අභියෝගය - 5 බෙරලියන්තු මුද්ද සොරකම් කළ තැනැත්තිය ඇල්ලුවේ මෙහෙමයි. මල්කැකුළු අභියෝගය - 5 බෙරලියන්තු මුද්ද සොරකම් කළේ කවුද? මෙන්න දිවංගත එස්. පී. පෙරේරා සූරීන්ගේ තවත් ‘අභියෝගයක්’ මේ මුද්ද සොරකම් කළ මෙහෙකාරිය කවුරුන්දැයි කියන්න ඔබට පුලුවන් ද? ස්වාමි දුවගේ බෙරලියන්තු මුද්ද නැති විය. ගෙදර මෙහෙකාරියන් වන එලිසා, බ්‍රිජට් සහ කැරලයින් යන තිදෙනාගෙන් එකෙක් තවකෙකු හවුල් කර ගෙන, එම සොරකම කරන ලදී. තෙවැන්නා ඊට සහභාගි නො වූවා ය. මේ සම්බන්ධ විභාගයේ දී ...
අභියෝගය - 5 බෙරලියන්තු මුද්ද සොරකම් කළේ කවුද? මල්කැකුළු මෙන්න දිවංගත එස්. පී. පෙරේරා සූරීන්ගේ තවත් ‘අභියෝගයක්’ මේ මුද්ද සොරකම් කළ මෙහෙකාරිය කවුරුන්දැයි කියන්න ඔබට පුලුවන් ද? ස්වාමි දුවගේ බෙරලියන්තු මුද්ද නැති විය. ගෙදර මෙහෙකාරියන් වන එලිසා, බ්‍රිජට් සහ කැරලයින් යන තිදෙනාගෙන් එකෙක් තවකෙකු හවුල් කර ගෙන, එම සොරකම කරන ලදී. තෙවැන්නා ඊට සහභාගි නො වූවා ය. මේ සම්බන්ධ විභාගයේ දී ඔවුන්ගේ කියමන් තුනක් මෙන්න. බ්‍රිජට් හොරකම් කළේ නෑ. ...
කැමරා ලෝකයේ ලොකුම පෙරළිය මෙන්න! මල්කැකුළු සිනා වෙන්න! ඡායාරූපයක් ගන්න. ලුණු කැටයක් තරම් කාචයක් සහිත අන්වීක්ෂක කැමරාවක් දැන් තනා තියෙනවා. ඒ කාචයක් සාමාන්‍ය දියුණු කැමරා කාචයකට වඩා 500,000 ගුණයක් ප්‍රබලයි. එයින් සම්පූර්ණයෙන් වර්ණයෙන් ඡායාරූප ගත හැකියි. කැමරාවේ ප්‍රමාණය මිලිමීටර් බාගයක් විතර ඇති. එයට ඉතා කුඩා සිලින්ඩරාකාර ප්‍රකාශිත ඇන්ටෙනා (cylindrical optical antennae) මිලියන 1.6ක් ඇති පාර පෘෂ්ඨයක් (metasurface) යොදා තියෙනවා. ඒවායින් හසු කර ගන්නා ආලෝකයන් ඇල්ගොරිතම් ගණිත ...
ඉන්දීය කොදෙවු පිලට සවියක් වූ බාබඩෝස් රාජ්‍යය නව රජයක් වෙයි! මල්කැකුළු රටක් තවත් රටකට වහල් වී සිටීම වර්තමාන ලෝකයේ පිළිගැනීමට ලක්වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා නාමිකව වත් එසේ සිටීමට කිසිම රටක් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි, නිදහස ලබා 55 වසරකට පසු, බ්‍රිතාන්‍ය ජාතික කොඩියේ සෙවණ අතහැර බ්‍රිතාන්‍ය මහරැජනගේ නායකත්වයෙන් මිදී නව කොඩියක් යටතේ බාබඩෝස් රාජ්‍යය පසුගියදා නව රජයක් බවට පත් වුණේ. බාබඩෝස් නව ජනරජයේ නව ජාතික කොඩිය හා ඒ දූපතවසර ...
