ඒයි…. වැඩිය කතාවට ආවොත් බස්සනවා අඟල් හයක් – (පළමුවැනි කොටස) – One and All, The knife (Part One) Jangun ‘අඟල් හයක් බස්සනවා’ කියන කියමන අපි තරුණ කාලේදී නම් නිතර අහන්න ලැබුණා. ඒ වචනය නිතර පාවිච්චි කලේ ගමේ මෙන්ම නගරයේද සිටි ගණන්කාරයෝ. එහි තේරුම වුනේ පිහියෙන් අනිනවා කියන එකයි. අදටත් ලොව දියුණු රටවල පවා, තුවක්කු පිස්තෝල වගේම, අපරාධ සඳහා යොදාගන්නා ආයුධයක් වන්නේ පිහියයි. අද කාලයේ, නිවෙස්වල ඇති මුළුතැන්ගෙයි පිහියාද, ඉතා භයානක ලෙස මිනිසෙකුට මරණීය [...] ...
ආවා ආවා….මෙන්න බඩු ආවා………. Jangun ඔන්න පෙරුම්පුරා මග බලාසිටි විදුලි බිල ආවා. අනේ දේවීගේ දෙමවුපියන්ට පින්සිද්දවෙන්න, දේවීගේ පරම්පරාවම නිවන් දකින්න, දේවීගේ ලොක්කාගේ පොල් රැවුල තවත් වැවෙන්න, පොල් රැවුල් ලොක්කා ඉක්මනින් චුත වෙන්න, මෙන්න විදුලි බිල අද ආවා. හැබැයි දෙවීගේත් ලොක්කාගේත් ගඳ ගහන දේශපාලන හෙළුව මේ විදුලි බිලත් එක්කම අපේ අතට ආව එකනම් අප්පිරියාවේ බැරුවාය. කිව්වෙනම් මේ මාසයේ සිට වැඩි […] ...
බ්‍රිගේඩ්, ඩිවිෂන්, රෙජිමන්ට්, අම්මෝ ආමි එකේ තියන ජාති (පළමුවැනි කොටස) – Organisation of an Army (Part One) Jangun යුද හමුදාවක සැකැස්ම නොහොත් සංවිධානය වී ඇති ආකාරය මොනවගේද කියලා දැනගන්න බොහොම දෙනෙක් කැමතියි. පහුගිය යුද සමයේදී මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මගින් යුද තොරතුරු වාර්තා කිරීමේදී යුද හමුදා භටපිරිස් අයත් වන විවිධ ප්‍රමාණයේ කණ්ඩායම් පිලිබඳ තොරතුරු කියවූවා/ඇසුවා/නැරඹුවා ඔබට මතක ඇති. නමුත් ඒ කියන භට කණ්ඩායම් මොන වගේද කියන ගැටළුව නම් ඔබෙන් සෑහෙන පිරිසක් අතරේ […] ...
මේගොල්ලන්ව හඳුනනවාද? Jangun මදෑ කොළා. ඉයන් ගොයියා බට කැලේට ගිනි තිබ්බා. දැන් ඒක ඇවිලෙනවා පට පට ගාලා බට පුපුරමින්, සිංහල බ්ලොග් අහස ඒකාලෝක කරමින්. අම්මපා මේ මනුස්සයට මොකක්හරි සම්මානයක් දෙන්න වටිනවා මේ ගිනි තැබිල්ලට. නෑ මං කියන්නේ, ඔය විදිහේ සුන්දර ගිනි තැබිලි හැමදෙනාටම කරන්න බැහැ. ඒකටත් උපතින් ගෙනා දක්ෂකම් තියෙන්න ඕනේ. අපි දන්නේ ඉතිං අමු කැලෑ ගිනිතියන්න […] ...
මෙන්න බොලේ ශපිරෝටත් …………….මං එපාලු දැන්! Jangun මේ කෙටි ලිපිය ලියන්නේ දැඩි සිත්වේදනාවක් සහිතවයි. අරුණි ශපිරෝගෙන් බ්ලොග් අඩවිය කාලයක් තිස්සේ මා කියවන්නේ යම් දැනුමක් එයින් ලබාගන්නටයි. ඉතා ගැඹුරු මෙන්ම විවාදාත්මක කරුණු ඇතුළත් ලිපි අරුණි ශපිරෝ අතින් ලියවෙනවා. පසුගිය කාලයේදී එම අඩවියේ මා පළකළ සමහර අදහස් වලට, ඇය මට පිළිතුරු දී තිබුනේ සියුම් උපහාසයක්ද සහිතවයි. ඇය ලියන සමහර කරුණු, මට නොතේරෙන නිසා […] ...
