පුළුවන්නම් මාව නවත්තන්න... හද පතුල ඒක කරන්න පුළුවං මට ම විතරයි.. ඔයා කොච්චර උත්සාහ කළත් ඔයා ට මාව නවත්තන්න බෑ. මේක මගේ අයිතිය. කඳූ මුදුනින් එන ගඟ මං පවුර වුණා ..........ඔයා කොහොම නැවැත්තුවත් මාව මං යන මඟ ගියාඔයාගෙ කඳුළුත් අරගෙන මගේ ළඟින් .....තියාකඳු පාමුල හිනා වෙවී හිඳිමි දෙනෙත් ........පියාඔයා කිවුවෙ මං නපුරුයි කියලා.. ඒත් මට ඕන උනේ ඔයාව තනි කරන්න නෙවෙයි.. ඔයාට ඔයාගෙ පාඩුවෙ ඉන්න ...
හිතේ මැවුණ රුව නුඹගෙයි දුටුවෙ පමා වෙලා.... හද පතුල නීල නයන දිගු ඉඳුවර නුඹට උරුම .....වෙච්චී මාල වළලු අරුමෝසම් තාලෙට හෙල..වෙච්චී ආල වඩන ඉඳුරන් මගෙ හීනෙට බර ...වෙච්චී බාල උනත් නුඹ ගැන සිත ආලය ඇති .වෙච්චී සතේ නැතත් මං ඉන්නම් කියා ආව .......පලා පතේ බතුත් නැතැයි ඇයත් කියයි කඳුළු ..සලා ගතේ දිරිය තිබුණට මම හිඳිමි වෙමින් ....මුළා හිතේ මැවුණ රුව නුඹගෙයි දුටුවෙ පමා වෙලා සඳේ රුවට කැටයම් කළ මූණ ...
පැරණි රසාංගයක්.. හද පතුල අපේ අප්පච්චිගෙ පාසැල් කාලෙ මිතුරන් කිහිප දෙනෙක් පහුගියදා අපේ ගෙදරට ආවා.. ඒ අය කලාතුරකින් හමු වුණත්.. අපේ ම පවුලෙ අය වගේ.. මේ අයත් එක්ක සතුටු සාමීචියෙ යෙදෙද්දි කාලය යනවා තේරෙන්නෙ නෑ.. ගැටවු කාලෙ කරපු කවටකම්.. හ්ම්.. අපට හැරෙන්නවත් බෑ.. ඒ තරම්.. ඒ අතර එයාලගෙ පරණ පුංචි පුංචි හුට පට වුණත් ගෙනාවෙ අව්‍යාජ හිනාවක්..අප්පච්චිගෙ මේ යහළුවන් අතර ඉන්නවා හමුදාවෙ සේවය කරපු ...
බැරිදා විග්‍රහය !අපිත් මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නු මිනිස්සු.. හද පතුල අපිත් මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නු මිනිස්සු..! ඇයි අපට මෙහෙම කරන්නෙ..? පොලීසියෙන් බැට කා ඔලුව පලාගත් පුද්ගලයා අසන්නේ මහත් සංවේගයෙනි.. ඔහුට පහරදීම වැරදි බව අමුතුවෙන් කිව යුතු නැත. මා මේ කතා කරන්නේ ඒ ගැන නොවේ.. ඔහු ආණ්ඩුවට ඡන්දය දීම නිසා ඔහුට විශේෂ වරප්‍රසාදයක් ඇති බවක් ඔහුගේ කතාවෙන් ගම්‍ය වීම ගැනයි.. ආණ්ඩුවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දුන්නත්, ඡන්දය කටු ගෑවත්, ඡන්දය නොදා ...
සුබ උපන් දිනක්.. සොඳුරිය..! හද පතුල කසාද බඳින්නට පෙර බොහෝ ලාමක ජීවිතයක් ගෙවූ ඔයා, වගකීම් බහුල යුග දිවියට හැඩගැහුනු හැටි ඇත්තටම අපූරුයි.. මට, මගේ අම්මට-අප්පච්චිට, ඔයාගේ අම්මට, ඔයාගේ නංගිලාට, මගේ අක්කට, අපි කාගේත් දරුවන්ට වගේම අපේ මිතුරන්ට ඔයාගේ ඇති ලෙංගතු හිත මගේ හිතේ හැම විටම ඔයා ගැන තියෙන ගෞරවය දෙගුණ තෙගුණ කරනවා. මගේ දෙමාපියන් ගැන මට වඩා සොයා බලන්නේ ඔයා. ඒක මට පුදුම තරම් ශක්තියක්, සැනසීමක්. ...