අපේ අතීතයේ විස්මිත රහස් හෙළි කරන පොසිල මල්කැකුළු වදන් හැදුණු හැටි තුළින් අද කියන්නේ ‘පොසිල’ ගැනයි. වසර බිලියන ගණනක් පැරණි පෘථිවියේ ඉතිහාසය හෙළිදරවු කර ගෙන නිගමනයන්ට එළඹෙන්නේ පෘථිවිය පෘෂ්ඨයෙහි ඇති පාෂණ සමඟ වැළලී ඇති කලකට පෙර මිහිමත වාසය කළ ජීවීන්ගේ ශේෂයන්වලිනි. පොසිල කියන්නේ එම ශේෂයන්ටයි. ‘පොසිල’ (fossils) යන වදන අප ලබා ගෙන තියෙන්නේ ඉංග්‍රීසියෙන්. මුලින් භාවිතයට අරන් තියෙන්නෙ 1665 දී ප්‍රංශ බසටයි. ප්‍රංශ බසට එහි මුල් වදන ලතින් ...
අභියෝගය - 4 - අනාවැකිකාරියගේ දින 4 කියන්න ඔබට පුලුවන් ද? මල්කැකුළු කලින් අපි ඔබට දිවංගත එස්. පී. පෙරේරා සූරීන්ගේ ‘අභියෝගයක්’ ඉදිරිපත් කළා ඔබට මතක ඇති. ඔබේ යහපත් ප්‍රතිචාරය නිසා අපි හිතුවා තවත් ‘අභියෝගයක්’ ඔබට ඉදිරිපත් කරන්න. ඔබට මතකද ‘සිළුමිණ’ පත්තරේ පළ වුණු අපේ සෝමවීර සේනානයක ලියපු බන්ධුල හරිශ්චන්ද්‍ර ඇන්ද ‘සත්වැනි දවස’ චිත්රකතාවේ අගටන්නා. ඒ වගේ ශාස්ත්රකාර කෙල්ලක් සම්බන්ධ කතාවක්.මීට අවුරුදු 55කට ඉස්සර එස්. පී. පෙරේරා සූරීන්ගේ ‘අභියොගය’ පොතේ තමයි. මේ අපූරු ...
දකුණු කොරියාව ඉදිකරන ලෝකයේ ප්‍රථම පාවෙන නගරය මල්කැකුළු ලෝකයේ ප්‍රථම පාවෙන නගරය දකුණු කොරියාවේ දැන් ඉදිකිරීමට සුදානම් වෙමින් තියෙනවා. 2025 වන විට ඉදි කිරීම් අවසන් කරන්නයි ඔවුන්ගේ බලාපොරොත්තුව. අනාගතයේ සාගර ජල මට්ටම ඉහළ යාමට ඇති ප්රවණතාවට පිළියමක් වශයෙනුයි, මේ නව සංකල්පය ඉදිරිපත් කරන්නේ. මේ ව්‍යාපෘතිය සඳහා එක්සත්ජාතීන්ගේ අනුමැතියත් ලැබිලා තියෙනවා. මෙය ඉදිකිරීමට යන්නේ බුසාන් (Busan) නගරයෙන් ඔබ්බේ පිහිටි වෙරළාසන්න මුහුදේයි. මේ සඳහා මිනිසා විසින් තනනු ලබන කෘත්‍රිම දූපත් ...
ටෙලිවිශනයෙන් හා ස්මාට්ෆෝනයෙන් ළමයින් බේරා ගනිමු! මල්කැකුළු අද ලෝක රූපවාහිනී දිනයයි. එක්සත් ජාතීන් නොවැම්බර් 21 වැනිදා ලෝක රූපවාහිනී දිනය ලෙස නම් කළේ විසි වන සියවසේ ආ නව නිපැයුමේ තාක්ෂණික පැත්ත, හෝ පහළ වීමේ වැදගත් කම ගැන සලකා නොව ඉන් සිදුවන, අධ්‍යාපනික, සමාජීයීය හා දේශපාලනික බලපෑම කෙරෙහි ලෝකයාගේ අවධානය යොමු කරවනු පිණිසයි. එක්සත් ජාතීන් මෙය ලෝක නිවාඩු දිනයක් ලෙස නම් නොකොට, සමස්ත ලෝකයේ අවධානය යොමු විය යුතු යැයිද, ...
