අද අපට පලක් නැතත් මරු කැඳවන උණ්ඩුක පුච්ඡය මල්කැකුළු ඇපෙන්ඩික්සය (Appendix) හෙවත් උණ්ඩුක පුච්ඡය මිනිසා ඇතුළු ජීවීන්ගේ සිරුරු තුළ එක්තරා ආකාරයක 'කෞතුකාගාරය'ක් තියෙනවා. අප කලකට පෙර ප්‍රයෝජනයට ගත් නමුත්, දැන් ප්‍රයෝජනයට නො ගන්නා ශරීර කොටස් ඒ කෞතුකාගාරයෙහි තැන්පත් ව තියෙනවා. ඒවා අපට අපේ අතීතය සිහිපත් කර දෙනවා. මිනිසාගේ කොඳු ඇට පෙළේ අග තියෙන, කුඩා ඇටය, අපට වල්ගයක් තිබී ඉතුරු වුණා වගේ එකක්. ඒ විතරක් නෙවෙයි, කනේ අක්‍රිය පේශියක් තියෙනවා, ...
බිර්බල් අක්බාර් අධිරාජයාට රාජධානියේ කපුටන් ගණන කී හැටි! මල්කැකුළු නස්රුදින්ට සමාන කළ හැකි, ඊටත් වඩා දස්කම් ඇති බිර්බල් ඔබට හඳුන්වා දුන්නා. මහේෂ් බාබු නමින් උපන් ඔහු 1528-1586 අතර කාලය තුළ ඉන්දියාවේ අක්බාර් නම් මෝගල් අධිරාජයාගේ රාජ සභාවේ සිටි පඬිවරුන් නව දෙනාගෙන් කෙනෙක්. ඒ වගේ ම ඒ අධිරාජයාගේ විනිශ්චය සභාවේ ප්‍රධානියා මෙන් ම ඒ හමුදාවේ ප්‍රධාන සෙන්පතියා වූයේත් බිර්බල්. අද අපි ඔබට තවත් බිර්බාල්ගේ කතාවත් ඉදිරිපත් කරනවා. බිර්බල් අක්බාර් අධිරාජයාට ...
ලක්වැසි අපට එකම දවසකට යෙදෙන ශෝක දින දෙකක්! මල්කැකුළු මින් වසර හැත්තෑපහකට පෙර, 1952 මාර්තු දෙවැනිදා 'ලංකාදීප පත්‍රයේ 'වගතුග' තීරුවේ එකම දිනකට යෙදෙන ජාතික ශෝක දින දෙකක් ගැන අපූරු ලිපියක් පළ විය. ඒ තීරු ලිපියෙන් අවධාරණය කළ පරිදි ඒ ශෝක දින දෙක යෙදෙන්නේ මාර්තු දෙවැනිදාටය. මේ 'වගතුග' තීරු ලිපිය එදා ලීවේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ය. එතුමන් කවදත් හැම දෙයක් දෙස ම අමුතු විදියකට බැලූ අයෙකි. පහත පළ වන මේ ලිපියෙනුත් ...
රුසියාව යුක්රේනයට ගහපු මේ 'රික්ත බෝම්බ' කියන්නේ මොනවාද? මල්කැකුළු රුසියාව යුක්රේනයට ගහපු මේ 'රික්ත බෝම්බ' කියන්නේ මොකක්ද? රුසියාව තවමත් පිළිගෙන නැතත් යුක්රේනය ස්ථිරව කියනවා, ඔවුන් ඒ අමානුෂික අවිය කිහිපවතාවක් පාවිච්චි කළ බව. මේ භායානක ගිනි අවිය, බිහිසුණු අති ප්‍රබල බෝම්බයක්. එයට පුළුවන් පිපිරූ සැණෙන් ඒ අවට වාතයේ ඇති ඔක්සිජන් ඒ වෙතට අද්දවා ගෙන ඒ පිපිරුම අති දැවැන්ත එකක් බවට පෙරළා ගන්න. ඒ පිපිරුම කෙතරම් ප්‍රබල එකක් ද කියනවා නම් ...
