දැන දැන රැවටීම: ජනපති තුමාගේ අතේපත්තුවන බොරු සත්දින පසුගියදා ජනාධිපති වරයා විසින් අත්තෙනෝමතික ලෙස කරනු ලැබූ ව්‍යවස්ථා උල්ලංඝනයන් ගේ මස්තකස්ප්රාප්තිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යි. තමුන් කළ වැරදි සහගත හා බලලෝභි ක්‍රියාවලියේ අවසානය තමුන් බලයට පත් වී ඇති ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීම යි. ව්‍යවස්ථාව උල්ලංඝනය කරා යන්න ජනපතිවරයකු වශයෙන් දියුරුම් දෙන අවස්ථාවේ දී පවසන පොරොන්දුව කඩ කිරීමකි. කරුණු එසේ නම් දැන් ලංකාවේ ජනපති, වත්මන් අගමැති මෙන් තත්කාර්යය ජනපති ...
දිවි නැගුම හා ළඟම එන ඡන්දයක පෙර නිමිති සත්දින පසුගිය දිනක බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන ඇමති තුමා විසින් දිවි නැගුම පනත් කෙටුම් පත ගැන අදහස් දක්වමින් පවසා සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජන මත විචාරයකින් පනත සම්මත කරන්නට කීව ද, වත්මන් රජය එය කරන්නට තීරණය කොට ගෙන ඇති බව කි. දිවි නැගුම පනත් කෙටුම්පත ආර්ථික සංවර්ධන ඇමති තුමන් විසින් 2012 වර්ෂයේ අගෝස්තු 10 වන දින පාර්ලිමේන්තුවට ...
සප්රායස් දේශපාලනය සත්දින කාලෙකට පසුව පසුගිය දින කිහිපය තුළ නැවතත් මගේ අත කට කසන්නට පටන් ගත්තේ ඇති වූ ලාංකික දේශපාලන තත්ත්වය නිසා ය. අද දවසේ උදෑසන මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ කාර්යභාරය භාර ගත්තේ ලක් ඉතිහාසයයේ පළමු වරට දෙවරක් විධායක ජනාධිපති වරයකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වී, අගමැති වීමේ වාර්තාව ද තබමින් ය. දේශපාලනය යනු බලය තකා කරනු ලබන අරගලකි; එහි දී ලැජ්ජා භය යන ...
අමෘතයෙන් කසිප්පු පෙරා බීම: ලංකා ප්රජාතන්ත්රවාදය! සත්දින පසුගිය දවස් දෙක තුන තුළ එක් ඇමතිවරයකු විසින් ලංකාවේ ප්‍රතිස්ථාපනය කළ යහපාලන ප්රජතන්ත්රවාදය පිළිබඳ අදහස් දක්වමින් පැවසුවේ එය අතිශයින් හ සීමා රහිත වීම විවිධ වූ සමාජීය ප්‍රශ්නයන්ට හේතු වූ බව ය. ඒ හෙයින් ප්රජාතන්ත්රවාදය සඳහා සීමා පැණවිය යුතු බව පැවසුවේ දෙවියන් ගේ ආහාරයක් වූ අමෘතය ගෙන එයින් ලාංකිකයෝ සමහරෙක් කසිප්පු පෙරා පානය කරන බව දැක්වීමෙන් ය. පසුගිය සතියේ ඇති වූ ...
ලොව පැරණිතම මත්කාරකය: බලකාමය සත්දින බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ලිපියකින් වත්මනේ රටෙහි පවතින මහා වියවුලට හේතුව අන් කිසිවක් නො ව, බලකාමය යි. තිසරානී විසින් පැහැදිලි ව රටේ වත්මන් තත්ත්වයට හේතුව නායකයන් තිදෙනෙකු ගේ බලකාමී ව්‍යාපෘතිවල යෙදවීම් ය. ඒ නායකයන් තිදෙනා මෛත්‍රී, රනිල්, හා ...
