මේ කට මගේ නෙවෙයි.. හද පතුල වෙනදා නැති සැහැල්ලුවකින් නිවසට ගොඩවුණු සිරිමෙවන් දැක නන්දාට ඇති වූයේ කුකුසකි..අද වැඩට ගියේ නැද්ද? ඇය ඇසුවේ එතරම් අහිංසක ස්වරයකින් නොවේ..නෑ වැඩට තමයි ගියේ.. සිරිමෙවන්ගේ ස්වරයද ඉතා සන්සුන්ය.. සිරිමෙවන්ගේ සන්සුන් කම නන්දාව නොසන්සුන් කළ බවක් පෙනුණි..බොරු කියන්ට එපා.. ඇත්ත කියනවා.. ! එය තරවටු ස්වරයකි..හ්ම්.. ඇත්තම තමයි.. අද අපේ ඔෆීසියේ උපදේශන වැඩසටහනක් තිබුණා..සිරිමෙවන් තවත් සන්සුන් වෙමින් ආලින්දයේ පුටුවකට බර දුන්නේ මඳ සිනාවක් ...
ලෝක විනාසය හද පතුල 2012 ලෝක විනාසය වෙයි ද? නෑ... නැද්ද..? ඇයි ඔය තරං අහන්නේ..? කාලෙකිං හම්බ වුණු සතුටින් ඉතිරෙමින්, වයසක මහත්තුරු දෙන්නෙක් කතා වෙන අයුරු සිරිමල් ට පෙනෙයි... රට පුරා බොහෝ දෙනා ගේ කතා බහ දැන් මේ ලෝක විනාසය ගැන ය. සිරිමල් ට නං ඒකේ වගක් නැත... උදයේ නැගිට කෑම පිසීමට බිරිඳට උදවු වන ඔහු, දරුවන්ට පාසැල් යාමට අවශ්‍ය වන අඩුම කුඩුම ...
බැරිදා විග්‍රහය! කැමතිද එක්ව නැඟිටින්නට? හද පතුල සතියක දෙකක ඉඳං අපේ රටට ආයෙමත් යුධ වාතාවරණයක් ඇති වෙලා වගේ දැනෙනවා.. හිතලා බැලුවොත්.. යුධ වාතාවරණයක් ඇති වුණා කියනවට වඩා ගැලපෙන්නෙ.. තිබුණු තත්වය පොඩ්ඩක් උග්‍ර උනා කියන එකයි.. මේ ගැන මාත් තැං තැං වල සුට්ට සුට්ට කතා කළා තමයි.. ඒත් මේ ටිකත් කියන්ටම ඕන ටිකක්..ඔන්න අපි ඉගෙන ගත්තු ඉතිහාසයට අනුව.. අපි විජය රජ්ජුරුවන්ගෙ ආගමනයෙන් ඇති වුණු ජාතියක් ලු නෙ.. (එතකොට ...
කවුද බොලේ මං කපන්න ඉස්සෙල්ලා කැපුවේ? (18+ ම නොවේ..) හද පතුල ඔන්න මටත් ඉන්න ගමං පරණ කතාවක් මතක් වුණා.. අපේ සුමේධ සර් ගෙ ඇප්ලයිඩ් පංතියෙ.. ක්ලාස් ගියපු අය දන්නවා ඇතිනෙ.. අන්තිම දවස්වල යන්නෙ එක්ස්ප්‍රස් ට්‍රේන් එකේ.. මගෙ ලඟිං වාඩි වෙලා හිටියෙ සමීර.. ඊට එහා අංජන.. මං නෝට් එකක් ලියන්න ගිහාම සාමාන්‍යයෙන් පරක්කුයි.. සර් කියන විදිහටම හිතට අරගෙන හෙමීට පොතට දාගන්නකොට .. අනිත් අය ටිකක් වැඩිපුර දුර ගිහිං.. ඔන්න එදා පාඩමේ සර් ...
බැරිදා විග්‍රහය!සිස්සත්තේ අතුරු කතා හද පතුල පහේ සිස්සත්තෙ පටං ගත්තේ එකදාස් නවසිය අසූ අටේය.. ඊට කලිං තිබුණේ පහේ සිස්සත්තේය.. බැලුවාම අණ්ඩර දෙමළයක් වගේ තිබුණාට මේක ඇත්තය. මං ලිවුවේ පරණ පහේ සිස්සත්තේ ය. ඒ අවුරුද්දේ සිස්සත්ත දෙකක් තිබුණේ ය. ඕවා පරණ කතා ය.ලෝක ළමා දිනේ යෙදුණ ඔක්තෝබර් පළමුවැනිදා සිස්සත්ත ප්‍රථිඵල එළියට ආවේය.. ආපු ප්රථිඵලය හොඳ වුණු ළමෝ.. වාසනාවන්තයෝ ය. නැත්තං එදාට සමරන්ට වෙන්නේ ලෝක ගුටි බැට දිනය ...