සුනිල් අන්නාසි වික්ක හැටි.. හද පතුල නිමල් කෙසෙල් ව්‍යාපෘතියක් පටන් ගත්තේ මහත් බලාපොරොත්තු සහිතවය. ඔහු තම හිතවතුන් කිහිප දෙනෙකු ද හවුල් කරගෙන හොඳ අන්නාසි වර්ග කිහිපයක් හොඳ ඉඩ කඩක වගා කළේය. හොර බොරු නැතිව, වස විස නොයෙදූ අන්නාසි වගාව සරු වී අස්වනු නෙලන්නට පටන් ගත්තද, අන්නාසි වලට බලාපොරොත්තු වූ තරම් ඉල්ලුමක් නොමැති බැවු දැනගත් නිමල් මෙම ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට නම්.. හොඳ තැරැවුකරුවෙක් නොහොත් මාර්කටියර් කෙනෙක් ...
බැරිදා විග්‍රහය !තාරුණ්‍යය - සමයම හද පතුල තාරුණ්‍යය පුදුමාකාරය. සීමා මායිම් ගැන වගේ වගක් නැති, ඉවසීම කියා දෙයක් හඳුනන්නේ නැති, පෙරලන්න හිතුණොත් මහාමේරුවත් ලොකු නැති.. එවන් තාරුණ්‍යයක් මටත් තිබුණාදැයි මම මගේ හිත විමසමි. මගේ තරුණ කාලයේ ම මා ද පිළිකුල් කළ අයුරෙන් හැසිරුණු මගේ සමවියෙහි වූ තරුණ තරුණියන් පිරිසක් ද සිටි බව මට මතකය. ඔවුහු මිතුරු සමූහයක් වූ අතර, වැඩි දෙනෙකු තනි පුද්ගලයින් විය. එක කොල්ලෙකු සමඟ ...
අඩියක් ගහමුද? හද පතුල මත්පැන් වර්ග ගොඩාක් තියෙනවානේ... රා, අරක්කු, වයින්, බියර්, විස්කි, බ්‍රැන්ඩි වගේ නීතියෙන් ප්‍රශ්නයක් නැති ඒවා වගේම කසිප්පු සහ කසිප්පු වගේ හදන හොර මත්පැන් වර්ගත් එමටයි.... මං මේ කියන්ට යන්නේ මත් පැනින් ගැලවෙන්ට මට ලැබුණු අවස්ථා ගැන සහ මං ඒවයින් ගැලවුනු තරම ගැන.. අපේ අප්පච්චි තරුණ කාලෙ ඉඳලම හොඳට බිවුව කෙනෙක්.. එයා බිවුවයි කියලා රණ්ඩු සරුවල් කර ගන්නේ වත් සවුත්තු වෙන්නේ ...
අප්පච්චි.. හද පතුල මීට අවුරුදු 38කට විතර ඉස්සර දවසක මට හොඳටම තැලුවලු.. ඒ මං නැකතට අකුරු කියෙවුවෙ නෑ කියලා.. මට ඒක මතක නෑ.. ඒත් ඊට පැය ගානකට පස්සෙ ආදරෙන් කතාකරපු ලොකු බාප්පත් එක්ක අකුරු කියන්න කැමැත්ත පළ කළා මතකයි.. ඒක රාහු කාලෙ ලු.. කොහොම වුණත්.. අප්පච්චි ඔය තරම් නිච්චියටම නැකැත් සෑස්තරේ වත් දෙයියන්වත් විශ්වාස කරපු කෙනෙක් නෙවේ ලු ඉස්සර.. ඒත් දරුවන් ගෙ දේකදි ...
මගේම ආදරයක් සොයා.. හද පතුල මගෙ හද මුලින් බැඳුණේ මහ සයුරවෙතඇය මට ආදරෙයි තව පෙම්වතුන් ඇතඅමතක කර දමා මා ඇගෙ චපල හිතනදියට බැඳිමි පෙම් මගෙ නව පැතුම් මත වෙනසක් කොහිද නදියත් කිසි කමක් නැතහිඟයක් නොමැත ඇයටත් හුඟ දෙනෙක් ඇතහරවා හිත මගේ යළි පොඩි දොලක් වෙතනිදහස් කරගතිමි එම හුරතලෙන් කැත දොලටත් කියන අයිතිය බොහො දෙනෙක් ඇතමොනවා කරන්නද හදවත නැඟෙයි මතබෝතලෙ හැටට විකුණන කඩ පිළක් වෙතගොස් ...
