පූර්විකාව.
හැමදාම ඇඟ හිල් කරන , කඳුළු පනින කතාම ලියල මටත් දැන් ඇතිවෙල. ඒ නිසාම හිතුව ටිකක් පොෂ් ලව් ස්ටෝරියක් ලියන්න. මේක හුදු ප්‍රබන්ධ්යක් නෙවේ. මට ඇසුනු , මා අවට ගැවසෙන , මගේ මිතුරන්ගේ කතාවල සංකලනයක්. මෙහි කතා නායකයාගේ හා නායිකාවගේ නම් වලට මගේත් , මහේ බිරිඳගේත් නම් පාවිච්චි කරනවා වෙනත් ” ලස්සන ” නම් හොයා ගන්න බැරි වුනු නිසා. 🙂
කාල වකවාණුව: අසූවේ දශකයේ අග බාගය.
ඇරඹුම.
සිරිල් රූපසිංහ විද්‍යාලංකාරයේ උපාධිදරයෙක්. පළමු රැකියාව ලෙස තෝරා ගත්තෙ ගුරු වෘත්තීය. පසුව ඔහු විදුහල්පති තනතුර දක්වා ඉහළ ගියා. විශ්‍රාම යන තුරුම එක දිගට අවුරුදු 25 ක්ම සේවය කළේ එකම පාසළක. විශ්‍රාම යනදා ගුරු – දෙගුරු , පළාත්වාසීන්ගේ සංවිධානයෙන් ලොකු උත්සවයක්.
පරණ පුරුද්දට උදෙන්ම අවදිවූ ඔහු , ආලින්දයේ දිග ඇඳි පුටුවේ හාන්සිවී තේ කෝප්පය හීල් වන තුරුම කල්පනා කළේ එදා උත්සවය ගැන. දීර්ඝ කතා කීපයකට , ගුණ ගායනා කීපයකට පසු , සැළ ලිහිණියෙක් ලෙස හැඳ ගත් සිසුවියක් අපූරු නර්තනයකින් සංදේශයක් බාර දුන්නා පළාතේ මන්ත්‍රී වරයාට. ” ස්වස්ති සිද්ධම්” මන්ත්‍රීතුමා එය පිළිගැන්වූවා සිරිල් රූපසිංහට. එය ඔහුගේ සේවය අගැයීමක්. තවත් තෑගි වශයෙන් අඩි හයක පිත්තල කුකුළා පහනක් , වටිනා තෑගි ගොඩක්ම ලබුනා.
සිරිල් රූපසිංහ තම දැහැනින් මිදුනේ යමෙක් හේට්ටුව අරින හඬට.
” විනීතා…” කවුද කියල බැලුවනං..
විනීතා විජේනායක , සිරිල් රූපසිංහගේ බිරිඳ විශ්‍රාමික ගුරුවරියක්. දැන් සතියකට පැය කීපයක් කැළණිය විශ්ව විද්‍යාලයේ බාහිර කතිකාචාර්ය වරියක් ලෙස සේවය කරනවා.
” ආ.. මේ අක්ක නේ.. කුකුළත් අතින් අරන්”
ගේට්ටුවෙන් ඇතුළු වූයේ සිරිල්ගේ , සොයුරු සොයුරියන් කීප දෙනා ගෙන් දැනට ජීවතුන් අතර සිටින නැගණිය නන්දාය.
” මං ආවෙ අපෙ කොල්ලගෙ වදේට අපෙ අයියත් එක්ක වැදගත් දෙයක් කතා කර ගන්න”
” කියමු බලන්න”
” අයියේ අපෙ පුතා කැමතිලු අයියගෙ ලොකු දුවට..”
විනීතා විජේනායක කිසිවක් නොකියා ගෙතුළට ගියා.
” නංගියේ.. උඹ දන්නවනේ මගෙ කෙල්ල උගත්.. රූප සම්පත්තියෙන් අඩුවක් නෑ. ඉහළ රස්සාවක් කරන්නෙ. එයා වගේ කෙනෙකුට යාළු ඉලංදාරියෙක් නෑ කියනවා නං ඒක බොරුවක්. එහෙම එකක් නැත්නම් මම කැමතියි උඹේ යෝජනාවට.
මං කෙල්ලගෙන් අහල බලන්නම්”
නන්දාගේ එකම පුතා – එකා යකා – හමුදාවෙ. කාලතුවක්කු හමුදාවෙ සාමාන්‍ය සෙබළෙක් ලෙස හමුදාවට බැඳුනු ඔහු දැන් සාජන් මේජර් කෙනෙක්.
” ඉස්කෝලෙ මහත්තය කැමතිය නගාගෙ යෝජනාවට ?”