පරමාකන්ද රජමහා විහාරය වඳිමු Jangun ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයට අයත්, ආනමඩුව ප්‍රදේශයේ පිහිටි, පරමාකන්ද රජමහා විහාරය ක්‍රිස්තු පූර්ව පළමුවැනි සියවසට අයත් ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. කොළඹ සිට පැමිණෙන අයෙකුට මෙහි ළඟාවීමට ඇති පහසුම ක්‍රමය වන්නේ හලාවත පසුකොට බංගදෙනියෙන් දකුණට හැරී, පල්ලම හරහා, ආණමඩුවට පැමිණීමයි. අනුරාධපුර පෙදෙසින් එන්නේනම් පහසු මාර්ගය වන්නේ ගල්ගමුවට පැමිණ ආණමඩුවට ලඟාවීමයි. කුරුනෑගල හරහා එන අයට කුරුනෑගල පුත්තලම ඒ ...
බලුකිරියා තවමත් පුරාණය වළඳයි Jangun බලුකිරි කාරයා පුරාණය අනුභව කිරීම පටන්ගත්තේ, අද ඊයේ නෙවෙයිනේ. මීට කළින් කීපවතාවක්ම, බලුකිරියා පුරාණය වළඳන්නෙක් බව, මම ඔප්පු කරලා පෙන්නලා තියනවා. ඔය පුරාණය වැළඳීමේ රෝගය උත්සන්න වුණාම, තමන්ගේ පුරාණයද අනුන්ගේ පුරාණයද කියා නොබලා, වළඳාගෙන වළඳාගෙන යනවා, කිසි හිරිකිතයක් නැතුව. මෙන්න මේ සැරේ, කොටස් හතරකින්, මගේ පුරාණය වළඳන්න, බලුකිරියේ හොරිකඩ බල්ලෙක්, උත්සාහයේ යෙදෙනවා. දැනට වළඳලා […] ...
ඩයලොගාගේ දීලා ඇදිල්ල 2 Jangun මතකයි නේද මීට කාලෙකට ඉහතදී මම ලියපු, ඩයලොගාගේ දීලා ඇදිල්ල නමැති ලිපිය. ඔන්න අද ලියන්න යන්නේ, ඒ ලිපියේ දෙවැනි කොටස. ලැජ්ජාවක් හිරිකිතයක් නැතුව, අද මහා දවල්, ඩයලොගා, තමන්ගේ පාරිභෝගිකයන්ව මංකොල්ල කෑවා. තමන්ගේ සුනඛ ව්‍රතය මොනවට ප්‍රදර්ශණය කළා. මෙන්න මේකයි සිද්ධිය. ඩයලොගා මේ මෑත කාලෙදී නාලිකා නැවත ඇනීමක් කලානේ. ඉතින් අනලා අනලා, අපිටත් අන්නවලා, […] ...
මොනවද අනේ ඔය එල්ලගෙන ඉන්නේ (තුන්වැනි කොටස) Jangun මේ ලිපි මාලාව ගැන, ඔබ බොහෝ දෙනෙකු තුළ, දැඩි උනන්දුවක් ඇති බව, ඒ සම්බන්ධ අදහස් දැක්වීම් මගින් දකින්නට ලැබෙනවා. අපි පුංචි රටක් වුනත්, ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් වෙත පිරිනමනු ලබන පදක්කම්, සෑහෙන ගණනක් තිබෙනවා. ඒ අනුව හිතාගන්න පුළුවන් නේද, ලෝකයේ විශාල රටවල, කොපමණ පදක්කම් ප්‍රමාණයක් ඇද්ද කියලා. ලිපි මාලාවේ කලින් කොටස් නොකියවූ අයට, පළමුවැනි කොටස මෙතනින් […] ...
බ්‍රිගේඩ්, ඩිවිෂන්, රෙජිමන්ට්, අම්මෝ ආමි එකේ තියන ජාති (දෙවැනි කොටස) – Organisation of an Army (Part Two) Jangun හමුදාවක සංවිධානය කෙබඳුද යන්න පැහැදිලි කරදීම සඳහා මා ඉදිරිපත්කරන, මේ ලිපියේ පළමුවැනි කොටසට ඔබෙන් සෑහෙන පිරිසකගේ අවධානය ලැබී තිබුණා. මේ එහි දෙවැනි කොටස. මේ කොටසේදී මම ඔබව හමුදාවක සංවිධානයේ ඉහළම තලය දක්වා රැගෙන යනවා. අවබෝධ කරගන්නට අපහසු සියල්ල ප්‍රශ්න අසා විසඳාගන්නා මෙන් විශේෂයෙන් ඉල්ලනවා. හමුදාවක් ශක්තිමත්ව සහ කාර්යක්ෂමව ක්‍රියාකරන්නේ මේ සංවිධාන ශක්තියේ ඇති ක්‍රමවත්භාවය […] ...