මං තාමත් කළුයි... හද පතුල එදා ඇඳපු කොට කලිසම මගේ පුතුට ලොකුයිඑදා අඬපු ඇහැ මාගේ අද පේනව අඩුයිඑදාටත් වඩා වැඩියෙං උඹ නං මට දුරයිමං තාමත් කළුයි මගේ හිසකේ නං සුදුයි මල් දුන්නට ලී හොයන්න කැලේ පැන්න මංවල් ගොන්නට පහර දිදී සුද්ද කරපු මංකල් ගන්නට විභාගයෙන් බොරුත් කිවුව මංසිල් පැන්නට ඉහිං කනිං තාම කළුයි මං හිතට සවිය ගතට දිරිය තාමත් මට තිබෙයිදහම දනිමි ඇසුරු කරමි ...
රන් වන් අනාවක් පතනෙමි පුතුනි මගේ.. හද පතුල අපි කසාද බැඳලා අවුරුදු දෙකක් යනකොට අපේ පුංචි දෝනි අපේ කැදැල්ලට ආවා.. එයාගෙන් අපි පුදුම තරම් සතුටක් සැනසුමක් වින්දත් හැමෝගෙම හිතේ පුංචි අඩුවක් තිබුණා.. ඒ අපේ පරපුර ගෙනියන්ට පුතෙක් නැති අඩුව.. මේක තදින්ම තිබුණේ අපේ දෙමවුපියන්ට. මගේ බිරිඳට ඉන්නේ නංගිලා ම දෙන්නෙක්. ඉතිං එයාලගේ අම්මාටත් ලොකු ආසාවක් තියෙන්න ඇති පුතෙක් ගේ මූණ දකින්න.. ඒ අඩුව සම්පූර්ණ කරමින් මගේ පුංචි පුතා ...
විනෝදයට/ ඔලුව සැහැල්ලු කරන පුංචි ගේම් එකක්.. හද පතුල මේ දවස් වල දරුණුම කාල හිඟයකට මූණ පාලා ඉන්න හිංදා මට ටික දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි වුණා.. ඔය අතරෙ තමයි මං මීට කාලෙකට කලිං හදපු පුංචි ගේම් එකක්, ඒ කියන්නේ පුංචි Software Application එකක් මතකෙට ආවේ. මේක නිර්මාණය කරන්න යොදා ගත් පරිගණක බස Visual Basic 6. මේක බොහෝමයක් Windows මෙහෙයුම් පද්ධතික් එක්ක වැඩ කරනවා මයෙ හිතේ.. ඒ කාලෙ අධ්‍යාපනික ...
බැරිදා විග්‍රහය..! මට නං පිස්සු වගේ.. හද පතුල මහින්ද උන්නැහේ.. ජනපතිවරණය මෙවුවා කොළාත් හරිය.. අපේ එවුන්ට නිච්චි නිනවු නැති ගානය.. රෝ ඔත්තු සේවයත් බටහිර රටවලුත් එක්කහු වෙලා කොරපු කුමන්ත්‍රණය සුළු පටු නොවන බව තේරෙන්නේ දැන් ය.. එක්කෝ මහින්දට බනිනවාය.. නැත්තං රනිල් ට බනිනවාය.. එහෙමත් නැත්තං මෛත්‍රීට බනිනවාය... අඩුපාඩුවට.. නාමල්ට, බැසිල්ට, ගෝඨාට වගේ ම.. විමලට, ගම්මන්පිලට, ජොනියට, ඇස්.බී ට, පවිත්රාට, අඛිලට, රවීට, බුද්ධිකට, චම්පිකට, සෝභිත හාංදුරුවන්ට එහෙමත් බනිනවාය.. ඔය ...
"හදපතුල" බෙදා දීමට අයිතිකරුවන් අවශ්‍ය කර තිබේ..! හද පතුල "හද පතුල" බ්ලොග් අඩවිය අවුරුදු දෙකකුත් මාස කීපයක් මට හැකි විදිහට හා හොඳයි කියා හිතෙන විදිහට පවත්වාගෙන ආයෙමි.. දිගින් දිගටම පවත්වාගෙන යන්නට අදහස් කරගෙන උන්නෙමි.. එහෙත් මට දැන් හිතෙන හැටි වෙනස්ය.. මෙය මට වඩා ලියන්ට පුළුවන් වගේම ලියන්ට වෙලාව ඇති කෙනෙක් පවත්වාගෙන යනවා නම් හොඳයි කියලා හිතෙයි.. මටත් ඔය ඉඩක් ලැබුණොත් පෝස්ටුවක් දාන්ට බැරියෑ.. කියා හිතෙයි..හැබැයි අයිති කාර කම දුන්නට ...