අපේ ළමයින්ගේ උපාධි සිහිනය බොඳ කරන්න එපා! මල්කැකුළු ශ්‍රී ලංකාවේ පාසල් ආයිත් පටන් ගත්තා. අවුරුදු දෙකක් විතර ගෙදර ඉඳලා ආයිත් ඉස්කෝලෙ යන්න පටන් ගත්තාම ළමයින්ට මුහුණ පාන්නට සිදු වන ප්‍රශ්න මෙතෙකැයි කියන්න බැරි තරම්. ඉදිරියේ දී මූණ පාන්නට වන ප්‍රශ්න ළමයින්ට පේන්නෙත් නැහැ. විද්වත් කතිකාවක් හා බුද්ධිමත් විමසුමක් නොමැති නම් වැඩිහිටියන්ට පේන්නෙත් නැහැ. සීත කාමරවල ඉඳන් හිතලු අනුව විසඳුම් දීමෙන් පලක් නැහැ. සංඥා ලැබුණු එකම තැන වූ ලුණුගල ...
මොකක්ද ඔබ කරන්නෙ? - මොකක්ද ඔබ කියන්නෙ? මල්කැකුළු නව යුගයේ දී සෙන් ගෝල පිරිස් ගැන නොයෙකුත් නොවැදගත් කතා කියැවෙනවා. ගුරුවරුන් සිය ප්‍රියතම ගෝලයන්ට වැඩි දෙයක් උරුම කර දෙන බවක් කියැවෙනවා. සත්‍යය ඉක්මනින් වටහා ගත හැකි ආකාරයට තමන්ට බැතිමත් සිසුන්ට විශේෂ කමටහන් දෙන බවක් ද කියැවෙනවා. ඇත්තෙන් ම සෙන් දහම දිය යුත්තේ එහෙමයි. එය හදවතින් හදවතකට දෙන දෙයක්. අතීතයේ දී එය ඒ විධියට ම ක්‍රියාත්මක වුණා. වචනය හා ප්‍රකාශ ...
රොබෝ අතකින් විදින ඉඳිකටුවක් නැති එන්නතක් මල්කැකුළු කොවිඩ්-19 නිසා තවත් අලුත් නිපැයුමක් ලෝකයට ලැබී තිබෙනවා. ඒ ඉඳිකටුවක් භාවිත නොකොට ප්‍රතිශක්තිකරණ එන්නතක් ශරීරගත කළ හැකි නව ක්‍රමවේදයක්. රොබෝවෙකු යොදා ගෙන මෙම නව එන්නත ක්‍රියාත්මක කළ හැකියි. දැනට ඉඳිකටුවක් භාවිත නොකොට දෙනු ලබන ප්‍රතිශක්තිය වඩවන එන්නතකට ඇත්තේ පෝලියෝව සඳහා දෙන මුඛ එන්නතයි. මෙය එවැන්නක් නොවෙයි. සාමාන්‍යයෙන් දැනට භාවිත කරන ප්‍රතිශක්තිකරණ එන්නත මෙන්ම අතේ බාහුවට විදින්නක්. මේ සඳහා ඉඳිකටුවක් අවශ්‍ය ...
විද්‍යාඥයන් මෙට්‍රික් ක්‍රමයට නම් දුන් හැටි මල්කැකුළු අද මෙට්‍රික් ක්‍රමය අපට හොඳට හුරුපුරුදු එකක්. ඒ කිරුම් මිනුම් භාවිත කරමින් වැඩ කිරීම අපට පහසුවක් වෙලා තියෙනවා. ඒ වුණාට අප රට බ්‍රිතාන්‍යයට යටත් විජිතයක් තිබිය දී මෙරට භාවිත වූයේ අධිරාජ්‍යවාදී හෙවත් ඉම්පීරියල් කිරුම් මිනුම් ක්‍රමයයි. අඟල්, අඩි, යාර වශයෙන් ඇති ඒ ක්‍රමය භාවිත කිරීමේ දීට වඩා මේ මෙට්‍රික් ක්‍රමය අපට අද පහසුව ඇත්තේ දහයේ සංඛ්‍යාවලින් ඒවා ගණන් කරන නිසයි. ...
