බයවීමෙන් ආතල් ගැනීම සහ ග්‍රීස් යක්කු පොඩිගමයගෙ ලොග් අඩවිය ග්‍රීස් යක්කු ගැන ලොකු හාහූවක් තියෙන හින්දා මං කල්පනා කළා උන් ගැන යංකිසි අදහසක් ලියන්ට. ගොඩක් උදවිය ග්‍රීස් යකා ගැන ලියල තිබුණා. නමුත් W3සයිඩර් මාමගෙ විග්‍රහය ඒ අතරෙනුත් කැපිලා පේනවා. මට තේරුණ විදියට උන්නැහෙගෙ මූලික අදහස වෙන්නෙ ග්‍රීස්-යකා භීතියට ආසා කරන සමාජයේ නිර්මාණයක් කියන එකයි. අනිත් පැත්තෙන් ආණ්ඩුව දේසපාලන වාසි ලබාගන්න ග්‍රීස් යක්කු පාවිච්චි කරන බවකුත් කියල තිබුණ. දේසපාලනේ දන්න ...
සමලිංගිකත්වය නොදත් ස්වයංවින්දනයත් නොදත් රැඩිකල්තුමා පොඩිගමයගෙ ලොග් අඩවිය රැඩිකල්තුමාගෙ අලුත් වාදයට සහයෝගයක් නොදී අරින එක හරි මදි නේද? එහෙම අඳුන්වා දීල අතෑරලදාන එක නිකන් නොදන්න පිරිසක් මැද්දට එක්කගෙන ගිහින් තනිකළා වගේ නෙව. එහෙම හරි නෑ. අපි කලින් දැක්කානෙ උන්නැහෙ තුන්පිටකය බලාගෙන ගිහින් අලුත් සොයාගැනීම් වාගයක් කොරලාය කියල. ඉතින් එහෙම බලානයනකොට තමා මේ අලුත් වාදයත් උන්දැගෙ බුහ්දියට ගෝචර වෙන්ට ඇත්තෙ. අපි වාගෙ නෙවෙයි නෙව රැඩිකල් පාක්නයින්ට ඔවුවාගේ දේවල් පහල ...
බහුදේවවාදියෙකුගෙන් කාලෝ මහාචාර්යතුමාට මල් මිටක්... පොඩිගමයගෙ ලොග් අඩවිය මං ඔබතුමා එක්ක කිසිදාක කතාකරලත් නෑ. මගේ බ්ලොග් එක ඔබතුමා නොබලන බවත් විස්වාසයි. ඒ තියා ඔබතුමා සිංහල බ්ලොග් කියවන්නෙමත් නැතුව ඇති. ඒ ඔක්කොම එහෙම උණත් මේක ලියන්නෙ නැතුව ඉන්න එක හරි මදිය කියල මට දිගින් දිගටම හිතෙනවා. ඒ නිසා තියන වැඩ රාජකාරි අස්සේ පරක්කු වෙලා උණත් ඔබතුමා ගැන ලියන්න මම කල්පනා කලා. ඒකට හේතු දෙකක් තියනවා. එක පැත්තකිං ඔබතුමා බටහිර විද්‍යාවෙ ...
"සයිබර් කඩයකින් මතුවූ සෙරේස්ට විද්වතාණෝ" - ඕපාදූපයා පොඩිගමයගෙ ලොග් අඩවිය "කවදත් උණු කැවුම් බඳු නැවුම් පුවත් ඔබට තිළිණ කරන ඕපාදූපයා විකල්ප පුවත්පත මෙවර තවත් ජාතික වැදගත්කමක් ඇති කරඅම්බයකට අත තැබූ බව ජනතාවට පවසන්නේ මහත් චිත්තප්රීතියෙනි. සිංහල බ්ලොග් අවකාසයේ පිපීමට වෙර දරන බුක්තිමතුන් සහ පාක්නයින් අකලට මලිනවී යා නොදී ඔවුනට නිසි තැන ලබාදීම ආස්චර්ය දිවයිනේ අබිවුර්දිය උදෙසා වූ පුවත්පතක වගකීම ලෙස සලකමු. මෙවර අපගේ අවධානය දිනාගත්තේ ඉතාමත් විශේෂ ...