කන වටෙන් අල්ලන නාසය: ගන්දබ්බයෝ කවුරුන් ද? සත්දින පසුගිය දිනක අගමැති ඇමති ගන්ධබ්බයෝ මැයින් ලිපියක් නලින් ද සිල්වා මහාචාර්ය තුමා කාලය නැමති බොලගයට ලියා තිබුණි. එකී ලිපියේ මූලික හරය ඔක්තොබර් 26දින සිට ලියු ජනපතියේ ඔලමොට්ටල ක්‍රියා යුක්තානු යුක්ත කිරීමකි. ඔහු කෙසේ වෙතත්, මම ද නිතිය පිළිබඳ විශාරදයෝ හෝ පුහුණුව ලත්තෝ නොවෙමු. ඒ හෙයින් ඔහු ගේ තර්කය විමසීම තකා මම ඉතා පරිස්සමෙන් ව්‍යවස්ථාව පාර්ලිමේන්තු අඩවියෙන් බා ගත කොට ...
කතානායකවරයා ජනාධිපතිවරයා වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය සත්දින කියවීමට වටින නිසා පළ කළෙමි. මෙම සතිය පිළිබඳ විචාරයක් හෙට දවසේ පළ කරන්නම්. . .පහත දැක්වෙන ජනපතිතුමා ගේ ලිපියට ලියූ පිළිතුර: කතානායක වරයා පිළිතුරු සැපයූ ජනපති තුමාගේ විසින් එවන ලද ලිපිය ...
විශ්වාසභංගය සත්දින දේශපාලන වේදීකාවේ වරින් වර විවිධ ආටක නාටක රඟ දක්වති. ඒ හා සමාන නාටකයක් විශ්වාසභංගය ලෙසින් ඊනියා ඒකාබද්ධ විපක්ෂය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. එයින් ඍජුව ම ප්‍රකාශ කළේ මහ බැංකු මගඩිය සඳහා වත්මන් අගමැතිතුමා වග කිව යුතු බවත්, ඒහෙයින් අගමැති තුමා නිලයෙන් ඉවත් කළ යුතු බවත් ය. මෙයින් සති තුනක පමණ කාලයක් රටේ අවධානය වෙනතකට හැරිණි. විශ්වාස භංගත්වය හැර වෙන ...
Untitled Post සත්දින පුවතක පසුබිමඋගතුන්ගේ සංස්කෘතියටඑරෙහි තර්ජනයවිශ්වවිද්යාල සමාජයෙහි වූ බුද්ධි සංස්කෘතිය, කිසිවකුගේ බලයකට වැරදි අර්ථ දීමකට හෝ තර්ජනයකට යටපත් විය යුත්තක් නොවේ. අවශ්‍යතන්හි වැදගත් සම්පත් දායකත්වයක් සේ එහි ශක්තිය අවංකව යොදා ගැනීම රජයකද වගකීම වේ. විශ්වවිද්‍යාල සංස්කෘතියක ඇති ස්වාධීන බව සටහන් කරන ලද්දේ විදේශික උගතකු විසිනි. ඒත් අපේ රටේ ඇතැම් බලවේග, එහි වූ ස්වාධීන බව අකාමකා දැමීමට කටයුතු කළහොත් සිදුවන්නේ, මාකට් සංස්කෘතියක් බිහිවීමය. ...
විශ්‍රාමය හා විජ්ජුම්බරය සත්දින රටක පාලකයන් අත්තනොමතික ලෙස ස්වකීය වාසිය සඳහා කටයුතු කිරීම ජනතාවට අනර්ථකාරී ය. තමුන් බලාධිකාරයට පත් කළ ජනකාවගේ හඬට කන් නොදී, සිහ තේජසින් කරන ගර්ජනාවන් මගින් බලහත්කාරකම් කිරීම නිච සහගත ය. මිනිසුන් රවටා ස්කීය ජීවිතය පුරා මහන්සී වී, මෙවැනි කාලකන්නි රටක හරිහමන් කුසට අහරක් නොමැතිව, සිතට සහනයක් නොමැතිව කරන මැඩවීමෙන් හෙම්බත් වන මිනිසා, වයසට ගිය කල ජීවත් වීම තබා හිඟන තත්ත්වයකට ...
චීන බෙර පදයට අඩව් අල්ලන අපේ ඈයෝ: ලියු ෂාබො ගැන පසුවදනක් සත්දින ලංකා දීප පුවත් පතෙහි තිළිණි ද. සිල්වා විසින් “ලංකාවත්නොබෙල් උළෙලට ලංකාවත් නෑ” රචිත සටහනක ලංකාව නොබෙල් තාග්‍ය ප්‍රධානෝත්සවය වර්ජනය කිරීමට තීණ්දු කර ඇතයි ලියා තිබිණි. එය මෙසේ ය: “නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවර දී අනිද්දා (10) පැවැත්වෙන නොබෙල් සාම ත්‍යාග ප්රදානෝත්සවය වර්ජනය කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කැර ඇතැයි විදේශ අමාත්‍යංශය පවසයි. චීන සිරකරුවකු වන ලියු ෂියා ඕ ...
