HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝක පොත් කතුවරුන් හා පොත් ගැන විස්මිත තතු!

මේ සාහිත්‍යය මාසයේ වැඩිපුර ම සිත යෙදවෙන්නේ පොතපත වෙතටයි, ලේඛකයන්ගේ විස්මිත තොරතුරුවලටයි. ඒවාගේ තොරතුරු තියෙනවා, පොත් ගණනාවක් ලිවිය හැකි. ලොව පුරා විසිරි එම ලේඛකයන් ගැනත් ඔවුන්ගේ පොත් ගැනත් තොරතුරුවලින් බිඳක් මෙහි දැක්වෙන්නේ ඔබේ දැනුම පිණිසයි.
ලොව වැඩියෙන් පොත් අලෙවි වූ ලේඛිකා ඇගතා ක්‍රිස්ටි

1. ජේන් ඔස්ටින් නම් ඉංග්‍රීසි නවකතාකාරිය හත් හැවිරිදි වියේදී ඇයටත් ඇගේ සොහොයුරිය වූ කැසන්ඩ්‍රාටත් ගලපටලය වැළඳී අසාධ්‍ය වුණා. ඒ වෙනුවට ඔවුන් සිටියේ ඔක්ස්ෆ්ර්ඩ් නතරයේ යි. ඔවුන්ගේ ඥති සොහොයුරියක වූ ජේන් කූපර් මේ බව ගමේ ජීවත් වූ ඔවුන්ගේ මවට සන්වා යැව්වා. මව ශාක සාර ඔසුවක් රැගෙන වහාම පැමිණ ඔවුන් සුවපත් කළා. එසේ නො කළා නම් ජේන් ඔස්ටින් අතින් ‘ප්‍රයිඩ් ඇන්ඩ් ප්‍රෙජුඩිස්ට්’ වැනි විශිෂ්ට ඉංග්‍රීසි නවකතාව නොලියවෙන්නට ඉඩ තිබුණා.

2. ‘ඇලිස් ඉන් වන්ඩර්ලන්ඩ්’ නම් ලෝක ප්‍රකට සුරංගන‍ා කතාව ළමා පරපුරට දායාද කළ ලුවිස් කැරොල්ගේ ජීවිතය හැමදාම අගහිඟකම්වලින් පිරිලයි තිබුණෙ. අය වැය සමබර කරන්න ඔහුට කවදාවත් හැකි වුණේ නෑ. ඔහුට ණය ‍පියවීම නිසි කලට කළත් ඔහුට හැමදාම ඔහුගේ ණය අයිරාව ඩොලර් 7,500 පැන්නා. ඒත් දෛවයේ සරදම වන්නේ ඔහු ඔක්ස්ෆ්ර්ඩ් විශ්ව විද්‍යාලයයේ ගණිත උපාධිධරයකු වීමයි.

ලේඛක ලුවිස් කැරොල් ඔහුගේ සුරංගනා 
කතා මුලින් ඇසූ දරුදැරියන් සමග

3. ලෝක ප්‍රකට ෆ්‍රැන්කන්ස්ටීන් චරිතය රැගත් ‘ද මොඩර්න් ප්‍රොමීතියස්’ කෘතිය ප්‍රබන්ධ කළ මේරි ෂෙලී ඒ වන විට පසු වූයේ 18 හැවිරිදි වියේයි. ඒ කෘතිය පළ වූයේ වසර දෙකකට පසුවයි.

4. ප්‍රංශ ජාතික වික්ටර් හියුගෝගේ ‘ලේ මිසරබ්ල’ නවකතාව ජනප්‍රිය වූයේ 19 වන සියවසේ ප්‍රංශ ජාතිකයන් අතර පමණක් නොව ඒ දැවැන්ත නවකතාව ඇමරිකන් සිවිල් යුද්ධයේ සොල්දාදුවන් අතරත් විස්මයජනක ලෙස ජනප්‍රිය වුණා.

5. ලෝක‍ය පුරා ජනප්‍රිය වූ නවකතා රැසක් ලියූ ‘ජෝර්ජ් එලියට්’ යන පිරිමි නමින් ලියූවේ මේරි ඈන් එවන්ස් නමි නවකතාකාරියයි. ඇය එහෙම පිරිමි නමකින් ලියූවේ ඒ යුගයේ කාන්තා නමකට වඩා පිරිමි නමකට ප්‍රකාශකයන් වැඩියෙන් කැමති වූ නිසයි.

