කකුලුවෙක් . . කකුලුවන්ට කෙලින් යන්න කියලා දෙනු ලැබේ . . . ! දුකා.. අපි හැම වෙලාවකම අන් අයගේ දොස් දකින්න අන් අයගේ දොස් වලට බනින්න සැදී පැහැදී ඉන්නවා . . එහෙම නේද ? හදවතට පොඩි තට්ටුවක් දාලා අහලා බලන්න. ඒත් අපේ වැරදි? කවදාවත් අපි මොහොතකට වත් ආපහු හැරිලා බලලා තියෙනවද මගේ වැරදි මොනවද කියලා? "අයියෝ ඇයි මම එහෙම කලේ" කියලා පසුතැවිලි වෙලා තියෙනවද එක වරක්වත් . . . ?? උත්තරය ඔව් නම් අන් ...
පාලුව දෙවනත් කරලා නාඩන් උළලේනෝ . . . ! දුකා.. දෙනෝ දාහක් නුවන් අභියස දෙනෝ දාහක් පිරිස අභියස නොමැති වී ඒ සෙනේ සිසිලස හුදකලා වී පාලු කතරක රොස් පරොස් බස් ඇතත් ඉඳහිට බත ඉදුනු පසු නිමයි ඒ සැම නිය තුඩින් හිස සෙමෙන් සනසන කෑ ගසයි සිත නොමැති තැන එය ටිකිරි සුරතල් කතා බස් රැස නිමක් නොවනා ප්‍රශ්න වැල් සැම ගෙල බදා ගෙන නිදා ගන්නා අනේ ඒ සුව නැතුව කොහොමද සොඳුරු ...
ස්තූතියි උඹට මයිකල් සීඩ් . . . ! දුකා.. අවුරුදු පහේදි පුංචි උඹ උඹේ තාත්තාගේ ලිංගික ගොදුරක් වුනා කියලා දැන ගත්තාම, ඔහුගේ අමානුෂික වද හිංසා වලට ලක් වුනා කියලා දැන ගත්තාම . . දන්නවාද උඹ වෛර කලාටත් වඩා උඹේ තාත්තාට මම වෛර කලා.උඹේ ආච්චි උඹට තෑගි කල උඹ හීතලට පොරවන රෙද්ද, උඹේ අම්මා විෂාදයට බොන බෙහෙත් වැඩිපුර බීල අසිහියෙන් උඹේ රෙද්ද ත් පොරෝගෙන උඹ නිදා ගන්න සෝෆා එකේ නිදා ...
කඩවර . . ! දුකා.. ආදී අපේ මුතුන් මිත්තෝ: හේනේ පැලේ හිඳ කුරහන් වී රැක්කෝ ගෝනෙක් මුවෙක් ඉඳහිට ගිනි පිඹ ගත්තෝ අහසට වෙඩි තබා අලි-ඇතු එලවා ගත්තෝ තිරිසන් ගති ටිකක් මුත් බෝ මනුසත් දම් රැක්කෝ . . . වර්තමානයේ අපි: කලිසම විළුඹට ම කමිසය අත දිගට ය ජංගමේ ස්ක්රීනයත් දර්මේ චක්කරය කතා කලොත් බුදු බන දෙසලා දේය හක්කේ බුදු රැස්ය බොක්කේ දඩමස්ය . . .Pic ...
අනේ දෙවියනේ මට සවි දෙනු මැනවී . . .!! දුකා.. ආතුරයන් මැද අනාතුරව හිඳින්න අනේ දෙවියනේ මට සවි දෙනු මැනවී . . .මුව හම් පොරවා ගත් මෘගයන් මැදඋන්ගේ ගොදුරක් නොවී ඉන්නඅනේ දෙවියනේ මට සවි දෙනු මැනවී . . .ගොදුරක් ඩැහැගත් මෘගයෙක්තියුණු උල් දත් වලින් බරු ගසද්දීමෘගයාගේ පුල්ලි වල වර්ණයඅගය කරන කලා කරුවන් යැයි කියා ගන්නා උන්අනේ දෙවියනේ මගේ දෑහින් උන් ඉවත්කල මැනවී . . .මෘගයාට ගොදුරු වූ අහිංසකයා දිවූ අත ...
