යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ...! දුකා.. නන්දාගේ "යොවුන් වසන්තයේ - දුහුල් වළා කුලේ" ගීතය ඇහෙන හැම වාරෙකම මාව 1988-1989 තරම් අතීතයට පාවෙලා ගිහින් නුගේගොඩ නාවල පාරේ ඇල්ෆා ඉන්ස්ටිටියුට් එක ලඟ ඉඳන් නුගේගොඩ හංදියට වෙනකම් තියෙන කොටසේ අතරමං වෙනවා වගේ දැනෙනවා.ඕලෙවල් සබ්ජෙක්ස්ට් වලට ටියුෂන් ගිය ඇල්ෆා එකේ හිමිකාර ජයනෙත්ති සර් ක්ලාස් ඉවර උනාට ඔක්කොටම එක පාර යන්න දෙන්නේ නෑ.මුලින් කෙල්ලෝ ටික යවනවා. උන් YMBA එක පහුකරලා ඇති ...
දබර කරන ප්‍රේමය . . ! දුකා.. ප්රේමයලඟ අති විටකහිත සැහැල්ලුවට සැපට නින්ද යනවෛරයක් ක්‍රෝධයක් නැතුවපොඩි දේටත් රන්ඩු වෙනආඬපාලි කිව්වට හිත නො රිදෙනප්රේමයලඟ නැති විටකපාලුවට නින්ද නො යනකම්මැලි කමට ෆේස්බුක් එකේනිකම් උඩ පහල යනසිගරට් දුමෙන් පපුව පුරවන . . !pic from : http://www.thesite.org/ ...
බැඳුනාද - ලිහුනාද . .? දුකා.. ලඟදී facebook එකේ අපූරු සටහනක් දැක්කා.මිතුරු-නෑදෑ-හිතවත් බැඳීම වලින් බැඳිලා ඉඳලා, ඒ බැඳීම ලිහිල් වෙලා හෝ උවමනාවෙන් ගලවා දමලා ඉවර වෙලා ආපහු වර්තමානයේ සිදුවෙන සිදුවීම් පැරණි බැඳීම එක්ක සමපාත කරලා බලද්දී හදවතින්ම එන වේදනාවක් අකුරු කිරීමක් කියලා හිතුනේ.ඒ වචන ඇතුලේ . . ලඟින්ම හිටි කාලේ සමහරු අරයා මෙහෙමයි - මෙයා අරෙහෙමයි කියද්දී, හැමෝටම ඇති බැඳීමට හෝ ජන්මයෙන් ලද එහාට මෙහාට කේලාම් ...
සංසාරික පුරුද්දකට ඉඩ සලසන සහන ! දුකා.. "පුතේ කුස්සියේ හැලියෙන් බතුයි එහා පැත්තේ ලිපේ මාලුවකුයි ඇති බෙදාගෙන කන්න" ඉස්සර වැඩ ඇරිලා එන ගමන් අපේ ගෙදරට ගෙවල් 15ක් 20ක් මෙහායින් තියෙන මගේ දුප්පත් යාලුවගේ ගෙදරට ගොඩ වෙනකොටම යාලුවගේ අම්මා කියන්නේ එහෙම."උඹත් ගිහින් එහෙන් කෑවහම හිඟන්නගේ පාත්තරේට හෙනහුරා වැටුනා වගේ තියෙයි, ඔය අඩි දහයත් ඇවිත් උඹ ගෙදරින් කාපන්" අපේ අම්මා එහෙම කියන්නේ"කොයි තරම් දුප්පත් උනත් තව කෙනෙක්ට දීලා බෙදා ...
පිහිතලය විනිවිද දිවූ උනුහුමක මතකය . . ! දුකා.. පිළිකා අවදානමක් නිසා වයස්ගත මවගේ පියයුරක් ඉවත් කලයුතු බව වෛද්‍යවරයාගෙන් දැන ගත් මැදිවියේ දරුවෝ විස්සෝපයෙන්. - ලංකාදීප පුවතක් -උනුහුමට තුරුල් වී පපුවටසීරුවට කිරි උරා බිව්තනයක් අයින් කරනවායි ඇසූ විටකඳුලක් නොහෙලා ඉන්න ඇහකිදමහමෙරක තරමට ආදරේ විඳපුවයසට ගියපු උනත් දරුවන්ටහැමෝටම හොඳ ටික බෙදාවළඳේ අන්තිම දන්කුඩ ටිකෙත්හොඳ ටික පිඟානකට හෙලාවළඳේම කටක් දෙකටක් කාබඩ පිරුනු බවක් අපිට පෙන්නාහිනා වී අත හෝදපු . . . ...