මිතුරෙකුගෙන් ලද පණිවිඩයක් Jangun මගේ මිතුරකු මා වෙත එවන ලද ඊ මේල් ලිපියක මේ වීඩියෝව ගැන සඳහන් කර සබැඳියාව ලබාදී තිබුනා. එය ඔබටත් නරඹන්නට අවස්ථාවක් ලබා දියයුතුයි හැඟුනා. සමහරවිට ඔබෙන් බොහෝ දෙනෙක් මෙය මීට පෙර නරඹා ඇති. මට දකින්නට ලැබුනේ ඊයේ දිනයේදීයි. මෙහි තිබෙන අදහස් සියල්ලටම එකහෙලාම එකඟ වන්නට නොහැකි නමුත්, මෙහි කිසියම් පණිවිඩයක් ඇතුලත්ව තිබෙන බව පෙනෙනවා. [...] ...
කොහොමද ඔබේ සිංහල දැණුම? Jangun ලෝකයේ සෑම ජාතියකටම අයත් සියළු දෙනාටම, තම මව් භාෂාව විශිෂ්ඨ ලෙස භාවිත කිරීමට හැකියාවක් නැහැ. ඒ ධර්මතාව, මේ ලිපිය ලියන මටත්, ලිපිය කියවන ඔබටත් පොදුයි. කෙසේ වෙතත්, සාක්ෂරතාව අතින් ගතහොත්, අපේ රට, ලෝකයේම වුනත් ඉහළ තැනක තිබීම සතුටක්. සාක්ෂරතාව ඉහළින් තිබුණත්, භාෂා ඥානය අතින්, යම් කෙනෙකු, එතරම් විශිෂ්ඨ තත්වයක නොසිටින්නට පුළුවන්. භාෂාව ඉගෙනගැනීම […] ...
මඩුවලිගේ………. මඩුවලිගේ…………..! බුදු අම්මෝ……… මඩුවලිගේ! Jangun හෙහ් හෙහ් හෙහ්, අම්මපා අපේ ජනාධිපතිතුමාගේ කටින්, අර මඩුවල්ග කතාව පිටවුණ දවසේ ඉඳලා, කොච්චර නම්, පත්තර වාර්තා, රූපවාහිනී වාර්තා, කාටූන්, පළවුනාද, පාර්ලිමේන්තුවේ කතාවුනාද, බ්ලොග් ලිපි ලියවුනාද, තවමත් ඉවර නැහැ මගෙ හිතේ. නෑ නෑ ඒකත් හොඳයි. කියවන්න බ්ලොග් ලිපි හිග කාලේ, අඩු ගානේ ජනාධිපතිතුමාට (මහේල සහ සංගාටත්?) පින්සිද්ද වෙන්න, අලුත් මාතෘකාවක් ලැබුණා, අර හක්කෙන් මේ […] ...
අපි හමුදා කුමන්ත්‍රණයක් කරමුද? Jangun නිකං ඉන්න එකේ ඔන්න ඔහේ කරලා බලමු අනේ, මොකක් වෙයිද කියලා. ඕනේ කැකිරි වත්තකින් යන්නේ නැතෑ. අර අපේ කුශාග්‍ර දේශපාලන සෘෂිවර, හමුදා පරිපාලනය පිළිබඳව, ජෙනරල් පැටන් වුවත් පරදවන, අතිගරු, සරණාගත, ඒකා + බද්ද, ආඬි කැඳහැලියේ ගැට්ට කරේ තියන ආකාරයට පැළඳගෙන සිටින, සෑමවිටම පාර්ලිමේන්තුව තුළ මහා විලාප තියන, සිරිමත් දිනේස ගුණවර්ධන උතුමෝ, මේ ග්‍රහ […] ...
දුව දුන්නෙමි කාර බැඳා Jangun ජනප්‍රිය පැරණි රසාංගයක් තියනවා, අහලා තියනවද, ‘දුව දීමට කාරෙ බැඳා’ කියලා ගීතයක්? අහලා නෑ? මේක පැරණි නූර්ති ගීතයක්. ඉස්සරනම් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නාලිකා වල නිතර ප්‍රචාරය වුන ගීතයක්. මෙය නූර්ති ගීතයක් බව මතක තිබෙන නමුත් කුමන නූර්තියේද, ගායකයා කවුද කියන එක දැන් මතකයෙන් ගිලිහිලා. මුල් ගීතය සොයන්න විශාල වෙහෙසක් දැරුව නමුත්, අන්තර්ජාලය පුරා […] ...
