අනාගතය දුටු විස්මය දනවන ශ්‍රි ලංකාවේ ගීත නිර්මාණයක්! මල්කැකුළු මීට අවුරුදු පනහකට විතර ඉස්සර, අපි තවමත් නුදුටු අනාගතයක් ගැන අපේ නවක ගේය පද රචකයෙක් විස්මය දනවන නිර්මාණයක් කළා. ඒ තමා දයානන්ද කුමාසිරි. විදුලි දුම්රිය තාමත් අපට හීනයක්! ඒ කාලේ තිබුණේ එක ගුවන්විදුලියයි. රූපවාහිනියක් ගෙන එන අදහසක්වත් තිබුණේ නැහැ. 1969 දී ඇමරිකාව රොකට්ටුවකින් මිනිසකු හඳ මතට පා තබන්නට ගෙන ගිය අයුරු කියන විසිතුරු කතන්දරයත් ඔහු අසා ගත්තේත් ගුවන් විදුලියෙන්. ඔහු ...
ඉලෙක්ට්‍රික් කාර්වලට අභියෝග කරන බෙන්ස් එක පිම්මට 1000 km ක්! මල්කැකුළු මර්සිඩීස් බෙන්ස් ආයතනයත් දැන් විදුලි කාරයක් නිපදවා තියෙනවා. දැනට වෙළඳ පොළේ ඇති විදුලි කාර් වගේ නෙවෙයි, මේ බෙන්ස් කාරයට බැටරිය වරක් ආරෝපණය කළාට පසු එක පිම්මට කි.මී. 1000ක් (සැ. 648ක්) දුවන්න පුලුවන්. දැනට එක් වරක් බැටරිය ආරෝපණය කළාට පසු ටෙස්ලා ඉලෙක්ට්‍රික් කාරය එක පිම්මට සැතැපුම් 402ක් යනවා. ලුසිඩ් ඉලෙක්ට්‍රික් කාරය සැතැපුම් 520ක් දුවනවා. ඒ දෙකටම වඩා දුරක් මේ සම්පූර්ණයෙන් ...
ජාතික නිදහස උදෙසා සටන් කළත් නිදහස නුදුටු වීරයෙක්! මල්කැකුළු 1815 සිට බ්‍රිතාන්‍ය යටත්විජිතයක් තිබි ශ්‍රී ලංකාව නිදහස ලැබුවේ 1948 දීය. ඒ වසර 132ක් වූ කාලය තුළ අපේ රට නිදහස් කර ගන්නට වෙර දැර පිරිස අති විශාල ය. ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව කැරලි දෙකක් ඇති විය. ඒ සියල්ල ඉංග්‍රීසී පාලකයෝ නිර්දය ලෙස මර්දනය කළහ. ඒත් නිදහස උදෙසා කළ අරගලය නිදහස අමුණ කර ගත් පිරිස අත් නො හළහ. එය විවිධ පෙරමුණුවලින් මතු ...
2021 දී අලුත් සත්ත්ව හා ශාක විශේෂ 70ක් සොයා ගනියි මල්කැකුළු පසුගිය වසරේ දී මෙතෙක් හඳුනාගෙන නොතිබුණු සත්ත්ව විශේෂ 70ක් අලුතින් හඳුනා ගෙන තියෙනවා. මේ සත්ත්ව විශේෂ අතරට දීප්තිමත් රත්පැහැයෙන් යුතු තාරකා මාළු විශේෂයක්, නිල් පුල්ලි වැටුණු ගිටාර් (වේලාවන්) මාළු වර්ගයක්, හොඳින් වේශාන්තර වීමට සමත් කුරු මුහුදු අශ්ව විශේෂයක්, රුක් වැසි ගෝනුසු විශේෂයක්, දෙපා නොමැති අම්ෆිබියාවෙක් (උභයවංශී ජීවියෙක්), දීප්තිමත් වර්ණවලින් යුත් කුඩා කුරුමිණි විශේෂයක් ද ඒ අතර වෙනවා. කුරු නළාකාර මුහුදු ...