ලාංකේය ජාතිහිතවාදීත්වය හෙවත් දේශපාලන අවස්ථාවාදී දීනත්වය සත්දින දිවයින පුවත් පතට “එදා මොකද වුනේ!” මැයින් විශේෂාංගයක් ලියමින් සමන් ගමගේ එංගලන්ත වැසියවන් පිළිබඳ මෙසේ පවසයි: “වැසිකිළි කැසිකිළි ගොස් කොළ කැබැල්ලකින් පශ්චාත්භාගය පිස දා ගැනීමට පුරුදුව සිටිනා බව කියන සුද්දන් යනු තවමත් ගඳ සුවඳ නොහඳුනන ජාතියක් බව පසුගියදා රාජ්‍ය නායකයකු ලෙස බ්‍රිතාන්‍යයට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරටදී සිදු වූ කෙනහිලකම් මගින් බ්‍රිතාන්‍යයන් ...
Wikileaks සහ ලාංකේය දැක්ම සත්දින ඇමරිකානු එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය සහ ඇමරිකානු ජනාතාව ජිවන දෘෂ්ටිය යන පරස්පරි විරෝධි අන්දර දෙකක් බව තේරුම් ගත්තේ ඇමරිකාවේ ගත කළ ස්වල්ප කාලය තුළ දී ය. රටක විදේශ ප්‍රතිපත්තිය හසුරුවන්නේ නිළධාරිදූරාවලිය හා දේශපාලන අණ්ඩු පක්ෂය විසිනි. දේශපාලකයන් පත් කරනු ලබන ජනතාව ගේ අභිලාශයන්ට වඩා ස්වකීය බල ක්ෂත්රය පතුරුවාලීමේ ව්‍යාපාරක යෙදෙන ඔව්හූ එකී බල ව්‍යාප්තියට එරෙහි ව නැගී සිටින්නන් ...
ජඩ මාධ්‍යය, මඩ මාධ්‍යය සහ ගැති මාධ්‍යය සත්දින පසුගිය දිනක මේ තීරයේ ලංකා ටෲත් වෙබ් අඩවිය විසින් ප්‍රචාරය කරන ලද හඬ පටියක දී, අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා විසින් දෙමළ ජනතාවට බැණ වැදීමක් ගැන වාර්තා කොට තිබිණ. එහිදී හඬ පටියේ සඳහන් කොටස, “මමත් සිංහල; රටත් සිංහල; අහන් ඉන්නවා දෙමළා” යනුවෙන් දක්වා තිබිණි. පසුව ලංකාදීප පුවත් පත විසින් නිවැරදි විඩියෝ පටය ප්‍රකාශ කරද්දීම එකී පිටුව ...
නිදිගැට කඩා අවදිව නැවත සුපුරුදු ලෙස වැඩට යමු... සත්දින සර්වජන ඡන්ද බලය ලැබුණු ලෝකයේ පළමු රට ශ්‍රී ලංකාව යි. ඒ ඩොනමොර් කොමිෂන් සභාව යටතේ 1931 දී ය. සර්ව ජන ඡන්ද බලය යනුවෙන් හැඳින් වෙන්නේ වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනා හට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදීම ය. එයට පෙර පැවති ඡන්ද ක්‍රමය වූයේ ඉඩම් හිමි, රජයට බදුගෙවන රදළ පුරුෂයන් සුළුතරයක විසින් පත් කරනු ලබන නියෝජීත මණ්ඩලයක් සහ ...
රු. 350 පොහොර නාඩගම හෙවත් ලාංකික කෘෂි සමෘධි මිත්‍යාව සත්දින පසුගිය දිනක "සත්දින" අඩවියේ ලියවුණු ලිපියක් සඳහා ප්‍රතිපිළිතුරු සපයමින් රු. 350න් පොහොර නිසා ලංකා කෘෂිකර්මය දියුණු වූ බව හෝ ගොවිතැන ආරක්ෂා වූ බව ලියා තිබිණ. ඒ සඳහා කෙටි සටහනක් තැබීමට මගේ යුතු කම ය. මේ විෂය කෙරෙහි දිර්ඝ ලිපියක් පසුව ලීවීමට අපේක්ෂා කරමි. රු. 350හේ පොහොර මිටිය අමු ම අමු ඡන්ද ගුණුඩුවකි. එය මේ මැතිවරණයට ...
