Monday, September 26, 2011

බුක් පෙයා


ඔපිසියෙන් පැන   පියා
බුක් පෙයා මං       ගියා
මහාජන ගඟ         දියා
මැදින් පීනා          ගියා
 
කෙටිකතා නවකතා බණ කතා සෙත්      පිරිත්
දනවාද සමවාද චින්තන විප්ලව            පොත්
අතරේ නොමිලේ විලාසිතා               දැක්මත්
පෙම්කතා මල්කතා වලින් බේරෙන    පැණිත්
 
තෝරන්න කරන්න නං සෑහෙන්ඩ වෙලාව    අරං
උදේක යන්නයි තිබ්බෙ නිවාඩුවක් හෙම       දාං
ආපු එකේ පොත් දෙක තුනක්                       අරං
බරත් හෑල්ලු කොරං බැස්ස එලියට                 මං 

 

8 comments:

  1. බුක් ෆෙයා ගැන මම කලිනුත් ලියා ඇති පරිදි මගේ කල්පනාව නම් එහි ගත හැකි යමක් ඇද්ද? යනුයි. තිබුනත් ඒ පොත් වලින් නම් නෙමේ නේද? එහි පොතක් නිවිසැනසිල්ලේ තේරිය හැකි පරිසරයක් තිබේද?

    ReplyDelete
  2. ඒක තමා තෝරල කරල ගන්ට නං බෑ. කලිං තෝරගෙන ගියා නං අරං එන්න තිබ්බා. මොන නිවි හැනහිල්ලක්ද?

    ReplyDelete
  3. මට නං හුඟ කාලෙකිං බුක් ෆෙයා එකකට යන්න බැරි වුණා. අපිට පෙරලන්න තියෙන පොත් බැලුවාම බුක් ෆෙයා යන්නෙ මක්කටෙයි කියලා හිතෙනවා ඕං...

    ReplyDelete
  4. ඒකත් ඇත්ත. සමහරක් උදවිය පෙරලන පොත් කලිං දැනං ඉන්න එකත් හොඳයි අපේ බෙලි බේරගන්න.

    ReplyDelete
  5. මාත් තකහනියේ අන්තිම දිනයේ ඔතනට ගොහින් අතේ තිබුණු මුදල අහවර වෙනකන් ඒ කියන්නේ ශාලා දෙකකට පමණක් ගොහිල්ලා එන්ට ආවා.

    පොත් එමට තිබුනත්, වෙද මහත්තය කිව්වා වගේ තදබදය නොවැ වැඩේ. සමහර කුටි වලින් හිරි ඔතප් බිඳ ල(ග)න්නේ නැතිව අමාරුවෙන් ආවේ, ගියේ.. :P

    ප.ලි. ගම ඇත්තො ඉල්ලපු ලිපිනය මගේ බ්ලොගේ ඇති ඕං..

    ReplyDelete
  6. ඉඳුනිල් මහත්තයා දීපු සබැඳි මං බැලුවා. මේ පැත්තෙ ඇවිත් කොමෙන්ටු දැමුවාට ස්තුතියි.

    ReplyDelete

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.