6. ලෝක ප්‍රකට නවකතාකරු ව්ලැඩ්මීර් නැබෝකෝෆ් ගැන බොහෝ දෙනකු නොදන්නා දෙයක් වන්නේ ඔහු සමනලුන් ගැන ගැඹුරෙන් හැදෑරූ අයෙක් බව. ඔහු හවාඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය කළේ තුලනාත්මක සත්ව විද්‍යාවට අදාළවයි. ඔහු එහි දී කළ සමනලුන්ගේ එකතුව තාමත් ඔහුගේ නමින්ම තියෙනවා.

7. ඉංග්‍රීසි ජාතික ලෝඩ් බයිරන් නිතරම ගමන් බිමන් ගියේ ඔහුගේ සුරතල් සතුන් පිරිසත් සමගයි. ඒ සුරතලුන් ඔහුගේ ඉතාලි සංචාරයටත් එක්ක කර ගෙන ගියා. ඒ පිරිසට ඇතුළත් වුණේ අසුන් දසදෙනෙක්, වඳුරන් තුන්දෙනෙක්, මොනරුන් තුන්දෙනෙක්, සුනඛයන් අටදෙනෙක්, බළලුන් අටදෙනෙක්, කොකෙක්, එක කුරුලුගොයෙක්, එක උකුස්සකේ හා එක කාක්කෙක් ආදියයි.

8. වික්ටර් හියුගෝ ඔහුගේ ‘ද හන්ච්බෑක් ඔෆ් නොත්‍රඩම්’ කෘතිය තමන් බලාපොරොත්තු වූ දිනට අවසන් කිරීමට ඔහු විසින් ම කාමරයක සිරකරවා ගනු ලැබුවා. ඒ කාමරයේ වූයේ පැනක්, කඩදාසි හා එක් පොරෝනයක් විතරයි. ඔහු මෙසේ කරවා ගත්තේ පිටත දැඩි සීතල කාලගුණයක් පැවති නිසාම නොව ඔහුගේ අවධානය ඒ පොත ලිවීම සඳහා ම යොමු කිරීමටයි.

9. ලෝකයේ වැඩිම නවකතා ගණනක් අලෙවි වූ නවකතාකාරිය වූ ඇගතා ක්‍රිස්ටි කියන්නේ ඇයට සිය කතා නිර්මාණය සඳහා අදහස් ගලා ආවේ ඇපල් කමින් උණුසුම් ජලයේ බැස ස්නානය කරමින් සිටියදී කියලයි. ඒ ක්‍රමය සාර්ථක එකක් නොවේයැයි කාට කිව හැකිද?

10. ‘ද ට්‍රෂර් අයිලන්ඩ්’ වගේ ම ‘ඩොක්ටර් ජෙකිල් ඇන්ඩ් මිස්ටර් හයිඩ්’ නවකතා ලියූ රොබට් ලුවී ස්ටීවන්සන් ඔහු සැමෝවා දිවයිනේ ජීවත්වූ කාලයේදී ඔහුගේ උපන්දිනය ඒ.එච්. අයිඩ් නම් දැරියකට පිරිනැමූ බව සඳහන් වෙනවා. ඒ දැරියගේ උපන් දිනය යෙදී තිබුණේ නත්තල් දාට නිසා ඇයට සිය. මිතුරු මිතුරියන් මෙන් තෑගි නොලැබෙන බැව් කියා කළ ගැනවිල්ලකට පිළියමක් ලෙසයි, ඔහු එලෙස ක්‍රියා කළේ.
බොරිස් පැස්ටනැක්ස්ගේ ‘ඩොක්ටර් ශිවාගෝ’ 
කතාව ඇසුරෙන් කළ චිත්‍රපටයේ 
ඔමාර් ෂෙරිෆ් හා ජුලී ක්‍රිස්ටි රඟපාමින්.

