හදවතේ පිපාසයට - ගී පැදුරෙන් ගී පොදක් . . ! දුකා.. දිවට දැනෙන පිපාසයට දිය අවැසි සේ, කුසට දැනෙන පිපාසයට ආහාර අවැසි සේ ජීවිතයට දැනෙන පිපාසයට මිනිස් සබඳකම් අවැසි බව - මගේ එක් ප්‍රිය නවකථා රචිකාවියක් වූ සෝමා ජයකොඩි මහත්මිය ඇගේ කර්නල්ගේ බිරින්දෑවරු පොතේ සඳහන් කළාය.එයටම ඌන පූර්ණයක් ලෙස හදවතට දැනෙන පිපාසයට කලාව අවැසි බව මම විශ්වාස කරමි.සාගරයක් තරම් වූ කලාව නම් වූ විෂයෙන් ගීතය නම් වූ කොටස හදවතට දැනෙන පිපාසය ...
ආච්චිගේ කොලම . . ! දුකා.. වර්තමානයේ පවතින දේශපාලන තත්වය උපහාසයට ලක් කරමින්, කිසිදු පක්ෂයකට හෝ කන්ඩායමකට දේශපාලන භාශාවෙන් කියන කඩේ යෑමක් නොකර, තීරු ලිපි ලියන්නෙක් වේ නම් ඒ සහන් කසීර වික්‍රමසිංහ හැර වෙන කිසිවෙක් නොවේ කියා කීවොත් සහන්ගේ ආච්චිගේ කොලම කියවූ යම් කිසිවෙක් වෙද්ද ඔවුන් මා හා එකඟ නොවේ යැයි සිතීම උගහටය.කසීරගේ ආච්චි එතරම්ම අති දක්ෂ ලෙස බොහෝ සිදුවීම් උපහාසයට ලක් කරනු මා දැක ඇත.තමා ...
දබර කරන ප්‍රේමය . . ! දුකා.. ප්රේමයලඟ අති විටකහිත සැහැල්ලුවට සැපට නින්ද යනවෛරයක් ක්‍රෝධයක් නැතුවපොඩි දේටත් රන්ඩු වෙනආඬපාලි කිව්වට හිත නො රිදෙනප්රේමයලඟ නැති විටකපාලුවට නින්ද නො යනකම්මැලි කමට ෆේස්බුක් එකේනිකම් උඩ පහල යනසිගරට් දුමෙන් පපුව පුරවන . . !pic from : http://www.thesite.org/ ...
සුදු දුවේ එදිනට නුඹ කොතැනක සිටියත් . . . ! දුකා.. කිරිකැටි පායුග හැඩකලහුරතල් නුඹේ මේස් පොඩිතබා ගමි සුරැකිවමතු අනාගතේ දවසකමහළුව මියෙන මොහොතකඑන්නට බැරි දුරක සිටියොතින්මියෙන්නට මොහොතකට පෙරකිරිකැටි නුබේ මතකයේසුවඳ යලි යලිත් විඳ මියෙන්නට සොම්නසින් ! ...
බඹරෙකු හැඬුවා . . ! දුකා.. නිශා යාමයේ පමණක් රුවට පිපී සුවඳ දීපරව ගිය කඩුපුල් මලක් අසහැඬුවාලු බඹරෙක්අහිමි වූ මල්කෙමි රසසුවