ඉස්කෝලේ කාලේ තවත් ජරමර... වින්ඩෝස් 99 මාධව's කථා....... ඉස්කෝලේ කාලේ ගැන ලියන්න ගියාම ලියන්න පුලුවන් කතාවේ ඉදලා ලියන්න තියා හිතන්නවත් බැරි (කොල්ලොන්ට නම් ගින්නක් නැති) කතාත් ඕන තරම් තියනවා. එහෙම තියන කතා වලින් මාධවලාට ගොඩක්ම තියෙන්නෙ ලියන්න අපහසු කතා ටිකක් තමයි. ඒ අතර කියන්න පුලුවන් ළාමක සිද්දි තමයි මේ බ්ලොග් එකේ ලියන්නේ. නැත්තං මේ බ්ලොග් එකත් වල් බ්ලොග් එකක් විදියට හංවඩු ගැහෙන්න බැරි නෑ. මොනා උනත්, මේක ලියන්නා ...
ගොලු වූ සිතක මොන සිතුවිලිද? මාධව's කථා....... ගොලු වූ සිතක මොන සිතුවිලිද?ඇසෙන ගීය වල මියුරු නාදයදඅමිහිරි යැයි සිතෙන සමයකි..................තනි වූවත් නොහඩා සිටින්නටවෙර දරන හැම විටමදිරිය බිඳී යයි සැනෙන්.....................එකෙනෙහිම දෑස් තුලපිරී ඉතිරෙන කඳුළු තරළයගලා යයි මහ ගඟක් මෙන්....................ඉකි ගසන්නට නොහැකි හෙයින්කඳුලු පමණක් සලනතනිවූ ජීවිතයක්....................... ...
පිපාසය...................!! මාධව's කථා....... රාගය යනු පැණි බීමක්ය!ආදරය යනු ජලය බිඳක්ය!ඔබේ සිත නම් වූ පිපාසය සංසිඳුවාලීමටඔබ පැණි බීම පානය කිරීමෙන් පලක් නැත!ඒ මක් නිසාද යත් පැණි බීම ඔබගේ පිපාසය වඩවයි!ඔබ ජලය බිදක් පානය කරන්න!ඒය ඔබේ පිපාසය නිවාලනු ඇත! ...
තුන්වැනි වසරටද ආවේය! මාධව's කථා....... ඔන්න කාලෙ ගෙවිලා ගිහිං මාධවගේ කතන්දර 3 වෙනි ඇනිවසරි එකත් සමරන්නයි යන්නේ! කාලෙ ගෙවුන ඉක්මණ හිතාගන්නත් බෑ! අවුරුදු 3ක් කියන්නෙ ලොකු කාලයක් උනාට ඒක ගෙවෙන්න ගිහින් තියෙන්නෙ සුලු කාලයක් වෙන්නැති!! එහෙම හිතෙන තරම් ඉක්මණට කාලෙ ගෙවෙනවා! කාලය ගෙවෙන්න ගතවෙන කාලය ඉතාම තූනී එකක්. එහෙව් කාලය හරහා ගෙවාගෙන අවුරුදු 3ක් පුරාවට බ්ලොග් අවකාශයේ නොදැවී සිටින්නට මාධවට පුලුවන් උන එක ගැන ...
සයිබර් අවකාශයේ ආදරය........................ මාධව's කථා....... සල්ලාප කුටියේ අකුරු අතරින් ගලා ආව ආදරය නැතිව බැරි තරම්ම හිතට වැදිලා. අපි ආදරය කරන්න පටන් ගත්තේ සල්ලාප කුටියේ අකුරුත් එක්ක! අපි මූණට හම්බුනාම කතා කරන දේවල් වලට වඩා හාත්පසින්ම වෙනස් දේවල් ගැන අපි සල්ලාප කුටියේදී කතා කලා. එළිමහනේ හමුවුනාම ඒ කිසි දෙයක් නොදන්න ගානට අපි නිකම්ම හිනා උනා. එතකොට ඒ ආදර කතා අපේ මතකේ විතරයි. ඒ මතකයේ තිබ්බ දේවල් ...
