අද 7 වැනිදා අදට මට 77යි! එන්න! අතීතයට යන්න! මල්කැකුළු අද 2022 පෙබරවාරි 7 දා මට අදට අවුරුදු 77යි! ජීවිත කාලෙට ම 7 ඒවා තුනක් එකට යෙදෙන එකම දුර්ලභ අවස්ථාවක්. ඒ හින්දා ආපහු හැරිලා ගෙවුණු ජීවිතේ දිහා බලන්න මට හිතුණා. එතකොට එක පාරට ම මගේ සිත දිව ගියේ මගේ පුංචි ම පුංචි කාලේට. එතකොට මට අවුරුදු හතරක් විතර ඇති. මගේ පැරණිම මතකය ඇත්තේ ඒ කාලයටයි. ඒ නිසා මං කල්පනා කළා, ...
එදා ගෝඨාභයගේ රබර්-සහල් ගිවිසුමෙන් මෙදා ගෝඨාභය ගොඩ යයිද? මල්කැකුළු ඈත ඉතිහාසයේ දී චීනය සමග ශ්‍රී ලංකාව ගනුදෙනු කළ බවට සඳහන් වෙතත් ඉංගිරිසින්ගේ යටත් විජිතයක් වූ පසු ඒ සබඳතා නැති වී ගියා. 1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ඒ් තත්වය වෙනස් වුණා. 1952 දී චීනය සමඟ වසර පහකට ඇති කරගත් චීන රබර්-සහල් ගිවිසුම තමයි, අප සමග යළිත් ගනුදෙනු කරන්න චීනයට මඟ පෑදුවේ. ඒ ඓතිහාසික ගිවිසුමට මේ වන විට 70 වසරක් ...
භාරතයේ ගීත කෝකිලාව, ලතා මංගේෂ්කාර් ඇගේ වියෝගීය ගයයි! මල්කැකුළු භාරතයේ ගීත කෝකිලාව, සිනමාවේ රිදී සීනුව, සංගීත ලොවේ ගායක රැජින 2022 පෙබරවාරි 6 වැනිදා මුම්බායි බ්රීච් කැන්ඩි රෝහලේ දී නිහඬ වුණා. ඇය කොවිඩ් -19 වැළඳී රෝහල් ගත කළේ පසුගිය ජනවාරි 8 වැනිදායි. මිය යන විට 92 හැවිරිදි වියේ පසු වුණා. පසුගිය සති කීපය තිස්සේ ම ඇය ප්‍රතිකාර ලබමින් සිටියේ ඒ රෝහලේ දැඩි සත්කාර ඒකකයේයි. පසුගියදා ඇගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට ...
අපේ දරුවන්ට කැප වූ නීලා මධුර ස්වරය ඉතිරි කර නික්ම යයි මල්කැකුළු නීලා වික්‍රමසිංහ පසුගියදා ඇගේ අවසන් වියෝ ගීය ගැයුවේ නොසිතූ මොහොතකය. ඇය ගී ගැයූ ඒ මියුරු ස්වරය අපට කිසිදාක අමතක නොවේ. ඇය ගැන විශේෂ සටහනක් තබන්නට අදහස් කළේ අපට තවත් අමතක නො වන මතක සටහනක් තබන්න ඇය සමත් වූ නිසයි.විශ්ව ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මුළු ශ්‍රී ලංකාවේ ම ළමුන්ට ප්‍රතිශක්තිකරණය ලබා දීමේ විශේෂ වැඩසටහනක් 1989 දී පැවැත්වුණු අවස්ථාවේ ඊට සහාය වීමට මට ...