11. රුසියනු ලේඛක බොරිස් පැස්ටර්නැක් තමා ලොව ප්‍රථම ලේඛකයා සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය නිල වශයෙන් ප්‍රතික්ෂේප කළ. ඔහු ලියූ ‘ඩොක්ටර් ෂිවාගෝ’ නම් නවකතාවටයි, 1958 දී සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය පිරිනැමුණේ. ඔහු එසේ ප්‍රතික්ෂේප කළේ එකල පැවති සෝවියට් පාලනය ඔහුත් ඔහුගේ පවුලේ උදවියත් සිරගත කරතැයි බිය වීමෙනුයි. ඒත් 1989 දී පැස්ටර්නැක්ගේ පුත්‍රයා පියා වෙනුවෙන් ඒ සම්මානය පිළිගත්තා.

12. ඔබ නෝර්වේ රාජ්‍යය තුළ දී පොතක් පළ කළොත් අනිවාර්යයෙන් ම එයින් පිටපත් 1000ක් එරට රජය විසින් මිලදී ගන්නවා. හැබැයි ඒ පොත ළමයිින් සඳහා ලියූවක් නම් පිටපත් 1500ක් ගන්නවා. එසේ මිල දී ගන්නා පොත ඒ රට පුරා ඇති සියලුම පුස්තකාලවලට නොමිලයේ බෙදා හරිනවා.

13. ප්‍රංශ ජාතික ප්‍රවීණ කෙටිකතාකරු ගී ද මෝපසාන්ට්, 19 වන සියවසේ පැරීසියේ සිටි උගතුන් අතරින් අයිපල් කුලුන දැකීම අප්‍රිය කළ අයෙක්. ඔහු ඉඳහිට ඒ කුලුනේ පාත මාලයේ අවන් හලෙන් දිවා ආහාරය ගන්නවා. එසේ ආහාර ගන්නවා දුටු අයෙක් ඔහුගෙන් විමසුවා, ‘ඇයි ඔබ මේ කුලුනට අකමැති නම් මෙහි දවල් කෑමට එන්නෙ?’ කියා. ‘මං මේක පිටතින් දකින්න අකමැතියි, ඒකයි මේ ඇතුළට වෙලා කෑම ගන්නේ’ ඔහුගේ පිළිතුර වුණා.
අන්ධ ලේඛිකා ට්‍රිෂ් විකර්ස් 

14. අන්ධ ලේඛිකා ට්‍රිෂ් විකර්ස් පොතක් ලිව්වා, වසර හයක් තිස්සේ තිස්සෙ, නෝට් පෑඩ් එකක, බ්‍රේල් ක්‍රමයට නොවෙයි, ඇගේ ම අත්අකුරින්. රූල් වෙනුවට පේළියට ලියන්න ඇය රබර් බෑන්ඩ් තමයි, යොදා ගත්තෙ. පෑනේ තීන්ත ඉවර බව නොදැන ඇය මේ පොතේ පිටු 26ක් නිකම්ම ලියා තිබුණා. තීන්ත නැතිව ලියූ මේ පිටුවල තිබූ දේ අකුරෙන් අකුර ගළපා දුන්නේ රහස් පරීක්ෂණ කටයුත්තක් වාගේ පොලිසියෙන්. ඔවුන්ට ඒ සඳහා මාස පහක් ගත වුණා. ඇය 11 හැවිරිදි වියේ දී අන්ධ වූයේ දියවැඩියාව හේතුවෙන්. ඇය රෝගී තත්වයෙන් පසු වූ නිසා ප්‍රකාශකයා එය දෙසතියක් ඇතුළත මුද්‍රණය කර පළ කළත්, පොත පළ කළ දාම ඇය මිය ගියා.

15. ‘බ්‍රීෆ් හිස්ට්රි ඔෆ් ටයිම්’ නමින් විශාල වශයෙන් අලෙවි වූ පොත ලියූ භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස්ගේ භෂ්මාවශේෂ ගෞරවාන්විතව මිහිදන් කෙරුණේ එංගලන්තයේ වෙස්ට් මිනිස්ටර් දේවස්ථානයේ ‘විද්‍යාඥයන්ගේ කොටසේ’, සර් අයිසෙක් නිව්ටන්ගේ හා චාල්ස් ඩාවින්ගේ අසලයි.