මේ හාල් හිඟ කාලයේ ! මෙන්න පිළිතුර මල්කැකුළු මේ හාල් හිඟ කාලයේ ! මෙන්න පිළිතුර - ඔබ හිතූ හැටි හරිදැයි බලන්න! පවුලේ බඩ පිස්සා ටිකිරි බණ්ඩාය. ඔහුගේ සොහොයුරියෝ දෙදෙනෙක් පිරිමින් වූයේ නම් එවිට ඔහුගේ සොහොයුරන්ගේ ගණන එක් සොහොයුරෙක් හා සොහොයුරියක් වී නම් සිටින සොහොයුරියන්ගේ ගණන මෙන් දෙගුණයකට එකක් අඩුය. තවද, එක් සොහොයුරියක් සොහොයුරෙක් වී නම් ඔහුගේ සොහොයුරන්ගේ ගණන සොහොයුරියන්ගේ ගණන මෙන් තුන් ගුණයකට එකක් අඩුය. ටිකිරි බණ්ඩාට සොහොයුරන් ...
හාල් හිඟ කාලයේ අලුත් අභියෝගයක්! මල්කැකුළු අපේ ජාතියට 'දැනුම', 'පැන පොඩි' හා 'අභියෝගය' වැනි බුද්ධි කලම්බනය කරන ගැටලු ඉදිරිපත් කළ දිවංගත එස්. පී. පෙරේරා සූරීන්ගේ තවත් ප්‍රශ්නයක් අද ඉදිරිපත් කරනවා. එතුමා ඊට දී ඇති මැය 'මේ හාල් හිඟ කාලයේ' යන්නයි. එය අද වැනි හාල් හිඟ කාලයකටත් වලංගු එකක්. මේ හාල් හිඟ කාලයේ ! පවුලේ බඩ පිස්සා ටිකිරි බණ්ඩාය. ඔහුගේ සොහොයුරියෝ දෙදෙනෙක් පිරිමින් වූයේ නම් එවිට ඔහුගේ ...
රුසියාව යුක්රේනයට කඩා වැදී කරන යුද්ධය ලොවම කලඹයි! මල්කැකුළු රුසියාව අසල්වැසි යුක්රේනය සමඟ යුද්ධයක් ආරම්භ කර ඇති ඔබ දැනටමත් දන්නවා. යුද ශක්තිය අතින් බැලුවොත් අහසට පොළොව මෙන් වෙනසක් ඇති මේ දෙරට යුද්ධයකට පැටලීම හිතන්නවත් බැරි තරම් ඛේදවාචකයකට මඟ පාදන්නක්. රුසියන් ජාතිකයන් විශාල පිරිසක් යුක්රේනයේ වෙසෙනවා. බොහෝ රුසියානුවන් සලකන්නේ යුක්රේන අගනුවර වන කීව් ඔවුන්ගේ ජාතියේ උපන් ස්ථානය ලෙසයි. රුසියන් ජනාධිපති පුටින් (දකුණේ) හා යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිසෝවියට් දේශය සමන්විත වූ ...
අඩක් ගැහැනු අඩක් පිරිමි පුදුම සතෙක් හමුවෙයි! මල්කැකුළු අප වෙසෙන මේ ලෝකය විස්මයෙන් පිරුණු හරි අපූරු තැනක්. මෙහි ඉඳහිට අමුතු සතුන් හමුවෙනවා. ඒ සතුන් අතර අඩක් ගැහැනු අඩක් පිරිමි සතුන් ද ඉන්නා බව කීවොත් ඔබ නිසැකවම පුදුම වෙනවා. මේ එවැනි එක් සතෙක්! උගේ නම 'චාලී'. චාලි සුරතලයට ඇති කළ ලොරේන් උගේ වෙස් පෙරළිය දැක මවිත වුණා.සත්ව විද්‍යාවට අනුව 'චාලී' දඬු කෘමියෙක් (stick imsect) සාමාන්‍ය ව්‍යවහාරයේ වන්දා කියන කෘමියාට ...
