අපේ සෞරග්‍රහ මණ්ඩලයට වල්ගයක් තියෙනවා! ඉබෙක්ස් යානය පොළොවට දත්තවලින් හෙළිවෙයි! මල්කැකුළු නාසා ආයතනයේ අභ්‍යවකාශ යානයක් පසුගියදා විස්මිත දෙයක් දැක්කා. කාලයක් තිස්සේ අපේ විද්‍යාඥයන් විසින් ඇතැයි සැක කළ, අප කිසිදාක නුදුටු දෙයක් තමයි, එසේ දැක්කේ. ඒ වෙනත් කිසිවක් නොව අපේ සෞරග්‍රහ මණ්ඩලයේ වලිගයයි. අපේ විද්‍යාඥයන් බොහෝ කලකට පෙර අපේ සෞරග්‍රහ මණ්ඩලයටත් ධූමකේතුවකට වාගේ වල්ගයක් තිබිය යුතු යැයි මතයක් පළ කර තිබුණා. අභ්‍යවකාශය හරහා යන ගමනේ දී අපේ සෞරග්‍රහ මණ්ඩලය පසුපසින් අංශු ධාරාවක් ...
‘ලෝක සංගීතයේ මහා ගාන්ධර්වයා’ ලොවෙන් සමු ගනියි! මල්කැකුළු ඒ, 1920 වසරේ අපේ‍්‍රල් 7 වැනිදා ය. ඉන්දියාවේ බරණැස් නුවර බෙංගාලයේ බ්රාහ්මීය පවුලක සහෝදරයන් අට දෙනකුගෙන් යුත් පවුලක බාලයා ලෙස ඔහු උපන්නේය. උපතේ දී ඔහු රොබින්දෝර් ශෝන්කෝර් චෞද්රි ලෙස නම් කරනු ලැබීය. පුංචි අවිධියේ ම ඔහුට ලෝක සවාරියේ යෙදීමට අවස්ථාව ලැබුණේය. ඒ, එවකට ජගත් කීර්තිය දිනා සිටි ඔහුගේ වැඩිමහලූ සොහොයුරු වූ ඉන්දියානු නර්තනශිල්පී උදය ශංකර්ගේ නැටුම් කණ්ඩායම සමගය. එවකට දස ...
මෙන්න ඉතිහාසය අලූතින් ම ලියන මෝටර් රථය! - ‘ඇස්ටන් මාටින් හයිඩ්රජන් හයිබි්රඞ්’ හරිත රිය! මල්කැකුළු ඔබ ජේම්ස් බොන්ඞ් චිත්‍රපට දැක ඇත්නම් ඇස්ටන් මාටින් (Aston Martin) මෝටර් රථයත් දැක ඇතුවාට සැකයක් නැහැ. ඒ ඇස්ටන් මාටින් වර්ගයේ අලූත් ම රථය දැන් කලඑළි බසින්න සූදානම්. මෙය මෝටර් රථ ඉතිහාසය අලූතින් ලියවෙන අවස්ථාවක් වෙනවාට සැකයක් නැහැ. මේ නවතම මෝටර් රථය එන්නේ හරිත රථයක් හෙවත් පරිසර මිතුරු රියක් ලෙසටයි. මෙය අන්තර් ජාතික මෝටර් රථ ධාවන තරග පථයක දී එක් වටයක් ...
අප දන්න අපේ දිවෙහි ‘රස සිතියම’ වැරදියි! විද්‍යාඥයන්ගේ නව සොයා ගැනීමක්! මල්කැකුළු අපි කුඩා කාලයේ දී පාසලේ දී ඉගෙන ගත්තේ දිවෙහි රස හඳුනන තැන් ඇති බවයි. ලුණු රස, තිත්ත රස, ඇඹුල් රස, පැණි හෝ මිහිරි රස වර්ග හඳුනා ගත හැකි විශේෂ තැන් දිවෙහි තියෙන බවයි. ඒත් දැන් විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා, ඒ සිතියම මුළුමනින් ම වැරදි බව. දිවෙහි ඇති දහස් ගණනක් වූ සංවේදකවලට වෙනසක් නැතිව ඕනෑම රසයක් හසුකර ගන්න පුළුවන් කියලයි, ඒ විද්‍යාඥයන් ...
