නිදහස් දැනුම සහ වාණිජ දැනුම පොඩිගමයගෙ ලොග් අඩවිය (වචන:කතන්දරපොර,නිදහස් ,වාණිජ,මයියා) ඕපන් සෝස් මුදුකාංග ගැන තදියම වැඩිමනත් ඇත්තේ තරුණ ගැටවු අතරය. කැම්පස් එකේ ඉන්නා කාලෙට කෝඩ් කෙටීම විනෝදෙට වාගේත් කරන උදවිය සාමාන්‍යයෙං ඕපන් සෝස් සහ ෆ්‍රී සොෆ්ට්වෙයා ගැන වැඩි උනන්දුවක් දක්වන බව පෙනේ.. ඕපන් සෝස් වලට හිංගලෙන් දා ඇති නම විවුර්ත කේත ය. ස්ටෝල්මාන් මහත්තයාගේ නිදහස් මුදුකාංග පදනමේ මතය අනුව විවුර්ත කේත සහ නිදහස් මුදුකාංග අතර වෙනසක් වෙයි. ඒ ...
කෑමක් ගැන පොතක් ගැන යමක් පොඩිගමයගෙ ලොග් අඩවිය බ්ලොග් ලියන වෙද මහත්තයගෙ ආහාර උපදෙස් කියවං යද්දි මට මතක් උණා කාලෙකට කලිං කියවපු රුවන් ඒකනායක දොස්තර මහත්තයගෙ පොතක්. මේ පොතේ නම තමා "සෞඛ්‍යදායී පෝෂණය හෙවත් සමපෝෂණ විධිය". මම ඉතින් ඕක අහම්බෙන් කියෙව්වාට පෝෂණේ ගැන බ්ලොග් ලියන මිනිහෙක් නෙවෙයි කියන එක කවුරුත් දන්නවා. මේකෙ තිබුණ කාරණා එකක් දෙකක් මතක තිබිච්ච නිසා ආපහු පෙරලල බැලුව. ඒ මහත්තය හදවතට සම්බන්ධ ලෙඩ - ඒ කියන්නෙ හිතේ ලෙඩ නෙවෙයි පපුවෙ අමාරු - ...
සංගගෙ කතාව ගැන පොඩිම පොඩි ලියුමක් පොඩිගමයගෙ ලොග් අඩවිය සංගගෙ කතාව කියෙවුවා. සමස්තයක් විදියට හොඳයි. පොඩි පොඩි අඩුපාඩු වුනත් නරක කතාවක් නෙවෙයි. ලකුණු 75ට(A එකක්) වඩා දෙන්න පුළුවං.
ශවේන්ද්‍ර සිල්වා රාජවිලාසිතාවට වැඩේ දෙයි පොඩිගමයගෙ ලොග් අඩවිය සුද්දංගෙ චැනල් 4 වාහිනියෙං ලඟදි එලියට දාපු චිත්තරපටිය ගැන පහුගිය දවස් ටිකේ ලොකු හාහූවක් තිබුණ. මේ අලුත් චිත්තරපටිය මං හිතන්නෙ කලිංවතාවල එලියට දාපු හැම එකටම වඩා දිග මිනිත්තු 50ක විතර එකක්. එව්වයෙ තිබිච්චි කෑලිත් එකතු කරගෙන මේක හදාපු බවයි දැනගන්න තියන්නෙ. ----------------------------------------------------------------------------------------------- ------------------------------------------ ...
නූතන ලංකාවේ පියා ... පොඩිගමයගෙ ලොග් අඩවිය (වචන:ජේආර්, දේශපාලනය, ප්රජාතන්තරවාදය) පහුගිය දවසක රනිල් මැතිඳුගෙයි කොටිරාජාතුමාලගෙයි අවුල පුපුරා යාම දේසපාලන සිද්ධාන්ත කියන එව්ව පැත්තෙං බලන උදවිය ප්‍රස්නයක් හැටියට දැක්ක බවයි පෙනුනෙ. මට නම් දේසපාලකයොයි වියාපාරිකයොයි අතරෙ තියෙන සහජීවන පැවැත්ම ගැන ලොකු අමුත්තක් දැනෙන්නෙ නෑ. මේ දේසපාලනේ කියන එක ආර්තිකෙන් වෙං කරල හිතන්න කරන්න ගියාම වෙන අවුලක්. ඒ වගේමයි අනිත් පැත්තටත්. ආර්තිකේ කියන එක දේසපාලනෙං ...
