රොක් සිංදුවක් Niyametama රස විදීමට නම්......................... මාධව's කථා....... කන පැලෙන වීදුරු පුපුරා කුඩු පට්ටම් වෙන රොක් සිංදු, කුඩු පට්ටම් වෙච්ච හිතකට කොච්චර සහනයක්ද? ඒත් කීයෙන් කීයද නියාමාකාරව රොක් සිංදුවක් අහන්න පුලුවන් එකෙක් ඉන්නේ. අද මේ මාධව කියන්න යන්නේ කොහොමද රොක් සිංදුවක් අහන්න හොදම විදිය කියලයි! බොක්කට වදින්නනම්, ඇස් වලින් කදුලු පනින්න නම්, කන් වලින් ඇතුල් වෙලා මොලේ හරහා හිතේ අන්තිම කෙලවරටම වදින්න නම් කොහොමද රොක් සිංදු අහන්න ...
ගල් කපන මැසිම, තවත් පුවත් කතන්දරයක් සහ ශරීයා බඩකඩුත්තුව!............. මාධව's කථා....... http://tharunayaking.blogspot.com අඩවියෙනි!කරදර සහ කතන්දර අතරේ ගලාගෙන යන ජීවිතය සුලුවෙන් තකන්නට බැරිය. කවදාවත් බැරිය.හැම සිදුවීමක්ම එකිනෙක බැදී තිබෙන්නාක් මෙන් සිතෙන්නේය. ඇතැම්වා විනෝදාත්මක වුවත්, දුක් බර උවත් සිදු වූ හැම සිදුවීමක්ම යම් කිසි දෙයක් ගැබ් වී තිබේය. ඒවා තේරෙන්න කල් ගතවනු ඇත. සමහර දේවල් ජීවිතය ගෙඩි පිටින් වෙනස් කරනුයේ කුණාටුවත් ඇවිත් ගියා සේමය. කොහොම වුවත් එහෙම සුලුවෙන් ගන්න නොහැකි ජීවිතයේදී විදින්න වුන ...
මේ ආදරය........................ මාධව's කථා....... ආදරය කියන්නේ මොකක්ද? අපි ආදරේ කළාම ලැබෙන්නේ මොනාද?රාගයත් එක්ක කරන ආදරය ඇත්තම ආදරයක් නොවන බොරු ආදරයක්ද? එහෙමද?.... ඇත්තටම ආදරේ කරන්නෝ රාගය ගැන නොසිතන අයද? තමන්ගේ පෙම්වතා, පෙම්වතිය ගැන රාගයක් හිතෙන්නේ නෑ කියන්නේ එතන තියෙන්නේ ආදරයක් විතරමයි කියන එකද? ආදරේ තුල ඇතිවන ආශාවන් බොරුද? ආශාවන් කියන්නේ, රාගය කියන්නේ වල් කමද? ඇත්තටම ආදරේ කරන අයට තම තමන්ගේ සහකරු, සහකාරිය ගැන ආශාවක් රාගයක් ...
විකාර වී ගිය සිතුවිලි වල......... නෑ මාධව වැටෙන්නේ නෑ......... මාධව's කථා....... නටඹුන් වීගෙන යන ආදරයක සිතුවිලි තුල මාධව අතරමං වෙලා ගිහින්! කිසි දෙයක් ගැන හිතක් නෑ! චුට්ට චුට්ට ඇතිවන කළකිරීම එක්ක හැමදේම එපා වෙලා යනවා වගේ මාධවට දැනෙනවා! හැමකෙනෙක්ම දුරස් වෙලා වගේ දැනෙනවා! ජීවිතයේ ලැබුනු ලස්සනම ආදරය මාධවටත් නොදැනීම මාධවගේ හිතින් ඉවත් වෙන එක මාධවට දරා ගන්නම බෑ! මේක තනිකරම ආත්මාර්තකාමී ලියවිල්ලක් වේවි! මාධව ඈ ගැන ...
ආයෙමත් මං දිහා බලන්න...................!! මාධව's කථා....... ඉස්සර අපි ළගින් ඉන්න කොට වගේමඉස්සර අපි ළගින් වැඩ කරනකොට වගේමඉස්සර අපි එකට කෑම කනකොට වගේමඉස්සර අපි එකට ඇවිදිනකොට වගේමඉස්සර අපි එක ළග ඉදන් ඉන්නකොට වගේමඉස්සර මං ඔයාට පුංචි විහිලුවක් කල වෙලාවෙ වගේමඉස්සර ඔයාට සතුටු හිතෙන දෙයක් කිව්ව වෙලාවෙ වගේමඅන්තිම දවසේ අපි සමු අරන් යන මොහොතෙදි වගේමඒ හැම මොහොතකදිම ඔය පුංචි දුඹුරු ඇස් වලින් පෙනුනහිත පුරාම තිබ්බ ලෙංගතු කම රැගෙනලස්සන ...
