙසා, :D අද තව දුරටත් ඒ ගැන කතාකරනවා. තවම වැටවල් ගහලා ඉවර නැහැ. පහුගිය ලිපියේදී මම කිව්වා මතකද, ආරක්ෂාව තමා, මේ වැටවල් ගැහීමේ ප්‍රධානතම පරමාර්ථය කියලා. යුද්ධයකදී අපි කරන ක්‍රියාන්විත සාමාන්‍යයෙන් මූලික කොටස් දෙකකට වෙන්කරන්න පුළුවන්. 1 ආක්‍රමණශීලී හෙවත් […] ...
වෙන අය වගේ නෙවෙයි අපි ගහන්නේ ඔලුවෙන් හරිද මල්ලී Military Psychological Operations Jangun අපි පාසල් යනකාලේ, යාලුවොත් එක්ක තරහවෙලා ගහගන්නකොට ඔලුවෙනුත් ගැහුවා නේද? හැබැයි එහෙම ගැහුවට අපේ ඔලුවත් රිදෙනවා. මම වැඩකාරයෙක් කියලා පෙන්නන්න තමයි ඔලුවෙන් විරුද්ධවාදියාට පහරක් දෙන්නේ. හැබැයි ආත්මාරක්ෂක සටන් වලදී නම් (පින්තුරය ගත්තේ මෙතනින්) ඔලුවෙන් ගැහිලි තිබෙනවා. එය හොඳින් පුහුණුවී කරන දෙයක්. අපිත් එකවරම එහෙම කරන්න ගියොත් කඩෙන් ඔලුවක් ගෙන්න වෙනවා. ඒ කියන්නේ ඔලුවෙන් ගැහිල්ල අපි [...] ...
මළ ගෙදර කවි කොලේ Jangun අවමංගල්‍ය උත්සව වලදී, ශෝකප්‍රකාශ කවි ගායනා ඉදිරිපත් කිරීම, අපි කුඩා දරුවන් කාලේ තිබුන සිරිතක්. මට මතකයි, ඒ කාලයේ, (1960 දශකයේ) අවමංගල්‍ය උත්සව වලදී, මෙවැනි ශෝකප්‍රකාශ කවි ගායනා හතරක් පහක්වත්, අහන්න පුළුවන්. බොහෝවිට මේ කවි පන්ති ගායනා කරන ලද්දේ, තරුණියන් විසින් වීමත් විශේෂයක්. ඔවුන්ගෙන් බොහෝ දෙනා, මේ කවි ගායනා කරන අතර, (බොහෝවිට ගායනා කළේ, භූමිදානය […] ...
අපි අහපු වෑර්ලස් (පළමුවැනි කොටස) – Vintage Radio Sets (Part One) Jangun ‘වෑර්ලස්’ කියන වචනය අපි කුඩා කාලයේ සමාජය තුළ නිතර භාවිත වුන වචනයක්. ඒ කාලේ වෑර්ලස් හෙවත් ගුවන්විදුලි යන්ත්‍ර ඉතා සීමිත සංඛ්‍යාවක් තමයි භාවිතයේ තිබුනේ. පැරණි ගමක නම්, ගමේ ආරච්චි මහතා, වෙල් විදානේ, ඉස්කෝලේ ලොකු මහත්තයා, ගමේ කඩේ මුදලාලි, වැනි අයගේ නිවෙස්වල තමයි ගුවන්විදුලි යන්ත්‍ර තිබුනේ. මගේ පියාත් ඉස්කෝලේ ලොකු මහත්තයෙක් නිසා මා කුඩා කාලයේ සිටම [...] ...
තවත් කොණ්ඩයන් බිහිනොවන්නට නම්………. Jangun දැන් කොණ්ඩයාව කාලා, හපකරලා, උරාබීලා, චප්ප කරලා, පාගලා, කුරුසියේ ඇණ ගහලා, අපායට යවලා, ඉවරද? දැන්වත් ඒ මිනිහට යන අතක යන්ඩ පුලුවන්වෙයිද දන්නේ නැහැ. හැබෑටම අපි මේ යන්නේ කොහෙද? නීතිය අතට ගන්න තරම්, රටක මිනිස්සු පහත් තත්වයට වැටෙන්නේ, ඒ රටේ නීතියේ ආධිපත්‍යය, අන්තයටම පිරිහීම නිසයි. පහුගිය කාලයේ, අපේ රටේ නීතියේ ආධිපත්‍යය ගැන, වියවුල් රාශියක් තිබුණා. […] ...
