ආදරණීය පොරවල් සමඟ ආදරවන්තයින්ගේ (ආදරය සේල් දමන්නන්ගේද) දිනයේ ගෙවුනු මිනිත්තු ගණනක්........ මාධව's කථා....... වැලන්ටයින් දවසේ උදේම කකුලට බේත් දාන්න කියලා ඩයස් මහත්තයගෙ ඩිස්පැන්සරිය පැත්තට ඇදුන මාධවට පොරක් හම්බුනානෙ අෆ්ෆා ඇත්තමයි.......හල්ලෝ මචා! කොහෙද මේ! මාධවට හම්බුන ඒ පොරව දැකලා මාධවට කියවුනේ නිකංම! වැඩක් නෑ! උගේ දුක්ඛිත තත්වය දැකලා මාධවට හිනා යන්නත් ආවා! මාධව ගැන අවුලක් හිතන්න එපා මිත්‍රවරුනි! ඒත් මාධවට හිනා ගියානේ! මොකද මේකා තමයි අර 14 වෙනිදට එනවයි කියන කුමාරයා! මිස්ට වැලන්ටයින්!බෝල ...
ඔයාට විතරමයි පුලුවන්............... මාධව's කථා....... ඒ වගේ ලස්සනට සිනහ වෙන්න එයාට විතරමයි පුලුවන්!ඒ වගේ ඇස් රතු කරන් හඩන්නත්එයාට විතරමයි පුලුවන්!ඒ වගේ පුංචි දගකාරියක් වෙන්නඑයාට විතරමයි පුලුවන්!ඒ තරම්ම හුගක් හොද වෙන්නඑයාට විතරමයි පුලුවන්!ඒ තරම් සුරතල් කෙල්ලෙක් වෙන්නඑයාට විතරමයි පුලුවන්!ඒ වගේම ගොඩක් නපුරු වෙන්නත්එයාට විතරමයි පුලුවන්!ඒ වගේ හොදම යෙහෙලියක් වෙන්නඑයාට විතරමයි පුලුවන්!ඒ තරම්ම ගොඩක් සතුරු වෙන්නත්එයාට විතරමයි පුලුවන්!ඒ වගේ හිත පුරාම ආදරණීය වෙන්නඑයාට විතරමයි පුලුවන්!ඒ වගේම ...
කස්ටිය බුකියේ කෙලින පිස්සු! මාධව's කථා....... මේවා කියලත් බෑ නොකියත් බෑ! ඒත් ගොඩක් කස්ටිය කෙලින පිස්සු දැක්කම මේවා මෙහෙම නොලියම බෑ! ඉතිං මෙන්න මේකයි අද කියන්න යන්නේ! කස්ටිය බුකියේ කෙලින පිස්සු! ආහා! නොදන්න අයටයි මේ කියන්නේ! බුකිය කිව්වේ ටවුමෙ හන්දියේ තියන අශ්ව රේස් බුකිය නෙමෙයි! ක්‍රිකට් ඔට්ටු දාන අන්තර්ජාතික රේස් බුකියත් නෙමෙයි! මූනු පොත නොහොත් ෆේස් බුකිය...... ඔන්න ඕකේ අපේ කස්ටිය කෙලින පිස්සු වැඩ ටිකක් තමයි ...
බයිසිකල් ජරමර හෙවත් මාධවගේ බයිසිකල් දිනපොත..... 03 මාධව's කථා....... මේක, මේ කියන්න යන කතාව මං කලින් වෙච්ච පොරොන්දුවක් නිසා ලියන්නේ! ඒ කියන්නේ මං බයිසිකල් දිනපොතේ දෙවෙනි කොටසේ කිව්වා චානකයගේ සයිකලේ ඉල්ලගෙන කොකා එක්ක ගිය චාරිකාවක් ගැන කියනවා කියලා! මේ කියන්න යන්නේ ඒ කතාව. මෙන්න මේකයි සිද්ධිය.චානකයා ගාව හිටියා අර කලු පාට ගෝල්ඩ් ෆිෂ් වර්ගයේ ලොකු මාලුවෙක්! මාලුවෙක් වෙන්න ඇති, මොකද ඒක අපිට හරියට බලන්න බැරි උනා. චානක මාධවගේ ...
ඉස්කෝලේ කාලේ තවත් ජරමර... වින්ඩෝස් 99 මාධව's කථා....... ඉස්කෝලේ කාලේ ගැන ලියන්න ගියාම ලියන්න පුලුවන් කතාවේ ඉදලා ලියන්න තියා හිතන්නවත් බැරි (කොල්ලොන්ට නම් ගින්නක් නැති) කතාත් ඕන තරම් තියනවා. එහෙම තියන කතා වලින් මාධවලාට ගොඩක්ම තියෙන්නෙ ලියන්න අපහසු කතා ටිකක් තමයි. ඒ අතර කියන්න පුලුවන් ළාමක සිද්දි තමයි මේ බ්ලොග් එකේ ලියන්නේ. නැත්තං මේ බ්ලොග් එකත් වල් බ්ලොග් එකක් විදියට හංවඩු ගැහෙන්න බැරි නෑ. මොනා උනත්, මේක ලියන්නා ...
