බබාට නමක් . . . !!! දුකා.. බබෙක්ට නමක් දාන සීන් එක ගැන අපි ලඟදී කතාවක් ගියා.ඒ වෙලාවේ මට හිතුනේ අපේ රටේ මේ නම් බබාට නම් දාන ක්‍රියා පටිපාටියේ මාර මෙව්වා එකක් තමා තියෙන්නේ සහ තිබිලා තියෙන්නේ කියලා.සුද්දන්ට නම් කිසි ඊ ඊ ඊ ඊ ම අවුලක් නෑ මීට පරම්පරා හය හතකට නෙමේ දහය දොලකට කලින් දාපු නම් ම තමා තාම දන්නේ - පීටර්, සයිමන්, ක්‍රිස්ටෝපර්, කොලින්, ජේම්ස්, ...
සතුට මිසක දුක මොකටද ?? දුකා.. මේඛලා ගමගේ ගේ අහන් ඉන්න අහගෙන ඉන්න ගීතයේ "සතුට මිසක දුක මොකටද" කොටස හැමදාම මගේ හිත කොහේදෝ ලෝකෙක අතරමං කරනවා කියා මට සිතේ.දෑසින් ලෝකය දකින්නට වරම් නොලද ඇය "සතුට මිසක දුක මොකටද" කියා අසන වාරයක් වාරයක් පසා මගේ හිත මගෙන් පිලිතුරක් නැති ප්‍රශ්නයක් අසයි.කිසියම්ම වූ ශාරීරික අඩුපාඩුවක් සමඟ ලෝකයට පා තැබූ අය සියල්ලෝමත් ඒ අඩුපාඩු අමතක කොට ජීවිතයේ ගෙවෙන හැම ...
හීනෙන් මගෙ රටේ නිදියන හැම රෑම . . !!! දුකා.. ඕනෑම දේක ලොකු වටිනාකමක් දැනෙන්නේ ඒ දේ අපෙන් දුරස් උනාම . .. එහෙම නැති නම් නැත්තටම නැති උනාම . . .රට ගැන උනත් එහෙම තමයි . . .ඉස්සර ගෙදර ඉන්න කාලේ "මොන කන් කරච්චරලයක්ද මන්දා" කියලා හිතපු අම්මගේ තාත්තගේ බැනුම් අපව ජීවත් කරවපු උදා ගී කියලා තේරෙන්නේ රටින් පිට ගිහින් ඒ බැනුම් ආයේ ආයේ අහන්න කන් දෙක පෙරුම් පුරන බව ...
හවුලේ කැඳත් එපා . . . ! දුකා.. "මචං මට නම් දැන් මේ මගුල් ජොබ් එක එපා වෙලා බන් තියෙන්නේ. උදේ ඉඳන් රෑ වෙනකම් නහිනවා ඒත් මාසේ අන්තිමට අතට හම්බ වෙන සොච්චම දැක්කම මොකටද කියලා හිතෙනවා. මේකෙන් අස් වෙලා පොඩි බිස්නස් එකක් පටන් ගන්නයි මගේ අදහස. හැබැයි මට තනියෙම ඒක කරන්න බෑ. කැමතිද උඹත් ජොයින් වෙන්න. මොකෝ කියන්නේ කැමතිද?" නිශාන්ත දවසක් හවසක අපි සෙට් වෙන්න අනිත් උන් එනකම් ...
අපේ ගී පැදුර 2014 . . ! දුකා.. QSUM (Quantity Surveyor's of the University of Moratuwa) එකෙන් ගිය අවුරුද්දේ සංවිධානය කරපු අපේ ගී පැදුර සංගීත අත්දැකීම විඳලා එලියට ආපු ජනකයි මමයි කතා වුනේ ඒක නම් සමහර විට ජීවිතේ එක්වරක් පමනක් විඳින්න ලැබෙන ජාතියේ අපූර්වතම රාත්‍රියක් කියලා.ඒ අත්දැකීම හැමෝම අඩු තරමින් එක් වරක් වත් විඳින්න ඕන එහෙම නැති නම් අවුරුද්දකට වතාවක් වත් ආයේ ආයේ විඳින්න ලැබෙනවානම් කොයි තරම් වාසනාවක්ද ...
