අද දෙවියන් අපගේ මුහුන බැලුවා කාලෙකට පස්සේ . . දුකා.. අද වැඩ ඇරිලා එන ගමන් ආර්. රොක්සාමි සංගීතවත් කරපු මෝහන් රාජ්ගේ මධුරයාමේ සීඩී එක තමයි අහ අහා ආවේ . . ..ඒකේ එක සිංදුවක් අහද්දී මට එක පාරටම හිතුනේ මේක මේ මහින්ද මහත්තයා ජනාධිපති වෙච්චි වෙලාවේ කියපු සිංදුව නේද යකෝ කියලා . . .අහල බලපල්ලකෝ . . . මේ තියෙන්නේ මහින්ද මාත්තියාගේ ලිරික්ස් ඈ . . .අද දෙවියන් අපගේ මුහුන බැලුවා ...
ඉෂාන් දුකා.. ඉෂාන් ධම්මික අබේරත්න ගැන මම මුලින්ම දැන ගත්තේ සිරාගේ කාමරේ බ්ලොග් එක ලියන සංජීව සිරිවර්ධන මල්ලීගේ මෙන්න මේ බ්ලොග් පෝස්ට් එකෙන්.ඒ ලිපියේ මේ කොටස මගේ හිතට තදින්ම වැදුනා.“අයියෙ මට පුලුවන් නම් උදව්වක් කරන්න. බල්ගේරියාවෙ පුහුණු සැසියකට යන්න මාව තෝරගෙන තියෙනවා...ඒත් මට යන්න සල්ලි නෑ. ඔලිම්පික් පදක්කමක් දිනන එක මගේ එකම සිහිනය කියලා අයියා දන්නවනෙ... ලංකාවෙ විතරක් පුහුණුවීම් කරලා එතනට එන්න ...
මහජනයා සහ අරක්කු . . ! දුකා.. මහජනයා කියන්නේ චන්දේ දාන එකාටනේ . . . ඒ කියන්නේ චන්දේ දාට චන්දපොලට ගිහින් කතිරේ කෙලලා එන එකානේ. එකා එකී මේ ඔක්කෝම තමයි මහජනයා කියන්නේ හා නැද්ද?මෑත කාලයේ මේ මහජනයයි අරක්කුයි එක ලඟම එකට ගෑවිලා තියෙන දෙයක් . . ඒ දෙක අතරේ තියෙන්නේ පුදුම බැඳීමක්.හරියට ජාඩියයි මූඩියයි වගේ . . . ඉඳිකට්ටයි නූලයි වගේ .. අමුඩෙයි පුකයි වගේ . . ...
මධාරා - රණසිංහ ප්‍රේමදාස, ජනතාව - මහින්ද රාජපක්ෂ සහ මාධයවේදියෝ . . ! දුකා.. එක්දාස් නවසිය අසූ නවය - අනූව වගේ කාලවල ඒ කිව්වේ මම ඕලෙවල් විභාගය කරපු කාලේ මම ආසාවෙන් කියවපු පත්තරේ ඉරිදා දිවයින. දැන් නම් දිවයින නම මතක් වෙද්දිත් බඩ දඟලනවා.පත්තරේ අතට ගත්තු ගමන් පෙරලන්නේ සෝමා ජයකොඩි මහත්මිය ලියපු "මධාරා" නවකතාව හොයන්න. පිටු පෙරලද්දී පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙන සද්දේ මේ දැනුත් ඇහෙනවා වගේ. "අනේ මේ ගෑනිව මරලා දාලා නිසා මෙතැන් සිට ...
ඇට මිදුළු වලට පවා දැනෙන දාරක ප්‍රේමය . .. ! දුකා.. දාරක ප්‍රේමය ඇට මිදුළු වලට පවා දැනෙන හැඟීමකැයි කීවේ මහචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතායි. එසේ කීවේ වනයේ හැරදමා බිරිඳ සුප්පා දේවියත් පුතු සිංහබාහුත් දෝනි සිංහසීවලීත් ගල් ලෙන බිඳ පලා ගිය සොවින් වැලපෙන සිංහයාගේ දරුපෙම විදහා දැක්වීමටයි.එසේ ඇටමිදුළු වලටත් දැනෙන ඒ දරුපෙම නොදැනුනේ මන්දැයි මගේ තාත්තා සමඟ මම ක්‍රෝධයෙන් සිටියෙමි බොහෝ කාලයක්. සමහර විට ඔහු දරුපෙම හදෙහි සඟවාගෙන සිටියා විය හැකියි. හදවතේ ...