හෝම්ස් සමග අඩ හෝරාව................................................. මාධව's කථා....... සුප්‍රකට රහස් පරීක්ෂක හෝම්ස් මහතා සමග ප්‍රබල සජීවී(සජීවී යන්න විවාදාත්මක විය හැක) සංවාදයකට එලඹිමට “මාධවගේ කතා“ අප කණ්ඩායම සමත් උනා. ඉතාමත් උණුසුම් ආකාරයට ඇදී ගිය මෙම සංවාදය මේ ආකාරයට සංශෝදන විරහිතව පල කිරීමට හෝම්ස් මහතා අවසරද ලබා දුන්නා! මෙන්න එම සංවාදය අකුරක් නෑර................අවවාදයයි - පත්තර වල පළ කිරීම සපුරා තහනම්!මාධවගේ කතා - ආයුබෝවන් ෂර්ලොක් මහත්මයාණනිහෝම්ස් මහතා - good to see ...
ලොලීටා................ 07 මාධව's කථා....... ලොලීටා පිළිබද කතාවක ඇතුලට යාමට පෙර මට හිතුනා දෙයක් කියන්නට ප්‍රිය මිතුර. මේ කතාවේ තිබෙන්නා වූ සෙව්වන්දියක් ලොලීටා වූ ආකාරය පිලීබද කතාවේ සියල්ල මා සිතිවිලි වල එකතුවක් සමග ලියැවෙන බව කියන්නට ඕනි. ඇත්තටම එය මගේ ප්‍රථම ආදරයේ ඇත්ත කතාව සහ මගේ සිත තුල තිබෙන්නා වූ ආදරණිය ෆැන්ටසියක එකතුවක් ලෙස ඹබ සිතන්නට පෙළඹනවානම් මං කැමැතියි. එය හුදෙක් ඇත්ත කතාවක් ලෙසම ...
ගේ කුරුල්ලෙකු වන්නට මාධව's කථා....... ගේ කුරුල්ලකු වන්නටකෝටු කැබලිතිවියලි පරඬැල්ගස් කොලන් වනයේ වැවෙන වැල්එනිකෙන අමුණා තුරු මුදුන් මත තැනූ කැදැල්ලසහසිනිදු අත්තටුපුංචි පිහාටුපුංචි තියුනු හොට සමගවිපරමින් යුතු දෙනුවන් අවැසි කාලය අහවරයි..................! ...
හනි - මූන්! මාධව's කථා....... මාධවගේ කතන්දර කියවන ඔබ හිටි ගමන් මාධවලාගේ පිස්සු ටෝක් කියවා ඇති නේ? මේකත් පිස්සුවක් ඇතෑ කියා සිතන්න එපා! ඇත්තටම අද සංවාදය ඉහත ප්‍රිය ජනක මාතෘකාව ගැනයි! මූලිකවම ප්‍රශ්න කීපයක් පිළිබදව මෙහිදි සාකච්චා කරනු ඇත! ඒ ප්‍රශ්න අපි අපගේ විද්වත් පිරිසට යොමු කල පසු ඔවුන් මෙසේ අප වෙත ප්‍රතිචාර දැක්විය!පළමුව අප අපගේ ප්‍රශ්න යොමු කලේ විද්වත් භාෂා විකාරදයෙක් වන උපුල් මහතාට!හනි ...
ලීක් මාධව's කථා....... pic from google එක එක විදියේ කුණුහරුප කතා හුගක් මාධවගේ කතා ඉස්ටෝරුවේ තිබුනත් කාලයත් එක්ක ගමනක් තියන නිසාම කතන්දර කියා කියා කුණුහරුප කියා කියා ඉස්සර කොල්ල කාලේ කෙලි දැන් බෑ. ඒක මාධව තෙරුන් අරන් හුගක් කල්. කොහොම උනත් වගකීමක් ගත්තම ඒ වෙනුවෙන් කැප වෙද්දී තමන්ගේ ආශාවන්, විනෝදය ටිකක් අඩු කරන්න වෙනවා. ඒක අවවාදයක්. නොමිලේ. මාධවගෙන්.... කොහොම හරි... කතාවට එමු. ...