෴෴සුබ උපන් දිනක් මගෙ දුවේ෴෴ හද පතුල සහසක් පෙරුම් දම් පුරලා නුඹ මත්තේ වෙහෙසක් වෙලා මෙදියත ජය ලැබ ගත්තේ රහසක් නොවේ දියණියෙ පවසමි සත්තේ පහසක් නුඹෙ වතේ විඳ සතුටකි ඇත්තේ හිස් බව නොමැත අපෙ දිවි තුළ එයින් මතූ රැස් ලෙස සඳේ සොඳුරුය සිත මැවෙන සිතූ තොස් විය නොයෙක් වර අසමින් නුඹගෙ තතූ පස් වසකුත් ගියා නොදැනිම වසා නෙතූ වයසින් වැඩෙයි මෝරයි දැනුමද යසට දවසින් දවස හුරුවෙයි ...
කැමති/සුදුසු වෘත්තිය තෝරා ගැනීම හද පතුල මේ ගැන මාධව හබරකඩ සහෝදරයා ලිපි පෙළක් ලියාගෙන යනවා. ඒ අතර තිබුණු මේ ලිපිය කියවන්න ගිහිං තමයි මට මේ ලිපිය ලියන්න හිතුණෙ.අපි වෘත්තියක් තෝරාගැනීමෙදි තමන්ගෙ කැමැත්ත, හැකියාව, වාසනාව වගේ කරුණු බොහොමයක් ගැන සිත යොදවන්න අවශ්‍යයි. කැමැත්තයි හැකියාවයි තිබුණු පලියට එම වෘත්තියෙහි යෙදෙන්න තරම් කෙනෙකු වාසනාවන්ත වෙන්නෙ නෑ. සමහර විට ඔහුට සුදුසු ම වෘත්තිය වෙනත් එකක් වෙන්න පුළුවන්.උදාහරණයක් විදිහට මං ඒ ...
භව ගමනක සිහිනය 1 හද පතුල සූරිය ආරච්චි මහත්තයා මට හමු වුණේ දවසක හැන්දෑවක අසිරිය බලන්න මුහුදු වෙරළක ඉන්නැද්දී.. එතුමා බොහොම සරලව සැහැල්ලුවෙන් හැඳ පැළඳගෙන මාත් එක්ක සිනාමුසුව ඒ හැන්දෑව ගත කරද්දී තමයි මම දැනගත්තේ එතුමා ගුරුකම් කරන ඇදුරෙක් බව. එතුමා හැබැයි බොහොම සාධාරණව රස්සාව කරන කෙනෙක්.. එතුමාගේ හදේ රැඳුණු කතාවක් මට මෙහෙම කීවා.. දවසක් මගේ ගාවට ආවා... එක පිරිමි කෙනෙක්.. එයාට ඕන වෙලා තිබුණේ ගෑණු ...
හිඟා කෑම හද පතුල අනේ මහත්තයා.. මගේ උකුල් ඇටේ කැඩිලා දැන් අවුරුද්දක් වෙනවා.. සිංහල බෙහෙත් තමයි කරන්නෙ.. තාම දවල්ට කෑවෙත් නෑ මහත්තයා..තොර තෝංචියක් නැතුව කියෝගෙන යන ඔහුගේ ලා දුඹුරු පැහැ ගත් අපිළිවෙලට පිහිටි දත් ටික මා හා සිනාසෙයි..කැහැටු වූ ඔහුගේ සිරුර දෙස ත්.. කිසියම් දෙයක් තබා බැඳ ඇති සෙයක් පෙනෙන උදර ප්‍රදේශය දෙසත් බැලූ මා..දැන් මගෙන් මොනවද ඕන..? කියා ඇසුවේ.. ඔහුට අවශ්‍ය මුදල් බව ...
ගුඩ්..බායි.. 2013 නොහොත්.. වෙල්කම් 2014 හද පතුල තත්පරය, විනාඩිය, පැය, දවස, සතිය, මාසය වගේ ම අවුරුද්දත්.. එකක් යද්දි තව එකක් එනවා.. මේවා ඔක්කොම සාපේක්ෂ මිනුම් ඒකක.. තත්පරය කියන එකේ කාල පරාසය චුට්ටක් වෙනස් උනානම් ඉස්සෙල්ලා කියපු හැම එකකම තරාතිරම වෙනස් වෙන හැටි හිතාගන්න පුළුවන්.. ඒ විතරක්ය.. විනාඩියට තියෙන්නෙ තත්පර 60යි කියලා අපි (අපි කිවුවට මං නං නෙවෙයි.. වෙන කවුරුහරි තමයි ඕක කොරල තියෙන්නෙ) ගොඩනගාගත්තු නිර්නායකය පොඩියක් එහෙ ...