ලංකාවේ ඉපිද වෙන රට වලට ආවඩන ... පොඩිගමයගෙ ලොග් අඩවිය අද නොවැ කිරිකැට් ලෝක සූරතාවයෙ අවසාන තරගය ලංකාවයි ඉන්දියාවයි අතර. මේ සැරේ අපේ කොල්ලන්ට ඉන්දියන්කාරයො පරද්දල සූරතාව දිනාගන්න ලැබෙන්ටය කියල සුබ පතන අතරෙම පොඩිගමයට සිහි උණේ අර ආවාටය බ්ලොග් එකේ දාල තිබුණ කතාව. ලංකාවෙ ඉපදිලා වෙන රටවලට ආවඩන එවුන් ඉන්නවා නේන්නං. මේ කුහක වැඩේ දැක්කහම තරහ යනව හුඟදෙනාට. නමුත් මේ ගැන නිවිහැනහිල්ලෙ කල්පනාකරල බැලුවාම පේන්නෙ හිතන තරං සරල පුරස්නයක් නෙවෙයි. ඔන්න ...
මෙලෝ රහක් නෑ පොඩිගමයගෙ ලොග් අඩවිය මේ දවස් ටිකේ එක එක දේවල් ගැන රටේ ලෝකෙ උදවිය කතා වෙනවා. අරහෙන් හරක්යුලිස්කාරයගෙ මැර නාටකේ ගැන. පවු වැඩේ ඒකෙන් භාරත උන්නැහෙ ඇතුලු කීප දෙනෙක් නැති උණා. සමහරු උඩපනින්න හැදුවා ලංකා ඉතිහාසයේ පළවෙනිවතාවට ඔහොම දෙයක් උණා වගේ. ඔය වගේම නාලන්ද එල්ලාවල මහත්තයව පාරෙ මරා දැම්ම. ඒ නඩුවත් යට ගිය බවයි මගේ මතකය. මේක ගැනත් අමුත්තක් වෙන එකක් නෑ. මදිවට ඇතුලෙම ...
දහතුන ධන ද දහතුන ඍණ ද? පොඩිගමයගෙ ලොග් අඩවිය (දහතුන,පනස් හය,පනහට පනහ,දෙමළ රාජ්‍ය) දහතුන යනු දොළහ ධන එකය. දහතුන හැදුවාම වැඩේ හරියන බව කියූ උදවිය පසුකාලයේ තව තව එවුවාත් ඕනෑ යයි කීවෝය. දහතුන ධන හැදුවාම හරි යනවා යැයි කියන්නේද මේ උදවියම බව පෙනේ. දොළහ ධන එකෙන් නොසංසිඳුණු ආසාවල් දාහතරෙන් පහළොවෙන් සංසිඳේවි යැයි මට නම් නිකමටවත් හිතෙන්නේ නැත. මේවා වැඩි හරියක්ම ආසාවල්ය. පුහුදුන් හිත්වල ඇති ආසාවල් වලට සීමාවක් දාන්නට බැරි ...
