උඹේ කරුමෙට අපි මොනව කරන්නද . .. !!!! දුකා.. මතක ඇති කාලේ පටන් අග හිඟ දුක් කරදරම විඳ අල්ලට සීනී කා කහට බී කල්ගිය රෙදි වැරලි ඇඳ ගහ මරා ගත්තත් පොඩි දේටත් උන්නම එක පොදියට ගුලිවී දුක දුකක්ම නෙමේ කියා හිතුනා නේද බන් කියපන්මහාමේරුව අල්ලන්න නොව රස්සාවක් හොයා ගනින් ගෝරනාඩුවෙන් ගැලවෙන්ටත් මහ උන්ගේ බර ඩිංගක්වත් හෑල්ලු කරන්න වත් කියල උඹ තීරණේ ගන්න ඇතිඅතාරින්න බෑ කියා හිතා හිටි සියලු දේ ...
අහසින් තරුවක් කඩා වැටෙනවා . .. ! දුකා.. "මට සමාවෙන්න පවිත්‍රා. මම ලොකු වැරැද්දක් කලේ කියලා මගේ හිත කියනවා. මට මේ තරම් දුර යන්නේ නැතුව ඉන්න තිබ්බා"සුදර්ශන සිදුවුනු දේට කනගාටුව ප්‍රකාෂ කරන හඬකින් කියන්න උත්සාහ කලත් ඒ වචන වල කිසිම පසුතැවීමක්, ශෝකයක් නෑ තියෙන්නේ උද්දාමක් වගේ දෙයක් කියලා පවිත්රාට හීතුනා."ඒකට කමක් නෑ"පවිත්‍රා කිසිම හැඟීමක් නැති හඬකින් කිව්වේ තානායමේ ඇඳේ කොනක තිබ්බ රෙද්දක් අරන් ඇඟවටේ ඔතා ගන්න ගමන්."ඒ උනාට, ...
රිසානාගේ බෙල්ල කැපීම, බුවා සහ මාතලන් . . ! දුකා.. රිසානාගේ බෙල්ල කැපීම ගැන අපේ මාතලන් ගොයියා ලිපියක් ලියලා. මේ තියෙන්නේ ඒකට ලින්ක් එක අපේ බුවා මලයා ඒකට දාපු කොමෙන්ටුවක් මාතලන් ගොයියා අහක් කොරලා . . ඒකාට් මල පැනපු බුවා මලයා පෝස්ට් එකක් ලියලා . . . මේ තියෙන්නේ ඒකට ලින්ක් එක බුවාගේ පෝස්ට් එකට මම කොමෙන්ටුවක් දැම්මා . . දාලා ඉවර උනාම දැක්කේ කොමෙන්ටුවේ දිග . . ඒ නිසා ...
තම්බියි නානායි . . . ! දුකා.. ලංකාවේ ඇඳුම් වෙලඳාම මුසල්මානුවෝ අල්ලගෙනය, ඒ අයගේ කඩවල් වර්ජනය කරන්නය කිය කියා මේ දවස්වල ෆේස්බුක් වීරයෝ කෑගහන සද්දෙට කන් දෙක නිකම් දෝංකාර දෙනවා වගේ. ඇත්තෙන්ම මුසල්මානුවෝ සිංහල බෞද්ධයන්ගේ වෙළඳාම ඇයි මේ තකහනියේ අල්ල ගත්තේ කියලා හිතල බැලුවහම මට මතක් උනේ "යකඩෝ ඉස්සර ඉඳන් කියෝපු පොත් පත් ගොඩක තිබ්බ නේද අනාදිමත් කාලෙක ඉඳන් සිරිදේසේ ඇඳුම් කැඩුම් විතරක් නෙමේ හාල්, තුනපහ, ලුනු, ...
අම්මා . . . ! දුකා.. කාලෙකට කලින් ඩවුන්ලෝඩ් කරගත්තා උනාට පෙරේදා තමයි වික්ටර්ගේ ස ප්‍රසංගයේ අවසාන ප්‍රසංග තුනම එකතු කරලා හදලා තිබුනු ස ප්‍රසංගය බලන්න ලැබුනේ. වික්ටර්ගේ “ආදරයේ උල්පත වූ අම්මා” ගීතය ඇහෙද්දී මීට අවුරුදු තිස් ගානකට එහාදි මුලින්ම තේරුමක් ඇතුව අහපු දා වගේම පෙරේදාත් ඇඟේ මවිල් කෙලින් උනා. ඇස් දෙකට ලොකු කඳුලු බෝල ගලාගෙන ආවා. ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ සෙවන ...