ZTE ZXV10 W 300 router එකේ 4 වැනි Port එකෙන් LAN, Internet යන්නෙ මෙහෙමයි.. හද පතුල අපේ ඔෆිස් එකේ තියෙනවා ඔය උඩිං කියලා තියෙන ජාතියෙ Router එකක්.. ඉතිං ඔය Router එකට පරිගණක 4ක් සම්බන්ධ කොරන්ට පුළුහං උනාට.. 4 වැනි Port එක නෙවෙයි ක්‍රියාත්මක වෙන්නෙ.. පස්සෙ Router එකේ මොකක් හරි අවුලක්වත් ද කියලා හිතලා.. ඔයි ජාතියම මෙවුවා එකක් අපේ ගෙදර තිබිලා හයි කොරලා බැලුවා.. මොන ඒ සන්තෑසියමයි.. පස්සෙ පොඩියක් හොයලා බලනකොට තමයි.. අපේ SLT එකේ මහත්තුරු (නෝනලා ...
රන් වන් අනාවක් වේවා පුතුනි මගේ..! හද පතුල පුතුනේ නුඹේ සුන්දර ජීවිතය මතඅප හැම දෙනගෙ පැතුමන් හා සතුට ඇතබාධක කම්කටොලු මැඩ, වීරියෙන් සිතමා නිම නොකළ මෙහෙයට අත තබනු පුතජාතිය සිහල කම රැක සලසවා සෙතආගම දහම ඇසුරෙන් මෙත වඩා සිතකාටත් හොඳින් සලකා තෙත දරා නෙතජීවත් වෙයන් මිනිසෙකු ලෙස මගේ පුත තුන්වැනි වියට පා ඔසවන දිනේ නුඹසුන්දර නුඹේ නළලත ආදරෙන් සිඹයන්නට වෙතට සතුටේ රන් පහන් ටැඹදෙන්නෙමි සෙත් පැතුම් උණුසුම් ...
ලංකාවේ තියෙන්නේ ජාතිවාදය ද? හද පතුල අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ සම මෙත පතුරවන්ට කියාය.. ඉතිං කියන එක අහපු අපි කොයිකාටත් සම මෙත පැතිරවූයෙමු.. එම සම මෙතෙහි ආනුභාවයෙන් අපට අපගේ බොහෝ බෞද්ධ උරුමයන් අහිමි වුණු බැවු සැබෑවකි.. එහෙත් එයින් මහා ලොකු පාඩුවක් සිදු වුණේ ද නැත.. නාමික බෞද්ධයින් ගණන අඩු වන්නට ඇත.. එහෙත් වත්මනෙහි ඇති ආගමික පිබිදීමත් සමඟ බුද්ධියෙන් ආගම සමඟ ගනුදෙනු කරන බෞද්ධයින් ගණන වැඩි ...
බැරිදා විග්‍රහය ! බැඳුම්කරේ මෙයයි හොරේ..! හද පතුල මා මීට පෙර ද සඳහන් කළ පරිදි.. වත්මන් රජය නා ගත් ප්‍රධානතම තැන මහබැංකු බැඳුම්කර සිද්ධියයි..එම සිද්ධිය හා සම්බන්ධව හරිහැටි කරුණු දැක්වීමක් නැති නම්.. මහ බැංකු අධිපතිවරයාට විරුද්ධව ක්‍රියා කළ යුතුව තිබුණු බව මම එහිදී සඳහන් කළෙමි.. විශේෂයෙන්.. ඩිව් ගුණසේකර වැනි මා ගරු කරන පැරණි වාමාංශික නායකයෙකු අසත්‍යය පවසතතැයි සිතන්නට මගේ සිත ඉඩ දුන්නේ නැත. අනුර කුමාර සහෝදරයා ද කීවේ.. ...
කවිය හා පැදිය II හද පතුල කවිය හා පැදිය නමින් මා ලියූ ලිපිය ම පාදක කරගෙන මෙම ලිපිය ලියන්නට සිතුවේ ෆේස් බුකියේ "සඳැස් කවි මඬුව" නමින් ඉවෙන්ට් එකක් අරඹා ඇති ජානි වසන්ති සොයුරියගේ ඉල්ලීමක් ද ඉටු කිරීමේ අරමුණ ද ඇතිවය..පැදි වලට තමයි අපි සඳැස් කවි කියලා කියන්නෙ.. මෙකී පැදි.. ගී, සැහැලි, සිලෝ හා සීපද වශයෙන් ප්‍රභේද වෙනවා.. යහ ගී, දුවඟ ගී, පියුම් ගී ආදී වශයෙන් අනුදත් ...