විදුලිබල මණ්ඩලේ සූප්පුව නැතිකළේ කවුද යකෝ….. Jangun මේ ලිපිය කියවීමෙන් පසු, සොඳුරු සුව අසපුව බ්ලොග් අඩවියේ මෙන්න මේ ලිපිය කියවන්න. මුන්ට හෙන හතම වදින්න ඕනේ. කවුද අසමජ්ජාතියෙන් විදුලි මළබන්ඩලේ බලමණ්ඩලේ සූප්පුව නැති කරලා. ඒකෙන් වෙලා තියෙනේ තරුණ ජීවිත තුනක් නැතිවෙලා. අර ගාල්ලේ ගිංතොට පැත්තේ දී අධිබල විදුලි කම්බියක් (රැහැනක්/බහනක්) මණ්ඩලේ බානක් ද? කඩා වැටීම නිසා. මණ්ඩලේ කට්ටිය තම රැකියාවේ/වෘත්තියේ/සේවයේ වගකීම […] ...
හෝ……..කොමළ දයාසිරී….! Jangun අපේ දයාසිරි ගොයියා හදිස්සියේම ලියුං කරදහියක් එවා තිබුණා, මේ ඊයේ පෙරේදා. මේ ලියුම පළාතේ ඉන්න ඔක්කොම විශ්‍රාමික රණවිරුවන්ට ලියපු එකක් බවයි පෙනෙන්නේ. පින්තූරේ ගත්තෙ මෙතනින් හම්මේ…………….දයාසිරි ගොයියට මාර වියදමක් යන්න ඇති, මුළු පළාතටම මේ ලියුං කරදහිය යවන්න. මොකෑ ආයෙ පළාත් සබාවේ සල්ලි වලින් නෙවෙයිනේ තැපැල් ගාස්තු ගෙවන්නේ. තනිකරම තමන්ගේ පොකැට්ටුවෙන් නේ. අධිනීතීඥ නිසා නඩු […] ...
බලන්ඩකෝ මෙයාලා දන්න දේවල් – Shame on you Plagiarist Jangun අම්මෝ……….. බලන්නකො මෙන්න මෙයාලා දන්න දේවල්. මෙයාලා තමන්ගේ අඩවියේ අලුත් ලිපියක් දාලා, මුලින්ම මෙන්න මෙහෙම කියලා තියනවා. මෙය අන්තර්ජාලය ඇසුරෙන් උපුටාගැනිමක් වන අතර ලිපියේ රස්ඤතාවයට හානියක් නොකර ලිපිය ඉදිරිපත් කර ඇත. අනේ ද කියන්නේ. ටිකක් උනන්දුවෙන් බලනකොට, මෙන්න බොලේ මේක මගේ පරණ ලිපියක්. මේ තියෙන්නේ මගේ ලිපිය. අම්මපා මොකක්ද මේ ‘රස්ඤතාවය’ කියලා […] ...
මගේ කැමරා ඉතිහාසය සහ ළඟදි ගත්ත ෆොටෝ ටිකක් Jangun ඡායාරූප ශිල්පය මගේ එක් විනෝදාංශයක්. මා ඡායාරූප ශිල්පය ගැන මූලික කරුණු උගත්තේ, 1960 දශකයේ මැද භාගයේදී, මගේ පාසලේ තිබුණු ඡායාරූප සංගමයට බැඳීමෙන්. ඒ කාලයේ මා බොක්ස් කැමරාවක් පවා පාවිච්චිකර තිබෙනවා. ඒ කාලයේදී බොක්ස් කැමරාවටත් සෑහෙන තැනක් ලැබුණා. යුද බිමේ සිටියදී පවා, මගේ අතේ කැමරාවක් තිබුණා. යුද බිමේදී ලබාගත් ඡායාරූප 200 කට වැඩි සංඛ්‍යාවක් විනාශයට […] ...
අපේ ආදි පාද හමුව – Meeting of Antiques and Old Crocks Jangun හඃ හඃ හා……………ඔන්න කාලෙකට පස්සේ, අපේ ආදි පාද හෙවත්, පරණ කකුල් සෑහෙන ගණනක් මුණගැහුනා. හැබැයි ආදි පාදලා වගේම, අදත් හමුදා සේවයේ ඉන්න පාදලාත්, සෑහෙන ගණනක් සහභාගිවුණා, මේ හමුවට. බොහොම සුහදව සතුට, දුක, සිනහව, කඳුල, සහිතව ගෙවුණු දිනයක් ලෙස, නම් කරන්න පුළුවන්. කවුරුහරි කියනවනම්, මේවා දැන් ඇන්ටීක් බඩු කියලා, ඔව් ඇත්තටම ඇන්ටීක් බඩු. […] ...