"නිරුවත් වෙරලින් වාර්ගික ගැටලුවට විසඳුමක් " - ඕපාදූපයා පොඩිගමයගෙ ලොග් අඩවිය "ජනවාර්ගික ප්‍රශ්ණය සඳහා ගෙනෙනු ලබන දේශපාලන විසඳුම් මාලාවේ මුල් අදියරේ පියවරක් ලෙස යාපනේත් නැගෙනහිර පළාතේත් නිරුවත් වෙරල තීර ඇතිකිරීම රජය විසින් සලකා බලමින් ඇති බව විශ්වාසනීය ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇත. මෙය සිංහල බෞද්ධ අන්තවාදී ගෝත්රවාදී වර්ගවාදී අමනයන්ගේ පරාජයක්ද වන බව පජාත අන්ත්‍රවාදී අතිමානුෂවාදී පට්ටමලිබරල්වාදී පිරිසගේ අදහස වී ඇත. ඇත්තෙන්ම මෙම නිරුවත් වෙරල තීර ආස්චර්ය දිවයින තුල ...
ආසනික් ගැන උනන්දු සී-නිවුස් නොබලන අයගේ දැනගැනීම උදෙසා පොඩිගමයගෙ ලොග් අඩවිය හන්තානෙ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමෙක් ආසනික් ගැන දීපු සාකච්ඡාවක් වැරදීමකින් වගේ දිවයින නොබලන මද්යස්තවාදී බුවාකොලුවට අහුවෙලා ඒකට උන්දැගෙ බ්ලොග් එකෙන් ප්‍රචාරයක් දීල තිබුණ තමුන්නැහෙලට මතකත් ඇති.මේ ලියුම මම උපුටාගත්තෙ එවැනි මද්යස්තපොරවල් නොබලන සී-නිවුස් අඩවියෙං. හංගන්න දෙයක් නෑ වීරවංස මහත්තයගෙ සයිට් එක බව හැමෝම දන්නවා. ඊලඟට මේ ලියුම ලියන්නෙත් ඒ මහත්තයගෙ හිතවතෙක් වන ආසනික් තිබෙනවාය කියන අයගෙත් හිතවතෙක් ...
යුද අපරාද විඩියෝ සාක්කි ගැන කතා 1 පොඩිගමයගෙ ලොග් අඩවිය අපේ ශවේන්ද්‍ර මහත්තයගෙ වැඩේ ගැන ලියාපු ලියුමට බුවාකොලුව දාල තිබුණ ප්රතිචාරවගයක්. මට සිද්ද උණා ඒකට උත්තර වසයෙං අලුතෙං ලොග් එකක් ලියන්න. මොකද පිංතූර දාන්නෙ නැතුව අමාරුයි මේ කාරණේ මතු කරන්න. මේක නං වෙනදට ලියන එව්වටත් වඩා මෙලෝම රහක් නැති එකක් වෙන්න තමා ඉඩ තියෙන්නෙ. මොකද තියෙන්නෙත් අර හතරෙ ඇලේ උන්ගෙ විඩියෝව ගැන. අනිත් පැත්තෙන් ඕක ගැන වැඩිය හොයන්න කාටවත් උනන්දුවක් ඇත්තෙත් ...
මිහිඳු මහරහතන්වහන්සේ ඉන්දියන් කිරීමට හැකිද? (2) පොඩිගමයගෙ ලොග් අඩවිය මේ ලියුම කලින්ම දාල තියන්නෙ පොසොන් පෝය දාට එලිදැක්වෙන්න. කියන්න බෑ නෙව එතකන් පණ තියේවිය කියල! අපේ බුදුහාමුදුරුවො ශ්‍රාවකයන්ට කිව්වෙ ජීවිතේ කොයි මොහොතෙ කෙලවර වෙයිද කියන්න බෑ. ඒ නිසා නිතර මරණය මෙනෙහි කරන්න කියලයි. මිහිඳු හාමුදුරුවෝ ඉන්දියන් නොවේය කියල කලිං ලිපියක කියාපු කතාව සමහර කෙනෙකුට විකාරයක් වගේ පේනවා ඇති. මේ කාරණේ වැදගත් නිසා තව ටිකක් විස්තර ඇතුව බලමු. මෙතනදි කවුරුත් අහල ...