හරි ලොකු වීම! මාසයක් නිවාස අඩස්සියේ තැබීම! අපි මැරීගෙන තීන්ත ගෑම! මාධව's කථා....... පට්ට කුණුහරුපෙන්(කාපු කටු හා තවත් අනික් දේවල් නිසා හිතේ ඇතිවන කේන්තිය හේතුවෙන්) ලියන්න හිතුනත්, ඒ සිතුවිල්ල කොහොම හරි නවත්ත ගත්තත්, මේ වගේ මෝඩකං කිරීම ගැන නං එහෙම නොලියත් බෑ! මොනා කරන්නද? ලාවට ලියමු! මෙන්න මේකයි කතාව! කෙල්ලෙක් හිටපු ගමං ඕං මේං කියල හදිසියේ ලොකු වෙන එක මාධවට මාර ප්‍රශ්නේ! හිටපු ගමන් නැන්දයි, අම්මයි, ලොකු අම්මයි හැමෝම අල්ලපු ගෙදරට දුවලා ඇවිත් ...
බීමත් උං සමඟ ගෙවූ ජනතාවාදී අවස්ථාවන්.............. මාධව's කථා....... මේවා මාධවගේ අත්දැකීම්ය. මාධව රහ මෙර (මත් ද්‍රව්‍ය) කටේ තියන්නෙ නැත. එහෙත් බීමත් උං සමඟ ගැවසී ඇත. රහමෙරට අමතරව මාධව මල් පහස විඳින උං සමඟද කාලය ගත කර ඇත. එක් එක් ආකාරයේ මත් ද්‍රව්‍යයන් වල පිහිට සොයන්නා වූ කොල්ලන් සමඟ කල් ගෙවා ඇත. පාසල තුලදීද එවැනි අත්දැකීම් කීපයක් මාධවට ඇත. එහෙත් මාධව එවැනි දේ අත්හදා බැලීම් වලට ගොස් නැත! අන් ...
ධනපති පංතියේ දුයිෂේන්.............! මාධව's කථා....... නිර්ධන පංතියේසමාජවාදී දුයිෂේන්ධනපති පංතියේඑලකිරි පොරක් උනා නංනිර්ධන පංතියේදුප්පත් අල්තීනායිතාමත් දන්නේ නෑකවදාහෝ වසන්තයඈ සොයා එන බව..........!
(අතීත කතාවකි! අද සිදුවීමකි! ) පරණ දෙයක ආවර්ජනය.......!! මාධව's කථා....... බලා සිටියෙමිබස් රියේ කවුළුවෙන්දුර ඈත පියවර තබා ඇදෙනපුංචි බාලිකාවන් දෙසඅපේක්ෂා පිරුණු දෑසින්දකින තුරු ඒ රුවඑකම එක වරක්වක්අතීතයේ මතක සටහන“සෙව්වන්දි“ ............................(අතීත කතාවකි! අද සිදුවීමකි! ) ...
තනි වූ ලොලීටා මාධව's කථා....... කාලය ගෙවී යන අතර මාධව වයසට ගිහින්. මාධවගේ ජිවිතේ ගෙවීගෙන යන්නේ ගොඩක් දේවල් අහිමි කරමින්. අහිමි වීම වේදනාකාරියි. කෙසේ වුවත් ලියන මේ කතාන්දරයත් මාධව අතින් ලියවෙන්නේ ඒක අතකට පරණ කතාවකට සම්බන්ධව දිගුවක් විදියටත් අහම්බෙන් සිදු වුනු සත්‍ය කතාන්දරයක් විදියටයි. “තනි වූ ලොලීටා” කාලය ගෙවුනා. ඒ කාලේ කර කර ඉදපු හැම රස්සවකටම සමු දීලා ගමේ ගෙවුණු සුන්දර ජිවිතේට සමු දීලා ...