සුමිත් අයියා සහ දේශද්‍රෝහියෝ.. හද පතුල සුමිත් අයියා නම් මහ පුදුම මිනිහෙක්.. බලන්ටකො තියෙන නිරහංකාර කම.. හැමෝත් එක්කම හිනාවෙලා.. වචනයක් හරි කතා කරලා නෙව යන්නේ.. ඒ විතරක්ද මළ ගෙයක් දානෙ ගෙයක් වරද්දන්නෙ නෑ.. අපි වගේ නිකං ගිහිං කුට්ටම හොල්ල ඉඳලා එන එකක්ය.. අඩු ගානෙ රුපියල් පන්දාහක් වත් ගෙදර ඇත්තන්ට දීලා තමයි එන්නෙ.. වෙන මොකක් හරි අඩුපාඩුවක් කියන්ට.. ටක් ගාලා තමන්ගෙ සැට් එකට කියලා වැඩේ කරලා ...
ගහපු රිකට්, අහපු රිකට් හා බලපු රිකට් හද පතුල ජුලිස් මැන්ඩිස් අපේ රිකට් පිළේ ලොක්කා වෙලා ඉන්න කාලෙ තමයි මං රිකට් අහන්න බලන්න පටං ගත්තේ.. මතකද අපේ එකෙක් මුල්ම ටැස්ට් ලකුණු 1000 ගහපු දවස..? මට මතක හැටියට ඒ 1985 විතර කාලෙ.. ප්‍රතිවාදියෝ කවුද කියලා නං මතක නෑ.. මං ඒ තරඟය රේඩියෝ එකෙන් ඇහුවා මතකයි.. රෝයි ඩයස් තමයි 1000ට ලං කරලා උන්නෙ.. දුලිප් මැන්ඩිස් උන්නැහේත් ඒ තරම් පිටිපස්සෙන් නෙවෙයි උන්නෙ.. ...
ගං ඉවුරේ ඇන්ද රටා.. හද පතුල ගං ඉවුරේ ඇන්ද රටා එදා ආදෙරෙන් තුරුළුව හිමින් හිමින් නෙවෙයි මැකුණෙ ඒකයි පුදුම... අපට අපව දුරස් වුණේ සැණෙකින් කොහොම.. .............................................. එදා වගේ දොඩමළු වී කතා කළේ නැහැයි කියල' අපි මෙතරම් දුරයි කියල' කියන්නෙ කොහොම.. මට නං ඔබ අමතක නෑ මතකයි තවම..... ............................................. මතකෙන් නොම ගිලිහුණාට ලෙංගතු කම් පැවතුණාට එදා තිබුණු ආදර හිත හොයන්නෙ කොහොම... තනි උනහම සියොළඟ නැහැ වෙළෙන්නෙ එහෙම.. ...
බැරිදා විග්‍රහය ! අවුරුද්දෙ සැමරුම හද පතුල මෛත්‍රී ජනපති වෙලා අවුරුද්දක්ය. ඒකට පදවි ප්‍රාප්තිය නොකියා.. ඉන්ට කියා මෛත්‍රී කියා ඇත්තේ.. ඒ පදවිය දරලා කොරපු දේවල් ගැන එතුමාට සෑහීමක් නැති නිසා වෙන්ටත් පුළුවන්ය. නැත්තං ඒ කියමනේ ඒ හැටි වරදක් මට නං පේන්නේ නෑ ය. කොහොම උනත්.. හෙට දානයක් දෙන්ට වටිනවාය. ඒ අප්පච්චිගේ අවුරුද්දේ දානය නිසාය. ඒත් අප්පච්චි ආයෙත් උට්ඨානය උන නිසා ඒකත් ඕන නෑ ය. කොහොම උනත් මගේ ...
පුර සිරි අනුහස් හද පතුල නු ව න'ඟ කැලුම සැඟැවුණු ඉඟි සැලෙන නුරාසි යො ළ ඟ බැඳෙන සසොබන ගති පෙළෙන සරාඅ ව ස ඟ අම රසය හැම රස නහර පුරාමෙ ප ත'ග පතල තෙද බලනුය නුවර අරා තුරු හිස් වෙහෙසවා නොගෙනෙති නව නින්දාරණ ගොස් සිහි දවා නිකැළැල් බව සින්දාසඳ රස් දිය පුරා යති සිහිනය කැන්දාඅනුහස් බලග පුර සිරි මිහිමත ඇන්දා සිකි පිල් සැලේ නුබ ...