ඇමසන් ඇලෙක්සා පුංචි ළමයෙකුව අමාරුවේ දාන්න හදලා! මල්කැකුළු ඇමසන් යාවත්කාලීන කර ඉදිරිපත් කළ නවතම කටහඬ සහායකයා (voice assistant) වූ ඇලෙක්සා 10 හැවිරිදි පුංචි දැරියකට දුෂ්ඨ උපදේශයක් දීලා අමාරුවේ දාන්න හදලා. ඒක සිද්ධවෙලා තියෙන්නේ ඒ දැරිය ඒකත් එක්ක කතා කර කර ඉන්න ගමන් එයාගෙන් 'කරන්න අභියෝගයක්' (challenge to do) ඉල්ලීම නිසයි. දැරිය කැමතිවෙලා තියෙනවා, ඇයට කරන්න අසීරු දෙයක් කීවොත් ඒක කරලා පෙන්වන්න. ඇලෙක්සා හා එකෝ යන මෙවලම්ඉතින් අභියෝගය හැටියට ...
නස්රුදින්ට පීච්වලින් පඩි ගෙව්ව හැටි! මල්කැකුළු නස්රුදින් අලුත් නගරයකට ගිය නිසා වියදමට තදින් ම මුදල් අවශ්‍ය වුණා. ටිකක් කල්පනා කළ ඔහු තාවකාලික රස්සාවක් කරන්න තීරණය කළා. අන්තීමේ දී ඔහුට ඒ් පළාතේ වතු හිමියෙකු කැමති වුණා, පීච් ගෙඩි අහුලන රස්සාවක් දෙන්න. ඔහුට දවසකට පීච් අහුලනවට රුපියල් 500ක් දෙන්න ඒ මිනිහා පොරොන්දු වුණා. නස්රුදින් මුළු දවසක් පුරා පීචි ගෙඩි අහුලල දවස අවසානයෙදි ආවා වතු හිමියාගෙන් කුලිය ඉල්ල ගන්න. ...
පන්ලක්ෂයක් හරිජනයා බුදුමගට ගෙන ආ අම්බෙඩ්කාර් මල්කැකුළු බුදු හමුදුරුවන්ගේ කාලයෙන් පසුව මහා පරිමාණයෙන් බුදුදහම වැළඳ ගත් අවස්ථාවක් 1956 දී ඉන්දියාවේ සිදු විය. ඒ 2500 බුද්ධ ජයන්තිය උදාවූ වසරයි. මහත්මා ගාන්ධිගෙන් ඉන්දියාවේ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ ශ්‍රේෂ්ඨ භාරත පුත්‍රයකුගේ මැදිහත් වීම නිසයි. ඔහු අන් කිසිවකු නොව 'බාබෂාහීබ්' යන ගෞරව නාමයෙන් හඳුන්වනු ලැබූ භීම්රාවෝ රාම්ජී අම්බෙඩ්කාර් (Bhimrao Ramji Ambedkar) ය. ඒ එතුමා 2500 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ඉන්දියාවේ නාග්පූර්හිදී ...
වසර මිලියන 72කක් වයස ඩයිනෝසර බබෙක් චීනෙන් හමුවෙයි! මල්කැකුළු හරිම පුදුම සොයා ගැනීමක්! චීනයේ දකුණේ ජියැංෂී පළාතේ ගැන්ෂෝ නගරයේ ෂාහේ කර්මාන්ත උද්‍යානයේ දී කළ කැණීම්වල දී ඉතා හොඳින් සුරැකුණු වසර මිලියන 72කක් වයසැති අඟල් 6.7 (17cm) දිග ඩයිනෝසර බිත්තරයක පොසිලයක් හමු වී තියෙනවා. ඒ බිත්තරය තුළ ඩයිනෝසර බබෙකුගේ කලලයක් වසර මිලියන 72කට පෙර තිබූ අයුරින් ම හමුවීම ගැන චීන විද්‍යාඥයන් පුදුමයට පත් වුණා. වසර මිලියන 66-77 අතර කාලයට අයත් ...