17 හැවිරිදි යුවතියක අතින් බිහිවෙන ලෝකයේ ලොකුම ලිලී මල මෙන්න! මල්කැකුළු උද්භිද විද්‍යාඥයන් යෝධ ශාක විශේෂ දෙකක් පරපරාගණය කොට ලෝකයේ විශාලතම ලිලී ශාකය බිහි කරන්න කළ උත්සාහයක් ගැන කතාවක්, මේ. ආධුනික උද්භිද විද්‍යාඥවරියක් වන 17 හැවිරිදි හැනා රොජර්ස් (Hannah Rogers), බි්රතාන්යයට අයත් ලොකුම දූපත වූ අයිල් ඔෆ් වයිට් (Isle of Wight) හී වෙන්ට්නෝර් උද්භිද උද්‍යානයේ විශේෂඥයන් හා එක්ව ඇමසෝනියානු වෝටර් ලිලී ශාකයක් පරාගණය කරන්න සමත් වෙලා තියෙනවා. ලෝකයේ දැවැන්ත ශාක අතර ...
තවත් නස්රුදින්ගේ කතා දෙකක්! මල්කැකුළු මිනිසෙකුට මෝඩ විය හැකි සීමාව?නස්රුදින් හිටිය ගම්වල මිනිස්සු තම තමන්ගේ වී වුනත් ගබඩා කළේ ගමටම පොදු එකම ගොඩනැගිල්ලකයි. එක දවසක් එහි දී නස්රුදින් අසල්වැසියන්ගේ වී එයාගෙ මලූවලට පුරවද්දී අහුවෙලා නඩුකාරයා ළඟට අරන් ගියා. ”මං මෝඩයෙක්, මං ඒ ගොල්ලන්ගෙ වි අඳුනන්නෙ නෑ.” නස්රුදින් එහි දී කිව්වා.”එහෙනම් ඇයි ? තමාගේ වී අනිත් අයගෙ මලූවලට දැම්මෙ නැත්තේ ?””ආ! මං මගෙ වී අඳුනනවා. මං ...
ලෝක දේශපාලනයේ පරමාදර්ශී කාන්තාව - මාගරට් තැචර් (‘යකඩ ගැහැනිය’) ජීවිතයෙන් සමුගනියි. මල්කැකුළු බි්රතාන්යයේ ප්‍රථම සහ එකම අගමැතිවරිය ඇයයි. බි්රතාන්ය වැසියන්ගේ පමණක් නොව, මුළු ලෝකයේම ගෞරවයටත් ආදරයටත් පාත්‍ර වූ ඇය වඩාත් ප්‍රකට ‘යකඩ ගැහැනිය’ යන අන්වර්ථ නාමයෙනි. කොන්සවර්ටිව් පක්ෂයට නායකත්වය දෙමින් පිට පිට තෙවරක් බි්රතාන්යයේ අගමැති ධුරය හෙබවූ ඇය මාගරට් තැචර්ය. මහ රැජන විසින් ආදිපාද පදවියකට උසස් කිරීම නිසා මියයන විට තැචර් ආදිපාදවරිය ලෙසින් හඳුන්වනු ලැබීය. දීර්ඝ කාලයක් පුරා අයහපත් රෝගී තත්ත්වයෙන් පීඩා ...