හැමෝම එනවා නේද? දුකා.. පොඩි නිදහසක් ලැබුනු වෙලාවක දෙතුන් දෙනෙක් එක්ක චැට් කලා.සයිබර් ෆෙස්ටිවල් හෙවත් සයිබර් සැනකෙළිය හෙවත් බ්ලොගර්ස්ලගේ අවුරුදු උත්සවය ගැන කට්ටියගෙන් ඇහුවාම දන්නවා නොදන්නවා වගේ තමයි කතා කලේ.එන බව සහතික කරන්න තියෙන ෆෝර්ම් එක පිරෙව්වද කියලා ඇහුවාම සමහරු එහෙම එකක් තියෙන බව දන්නෙත් නෑ.මට හිතුනේ යකෝ මේ පිට රට ඉන්න මම නිවාඩු අනුමත කරගෙන ටිකට් එකත් අරන් ඉවරයි, ලංකාවේ ඉන්න අය තියෙන ...
සෆීර් . . . ! දුකා.. මතක විදිහට මම සෆීර්ව ඉස්සෙල්ලාම දැක්කේ ජෝන්ද සිල්වා එකේදි . . ලුම්බිනියෙදිත් ඒ දවස්වලම දෙපාරක්ද කොහෙද දැක්කා.පුදුම කලබලයකින් එහා මෙහා ගිය සෆීර් දිහා මම බලන් හිටියේ පුදුමයෙන් වගේ. අවට හිටපු ප්‍රසිද්ද හැම කෙනාම සෆීර්ව තත්පරේකට හරි කතාවට අල්ල ගන්න උත්සාහ කරනවා කියලා මට දැනුනා.කිසි කෙනෙක් ලඟ වැඩි වෙලා ගත නොකරපු සෆීර් ඒ හැමෝටම අව්‍යාජ හිනාවක් දාලා කතා කරන්න බැරි උනු ...
අද අපගේ සිහින සැබෑ වීලා . . .. !! දුකා.. අද මට හරිම සතුටු දවසක්. ඇත්තෙන්ම අද "අපිට" හරිම සතුටු දවසක්.බොහෝ වෙලාවට මගේ බ්ලොග් ලිපි තනියෙම ලියපුවා. ඉඳලා හිටලා ඊමේල් වලින් ආව ඒවා හරි වෙන කෙනෙක් එව්ව ඒවා හරි, වෙන කෙනෙක් ටයිප් කරලා එව්ව්ට පස්සේ දැම්ම ඒවා හරි මම හිතලා පල කරපු ලිපි.ඒත් මේක අපි දෙන්නම වෙනුවෙන් ලියන ලිපියක්. අපි දෙන්නා කිව්වේ මායි මගේ ගෙදර උන්දෑ නදීෂායි. අපි මවාගෙන හිටපු ...
පිස්සන්ට හැතැප්ම නෑ සහ නාට්‍ය පිස්සුව . . . ! දුකා.. මම නාට්‍ය පිස්සෙක්.පිස්සෙක් කියන්නෙ හොඳම පිස්සෙක්.පිස්සන්ට හැතැප්ම නෑ කියලා අහලා තියෙනවාද?ලුම්බිනි එකේ හරි ජෝන් ද සිල්වා එකේ ඉඳන් හරි කෝට්ටේ මාදිවෙල වෙනකම් පයින් හැතැප්ම කීයක්ද? පිස්සෙක් නෙමෙයි නම් එහෙම පයින් යයිද?මේ පිස්සන්ට හැතැප්ම සහ නාට්‍ය පිස්සුව මතක් වෙන්නේ විශේෂ හේතුවක් නිසා. ඒක අන්තිමට කියන්නම් .කලාවේ නාමයෙන් කරන ගොන් පාර්ට් වලට හූ කියලා වගේම උසස් නිර්මාණයකට අත් පුපුරු ගහනකම් අත්පුඩි ගහලා ...
හස්බන්ඩා සහ වයිපරේ . . . !! දුකා.. කස්ටිය තරහා වෙන්ට එපා ඕන් ඈ . . අදත් ඊමේල් එකකින් ආපු එකක් දැක්කාම මට මේකත් ඔයාලත් එක්ක බෙදා හදා ගන්නේ නැතුව බැරි උනා . . .මේක කියවද්දීත් මැරෙන්න හිනා උනා හැබැයි . . .සමහර ඒවා නම් කලින් අහලා තිබ්බ ඒවා . . .කොහොම නමුත් කියවලා ම බලන්නකෝ . . .මේකේ තියෙන ඒවා සකච්චා කරන්න ගිහින් 3 වෙනි 4 වෙනි ...