වැලි කතරේ අපි . . .! දුකා.. ගිනිගෙන දැවෙනා මිරිඟු දියෙන් පිරි වැලිකැට පුපුරන වැලි කතරක් සරි ගහක් කොලක් නැති දිය කඳුලක් නැති මරු කතරක් ගැන ඇසුවෙමි බිය ඇති මිනිසුන් යති එති කහවනු ගෙන එති මැදුරුද තනවා සිටුවරු මෙන් වෙති කහවනු ඇති මුත් බෝ දුක් එහි ඇති කතරට යන්නට නොසිතනු පවසති ගත සරසන්න සළු පිලි නැති මුත් කුස පුරවන්නට මසවුළු නැති මුත් කරදර අඟහිඟ බෝ දුක් ඇති ...
කාලයට ඉඩ දෙන්න . . . ! දුකා.. සමනළයෙකු දකින්න ලස්සන පාට පාට මල් අතර පියාඹින හදි හදිස්සියේ කෝෂය කඩා බලන පුංචි නොදරුවෙකු අනේ පුංචි පුතේ බෑ එහෙම කරන්නට කාලයක් ඇතේ එයට නියමිත . . . අද පැලවූ පැලය හෙට මුල් දමා ඇතැයි සිතා ගලවා බලා දුක් වෙන නොයිවසිලි දුවේ ඉඩ දෙන්න කාලයට පුංචි පැලයට මුල් දමා දළු ලමින් ගසක් වෙන්න . . සිහින මවන්න සුදුස්සෝ සිහින බිඳ ...
සර්ව අශුභවාදියා . .. ! දුකා.. “අයියා ඔයා too much optimistic. ලගඳී දවසක ජනක මල්ලිලගේ ගෙදර ගිහින් පහුවදා එන ගමන් ජනක කිව්ව. "ඇයි ඒක නරකද? උඹ pessimistic ද? “මම අහුවා. “නෑ ඒක නරක නෑ ඒත් ඒක හොඳත් නෑ. ම් ම් ම් මම pessimistic ම නෙමේ ඒත් ඕනෑම දේක නරක පැත්ත මොන වගේද කියල හිතල බලලා ඒකටත් ගැලපෙන විදිහට තමයි මම නම් තීරණ ගන්නේ.” "මම නරක පැත්ත ...
අයියෝ සති දෙකයි . . .!! දුකා.. ආන්ඩු පක්ෂෙම මන්ත්‍රී වරයෙක් උනු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාව මැතිවරණයක් දවසේම මහපාරේදී ස්වර්ගස්ථ කලා. මිනීමරුවන්ට රැකවරණය දීලා රට පැටෙව්වා කියලා චෝදනා කලා. මිනිස්සු කතා කලා, ෆේස් බුක් එකේ ගමේ කෝපි කඩේ හැම තැනම කතා කලා. කොයි තරම් කාලයක්ද? සති දෙකයි. ඉන් පස්සේ අපිට අමතකයි. ඩෙංගු මදුරුවෝ මැරුවේ නෑ කියලා කැලනිය පැත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනෙක්ව පාර්ලිමේන්තුවේ ඉන්න දුටුගැමුනු රජතුමාගේ ...
Facebook වෝල් පුරවන බෞද්ධ යැයි කියා ගන්නා වානරයෝ . . . ! දුකා.. අපි පරිනාමය වෙමින් පවතින වානරයෝ වෙමු. . . ! වානරයෝ නිතරම බලය මත තමන්ගේ පැවැත්මේ තත්වය රඳවා ගන්නා ජාතියක්. වානර රැලක නායකත්වය – ගැහැනු සතුන්ගේ අයිතිය වගේ දේවල් හිමිවෙන්නේ කාය ශක්තිය හෝ බලය වැඩි වානරයාට. අනෙක් වානරයෝ ඔහුගේ නායකත්වය පිලිගෙන ඔහුගේ අණට අනුව ජීවත්විය යුතුයි. ඒ අණට අකීකරුවෙන එකා එක්කෝ පහරකා වැනසෙන්න ඕන නැති නම් වානර රැල අතහැර තනිවම කැලෑ ...