මේ වැඩේ හරිද වැරදිද? Jangun යුද හමුදා සෙබළුන් සිව් දෙනෙකු විසින්, දැනට වසර පහකට පමණ පෙර, මුලතිව් ප්‍රදේශයේදී, ද්‍රවිඩ ජාතික කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කළ බවට චෝදනා කොට, දඬුවම් දීමේ සිද්ධියක් වාර්තාවී තිබෙනවා. නඩුව විභාගවී තිබෙන්නේ, යාපනය මහාධිකරණයෙදී. මේ පිළිබඳව, ලංකා නිව්ස් වෙබ් අඩවියේ පළවූ වාර්තාවක් කියවීමෙන් පසු, මට ඒ සම්බන්ධව ඔබ සමග සාකච්ඡා කරන්නට හිතුනා. මුලින්ම කියවා බලන්න, අදාළ […] ...
මැරුණේ එයා පණ ගියේ අපේ Jangun නොසිතූ විදිහට ටික දිනක් පරිගණකයෙන් ඈත් වී ඉන්නට සිදුවුණා. පසුගිය දිනවල අපේ ප්‍රදේශයේ සිදුවුණ අවමංගල්‍යයන් දෙකක් සහ, තුන් මාසයේ පින්කමක් නිසා, විශාල ලෙස කාලය සහ ශ්‍රමය කැප කරන්නට සිදුවුණා. අළු යට ගිණි නමින් ලියන්නට ආරම්භ කළ ලිපියේ දෙවැනි කොටස සකසන්නට ඉඩ නොලැබුණේ, ටෙලිකොමා මට කළ අරියාදුව නිසයි. ටෙලිකොමා ගේ මාර්ග බාධකය ඉවත්වුණේ, අගෝස්තු 31 රෑ […] ...
අර ඉන්නේ …අර,….කෝ…? ඇයි යකෝ අර ඉන්නේ අතන – දෙවැනි කොටස – Judging Distance and Target Indication – Part Two Jangun පසුගිය දිනවල මා අසනීපව සිටි බැවින් නියමිත කාලය තුළ මේ ලිපිය ප්‍රකාශයට පත්කරන්නට නොහැකි වුනා. ඒ ගැන කණගාටු වන අතර මට සුවය පතමින්, ඉතා ඉවසීමෙන් මේ ලිපිය බලාපොරොත්තුවෙන් සිටි ඔබ සැමට මෙය සාදරයෙන් පිළිගන්වනවා. පින්තුරය ගත්තේ මෙතනින් ’අර ඉන්නේ අර’ ලිපියේ පළමුවැනි කොටසෙන් ඔබට මූලික අවබෝධයක් ලැබෙන්නට ඇති, භූමියේ පිහිටි වස්තුවක් තවත් කෙනෙකුට පෙන්වාදෙන්නේ [...] ...
යුද්දේ ඉවරයිනේ ඉතිං දැන් මොකටද ආමි කාරයෝ Bitter Truth Behind The War Jangun වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත සංග්රාමයෙන් පසු කෘතිය ඇසුරෙන් මේ දවස්වල පුවත්පත් සහ අනෙකුත් ජනමාධ්‍ය වල අසන්නට දකින්නට ලැබෙන තොරතුරු අතර, හමුදාවෙන් පැනගිය හෝ හමුදා සේවයේ යෙදීසිටින අයවලුන් සම්බන්ධවූ අපරාධ පිළිබඳව තොරතුරු පළවෙනවා. දැන් දැන් හමුදා සාමාජිකයන් වෙත මහජන අප්‍රසාදය එල්ලවීම දකින්නට පුළුවන්. මෙහෙම වෙන්නේ ඇයි? හමුදා සාමාජිකයන් අපරාධ කාරයන්ද? හොරකම් කරන්නේ, මිනීමරන්නේ, [...] ...
අපි අහපු වෑර්ලස් Jangun අපි අහපු වෑර්ලස් ලිපි මාලාවේ හතරවැනි කොටසයි මේ. එමෙන්ම මේ ලිපියෙන් ලිපි මාලාව අවසන් වෙනවා. මෙහි පළමුවැනි කොටස මෙන්ම දෙවැනි කොටස සහ තුන්වැනි කොටස වෙත ඔබ දක්වන ලද ප්‍රතිචාර, මා ඉතා ඉහලින් අගය කරන බව කෘතඥතා පූර්වකව සඳහන් කරනවා. අතීතයේදී මෙවැනි දෑ තිබුණු බව නොදන්නා අය වෙත, යම් දැනුමක් ලබාදීමත්, පූර්ව දැනුමක් ලබාසිටි අයගේ මතකය අලුත් කිරීමක් [...] ...
