සඳස-රේඩියෝ.. කවි සිතක් අද්දර හද පතුල අන්තර්ජාලයේ කවි සමූහ මෙන්ම විවිධ රේඩියෝ නාලිකා ද ඇති බව ඔබ සියළු දෙනා දන්නවා ඇත. එහෙත් මේ අතර සඳස ෆේස්බුක් කවි සමූහය සහ සඳස රේඩියෝව මේ අතර සුවිශේෂයැයි මට සිතෙනුයේ.. මේවා අන්තර්ජාලය හා ෆේස්බුක් හරහා සඳස් කවිය වෙනුවෙන් මහා මෙහෙවරක් කිරීම පිණිසම ඇරැඹුණු ඒ ඒ වර්ග වල මුල්ම ආයතනයන් නිසාවෙනි.. ඒ නිසාම මේවායේ නිර්මාතෲ හේමදාස ලියනගේ මැතිඳුන් කෙරෙහි ද මා ...
මං මැරෙයිද...? හද පතුල මේ ප්රශ්නය, ප්‍රශ්නයක් විදිහට නෑවිත් උත්තරයක් විදිහට ආවා මීට අවුරුදු 16කට විතර කලිං.. ලෝකාන්තෙ පැත්තෙ විනෝද චාරිකාවක් යද්දී අපි ගියපු වෑන් එක කන්ද නගිද්දී නැවතිලා ස්ටාර්ට් කර ගන්න බැරුව ආපස්සට වේගෙන් එද්දී මට හිතුණා තව ටිකකින් ජීවිතය අවසන් වෙන්ට යනවැයි කියලා.. මට පිටිපස්සේ උන්නු අයත් ඉස්සරහා දොර ගාවට යන්න නිරර්ථක උත්සාහයක් ගනිද්දී... මං හිතුවේ.. දැනට අවස්ථාවක් නෑ.. ලැබුණොත් බලමු.. කියලා ...
අවවාද ගැන අවවාදයක් හද පතුල ඉහත උපුටා ගැනීම මහමෙවුනා භාවනා අසපුවේ අලුතින් පැවිදි වූ පිංවත් ස්වාමීන් වහන්සේලාට ඔවුන්ගේ පැවිදි ජීවිතය සාර්ථක කර ගැනීම උදෙසා ලබා දුන් අවවාද අනුශාසනා ඇතුලත් "අවවාද ගැන අවවාදයක්" නම් පොත් පිංචෙනි.. මගේ අදහස.. ඇතැම් අයගේ අවවාද විධි වෙනස්වා මෙන්ම අවවාද ලබන අය අනුවත් අවවාද දෙන ස්වරූපය වෙනස් වේ.. ඇතැම් අය නවකයන්ට අවවාද දෙනවා වෙනුවට අවලාද නඟයි.. ඇතැම් නවකයෝ අවවාද නුරුස්සති.. ...
මෙලොව සැරි සරණකං - නුඹට ගරු කරමි මං හද පතුල පහුගිය පාළොස් වැනි දා.. උදෙන්ම රූපවාහිනී සංස්ථාවට යන්ටෙයි කියලා පිටත් උනේ (මතකනෙ අර කෝකිල හඬට 11 වසරක් පිරීම නිමිති කොට ගෙන තිබුණු වැඩසටහන.. අන්න ඒකට) මගේ දඬුමොණරෙට ගොඩවෙලා.. ඔන්න.. ඉතිං මං රූං කියලා යද්දි එක පාරටම ගියර් අහුවෙන්නෙ නැතුව ගියා.. මගේ පූරුවෙ වාසනාවකට ද මංදා.. දඬුමොණරෙ නැවතිලා තිබුණෙ.. අපේ අමල් (Amal Pussallage) වෙන්ට මන්ත්‍රී තුමාගෙ ගෙවල් ඉස්සරහා.. ඉතිං ඒ ගෙදරට ...
ජරාව.. හද පතුල මට ලොකු ලොකු උලවු තේරෙන්නෙ නෑ මචං.. ඉස්සර වගේ නෙවෙයි දැං බය නැතුව පාරෙ බැහැලා යන්ට පුළුහං..ඔවු පාරෙ බැහැලා යන්ට නං පුළුහං.. හැබැයි කාර් එකක... මොටෝ සයිකලේක තියා බස් එකකවත් නං යන්න බෑ..අප්පට සිරි.. අර මොකෝ..?බස් ගාස්තුව වත් ගෙවා ගන්ට බැරි අපට මොන මොටෝ සයිකල් ද බං..?අපට බැරි උනාට ඔය පාරෙ පුරවලා වාහන තියෙන්නෙ..?ඒවා ඉතිං ලොකු ලොක්කංගෙයි.. ලීසිං කොම්පැනි වලයිනෙ.. ...