`ජාතිය`ක වයස සෙවීම පොඩිගමයගෙ ලොග් අඩවිය මේ කලකට ඉහත මවිසින් උපුටා තබාගත් සිංහල බ්ලොග් කරුවෙකුගේ මතයකි. ඒ පිළිබඳ ලියා තිබූ කොටස් කවර හේතුවක් නිසා හෝ පළ කිරීම මගහැරී ඇත. "...ඒ වගේම කාලය හරහා අතීතයට යන්නට යන්නට ජාතිය, භාෂාව වැනි දේ පදනම් ව බිහිවන අනන්‍යතා ක්‍රමයෙන් බොඳව යනවා. උදාහරන ලෙස බුද්ධකාලීන භාරතය තුල ජාතිය කියා හැන්දින්විය හැකි අනන්‍යතාවක් පේන්නේ නෑ. තිබෙන්නේ වර්ණ කියා හැඳින්වෙන අනන්‍යතාවක්. එය භාෂාව ...
බින් ලාඩන් ගෙදරින් අසැබි චිත්‍රපටි හමු වීමත් සමග... පොඩිගමයගෙ ලොග් අඩවිය "බින් ලාඩන් ගෙදරින් අසැබි චිත්‍රපටි හමු වීමත් සමග ඇමරිකානු දේශපාලනය වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන ඇතැයි අපක්ෂපාතී නිව්යෝර්ක් ටෛම්ස් පුවත්පත පවසයි. මෙම සිදුවීම ඔබාමා මහතාගේ දේශපාලන අනාගතය කෙරෙහි බලපෑමක් ඇතිකළ හැකි බව නවතම ජනමත සමීක්ෂණයක් පෙන්වාදෙයි. බින් ලාඩන් ඝාතන ක්‍රියාවලිය පිළිබඳව විවිධ පාර්ශවයන් සැක මතුකරමින් සිටින අවස්ථාවක සිදුවූ මෙම හෙලිදරව්වුව ඝාතනයේ සැබෑ වගකිව යුත්තන් පිළිබඳව අලුත් ...
කිමුන් ආතාට උදවු කිරීමට අතිමානුෂික පොරවල්වලට අවස්ථාවක් පොඩිගමයගෙ ලොග් අඩවිය කිමුන් ආතාගෙ වාර්තාව ගැන උනන්දුවෙන උදවිය මූලික වසයෙං ගත්තාම ගොඩවල් දෙකකට දාන්න පුළුවංය කියන එකයි මගේ නං කල්පනාව. එක කට්ටියක් තමා කිමුන් ආතගෙ වාර්තාව එලියට දානකං දතකට මැදගෙන බලාහිටපු අතිමානුෂික පොරවල් සහ පොරියවල්. ඒ කට්ටිය දැං පස්වනක් පිරීතියෙං පිනා ගිහිං දමාගෙන ලියනවා වාර්තාවෙ වටිනකම ගැනයි ඒකෙ ජාතකේ හොඳකම ගැනයි ඒකට ප්‍රතිචාර දක්වන්ට ඕන(රාජතාන්ත්‍රික) ක්‍රමේ ගැනයි ආදී වසයෙං. අනිත් පිරිස කිමුන් ...
මිහිඳු මහරහතන්වහන්සේ ඉන්දියන් කිරීමට හැකිද? පොඩිගමයගෙ ලොග් අඩවිය අර ලංදියන්කාරයො ලංකිස්තාන්කාරයො ගැන ලියාපු දේවල් ගැන සමහරක් උදවිය නොසතුටිං ඉන්නවාය කියන එක පැහැදිලියි. සමහරු කිව්වා එව්වා ලිවීමෙං නැති පුරස්න ඇති වෙනවාය කියල. ඒ කියන්නෙ ඒ උදවිය හිතනවා ඒක පුරස්නයක් නොවෙයි කියල. ඒ උදවියට අනුව පුරස්නෙ ඒ ගැන කතා කිරීමයි. කතා නොකර ඒක නොදැක්කා වගේ හිටියාම පුරස්නයක් නෑ කියන එකයි ඒ උදවිය කියන්නෙ. සමහර විට ඒ උදවිය කොටි කියන්නෙත් පුරස්නයක් ...