නත්තල් අසිරිය යෝධ ඇසක් ගෙන උඩුගුවනට යයි! මල්කැකුළු නාසායතනයේ නවතම අභ්‍යවකාශ දුරේක්ෂය ඊයේ (දෙසැම්බර් 25) සාර්ථකව උඩුගුවනට යවනු ලැබුවා. ඩොලර් බිලියන 10ක් වැය කොට තැනූ මෙම දුරේක්ෂය රඳවන්නේ පෘථිවියේ සිට සැතැපුම් මිලියන ගණනක් ඈත සූර්ය කක්ෂයකයි. එයින් කියවෙන්නේ මීට කලින් යැවූ, පෘථිවියේ සිට සැතැපුම් 340ක් දුරින් රඳවා ඇති හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය මෙන් යම් වරදක් සිදුවුවහොත් එය නිවැරදි කරන්නට, අවශ්‍ය සේවා සපයන්නට අපට නොහැකි බවයි. ජේම්ස් වෙබ් දුරේක්ෂය උඩුගුවනට ...
මිනිස් සිරුර ගැන කළ අසිරිමත් සොයා ගැනීමක්! මල්කැකුළු ලොව පුරා විද්‍යාඥයෝ අප මෙෙතක් නුදුටු තැන් සොයමින් සිටිති. මේ ලියන මොහොතේ දීත් සක්වළ ඇති දේ සොයන්නට දැවැන්ත අභ්‍යවකාශ දුරේක්ෂයක් පෘථිවියේ ඈත කක්ෂයක් බලා යමින් සිටියි. එහෙත් තවමත් අපට නොපෙනුනු දෑ කොතෙකුත් වෙත් ද? කන්නාඩියෙන් හැමදාම මුහුණු බලන අප මෙතෙක් නුදුටු දෙයක් කම්මුල අසලින් සොයා ගැනීමට ස්විට්සර්ලන්ත බැසල් (Basel) විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සමත් වී සිටිති. නව වායසාභ පේශී ස්තරය ...
විද්‍යාඥයෝ පස් වන පදාර්ථයත් සොයා ගනිති! මල්කැකුළු සුපිරි පරිගණක සංවර්ධනය වේගවත් කළ හැකි, ඇල්සයිමර් වැනි රෝග සුව කිරීමට යොදා ගත හැකි, නව පදාර්ථයක් සොයා ගැනීමට ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් සමත් වී තියෙනවා. අපේ පැරැන්නන් මේ මිහිමත ඇති සියල්ල නිර්මාණය වී ඇත්තේ ආපෝ, තේජෝ, වායු හා පඨවි යන පදාර්ථ හතරෙන් යැයි විශ්වාස කළත්, නවීන භෞතික විද්‍යාවට අනුව විද්‍යාඥයන් දුටුවේ සියලු දේ ඇත්තේ ප්‍රධාන වශයෙන් පදාර්ථවල අවස්ථා ...
බ්රහස්පතීගේ ගැනිමිඩ් චන්ද්‍රයාගෙන් අද්භූත හඬක්! මල්කැකුළු පසුගිය ජූනි මාසේ 7 වැනිදා ජූනෝ අභ්‍යවකාශ යානය බ්රහස්පතීට අයත් චන්ද්‍රයන් ගෙන් ලොකුම චන්ද්‍රයා වූ ගැනිමිඩ් චන්ද්‍රයා අසලින් ගමන් කරද්දී එයට හසුකර ගත හැකිව තියෙනවා, ගැනිමිඩ් වෙතින් කිසියම් අත්භූත ශබ්දයක් නිකුත් වෙනවා. කුතුහලය දනවනසුලු මේ ශබ්දය ඔබටත් අසන්නට දැන් පුලුවන්. වසර 5ක දිගු ගමනකින් 2016 දී බ්‍රහස්පති කක්ෂකයට ළඟා වූ සූර්ය බලයෙන් ක්‍රියා කරන ජූනෝ යානය (සිත්තරෙකු ඇඳි දසුනකි.)නාසා ආයතනය ...