” අපි දුවගෙන් අහල බලමු”
සිරිල් – විනීතා යුවළට දරුවන් පස් දෙනයි. වැඩුමළා ප්‍රසද් වෛද්‍යවරයෙක්. බිරිඳ සාවිත්‍රි දමිළ කාන්තාවක්. දෙවැන්නා ප්‍රභාත් ASP කෙනෙක්. විවාහකයි. තෙවැන්නී වත්සලා , ඊළඟට මනෝජ්, බඩපිස්සී අප්සරා. බාල දෙන්නාම තවම ඉගෙන ගන්නවා.
විශ්ව විද්‍යාලයක සහකාර කතිකාචාර්යවරයෙක් ලෙස සේවය කරන නිහාල් ගුරුසිංහට වත්සලා හමුවුනෙ අහම්බයකින් නොවේ. ඇසට ඇස ගැටුනා. හදකට හදක් යාවුනා.
” මට මිස් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද ? පුද්ගලික දෙයක්.. කරදරයක් නැත්නම්”.. එහෙමයි පටන් ගත්තෙ. විනාඩි පහ විනාඩි 45 දක්වා ඇදිල ගියා. වත්සාලගෙ රූම් මේට් නාලිකාත් අහගෙන හිටියෙ දෙන්නගෙ කතාව. ඒක රසවත්.
” සොරි.. මම කෙනෙකුට පොරොන්දු වෙලයි ඉන්නෙ” වත්සලා කීවෙ අලි බොරුවක්.
” ඒක වෙන්න බෑ.. මං ඔයා ගැන හෙව්ව මාස ගානක්ම”
” කොහොමද නෑ කියන්නේ ?”
” ඔයා හැම වීක් එන්ඩ් එකකම ගෙදර යනව.”
” මගෙ කොල්ල ඉන්නෙ ගමේ..”
” සමහරදාට ඔයා එක්ක යන්න පොලිස් කාරයෙක් එනව. ඒ ඔයාගෙ අයිය. කොල්ලෙක් ඉන්නව නම් අයිය එන එකක් නෑ.. මම හරිද ?
එදා නන්දා මාලිනිගේ ෂෝ එක බලන්න ඔයා ආවෙත් ගෙදර කට්ටිය එක්ක ..”
” කට්ටය”
” ඇයි ඔයා මට කැමති උනේ ?”
” මං ආස කරන දේවල් ගොඩක් ඔයා ළඟ තියෙනව”
ඈ හඬ නගා සිනා සුනා. ” මා ගාව තියෙන සේරටම ඔයා ආස වෙයි”
“වල් කෙල්ලක්.. මම අදහස් කළේ ඔයා ළඟ තියෙන නාරි ලක්ෂණ.. සිංහළෙන් කියනව නං ගෑණු ගති..”
එදා හරි ලස්සන හැන්දෑවක්. සෙනසුරාදාවක්. ASP පුතා එයාගෙ බිරියත් එක්ක මහ ගෙදර ඇවිත්. එදා වත්සලත් ගෙදර.
” මොනවද ළමයි මේ ආප්ප ගොඩක් උස්ස ගෙන ඇවිත් තියෙන්නෙ. ඔය කඩේ ආප්ප එච්චර රසත් නැහැ. මට කිව්ව නං හදනවනේ..
මොකද ආයෙම සැරයක්….?”
” නෑ අම්මේ.. සමහරු නං ආප්ප කනවනෙ නිතරම. අම්මලටත් ආස ඇතිනේ …”
ASP බිරිඳ ලක්ෂ්මී කාටදෝ ඇනුම් පදයක් එල්ල කළා. වත්සලා ඇස් ලොකු කරගෙන කාමරයට දිව ගියා.
” මොකක්ද ඒ කතාව ?”
” අම්මෙ ගිය සතියේ ප්‍රභාත්ල නුවර ගිහින්.. සිල්වර්ඩේල් ගිහිල්ල තියෙනව.. මෙන්න එනවලු ලස්සන ජෝඩුවක්. ආප්ප කනවලු.. කවනවලු..
වැඩ හැටලු…”
” කොහොමයි කියනවද ඉලංදාරිය?”
” ප්‍රභාත් කිව්ව හැටියට නං සරු පාටයිලු”
” මම කියන්නම් තාත්තට අහන්න කියල”
” එපා අම්මෙ.. තව ටික කලක් ඔහොම ඇදන් ගියාවෙ”
( මතු සම්භන්ධයි )
මගේ සුබ පැතුම් නිහාල්. ආරම්භය නියමයි. අර වෙනද ලියපු කෙටි නවකතා වගේම රසවත්. ඊ ළඟ කෑල්ල කියවනකං ඉස්පාසුවක් නැහැ.
කෙටියෙන් කිව්වොත් කතාව මරු. වැඩෙත් මරු.