වසර 109කට පෙර ලෝකයේ උතුම්ම රස්සාවට අත ගැසූ පුංචි මිනිහා මල්කැකුළු සල්පිටි කෝරළයේ පිළියන්දල නගරයට සමීප වෑවල ගමේ උපන් පුංචි මිනිහෙක් කොළඹ ආවේ තමන්ටම කියා අනාගතයක් හදා ගන්නයි. ඔහු වෑවල රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා තිබුණා. ඒ ඉංග්‍රීසින් මෙරට පාලනය කළ සමය වූ නිසා ඔහුට මුලින් ම අවශ්‍ය වුණේ ඉංග්‍රීසි ඉගෙන ගන්නයි. ඒ අනුව ඔහු ඉංග්‍රීසි ඉගෙනුම පිණිස කොළඹ වෙස්ලි විදුහලට ඇතුළත් වුණා. ඒත් පාසල් ගාස්තු අධික වූ නිසා ඒ කටයුත්ත ...
නස්රුදින් ගෙදරට හොරෙක් පැනලා! මල්කැකුළු දවසක් මහ රෑ නිදාගෙන ඉඳිද්දී නස්රුදින්ගෙ බිරිඳ එයාට ඇහැරෙව්වා. "නස්රුදින් නැඟිටින්න! අපේ ගෙදරට හොරෙක් ඇවිල්ලා වගෙයි. යන්න ගිහිල්ලා අල්ලා ගන්න."නස්රුදින් කලබල වුණේ නැහැ. එයා පහත් හඬින් බිරිඳට මෙහෙම කිව්වා. "අපි එහෙනම් සද්ද නැතුව ඉඳිමු. එයා කැමති දෙයක් කරපුවාවෙ. ඒ මොකද අපේ ගෙදර හොරා ගන්න තරම් වටිනා දෙයක් නෑනෙ. අපට වාසනාවක් තිබ්බොත් එයා වෙන තැනකින් හොරකම් කරන් ආපු දෙයක් හරි දාලා ...
රේඩියෝ තරංග නිකුත් කරන ගුප්ත භ්‍රමණ වස්තුවක් හමුවේ! මල්කැකුළු මින් පෙර දැක තිබෙන සියලු ආකාශ වස්තූන්ගෙන් වෙනස් වන, නාඳුනන භ්‍රමණය වන වස්තුවක් ක්ෂීරපථයේ සැරිසරන බව නිරීක්ෂණය වී ඇතැ යි ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් කියනවා. මේ අනාවරණය කර ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පශ්චාත් උපාධි අපේක්ෂකයකු විසිනුයි. ඔහුු ටිරෝන් ඕ'ඩොහර්ටි වන අතර ඕස්ට්‍රේලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලයට අනුබද්ධ රේඩියෝ තාරකා විද්‍යා පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (ICRAR) තාරකා භෞතිකවිද්‍යාඥ ආචාර්ය නටාෂා හර්ලි-වෝකර් (Natasha Hurley-Walker) ගේ මෙහෙයවීම ...
සඳ මත ඇවිදින්නට යන ඇමෙරිකන් 'සඳවතිය' කවරෙක්ද ? මල්කැකුළු ඉදිරි වසර දෙක තුන ඇතුළත ඇමෙරිකාව යළිත් සඳට යෑමට සූදානම් වෙනවා. මෙවර ඇමෙරිකාව සැරසෙන්නේ කාන්තාවක් සඳ මතට ගෙන යාමටයි. දැන් අපට දැන ගන්නට ඇත්තේ සඳ වෙතට යන සඳවතිය කවුරුන්ද යන්නයි. ඒත් තවම ඒ ගැන තීරණයක් ගෙන නැහැ. සඳ වෙතට යන සඳවතිය කවුරුන්ද දැනට මේ සඳහා වැඩිදුර පුහුණු වෙමින් සිටින අජටාකාශගාමීන් 18 දෙනාගෙන් නව දෙනෙක් කාන්තාවන්. ඒ නව දෙනා නම්, ...