සංගීත සංදර්ශනයක් ඇසුවෙමි (නව පිටපත) Jangun මේ ලිපිය බැලීමට නොහැකි බව කීප දෙනෙක් දන්වා තිබුනා. ඒ නිසා නැවත පරීක්ෂා කළා. මටත් සංස්කරණ අවස්ථාවෙන් පිට සිට ඇතුළුවිය නොහැකි බව දැනුනේ එසේ පරීක්ෂා කිරීමේදීයි. මේ සංස්කරණයෙන් පසු, ඇතුළුවිය හැකිද යන්න බලනමෙන් සියලුදෙනාගෙන් කාරුණිකව ඉල්ලනවා. ඊයේ පෙරේදා දවසක අපේ ගම් පළාතේ සංගීත සංදර්ශනයක් පැවැත්වෙන බව දැනගත්තේ, ඒ සංදර්ශනය පැවැත්වෙන පිටිය ටකරම් වලින් වටකොට තිබෙනු දැකීමෙනි. මා එළිමහන් සංගීත සංදර්ශන ...
අතින් කාලා හරක් බලන…………… ලෝකයේ ප්‍රථම ෆීල්ඩ් මාර්ෂල් Jangun මතක ඇති නේද අපි මෑතකදී කතාකළා, ලංකාවේ ප්‍රථම වරට පිහිටුවන්න යන ෆීල්ඩ් මාර්ෂල් තනතුර ගැන. ඔන්න දැන් ඒක පිහිටුවන්න තමා යන්නේ. හැබැයි අලුත් ෆීල්ඩ් මාර්ෂල් උන්නැහේට, අතින් කාලා හරක් බලන්න වෙලා. බලන්නකෝ ඔය පහලින් තියන ප්‍රවෘත්තිය. පොඃ………………..කාටද ආඩම්බර? ෆොන්සේකා උන්නැහෙටමනේ ආඩම්බර. මොකෑ ඔන්න ඉතිං අපි හමුදාවේ ඉන්දැද්දිං නං, සල්ලි වලට ගත්තේ, ඔය ලාග්ගෝ […] ...
මෝඩකමට බෙහෙත් නැත. Jangun මේ දිනවල අපේ රටේ සෑම සමාජ තලකම පාහේ, ළමා අපචාර කියන ටොපිය, අර හක්කෙන් මේ හක්කට මාරු කරනවා. ළමා අපචාර කියන බුල්ටෝව, සමහරුන්ගේ දත් ඇඳි එකට අලවලා. (බුල්ටෝවෙන් එහෙම වෙන්නේ කොහොමද ලියලා දන්නේ, බුල්ටෝ කාපු අය විතරයි) ළමා අපචාර නමැති ලොලිපොප් එක, හිටු කියලා සූප්පු කරනවා. කෙළ වැක්කෙරෙනවා බලා ඉන්න අයගේ. පශ්චාත් මරණ පරීක්ෂණ, […] ...
මෙයාව මැරුවේ කොහොමද? Jangun මෙයා ගැන අමුතුවෙන් හැඳින්වීමක් කරන්න අවශ්‍ය නැහැ නේද? මට නම් මෙයා පත්තරකාරයෙක්. මෙයාව හඳුන්වන්න වෙනත් මහ බර වචන මට නම් අවශ්‍ය නැහැ. මෙයා ඒ කාලේ පත්තර වලට ලියපු බොහොමයක් තොරතුරු මා කියවා තිබෙනවා. ඒවා සියල්ල පරම සත්‍යය ලෙසත්, සමබර හා සාධාරණ ප්රවෘත්ති ලෙසත් පිළිගන්නට මා සූදානම් නැහැ. නමුත් බහුතරය සාධාරණ විවේචන බව මා පිළිගන්නවා. […] ...
මේ තත්වයනම් කණගාටුදායකයි – what is this failure Jangun අද උදේ මා කුරුණෑගල මහ තැපැල්හලට ගියේ, මගේ රෙජිමේන්න්තු මධ්‍යස්ථානයට අදාළ, සේවාමුක්ත භට සංගමය වෙනුවෙන්, මගේ වාර්ෂික අවමංගල්‍යාධාර සාමාජික මුදල්, තැපැල් මුදල් ඇණවුමකින් යැවීම සඳහායි. මුදල් ඇණවුම ලබාගෙන, එහි ඡායා පිටපතක්ද තැපැල් හලෙන්ම ලබාගෙන, ගෙදරදී පරිගණකයෙන් සකසා, මුද්‍රණය කරගෙන ගිය, ආවරණ ලිපියට, මුදල් ඇණවුම ‘ස්ටේප්ලර්’ කටුවකින් අමුණා, ලිපි කවරය අලවා, ලිපිය පරීක්ෂාකර, කිරා බලා, […] ...