මුම්බායි පිම්බුවෝ පොඩිගමයගෙ ලොග් අඩවිය අලුත් අවුරුද්ද ගැන බොහො දෙනා ලියන නිසා ඒ ගැන ලියන්නත් හිතුනෙ නෑ. ඔහොම ඉන්න අතරෙ තමයි අයි පී එල් එක ගැනයි "මුම්බායි ඉන්දියන්"කාරයිංගෙ පුරාජේරුව ගහන පංඩිතයො ගැනයි පෙරමුණේල ලිපියක් දාල තියෙනව දැක්කෙ. පොඩිගමය ඒ ලියුම ගැන කොමෙන්ටුවක් දැම්ම. ඒක ටිකක් දික් උණ හින්ද ලොග් එකක් විදියට ලියන්න කල්පනා කළා.මට හිතෙන විදියට නං මුම්බායි පිම්බුවාල ලංදියන්කාරයිංට වඩා හොරු. පොඩිගමයා කැමතියි ලංදියන්-ලංකිස්තාන් ...
මානවෝත්තමවාදී වර්ගවාද පොඩිගමයගෙ ලොග් අඩවිය පහුගිය සතියෙ පොඩිගමයට මතවාදී විරුද්ධකාරයෙක් එක්ක පොඩි සංවාදයක් කරන්න ලැබුණ. මෙයත් ඔය ප.නූ.වාදියො වගේ විහිළුකාරයෙක් නිසා විජාතික බලවේගවල අතකොලුවක් වෙනවා මිස වෙන කරන්න පුළුවන් අලගෙඩියක් නෑ. අර ඇක්ස්කාරයො දැන් ඒ තරම් කල එලියක් නෑ. ඒ වගේ කාලෙන් කාලෙට උඩ එන එක එක උදවිය ඉන්නවානේ. අපිටත් මොනවා හරි තියෙන්න එපායැ උත්තර දෙන්න. මේ ලියුම ලියන්නෙ ඒ වගේ තැනකදි ඇදිල ආපු කාරණයක් ගැන. ...
ජිනීවා තර්ජනේ... පොඩිගමයගෙ ලොග් අඩවිය එල්ටීටීඊ මරුවෝ රැළසුදු මහත්හොරුංගෙකීකරු බළල් රැළඋන්නැහෙලා එපයි කියද්දිත්මරා දැම්මාමඅහන්නත් දෙයක් යැ(මහත්තුරුංට උණත්) කේන්ති යන එක?"ලෝක"පාලන සංවිදානෙත් ඉතිංඋන්නැහෙලගෙම එකක් නෙවලිබියාවත් දැං ඔය කීකරු විදියට ඉන්නෙ. තව චන්ද ටිකක් එක්කහු කොර ගන්න බැරියැඔය විදියටම? හැහ්! අම්මප අපේ සම"හරක්"ටත් ඕනැරූකඩ වෙලා නැටවෙන්න වෙන්ටැ ඇල්ටීටීඊ ද ඇල්ඇල්ආර්සී දමොක උණත් බොලවු මේ රටේ කොරන මගුලක්කොරන්ට ඕනැ මහජන කැමැත්තට ...
මහරජ ගැමුණු එලිදැක්වීමේදී... පොඩිගමයගෙ ලොග් අඩවිය (වචන:දේශපාලනය, මහරජගැමුණු,ජයන්තචන්ද්‍රසිරි,නලින්දසිල්වා,වීරවංස) "අපේ රටේ මෑතකාලීන දේශපාලන ඉතිහාසය දෙස බලන විට මේ රටට විරුද්ධව ක්‍රියාත්මක වූ බලවේගවල ප්‍රහාරයට ලක්වූ ප්‍රබලම අතීත දේශපාලන චරිතය ගැමුණු චරිතය යි" වංස මහත්තයා ජයන්ත මහත්තයාගේ "මහරජ ගැමුණු" එලිදැක්වීමේදී කියයි.(සී නිවුස් පුවතකි) වියදං ඉහල ගියත් හිමිකං කැඩිල ගියත් සුද්දං එරවූ වත් පඹයන් කෑගැහුවත් අලි රංචුව ...