ඔබා ගේ නික්ම යෑම හා මරණය! හද පතුල සයිබර් අවකාශය තුළ එක්තරා සලකුණක් තබන්නට සමත් වූ සුවිශේෂ වූ මිනිසෙකු අපෙන් සමුගෙන ඇත. සමස්ථ සයිබරයම ආදරයට ඔබා, ඔබා මාමා, ඔබා අයියා ආදී වශයෙන් හැඳින්වූ සනත් විජේවර්ධන නම් ඒ බ්ලොග් සහෘදයාණන් අපගෙන් සමු ගෙන ඇත.. එය මා සයිබරයේ පිටු අතර සැරිසරන්නට සිතා මීට සුළු වෙලාවකට පෙර සූදානම් වීමේදී දැනගත් කණගාටුදායක ආරංචියයි.. ලෝ දහමත් එයම බව නොදන්නෝ කවරහුද? සත්තකින්ම මා ...
ප්‍රබා රජ වෙලා..! හද පතුල ඔන්න ප්‍රබා අපේ රජයේ හමුදාව හොඳට මට්ටු කරලා මේ රටේ රජ වෙලා.. අපි ඉතිං ඉතිපිසෝ ගාථාව කිය කියා බලාන ඉන්නවා මොකක්ද දැන් රටට වෙන්නේ කියලා.. සිංහලයාට ඉතිං සොරි ඩොට් කොම් තමයි,, මොනවා වුණත් දැං ඉතිං ප්‍රබා අපේ රජා නොවැ.. =============================================== මල්ලී.... ගොරෝසු කට හඬකින් ටිකක් සැරට කතා කරනු ඇසී වහා එළියට දිව ගියෙමි... රජා අපේ මිදුලට ම ඇවිත්.. සෑර්... ...
අවාසනාවට.. ඇත්ත කතාවක්.. හද පතුල දැන් සතියකට විතර කලිං අපේ පාරිභෝගිකයෙකුට (රජයට සම්බන්ධ ආයතනයකි) අපේ Payroll Software එකේ පොඩි ප්‍රශ්නයක් ඇති වුණා.. දුරකථනයෙන් සහාය දිය නොහැකි මට්ටමක ඒවාට සහාය දීම සඳහා Remote Software එකක් හරහා සම්බන්ධ වීමේ ක්‍රමය මෙතැනදී යොදාගන්නට නොහැකි.. අදාල පරිගණකයට අන්තර්ජාල සම්බන්ධතාව නැති නිසා.. ඉතින් අපි කිවුවේ.. අපේ Software එක හරහා ලබාගත් Database Backup එකක් අපට ඊ- ලිපියකින් එවන්න කියලා.. ඔන්න පහුගිය ...
බැරිදා විග්‍රහය!හරාම් මෙහෙයුම.. හද පතුල පසුගිය දිනවල මුහුණු පොත පුරා තිබු දැන්වීම් වලින් කියැවුණේ..හලාල් සහතිකය නිකුත් කිරීම සඳහා උලමා සභාව විසින් විශාල මුදලක් අදාල නිශ්පාදන ආයතන වලින් අය කරන බවත්, එනිසා එම භාණ්ඩයේ මිළ ඉහල යන බවත්.. හලාල් සහතිකය අවශ්‍ය වන්නේ ලංකාවේ සිටින ඉතා සුළු කොටසකට බැවින් ඒ වෙනුවෙන් අපෙන් මුදල් අයකර ගැනීම අසාධාරන බවත්.. ඒ නිසා හලාල් සහතිකය නැතිව අපට අඩු මුදලටත්.. හලාල් අවශ්‍ය ...
වාසනාව අහිමි තරු.. හද පතුල අපේ අසිරිමත් ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ හුඟාක් තැන් වල විවිධ ක්ෂේත්‍ර වල හුඟාක් අය තමන්ට නිසි ගෞරවය ලබන්ට තරම් වාසනාවක් ලබන්නෙ නෑ.. ක්‍රිකට් ක්‍රීඩකයො මේ අතින් සුවිශේෂයි.. මං අද පෙන්වන ක්‍රීඩකයො කීප දෙනාත්.. සෑහීමකට පත්වෙන තරම් දස්කම් තමන් ලද අවස්ථාවලදී පෙන්නුවත් පොරෝජනයක් වෙලා නැති උදවිය..1. Lalithamana Fernando මෙයා 1989 අවුරුද්දෙ කැන්ගරු කණ්ඩායමට විරුද්ධව එක්දින තරඟයකට සහභාගී වෙන්ට අවස්ථාව ලබපු දකුණත් ...