16. ඇපලෝ 11 යානයෙන් මිනිසා හඳට රැගෙන ගිය සැටර්න් -5 රොකට්ටුවේ නිර්මාතෘ වර්නර් වොන් බ්‍රෝන් 1948 දී ‘ප්‍රොජෙක්ට් මාස් - අ ටෙක්නිකල් ටේල්’ (Project Mars – A Technical Tale) නමින් පොතක් ලිව්වා. 1952 දී පළ වූ ඒ පො‍තින් කියැවුණේ මිනිසා අඟහරු වෙත ගොස් ජනාවාස පිහිටවූ අයුරු දැක්වෙන කතාවක්. එහි ගිය පිරිසට නායකත්වය දුන්නේ ඊලොන් (Elon) කියල කෙනෙක්. ඒ, දැන් ‘ස්පේස් එක්ස්’ යටතේ අඟහරු වෙත යන්න ව්‍යාපෘතියක් දියත් කර ඇති ඊලොන් මස්ක් ගැන වසර 78කට පෙර පළ කළ අනාවැකියක්ද?
වර්නර් වොන් බ්‍රෝන් 1948 දී ලියූ 
‘ප්‍රොජෙක්ට් මාස් - අ ටෙක්නිකල් ටේල්’
කෘතියේ නවතම මුද්‍රණයක්.

17. ඇමරිකානු ජනාධිපතිවරයකු වූ යුලිසිස් එස්. ග්‍රාන්ට් අවසාන කාලය ගත කළේ අගහිඟකම් පිරුණු ජීවිතයක්. ඔහු කල්පනා කළ මතක සටහන් පොතක් ලියා බිරිඳට ඔහුගේ මරණයෙන් පසු ජීවන මාර්ගයක් සලසා දෙන්න. ඒ සඳහා කර්තෘ භාගය වශයෙන් ලැබෙන්නේ සියයට දහයක් බව ඇසූ ලෝක ප්‍රකට ලේඛක මාක් ට්වේන් ඔහුගේ ඒ පොත අලෙවියෙන් ලැබෙන සියයට 10 වෙනුවට සියයට 75ක් ප්‍රදානය කරන්නට තීරණය කළා. ඒ අනුව ප්‍රථම මුද්‍රණයෙන් ම ග්‍රාන්ට් ආර්යාව ලද ආදායම ඩොලර් 450,000ක්!

18. ලෝකයේ වැඩි ම අලෙවියක් ඇති ප්‍රබන්ධකරුවා, විලියම් ෂේක්ස්පියර්. ඔහුගේ කෘතින් 48න් මේ වන තෙක් අලෙවි වී ඇති වැඩි ම පිටපත් ගණන බිලියන 4ක් යැයි කියැවෙනවා. ඒ හා සමානව පොත් අළෙවියක් වාර්තා කරන කාන්තාව ඇගතා ක්‍රිස්ටියි. ඇගේ පොත් ගණන 85ක්. ඊළඟට ඒ ආසන්නයට අලෙවියක් වාර්තා කරන්නේ බාබරා කාට්ලන්ඩ් ලේඛිකාවයි. ඇගේ පොත් 723ක් බිලියනයක අලෙවියක් වාර්තා කරනවා. මේ ඇහුවාම ඔබ අහන්න ඉඩ තියෙනවා, ‘හැරී පොටර්’ කතා මාලාව ලියූ ජේ. කේ. රෝලින් ඉන්නේ කොතැනද කියා. ඇයට හිමිව ඇත්තේ 9 වැනි තැනයි. ඇගේ කෘතීන් 15ක් මිලියන 500ක අලෙවියක් වාර්තා කරනවා.

19. ‘අයින්ටයින්ට එරෙහිව ලේඛකයන් 100ක්‘ කියා පොතක් පළ වන බව මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ට කී විට ඔහු ඊට පිළිතුරු වශයෙන් කියා ඇත්තේ, ‘මොකටද 199ක්? මං වැරදි නම් ඒක කියන්න එක්කෙනෙක් හොඳටම ඇති නෙ!’ කියායි.