සිහිනෙන් දිව ගෑ සුවඳක් මෙන් ! දුකා.. "මචං උඹට මතකද මීට අවුරුදු 25කට විතර කලින් උඹයි, නංගියි, තව යාලුවෝ සෙට් එකකුයි උඹලගේ යෞවන සමිතියේ කොන්සර්ට් එකක නැටුවා"ගිය ජූලි අගෝස්තු නිවාඩුවේදිත් පොඩි වෙලාවකට හරි කියලා පරන යාලුවන්ව බලන්න කියලා සමරේවයි (සමරසිරි) මෛත්රීවයි බලන්න ගිය වෙලාවේ සමරේ ඇහුවා"අඩේ ඔව් ඇත්තෙන්ම අවුරුදු 26ක්. එතකොට මට අවුරුදු 17යි නංගිට 14යි, ඒ මචං උපාලි කුමාරවංශ අයියගේ මූලිකත්වයෙන් හදපු ශෂිකලා රසික හවුල යෞවන ...
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බ වෙයිද නැහැනේ . . ! දුකා.. - පුවතක් - ශ්රීලනිපය අපේක්ෂකයෝ තෝරතිනිළියෝ, ඇමැති දියණියෝ පෝළිමේ2015 ජූනි මස 30 13:35:09 | රොමේෂ් ධනුෂ්ක සිල්වා නිළියෝයි අනිත් උනුයි පොරකකා පාර්ලිමේන්තු යන්න හදන්නේ ඇයි කියලා හිතෙද්දී තමා ඕන මෙහෙම හිතුනේ විනෝද වෙන්න. . විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බ වෙයිද නැහැනේඅපේ හිතේ තියෙන සංතෝෂය කාටද ඕනේ . . විනෝද වෙන්න. . විනෝද වෙන්න ඇඟ මහත් වෙන්න මොටද බෙහෙත් බොන්නේමෙහෙන් ...
අකනිටා සමඟින් මරියසෙල් රුක්ශාන් සංගීත සැඳෑව . . ! දුකා.. මැදපෙරදිග රැකියා කරන / ජීවත් වෙන අපිට තියෙන්නේ හරිම එකාකාරී ජීවන රටාවක්ඔෆිස් යන කෙනෙක් නම්1. උදේ එලාම් එකට නැගිට්ටා2. තේ එක බිව්වා, ටොයිලට් ගියා, දත් මැද්දා නෑවා වැඩට ගියා3. යකා බැඳගත්තා වගේ වැඩ කලා (වැඩ අඩුයි නම් අයියෝ ලංකාවට මොකෝ වෙන්නේ කියලා ෆේස් බුක් එකේ පෝස්ට් දැම්මා / පෝස්ට් වලට කොමෙන්ට් දැම්මා / එක එකා එක්ක මරා ගත්තා)4. හවසට ගෙදර ...
සුභ උපන් දිනයක් වේවා මගෙ පුතේ ඔයාට . . . ! දුකා.. මා පෙලන මේ පාලුව තනිකම විඳ ගැනීම බොහෝම අසීරුය. බොහෝ හිතවතුන් අසල ගැවසුනත් ඒ මහා විසාල හිස්තැන පුරවන්න සමත් කිසිවක් නැත. පාලුව ඉවසිය නොහැකි තැන එලියට බැස අහස දෙස බැලීමි. මා මෙන්ම පාලුවෙන් පෙලෙන තරුවක් වත්??? දූවිලි පිරුනු මැදපෙරදිග අහසේ තරු දැකීම අහම්බයක් පමනි. ඊටත් මේ ගිම්හානයේ සෙල්සියස් අංශක 40ට වැඩි ගිනි රස්නය ගතේ දාබිඳු නංවමින් පාලු මකන තරුවක් සෙවීම ...
ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . . !!! දුකා.. ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . . ගෙවල් ලඟ ඉන්දියන් කඩේ පාතරාසයට තෝසේ තුනක් ගිලමින් ඉන්න වෙලාවේ වහින්න පටන් ගත්තේ.වැස්සේ අසිරිය හොඳින් විඳින ඕන නිසාම වේටර් කොලුවට කියලා තේ එක ප්ලාස්ටික් කෝප්පෙකට ඉල්ලගෙන හෝටලේ එලියේ ආවරණය යටට වුනා.ඉස්කෝලේ ගිය පුංචි කාලෙත් වැස්සේ අසිරිය මම වින්දේ සදෙව් ලෝකෙට යන ගමනක් කියලා හිතාගෙන.හෝටලේ එලිපත්තේ හිස් ප්ලාස්ටික් කෝප්ප, අතපිහිදපු කොල දාන්න තියලා ...