මහින්දට නොමිනේෂන් දීම.. හද පතුල පසුගිය දින කිහිපයම පුරා දේශපාලනය ගැන සිතන හෝ කතාකරන හැම මොහොතකම.. මහින්ද එන්නේ බුලත් කොලෙන්ද .. නැත්නම් වෙනත් කොලයකින්ද යන කුහුල අප වෙත තිබූ බව නොරහසකි.. මොකෙන් ආවත් මහින්ද පාර්ලිමේන්තුව තුළට ඒම වැළැක්වීමට ක්‍රමයක් නැති බැවු අප නොදැන සිටියා නොවේ.. එය වැළැක්වීමට නොහැකි නම්.. සන්ධානයෙන් පැමිණීම වැළැක්වීමේ අමුතු අවශ්‍යතාවයක්ද නැත.. ඊයේ මහින්දට නොමිනේෂන් නොදෙන බවට පළවූ වාර්තා දෙස බලා සතුටක් ...
කවිය හා පැදිය හද පතුල චිත්‍ර කලාව, මූර්ති කලාව, නාඩගම් කලාව, නූර්ථි කලාව ආදී වශයෙන් කලාවෙහි විවිධ වූ ප්‍රභේධයන් පවතී. සකලවිධ කලාවන් වූ කලී අපගේ සංස්කෘතිය ගොඩ නැඟූ මහා ශක්තීන්ගේ එකමුතුවකි. කාව්‍ය සාහිත්‍යය යනු ඉහත කලාවන් අතුරින් වඩාත් ජනතාවට සමීප වූ කලාවකි. එය අනෙක් බොහෝ කලාවන්ට මූලික වූ නිසාම විශිෂ්ඨ කලාංගයකි. කාව්‍යයක් යැයි කී විට එය ගද්‍ය, පද්‍ය , නාද, සිනමා ආදී වශයෙන් ප්‍රභේධ වේ. ...
පවුලේ අයෙකු දේශපාලනය කරන විට ඉතිරි අය කරබාගත යුතු ද? හද පතුල දේශපාලන ඉතිහාසයේ පවුල් සම්බන්ධතා ඇති වූයේ අද ඊයෙක නොවේ.. සැමියාගෙන් බිරිඳට.. තාත්තාගෙන් පුතාට.. අයියාගෙන් මල්ලීට.. ආදී වශයෙන් විවිධ අයුරින් බලය හුවමාරු වූ අතර.. එකට දේශපාලනය කළ අය ද මේ අතර සුලබ විය.. එහෙත් පවුල් පාලනය ගැන මේ තරම් කලකිරීමක් හා තිගැස්මක් ඇති වූ වෙනත් කාලයක් නොවූ බව පැහැදිලිය.. එය කොතරම් උග්‍ර වී ද යත්.. මෛත්‍රීපාල තාත්තා ගැන ඔහු ගේ දියණිය ...
රුපියල පා කිරීම හරහා දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම..! හද පතුල පසුගිය මාසයේ රුපියල පාවෙන්නට ගත්තේය.. ඒ හරහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව.. විශේෂයෙන් විදේශ ගනුදෙනු කරන්නන්ට හිතන්නට අවස්ථාවක් දී ඇත.. වාහනයක් පිට රටින් ගෙන්වුවහොත් ඉල්ලුම් කරන මිලට වඩා 20% පමණ වැඩි මිලක් ගෙන්වන අවස්ථාව වන විට පවතී.. මෙය පාරිභෝගිකයාගෙන් අය කර ගැනීමට මහා පරිමාණ කාර් ගෙන්වන්නා සමතෙකි.. එහෙත් සුළු පරිමාණ කාර් ගෙන්වන්නෙක් වෙතොත් ඔහුට බොහෝ විට දෙයියන්ගේ පිහිටය.. ඔහු පාරිභෝගිකයාට ...
බැරිදා විග්‍රහය ! 19 කොහොමද? හද පතුල සිංහල අලුත් අවුරුද්ද ගෙවුනේ ගෙවෙන්න්ට තිබුණාට වඩා තරමක් කරදර කාරී ලෙසය. මගේ පුද්ගලික ප්‍රශ්න නිසා මා හට එසේ දැනුනා වුවද, රටේ බහුතරයකට එසේ නොවන්නට ඇතැයි සිතෙන්නේ.. අවුරුදු සමයේ වෙනදාට සාපේක්ෂව බොහෝ දෑ පහසු මිලට වෙළඳපළේ තිබීම නිසාය. අවුරුදු හමාර කර පැමිණි අපට දක්නට ලැබුණේ.. නව PAYE සංශෝධනයත් සමඟ PAYE Reports සඳහා සංශෝධන කිහිපයක් දේශීය දෙපාර්තමේන්තුව මඟින් ඉල්ලා ඇති ආකාරයයි.. අපගේ ...
