බලු කතාවක්. යතාර්තවාදියා සොයිසා මහත්තයා විශ්‍රාමිකයෙක්. 65 ක් විතර ඇති. ඒත් තවම ඉලංදාරියෙක් වගේ තමා හිත සහ වැඩ. බිරිඳ මිය ගිහින්. දරුවන් තුන් දෙනයි. තුන් දෙනාම කසාද බැඳල පිට වෙලා ගිහින් දූරට දූරට. සොයිසා මහත්තය නිතරම යාළුවොත් එක්ක තම දරුවන්ගේ පුරාජේරු කතා කලා. එයාගෙ තනි නොතනියට හිටියෙ මම විතරයි. මගෙ නම රෝවර්. මම බල්ලෙක්. අපේ ගෙදරට නිතරම වාගෙ ආ – ගිය හිල්ඩා ...
හැපී වැල……න්ටයින්ස් ඩේ….( වත්සලා…) යතාර්තවාදියා පෙබරවාරි 14 පෙම්වතුන්ගේ දිනයලු.. ජනවාරි 31 වන විට කඩ සාප්පු පිරී යනව හදවත් හැඩේට හැදූ චොකලට් , කේක් වලින් හදවත් එබ්බ වූ ඇඳුම් ආයිත්තම් වලින් අවුරුද්ද පුරාම වංචා කරල සැමියට – පෙම්වතාට (හැමෝම නෙවි ) මෙදාට රෝස මල් පොකුරක් යවනව උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියේ කියල පිරිමිත් එහෙම්මමයි ක්‍රෙඩිට් කාඩ් වලට ණය වෙලා ඩයමන්ඩ් මුද්දක් අරන් ...
දොන් මංගල ජයකොඩි යතාර්තවාදියා දොන් මංගල ජයකොඩි මා මුල් වරට දුටුවේ මීට වසර 15 කට පමණ පෙර වුඩ්ලි පාර්ක් එකේ පැවති උත්සවයකදීය. සිත් ගන්නා සුළු සිනහවක් , නිරෝගී දේහයක් ඔහු සතු විය. ” මචං ඔය කවුද දන්නවද ?.. අර තග් MP කෙනෙක් හිටියෙ සුනිල් රන්ජන් කියල.. අන්න උගෙ මල්ලී” දෙහි සහ දොඩම් එකම කුලයකට අයත් වුවද දෙහි ගසේ දොඩම් හෝ , දොඩම් ගසේ දෙහි ...
බයිලා. යතාර්තවාදියා බයිලා යනු පෘතුගීසින්ගෙන් අපට දායාද වුනු ” ඩාන්ස් මියුසික් ” විශේෂයකි. බයිලා නැති පාටිය නිකම් ” පරිප්පු නැති හෝටලය” ක් වගේය. ඒත් මං අද ලියන්නේ ඒ බයිලා ගැන නොව මගේ බයිලා ගැනය. මම මගේ බිරිඳට , තරුණ කාලේ කළ විහිළුවක් නැවත කළා. ” අනෙ …හ් , මට ඔයාගෙ බයිලා තේරෙන්නෙ නෑ” ඈ අගේ නොරිස්සුම එළියට දැම්මා. ඈ වයසට ගිහින්. නාකි ...
සුබම සුබ අළුත් අවුරුද්දක් යතාර්තවාදියා බත බුලතින් කිරි පැණියෙන් සපිරි දුක් දොම්නස් අඩු සාමයෙන් පිරි සුබම සුබ අළුත් අවුරුද්දක් සිංහළ හා දමිළ සහෘදයනට…….
( අ ) මනාප තරු. යතාර්තවාදියා ඉස්සර මං කොච්චර ආසද රෑට අහස දිහා බලන් ඉන්න. අහසෙ එකම වලාකුළක්වත් නෑ. ඔහොම බලන් ඉන්න ගමන් මම දකිනව තරු කැට . කඩා හැලෙන තරු කැට. දිලෙන තරු කැට. සමහර ඒවා ගමන් කරනව. මම පස්සෙ තමයි දැන ගත්තෙ ඒ තරු නොව කෘතිම චන්ද්‍රිකා කියල. තරු අපට අල්ලන්න බෑ. ඒව ගොඩාක් ඈතින් තියෙන්නෙ. රිදී තිරේත් තියෙනවා ඔහොම තරු. වේදිකාවටත් පායනවා තරු. ...