පරිවාර චන්ද්රයක් තුනක් ඇති ග්රහකයක් සොයා ගනියි! මල්කැකුළු චන්ද්‍රයන් තුන් දෙනෙකු ඉන්නා ග්රහකයක් සොයා ගෙන තියෙනවා. සැතැපුම් 160ක් පළල ඉලෙක්ට්රා 130 (Elektra- 130) නමින් හැඳින්වෙන මේ ග්රහකය වටේ චන්ද්‍රයන් තුන් දෙනෙකු සිටීම මීට කලින් හමු වූ දෙයක් නොවෙයි. නව සෙයා ගැනීමක්! බ්රහස්පතී හා අඟහරු අතර ඇති ග්රහක වළල්ලේ පිහිටි මේ ඉලෙක්ට්රා ග්රහකය මුලින් ම සොයා ගත්තේ 1873දියි. ග්‍රහ වස්තූන් හතරක් ඒකට පිහිටි පද්ධතියක් සොයා ගත පළමු වන ...
කාටූන් චරිතවලට මිනිස් මුහුණු දුන් විස්මිත සිත්තරා මල්කැකුළු පරිගණකය යොදා ගෙන කළ හැකි දේ බොහෝයි. බ්‍රසීලයේ චිත්‍රශිල්පියෙක් පරිගණකයේ කෘත්‍රිම බුද්ධිය භාවිත කරලා ජනප්‍රිය කාටූන්වල එන ප්‍රසිද්ධ චරිතවල මුහුණු හැබෑ ජීවිතයට ගෙන ආවොත් කොයි වගේ වේවිද කියලා සොයා බැලුවා. මෙන්න එයාට ලැබුණු ප්‍රතිඵල. සිම්ප්සන් කාටූනයේ එන අල්ලපු ගෙදර මිතුරා නෙට් ෆ්ලෑන්ඩර්ස් හා ජෙස්මින් කුමාරිමේ චිත්රශිල්පියාගේ නම හිඩ්රෙලි ලෙලි දියෝ (Hidreley Leli Diao). ඔහු කුඩා කල සිට ම කාටූන් බලන්න ...
ඩෙස්මන්ඩ් මොරිස් වගේ සතුන් දෙස බලන්න පුරුදු වෙන්න! මල්කැකුළු බීවරයකු වේල්ලක් බඳින්නේ ඇයි? සීබ්‍රාට පාට තීරු තියෙන්නේ මොකටද? ඔටුවා වතුර නැතුව ජීවත් වෙන්නේ කොහොමද? හිපෝ උගේ කුඩා වලිගය වනන්නේ ඇයි? දිගම සින්දුව කියන සතා කවරෙක්ද? සිංහ පියා මැරුණ පසු සිංහ පැටවුන්ට සිදු වන්නේ කුමක්ද? පැන්ඩාවන් උණ බට වනාන්තරවල දිවි රැක ගන්නේ කෙසේද? ඩෙස්මන්ඩ් මොරිස්සත්ව ලෝකය තුළ විස්මයජනක සොයා ගැනීම් බොහෝයි. සමහර අය සිතන්නේ අප සතුන් ගැන බොහෝ දන්නවා කියාය. ...
රසවතුන්ට ගී රැසක් තිළිණ කළ සමන් චන්ද්‍රනාත් අපෙන් සමු ගනියි මල්කැකුළු මා ලේක්හවුසියේ සේවය කරද්දී මට ශ්‍රී ලංකාවේ විශිෂ්ට ගීත රචකයන් කීප දෙනකු ම ඇසුරු කරන්න ලැබුණා. අජන්තා රණසිංහ, තිලකරත්න කුරුවිට බණ්ඩාර, ධර්මසිරි ගමගේ, සමන්චන්ද්රනාත් වීරසිංහ යන ඒ සිව් දෙනා අතරින් මා අවසාන වරට හඳුනා ගත් මිත්‍රයා සමන්චන්ද්රනාත් වීරසිංහයි. ඔහු ඒ වන විට 'ලංකාදීප' පුවත්පතේ සේවය කර ජ්‍යෙෂ්ඨයෙකු ලෙස ලේක්හවුසියට ආවත් අපේ ආධුනික පත්‍ර කලාවේදීන් ඇසුරු කළේ සම වයසේ මිතුරු මිතුරියන් ...