20. ටාසන් චරිතය රැගත් කතාමාලාව ලියා ජනප්‍රිය වූ එඩ්ගා රයිස් බරොස් පැන්සල් උල් කරන මෙවලම් අලෙවිකරුවෙක්! ඔහු වයස අවුරුදු 36 දී ටාසන් කතා ලියන්න පටන් ගත්තේ බිරිඳ හා දරුවන් දෙදෙනා ජීවත් කරවන්න සිය රැකියාවෙන් නොහැකි වූ නිසයි.

21. බැට්මෑන් කතාවල එන ඔහුගේ ගම වූ ‘ගොතම් සිටි’ නගරයට තැබූ ඒ නම ඩීසී කොමික්ස් නිර්මාණයක් නොවේ. එය මුලින් පාවිච්චි කළේ ‘රිප් වැන් වික්ල්’ ලියූ වොෂින්ටන් අර්වින් ලේඛකයායි. ඔහු එය සටහන් ක‍ෙ‍ෙළ් 1807 පළ වාර ප්‍රකාශනයකට ලියූ ප්‍රබන්ධයකයි. ඒ නම ඔහුගේ නිර්මාණයක් නොවෙයි. ඔහු එය සොරා ගත්තේ එංගලන්තයේ නොටින්හැම්ෂයර් නගරයෙන්. එකල ඒ නගරයට භාවිත කෙරුණු ‘විකට නාමය’ එයයි.

22. 1913දී සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනූ තාගෝර්ගේ ගීතාංජලී කාව්‍යයේ අත්පිටපත එංගලන්තයේ දී අස්ථාන ගත වී පසුව දුම්රිය මගීන්ගේ නැතිවූ බඩු කවුන්ටරයේ තිබූ හමු වූ අතර එය නොබෙල් කමිටුව වෙත යොමු කළේ ඩබ්ලිව්. බී. යීට්ස් නම් කීර්තිමත් කවියායි. තාගෝර් තුමාට හමු වූ නොබෙල් ත්‍යාගයට අදාළ පදක්කම 2004 දී සොරකම් කරනු ලැබූ අතර ඒ වෙනුවට නව පදක්කම් දෙකක අනුරූ දෙකක් නොබෙල් සම්මාන කමිටුව විසින් යළිත් ලබා දී තියෙනවා.

23. ජපන් ලේඛක යසුනරි කවබාතා ඔහුගේ සම්මානීය කෘතිය වූ ‘ස්නෝ කන්ට්‍රි’ (හිමි බිම) නවකතාව ලියා නිම කරන්න ඔහු වසර 12ක් තිස්සේ වෙහෙසුණා. එ් වෙහෙසෙහි ප්‍රතිඵලය වූයේ 1968 දී ඔහුට සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය හිමි වුණා.

24. ඉංග්‍රීසි ලේඛක රුඩ්යාඩ් කිප්ලිං ගේ ‘කිම්’ නම් නවකතාව නිසා 1913 දී වර්ඩුන් නගරයේ වෙඩි තැබීමකින් ප්‍රංශ සොල්දාදුවකු වූ මොරිස් හැමනෝගේ ජීවිතය අනූ නවයෙන් බේරුණා. ඒ ඔහු ‘කිම්’ නවකතාවේ පිටපතක් ඒ අවස්ථාවේ ඔහුගේ ඉදිරිපස වම් සාක්කුවේ දමා ගෙන සිටි නිසයි. උණ්ඩය ඒ පොතේ පිටු අතර හිර වීම නිසා ඔහුගේ ජීවිතය විස්මිත අයුරින් බේරුණා.

25. නෝවේජියානු නාට්‍යකරු හෙන්රික් ඉබ්සන්ගේ නමින් ග්‍රහකයක් නම් කරමින් ඔහුට ගෞරව කරන්න අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමය පසුගියදා තීරණය කළා. ඒ අනුව 1960 දී සැන් දියේගෝහි පැලෝමා ග්‍රහලෝකාගාරයේ තාරකා විද්‍යාඥයන් විසින් සොයා ගත් 5696 ග්‍රහකය දැන් හැඳින්වෙන්නේ ‘5696 ඉබ්සන්’ කියායි.
ටාසන් චරිතය රැගත් කතාමාලාව ලියා 
ජනප්‍රිය වූ එඩ්ගා රයිස් බරොස්

Post a Comment

0 Comments