ඕනැම බරක් ඉසිලිය හැකි රෝද හතරේ රොබොට්ටෙක්! මල්කැකුළු හයිඋන්දායි නම ඔබට නුහුරු නමක් විය නොහැකියි. නොවෙයි. සමහර විට ඔබට ඒ සන්නාමයේ කාරෙකක් ඇති. ඒත් මා කියන්නට යන්නේ කාරෙකක් ගැන නෙවෙයි. ඔබට ඕනැම වැඩක් කර දිය හැකි රොබොට්ටෙක් ගැන පුවතක්, මේ. මේ රොබොට්ටා සැලසුම් කරලා තියෙන්නෙ ඕනෑම දෙයක් පරිස්සමෙන් ඔසවාගෙන යා හැකි විධියටයි. නිදසුනක් වශයෙන් ඕනෑම බරක පාර්සලයක්, බීම පිරවූ වීදුරු 'පිරමීඩයක්', ළදරුවෙක් වුනත්, පරිස්සමෙන් පඩිපෙළක් වැනි මඟකින් වුනත්, ...
උයනක් බේරා ගන්න ගහක් කරකාර බැඳි කතක්! මල්කැකුළු ශ්‍රී ලංකාවේ මහනුවර අධිවේගී මාර්ගය තැනීමට යද්දී කපන්න ගිය දුර්ලභ පණු කරඬු ගහක් බේරා ගන්න වන අඩවි නිලධාරිනියක් වූ දේවානි ජයතිලක හා අපේ පරිසරවේදීන් කළ සටන ගැන 'මල් කැකුළු' තුළින් විස්තර සහිතව ගෙනාවා, ඔබට මතක ඇති. ඒ වගේ අධිවේගී මාර්ගයකට අතුරු පිවිසුම් මඟක් තනන්න උයනක් මැදින් පාරක් කපන්න තැනූ උත්සාහයක් වළක්වන්න ඉදිරිපත් වුණු අපූරු කාන්තාවක් ගැන එංගලන්තයෙන් වාර්තා වෙනවා. ...
වසර 118කට කලින් සිනාවට ලක් වූ විස්මිත පළමු අහස් ගමන මල්කැකුළු මීට අවුරුදු 118කට ඉස්සර, එනම් 1903 දෙසැම්බර් 17 වැනිදා මුලින් ම මිනිසෙක් යන්ත්‍රයක් තනාගෙන අහසින් ගියා. ඒක තමයි, මුල් ම අහස් ගමන ලෙස හැඳින්වෙන්නේ. ඒ ගමන ගිය ඕවිල් රයිට් (Orville Wright) නම් රයිට් සහොයුරන්ගෙන් එක් අයෙක්. ඒක සිදු වුණේ හරියටම උදේ 10.30ටයි. ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාවේ කිටීහෝක් හී කිල් ඩෙවිල් කන්දෙදියි. ඒ් සඳහා ඔහු යොදා ගත් යානය හැඳින්වෙන්නේ ‘ෆ්ලයර් ...
මිනිසා තැනූ වර්ගයා බෝ කළ හැකි සජීවී රොබොට්ටන් මෙන්න! මල්කැකුළු ප්‍රතිජනන වෛද්‍යවිද්‍යාවේ නවෝත්පාදනයක් හැටියට විද්‍යාඥයන් දැන් පළමුවරට ප්රනනය කළ හැකි සජීවී රොබෝ පැටියන් බිහි කිරීමට සමත් වී තියෙනවා. මිලිමීටර් ප්‍රමාණයේ මේ රොබොට්ටන් ඔවුන් විසින් හඳුන්වා දී ඇත්තේ ‘සීනෝබොට්ස් 3.0’ (Xenobots 3.0) කියලයි. මේක සාම්ප්‍රදායික රොබොට්ටෙකුවත්, විශේෂ සතෙකුත් නොවෙයි, සජීවී ක්රමලේඛ්ය රොබොටේටෙක්. සීනෝබොට්ස් 3.0 සිය ගණනක් ඒක සෛල එක්කාසු කර ගෙන, එකට තද කර, එක ගුළියක් කර, ‘පැටවුන්’ බවට පත් කර ...