බුක් පෙයා පොඩිගමයගෙ ලොග් අඩවිය ඔපිසියෙන් පැන පියාබුක් පෙයා මං ගියාමහාජන ගඟ දියාමැදින් පීනා ගියා කෙටිකතා නවකතා බණ කතා සෙත් පිරිත්දනවාද සමවාද චින්තන විප්ලව පොත්අතරේ නොමිලේ විලාසිතා දැක්මත්පෙම්කතා මල්කතා වලින් බේරෙන පැණිත් තෝරන්න කරන්න නං සෑහෙන්ඩ වෙලාව අරංඋදේක යන්නයි තිබ්බෙ නිවාඩුවක් හෙම දාංආපු එකේ පොත් දෙක තුනක් අරං බරත් හෑල්ලු කොරං ...
ජංජාලයේ ලවුකික රාජ්‍ය විප්ලවයට පෙරවදනක් පොඩිගමයගෙ ලොග් අඩවිය ලංකාව සෙකියුලර් රටක් හෙවත් ලවුකික රාජ්‍යයක් කිරීමට උනන්දුවෙන් වැඩකරන හතරපස් දෙනෙක් පහුගිය දවස්වල ජංජාලයේ හිටියා මතකය. මේ දවස්වල උන්නැහෙලා කොහෙ ඉන්නවාදැයි මං දන්නේ නැත. මේ උදවිය කොරන්නට තතනන ලවුකික රාජ්‍ය ජැස්මින් විප්ලවයට ආසීර්වාද කිරීම පිණිස යමක් නොලියා සිටීම හරි නැතැයි මගේ හිත දොස් නගනවාය. ඒ හිතේ අමාරුව හොඳ කරගැනීමත් ලවුකික ලවු එකෙන් පෙළෙන කට්ටියගේ ඇඟේ අමාරුවට සහනයක් ලබාදීම ගැනත් හිතා ...
සංවාදයක් ගැන අනාවැකියක් පොඩිගමයගෙ ලොග් අඩවිය ජෝතිෂය ගැන ලියුම් සැට් එකක් ලියනවා රැඩිකල් උන්දැ මේ දවස්වල. මෙතනදි මට දකින්න ලැබුණා ජෝතිරත්න කියන මනුස්සයත් ඔතන ගිහින් කොමෙන්ටුවක් දාල තියනවා. කැමති තැනක කොමෙන්ටු දැමීම තම තමන්ගෙ වැඩක්. කියන විදියට ජෝති සෑස්තරේ දන්න කෙනෙක් හැටියට මේවගේ තැංවල කොමෙන්ටු දාන්නෙ යම් කිසි සංවාදයක් කරන බලාපොරොත්තු ඇතුව. මෙතෙන්දි මට පේන කාරණේ තමා රැඩිකල් උන්නැහෙ ජෝතිෂේ ගැන ලියන්න ගත්තෙ මොන ඉලවුවටවත් නෙවෙයි ...
ඉන්ද්රිය ගෝචර සතෙක් වන ග්‍රීස් යකා පොඩිගමයගෙ ලොග් අඩවිය ග්‍රීස්-යක්කු ගැන ලියපු අය අතරෙ රැඩිකල්තුමාත් එක්කෙනෙක්. කලින් ලියුම දිග වැඩි වෙයි කියල ඒ කතාව ඇතුලට දැම්මේ නෑ. උන්නැහෙ රැඩිකල් විදියට හිතන්න තැනුවාට ග්‍රීස්-යක්කු ගැන කියන්න ගිහිල්ල අනාගැනීමක් වෙලාය කියලයි මට හිතුණෙ. උන්නැහෙ ග්‍රීස් යකයි මහසෝන් යකයි (රීරි යකයි) එකටම අරගන්නෙ දෙක වෙනස් කියන එක තේරුං අරං නැති නිසා. බටහිර විද්‍යාව ගැන පුරාජේරුව ගැහුවට කල්පනාවෙං පුරස්න දිහා බලන්න හිත ...