පරණ කතාවක් නැවත කියවමු – හේතුහාමි පොහොර ගැහුවා වගේ Jangun වසර දෙකකට පෙර, මා වර්ඩ්ප්‍රෙස් අඩවිය පමණක් පවත්වාගෙන ගිය අවධියේ ඉදිරිපත් කළ මේ කතාව, මගේම නිර්මාණයක්. මේ දිනවල, හමුදා තොරතුරු ඇතුළත් ලිපි තුනක්, සංස්කරණය කරමින් තිබෙනවා. නමුත් එය ඉතාම වෙහෙසකරයි. හමුදා වාග්මාලාවේ ඇති වචන, සාමාන්‍ය පාඨකයාට වැටහෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීම, ඉතා දුෂ්කර මෙන්ම අභියෝගාත්මක කාර්යයක්. මම ඒ ටික ඉවර කරගන්නා තුරු, ඔන්න පරණ කතාවක් […] ...
කෝ අර කලාකිරිඤ්ඤෙ Jangun මොනවා? කලාව + කිරිඤ්ඤය = කලාකිරිඤ්ඤය? ඒක යකාගේ සිංහල වචන සන්ධි කිරීමක්නේ. අපොයි!….. කලාකිරිඤ්ඤෙ කියන නම ටයිප් කරන්නත් අමාරුයි. අනේ මන්දා හැමදාම අර යුනිකෝඩ් එකට වඩා මේක හොඳයි, මේකට වඩා අරක හොඳයි, කිව්වට මොකද, ඉතා පහසුවෙන්, සඤ්ඤක, මහාප්‍රාණ, ටයිප් කරන්න තවම මොන කෝඩ් එකටවත් බැහැ වගේ. ‘කලාකිරිඤ්ඤෙ? ඒ මොකක්ද? කලාවට සම්බන්ධ දෙයක්ද? ඔය ඉහළින් තියන […] ...
සතුරා සමග සෙනෙහසින් – Stockholm Syndrome Jangun මේ කතාව කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් මා කියන්නට උත්සාහ කරනදේ ඔබ වටහාගනු ඇතැයි කියා මා තුළ දැඩි විශ්වාසයක් තියනවා. සමහරු කියනවා මම මානසික වශයෙන් පීඩනයට පත්වෙලා ඉන්නවා කියලා. දොස්තරවරු කියනවලු ඒ තත්වයට කියන්නේ Stockholm Syndrome කියලා. මට ඒ මොකවත් තෙරුම්ගන්නවත්, පිළිගන්නවත් අවශ්‍ය නැහැ. මට වැදගත් මගේ කතාවයි. මම […] ...
මටත් ලැබුණානේ පරණ පත්තර ටිකක් Jangun තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ප්‍රතිචාර වැසී ඇත. වර්ඩ්ප්‍රෙස් ගැන දන්නා කෙනෙකු මගේ බ්ලොගර් අඩවිය වෙත පැමිණ මේ ගැටළුව විසඳා ගැනීමට උදවු කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලනවා. කරුණාකර, මේ අඩවියේ සමගාමී බ්ලොගර් අඩවිය වෙත, http://wicharaka.blogspot.com ලිපිනයෙන් පිවිසෙන්න. පැරණි පුවත්පත් ඇසුරෙන් වරින් වර බ්ලොග් ලිපි පලවෙනවා. අපේ බ්ලොග් රචකයන් කීප දෙනෙකුම එවැනි පැරණි පුවත්පත් වල පලවී තිබුණු […] ...
දෙයියෝ සාක්කි මමත් සාක්කි Jangun අලුත් අවුරුද්දේ දෙවැනි දවසේදීම සාක්කි කාරයෙක් වෙන්න උනානේ මට. මීට කලිනුත් මේ වගේ සාක්කි කාරයෙක් වෙලා තියනවා. අම්මපා මේ සාක්කිය අර උසාවියේ සාක්කි කීම තරම් වැදගත් විදිහට නොසැළකුවත්, මොකක් හෝ නීති හුටප්පරටක් වුනොත් එහෙම කපෝතියි නේද? ඒ නිසා ඔය කිව්ව පලියට සාක්කි කාරයෙක් නොවී, කරුණු සොයා බලා සාක්කි කාරයෙක් වීම තමයි ණුවනට හුරු. නෑ […] ...