ප්‍රසන්න . . ! දුකා.. ලඟදී ෆේස්බුක් එකේ වීඩියෝ දෙකක් දැක්කා. එකක් මෙහෙමයි: අතපය හතර හොඳට තියෙන මිනිහෙක් එයාගේ කකුලක් දෙකට නවලා ගැටගහගෙන සරම කොටට ඇඳලා ඒ නමපු කකුල වැහෙන්න ඇඳගෙන හිඟාකනවා. එක ලොකු ගෙයක් ලඟ දී එතන නතර කරන වාහනේ පිටිපස්සේ ඉන්න මහත්මයාටත් හිඟන්නා අතපානවා. මහත්මයා ගනන් ගන්නේ නෑ. ගේට්ටුව ඇරිලා ඩ්‍රැයිවර් කාර් එක වත්ත ඇතුලට දානවා. හිඟන්න කියවනවා කාරේ එකේ පිටිපස්සේ ගහල තියෙන ...
බ්ලොග් එකට අවුරුදු 4ක් . . ! දුකා.. අවුරුදු හතරකට පෙරමිතුරෙක් කියූ පාර දිගේ ගොස්ටැබූ ගේ අඩවියේ කරක් ගසාබස්කෝප් අඩවියේ නතර උනෙමි මම්ඔයා හොඳට ලියනවා අයියේකියා කියූ ඉසිර මල්ලිමදුකා අඩවියත් හදාදීකෙරෙව්වානේ මාවත් බ්ලොගරයෙක්එදා ඉඳන් අද වෙනකම්අවුරුදු හතරක් තිස්සේ ඇහැක් ඇහැක් වේලාවටලිව්වනේ මාත් යමක් කමක්මේ සයිබර ලෝකෙම පයගහපුබොහෝ හොඳ ම හොඳ මිනිසුන් දපොලුකරයින්, බොරුකාරයින්දහිතවතුන් උනා මේ ටිකට එහිතවත් කම් නිසාම කරන්නට හිටි බොහෝ දේවල්හීනයක් වෙන්න නොදී හෑබෑ කර ගන්නත් ...
Happy B'day Darling . . . ! දුකා.. ගිය අවුරුද්දේ නදීෂාගේ උපන්දිනේට "පලංචියේ ලී ඉරුවේ අපි එකට" සිංදුවට වෙන වෙන වචන දාලා පෝස්ට් එකක් ලිව්ව වෙලවේ අපේ කකා මට කිව්ව "දුකා, කොපියක් නෙමේ අළුත්ම සින්දුවක් ලියපං!" කියලා.කවදා හරි සිංදුවක් ලියන්න ඕන කියලා හිතලා තිබුනට නදීෂාගේ උපන් දිනේට සිංදුවක් ලියන්න ඕන කියලා හාංකවිසියක් හිතලා තිබ්බේ නම් නෑ.අපේ ගෙදර උන්දෑ නදීෂාට වටින කියන භෞතික තෑගි අරන් දෙන එක හරිම අමාරු ...
පුතාගේ ලියුම . . .! දුකා.. තාත්තා සූදු කෙලවයි.. කුඩු විකුනන උන්ට හෙල්ප් කරනවා මදිවට තිතට මත්වෙන්න බොයි. පවුලේ දිනුයුවට කියා ආච්චිලා නැන්දලා මාමලා දෙනදේ පමනක් නොව තාත්ත හම්බ කරන සියළු දේත් කාර් රේස් බලන්න ගොස්, හින්දි නිලියෝ නටන ශෝ බලන්න ගොස්, අල්ලපු ගෙදර එකාට උඩ යවන්න හදන සරුංගලේට සල්ලි දී, අහල පහල ගෙවල් වල උන්ට පඩ ශෝ දාන්න රෙජිෆෝම් ප්‍රදර්ශන පවත්වා ඒ මදිවට යාලුවෝ 225 ...
මම සතුටින්ද? දුකා.. මට සතුටින් ඉන්න ඕනම නම් ඕන කරන දේවල් මට තියෙනවා. ඒත් මම සතුටින්ද?ඇත්තෙන්ම මටම ශුවර් නෑ වගේ.මම වැඩිය කැමති සතුටින් ඉන්නද? එහෙම නැතිනම් මම සතුටින් ඉන්නවා කියලා අනෙක් අයට පෙන්නන්නද?මට ශුවර් නෑ වගේ.මම වැඩිය සතුටක් ලබන්නේ මට සතුටු වෙන්න පුලුවන් දේවල් විඳලා සතුටු වෙලාද එහෙම නැතිනම් අනෙක් අයට ලබන්න බැරි දේවල් මට ලබා ගන්න පුලුවන් කියලා අනෙක් අයට දැන ගන්න ...