ලංකාවේ අධ්‍යාපනය කොයිබටද? දුකා.. බඩුමිල, අධ්‍යාපනය, ඉන්ධන මිල සහ තත්වය, පැහැරගැනීම් සහ භීෂණය, කප්පම්-කොමිස් සහ දූෂණය ආදී මාතෘකා අපේ වර්තමාන සිරි ලංකාවේ තව දුරටත් සංවේදී මාතෘකා නොවන බව ලංකාව කියන, ලෝක සිතියමේ පුංචි අඹ ගෙඩිය දිහා ඇස් ඇරන් බලන ඕනම එකෙක්ට පෙනේය කියා මට හිතේය. ඒ විතරක් නෙම් මොකෑ ඇස් කන් නැති ගොලුවන්ට බීරන්ට වුනත් දැනෙනවා ඇතිය තවත් කියනවනම් උන්ට විතරක් නෙමේ ...
සුභ උපන් දිනයක් වේවා මගෙ පුතේ ඔයාට . . . ! දුකා.. මා පෙලන මේ පාලුව තනිකම විඳ ගැනීම බොහෝම අසීරුය. බොහෝ හිතවතුන් අසල ගැවසුනත් ඒ මහා විසාල හිස්තැන පුරවන්න සමත් කිසිවක් නැත. පාලුව ඉවසිය නොහැකි තැන එලියට බැස අහස දෙස බැලීමි. මා මෙන්ම පාලුවෙන් පෙලෙන තරුවක් වත්??? දූවිලි පිරුනු මැදපෙරදිග අහසේ තරු දැකීම අහම්බයක් පමනි. ඊටත් මේ ගිම්හානයේ සෙල්සියස් අංශක 40ට වැඩි ගිනි රස්නය ගතේ දාබිඳු නංවමින් පාලු මකන තරුවක් සෙවීම ...
බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙල - අවශ්‍යමද? දුකා.. ඕනෑම ක්ෂේත්රයක සම්මාන උළෙලක් පැවැත්වීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ක්ෂේත්රයේ ගුණාත්මක භාවය වැඩි කිරීම කියන එක අහන්නත් දෙයක්ද? හොඳම බැංකුව හොඳම ප්‍රාදේශීය සභාව මේ උදාහරන වලට වඩා ජීවත්වීමට හොඳම රට වගේ රෑන්කින් කිරීම් වලින් උනත් බලාපොරොත්තු වෙන්නේ ගුණාතමක භාවය වැඩි කිරීම මඟින් පාරිභෝගිකයාට හෝ භාණ්ඩ හෝ සේවා සපයා ගන්නාට ඉහල ප්‍රමිතියේ යමක් ලබා දීමට ඒවා ලබා දෙන්නෝ දිරිමත් කිරීමක්. රටක් රෑන්කින් ...
දික්කසාදය | Divorce . . . ! දුකා.. අප එක්ව තෙමංසලකට පැමින සිටින්නෙමු. මින් ඔබ්බට ඔබ එක මඟකත් මා අනෙක් මඟත් යායුතුය. ඒ මඟේ යන ගමනේදී මගේ සුරතින් අල්ලාගන්නට කෙනෙක් වේද, ඔබේ සුරතින් අල්ලා ගන්න කෙනෙක්වේද යන ප්‍රශ්නයට පිලිතුරු දීම අනාගතයට භාර කරමු. අපගේ ප්‍රේමයේ නාමයෙන් ! ප්‍රේමයේ නාමයෙන් ?? ප්‍රේමයේ නාමයෙන් @#$%^& හ්හ්ම්ම්ම් . . අපගේ ප්‍රේමයේ නාමයෙන් උපන් දරුවා අප පිටුපසින් විපක්ෂිත දෑසින් අප දෙදෙනා දෙස ...
සාරභූමිය දුකා.. ඒකට හැමෝම කිව්වේ සාරභූමිය කියලා. අහම්බෙන් වැටෙන ඇටයකින් උනත් රූස්ස ගහක් හැදෙන්න තරම් සාරවත් බවක් එකේ තිබුනු නිසාම එහෙම කියන්න ඇති. ඒක ඇත්තෙන්ම බටහිර අධිරාජ්‍යවාදීන්ට අයිති ඉඩමක්. ඔවුන් එකට දාලා තිබුනු නම වුනු “සයිමන් ස්පේස්” කියන එක හැදිලා තිබුනේ ඒක මුලින්ම මිලදී ගත්තු සුද්දා - සයිමන්ගේ සාවිය කියන එකෙන් කියලා දැනගන්න ලැබුනේ කාලෙකට පස්සේ. මෑත කාලයේ සාරභූමිය හෙවත් සයිමන්ගේ සාවිය ...