ලොලීටා................ 09 මාධව's කථා....... පළමු වෙනි දවසේ හමුව පිලිබදව කියන්නට මාධව තීරණය කලා පසු ඒ වෘත්තාන්තය මෙහි පලවුනා! ඉතිං ඒ පළමු හමුවීමක කතාන්දරයෙන් පසු නැවතත් කතාව ගලාගෙන යන්නට මේ අවකාශය වෙන් වේවි! මාධවගේ පළමු ආදරය පිළිබද සත්‍ය කතාන්දරය. එය මාධවගේ වචන වලින්ම අකුරු වෙන්නේ හිකත් පුරාම තියෙන්නා වූ මතක හැගීම් එක්කයි! ඉතිං ආයෙත් එකතු වෙන්න ලොලීටා හා මාධව පිළිබද කතාන්දරය කියවන්න! එක් පුංචි සුරංගනාවියක් ...
මේ පාරෙන් එන්න...........................!! මාධව's කථා....... වැව් ජලය මතින් හමන.............මුදු සුළගේ දැවටෙමින්.............දග කරන කෙහෙ රැලි අතුරින්.............බිමට යොමු වූ නෙත් ඇතිව.............පුංචි කම්මුල් එක්ක.............කොල පැහැති පොත් මල්ල.............වම් අතින් අල්ලාගෙන.............පුංචි පා තුඩු මතින්.............කෙටි පියවර තබා.............ලෝකයක ලස්සන අරන්............. ඒ සුන්දර මදහසත් එක්ක.............තවත් එක මොහොතකට.............මගේ හිත සනසන්න.............ආයෙමත් දවසක.............ලස්සනම හවසක.............දළදා වීදියේ පිරුණු.............මහ සෙනග අතුරින්..........
හනිමූන් දෙක කොටස! මාධව's කථා....... හනිමූන් සංවාදයට කමෙන්ටු නැති උනත් නොහිතූ ලෙස පාඨක ප්‍රතිචාර ලැබුනා! මාධව අප අධ්‍යක්ෂක තුමාගේ සිස්කෝ පංතියේ ප්‍රැක්ටිකල් ලැබ් එකේදි මාර මාර ටෝක් ටිකක් හුවමාරු උනා!! ඒ සියල්ල හෙලි කිරීමට මත්තෙන් අප තීරණය කලා එම සංවාදය සංවාදයට විවෘත කොට තබන්නට! එමෙන්ම මෙවරත් අපි විද්වත් මඩුල්ලක් ප්‍රසිද්ධ සංවාදයට කැදවූවා!ඔබට හදුන්වාදෙන්නම් අපගේ විද්වතුන්!* පළමුව අපේ අමිල ටොමී මහතා ග්‍රැෆික් නිර්මාණකරු!* දෙවනුව අපගේ කොට ...
ඕනේ නෑ හන්තාන..... මාධව's කථා....... අසමත් වූ විභාගය, අහිමි කල හන්තාන පෙම්වතුන් හට උරුම නැති එහි සිසිලස සරසවියට පමණක්ද හිමි උනේ Z - ලකුණු නැති ප්‍රේමයේ සොඳුරු හැඟුමන් නිල ආකාසයේ පුළුන් වලාකුළු අතරින් හැඟුම් පෙරාගන්න හන්තාන තුල තුරුලුවන්නට උරුම නැති “යව්වනය” අසමත්ද ජීවිතය නැති නිසා Z - score සුදු කළු කාර්මික ජීවිතයේ සිත් බැඳුනු ප්‍රේමයට ඕනේ නෑ හන්තාන අවශ්‍ය සිත් පුරා සෙනෙහස පමණකි ඇය ...
නිර්මාංශ වීම................ මාධව's කථා....... අද කියන්න යන්නේ ටිකක් වැදගත් කතාන්දරයක්ය!දැන් ලංකාව යන්නේ හරි අමුතු පාරකය! අමුතුම පාරකය! ඒ හරක් මැරීමෙන් වළකින්න කියන මාවතේය. ඒක හරි අමුතුය! හරකාට පමණක් දැනෙන මරණ බිය අනෙක් මාංශ ආහාර සැකසීමට මරණ කුකුළන්ට, එළුවන්ට, මාළුන්ට, ඌරන්ට දැනෙන්නේ නැද්දෝ කියා සිතෙන්නේ මේ බහුබූත ඇසෙද්දී දකිද්දීය. ඉතිං ඒවා මේවා සියල්ල අස්සේ මාධවට මේ විකාර සහ අරවා මේවා ඇසු දුටු නිසා කියන්න හිතුන ...