" කෝ යකෝ තුන............! " මාධව's කථා....... මේක කියද්දි ඒ ගණිතය උගන්නපු මැඩම්ගේ නම දාන්නේ නෑ! ඒත් දන්නෝ දනිති!! ඒක නොදැම්මයි කියලා කතා රසයට හානියක් වෙන එකකුත් නෑ කියලා මාධව හිතනවා! නන්දා මැඩම්ගේ ලියුමේ ක්ලාස් එක හා බල්ලන්ගේ කතන්දරය කලින් කිව්වනේ! මේ කියන ගණිතය සිද්ධි වෙනකොට මාධවලා අමිලලා රුක්ෂාන්ලා සෙට් එක හිතින් අපරාදේ පොත් වල සල්ලි කිය කිය හිටියේ! වෙලාවට එකෙක්ටවත් විභාගෙන් පස්සේ එහෙම කියන්න උනේ නෑ! ...
ආයෙමත් මං දිහා බලන්න...................!! මාධව's කථා....... ඉස්සර අපි ළගින් ඉන්න කොට වගේමඉස්සර අපි ළගින් වැඩ කරනකොට වගේමඉස්සර අපි එකට කෑම කනකොට වගේමඉස්සර අපි එකට ඇවිදිනකොට වගේමඉස්සර අපි එක ළග ඉදන් ඉන්නකොට වගේමඉස්සර මං ඔයාට පුංචි විහිලුවක් කල වෙලාවෙ වගේමඉස්සර ඔයාට සතුටු හිතෙන දෙයක් කිව්ව වෙලාවෙ වගේමඅන්තිම දවසේ අපි සමු අරන් යන මොහොතෙදි වගේමඒ හැම මොහොතකදිම ඔය පුංචි දුඹුරු ඇස් වලින් පෙනුනහිත පුරාම තිබ්බ ලෙංගතු කම රැගෙනලස්සන ...
නන්දා මැඩම්ට ආපු ලියුම - තවත් එක් පාසල් කතන්දරයක්! මාධව's කථා....... මාධවලා 7 ශේණියේ ඉදපු කාලේ වෙච්ච කේස් ටිකක් කියන්නයි යන්නේ! අහමුකෝ එහෙනම්! මේ කියන කාලේ මාධවලගෙත් ටිකක් එක එක ලෙඩ වැටෙන කාලෙනේ! ඉන්න බෑ දැගලිල්ල! මොකෙක් හරි අනුකරණය කරන්නමයි හිත! වැරදිලා හරි ලොකු අයියලා අක්කලා කුණුහරුපයක් එහෙම කියනවා ඇහුනොත් කස්ටියගේ වැඩේම ඕක රී - මික්ස් කර කර කියන එකනේ! ඔන්න ඔය කියන කාලේ තිබ්බ ජනප්‍රිය වැකියක් තමයි මෙන්න මේක! මොකක් ...
අමෙරිකා................................. America................................. මාධව's කථා....... වර්ෂ 2011 ක් වූ දෙසැම්බර් මස 31 වැනිදා 2011 වර්ෂයේ අවසාන පැය කීපයක සිතුවිල්ල! බස් රථයක ගෙදර එන මගදී! මහා රෑ දුර ඇදෙන බස් රථයේ කවුලුවෙන් අදුරු වෙලා තියන අවට බලාගෙන ඉන්න මාධවට එක එක විකාර හිතෙන එක අමුත්තක් නෙමෙයි! ඒත් අද සිත අමුතුම ලෝකෙකට ගිහින් වගේ! හිතක හිරවුනු හැගීම් සියල්ල සිය මුහුනෙන් පිළිඹිබු වෙන්න ඇති කියලා හිතුනත් හිතට ගලාගෙන ...