කර්මය නොහොත් කරුමේ . . ! දුකා.. ඊයේ ෆේස්බුක් එකේදි තමයි ඔය උඩ තියෙන ෆොටෝ එක දැක්කේ. ඒ වෙලාවේ ඉඳන් මම කල්පනා කලේ මේ කියන කතාව කොයි තරම් ඇත්තක් වෙන්න පුලුවන්ද කියලයි.අපි සමහර අය ගොඩක් වෙලාවට "නෑ කර්මය, ඉරණම කියල එකක් නෑ ඒ ඕන එකක් කෙනෙක්ගේ දැඩි අධිෂ්ඨානයෙන්, කැපවීමෙන් වෙනස් කරන්න පුලුවන්" කියලා විස්වාස කලාට, එහෙම විස්වාස කරගෙන වැඩ කලාට . . . හෙම්බත් උනු වෙලාවක හිතෙන්න ...
හවුලේ කැඳත් එපා . . . ! දුකා.. "මචං මට නම් දැන් මේ මගුල් ජොබ් එක එපා වෙලා බන් තියෙන්නේ. උදේ ඉඳන් රෑ වෙනකම් නහිනවා ඒත් මාසේ අන්තිමට අතට හම්බ වෙන සොච්චම දැක්කම මොකටද කියලා හිතෙනවා. මේකෙන් අස් වෙලා පොඩි බිස්නස් එකක් පටන් ගන්නයි මගේ අදහස. හැබැයි මට තනියෙම ඒක කරන්න බෑ. කැමතිද උඹත් ජොයින් වෙන්න. මොකෝ කියන්නේ කැමතිද?" නිශාන්ත දවසක් හවසක අපි සෙට් වෙන්න අනිත් උන් එනකම් ...
සඳුදා ඉඳන් . . .හැමදා උදේ . . . ! (2වෙනි කොටස) දුකා.. "හත් දෙයියනේ ලඟක් වෙනකම් හම්බ උනේ නෑ කියන්නේ දැන් හම්බ වෙලා . . . අඩේ මාරයිනේ . . ඔයා මාර පොරක්නේ . . . ප්‍රීතියි ප්‍රීතියි . . කව්ද හලෝ ඒ වාසනාවන්තී . . . " මේ හොල්මන ආතක් පාතක් නැතුව කෑගහන දිහායි මගේ දිහායි බස් එකේ එකේ මිනිස්සු ඔක්කෝම නුරුස්සන බැල්මක් දාගෙන බලන් හිටියේ."පොඩ්ඩක් ඉන්නවා හලෝ බස් එකෙන් බහිනකම්. ...
පොලී මුදලාලිගේ බුද්ධාගම . . ! දුකා.. නිවාඩුවට ලංකාවේ හිටි දවසක අපි ජගත්ලගේ ගෙදර ගියේ ඩිනර් එකකට එන්න කියලා ජගත් - අමිලා දෙන්නම අපිට ආරාධනා කරපු නිසා.විරුල් ඒ ගෙදර එයාගේ වයසේ ළමයි දෙන්න එක්ක සෙල්ලමට වැටිලා හරියට කෑවෙත් නෑ.අපි දෙන්න නම් කෑවා මදි නොකියන්න. අමිලාගේ කෑම රසයි.කාලා ඉවර වේගන එනකොටම ජගත්ගේ යාලුවෝ සෙට් එකක් ආපු නිසා ජගත් කෑම මේසෙන් ඉක්මනට නැගිටලා ගියා.කාලා ඉවර වෙලා චයිනීස් ග්‍රීන් ටී ...
මෙන්න මෙහෙමයි වෙන්නේ . . ! දුකා.. "මචං උඹලගේ බඩු නම් හරි ලස්සනයි. කොහෙන්ද ගෙන්නන්නේ චීනෙන්ද?""මොකක් චීනෙන්. . ?""අහ් වෙන රටකින්ද? චීනෙන් හරි වෙන රටකින් හරි ගෙනත් උඹලගේ නම ගහල විකුනන එකනේ කරන්නේ නේද?""පිස්සුද ඒවා ඔක්කෝම මගේ ගෙදර උන්දෑ නදීෂා හදන්නේ.""සිරාවට? එතකොට එයා ඒවා හදන්න ඉගෙන ගත්තද?""ඔව් මගේ නැන්දම්මා සපත්තු හදන කෝස් එකක් ගැන විස්තරයක් දැකලා එයාට බල කරලා ඒ කෝස් එක කරන්න කියලා. ඉතිං එයා කෝස් ...