දේශප්‍රේමියෝ සහ දේශද්‍රෝහියෝ පොඩිගමයගෙ ලොග් අඩවිය දේශප්‍රේමියා සහ දේශද්‍රෝහියා වගේ වචන මෑතකාලෙ දේසපාලනේදි හරි හරියට අහන්න ලැබෙනවා නෙව. මහින්ද මහත්තයා එක සැරයක් කතාවකදි කිව්වා අද දේශප්‍රේමියා හෙට දේශද්‍රෝහියෙකු වෙන්න පුළුවන්ය කියල. ඒ කතාව නම් ඇත්ත. එතෙන්දි උන්නැහෙ ඇඟෙවුවෙ ෆොනී මහත්තයාව වෙන්ට ඕන. උන්නැහේ ඒ කාරණේ මොන විදියෙං හිතල කිව්වත් මට මෙතෙන්දි ඕන කරන්නෙ ඒ ගැන පොඩි හාර අවුස්ස බැලීමක් කොරන්ට. දේශප්‍රේමය කියන වචනේ ගත්තාම ඒකෙ කෑලි දෙකක් තියෙනවා ...
බිංලාඩං මහතාගේ මරණය හේතුවෙන් සෝකයට පත් යුනයිටඩ් ඉස්ටේට් වාසී හු හ්! හිහ්! පොඩිගමයගෙ ලොග් අඩවිය මේ ආරංචිය ආවත් හරි ආයිබොවං ලියන්න ගිය එව්වත් අමතක උණා ඕං. බිංලාඩංකාරය තමා යැංකින්ගෙ රටට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කොරන වැඩේට වග කියන්ට ඕනාය කියල කියන්නෙ. පොරබාකොරංකාරය නං ඉතින් කළාය කියන ත්‍රස්ත වැඩ මොකුත් ඔප්පුවෙලා නෑය කියලනෙ පඬිතුමාල කියන්නෙ. බිංලාඩංකාරයනම් වැරදිකාරයෙක් බව ඔප්පු වෙලා තියෙන්නෙ හොඳටම. මං කොරාපු වැඩේ පොරබාකොරංකාරයගෙ මරණෙ ගැන සෝකප්‍රකාස කළ උදවිය මේ ගැන මොනවා කියනවාද හොයා බලාපු එක ...
දුකා මහත්තයාගෙ අසපු කතාව ගැන එක අදහසක්.. පොඩිගමයගෙ ලොග් අඩවිය දුකා මහත්තයගෙ බ්ලොග් එකේ බණක් කියන්න ගිහින් වෙච්චි අලකලංචියගැන තිබිච්චි ලියුම පොඩිගමයත් කියෙව්ව. දැං සිංහල බ්ලොග්කාරයො ගත්තොතිං එහෙම "බණ දහම්" දන්න උදවිය හරිම වැඩි කියන එකයි පොඩිගමයට හිතෙන්නෙ. ඇයි අප්පා බෞද්ධම කී ජාතියක් ඉන්නවද? ජනප්‍රියද රැඩිකල්ද දාර්ශනිකද ක්‍රිස්තියානිද (හිනාවෙන්න එපා ක්‍රිස්තියානි බෞද්ධ කිව්වම. එහෙම උනුත් ඉන්නවා) ආයෙ විද්‍යාත්මකද සිංහලද ඔයාකාරෙට වර්ග ගොඩයි. අපිත් යංකිසි ...
සබ්ජෙක්ට්කුඩු ලාල්කුඩු බාස්කුඩු සහ කුඩේකුඩු පොඩිගමයගෙ ලොග් අඩවිය පහුගිය දවස් ටිකේ සිංහල බ්ලොග්කාරයින්ගෙ නැගල ගිය මාතෘකාව උණේ සබ්ජෙක්ට් කොල්ලගෙ බ්ලොග් එක හැක් කිරීම. ශාස්ත්‍රීය අලංකාර ඇතුව කියනවානම් සිංහල බෞද්ධ ගෝත්රවාදී බ්ලොග්කාරයින් කිහිපදෙනෙකු විසින් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී සබ්ජෙක්ට් කොලූලගෙ අඩවිය ක්‍රැක් කිරීම සහ ඒ ගැන දෙපාර්ශවයේ අධාරකරුවන්ගෙ මූලිකත්වයෙන් ඇති වෙච්චි වාද විවාද. පොඩිගමයත් සෙල්ලමට වගේ ඔව්ව කියෙව්ව. හොඳයි ඉතින් ඉඳල හිටල මොකක් හරි ...