නිවසේ තනිකම මකා ගන්නට අන්තර් ජාලයට පිවිසුණු තරුණ බ්ලොග්කරුවා අද කෝටිපතියෙක්! මල්කැකුළු මේ වාසානවන්ත බ්ලොග් ලියන්නකුගේ කතාවක්. ස්කොට්ලන්තයේ නිදන කාමරයට වෙලා තනිකම නැති කර ගන්න පටන් ගත්තු බ්ලොග් එකක් නිසා අද ඔහු කෝටිපතියකු බවට පත් වෙලා. ඇමරිකාවේ අංක එකේ මාධ්‍ය ආයතනය වූ CNN දැන් ඔහුගේ බ්ලොග් එක ඩොලර් කෝටි විස්සකට මිල දී ගන්න යනවා. ඔහු මේක පටන් අරන් තියෙන්නෙ ඇඳෙන් නැඟිටින්නෙ නැතුව කරන්න පුළුවන් දෙයක් හැටියටයි. පීට් කෑෂ්මෝ Pete Cashmore දැන් 26 ...
මිනීමරු සුදු මෝරාගේ විස්මිත තල්මස් දඩයම මල්කැකුළු මුහුදේ දැවැන්තයකුට මීනීමරු සුදු මෝරකු (great white shark) පහර දුන් ආකාරය දැක්වෙන වීඩියෝවක කොටසක් පසුගියදා අන්තර්ජාලයට මුදා හැර තිබුණා. මෙවැනි දෙයක් දැක ගැනීමට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඒ වාසනාව උදා වූයේ දකුණු අප්‍රිකානු වෙරළට නුදුරු මුහුදේ තල්මසුන් නිරීක්ෂණය සඳහා ගිය සාගරජීව විද්‍යාඥයකු වූ රයන් ජොන්සන්ටයි. මෙවැනි සටනක් වීඩියෝ ගතකර ඇත්තේ ද ප්‍රථම වතාවටයි. මෙය මිනිත්තු 50ක් තිස්සේ පැවති සටනක්.මෙහි දැක්වෙන්නේ මිනීමරු ...
සෙන් බොදු කතාවක් - සොරකම් කරනු බැරි සඳ! මල්කැකුළු රියෝකාන් සෙන් ගුරුවරයෙක්. කන්දක් පාමුල පිහිට පුංචි පැලකට වී ඔහු ගත කළේ ඉතාමත් සරල ජීවිතයක්. එක් හැන්දෑවක, රියෝකාන් පිටතට ගොස් සිටියදී, හොරෙක් ඒ පැලට රිංගුවා, මොනව හරි හොරකම් කරන්න හිතාගෙන. ඒත් කිසි දෙයක් තිබුණේ නෑ.ඒ අතර රියෝකාන් ආවා. හොරා අතට ම අහුවුණා.‘ඔබ හුඟක් දුර ඉඳන් වෙන්න මාව හොයා ගෙන ආවෙ’ රියෝකාන් හොරාට කිව්වා.හොරා මොකක්ද කියන්නෙ කියලා හිතා ගන්න බැරුව බයවෙලා ...
ලෝක ඉතිහාසයේ පළමු වරට ‘රතු ග්‍රහයා’ අල්ලන්න රටවල් තුනක් පෙරට! මල්කැකුළු ජූලි මාසය අභ්‍යවකාශ තරණය අතින් විශාල වැදගත්කමක් උසුලන මාසයක්. 1969 ජූලි මාසයේ තමයි, මිනිසා පළමුවරට හඳ මත පා තැබුවේ. රටක් වශයෙන් එහිදී ඇමරිකාව ඉදිරියට ආවත් ඒ ජයග්‍රහණය සමස්ත මානව වර්ගයාම ලද එකක්. 2020 ජූලි මාසයත් සුවිශේෂී එකක් වෙනවා. ඒ දින 10ක් ඇතුළත රටවල් තුනක් ම අඟහරු(රතු ග්‍රහයා) ජය ගන්න පෙරට ඒම නිසයි.ලෝකයේ රටවල් තුනක්, දින 10ක් තුළ, මෙහෙයුම් 3ක් යවන ...