තවත් එක ටීම් වීවර් (Team Viewer) කතාවක්! මාධව's කථා....... මේක හරි අමුතුයි කියලා හිතෙයි අපේ කියවන්නන්ට! ඒත් එක සත්‍ය සිදුවීමක් තමයි මේක! වෙන කාටවත් නෙමෙයි මේක උනේ! මාධවටමයි! ඇත්තටම ජීවිතේ සිද්වෙන දේවල් දිහා බලද්දි සමහර සිදුවීම් හරිම අහම්බයෙන් සිදුවන සිදුවීම්. ඒවා විවිධාකාර වෙන්න පුලුවන්! කෙනෙක් හිතන්නෙවත් නැති මොහොතක විහාල ත්‍යාගයක් හිමිවීම වගේ සිදුවීම් වලට වඩා මේ සිදුවීම් ගොඩක් වෙනස්! මාදවට ඒක පැහැදිලි කරලා දෙන්න හරි අමාරුයි! ඒත් මාධවට හරි ...
කොලොම්පුරේ හිසරදය.............................. මාධව's කථා....... ගමට ආදරේ කරද්දි ගම දාලා යන්න බෑ! ගම කාලා හිටියත් මාධවට ගම දාලා යන එක තරම් අමාරු දෙයක් නෑ! මේක ලියන්න හිතුනේ මාධව මේ ගිය දවසක කොලොම්පුරේට පාත් උන නිසා තම කාර්යයකට! ඈවිත් බැරි නෑවිත් බැරි කොළඹ හැමදේම තියනවලු! ඒත් කොළඹ යන හැම වෙලාවකම මාධවගේ හිතට දැනෙන තනිකම කියලා නිමා කරන්න බෑ! පුදුමාකාර මානසික දුකක් දැනෙනවා කොළඹ පැත්තට හැරුනත්! මේ ...
ලොලීටා................ 05 මාධව's කථා....... ඉතින් මිත්‍රවරුනි ඔන්න මං මේ කතාවේ තවත් ටිකක් ලියන්න පටන් ගන්නම්! මගේ පුංචි ලොලීටා හෙවත් සෙව්වන්දියකට කළ ප්‍රේමයේ කතාව. ඇත්ත ආදරයක කතාව. එක හදවතක විතරක් ඇතිවෙච්ච ආදරයක කතාව. ඉතිං අහපල්ලා තවත් කොටසක්. එක් දවසක මහ මග යනෙන විට තවත් අහඹු හමුවීමක සිදුවීමක්, තවත් අහඹු හමුවීමක්. මේක තවත් පිස්සු විස්තරයක් කියලා හිතන්න එපා කරුණාකර. ඇත්ත ආදරයක ...
තැනට ගැලපෙන සිංදු කීම....................මාධවගේ ටොකු!! මාධව's කථා....... ටයිප් සෙටින්ග් කාරයෝ ටිකගේ පෙර සටහන - මේක නිකං කතා ටිකක් වුනත් ගන්න දෙයක් තියනවා කියලා අපේ ලොක්ක මාධවට හිතුන නිසා, එතුමම ලියලා දාපං කියලා අපට කිව්ව නිසා මේං ලියනවා!මේ සේරම සිංදු කේස්!පළවෙනි එක තමයි ඕං සුලෝචනා...ඒ කියන්නෙ කතාව මෙහෙමයි. මාධවලගෙ මිත්‍ර කොල්ලෙක් බූට් එකක් කාලා ඉන්න වෙලේ මූට ඇහුන බීට් එකක් තමයි සුලෝචනා සිංදුව! අහන්න එපා කොල්ලා කව්ද කියලා! ...
" කෝ යකෝ තුන............! " මාධව's කථා....... මේක කියද්දි ඒ ගණිතය උගන්නපු මැඩම්ගේ නම දාන්නේ නෑ! ඒත් දන්නෝ දනිති!! ඒක නොදැම්මයි කියලා කතා රසයට හානියක් වෙන එකකුත් නෑ කියලා මාධව හිතනවා! නන්දා මැඩම්ගේ ලියුමේ ක්ලාස් එක හා බල්ලන්ගේ කතන්දරය කලින් කිව්වනේ! මේ කියන ගණිතය සිද්ධි වෙනකොට මාධවලා අමිලලා රුක්ෂාන්ලා සෙට් එක හිතින් අපරාදේ පොත් වල සල්ලි කිය කිය හිටියේ! වෙලාවට එකෙක්ටවත් විභාගෙන් පස්සේ එහෙම කියන්න උනේ නෑ! ...
