HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ප්‍රීතිමත් චීන මිනිසා හා සිනාසෙන බුදු පිළිමය

චීනයේ විතරක් නොවේ, ඇමරිකාවේ චීන නගරයක වීථියක ඇවිද ගෙන යන ඕනෑම කෙනෙකු උරමල්ලක් දමාගෙන සිටින මිටි මහත අයකුගේ පිළිම දැක ගන්න පුලුවන්. චීන වෙළෙඳුන් මෙය හඳුන්වන්නේ ‘ප්‍රීතිමත් චීන මිනිසා ‍හෙවත් සිනාසෙන බුදු පිළිමය’ කියලයි.


මේ විදියෙ පෙනුමක් ඇති හොටෙයි ජීවත් වුණේ චීනයේ ටෑන් රජ කාලයෙයි. ඔහුට ඕනෑකමක් තිබුණේ නෑ, තමන් සෙන් ගුරුවරයෙකු ලෙස හඳුන්වා ගන්න. ඒ වගේ ම ගෝලබාලයන් පිරිවරාගෙන ඉන්න. ඒ වෙනුවට ඔහු කළේ ලොකු මල්ලක් කරේ දමා ගෙන වීදි දිගේ ඇවිද්ද එකයි. ඒ ලොකු මල්ලෙ තිබුණෙ රසකැවිලි, පලතුරු වැනි දේයි. මේවා ඔහු වීථියේ දී සෙල්ලම් කරන්න රොක් වුන ළමයින් අතර බෙදා දුන්නා. ඔහු වීථිය ළමයින්ගේ බාලාංශ පන්තියක් බවට පත් කළා.

ඔහු තමන් ඉදිරියට ආ හැම සෙන් බැතිමතෙකුටම අත පා ‘මට පැන්සයක් දෙන්න!’ කියා ඉල්ලුවා.

වරක් ඔහු ළමයින් සමග සෙල්ලම් කරන්න යද්දී සෙන් ගුරුවරයෙකු ඔහු ඉදිරියට ආවා. ඇවිත් මෙහෙම ඇහුවා. ‘සෙන් දහමේ අරුත කුමක්ද?’

හොටෙයි එක්වර ම ඔහුගේ උරමල්ල බිම දැම්මා. ඒ ඔහුගේ නිහඬ පිළිතුර වුණා.

ඊළඟට, ‘ඒක ක්‍රියාවට නාවන්නේ කොහොමද?’ අනෙකා ඇහුවා.

ඒ ප්‍රීතිමත් මිනිසා එක්වර ම මල්ල උරයට ගෙන ඔහුගේ ගමන යන්නට පටන් ගත්තා.

(පර්සි ජයමාන්නගේ ‘සෙන් බොදු කතා’ ග්‍රන්ථයෙනි)


Post a Comment

0 Comments