ප්‍රීතිමත් චීන මිනිසා හා සිනාසෙන බුදු පිළිමය මල්කැකුළු චීනයේ විතරක් නොවේ, ඇමරිකාවේ චීන නගරයක වීථියක ඇවිද ගෙන යන ඕනෑම කෙනෙකු උරමල්ලක් දමාගෙන සිටින මිටි මහත අයකුගේ පිළිම දැක ගන්න පුලුවන්. චීන වෙළෙඳුන් මෙය හඳුන්වන්නේ ‘ප්‍රීතිමත් චීන මිනිසා හෙවත් සිනාසෙන බුදු පිළිමය’ කියලයි.මේ විදියෙ පෙනුමක් ඇති හොටෙයි ජීවත් වුණේ චීනයේ ටෑන් රජ කාලයෙයි. ඔහුට ඕනෑකමක් තිබුණේ නෑ, තමන් සෙන් ගුරුවරයෙකු ලෙස හඳුන්වා ගන්න. ඒ වගේ ම ගෝලබාලයන් පිරිවරාගෙන ඉන්න. ...
සත්වලෝකයේ ‘ඒ විස්මිත හැකියාව’ බස්සන්ට බකමූණන්ට ලැබුණේ කොහොමද? මල්කැකුළු බස්සන් හා බකමූණන්ට හිස වටේට කරකවා බලන්න හැකියාව ලැබුණේ කොහොමද? හිසට ලේ ගමන් කිරීමට බාධාවක් නො වන විධියට උන් සිරුරු නොසොල්වා විස්මිත අයුරින් හිස පමණක් කරකවා බලන අයුරු ගැන සමහර විට ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ.දැන් විද්‍යාඥයන් ඒ රහස අනාවරණය කර ගන්න සමත් වෙලා තියෙනවා. ඔවුන් සොයා ගෙන තියෙනවා, මේ කුරුල්ලන්ට ඔවුන්ගේ හිස් අංශක 270ක් දක්වා කරකවන්නට හැකියාව ඇති බව. ...
ශබ්දයේ වේගය පරදවන විස්මිත මගී ගුවන්යානා යළිත් එනවා! මල්කැකුළු ශබ්දයේ වේගය මෙන් දෙගුණයක් වේගයෙන් පියාසර කරන්න දැන් ආයිත් ඔබට අවස්ථාවක් ලැබෙන්නයි යන්නෙ. මීට කලින් කොන්කෝඩ් සුපර්සොනික් මගී ගුවන් යානය ඔබට මතකද? ඒ යානයේ ගමන් නවතා දැමූයේ වියදම් දැරිය නොහැකි වීම නිසයි. ඒ වගේම කොන්කෝඩ් එයා ෆ්රාන්ස් යානයක් අනතුරට ලක්වී 113ක් මරණයට පත් වුණා. ඒ සිද්ධියත් සමග ඒ යානාවලට මගීන්ගේ විශාල අඩුවීමක් ඇතිවුණා. ඒ යානයෙන් නිව්යෝක් හා ලන්ඩන් අතර එක් ...
ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල නවකතාව කුමක් ද? මල්කැකුළු සාහිත්‍ය මාසය වෙනුවෙන් තවත් සාහිත්‍යයට අදාළ කරුණක් ගැන පවසන්නයි, මේ සැරසෙන්නේ. සිංහල සාහිත්‍යයේ ප්‍රථම නවකතාව කුමක් ද? සයිමන් ද සිල්වාගේ ‘මීනා’ ද? ඇල්බට් ද සිල්වාගේ ‘විමලා ද? ඇල්. අයිසෙක් ද සිල්වාගේ ‘පවුල් දෙක’ ද? පියදාස සිරිසේනගේ ‘ජයතිස්ස සහ රොසලින්’ ද? සිංහල නවකතාවේ පුරෝගාමීන් තොම්සන් ඒ වැන්දබෝනා ලියූ කෘතියනවකතාව යන වචනයට ඉංග්‍රීසියෙන් යොදන novel යන වදන බිඳී ආවේ ඉතාලි බසෙහි එන ...