කොල්ලෝ සහ බල්ලෝ! මාධව's කථා....... pic from google!මාධවගේ කතා කස්ටිය හිටපු ගමන් විවිධ සමීක්ෂණ(විකාර) කරනවනේ! ඉතිං අදත් සුපුරුදු පරිදි මාධවගේ කතා අධ්‍යක්ෂක මාධව මහතාගේ උපදෙස් පරිදි අලුත් දෙයක් සිදු කෙරුනා. මෙවර සිදු කෙරුනේ කොල්ලෝ සහ බල්ලෝ අතර වෙනස සෙවීම. ඒ සදහා මාධවගේ කතා විසින් පෙර දිනයක සිදු කල හනිමූන් සාකච්චාව සේම සාකච්චාවක් මෙවරද ඇති වුනා.ඉතිං මෙවර මාධවගේ කතා හි සම්පූර්ණයෙන් පලවෙන්නේ ඒ ආකාරයට අප නැගූ ...
ඔයාට විතරමයි පුලුවන්............... මාධව's කථා....... ඒ වගේ ලස්සනට සිනහ වෙන්න එයාට විතරමයි පුලුවන්!ඒ වගේ ඇස් රතු කරන් හඩන්නත්එයාට විතරමයි පුලුවන්!ඒ වගේ පුංචි දගකාරියක් වෙන්නඑයාට විතරමයි පුලුවන්!ඒ තරම්ම හුගක් හොද වෙන්නඑයාට විතරමයි පුලුවන්!ඒ තරම් සුරතල් කෙල්ලෙක් වෙන්නඑයාට විතරමයි පුලුවන්!ඒ වගේම ගොඩක් නපුරු වෙන්නත්එයාට විතරමයි පුලුවන්!ඒ වගේ හොදම යෙහෙලියක් වෙන්නඑයාට විතරමයි පුලුවන්!ඒ තරම්ම ගොඩක් සතුරු වෙන්නත්එයාට විතරමයි පුලුවන්!ඒ වගේ හිත පුරාම ආදරණීය වෙන්නඑයාට විතරමයි පුලුවන්!ඒ වගේම ...
ආදරණීය ලප කතා.......... මාධව's කථා....... ලපයක් වූ කලි සාමාන්‍ය දෙයක්ය! ඒත් අපේ බොහෝ අය එයට අසාමාන්‍ය තැනක් දී ඇත්තේ අහවල් ඒවා අසාමාන්‍ය යැයි කියලා අයුරින්මය!ලප ගැන කියන්නේ නම්, ඇතැමුන් ලප දෙස බලා අනාගතේ කියා පාන්නෝය. සුළැගිලි වල උපන් ලප ඇත්තා ඉගැනුමට හපනාය යන්න මාධව එකල අසා තිබුනු ප්‍රකට අනාවැකියක් විය! මාධව නං කියන්නෙ උපං ලපේට කරන්න පුලුවන් දෙයක් නැති බවය! ඉගෙනුම තියෙන්නේ ලපේ නොව ඉගෙනගන්නාගේ ...
ලොලීටා................ 08 මාධව's කථා....... ඉතිං මිතුරනි මෙන්න ආයෙමත් ආදරයේ කතාව ගලාගෙන යන්නයි යන්නේ. ඉතිං එකතු වෙන්න මාත් එක්ක ආදරයේ කතාවේ තවත් කොටසක් රස විදින්න. ඉතිං මාධව සෙව්වන්දියට කලා වූ ආදරයේ, අතීතයේ එක් ආදරයක තවත් අතීතයට යන්නට මං කල්පනා කලා. අතීතයේ අතීතය... එනම් සෙව්වන්දිය සමුවූ කතාව. මාධවට ඔහුගේ හිත අහිමි වූ කතාව. මාධව ආදරය කරන්නට පටන් ගත්තා වූ කතාවේ මුල් පියවර. එසේ නම් එකතු වන්න ...
Virus Guard - පරිඝණක වෛරස් වලින් ආරක්ෂා වීම සඳහා මාධව's කථා....... පරිඝණක වෛරස් වැඩසටහන් අද මහා හිසරදයක් වී අවසන්ය! විශේෂයෙන් windows මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන් මේ සඳහා වැඩිමනින්ම ගොදුරු වන අතර විවෘත කේත සහිත ලිනක්ස් වැනි මෙහෙහුම් පද්ධති භාවිතා කරන්නවුන්ටද වෛරස් කරදර නැත්තේ නොවේ!බහුතරයක් දෙනා අද ලෝකයේ භාවිතා කරනුයේ windows මෙහෙයුම් පද්ධති වන අතර ලිනක්ස් වැනි මෙහෙයුම් පද්ධති භාවිත කරන්නේ අල්ප පිරිසකි! එසේ හෙයින් අද පරිඝණක වෛරස් මෙසේ බෝවීමට හේතුවක් ලෙසද ...