බුද්ධ සාසනයේ වැදගත්කම කියාපාන නවම් පොහොය මල්කැකුළු නවම් පුර පසළොස්වක පොහොය දවස ශාසනික වශයෙන් ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම සම්බුද්ධ චරිතය හා සම්බන්ධව ඉතා වැදගත් සිදුවීම් මේ දිනයේ සිදුවෙලා තියෙනවා. ඒ අතර ඉතාම වැදගත් සිදුවීම තමයි, සැරියුත් - මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු ප්රදානය කිරීම. මෙම තනතුරු උන්වහන්සේලාට හිමි වූයේ සංසාරයේ බොහෝ කාලයක් තිස්සේ පුරන ලද පාරමිතා අනුවයි. එදා දම් සබා මණ්ඩපයේ සිටි බොහෝ තෙරුන් වහන්සේලා මේ ...
ඉන්දියාවේ නස්රුදින් ලෙස හැඳින්වෙන රාජ බිර්බල්ගේ කතා මල්කැකුළු ඉන්දියාවේ නස්රුදින් හැටියට සැලකෙන බිර්බල් (Birbal) හඳුන්වා දෙන්නයි, මේ සටහන ලියන්නේ. ක්‍රිස්තු වර්ෂ 1528 ඉන්දියාවේ උපන් මහේෂ් දාස්ට තමයි, බිර්බල් කියා කියන්නෙ. ඉන්දියාව පාලනය කළ මහා අක්බාර් අධිරාජයාගේ කාලයේ ඔහුගේ රාජ සභාවේ සිටි 'නව රත්න' ලෙසින් හැඳින්වුණු පඬිවරුන් නව දෙනා අතර කැපී පෙනුනු, උපහාස කතාවෙහි, තියුණු නුවණක් ඇති පුරෝහිතයෙකු වූ බිර්බල් මහා අක්බාර් අධිරාජයාගේ යුදහමුදාවෙ සේනාධිනායකයා ද වුණා. බිර්බල් හා ...
පිස්සු කෙළින එෆ් එම් නාලිකාවලට නියාමනයක් ඕනෑ! මල්කැකුළු අද පෙබරවාරි 13 වැනිදා 'ලෝක රේඩියෝ දිනය'යි. යුනෙස්කෝවට සම්බන්ධ සාමාජික රටවල් හා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය එක්ව 2012 වසරේ දී ගුවන්විදුලිය සඳහා අන්තර්ජාතික දිනයක් වෙන් කළා. වසරක් පාසා මුළු ලෝකයේ ම අවධානය යොමු කිරීමේ අරමුණු ඇතිව මේ දිනය ලෙස නම් කළේ 1946 දී එක්සත් ජාතීන්ගේ ගුවන්විදුලිය පිහිටවූ දායි. ඒ අනුව වසරක් පාසා ගුවන්විදුලිය පිිළිබඳව විවිධ පැතිකඩවලින් බලා එයින් ලෝක ප්‍රජාවට ...
නවීන උපමා කතාවක් - ඔර්ලෝසු හොරා ඉගෙනගත් අන්තිම පාඩම! මල්කැකුළු අපේ රටේ ඉන්නවා පරිපාලන සේවයෙන් විශ්‍රාම ගත්තාට පස්සේ ලේඛන කලාවට පිවිසුණු අය රැසක් ම. රැකියාව කරන කාලේ ලියන්න කියන්න විවේකයක් සොයා ගන්න බැරි වුණු අය විශ්‍රාම ගත්තාට පස්සේ හරි ඒ කටයුත්තට අත ගහන එක පාඨක අපේ වාසනාවයි. එයින් බොහෝ දෙනෙක් ග්රන්ථ පරිවර්තනයටයි, අත ගහලා තියෙන්නෙ. සමහරුන් කවි ලියනවා. නවකතා ලියනවා. එහෙම ලියලා සම්මානත් ගන්නවා. විවිධ සාහිත්‍ය සේවාවල යෙදෙනවා. මා මේ ...