දොස්තර ගේ සාස්තර හද පතුල මේ සිද්දිය වෙනකොට මට වයස 10ක් විතර ඇති. මට ඒ කාලෙ සූටියට පපුවෙ මහන්සිය වගේ තිබුණා.. ඒ කිවුවෙ උදේ ඉඳං රෑ වෙනකං දැඟලුවාට පස්සෙ රෑට පපුව ඇතුළෙ රූං රූං ගානවා.. එයිට අමතරව අපේ අම්මට මං හරිම කෙට්ටුයි.. ඇත්තටම පොඩි කාලෙ මං ටිකක් කෙට්ටුයි. ඒත් ඒක අසාමාන්‍ය නෑ. අපේ අම්මට විතරයි අසාමාන්‍ය වුණේ. අපේ අම්මට අනුව මගේ ඇඟත් ටිකක් දුර්වලයි. ඒ ...
මරණය කලිං දැනෙනවාද..? හද පතුල මෙය මට විටින් විට ඇසූ කතා නිසා ඇතිවූ ප්රශ්නයකි..මීට අවුරුදු එක හමාරකට පමණ පෙර දවසක.. අපි අපේ ඥාතියෙකු අසනීප වී සිටි නිසා ඔහු බැලීමටම වඩා සිංහල අලුත් අවුරුදු කාලෙට යන අවුරුදු ගමනක් ලෙසින් ඔහුගේ නිවහනට ගොඩ වීමු... ඔහුව රෝහලට ගෙන යන ලෙස ඔහු අපට බැගෑපත් විය.. එහෙත් ඔහුගේ දූ දරුවන් කීවේ.. මීට පෙරත් ඔහු නිතරම එසේ කියන බවත්.. ඔවුන් එසේ ...
පිටිකර බෙහෙත් කෝ මේ පය බර වායයි හද පතුල මළ කා ගියත් හිත පොබයන කවි අවියසළකා මය දැයේ දියුණ ද විදු රවියවළකා ලිය නොහැක ගිණි සිළු දැවි දැවියබලකාමය නිසා අප හැම තැවි තැවිය නිවසට අප පැමිණ හූරා ගෙන වස්තූකරකාරෙට අරං එහි සිටි බවලත්තූමරු වසඟයට යවමින් සවිබල පුත්තුහෙළ සිරිතටත් ගිණි අවි නොවැ කළෙ පත්තු රහමෙර ගෙනත් හුරු කර, කර මාට්ටුවමස මර මරා කන්ටත් කළෙ සීට්ටුවහෙළ වෙද කම මරා බිහි ...
෴෴අසරණී෴෴ හද පතුල නුඹයි මා ලද නිධානේ පාළු වී ගිය සුසානේ අඳුරු හොල්මන් විමානේ හඬ ඇසෙයි නුඹෙ රබානේ කණ කර නෑ කියලා තම නෑ දෙනයන කඳුළක් හෙම තිබුණා නැතුවත් වත්කම වතයි නුඹේ .... පොහොසත්කම බලෙන් පිම්බුණු බඩ එදා ලොලෙන් නළවයි පුතු සදා දොළෙන් පිටකළ මැන මෙදා මලෙන් බිහි වුණු ලෙස හදා නැළැවිලි ගී නෑසෙන්නේ අවරට ඇයි හිනැහෙන්නේ පුතු කඳුළැලි වගුරන්නේ පියකුද ඔහූ.... ...
හදිසියේ දුටු එ'දිගැසා හද පතුල නුඹට සිංහල බැරි නිසා දොඩමි මම අණ්ඩර බසා එපා මා හා උරණ වන්නට දනිමි දෙනුවන් වල රසා නුඹ ම පෑ ඉඟි බිඟි වසා යොමා නෙතු වෙනතක් දෙසා මාත් මිනිසෙකු වගක් නොසිතා පෙළනු කිම මා මේ ලෙසා නොබිනුවෙමි මම නම් මුසා නුඹයි මා හද දිනු යසා එක හිනාවක් ළඳේ ඇති මට නො එමි පෙම ඇති දැයි අසා හද පතුලින් ලියූ ...