පොර යතාර්තවාදියා සිරා පොරක් සිංහළ භාෂාවට තරම් අළුත් වචන එකතු වෙන්නෙ නැතුව ඇති ලොව වෙනත් එකම භාෂාවකටවත්. මේ අලුත් වචන එන්නේ උප සංස්කෘත වලින්. විශ්ව විද්යාලකාරයින්ගෙන් , ප්‍රයිවට් බස් කාරයන්ගෙන් , ත්‍රී වීල් කාරයන් ගෙන්…. මේක අළුත් දෙයක් නෙවෙයි. අපේ රටේ ජන ගී , ජන කතා හැදිල තියෙන්නෙත් මේ උප සංස්කෘත හරහා. ඒ පතල්කාරයින්ගෙන් , පාරු කාරයින්ගෙන් , කරත්ත කාරයින්ගෙන්… “පොර” ත් ...
රණසිංහ. යතාර්තවාදියා රණසිංහ මුඩ්ඩෙකි. එහෙම නැත්නම් මුදියන්සේ කෙනෙකි. සාමාන්‍ය පෙළ විබාගෙන් යාන්තමට එගොඩ වූ ඔහු ආණ්ඩුවේ කන්තෝරුවක කාකාස කෙනෙකි. කට්ට කයිරාටික වෙට්ට පිත්තලයෙක් වුනාට කාර්යාලයේ කිසිවෙකුටත් ඔහුගෙන් හිරිහැරයක් නම් නොවීය. ගමේ ග්‍රාම සංවර්ධන සමිතියේද , මරණාධාර සමිතියේද නිල තල දැරූ ඔහු සාමදාන විනිශ්චය කරුවෙකි. පළාතේ දේශපාලකයාගේ ප්‍රබල ආධාර කරුවෙකුද වූ ඔහු ලොක්කන් සොච්චමකට මායිම් කළේ නැත. ආයතනයේ ප්‍රධානියාද රණසිංහ කෙනෙකුම වූයේ ඔහුගේ ...
ගෙදර වරෙන් දුවේ…… යතාර්තවාදියා මං අහල තියෙනව දතක් ගැලවිල වැටෙනව හීනෙන් දකින්න හොඳ නෑ කියල. ” ඒයි.. දන්නවද ? මම හීනෙන් දැක්ක මගෙ දතක් ගැලවෙනව” ” ගණන් ගන්න එපා. වෙන්න තියෙන දෙයක් වෙයි” ඒත් මගේ හිතේද පපුවේද හට ගත් ගින්න අඩු උනේ නෑ. මට මහත් බියක් දැනින. විටින් විට ඇතිවන බඩේ දැවිල්ලද යමක් නොකියා කියන්නක් වැන්න. ” ඔයා ඔය බොන බෙහෙත් වල සයිඩ් ඉෆෙක්ට්ස් ...
චූ යතාර්තවාදියා චූ කියන්නේ අප්පිරියාව උපද්දවන වචනයක්. මා ඉතා කුඩා කළ ” මේකට ” කීවේ ” චූ” එක කියලාය. ” අම්මේ … මගෙ චූ එක චප්පෙක් කාලා ” මගේ චූ එක පත්තෑයෙක් කා ඇත. එය බලා ඉඳිද්දී ඉදිමී ආවේය. ඊට ටික කලකට පසු එය ඉබේම ” චූසකේ” විය එය කට හුරු වචනයකි. පොඩි ළමයින්ගේ හැටි එහෙමය. උසස් පෙළ සිටියදී උද්භිද විද්‍යා ...
