දිවි බරට උරදී - ඔබ උහුලනා දුක් රළ රැලී . . ! දුකා.. මීට අවුරුදු 3කට කලින් - 2013 දී අද වගේ දවසක, නදීෂාගේ උපන්දිනේ වෙනුවෙන් සින්දුවක් ලිව්වා. ඒ විස්තරේ මගේ බ්ලොග් එකේ තියෙනවා “හැපි බර්ත්ඩේ ඩාලින්” කියලා පෝස්ට් එකක.පෝස්ට් එක නොබලා විස්තරේ කියනවා නම් . .ඒ ලියපු සින්දුව අබුඩාබි ඉන්න දක්ෂ සංගීතඥයක් වන හර්ෂන කුමර බලපිටිය මල්ලිට දුන්නාම එයා ඒකට ලස්සන තනුවක් දැම්මා.හර්ෂණගේ සංගීත කන්ඩායමේ වාදනයත් සමඟින් හර්ෂණම ගායනා කරමින් මූලික රෙකෝඩින් ...
මේ අපේ අම්මාය . ! දුකා.. කොතෙක් කියවීද කියවා නිමකළ නොහී කවියක් බඳු, කෙතෙක් නම් ලිව්වද ලියා නිම කල නොහැකි රචනාවක් බඳු කොටින්ම කොතෙක් සිතුවද සිතා නිම කල නොහැකි යමක් වේද ඒ නම් අම්මා මිස වෙන කිසිවක් නොවේ.අව්වට වේලී පාට පිච්චුනු එකම චීත්තයක් සහ අවපැහැ ගැන්වුණු හැට්ටයක් ඇඳ නෙරියේ ගොටුකොළ පෙනෙල පලා සමඟින් අල්ලේ වෙරළු අහුරක්ද රඳවාගෙන හිසින් බර දරමිටියක් ඔසවාගෙන එන්නී අම්මාය.ටයිට් ස්කර්ට් එකක් සහ ...
ආච්චිගේ කොලම . . ! දුකා.. වර්තමානයේ පවතින දේශපාලන තත්වය උපහාසයට ලක් කරමින්, කිසිදු පක්ෂයකට හෝ කන්ඩායමකට දේශපාලන භාශාවෙන් කියන කඩේ යෑමක් නොකර, තීරු ලිපි ලියන්නෙක් වේ නම් ඒ සහන් කසීර වික්‍රමසිංහ හැර වෙන කිසිවෙක් නොවේ කියා කීවොත් සහන්ගේ ආච්චිගේ කොලම කියවූ යම් කිසිවෙක් වෙද්ද ඔවුන් මා හා එකඟ නොවේ යැයි සිතීම උගහටය.කසීරගේ ආච්චි එතරම්ම අති දක්ෂ ලෙස බොහෝ සිදුවීම් උපහාසයට ලක් කරනු මා දැක ඇත.තමා ...
මේ අපේ අම්මාය . ! දුකා.. කොතෙක් කියවීද කියවා නිමකළ නොහී කවියක් බඳු, කෙතෙක් නම් ලිව්වද ලියා නිම කල නොහැකි රචනාවක් බඳු කොටින්ම කොතෙක් සිතුවද සිතා නිම කල නොහැකි යමක් වේද ඒ නම් අම්මා මිස වෙන කිසිවක් නොවේ.අව්වට වේලී පාට පිච්චුනු එකම චීත්තයක් සහ අවපැහැ ගැන්වුණු හැට්ටයක් ඇඳ නෙරියේ ගොටුකොළ පෙනෙල පලා සමඟින් අල්ලේ වෙරළු අහුරක්ද රඳවාගෙන හිසින් බර දරමිටියක් ඔසවාගෙන එන්නී අම්මාය.ටයිට් ස්කර්ට් එකක් සහ ...
නඩු අහන්නේ පවතින ආන්ඩුවද? දුකා.. "මට විශ්වාස කරගන්නත් අමාරුයි ඊ නිව්ස් ප්‍රධාන කර්තෘ අත් අඩංගුවට ගන්න තැනට අපේ ආණ්ඩුව කොහොම පත් උනාද කියල“ - නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාහර්ෂ විතරක් නෙමේ යහපාලන ආන්ඩුවේ මැති ඇමතිවරුන් වන හරීන් ප්‍රනාන්දු රන්ජන් රාමනායක එහෙමත් මේ අදහසම එන විදිහේ ප්‍රකාෂ කරලා තියෙන බව ඊනිව්ස් එකේ දැක්කා.අපිට පැටලිලාද උන්ට පැටලිලාද?අධිකරණය කියන්නේ එතකොට ව්‍යවස්ථාව විධායකය වගේ ස්වාධීන ආයතනයක් නෙමේද?ව්‍යවස්ථාවයි විධායකයයිත් ...