මේ හීනයෙන්වත් එන්න................... මාධව's කථා....... සියොලගම පුබුදුවන..........හැගීම් පිරුණු ස්වප්නයක උවමනාව..........ඉතිං ප්‍රිය ආදරී..............ඒ උණුසුමත් අරන්..............මේ හීනයෙන්වත් එන්න..............සියොලගම පුබුදුවන..........හැගීම් පිරුණු ස්වප්නයක උවමනාව..........ඉතිං ප්‍රිය ආදරී..............ඒ ලස්සනත් අරන්..............මේ හීනයෙන්වත් එන්න..............සියොලගම පුබුදුවන..........හැගීම් පිරුණු ස්වප්නයක උවමනාව..........ඉතිං ප්‍රිය ආදරී..............ඒ මියුරු කතා අරන්..............මේ හීනයෙන්වත් එන්න..............සියොලගම පුබුදුවන..........හැගීම් පිරුණු ස්ව
කැමති අකමැති......... මාධව's කථා....... මං කොන්ඩේ පීරන් ඉන්නවට එයා කැමතියි.....ඉතිං මං කොන්ඩේ පීරන එක නැවැත්තුවා.....මං රැවුල වවන් ඉන්න එකට එයා කැමතියි.........ඒ නිසා මං රැවුල කපන්න පුරුදු උනා......මං සපත්තු දාගෙන ගමන් යනවට එයා කැමතියි......ඒ නිසා මං බාටා කෑලි දෙකක් දාන්න පුරුදු උනා....මං ටයි එකක් දාගෙන ඉන්නවට එයා හුගක් කැමතියි...ඒ නිසා මං ටයි දාන එක නතර කලා......මං ජැන්ඩියට අදිනවට එයා කැමතියි.....ඒ නිසා මං හම ගිය ඩෙනිමක් ...
ගත ඇති සිත නැති ආදරය........................ මාධව's කථා....... ඇය මා තුරුලත උණුසුමින්............නමුදු මා සිත උණුසුම් නොවේ................සිත ඇගේ පහස සොයා ගොසින්...............ඈ.......................කිසිදිනක මා සතු නොවන..................ඈ ගතේ පහස තුටින් විදින්නම්.............නමුදු සිත ඒ පහසට ප්‍රිය නොවේ..................සිත ඉල්ලන ඇගේ පහස...................ඈ......................කිසිදිනක මා සතු නොවන..................හුරතලේට ඔබ යමක් අසාවි................මමද පිළිතුර දෙමි...................නමුදු සිතට අවැසිය ඇගේ පැනය...........ඈ......................කිසිදිනක මා සතු නොවන...
සයිබර් අවකාශයේ ආදරය........................ මාධව's කථා....... සල්ලාප කුටියේ අකුරු අතරින් ගලා ආව ආදරය නැතිව බැරි තරම්ම හිතට වැදිලා. අපි ආදරය කරන්න පටන් ගත්තේ සල්ලාප කුටියේ අකුරුත් එක්ක! අපි මූණට හම්බුනාම කතා කරන දේවල් වලට වඩා හාත්පසින්ම වෙනස් දේවල් ගැන අපි සල්ලාප කුටියේදී කතා කලා. එළිමහනේ හමුවුනාම ඒ කිසි දෙයක් නොදන්න ගානට අපි නිකම්ම හිනා උනා. එතකොට ඒ ආදර කතා අපේ මතකේ විතරයි. ඒ මතකයේ තිබ්බ දේවල් ...
රොක් සිංදුවක් Niyametama රස විදීමට නම්......................... මාධව's කථා....... කන පැලෙන වීදුරු පුපුරා කුඩු පට්ටම් වෙන රොක් සිංදු, කුඩු පට්ටම් වෙච්ච හිතකට කොච්චර සහනයක්ද? ඒත් කීයෙන් කීයද නියාමාකාරව රොක් සිංදුවක් අහන්න පුලුවන් එකෙක් ඉන්නේ. අද මේ මාධව කියන්න යන්නේ කොහොමද රොක් සිංදුවක් අහන්න හොදම විදිය කියලයි! බොක්කට වදින්නනම්, ඇස් වලින් කදුලු පනින්න නම්, කන් වලින් ඇතුල් වෙලා මොලේ හරහා හිතේ අන්තිම කෙලවරටම වදින්න නම් කොහොමද රොක් සිංදු අහන්න ...
ලොලීටා. . . . . අවසානය - ලොලීටා ආයෙමත් එන්න...... මාධව's කථා....... ලොලීටා නැමති ආදරයේ කතාන්දරය ගලාගෙන ඇවිත්! දිගුම කාලයක් තිස්සේ මාධව සිය හදවතේ තද කරන් සිටි සියලූම හැගුම් මේ කතන්දරයෙන් එලියට දැම්මා. දැන් ඒ කතාන්දරය නිමා කරන්න කාලය ඇවිත්. එහෙනම් හැමෝම එකතු වෙන්න සෙව්වන්දිය යන්නම ගිය කතාන්දරය අහන්න. මාධවගේ පළමුවෙනි ආදරයේ ඇත්තම කතාන්දරයේ අන්තිම සිදුවීම් පිළිබදව දැන ගන්න.....කාලය ඉක්මණින් ගෙවී ගියා. අවසන් වරට පාසල් නිළ ඇදුමින් සැරසුනු සෙව්වන්දිය කිසි දිනක යලිත් ...