සඳුදා ඉඳන් . . .හැමදා උදේ . . . ! දුකා.. තුෂාරිලගේ ගෙදරට යන්න තියෙන්නේ අපේ ගෙදරට යන පාරේ මගින් තියෙන පොඩි පොඩි ලේන් වලින් එක ලේන් එකකින් හැරිලා."මොකො උනේ අදවත් ඇහුවද?" එදත් සුපුරුදු පරිදි මම ඔෆිස් ඇරිලා එන කම් එයාලයි ගෙදර ඉඳන් පොඩි ලේන් එකෙන් ටික දුරක් ඇවිත් පාරේ අයිනේ හිටපු තුෂාරි කටේ හිනා පුරෝගෙන ඇහුවා."නෑ හලෝ . . . අදත් ඒ ළමයා දැක්කම මට වෙනදට හැදෙන ලෙඩේ හැදුනනේ. මාර ...
ආදරවන්තයින්ගේ දිනය දා ආදරය බෙදන්න . . . ! දුකා.. ආදරවන්තයින්ගේ දිනය ආදරවන්තයින්ට විශේෂ දිනයක්නේ . . . මගේ මිතුරු ඩෝසන්ට අද අමුතුම එස්.එම්.එස්. එකක් ලැබිලා.තමන් විවාහ කර ගන්න ඉන්න කෙනාට, අහුමුලු වල හැංගිලා ආදරේ කරන කෙනාට වගේම අපේ ආදරේ ඕන කරන නාඳුනන අය වෙනුවෙනුත් ආදරේ ඩිංගක් හරි පුද කරලා ආදරවන්තයින්ගේ දිනය තවත් සුවිශේශී අමතක නොවන දිනයක් කර ගන්න පුලුවන් වෙනව නම් කොහොමද?මේ තියෙන්නේ ඩෝසන්ගේ "වචන ටැක්සි" බ්ලොග් අඩවියේ මම ...
බාල වියෙන් පිටමං වී . . . යොවුන් වියට පියමැන්නේ . . . ප්‍රිය ළඳුනේ . . . නුඹ නිසායි . . . ! දුකා.. මේ කතාව කොතනින් පටන් අරගෙන . . . කොහොම ලියනවද කියලා මම දවස් ගානක් තිස්සේ හිතුවා . . . හිතල හිතලා මගේ හිත පඹ ගාලක පැටලිලා වගේ තිබුනේ මේ දවස් කීපයේම . . . . කොතනින් කොහොම උනත් . . . ලියන්නම ඕන කියල මට මගේ හිත කරපු තර්ජනය නම් නොසලකා හරින්න මට බැරි උනා . . .වික්ටර් රත්නායක මහත්මයා ...
සතුට, දුක, කඳුල, සිනහව . . .! දුකා.. සතුටදෑත අද්දරටම පැමිනඇඟිලි තුඩඟ, නියඟ තුඩඟ ගෑවී නොගෑවී මෙන් ඉඳඔච්චම් පා ඈතටම ඇදී යන . . . !දුකආත්මයම තුරුළු කරඉරා කීතු කොට හද දවා හළු කර බිඳෙන් බිඳකැඳවන ඒ වෙතටම තවත් . . . !කඳුළරූරා වැටෙන්නට ඉඩ නොදීකොපුල් තල තෙමාගෙනබොඳ කරනට දෑස් තුලමමහත් වෙහෙසක් දරන . . . !සිනහවදුක් කඳුළු බිම දමාදූලි ගා පාගා දමාහද කවුළු විවර කරපිබිදෙන්න ඉඩ සොයන ...
සහන සංවිධානය සහ මුදලට ආත්මය බිලි නොදුන් නීලා . . ! දුකා.. සිතාරයක තතක් ශෝකී ස්වරයෙන් වැයෙයි. දෑස අගට ලොකු කඳුලු බිඳු දෙකක් උනා එයි.කොහේදෝ ඈතකින් බටලී හඬක් ගලා එයි. සිත කාන්සියකින් පිරී යයි.වයලීනයක තත් උච්ච ස්වරයකින් පිරිමදිනු ඇසෙයි. හදවත උල් නියපොතු වලින් සූරනවා වැනි වේදනාවක් දැනෙයි.ගිටාරයක තත් හඬවන රිද්මයට බොන්ගෝ බෙරයක් වේග රිද්ම තාලයක් වයයි. නොදැනීම අපගේ දෙපා ඒ රිද්මය ලුහු බඳී, දෑත් එකට එකතු වී අත්පොලසන් නාද මවයි.සංගීතයේ ආශ්චර්ය එයයි. ...