පොපි මලට 100යි සූරිය මලට 88යි - මල් දෙකක අපූරු කතාව මල්කැකුළු අද, නොවැම්බර් 11 වැනිදා, පොපි මල් දිනයයි. 1921 නොවැම්බර් 11 වැනිදා ආරම්භ වුණු පොපි මල් දිනය (Poppy Day) අද සියවස සමරනවා. අද පොපි මල් ගසා ගෙන යන අය ලොව පුරා බොහෝ රටවල, විශේෂයෙන් බ්‍රිතාන්‍යයට යටත්ව සිට නිදහස ලැබූ රටවල පවා දැකිය හැකියි. අද පොපි මල දකින අපේ සිහියට නැඟෙන්නේ ඊට එරෙහිව ආ සූරිය මලයි. ඒ ආගමනය සිද්ධ වුණේ 1933 නොවැම්බර් ...
අපේ කොල්ලෝ වෙනස් නොකර, දිරිමත් කරමින්, ඉදිරියට යමු! මල්කැකුළු ක්‍රිකට්වලට මගේ හිත ඇදී ගියේ මීට අවුරුදු හැත්තෑවකට පමණ පෙරයි. ඒ කාලේ අපට දැන් මෙන් ක්‍රීඩා ගැන දැන කියා ගන්නට තිබුණේ දිනමිණ, ලංකාදීප, ජනතා පුවත් පත්වල පළ වූ ක්‍රීඩා පුවත් තීරුත්, ඉංග්‍රීසියෙන් පළ වන ඩේලි නිවුස් පුවත්පතේ පසු පිටුවත්, සතියකට වරක් අපට තිබූ එකම ගුවන්විදුලියේ ‘ක්‍රීඩා විසිතුරු’ වැඩසටහනත් පමණයි. <ශ්‍රී ලංකා කණ්ඩායමවසරකට වරක් පැවැත්වෙන විද්‍යාලාන්තර තරග සඳහා ප්‍රචාරය ගන්නට පිටුවක් ...
උෂ්ණත්වයේ දී බින්දුවට වෙනස් අරුතක් දෙන - නිරපේක්ෂ ශූන්‍යය (absolute zero) මල්කැකුළු ගණන් කිරීමේ දී, සමහර තැන්වල දී බින්දුව ආරම්භක තැන සේ සැලකිය නොහැකිය. එය ඕනෑ ම තැනක තබා ගිණිය හැකිය. දේශාංශක බින්දුව, එනම් මධ්‍යාහ්න රේඛාව (meridian) සලකුණු කරන එවැනි තැනකි. ඒ වගේ ම උෂ්ණත්වය මනින විටත් බින්දුව එසේ ම ය. සෙල්සියස් (Celsius) වලින් මැනීමේ දී බින්දුව පිහිටන්නේ හිම දිය වෙන තැන (melting point) යි. ෆැරන්හයිට් (Fahrenheit) වලින් මනිද්දී බින්දුව පිහිටන්නේ හිම ...
විද්‍යාඥයෝ තුනී වායුවෙන් හා හිරු එළියෙන් ඉන්ධන නිපදවති! මල්කැකුළු ලොව පළමු වතාවට විද්‍යාඥයන් සමත්වී තියෙනවා, වායු ගෝලයේ ඇති තුනී වායුවෙන් හා හිරු එළියෙන් ඉන්ධන නිපදවන්නට. මේ නව සොයා ගැනීම නිසා අනාගතයේ දී කාබන් උදාසින හයිඩ්‍රොකාබන් ඉන්ධන නිපදවන්නට අපට මග පෑදේවි. මහාචාර්ය ඇල්ඩෝ ස්යෙින්ෆීල්ඩ් පර්යේෂණාගාරයේ වහලය මත සවි කළ තුඩා සූර්ය බල ශක්ති පිරිපහදු පද්ධතියමේ පර්යේෂණයට සම්බන්ධ විද්‍යාඥයන් කියන්නේ මේ නව සොයා ගැනීම ඉතිහාසයේ වැදගත් මං සලකුණක් වන බවයි. මේ ...