Welcome to USA – ක්‍රම සහ විධි. යතාර්තවාදියා මා විසින් ලියන ලද රට ගිය ඇත්තෝ ලිපියට කෙනෙක් කර තිබූ චෝදනාත්මක ප්‍රතිචාරය මා දුටුවේ නොබෝදාය. ” මේ දිනවල වීසා ලොතරැයියට අයදුම් පත් කැඳවෙන බැවින් , වෙනත් අය ඇමරිකාවට එනවාට ඉරිසියාවෙන්..” මා එම ලිපිය ලියූ බවය. කාගේ හෝ එම අදහස සම්පූර්ණයෙන්ම වැරදිය. වසර 22 කට ආසන්න කාලයක් ඇමරිකාවේ විවිධ ප්‍රදේශන්හි ජීවත්වී , විවිධ මිනිසුන් ඇසුරු කිරීමෙන් ලබා ගන්නා ලද තොරතුරු ...
අවුරුද්දත් කිට්ටු… කිට්ටු යතාර්තවාදියා අවුරුදු එන බව හැමෝටම කලින් දැනෙන්නෙ කොහාට. මල් බර වුනු , පල බර වුනු ගස් අතු අතර හැංගී ඉඳන් කොහෝ.. කොහෝ. කියන්න පටන් ගන්නෙ මාර්තු මාසෙ අන්තිම වෙන්නත් කලින්. වෙලාවකට හිතෙනව මොන කන්කරච්චලයක්ද කියලත්. අවුරුදු කිට්ටු වෙන කොට මිනිස්සු හරි කලබලයි. අපේ ගමේ නම් වැඩ වැඩි වෙන්නේ මහන ගෙදර සුසිලා අක්කාටයි. ගෑණු – පිරිමි – ළමයි හැමෝගෙම ඇඳුම් මැහුවෙ සුසිලක්කා. ...
පාට පාට කතාවක්. යතාර්තවාදියා ” දම් පාටින් ලා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි” අසා ඇද්ද මේ ගීය ? කපුගේ/ මාලිනී සුසංයෝගයේ මෙම මියුරු ගීය වසර 30 කට වඩා පැරණියි. හඳ බැස යන කොට දම් පාටද ? එතකොට ආකාසෙ රන්වන් පාට වෙනවද ? මෙහි මොකක් හරි අවුලක් ඇති බව මට දැනෙනව. පාට පාට දේවල් ගොඩක් මතක් වුනේ මීට කලකට පෙර කතන්දර ලිවූ ” කක්කා ...
දූ දරුවෝ යතාර්තවාදියා ලීලාවතී රෑ මැදියම ඇහැරුනේ තම සැමියා , වීරසිරි කෙඳිරි ගානු අසාය. ඇය වේලාව බැලුවාය. රෑ 12.30 යි. ” ඇයි මොකද ?” ” පපුව ටිකක් රිදෙනව” ” මං සිද්ධාර්තෙ ටිකක් ගාල අතුල්ලන්නද? වාත අමාරුවක් වෙන්නැති. ඔය ඇලේට නිදා ගත්තාමත් ඔහොම වෙනව. කොයි එකටත් මං උදේට සුදු ලූනු ටිකක් තම්බල දෙන්නම්” ලීලාවතී , වීරසිරිගේ පපුවේ තෙල් ගා ටිකක් පිරි මැද්දා. මොහොතකින් ඔහු ...
ජොක්කු හා අමුඩ යතාර්තවාදියා අමුඩයම පරිණාමයට ලක්වීමෙන් ජොකා සෑදී ඇති බව, ඉඳ හිට විකාර සමයං ලියන මේ ගුරුසිංහට හිතේ. අමුඩය නොදන්නා කෙනෙක් ලාංකිකයන් අතර සිටියහොත් ඒ පුදුමයකි. නොදන්නා අයට අමුඩය යනු කුමක්දැයි මම මෙලෙස විස්තර කරමි. අමුඩය යනු ඉනේ බඳින ලද මහත නූලක් හෝ පටියක් හරහා දෙපරැන්දට යවා එහි ඇති වටිනා කියන අවයව ආවරණය කරන රෙදි කඩකි. බොහෝ විට එම රෙදි කඩ සවිවර ...