අපි රඟමූ-නටමූ-ගයමූ-වයමූ තුටින තුටින සැවොම එක්වෙලා ! දුකා.. මේ අවුරුද්දේත් SLQS එකේ Mid Summer Get Together එක කරන්න අපේ SLQS එකේ කස්ටිය ලක ලෑස්ති වෙනවා.වැඩේ බොහෝම වර්ණවත්ව අපූර්වත්වයකින් ඉදිරි පත් කරන්න ල සහ පවුල් වල අය වැඩි දෙනෙක්ගේ සහභාගීත්වය ඇතුව කරන්න ඕන කියන එක මගේ අදහස.මොකද SLQS Mid Summer Get Together එක පටන් ගැන්මෙදි පවුල් වල අය ගිම්හාන නිවාඩුවට ලංකාවට ගියාට පස්සේ මෙහේ තනිවෙන QSඅන්කල්ලා සහ QS කොල්ලෝ ...
කුසුමක සුසුමක් ! දුකා.. ඔබමඩ වගුරු බිමකඅහම්බෙන් පීදුනුරතු රෝස ගසක,සුවඳ හමනරෝස කුසුම !මේ මඩ වගුරේමල් නෙලන්නකවුරු නම් ඒදැයිසුළඟට ගතු කියාපුරෝස කුසුමවගුරු බිමට නිතර නිතරමවටු කුරුළු බිත්තරදඩයමේ ආකුරුළු දඩයක්කරුටපෙම් බැන්දහිතුවක්කාර කුසුමියමලක් නම්පුදසුනක පිදෙනු බැරිනම්,ලොවට සුවඳ දීගසේම මිලින වීමසැපයකැයි කී සුළඟටනෝක්කාඩු බස් දෙඩූරූමතියලොවම නිදිගත් රාත්රියකප්රේමය නම් මෙයැයි කියානපුරාට බහ දුන්පෙම්වතියනපුරාගේ අත පත්වඑකින් එක පෙති සිඳිදී යද්දීකඳුලු පිරුනු දෑසින්සුළඟට දෙස බැලුවාටදුකින් කඳුලු හෙලනු මිසසුළඟ වෙන කුමක් කරන්නද ...
සිතුවිලි ගඟ . . ! දුකා.. ගඟ:බෝ දුරක සිට ඇවිත් නැවැත් වූ පසුව එහිසුකෝමල ගමන් මඟබැඳ දමා ඇල වේලිඉවසලා බැරිම තැන ගලා යයි පිටාරව ගම් බිම්ද යටත් කොට . .සිතුවිලි:මතක ඇතිදා පටන් හිත් කොනේ ගොඩ ගැසුණුදිනෙන් දින විසල් වූහොඳද නරකද නොදත්ගරහන්න සැදි ලොවකගැරහුමට බිය සැකෙන්විසි කරන්නට බැරුවතව තවත් ගොඩ ගසන . . !Pic from: http://www.prevention.com/ ...
ඇගේ ඇස අග ! දුකා.. ඇගේ ඇස අගකඳුලකට පුලුවනි නම්ඇහි පිල්ල්මක් යටසදාකාලිකව නිදන්නමහා වැස්සක් වගේකඩා හැලිය යුතුඅවස්තා මඟ හරිමින් සිටින්න !ආදරයකට නොහැකි ඇයිපවුව කොනක හෙමිහිට සැඟව ඉන්නආදරේ දැනෙන වෙලාවලදීඇස් පියාගෙන රසයවිඳින්නලෝකයට නෑහෙන්නරහසින් හිනාවෙන්න ? ...
තුන්සිත දැහැන් ගත වෙනා . . ! දුකා.. මගේ මැණික ඔන්න කිව්වා, අර ලොකු රිදී පාට තිරේ දිග ඇරෙන කතා වල හිටියට, ඒවායේ ඉන්න ජාතියේ, උදේ නැගිටලා පාන් ටෝස්ට් කරලා - බිත්තර ස්ක්‍රැම්බල් එක්ක - තේ එක ඇඳ ලඟට ට්‍රේ එකක ගෙනත් දෙන ප්‍රේමවන්තයා නෙමේ මම.ඔයා මොන ගොංකම කලත් හිනා වෙලා "ආ ඒකට කමක් නෑ අපි ඒක හදාගමු" කියන, වැඩ ඇරිලා ගෙදර එනකොටම "ඔයාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් පික් එකට ...
ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . . !!! දුකා.. (පරන පෝස්ට් එකක් . . මොකද්දෝ හේතුවකට පබ්ලිශ් කලාට පස්සේ ආපහු අදහස වෙනස් කරලා ඩ්‍රාෆ්ට් එකක් විදිහට තිබ්බේ . . ) ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . . ගෙවල් ලඟ ඉන්දියන් කඩේ පාතරාසයට තෝසේ තුනක් ගිලමින් ඉන්න වෙලාවේ වහින්න පටන් ගත්තේ. වැස්සේ අසිරිය හොඳින් විඳින ඕන නිසාම වේටර් කොලුවට කියලා තේ එක ප්ලාස්ටික් කෝප්පෙකට ඉල්ලගෙන හෝටලේ එලියේ ආවරණය යටට ...