මල් වාගේ මේ පොඩි ළමයින් ! දුකා.. පුතේ මම දැක්කා ඔයාට යාලුවෝ ගැහුවා. ඔයා එයාලට ආපහු ගැහුවේ නෑ. ඔයාට කවුරුහරි ගැහුවොත් ඔයාත් ගහන්න.ම්ම්ම්ම් එතකොට එයාලගේ පේරන්ට්ලා අහයි ඇයි ගැහුවේ කියලාඔයාට ගහපු නිසා ගැහුවා කියන්නකවුරුත් මාව විස්වාස කරන එකක් නෑඒකට කමක් නෑ ඔයාගේ අම්මයි තාත්තයි ඔයාව විස්වාස කරනවා.කොහොමත් ඔයා අනිත් ළමයින්ට වඩා ලොකුයි - ශක්තිමත්. ඒ නිසා කිසි කෙනෙක්ට ඔයාට බුලි කරන්න ඉඩ දෙන්න එපා.මම ලොකු එකත් නොගහා ...
කිරි දියෙන් දෙව්වත් - අඟුරු සුදුවන කලෙක නම් නැත් ! දුකා.. අපි හැමදාම කාටූන් බලන්නෝ වෙමු.ඊශා නැගිටින්නේම "ම්ම්ම් අද බලන්නේ මොන කාටූන් එකද? මාෂා & බෙයා?? ම්ම්ම් නෝ. පොකෝයෝ?? ම්ම්ම් නෝ. පින්ගු ම්ම්ම්ම්" කියා අසාගෙනය.එහෙම කීවට මේ පිස්සු කෝච්චිය බලන කාටූන් එකක් නැත.එයා එයාගේ වැඩය. බයිසිකල් පදිනවාය, බලි කුරුටු අඳිනවාය, පාට කරනවාය,. මොනා කලත් ටීවී එක ඔෆ් කිරීම නම් සපුරා තහනම්ය.අන්තිමේදී අපි මහ උන් දෙන්නා දාහක් වැඩ තියාගෙන කාටූන් බලාගෙන ඉන්නෙමු.සෙනසුරාදා ...
ඇවිලෙන ගින්නට පිදුරු දමන්නෝ ! දුකා.. ගිනි අඟුරක් නිවි නිවි දිලි දිලි ඔහේ තියෙද්දී කිසිම ලස්සනක් නෑ.අනතුරක්, භයානක කමක් තියෙන බව දන්නවා.වතුර ටිකක් දාලා නිමලා දාන්නත් පුලුවන්.ඒත් ආතල් එකක් ගන්න පුලුවන් වෙන්නේ පොඩ්ඩක් පිඹලා පුලුවන් නම් වියලි කොල කෑල්ලක් හරි පිදුරු ගහක් හරි ලන් කරලා පත්තු කරලා ගත්තාම.වතුර ගහලා නිකම්ම නිවිලා ගියා වගේද කහ පාටට,රතු පාටට දිලිසි දිලිසි පත්තු වෙනකොට.නොවටිනා දේවල් විතරක් නෙමේ ඕන නම් වටින ...
සඳුදා උදේ ! දුකා.. අඩේ අද සඳුදා, 6.50හේ බස් එකේ එයා ගියාද දන්නෙත් නෑ, අපරාදේ තව ටිකක් කලින් එන්න තිබ්බා, ප්‍රදීප්ගේ බොක්කු කට නිසා ඔෆිස් එකේ මීටින් දවස සඳුදට මම කලින් යනව කියලා එයත් දන්නවනේ. ඒ නිසා එයත් හැම සඳුදම 6.50හේ යන්න එන නිසා මම බස් එක ඇතුලේ කියලා හිතලා එයා ඒකට නැග්ගද දන්නේ නෑ“ඕයි මෝල් . . බස් එකට නගින්නේ නැතුව මනෝ ගහ ...
අපේ ගී පැදුර 2017 දුකා.. නොකාපු රස කෑමක් (දූරියන්?) ගැන අපි අදහස් දක්වන්නේ "අපෝ ඒ මොන ජරාවක්ද" කියලා වගේ කලාවේ රස නොවිඳපු බොහෝ අය කලාව ගැන අදහස් දක්වන්නේ උඩ කිව්ව වගේ "කලාවෙන් ඇති වැඩේ මොකද්ද " කියලා.කලා මාධ්‍යන් අතරින් චිත්‍රපටි, නාට්‍ය වැනි කලාවන්ට සාපේක්ෂව ගීත කලාව අඩු වියදමකින් විශේෂ වෙහෙසීමක් කාල වේලාව වෙන් කිරීමක් නොමැතිව රසවිඳිය හැකි කලාවක්.ගමනක් බිමනක් යද්දී එද්දී පවා රේඩියෝ එක අහන්නේ ...