සිරි දේසේ වැසියෝ හඳුනා ගන්නේ කෙසේද . .? දුකා.. මේ අද මට අද ආපු ඊමේල් එකක් . . .මේක දැක්කාම හිනා ගිය තරම කොයි තරම්ද කියනවා නම් තව පොඩ්ඩෙන් තේ එක හිස්මොල්ලේ යන තරම් . . . ඒ නිසා මට මේක හැමෝම එක්ක බෙදා හදා ගන්න ඕනමයි කියලා හිතුනා . .. මොකද ඊමේල් එකේම ලියලා තියෙනවා සිරි දේසේ කස්ටියට ඇර වෙන කාටවත් යවන්ට එපා කියලා . .මගේ ඊමේල් එකේ ...
යාලුවෝ මාලුවෝ යාලුවෝ . . . දුකා.. හවුල් යාලු මිතුරු කතා බහකදී බීට්ල් කිව්ව කතාවක් දැක්ක ගමන් මට මතක් උනේ ඉස්කෝලේ යන කාලේ මට වෙච්ච් සිදුවීමක්.ඒ කාලේ මගේ සිංහල අත් අකුරු හරිම ලස්සනයි. භාෂා දින අත් අකුරු තරඟවලට හිටන් ඉඳලා තියෙනවා.අට වසරෙදි ටීච කෙනෙක් නැති දවසකදී මගේ හොඳම යාලුවෙක් ඌගේ කෙල්ලට මගේ අත් අකුරු වලින් සහ අදහස් වලින් ලියුමක් ලියලා දෙන්න කිව්වා.මම ලියලා දුන්නා.අපි ලව් ලෙටර් එක ...
රෑට ඉර පෑව්වොත් . . . .???? දුකා.. අපි මෙහෙම හිතමු, ඔබ මාව අඳුන්නේ නෑ . . . ඒත් මම උමතු වුනු ගීතයකටම ඔබත් වසඟ වෙලා . . ඒත් අපි දැකලා වත් නෑ . . ඉතිං අපි අඳුන්නේ නැති උනත් අනුන් ලියපු, අනුන් හදපු, අනුන් ගයපු ගීයක් නිසා සදාකාලික මිත්‍රයෝ වෙන්න පුලුවන්.රෑට ඉර පෑව්වොත් කොහොමට තියෙයිද?ඉස්සර අපි පුංචි කාලේ නම් අපිට රෑට ඉර පෑව්වා.ඒ බව මම මෙන්න මේ ...
දිලුම් වෙනුවෙන් අපි . . ඉලංදාරියා සහ ජෙරූෂා . . ! දුකා.. දිලුම් වෙනුවෙන් අපි බ්ලොග් එකට ලියපු ලිපිය මගේ බ්ලොග් එකේත් දාන්න හිතුවා මොකද මේ සද්කාරියට හවුල් වුනු අය බොහෝ දෙනෙක් මගේ බ්ලොග් අඩවියට එන බව දන්නා නිසා බැරිවෙලාවත් ඒ අයට අර ලිපිය මඟහැරුනොත් කියලා. ඊයේ බොහෝම සතුටු දවසක්.ගිය අවුරුද්දේ ජනවාරි 26දා ඉලන්දාරියගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් තියෙනවා ගිහින් බලපන් කියලා තිසා කිව්වේ. එදා ගෙදර ගිය ගමන් නදීෂත් කිව්වේ ඒ පෝස්ට් ...
අපි ගිරවුන්ට ආදරය කරන්නෝ වෙමු . . .! දුකා.. පහුගිය 9 වෙනිදා හදිසියේම ලංකාවට ගියේ සති ගානක ඉඳන් පුහුනුවීම කලත් හරියටම දවස සහතික නොකල පුතාගේ පෙර පාසැලේ වාර්ෂික ප්‍රසංගය 10 වෙනිදාට කරන්න සහතික කරගත් බව අපේ ගෙදර උන්දෑ දන්වපු නිසයි. මගේ සොඳුරු ත්‍රස්තවාදියටයි ගෙදර අය හැමෝටමයි බොහෝම සතුටුයි ඉතිං.කොල්ලා කලින් ගිය පෙර පාසැල ට වඩා හොඳ එකක් ගෙවල් ලඟම තියෙනවා කියලා දැනගෙන අපේ ගෙදර උන්දෑ මීට මාස දෙක තුනකට ...