ලෝක ප්‍රකට 'ස්මිත්-ජෝන්ස්-රොබින්සන්' ප්රහේලිකාවට විසඳුම මෙන්න! මල්කැකුළු අපි ඊයේ 'මල්කැකුළු' තුළින් ගෙනා 'ස්මිත්-ජෝන්ස්-රොබින්සන්' ගැටලුව ඇමරිකාවේ එක්තරා දුම්රියක යමින් හිටියා ස්මිත්, රොබින්සන් හා ජෝන්ස් කියල තුන් දෙනෙක්. ඒ අතරින් එක් කෙනෙක්, ෆයර්මන් කෙනෙක්. ඒ කියන්නේ දුම්රියට අඟුරු දමන්නෙක්. අනෙක් දෙන්නා අතරින් එක් කෙනෙක්, ඇංජින්කරුවෙක්, තුන් වැන්නා, දුම්රිය තිරිංගකරුවෙක්. ඒ දුම්රියේ ම යමින් සිටියා, තවත් මගීන් තුන් දෙනෙක්. ව්‍යාපාරිකයන් වන ඒ අයගේ නම් කලින් කිව් අයගේ නම්වලට සමානයි. අපි ...
මේ ලෝක ප්‍රකට ප්‍රහේලිකාව විසඳන්න ඔබට පුුළුවන් ද? මල්කැකුළු ලෝකයේ ප්‍රහේලිකා අතර ඉතා විශිෂ්ට යැයි සලකනු ලබන ප්‍රහේලිකාවක් මීට වසර 25කට විතර ඉස්සර රීඩර්ස් ටයිජස්ට් සඟරාවේ පළ වුණා. ඇමරිකානුවන් අතර වඩාත් ප්‍රසිද්ධ ඒ ප්‍රහේලිකාව අද අප ඔබට මෙසේ ඉදිරිපත් කරන්නවා. ඇමරිකාවේ දී වරක් මේ ප්‍රහේලිකාව විශේෂයෙන් රැස් කළ 240 දෙනකුට දුන්නා විසඳන්න. එදා එයින් 6 දෙනකු විතරයි, මේ ප්‍රහේලිකාව විසඳන්න සමත් වුණේ. මේ ප්‍රහේලිකාව හැඳින්වෙන්නේ 'ස්මිත්-ජෝන්ස්-රොබින්සන්' ගැටලුව කියලයි. බලන්න ...
වසර 75කට පෙර පැවති මහා සිනමා තරඟයක්! මල්කැකුළු සිංහල සිනමාවට පසුගිය 21 වැනිදාට අවුරුදු 75ක් පිරුණා. ඒ නිසා ඒ ගැන සටහනක් තබන්න සිතුණා. අපේ මුල් ම කතානාද චිත්‍රපටය වූ 'කඩවුණු පොරොන්දුව' මෙරට සිනමා ලෝලයන් ඉදිරියේ ප්‍රදර්ශනය කෙරුණේ 1947 ජනවාරි 21 දින වීම නිසයි. ඒත් සිංහල සිනමාවේ ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන අය මේ ඉතිහාසය තවත් ටිකක් අතීතයට ගෙනි යනවා. ඒ මතය අනුව දේශීය චිත්‍රපටයක් නිපදවීමට ඉදිරිපත් වූ ප්‍රථමයා වන්නේ ...
ලෝකය සිසාරා යමින් ලෝක වාර්තා තබා හරසර ලැබූ සාරා මල්කැකුළු 'කොවිඩ් 19' වසංගතය නිසා සමහරු තරුණයන් පවා නිවෙස්වලින් එළියට යෑමට බියෙන් පසු වෙද්දී බෙල්ජියන් ජාතික තරුණ ගුවන් නියමුවරියක වූ සාරා රදර්ෆර්ඩ් (Zara Rutherford) තනිවම ගුවන්යානයක් පදවාගෙන ලොව වටා යමින් පසුගිය 20 වැනි දා ලෝක වාර්තාවක් පිහිටෙව්වා. ඇය පරිගණක ඉංජිනේරු විද්‍යාව හදාරන සිසුවියක්. තවමත් 19 හැවිරිදි වියේ පසුවන සාරා ලෝකය සිසාරා පියාසර කළේ තනි එන්ජිමක් සහිත කුඩා ගුවන් යානයකින්. ලොව වටා ...