සුදත් කොහේද ඉන්නෙ ? තාම තීන්ත ටික වේලුනෙත් නෑ. කමෙන්ට් එකකුත් ඇවිල්ල. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට. මාව උනන්දු කරනවාට.
ඇයි සිරිල් රූපසිංහ නියමිත වයසට කලින් පැන්ෂන් ගියේ?
(ප්‍රශ්ණය තේරුණා යයි සිතමි).
මේ කතාවේ තාත්තා (සිරිල් රූපසිංහ) ගැණ මං ඇසූ ප්‍රශ්ණයේ පසුබිම මෙයයි.
ඔබ කියන විද්‍යාලංකාර විශ්ව විද්‍යලයෙන් මුල්ම උපාධිකාරයෝ බිහිවුනේ 1962 දී පමණ. එවිට අවුරුදු 22 ක තරුණයෙකුගේ 80 දශකයේ අගභාගය වෙනවිට වයස අවරුදු 50ක් පමණයි.
පේරාදෙනිය හෝ කොළඹ කියා දැම්මා නං ඒ ප්‍රශ්ණය නෑ.
ඔබේ ගනන් සාස්තරේ හරි. හරියටම අවුරුදු 5න් පාසලට ඇතුල් වී සාමාන්‍ය පෙල එක වරින් පාස් වෙන කෙනෙකුගේ වයස අවුරුදු 15 යි. උසස් පෙළ එකවරම සමත් වුනොත් 19 යි. විශ්ව විද්‍යාලයෙන් හරියටම අවුරුදු 3න් පිට වුනොත් 22 යි.
මෙය සත්‍ය සිදුවීම්වල සහ ප්‍රබන්ධ්යක එකතුවක්.එනිසා මා ඒ ගැන උනන්දුවක් දැක්වූයේ නැහැ. මීට පසුව ටිකක් පරිස්සම් වෙන්නම්. ප්‍රතිචාරයට් ස්තූතියි.
අර මුලින්ම නම් ගැන කතාව නොකිව්වන්ම් තවත් හොදයි වගේ.ඒකනිසා ටිකක් චරිත පැටලුනා.
කතාව නියමයි.ඉක්මනට ඊලග එක වැටෙයි කියල හිතනව 🙂
තාම පොෂ් කෑලි නම් ආවේ නෑ. මේ මග බලාගෙන ඉන්නවා…හී හී…
බලමුකෝ කියවලා නිහාල්ගේ ආදර කතාව… 🙂
මා කීවේ ටිකක් පොෂ් කියල විතරයි.
පූජිත , සහෝධරයා , කතන්දර.. බලමු දෙවන කොටසත් ලියල.
අවුරුදු ගානකට පස්සේ කොටස් වශයෙන් පලවන නවකතාවක් කියවන්න සෙට් උනේ. ඒ දවස්වල හිතට දැනුනු හැඟීම ඒ විදිහටම දැනෙනවා වගේ. හොඳ ආරම්භයක්. නොඉවසිල්ලෙන් ඉන්නේ ඊලඟ කොටස කියවනකල්..
හම්මා හරිම සැහැල්ලුවෙන් කියෙව්ව. මේ දවස්වල මට හිතෙනෙ ඒව මහ වේලිච්ච ඒව. ඒකට නිහාල් අයියට. බොහොමෙ අපූරුයි. එක හුස්මට කියවගෙන යන්න තියනවනම් තමයි අගේ. ඒත් ඉතිං ලියන එක කියවන එකට වඩා අමාරුයිනෙ නේද.
මොකද මංද නිහාල් අයියගෙ ගමේ කතා කියවනකොට මට හැමදාම මැවෙන්නෙ එකම ආකාරයක බැක්ග්‍රවුන්ඩ්. ගමක තියන අඩි දහයක විතර මැටි පාරක ඉහත්තාවට වෙන්න බාග තාප්පයකින් වටවෙච්ච වත්ත මැද්දෑවට වෙන්න හදපු පරණ පන්නයේ සමර ගාපු ලොකු ප්‍රසන්න පාට ගෙයක්. මිදුලෙ පැත්තක ජම්බෝල ගහකුත් තියනව තව පොල් ගස් විස්සක තිහක විතව යාබද පොල් වත්තකුත්.
අපෙ ගෙදර මිදුලෙත් ජම්බෝල ගහක් තිබුනා. ගහ යට ලී බංකුවක් තිබුනා.
නවම් ගෙ අදහස් වේලිලා නෑ. මම තවම රස විඳිනවා නවම් ලියූ අර ” ලබ්බට තියපු අත” ඒක උසස් නිර්මාණයක්.
නියමයි
ඔබ නෙතින් එහා සමාජිකයෙක් නොවේද? අදම සමාජිකයෙක් වෙන්න.