නවසීලන්තයෙන් වසර 800ක් පැරණි යෝධ රාජාලියෙක් හමුවේ! මල්කැකුළු මීට අවුරුදු 800කට විතර ඉස්සර නවසීලන්ත අහසේ සැරසැරූ, පියාපත් විදාහළ විට අඩි 10ක් තරම් වූ, යෝධ රාජාලියකුගේ තොරතුරු නවතම අධ්යයනයකින්හෙළි වෙනවා. යෝධ ගිජුලිහිණියකු යැයි සැක කරනු ලැබූ මේ යෝධ කුරුල්ලා දැවැන්ත පියාපත් ඇති විශාල රාජාලියකු බව දැන් තහවුරු කර ගෙන තියෙනවා. මීට අවුරුදු 800කට විතර ඉස්සර නවසීලන්ත අහසේ සැරිසැරූ හාස්ට්ගේ රාජාලියා පියාපත් විදාහළ විට මීටර් 3ක් (අඩි 10ක්) පමණ වෙනවා.1872 ...
පත්රවාර්කාකරුවකු දුටු ලෝකය ම හෙල්ලූ විස්මිත හීනය! මල්කැකුළු මේ දවස්වල මීසාමේරු කියල යමහලක් හෙවත් ගිනි කන්දක් ඉන්දුනීසියාවේ දූපතක විදාරණය වෙනවා. දැනටමත් 13 දෙනෙක් විතර ඒ අනතුරෙන් මියගොස් තියෙනවා. අපේ පැරණි කථාවලත් මහා මේරු කන්දක් ගැන කියනවා ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ. ඒ වගේ ම හින්දු දේවකථාවලත් මහා මේරුවක් ගැන කියනවා. ඒක විශ්වයේ හරි මැද පිහිටි රන් කන්දක්. ලෝකය කැරකෙන්නේ ඒක අක්ෂය කර ගෙනයි. හින්දු කෝවිල්වල ඉහළට විහිදෙන කොතෙන් ...
දවස් හැට අටෙන් විද්‍යාගාරයක් හදුපු හරි පුදුම ඉස්කෝලේ මල්කැකුළු ‘තරුණි’ පත්තරේ අපූරු විශේෂාංගයක් පළ වුණා. ඒ විශේෂාංගයෙන් තමයි, ඔය සිරස්තලය උපුටා ගත්තෙ. ‘තරුණි’ පත්තරයට ඒ ලිපිය ලියා තිබුණේ දුමින්ද කාරියවසම්. ඔහු ඒ ලිපිය ආරම්භ කර තිබුණු හැටි හරිම අපූරුයි. ජපානයේ පළ වූ ළමා පොත් අතරින් වැඩි ම අළෙවියක් වාර්තා කළ ජපන් ජාතික තෙත්සුකෝ කුරොයනාගි ගේ ‘ලිට්ල් ගර්ල් ඇට් ද වින්ඩෝ’ (The little girl at the Window) නම් පොතේ ආ ...
වරදට දොස් පැවරිය යුත්තේ කාටද? නස්රුදින් අසයි! මල්කැකුළු නස්රුදින් බිරිඳත් සමග ගමනක් ගිහින් ආපසු එන කොට නිවසට හොරු පැනලා ගෙනියන්න පුලුවන් හැම දෙයක් ම ගෙනිහිල්ලා! ගෙදර සම්පූර්ණයෙන් ම වාගේ හිස්වෙලා! ඒ ආරංචිය අහල අහල පහළ අයත් එතැනට රොක් වුණා.‘ඔයාගෙ තමයි වැරැද්ද’ නස්රුදින්ගේ බිරිඳ කිව්වා. ‘ඔයා හොඳට හොයලා බලන්න එපායැ අපි එළියට යන කොට ගෙදර දොර අගුළු හරියට දාල තියෙනවාද කියලා’ නස්රුදින්ගෙ බිරිඳගෙ කියමන අල්ලගෙන අහල පහළ අයත් නස්රුදින්ට ...