සූෆී උපමා කතා - තුන් විදියක ගෝලයෝ තුන් දෙනෙක්! මල්කැකුළු ගෙටන් සෙන් ගුරුවරයෙක්. තොකුගාවා යුගයේ අන්තිම කාලෙ තමයි, වාසය කළේ. ඒ දවස්වල ඔහු නිතරම වාගෙ මෙහෙම කිව්වා. “ගෝලයො තුන් ආකාරයි. අනිත් අයට සෙන් අවබෝධ කර දෙන අය, පන්සල් හා බුදු ගෙවල් පවත්වා ගෙන යන අය හා ඒ වගේ ම හාල් මලු - ඇඳුම් එල්ලන වැනි අය.” ගසන් කියන සෙන් ගුරුවරයා ඒ අදහස ම වෙනත් විදියකට කියල තියෙනවා, ඔහු තෙකිසුයි නම් ...
අභියෝගය - හිමාල කන්දේ පුදුම ගුහාවේ වස්තුව සොයන්න! මල්කැකුළු අප කුඩා කාලයේ පාසල් ළමුන් වන අපට අපූරු ගැටලු, අභියෝග ආදිය ඉදිරිපත් කරපු ශ්‍රේෂ්ඨ ගුරුවරුන් කීපදෙනෙක් ම හිටියා. එයින් එක් කෙනෙක් තමයි, ඇස්. පී. පෙරේරා මහතා. එතුමා මෙසේ අභියෝග ඉදිරිපත් කළේ ළමා අපේ බුද්ධිවර්ධනය ඉලක්ක කර ගෙනයි. මේ පැන පොඩි එතුමා විසින් ම සම්පාදනය කළ ‘පාඨකයා’, ‘පැනපොඩි’, ‘අභියෝගය’, ‘දැනුම’ ආදී පොත් සඟරා ආදියෙනුත්, ‘සිළුමිණ’ වැනි ජාතික පුවත්පත් ඔස්සේත්, ශ්‍රී ලංකාවේ ...
ලොව මවිත කළ අරුම පුදුම ක්ප්රේකාර්ගේ නියතය ගැන දන්නවා ද? මල්කැකුළු ඉන්දියානු ගණිතඥයෙකු වන රාමචන්ද්‍ර කප්‍රේකාර් (1905-1986) ඉලක්කම් සමඟ අති දක්ෂ ලෙස සෙල්ලමේ යෙදුන අයෙක්. ඔහු ඉලක්කම් සමග සෙල්ලමේ යෙදෙන්න ආශා කළා. ඒ නිසා ඔහුට අමුතු අද්භූත සංඛ්‍යාවන් හමු වුණා. ඒවා ඔහු තමන්ගෙන් ගණිතය ඉගෙන ගන්න ආ අයට කියා දුන්නා. ඔහු ජනප්‍රිය ගුරුවරයෙකු වුණේ ඒ නිසයි. ඒ වගේ ම ඔහු සොයා ගත් ඒ අපූරු සංඛ්‍යා ලොව පුරා ගණිතඥයන්ටත් හඳුන්වා දුන්නා. සමහරු ...
අනාගත ස්මාට් නිවාසවලට එන ස්මාට් ගෘහභාණ්ඩ ක්‍රමයක්! මල්කැකුළු මීට අවුරුදු පනහකට විතර ඉස්සර සිළුමිණ පත්තරේ වැඩ කරපු දවස්වල මට කොළඹ, මරදානේ පංචිකාවත්තේ නිවාස පේළි තියෙන වත්තකට යන්න සිද්ධ වුණා. දැන් වගේ ජංගම දුරකතන නැති ඒ කාලේ කලින් දන්වන්න ක්‍රමයක් තිබුණෙ නැති නිසා, කෝච්චියෙන් වැඩට යන ගමන් මරදානෙන් බැහැලා, ගියේ නැඟී එන කෙටිකතාකාරියක් හම්බ වෙන්නයි. උදේ වැඩි හින්දා ඒ පේළි ගෙවල් බොහොමයක් වහලයි තිබුණේ, හරියට ගෙවල්වල කවුරුත් නෑ වගෙයි. ...