අපරාධය සහ දඬුවම. යතාර්තවාදියා කාළගුණයත් හරියට ගෑණු වගේ. නිතරම වෙනස් වෙනව. මගේ නිවස මුහුදට ටිකක් කිට්ටුව පිහිටා තිබුණත් , සමුදුර පිස ගෙන ආ සිහිල් වා රැළි යටපත් කර ගෙන උණුසුම් වායු දහරා හමා ගියා. වෙනසකට තිබුනේ ලංකාවෙ වගේ දහදිය නොදමන එක විතරමයි. ” අද ටිකක් කලින් නිදා ගම්මු” කලින් නිදා ගත්තොත් උදේට ප්‍රබෝදයකින් නැගිටින්න පුළුවන්. දුරකතනය නාද උනා. ” ගන්න එපා” මගේ අත ඇදල ...
වත්සලා – 4 යතාර්තවාදියා විවාහය ප්‍රේමය මත සිදු වුවද , යෝජනාවකින් සිදුවුවද , එය අන්‍යොන්‍ය විශ්වාසය මත පදනම් වූ ආත්මීය බැඳීමකි. විවාහ වන තුරුම මට ඇඳුම් තේරුවේ අම්මාය. ඈ මා වෙනුවෙන් මිළදී ගන්නා කවරක් වුවද ඉවසිල්ලෙන් බාර ගැනීම ඇගේ සතුට වඩවන්නක් විය. මා කැමති වර්ණයන් ඈ දනී. එදා ගමනටද මා ඇන්දේ ඈ මේ ගමනටම ගෙනා මා ඉතා ප්‍රිය කළ ලා කහ පැහැති කමිසයකි. අවාසනාවකට ...
වත්සලා. කොටස් වශයෙන් පළ වන නව කතාව. යතාර්තවාදියා පූර්විකාව. හැමදාම ඇඟ හිල් කරන , කඳුළු පනින කතාම ලියල මටත් දැන් ඇතිවෙල. ඒ නිසාම හිතුව ටිකක් පොෂ් ලව් ස්ටෝරියක් ලියන්න. මේක හුදු ප්රබන්ධ්යක් නෙවේ. මට ඇසුනු , මා අවට ගැවසෙන , මගේ මිතුරන්ගේ කතාවල සංකලනයක්. මෙහි කතා නායකයාගේ හා නායිකාවගේ නම් වලට මගේත් , මහේ බිරිඳගේත් නම් පාවිච්චි කරනවා වෙනත් ” ලස්සන ” නම් හොයා ගන්න බැරි වුනු නිසා. ...
පොඩි හාමුදුරුවෝ – 2 යතාර්තවාදියා ” සීලානන්ද , ඔය කාමරවල යතුරු කැරැල්ල උත්තරානන්දට දෙන්න. සීලානන්දට දැන් වැඩත් වැඩියි නේ.. ඒකයි.” උත්තරානන්ද හාමුදුරුවන්ට වැඩි සැලකිල්ලක් දක්වන බව සීලානන්ද හාමුදුරුවන්ට තේරුම් ගන්ට වැඩි දවසක් ගියේ නැහැ. ඔන්න ඔය දවස් වලයි ලොකු හාමුදුරුවෝ පිටරට පන්සලකට තැපෑලෙන් යැවූ ගුවන් තැපැල් ලියුමක් ආපහු ආවෙ. ” අපෙ හාන්දුන්නේ… මේකට අඩුවෙන් මුද්දර ගහල තියෙන්නේ.. ඒකයි රිටන් ආවෙ..” ඒ ලියුම් බෙදන්නා.” මම ඕකට ...
ගොලු හදවත් යතාර්තවාදියා අළුත් අවුරුද්ද පටන් ගත්තෙ බමන මතින් , රතු වූ ඇස් වලින් හා ඉදිමුණු මුහුණු වලින් එකිනෙකාට “happy new year ” කියල සුබ පතා ගෙන. ඒත් අහන්න ලැබෙන්නේම අසුබ දේවල්. කොළඹ කොටුවෙ ගුවන් පාලමක් උඩදි පොලිස් පෙම්වතා , පොලිස් පෙම්වතීගෙ බෙල්ල කපල මරල. අද ගොලු හදවතේ පරාජිත පෙම්වතා සුගත් – වික්‍රම බෝගොඩ මිය ගිහින්. බෝගොඩ ලංකා බැකුවේ සේවය කරන කාලෙ ...