සුදු නෝනක්කා ! දුකා.. මහේෂුයි නිමාලියි කැක්ටස් ලේන් එකේ පදිංචියට ආවා නෙමේ එන්න සිද්ද වුනා කිව්වොත් හරි පදිංචි කලා කිව්වොත් හරි තමා හරියටම හරි."ඔයාලට කියන්න, මූ හම්බ කරන හැම සතේම යාලුවෝ එක්ක රවුම් ගහන්නයි බොන්නයි වියදම් කරනවා මිසක් අනාගතේ වෙනුවෙන් කිසිදෙයක් කරන්නේ නෑ. ඔයාලා හරි මොනව හරි දෙයක් කරන්නකෝ" කිය කියා මහේෂ්ගේ අම්මයි අක්කයි ඉස්සර මහේෂ්ගේ ඔෆිස් එකේ හොඳම යාලුවෝ උනු ජයමිණිටයි බිමල්ටයි නිතර ...
අනුන්ගේ ලියුම් හොරෙන් කියවන්නෝ ! දුකා.. ඉස්සර ගෙදර ඉන්න කාලේ අපේ අම්මගේ හරිම කැත පුරුද්දක් තිබ්බා. කාට ලියුමක් ආවත් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ එයා කඩලා කියෝනවා.අනිත් අය තදබල විරෝධයක් දක්වපු බවක් මතක නෑ - මම නම් ගේම ඉල්ලුවා."කවුරු එවනවද මොනව තියනවද කවුද දන්නේ" වගේ ලාචෝර් හේතු දැක්වුවාට මම නම් කියලම හිටියේ අනුන්ගේ ලියුම් කියෝන එක මානසික රෝගයක් කියලා.අවුරුදු 13-14 යෞවන කාලේත් දහම් පාසලේ මම යාලුවෙලා හිටපු ...
පාසැලින් අස්නොවූ අයියලා-අක්කලා, ඇන්ටිලා සහ අන්කල්ලා! දුකා.. "වයසට ගියත් බොහෝ අය සුපිරි පාසලින් අස්වී නොමැත" කියලා පහුගිය දවස් කීපෙකම ෆේස්බුක් එකේ එක එක ජාතියේ ස්ටේටස් දැක්කා. ඒවට බොහෝ අය පක්ශව සහ අපක්ෂව කොමෙන්ට් දානවා දැක්කා. අවිවේකී කම නිසා ඒ සංවාද වලට සම්බන්ධ වෙන්න බැරි උනා. ඉතින් මාත් ස්ටේටස් එකක් / පෝස්ට් එකක් දාලම මගේ අදහසත් කියන්න හිතුවා.වයසට ගියත් බොහෝ අය තමන් උගත් පාසැලට ආදරය කිරීම, ඒ වෙනුවෙන් ...
ඇදලා කල් ගිය රෙදි වැරලි . . . නෑ මට වාවන්නේ . . ! දුකා.. සමහර සිංදු හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරනවා කියනවා.ඒත් අපිට සමහර වෙලාවට ඒක හරියටම තේරුම් ගන්න අමාරුයි කොයි විදිහටද ඒ සපර්ශය වෙන්නේ කියන දේ.සමහරවිට අඬන්න හෝ හිනාවෙන්න බැරි උනු සමහර සිදුවීම් දිහා ආපහු බලද්දී දැනෙන වේදනාව හෝ අමුතු හැඟීම වෙන්න බැරිද?මම හිතන්නේ ඒක හරියට . . .ගොළු හදවත පොතේ සුගත් වීරසේකර එයාගේ දෙමව්පියෝ නැති බව හිනාවකින් කියද්දී ඒක අහලා කම්පනයට පත් ...
කන්ද උඩින් ටිලින් ටිලින් ! දුකා.. එදාත් අද වගේ අප්‍රේල් 13 වෙනිදාවක්.මම හිටියේ හෝමගම සුපර්මාකට් එක ඉස්සරහා සිල්ලර බඩු කඩේක එලිපත්තේ.අම්මා කඩේ ඇතුලේ බඩු ගන්න ගමන්.එලිපත්තට ගහපු වහලේ මුක්කුවක් වෙච්චි යකඩ කනුවට හේත්තුවෙලා මම බුම්මගෙන උන්නේ "මොන මළ වදයක්ද මන්දා" කියලා තරහින්"බෑ බෑ" කියලා මඟහරින්න හැදුවත් "මට ඔක්කෝම උස්සන් එන්න බෑ බූරුවෝ තෝත් වර" කියලා ආදරෙන්, අවුරුද්දට බඩු ගන්නය කියලා අම්මා මාවත් ඇදන් අවේ මේ කඩේට."ක්‍රීක් ...