කැමති අකමැති......... මාධව's කථා....... මං කොන්ඩේ පීරන් ඉන්නවට එයා කැමතියි.....ඉතිං මං කොන්ඩේ පීරන එක නැවැත්තුවා.....මං රැවුල වවන් ඉන්න එකට එයා කැමතියි.........ඒ නිසා මං රැවුල කපන්න පුරුදු උනා......මං සපත්තු දාගෙන ගමන් යනවට එයා කැමතියි......ඒ නිසා මං බාටා කෑලි දෙකක් දාන්න පුරුදු උනා....මං ටයි එකක් දාගෙන ඉන්නවට එයා හුගක් කැමතියි...ඒ නිසා මං ටයි දාන එක නතර කලා......මං ජැන්ඩියට අදිනවට එයා කැමතියි.....ඒ නිසා මං හම ගිය ඩෙනිමක් ...
love sick! - ලව් සික් මාධව's කථා....... pic from google images!ලව් සික් ගහන්නෙ නැත්තං ඌ ලෙඩෙක්. ඒක තමයි තියරිය!කොහොම හරි මේ කියන්න යන්නෙ කොල්ලො කෙල්ලො ලව් සික් ගැහැව්වම කරන දේවල් වලින් කීපයක්! ඇත්තටම පිස්සු කේස් තමයි! ඒත් ලව් සික් එක ගැහැව්වම ගොඩක් උං කරන්නෙ මොනාද කියලා උංම දන්නෙ නෑ! සමහර එවුන් පිස්සුව නිසාම මැරිලම යනවා. සමහර උං ඒවා මාර ශක්තියකින් විඳ දරා ගන්නවා. ඒක ඉතිං සිතේ ...
අධික වර්ෂාවෙන් මිරීකී සීතලෙන් සීතලම වන සමයෙක ලියමි....... මාධව's කථා....... ඇඟ සීතල කරවන් යන සුළග වැස්ස එක්ක එකට එකතු වෙලා අවට පරිසරය හුඟක් සීතල කරන මේ කාලේ මාධව එක පැත්තකින් නං ඇත්තටම ගොඩක් ආසයි! වෙන මොනවත් නිසා නෙමෙයි මාධවට උක පුඩ දාගෙන හොඳට නිදා ගත්ත හැකි වන නිසා. කොහොම වෙතත් වැස්ස සමහරුන්ට නම් දැනටමත් පුදුමාකාර ලෙස කරදර කරලා ඉවරයි කියලා මාධව සැමදා රූපවාහිනී පුවත් අහන නිසාම දන්නවා. ඒ පැත්තනෙත් බලද්දි ...
තෘප්තිමත් නොවූ සුසුම්........................!! මාධව's කථා....... තැවරුනු වත්සුනුඉහිරුණු ඇඟලුම්විසිරුණු සුමුදු ඇතිරිළිඅතර දැවටීගතින් වෙලී සිටින්නෙමුරණ හංසයින් අවදි වූ රාත්රියේවිදිනු පිණිසයොවුන් බව ඉතිරී ගලනහැඟුමක පහසසඳ එලිය වැටීමැවී ඇති සෙවනැළි අතරඅඩ අඳුරේ පෙනෙන චලනයන්එක් කලා අමුතු මායාවක්පිරී ඉතිරුණු හැඟුම් ගොන්නටඑක් කල සිත් සතන් පිබිදීසිහින් කෙඳිරිළි හඩ සමඟතරුණ උණුසුම් රැඟුම් රගනානිමේෂය නිමවූ පසුවිඳිමු අපි වෙරළු මල් සුවඳතෘප්තිමත් නොවූ සුසුම් සමඟින්...........................!---------------------------------------------------------------------------------------all pics
නෝ මාතෘකා! හැබැයි මේවත් කිව යුතු කතා! මාධව's කථා....... කියන්නට ඇති කතා එමටය! එකක් යැයි කීමට නොහැකි තරම් කතා ඇත. මේවා සුරංගනා කතා හෝ අත්දැකීම් කතා හෝ බොළඳ ප්‍රේම කතා නොව සිතට නැගුනු සිතුවිලි පිළිබද කතාය. කියන්නට කිසිත් නැතැයි සිතනවාට වඩා කුමක් හෝ කීම අගනේය. ඉතිං අද මාධවගේ කතා තුලින් මාතෘකා නොමැති කාලීන කතා කියන්නෙමු!අවුරුදු 14ක් යනු හිරිමල් යෞවනය උදාවීමයි. එහෙත් ඒ සුන්දර යොවුන් වියේදීම සිය අධයාපනික සහ ළමා ...