මුත්තා කඩුලු පැනිල්ල විසඳුවේ කෙසේ ද? - පිළිතුර මල්කැකුළු ඔබට අප ඊයේ 'මල් කැකුළු' ඔස්සේ ඉදිරිපත් කළා, දිවංගත එස්. පී. පෙරේරා ගුරුතුමාගේ 'අභියෝගය' නම් පොතෙන් ඉදිරිපත් කළ අභියෝගයක්. ඊට එතු ලකුණු 9 ක් දිනුවේ නම් මා දුන් පිළිතුර ඒ පොතෙන් ම මෙසේ උපුටා දක්වනවා. විද්‍යාලයයන් තුන ම දිනාගත් ලකුණු ගණන 40යි. එක තරඟයකට දිය හැකි අවරෝහන ලකුණු ගණන 3, 2, 1 වශයෙන් 6ක් හෝ ඉන් වැඩි ගණනක් විය ...
මුත්තා කඩුලු පැනිල්ල විසඳුවේ කෙසේ ද? මල්කැකුළු ඔබට දැන් එස්. පී. පෙරේරා ගුරුතුමාගේ නම හොඳට හුරු ඇති. අපි දැනටමත් එතුමාගේ ප්‍රහේලිකා ගණනාවක්ම 'මල් කැකුළු' ඔස්සේ ඉදිරිපත් කරලා තියෙනවා. මේ පහත දැක්වෙන්නේත් එතුමා විසින් 'අභියෝගය' නම් පොතෙන් ඉදිරිපත් කළ අභියෝගයක්. ඊට මුහුණ දී ජය ගන්න ඔබටත් පුළුවන්දැයි බලන්න. මුත්තා කඩුලු පැනිල්ල විසඳුවේ කෙසේ ද? රාජකීය විද්‍යාලය, සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාල අතර පැවැත්වෙන වාර්ෂික ත්‍රිකෝණ ක්‍රීඩා ...
බුදුරජාණන්වහන්සේ උපමා කතාවකින් දුටු ගමනක අවසානය මල්කැකුළු අද දුරුතු පුන්පෝදා නිසා ඔබ හොඳින් දන්නා කතාවක නො දන්නා පැතිකඩක් පෙන්වා දෙන බොදු උපමා කතාවක් දැක්වීමට අවසර පතමි. ගමනක අවසානය අංගුලිමාල තරුණයා කැලයක සිට ඒ තුළින් ගමන් ගන්නා මිනිසුන් මරා ඇඟිලි මාලයක් සාදමින් සිටියේ ය. බුදුරජාණන් වහන්සේ ඔහු දමනය කීරීම උදෙසා ම එම කැලය තුළින් වඩිමින් සිටි අවස්ථාවකි. අංගුලිමාල සන්සුන් ගමනින් යන එම පැවිදි රුව ඈත තබා ම දැක්කේය. ...
අනාගත කෘෂිකර්මයේ මහ පෙරළියකට අර අඳින ජෝන් ඩියර් මල්කැකුළු 2021 වසරේ දොරට වඩින අලුත් ම බෙන්ස් ඉලෙක්ට්‍රික් මෝටර් රථය ගැන පසුගියදා 'මල් කැකුළු' තුළින් ඔබ වෙත ගෙනවා. මෙවර ඉලෙක්ට්‍රොනික පාරිභෝගික වෙළඳ ප්‍රදර්ශනයට තවත් අපූරු නිර්මාණ රැසක් ලොව රටවල් රැසකින් ම ඉදිරිපත් කර තිබුණා. ඇමරිකාවේ ලාස් වේගාස්හිදී පැවති වාර්ෂික පාරිභෝගික ඉලෙක්ට්‍රොනික වෙළඳ ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ විප්ලකාරී නව නිර්මාණයක් ගැන කියන්නයි, මේ අප සූදානම් වන්නේ. ඒ අන් කිසිවක් නොව රියැදුරෙකු නැතිව ...