මේ අපේ අම්මාය ! දුකා.. කොතෙක් කියවීද කියවා නිමකළ නොහී කවියක් බඳු, කෙතෙක් නම් ලිව්වද ලියා නිම කල නොහැකි රචනාවක් බඳු කොටින්ම කොතෙක් සිතුවද සිතා නිම කල නොහැකි යමක් වේද ඒ නම් අම්මා මිස වෙන කිසිවක් නොවේ.අව්වට වේලී පාට පිච්චුනු එකම චීත්තයක් සහ අවපැහැ ගැන්වුණු හැට්ටයක් ඇඳ නෙරියේ ගොටුකොළ පෙනෙල පලා සමඟින් අල්ලේ වෙරළු අහුරක්ද රඳවාගෙන හිසින් බර දරමිටියක් ඔසවාගෙන එන්නී අම්මාය.ටයිට් ස්කර්ට් එකක් සහ ...
වෙන්වූ දා ඉතින් ඔබෙන් . . පල නෑ මේ තරම් හැඟුම් දුකා.. අනේ මගේ දෙයියෝ . . හ්ඔයා මොන හිතකින්ද අපිව දාලා යන්නේ රත්තරා . . ..න්අපි ඔයා නැතුව සතුටින් ඉන්නේ කොහොමද වස්තුවේ . . . හ්මං ඔයාට කොයි තරාම් ආදරෙයිද සුදෝ . . . හ්අපිව දාලා යන්න එපා අයියෝ . . .. හ්මොකාක් . .මේ ගෑනි මම ඉන්නකම් මාව කන්න හැදුවාමෙන්න යකෝ මම මලා විතරයි මේ ගෑනි මට ආදරෙයිලුමේ ගෑනිට දිස්ටියක් ...
දෙමලිච්චෝ . . ! දුකා.. දෙමලිච්චෝ . . !තොරතෝංචියක් නැතුව හිනාවෙනවායැයි දකින් උන් රැවටෙන්න ඉඩ ඇති හිනාවෙනවාදැයි අඬනවාදැයි කිසිවෙක්ට හිතා ගත නොහැකිඑකම හඬකින් කෑගසන කිසිම හැඟුමක් එලියට නොපෙන්වනදෙමලිච්චෝ . . !අම්මලගේ ගෙදර ගොඩපර ගහේ සවි කරපු ලෑල්ලට දාන කෑම කන්න එන දෙමලිච්චෝ රෑනක් දක්ක වෙලාවේ හිතුනු හිතුවිල්ලක් Pic from : http://ibc.lynxeds.com/photo/common-babbler-turdoides-caudata/common-babbler-group-drinking ...
බඹරෙකු හැඬුවා . . ! දුකා.. නිශා යාමයේ පමණක් රුවට පිපී සුවඳ දීපරව ගිය කඩුපුල් මලක් අසහැඬුවාලු බඹරෙක්අහිමි වූ මල්කෙමි රසසුවඳ ගැන ලොබින් ! වෙනී අයියගේ ෆේස්බුක් එකේ මේ පින්තූරේ දැක්ක වෙලාවේ මෙහෙමයි හිතුනේ මට.පින්තූරේ අයිතියත් වෙනී අයියගෙමයි අනවසරයෙන් ගත්තෙත් වෙනියගේ ෆේස්බුක් එකෙන්ම තමා :D ...
ඉරවැඳුම ! දුකා.. ලංකාවේ නැටුම් කලාව කියන්නේ මුලු ලෝකය ඉස්සරහම ශ්‍රී ලාංකික අපිට ආඩම්බරයෙන්, අභිමානයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් ප්රසාංගික කලාවක් බව අවිවාදිතයි.එක්සත් අරාබි එමීරය වගේ ලෝකයේ හැම ජාතියකම මිනිසුන් ජීවත් වෙන රටක දී ඒ ප්රසාංගික කලාව ඉදිරිපත් කරන්න ලැබෙන එක අභියෝගයක්.ඒ වගේම අපේ අන්‍ය ජාතික හිත මිතුරන් රැගෙන ගිහින් අපේ සංස්කෘතියේ, කලාවේ තරම "ලෝක සිතියමේ පුංචි තිතක් වගේ තියෙන ඒ රටේ කලාවේ අපූර්වත්වය ...