ලොලීටා................ 10 මාධව's කථා....... ඉතිං මිතුරනි මාධව හා සෙව්වන්දියගේ ආදරය පිළිබද නැවත අකුරු කරන්නට මේ සැරසෙන්නා වූ මොහොතේ මාධව මතක් කරන්නට කැමතියි මේ ලොලීටා කතාන්දරයේ කියන්නා වූ කිසිදු දෙයක් සෙව්වන්දිය නොදන්නා බව. ඇතැම් විට ඈ දැනගෙන නිහඩ පිලිවෙතක සිටියා විය හැකියි. ඇයට එය දැන ගන්න ඕනෑ තරම් විදි තිබුනා. නමුත් මාධව උපකල්පනය කරන්නේ මේ කියන්නා වූ කිසිදු කතාන්දරයක ඇත්ත නැත්ත ලොලීටා නොදන්නා බවටයි. එහෙත් ...
ලොලීටා................ 09 මාධව's කථා....... පළමු වෙනි දවසේ හමුව පිලිබදව කියන්නට මාධව තීරණය කලා පසු ඒ වෘත්තාන්තය මෙහි පලවුනා! ඉතිං ඒ පළමු හමුවීමක කතාන්දරයෙන් පසු නැවතත් කතාව ගලාගෙන යන්නට මේ අවකාශය වෙන් වේවි! මාධවගේ පළමු ආදරය පිළිබද සත්‍ය කතාන්දරය. එය මාධවගේ වචන වලින්ම අකුරු වෙන්නේ හිකත් පුරාම තියෙන්නා වූ මතක හැගීම් එක්කයි! ඉතිං ආයෙත් එකතු වෙන්න ලොලීටා හා මාධව පිළිබද කතාන්දරය කියවන්න! එක් පුංචි සුරංගනාවියක් ...
ලොලීටා................ 08 මාධව's කථා....... ඉතිං මිතුරනි මෙන්න ආයෙමත් ආදරයේ කතාව ගලාගෙන යන්නයි යන්නේ. ඉතිං එකතු වෙන්න මාත් එක්ක ආදරයේ කතාවේ තවත් කොටසක් රස විදින්න. ඉතිං මාධව සෙව්වන්දියට කලා වූ ආදරයේ, අතීතයේ එක් ආදරයක තවත් අතීතයට යන්නට මං කල්පනා කලා. අතීතයේ අතීතය... එනම් සෙව්වන්දිය සමුවූ කතාව. මාධවට ඔහුගේ හිත අහිමි වූ කතාව. මාධව ආදරය කරන්නට පටන් ගත්තා වූ කතාවේ මුල් පියවර. එසේ නම් එකතු වන්න ...
ඒ දකින රෑනේ..... හැගුම් සලුවත් සමග පාවේ.... මාධව's කථා....... මග කෙටූ බස් රිය.....නතර විය මාධවගෙ අභියස......මාධවත් ගොඩ විය.....යලි ඇදුනි ඉදිරියට බස් රිය......ටවුමට පැමිණි කල.....නතර විය බස් රිය.....ගොඩ වුනි මගී පිරිවර......නිමක් නැති මහ සෙනගය.....අතර තුර කෙල්ලක්.....සුන්දරම යස යුවතියක්.....ගොඩවුනා බසයට.....ටක් ටොක් ටක් ටටක්...ඒ ටික් ටොක් හඩින්....හැරී බැලුවා සිටි සැම දනන්.....රත් විය සිත් සතන්....පිබිදුනි හැගුම් සැනෙකින්.....කලු පැහැති සාරිය....නිල් පැහැති දෙනයන....පිරුණු ළැම අභියස.....ඇගේ රන් මාලය....කලු පැහැති හැට්ටය....අතුරින් පිරුණු මුදු ළැම....පිට මැද හෙලූ කොන්ඩය
ලොලීටා................ 07 මාධව's කථා....... ලොලීටා පිළිබද කතාවක ඇතුලට යාමට පෙර මට හිතුනා දෙයක් කියන්නට ප්‍රිය මිතුර. මේ කතාවේ තිබෙන්නා වූ සෙව්වන්දියක් ලොලීටා වූ ආකාරය පිලීබද කතාවේ සියල්ල මා සිතිවිලි වල එකතුවක් සමග ලියැවෙන බව කියන්නට ඕනි. ඇත්තටම එය මගේ ප්‍රථම ආදරයේ ඇත්ත කතාව සහ මගේ සිත තුල තිබෙන්නා වූ ආදරණිය ෆැන්ටසියක එකතුවක් ලෙස ඹබ සිතන්නට පෙළඹනවානම් මං කැමැතියි. එය හුදෙක් ඇත්ත කතාවක් ලෙසම ...