Monday, November 7, 2011

සංවාදයක් ගැන අනාවැකියක්

ජෝතිෂය ගැන ලියුම් සැට් එකක් ලියනවා රැඩිකල් උන්දැ මේ දවස්වල. මෙතනදි මට දකින්න ලැබුණා ජෝතිරත්න කියන මනුස්සයත් ඔතන ගිහින් කොමෙන්ටුවක් දාල තියනවා. කැමති තැනක කොමෙන්ටු දැමීම තම තමන්ගෙ වැඩක්. කියන විදියට ජෝති සෑස්තරේ දන්න කෙනෙක් හැටියට මේවගේ තැංවල කොමෙන්ටු දාන්නෙ යම් කිසි සංවාදයක් කරන බලාපොරොත්තු ඇතුව.

මෙතෙන්දි මට පේන කාරණේ තමා රැඩිකල් උන්නැහෙ ජෝතිෂේ ගැන ලියන්න ගත්තෙ මොන ඉලවුවටවත් නෙවෙයි ඒක මිත්‍යාවක් කියන එක තහවුරු කරන්න. ඒ කියන්නෙ උන්නැහේ නිගමනයට අනුව සාධක ටිකක් හදන්න යනවා මිස (උන්නැහේ බටහිර විද්‍යාඥයෙක් වගේ නෙව වැඩ කරන්නෙ) අලුත් මතයක් ගොඩනගන්නවත් තමුංගෙ දැනුම වැඩි කරගන්නවත් කොරන අටමගලයක් නෙවෙයි කියන එක පැහැදිලියි.

මට අනාවැකියක් කියන්න පුළුවං. ඕන්නං අබියෝගයක් කියල කියන්නත් පුළුවං. (රැඩිකල්තුමාලයි ගැන්සිය විදුසර පත්තරේ කියවල ඇවිස්සිල අබියෝග කොරනවා නෙව මේ දවස්වල.. ඇහ්! උන්නැහෙලගේ කට්ටියත් ඔය පත්තරේට තමුංගෙ මතවාද ලියනවා. නලින් මහත්තයලගෙ කට්ටියත් ලියනවා. නමුත් දැං පත්තරේ බලතුලනය නලින් මහත්තයලට වාසි වීම හේතුවාදියොංගෙ ඇතුළු බටහිරවාදී සැට් එකට හිත් අමාරු කරවන වැඩක් බවයි පේන්නෙ.)

මගේ අනාවැකිය තමා රැඩිකල්තුමාගෙ අරමුණ ජෝතිෂෙන් අනාවැකි කියන්න බැරි බව පෙන්වීම. දැනට උන්නැහේ ඊනියා සංවාද කරන්න ආරාධනා කිරීම සාස්ත්‍රීය කරුණු ගැන අදහස් දැක්වීම වැනි ප්‍රලාප දෙසාබායි. මොන සාස්ත්‍රීය සංවාද කළත් උන්නැහේ අරිට වෙනස් නිගමනයකට එනවා යන්න සිදුවන්නේ නැත. උන්නැහේ සමග සාස්ත්‍රීය සංවාද කරන්නට යන්න පෙර යන්නේ කොහෙටදැයි දැනගෙන යාම කාගේ කාගේත් යහපතට හේතුවනවා ඇත.

උරුලෑවුන් ගැන රැඩිකල්තුමාද හොඳින් දන්නවාය. උරුලෑවා ගිය පාර ගඳින්ම අඳුනාගත හැකි බැවින් පස්සෙන් ගොස් ඌට තොත්තු දීම උවමනා නොවේ. යනවා නම් නහය වහ ගැනීමට යමක් අරගෙන යාම ඇඟට ගුණය.

ප.ලි: රැඩිකල්තුමාගේ අන්දරේ කතාවට මම කැමතිය.

හේතුවාදියන්ගේ අසහනයට හේතුවුණ විදුසරේ ගිය ලිපි මෙතනින් බලාගත හැකිය.

http://www.vidusara.com/2011/11/02/feature1.html
http://www.vidusara.com/2011/11/02/feature2.html
http://www.vidusara.com/2011/11/02/feature3.html

3 comments:

  1. ==මගේ අනාවැකිය තමා රැඩිකල්තුමාගෙ අරමුණ ජෝතිෂෙන් අනාවැකි කියන්න බැරි බව පෙන්වීම.==

    අනාවැකි කියන්ඩ දෙයක් නැනෙ. ජෝතිෂය පට්ටපල් බොරුවක්. මිනිස්සුංගෙ පසුගාමී අදහස් ගසාකත මගුලක්. ඔය විකාර වෙනුවෙං නැහෙන්නෙ නැතුව පලක් ඇති දෙයක් කරනවල

    ReplyDelete
  2. නෑ නෙ කොලුව වැඩේ නෑවා. මගේ අරමුණ පොදු යහපත වෙනුවෙන් රැඩිකල්තුමා කරන්න යන වැඩේ ගැන අනාවැකියක් කීම. අනාගන්න එපා. එතකොට අනිත් උදවියත් ඊනියා සංවාද කරන්න යන්නෙ නැතුව "ගොනා හැරෙන පැත්ත දැනගෙන" යනවා නම් ඒත් මට ඇති.

    ReplyDelete
  3. ගින්දර

    ReplyDelete

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.