මං . . මේ මං . . . ! දුකා.. හාත්පස ඇදහිය නොහැකි නිස්කලංක බව හිතේ ඇති කරන්නේ නොසන්සුන්කමකි.ඒ නිස්කලංකබව අනෝරා වැස්සකට පසු ඇතිවන අරුම නිස්කලංක භාවය මෙනි.දෙදෙනාගේ වචන හුවමාරුවේ ගෝසාව ඒ නිස්කලංකබව මැද සුලි සුළඟක් මෙන් දෙසවන සිසාරා රැව් පිලිරැව් නඟයි.කතාබහේ දිගුවේ කවුරුන් විසින් අරබන්නදෝහෝයි සිතේ කරන පෙරලිය අනෙකාට ඇසෙයිදෝ මෙන් බියෙන් දෙදෙනාම දෙදෙනා දෙස බලාගත්වනම හුන් ආසන වලම හිරවී සිටී."නිරාෂා, ඔයාගේ ඔය මල ඉලව් ගායනය නවත්තලා ...
2025 දී . . . ! දුකා.. මේක ඕන් තනිකරම පිස්සු ලිපියක්.මේ ඊයේ පෙරදා දොහක රනා ලියන බ්ලොග් කියන බ්ලොග් අඩවිය ලියන රසික කොලූ එක්ක ගූගලේ කතා බහක් දොඩමින් ඉන්නැහ්ද්දී අපි දෙන්නා කතාවෙච්චි දෙයක්.ඇත්තෙන්ම කතා වුනේ හවුල් බ්ලොගක් කොරමු කියල උනත් අර තුන්පත් රෑන හවුල් බ්ලොගක් පටන් ඇන්න වෙච්චි සංගෙදිය දන්න හින්දා ඕන එකක් සත පනහයි කියලා මම්ම මගේ බ්ලොගේ ඇහැක් විදිහට ලියා දානවා කියා හිතුවා ඕන්.මම ...
හීනෙන් මගෙ රටේ නිදියන හැම රෑම . . !!! දුකා.. ඕනෑම දේක ලොකු වටිනාකමක් දැනෙන්නේ ඒ දේ අපෙන් දුරස් උනාම . .. එහෙම නැති නම් නැත්තටම නැති උනාම . . .රට ගැන උනත් එහෙම තමයි . . .ඉස්සර ගෙදර ඉන්න කාලේ "මොන කන් කරච්චරලයක්ද මන්දා" කියලා හිතපු අම්මගේ තාත්තගේ බැනුම් අපව ජීවත් කරවපු උදා ගී කියලා තේරෙන්නේ රටින් පිට ගිහින් ඒ බැනුම් ආයේ ආයේ අහන්න කන් දෙක පෙරුම් පුරන බව ...
තුච්චයි, නීචයි, අජූතයි . . .! දුකා.. සුභාෂිතයේ කියන "මිනිසාගේ සොඳුරු ගුණ සහ නුගුණ ඇත" පද පේලි නොමිනිසුන් අතර මිනිහෙක් ලෙස දිවි ගෙවන්න උත්ප්‍රරකයක් වුනත්, නොමිනිසුන් රජකරන සමාජයක ජීවත් වෙන්න ලැබීම, මිනිසෙක් ලෙස උඩුගම් බලා පිහිනීම අතහැර නොමිනිසුන් අතර කෲරම නොමිනිසා වෙන්න මිනිසෙකුට අනුබල සපයන බව පසක් කලෙමි.හිතට ගොඩාක් අමාරුයි....හුළු අත්තක් කවදාවත් පිඹලා නිවන්න බැහැපොළේ ගහන්නම ඕනඔබව කවදාවත් අපේ හිත් වලින් අයින් කරන්න කාටවත්ම ...
ඔබෙ සැප මගෙ සතුටයි . . . ! දුකා.. මට නැතත් කමක් නෑ උඹට ලැබෙනවනම් කියලා හිතන අය විරලයිද?එහෙම හිතන්න පුලුවන් හැබෑ මනුස්සකමක් හිතේ තිය අයටද?නැතිනම් එහෙම හිතෙන්නේ අවාසනාවන්තයින්ටද?. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .අල් බුස්තාන් ෂොපීන් මෝල් එක ඉස්සරහා තියෙන ස්ප්ලෑෂ් එකට අපිට යන්න උනේ අහම්බෙන්.පුතාලගේ අලුත් ...