විකිනීම . . .!! දුකා.. තමන් නොදැන තමන්ව කෙනෙක් තව කෙනෙක්ට හෝ පිරිසකට විකුනලා කියලා දැන ගත්තොත් එහෙම කෙනෙක්ට තමන්ව විකුනපු එකාට මොනවා කරන්න හිතෙයිද? කන පැලෙන්න ගහන්න . . . පලු යන්න බනින්න . . . දන්න කියන උන් ඔක්කෝටම මෙන්න මුගෙන් පරිස්සම් වෙයන් කියන්න . . . මේ ඕනම දෙයක් කරන්න හිතෙයි . .. සමහර විට "අහවලා විසින් මාව විකුනා ඇත" එහෙම නැති ...
ආදරේ ආදරේ . . රත්තරන් ආදරේ . . . !! දුකා.. ආදරේ රත්තරන් වලට සමාන කලාම රත්තරන් වල හදිසියකට උකස් තියන්න හැර වෙන මහා ලොකු වටිනාකමක් දැනෙන්නේ නැති මම වගේ අයට තරහත් හිතෙනවා ඇති. රත්තරන් වලට වඩා වටින ලෝහ. . . නෑ මම කිව්වේ ප්ලැටිනම් වගේ දේවල් තිබුනා උනත් ඇයි අපි "මගේ රත්තරන්" කියලා විතරක් කියන්නේ "මගේ ප්ලැටිනම්" කියන්නේ නැතුව? ඒකත් හරියට මැණික් වලට වඩා දියමන්ති වටිනවා උනත් "මගේ දියමන්තිය" නොකියා ...
ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . . !!! දුකා.. (පරන පෝස්ට් එකක් . . මොකද්දෝ හේතුවකට පබ්ලිශ් කලාට පස්සේ ආපහු අදහස වෙනස් කරලා ඩ්‍රාෆ්ට් එකක් විදිහට තිබ්බේ . . ) ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . . ගෙවල් ලඟ ඉන්දියන් කඩේ පාතරාසයට තෝසේ තුනක් ගිලමින් ඉන්න වෙලාවේ වහින්න පටන් ගත්තේ. වැස්සේ අසිරිය හොඳින් විඳින ඕන නිසාම වේටර් කොලුවට කියලා තේ එක ප්ලාස්ටික් කෝප්පෙකට ඉල්ලගෙන හෝටලේ එලියේ ආවරණය යටට ...
බ්ලොග් අවකාශයේ වසර තුනක් - 3rd blogoversary . . !!! දුකා.. අහම්බෙන් ටැබූ සබ්ජෙක්ට් බ්ලොග් එක කියවන්න ලැබිලා . . එකේ ලින්ක්ස් දිගේ ගිහින් බයිස්කෝප් සයිට් එකට ගොඩ වැදිලා ඒකේ යාව ජීව සාමාජිකයෙක් වෙලා . . . පස්සේ ඒකට ලිපි කීපයක් ලියලා, තවත් ලියන්න හිතාගෙන ඉන්න අතරෙදි සයිට් එකේ අයිතිකාරයා පොතේ ගුරා හෙවත් ඉසිර මලයා "අයියා ඔයාට හොඳට ලියන්න පුලුවන් . . අපේ එකට ලියන එක අපරාදයක් . . ඔයාගෙම බ්ලොග් ...
මදුරු උගුල . . ! දුකා.. ලෝකයේ භයානකම ත්‍රස්තවාදී කන්ඩායමක් පරාද කරපු සිරි ලංකා "ප්රජාතන්ත්රවාදී" "සමාජවාදී" ජන රජයට ඒ තරම්ම භයානක ත්‍රස්තවාදියෙක් තාමත් මේ සිරි ලංකාවේ ඉන්නා බව අමතක වෙලාද එහෙම නැති නම් විවෘත ආර්තිකයෙන් පස්සේ ආපු ඔක්කෝම සිරි ලංකා "ප්රජාතන්ත්රවාදී" "සමාජවාදී" ජන රජ නායකයෝ මදුරු කොයිල් නිෂ්පාදකයෝ එක්ක නිදි වැදලද මේ මොකද්දෝ මන්දා හේතුවක් හින්දා මදුරු ත්රස්තවාදියා තාමත් දැහැමෙන් සෙමෙන් සනීපයෙන් අපේ ...