ලෝක පොත් කතුවරුන් හා පොත් ගැන විස්මිත තතු! මල්කැකුළු මේ සාහිත්‍යය මාසයේ වැඩිපුර ම සිත යෙදවෙන්නේ පොතපත වෙතටයි, ලේඛකයන්ගේ විස්මිත තොරතුරුවලටයි. ඒවාගේ තොරතුරු තියෙනවා, පොත් ගණනාවක් ලිවිය හැකි. ලොව පුරා විසිරි එම ලේඛකයන් ගැනත් ඔවුන්ගේ පොත් ගැනත් තොරතුරුවලින් බිඳක් මෙහි දැක්වෙන්නේ ඔබේ දැනුම පිණිසයි.ලොව වැඩියෙන් පොත් අලෙවි වූ ලේඛිකා ඇගතා ක්‍රිස්ටි1. ජේන් ඔස්ටින් නම් ඉංග්‍රීසි නවකතාකාරිය හත් හැවිරිදි වියේදී ඇයටත් ඇගේ සොහොයුරිය වූ කැසන්ඩ්රාටත් ගලපටලය වැළඳී අසාධ්‍ය වුණා. ඒ ...
ඉතිහාස පොත්වල නැති ඒත් ඉතිහාස ගත වූ විස්මිත දේ! මල්කැකුළු ඉතිහාස පොත්වලට ඇතුළත් නොවුණු එහෙත් ඉතිහාසයට එක්වුණු මිනිසා මැවූ හා තැනූ විස්මිත දෑ මෙන් ම අපේ පරම්පරාව නොදුටු අතීත පරම්පරාවල මිනිසුන් මැවූ සිහින දැක ගන්න ඔබව ලෝක සවාරියක ගෙන යන්නයි හදන්නේ. බොහෝ විට කෞතුකාගාරවලට සීමාවුණු, ඒවා දැකුමෙන් අපේ පරපුරේ නිර්මාශීලීන්ට නව අදහස් පහළ වෙන්නත් පුලුවන්. ඒවා පසුබිමේ රසවත් කථා පුවත් තියෙනවා. ඒවාත් ඔබේ ආස්වාදනයට හේතු වෙනවා නිසැකයි.1905 දී බ්‍රිතාන්‍ය ගිනිනිවන ...
හඳ ගමන නිසා අප ලද විස්මිත නිපැයුම් -1 වෛද්‍ය විද්‍යාව හා සෞඛ්‍යය මල්කැකුළු මිනිසා සඳ තරණය කර මේ සතියට වසර පනස් එකක් ගත වී ඇත. මේ වසර පනස් එක තුළ අජටාකාශගාමීනට පමණක් නොව අපට ද අලුත් අලුත් දෑ රැසක් ලැබී තිබේ. මේ නව මෙවලම් අද අපගේ එදිනෙදා භාවිතයට පැමිණ ඇත්තේ අභ්‍යවකාශ තරණය සඳහා පිහිටුවන ලද ඇමරිකාවේ නාසා (NASA- National Aeronautics and Space Administration) ආයතනයේ අනුග්‍රහය හා දායකත්වය නිසාය. දැනට ලොව පුරා භාවිත කරන ...
සතුන්ට කියන සිංහල හා ඉංග්‍රීසි නම්වල ඇති අපූරු වෙනස්කම්! මල්කැකුළු සිංහල භාෂාවෙහි නම්ගම් භාවිතයෙහි ඇති වෙනස්කම් මොනවාද? එයින් සතුන්ට භාවිත කරන නම් ගැනයි, මේ සටහන ලියන්නේ. අලියාගේ ගැහැනු සතාට කියන්නේ ‘කෙණෙර’ කියලයි. ඒ වගේම ‘අලිදෙන’, ‘අලිධේනුව’ කියන්නත් පුලුවන්. ඇතාගේ ගැහැනු සතා ‘ඇතින්න’යි. හස්තියාගේ ගැහැනු සතා ‘හස්තිනිය’යි. ඒ නම්වලින් එකම සතා හැඳින්නුවත් ස්ත්‍රී ලිංග පදය යෙදිය යුතු තැන්වලදි ඒ අදාළ පදය සමග ඊට සුදුසු පදය භාවිත කළ යුතුයි. කිරි දී පැටවුන් ...