මහගම සේකරගේ නිර්මාණ ප්‍රතිභාව ගැන ආවර්ජනයක් මල්කැකුළු කවිය, ගීතය, සාහිත්‍යය, චිත්‍රකලාව, සිනමාව ආදි විවිධ කලා මාධ්‍යවල සිය ප්‍රතිභාව පළ කළ, ශ්‍රී ලංකාවේ අසම සම කලාවේදියා වූ මහගම සේකරගේ 93 වැනි ජන්ම සංවත්සරය අදට යෙදී ඇත. සේකරගේ කලා කුසලතාව මුල සිට ම දුටු පත්රකලාවේදී විශිෂ්ටයකු වූ සිළුමිණ විශේෂාංග කර්තෘ බෙනඩික්ට් දොඩම්පෙගම ඔහු ජීවත්ව සිටිය දී සේකර අගය කළ අයුරු මේ ලිපියෙන් හෙළි වෙයි. මහගම සේකරගේ කල්පනා ලෝකය බන්දු ...
විස්මිත සැත්කමක්! මිනිසකුට ඌරු හදවතක්! මල්කැකුළු ලෝකයේ පළමු වතාවට ඌරකුගේ හදවතක් මිනිසකුට සාර්ථකව බද්ධ කළ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වෙනවා. මේ සැත්කම කර ඇත්තේ මේරිලන්ඩ් වෛද්‍ය විද්‍යාලයේ ශල්‍ය විශේෂඥයන් පිරිසක්. මේ ඓතිහාසික හදවත් සැත්කමට මුහුණ දී ඇත්තේ 57 හැවිරිදි ඩේවිඩ් බෙනට් (David Bennett) නම් රෝගියෙක්. පැය හතක් තිස්සේ කළ මේ ඓතිහාසික සැත්කමෙන් පසු දැන් ඔහු සාර්ථකව ගෙවන හත් වන දවස අදයි. මේ මස මුලදී ඩේවිඩ් බෙනට් සමග ...
ලියනාඩෝ ඩා වින්සිගේ අපූරු උපමා කතාවක්! මල්කැකුළු සුප්රකටයකුගේ අප්‍රකට කතාවක් පලබර ගසක කතාව ඉතාලි ජාතික මහා චිත්රශිල්පියා වන ලියනාඩෝ ඩා වින්චි (1452-1519) වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මොනාලිසා වැනි අපූරු අර්ථ කථනයන් සමුදායක් දිය හැකි චිත්‍ර නිර්මාණය කළ මහා ශිල්පියෙකු වශයෙනි. ඊට අතිරේකව ඔහු යාන්ත්‍රික ශිල්පියේ ද සංගීතයේ ද අපූරු කතා වස්තු නිර්මාණයේ ද හසලයකුව සිටියේ ය. ඔහු ඉඳහිට ලියූ ඇතැම් කවි හා කතා පිළිබඳ ඒ හැටි කතා ...
අනාගත රේසිං කාරය - කාකොප්ටරය මෙන්න! මල්කැකුළු පසුගියදා ඇමරිකාවේ ලාස් වේගාස්වල දී පැවැත්වුණු 2021 වාර්ෂික පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනයේ ආරම්භය සිදු වූ ආකර්ෂණීය නව නිෂ්පාදනයක් එළි දක්වමිනි. ඒ මාකා එස් 11 කාකොප්ටරය (Maca S11 Carcopter) නම් රේසිං කාර් විශේෂයයි. අනාගතයේ කාර් රේසිං තරඟවලට යෙදවිය හැකි අපූරු වාහනයක් තමයි, මෙවර මාකා නම් ප්‍රංශ ඉලෙක්ට්‍රොනික සමාගම ඉදිරිපත් කර තිබුණේ.මාකා එස් 11 කාකොප්ටරයසියයට සියයක් කාබන්ඩයොක්සයිඩ් විමෝචනයෙන් තොර මේ නව යානය ක්‍රියා ...