එළිසබෙත් රැජින උපත ලද නිවසේ අභිරහස කුමක්ද? මල්කැකුළු දෙවන එලිසැබත් රැජින උපත ලැබුවේ රජ මාලිගාවක නොවේ. ඇය උපදින විට එංගලන්තයේ සිටි කිසිවකු ඇය රාජ්‍යත්වයට පත්වේයැයි කිසිවකු සිතුවේ ද නැත. නමුත් ඇගේ දෛවය විස්මයජනක ලෙස ඇය එතැනට කැන්දා ගෙන ආවේය. 1926 වසරේ අප්‍රේල් 21 වැනි දා, ලන්ඩනයේ මේෆෙයාහි බෲටන් මාවතේ අංක 17 ස්ථානයේ දී දෙවන එලිසැබත් රැජින උපත ලැබුවා ය. එය මාළිගාවක් හෝ, විශාල වතුයායක් හෝ, රෝහලක්වත් නොව, ලන්ඩනයේ ...
අන්තර්ජාලය හරහා මුළු ලොවක් කැළඹූ විස්මිත වදන් ක්‍රීඩාවක් මල්කැකුළු ඉන්ටර්නෙට් ඔස්සේ ආ වදන් ක්‍රීඩාවක් පසුගියදා ලෝකය හෙල්ලුවා. ඔබේ වදන් සවිය උරගා බලන මේ විස්මයජනක ක්‍රීඩාව දැන් එන්න එන්නම ජනප්‍රිය වෙමින් පවතිනවා. මේ ක්‍රීඩාවේ නම වර්ඩ්ල් (Wordle) මේ තරම් වේගයෙන් ජනප්‍රිය වූ ඔන්ලයින් වදන් ක්‍රීඩාවක් තවත් නැහැ. මෙය දැනටමත් ඇමරිකාවේ නිව් යෝර්ක් සමාගම දැවැන්ත මුදලකට මිල දී ගෙන තියෙනවා. මේ තරම් වේගයෙන් ජනප්‍රිය වූ ඔන්ලයින් වදන් ක්‍රීඩාවක් තවත් නැහැ.මේ ක්‍රීඩාව ...
දෙවන එලිසබෙත් මහ රැජින සිහසුනේ වසර 70ක් සපුරයි! මල්කැකුළු එංගලන්තයේ දෙවන එලිසැබත් මහ රැජින එක්සත් රාජධානයේ රාජ්‍යත්වයට පත්ව පසුගිය පෙබරවාරි 6 වැනි දාට වසර 70ක් සපිරුණා. වර්තමාන ලෝකයේ මෙතරම් දිගු කලක් සිහසුන හෙබ වූ රජෙක් හෝ රැජිනක් හෝ ඇත්තේ නැහැ. ඒ අනුව දෙවන එලිසබත් මහ රැජින වසර 70ක කාලයක් රාජ්‍යත්වය හෙබැවූ පළමු බ්‍රිතාන්‍ය අධිරාජිනිය හැටියට ලෝක ඉතිහාසයට එක් වෙනවා. දෙවන එලිසැබත් මහ රැජිනමහ රැජින සිහසුනට පත්වූයේ 1952 වසරේ ඇයගේ ...
අද 7 වැනිදා අදට මට 77යි! එන්න! අතීතයට යන්න! මල්කැකුළු අද 2022 පෙබරවාරි 7 දා මට අදට අවුරුදු 77යි! ජීවිත කාලෙට ම 7 ඒවා තුනක් එකට යෙදෙන එකම දුර්ලභ අවස්ථාවක්. ඒ හින්දා ආපහු හැරිලා ගෙවුණු ජීවිතේ දිහා බලන්න මට හිතුණා. එතකොට එක පාරට ම මගේ සිත දිව ගියේ මගේ පුංචි ම පුංචි කාලේට. එතකොට මට අවුරුදු හතරක් විතර ඇති. මගේ පැරණිම මතකය ඇත්තේ ඒ කාලයටයි. ඒ නිසා මං කල්පනා කළා, ...