ධර්මෙ පඬිතුමාගේ දුටුගැමුණු කොල්ලා සහ අපේ ගැමුණු මහරජතුමා පොඩිගමයගෙ ලොග් අඩවිය ප්රබුද්ද කලාකාරයෙක් වන ධර්මෙ පඬිතුමා ගැන තමුන්නහෙලත් දැනගන්න ඕන. මගෙ මතකය හරි නම් මේ තුමා නෙමෙයි වෙන ධර්මෙ මහතැන් කෙනෙක් තමයි කාලෙකට ඉස්සෙල්ල මස් කෑල්ලේ මානව අයිතිවාසිකම ගැන පත්තරේට කිව්වෙ. ඒ කතාව මෙහෙමයි: ඒ වෙන ධර්මෙ උන්නැහෙ පත්තරේකට දීපු සාකච්ඡාවක කියල තිබුණ දෙයක් තමා පෝය දාට මස් කඩ වැහීමට නීතියක් දැම්මයින් සිංහල බෞද්ධයො (හරියටම කියනවා නම් සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජය TM) ...
පයිංඩකාර මහත්තුරු - 2 පොඩිගමයගෙ ලොග් අඩවිය පොඩිගමයත් ඉතින් ලියන්න දේවල් නැතුවා වගේ ආයෙමත් අල්ලගන්නවා සමන් මහත්තෙයවම . එක අතකට තේරුමකුත් නෑ මෙව්ව ගැන ලියල. සමන් මහත්තෙයල වගෙ උදවිය ඉතින් පොල්පිත්තෙන් දුසිම් බාගෙ ගානෙ කැපිය හැකෑ? හප්පා ඉතින් මහ දැන උගත්තු නෙව. ඒ නිසා මේ වගෙ මහත්තොරු ලියන කියන එව්ව තමුන්නැහෙලත් කරන්න වැඩක් නැති වෙලාවලට කියවන්න. මේ පාර සමන් මහත්තෙය ලකාන් කියල පඬිතුමෙක්ගෙ මනෝප්රවාදයක් (ඒක නං ...
ලංකාවේ සහ ඊජිප්තුවේ බරක්ලා සහ මුබරක්ලා පොඩිගමයගෙ ලොග් අඩවිය මුබරක් එලවාපු එක ගැන එක එක කතා කියවෙනවා. බීබීසී කාරයො (සීඑන්එන් කාරයොත් නැතිවෙන්න බෑ ) එහෙම ඔය සිද්දිය හෙනට පුම්බනවා. මේක ප්රජාතන්ත්රවාදයේ ජයග්‍රහණයක් බව හැමෝම කියනවා . අපේ සමහර නෝන මහත්තුරු හෙමත් ඒවගේ අදහස් ලියල කියල තියනව මං දැක්ක. ඔය නෝන මහත්තුරුන්ට සීඑන්එන් එකයි බීබීසී එකයි වගේ හිතන්න පුළුවන් උණාට පොඩිගමයට එහෙම හිතන්න උගත්කමක් වත් පඬි මහිමයක්වත් නෑ නොවැ. ...
කොමියුනිට් මහත්තයගෙ ග්‍රීස් යකා පොඩිගමයගෙ ලොග් අඩවිය වචන:(එක්ස්,කොමියුනිට්,ග්‍රීස්,දේශපාලනය,මැක්ක,යක්කු) ඔන්න කාලෙකට පස්සෙ කොමියුනිට් මහත්තැනුත් එලියට බැහැල ග්‍රීස් යකා එක්ක. පහුගිය ටිකේ උන්නැහෙ පේන්න නැති එක ගැන මාත් සාංකාවෙං වගේ හිටියෙ. සමාවෙන්ඩ ඕනා කියවන උදවිය මාත් මැක්ක වගේ ග්‍රීස් යකාවම අල්ලගන්න එකට. උන්නැහෙගෙ මතේ ටිකක් කලිං ආව නම් මට කලිං ලියුමෙම දාන්ට තිබුණා. නමුත් පස්සෙ තේරුණේ මේක උපුටාගෙන තියන්නෙ ජේ වී පී කාරයොංගෙ පත්තරෙං. ඒක නිසා ...