සහන ! දුකා.. 1) ප්රශ්නය: සහන සංවිධානය කියන්නේ මොකද්ද ඇත්තටම? පිළිතුර: ඒ කියන්නේ සහන සංවිධානය ගැන දන්නෙම නැද්ද?2) ප්‍ර: නෑ, එහෙන් මෙහෙන් ඇහිලා තියෙනවා හරියටම දන්නේ නෑ පි: සහන සංවිධානය කියන්නේ එක්සත් අරාබි එමීරයේදී කිසියම්ම විදිහකින් දුකට, කරදරයට පත්වෙන, සහනයක් අවශ්‍යවෙන ශ්‍රී ලාංකිකයින්ට පිහිට වෙන්න එක්සත් අරාබි එමීරයේ සංවිධාන රැසක් එකමුතුවෙන් පිහිටුවා ගත්තු ශ්‍රී ලාංකික සංවිධානයක්. ඇහ්ට්තෙන්ම ඩුබායි රාජ්‍යයේ දැනට නීත්‍යානුකූලව ලියාපදිංචි එකම ...
උඹලා නැති ලොව අපිට මොකටද ? දුකා.. පුතුන් දෙදෙනා මුහුදට බිලිවූ සොවින් මව සහ පියා එල්ලී මියයතිදිවයින පුවත් පත 2016 සැප්තැම්බර් 20ලොකු පුතේ උඹ උපන් දා මටසුරබි දේනුව වගේ දැනුනාඋදේ හවහට නමස්කාර දීදුර්ගා දේවිට පහන් තිබ්බාකහටෙ පෙඟවූ පාන් වාටිත්හරිම රස යැයි අපිට හිතුනාමනියේ සද්දෙට දුවල ඇවිදින්කිරි තනේ උඹේ කටේ එබුවාපොඩි පුතේ උඹේ දාංගලයටඋඩහ ගෙදරින් බැනුම් ඇහුවාඋඹේ හුරතල් කිරි හිනාවටපපුව සතුටින් නැටුම් නැටුවාබාර් එක ලඟ තැග් ගැහුනු පාවිදුලි ...
දම්මී . . ! දුකා.. දම්මී තමයි හැමදාම හැමදෙනාගෙන්ම බැනුම් ඇහුවේ.හැමෝම කිව්වේ දම්මී චපලයි කියලා. බඳින්න කෙනෙක්ව දෙමාපියන් තමා කුඩා කාලේදීම තීරණය කරලා තියෙද්දීත් ඒ බව හංගලා හිත ගොලු කරගෙන සුදත්ට ආදරේ කරලා සුගත්ව රැවැට්ටුවා කියලා හැමෝම දකින්නේ.ඇත්ත, සුගත්ගේ පැත්තෙන් කිසිම වැරැද්දක් නෑ. තමන් අවංකව කරපු ආදරේ නොලැබුනාම ඉන් එහා මොන දේ ලැබුනත් වැඩක් නෑ කියලා හිතලා, එක පාර මැරෙන දෙයක් බොන්න හිතේ හයිය නැතත්, ...
ඇසට - ඇසක් . . . දතට - දතක් . . ! දුකා.. වෙලාවකට අපරාදෙත් වගේමයිල් කෙලින්වෙන ත්‍රාසජනක කොමෙන්ට් ඇඟකිලි පොලා යන වාග් ජවනිකාමගහැරෙනවා නේද හිතුවාමඅත්හැරීම හුරුවෙලාදමෛත්රී කරන්න පුරුදු වෙලාදමොකද්දෝ මගුලකටඉස්සර වගේ ඇසට - ඇසක්, දතට - දතක් න්‍යායෙන් ඇරගන්න නොගිහින්අනේ ඉතින් අපිට පාන්ද කියාදැක්කා නොදැක්කා වගේ ඉන්න ඇහැක් වීමවෙලාවකට අපරාදෙත් වගේඒත් මේ සතුට සැනසුමදාහෙන් සම්පතයි ඊට වඩා හා නැද්ද ? ...
ඉතින් අවසරයි ! දුකා.. ප්‍රිය සබඳවසර ගනනක් යොදුන් ගනනක්තුටින් එක මඟ එකට ආ බව සැබවිඉදිරියටද එකම දිශානතියට යා යුතු වුවඑක මඟ එකට යන්නට නොරිසි වෙනවා වන්නට පුලුවනපැවසිය නොහැකි හෙලිකල නොහැකි හේතු බොහොමයක් තිබෙනවා වන්නට පුලුවනඅතරමඟ හමුවූ තවත් ළබැන්දියන් සමඟනවමු හැඟුමින් වෙන මඟක යන්නට සිතුවාට කම්නැතඅත අත නෑර සිටිය යුතුමයැයිනියමයන් නැති බව දනිමිසදාකාලික නොවූ ලෝකේසදාකාලික කිසිවක් නොමැති බවත් දනිමිඑනමුඳු මිහිරි යටගියාවේ නාමයෙන් වත්හද දොර කවුලු ...