දවස් තුන ! දුකා.. මාසයක් පුරා විදිඉහිලුම් නොදෙන තනිකමටතාවකාලික කොමාවක් තබන,ගුවන් යානයේ වේගයඉතාම මදි යැයි සිතෙන,දොරකඩවී බලා ඉන්නාආදරණීය දෑස් දකින තුරුනොයිවසිලි ගැස්මක් පපුවේ පිරුනු . . .පළවෙනි දවසඒ පැත්ත බලාමේ පැත්ත බලන ටිකටගෙවී නිමවෙන,උදේ සිට රෑ වෙනතුරුඑහේ මෙහේ දුවන,අම්මට වචනයකට වත්ඉඩක් නොදීඅයියයි නංගියි තරගෙට මෙන්තොරතෝංචියක් නැතුවඅප්පච්චී අප්පච්චී කියා දොඩවන,නොදැනීම රෑ වෙද්දීඅයියෝ දවස ඉවරයි කියා සිතෙන . . . .දෙවෙනි දවසදරු දෙදෙනා ඇගට තුරුලුකරරෑ ...
රළු සුමුදු පෙති ! දුකා.. මලක පෙත්තක් ඇතිසැඩ සුලඟේ හැපි හැපීවේදනා විඳ විඳආදරයේ වේදනාවත්සතුටක්යැ කියන!අනෙක් පස හැරීකාටවත් නොපෙනෙන්නකඳුළු පිස දමන,යලිත් ඉදිරිය බලාසිනා මුව පෙන්වන!මලක පෙත්තක් ඇතිබඹර තුඩු ඇනී ඇනීසියොලඟම රිදුම් දෙන අතරවේදනාවෙන් තොරආදරයක් නැතැයිකොඳුරන !ලොවම නිදිගත් පැයේරහසින් ඉකිබිඳින!මලක පෙත්තක් ඇතිදුක් කඳුලු වේදනාමලක් නම් උරුම යැයි සිතන!හෙට මිලිනවන බව දැනඅද ඇතිතරම් හිනාවෙන්ලොවට සුවඳ දෙන !Photo by Evan Kirby on Unsplash ...
යසෝදරා වන් බිරිඳක් . . . ! දුකා.. හැම සැමියෙකුගේම ප්‍රාර්ථනාව යසෝදරා වන් බිරිඳක්.බෞද්ධ සාහිත්‍ය ගැන දැනීමක් ඇති ඕනෑම කෙනෙක් මා මේ ඉහතින් දැක්වූ අදහස එක සිතින් පිලිගන්නවා ඇති යන්න මගේ හැඟීමයි.සිද්ධාර්ථ චරිතය, ගෞතම බුද්ධ චරිතය ගැන ගැඹුරින් අධ්‍යනය කල අය දන්නවා ඇති ගෞතම බුදුන් යසෝදරාගේ ගුණකඳ වර්ණනා කරන්න කිසි විටෙක පසුබට නොවූ වග. එතුමා හැකි සෑම අවස්ථාවකදීම සඳහන් කර තිබෙනවා එතුමාගේ සත්‍ය සොයා යන ගමනට එසේත් නැතිනම් ...
ඒ කාලය ආයේ පතමි ! දුකා.. ගඟට කැපූ ඉනි ගංදියෙ පාවෙනවා බලා උනිමිපළගැටියෙකු විලසින් නුඹ පහන් දැල්ල වෙතම ඇදුනිමහාමෙරක් උසට තිබුනු සෙනෙහස හෙමි හෙමින් ලිහුනිහදේ කොනක සුව නොවෙනා තුවාලයක කබොල දැනුනිමතක පොතේ පිටු පෙරළන හැම මොහොතෙම පපුව දැවුනිසෙනෙහස සිහිවෙන මොහොතෙම අමාරුවෙන් දැස වසමිකිසිම කෙනෙක් නොමැති තැනක කඳුලු දෝරේ ගලා යවමිඑක ගුලියට එකට උන්නු ඒ කාලය ආයේ පතමිවෙන වටිනා දෙයක් නැතත් ආදර මිණි පළිගු තුබුණිසොර සතුරෙක් පැමිණ ...
ඊයේ - අද - හෙට ! දුකා.. හොඳින් දිදුලන තාරුකාවක්අද නැතත් හෙට පායනවා වෙන්නැතිඅඳුරු අහසට ඇස් යොමාගෙනපුරුද්දට මෙන් බැලෙනවත් ඇතිතරු නැතත් අද විසල් නුබ ගැබපුදුම ලස්සන ලෙස පෙනෙන හැටිහීන් පින්නේ ඇස් වසාගෙනහෙටක් නැති ලෙස අද විඳිමු අපිහෙටදි පායන තරු දකින්නටඉඳීදැයි අපි තව නොදන්නෙමුඅහම්බයකින් ඉන්න වුනොතින්ඊයේ දවසට හිනා වෙමු අපි !Pic By:unsplash-logoTimo Stern ...