එම්බා රුක් දේවතා . . !! දුකා.. එම්බා රුක් දේවතා . . මම ආමි ඔබ සොයා මගේ දුක් කඳුලු වලටපිලිසරණක් නුඹෙන් ලැබේද නොලැබේද කියා නොදැනම අඩු තරමින් මේ අඳෝනා අසා නොසිටීද සිතාඅහෝ සිදු වූ විපත"මේ ගහත් වේලිලා ගිහින් දාන වතුර ප්‍රමානය මදි නැද්ද?ලයිට් වයර් වලට කියාඅතු කපන්නේ මොන හිතකින්ද?මෙහෙම ගියෝතින් අපිට ඉන්න වෙන්නෙත් බෝක්කු උඩ !"අසාගෙන නුඹේ විලාපමගේ බර මදිවාටනුඹේ බරත් කර තියාගෙන හැරී ආවෙමි ගිය පයින්ම ...
සින්ඩරෙල්ලා . . ! දුකා.. ඔයා දන්නවා නේද?ඔයා සපත්තුව අතහැරලා දිව්වේ අහම්බෙන් නොවන බව මම දන්න බව!ඔව් ඒක හරිම වේදනාකාරී දෙයක් සින්ඩරෙල්ලා!සිහිවටන ඉතුරු කර එක සැරේටම අතුරුදහන් වෙන එක.ඒක හරියට, හරියට හර්ද්ය වස්තුවේ සුව නොවන තුවාලයක් වගේ.ඔයා ලඟ ඉතුරු වුනු සපත්තුව "එක සපත්තුවකින් මොනවා කරන්නද කියලා" හිතලා ඔයා ඒක විසී කරන්නේ නෑ.ඒ මම ඒක කවදාහරි ඔයාව හොයාගෙන ඇවිත් දේවි කියන යටි හිතේ තියෙන බලාපොරොත්තුව නිසා.නොරිකෝ ...
මාරුතය . . ! දුකා.. මාරුතය බොහෝම ස්තූතියි ආවාට සිතූ පරිදි බොහෝ දේ විනාස කලාටවිසිතුරු සිහින කැබැලිදසතුට එකතු කල පුංචි පුංචි දේවල්දදස අතට බැඳ තැබූ රැහැන්දතව බොහෝ දේදදැන් ඉතින් ඉතා සරලයිසියල්ල හොඳින් වේයැයිබලා ඉන්න එක විතරමයි ඉතුරුමාරුතය බොහෝම ස්තූතියි ආවාටබලාපොරොත්තු නැතුව ජීවත් වෙයන් යැයිපාඩම් ඉගැන්නුවාට . . ! ...
හිණි මඟ ! දුකා.. ඉහල අවකාශය දකින්නේ කෙසේදැයිසිතන්නවත් බැරි කලඅහම්බෙන් අතගැටුනු, පියෙන් පිය ඉහල යද්දීතුතියක් පුදන්න වත්අමතක වුනු,ඉහලට නැඟුනු සැනින්මළකෑ ඇණ මුරිසිඅඩු පාඩු දකින,ඉහල අවකාශයේ අසිරි විඳින සඳ මේ මොන කසි කබලක්දැයිපා පහර ලබන හිණි මඟ !එනමුත් තවත් ඉහල යන්න අවැසි උන් ඇත්දැයි විමසා බලන, පා පහරවලින් නොසැලෙන...!Pic from www.shutterstock.com ...
කිසිවෙක් නොමළ ගෙයකින් අබැටක් සොයන බොර දිය පොකුණේ ගෝතමී . . ! දුකා.. කවදා කිසි දිනෙක කිසිවෙකුගෙන් හෝ ප්රතික්ෂේපවීමකට ලක් නොවූ අය වේද? කිසියම්මදාක . . ?? කිසිවෙකුගෙම . . ???පිළිතුර ඔව් නම් . . . ඒ කියන්නේ ඔබ කවදාවත් ප්රතික්ෂේපවීමකට බඳුන් වී නැති නම් . . ඔබට කෙදිනක වත් ගෝතමීගේ පපුවේ වේදනාව අඳුනා ගත් නොහැකි වනු ඇත.ප්රතික්ෂේපවීමකින් පසු ඇඟේ ලේ නහර හරහා දුවන කෝපයද, ශෝකයද, ඉච්ඡාභංගත්වයද, වෛරයද, තමන්ට තමන් කෙරෙහිම ඇතිවන අප්පිරියාවද ...