ධම්මට පිළිතුරක්: "හබරළ කොළයෙන් විළි වසා ලන්නට තැනීම" (නැවත පළ කිරීමක්) සත්දින [මෙම ලිපිය නැවත පළ කිරීමක් බව කරුණාවෙන් සැලකුව මැනව෴]පසුගිය සතියේ ධම්ම දිසානායක විසින් දිවයින පුවත්පතට ලිපියක් සපයමින් "මහින්ද දිනවිය යුතු ද? විපක්ෂය පැරදවිය යුතු ද?" යනුවෙන් සමාජ කථිකාවකට එළැඹුණි. හෙතෙම මේ ලිපිය ආර්ම්භ කරන්නේ, විපක්ෂය පරදා මහින්ද දිනවිය යුතු යි යන ප්රස්තුතය පෙර දැරි කොට, කරුණු ගොණු කරමින් ය. එහිදී, ලිපිය සඳහා අතිරේක බරක් හා ආධිපත්‍යක් ඇති කිරීමට "විශේෂයෙන්ම ...
සරසවි ඇදුරන්ගේ වන්දිබට්ටකම් සත්දින අද දිවයින පුවත්පතේහි සඳහන් වූයේ වත්මන් ජනාධිපති වරයා 60% ඡන්දය ලබා ගන්නා බවත්, ඔහුගේ ප්‍රතිගාමියා වූ විශ්‍රාමික ජෙනරාල් වරයා 38% ලෙස සඳහනක් මහින්ද වෙත කත් අදින, ආචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස ප්‍රකාශ කොට තිබුණි. හෙතෙම, පැහැදිලි ලෙස මහින්ද වෙත වන්දිපබ්ටකම් කරන්නේකු බව රජයේ වෙබ් අඩවියක හේ සඳහන් කළ "ගෝලිය බමුණුකුලය බිඳ දැමූ ශ්‍රී ලාංකේයිය සලකුණ" නැමති ලිපියෙන් ම පෙනේ. ...
පැහැබර හිරු රැස නැති ලාංකික අදුරු අනාගතය සත්දින මා මුල සිට ම බලෙන් මහජනතාවගේ කරපිට පැට වූ අනවශ්‍ය "ජනපතිවරණයට" විරුද්ධ ව මෙහි සටහන් තැබුවෙමි. මහින්ද රාජපක්ෂ හට අවුරුදු හයක නිල කාලයක් පැවිති වකවානුවක, එයින් සිවු අවුරුදු නික්ම ගිය පසු වෙනත් අවස්ථාවන්හි නීතිය තුට්ටුවකට මායිම් නොකළ එහෙත් නිතීයේ අවකාශයන් භාවිත කොට, මහජන සංවර්ධනය හා සුබසිද්ධිය ඉටු කරනු වෙනුවට ජොතීෂ්යවේදීන්ගේ වදන් අසා අනවශ්‍ය ඡන්දයක් බලෙන් අටවන ලදී. ස්ථානෝචිත ප්‍රඥාව, ...
මහජනතාව යනු කොඳු නාරටි නැති මී ගොන් රැලක් ද? සත්දින පසුගිය දිනක ඡන්ද උණුසුම ක්‍රමයෙන් වැඩිවේද්දී, සමහර ප්‍රවෘති පත්‍රවල ඡන්දයට පක්ෂ සහ විපක්ෂ ලෙස ඍජු ව හෝ අනියම් ලෙස ස්වකීය අපේක්ෂකයාට සහය පළ කිරීමේ ක්‍රියාකාරී වැඩ පිළිවෙලක් ආරම්භ විය. එක් එක් අපේක්ෂකයාට සහය දැක්විය යුත්තේ මන්දැයි සාධාරණියකරණය සඳහා විවිධ වූ නිදහසට කරුණු රාශියක් පෙළ ගස්වන ලදී. අනවශ්‍ය ලෙස ජාතිත ධනය මිලියන ගණනින් නාස්තිකර අකාලයේ අවුරුදු දෙකකට කලින් ඡන්දක් ...