හිමවත කළ හැකිද සොඳුරිය නුඹට සම? හද පතුල ම ඳ හ ස හිරුගෙ විඳ සුවබරහිමිදිරියේ සෙ නෙ හ ස පුදමි සඳ නුඹ වෙතසුමිහිරියේ කි තු ගො ස බිඳුණු පසුව ද නොම අත හැරියේ නු ඹ මි ස අත්වැලක් නැත මගෙසුවිසැරියේ බැ ඳි මහ පවුරු පිණි බිඳු මෙන්ම යකතර සැ දි මඟ කවුරු කීවත් නොම විය නතර ලැ දි බව නො අඩු විය අග හිඟ කම අතර රැ ...
බැරිදා විග්‍රහය..! පිරිමි සංගම් නැත්තේ ඇයි... ? හද පතුල මේ ලිපිය ලියන්න පාදක වුණේ ටික දවසකට කලින් බස් රථයක සිදු වුණු සිද්ධි කිහිපයක්.. ඔන්න ඉතිං මං ගෙදර යන්ට කියලා කොළඹ - අවිස්සාවේල්ල පුද්ගලික බස් රථයකට නැංගා කියමුකො. බස් එකේ ප්‍රමාණයට වැඩියම නොවුණත්.. එකිනෙකා තෙරපෙන්න තරමට සෙනඟ. හෝමාගම හරියෙදි ඉඳගෙන හිටපු අවුරුදු 45 පැනපු ගෑණු කෙනෙක් ඒ අසලම හිටගෙන හිටපු තරුණයෙකුට බණිනවා ඇහුණා.. ඒ ගැහැණියට ඉස්සරහින් ඉඳගෙන හිටපු තරුණයෙකුත් නැගිටලා ...
කෙනෙකු විඳිද්දී.. තවකෙකු විඳින්නට සූදානම් වන.. හද පතුල කෙනෙකු කලින් සකස් කරගත් කර්මයන්හි ඵල විඳිද්දි.. තව කෙනෙක්.. කර්මයන් සකස් කරගන්නා අයුරු.. අපූරු ධර්මයකි.. සවන් දී බලන්නම වටින.. අපූරු දම් දෙසුමක්.. මෙම දිගුව මා වෙත යොමු කළ.. සිරිපාල රත්නායක.. මගේ ආදර මිතුරාට... පින් සිදු වේවා..අතිගරුතර පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේ ගේ සුමදුර දම් දෙසුම අහලා ඔබත් අවබෝධ කරගන්න.. මේ ධර්ම දානමය පින්කමට දායක වූ ස්වාමීන් වහන්සේ ප්රමුඛ හැමට පුණ්‍යානුමෝදනා ...
ඒ ඇගෙ පෙමයි හද පතුල කිත් පැසසුම් වලට වැඩියෙන් නව ....නින්දා මේ පෙම නිසා අප තනි තනියෙන් .....වින්දා එක් වී පෙම් කරන්නට නුඹ නැති ......හින්දා තෙත් බව සිඳෙන තුරු නෙත කවි පද බැන්දා ගේ දොර ඉඩ කඩම් සහ හරකා ..........බාන වාහන මිළ මුදල් වෙත නතු වූ ..............හීන නෑ හිත මිතුන් වටවූවත් .................පුරවාන නෑ මට වගෙම නුඹටත් දැල්වුවෙ .......පාන පෙවු කිරි වලට සදහට ණයගැති .......වන්නා කැවු ...
චතුර වීරයෙක් ද? හද පතුල දෙරණ ටෙලිවිෂන් එකේ පත්තරේ කියවන චතුර අල්විස් මහත්තයා.. දෙන්ඩ තැනක් තිබ්බොත් ඇට්ටි හැලෙන්ට දෙනවා.. ඔය පහුගිය දොහේ නැගෙනහිර මහ ඇමතිටත් දුන්නෙ.. ඒ ගැන ආඩම්බර වෙලා ෆේස්බුක් එකේ පෝස්ට් යනවා.. ඔය අස්සෙ ඕක දිරවන්නෙ නැති මහත්තුරු ටිකක්.. පහුගිය කාලෙ ඔය වගේ දේවල් උනාට කටක් හෙල්ලුවෙ නැති එක මතක් කරලා චතුරට කෝචොක් එකට පෝස්ට් දානවා..ඒ වගේ ම මං දැක්කා මරා දැමූ ලසන්ත ...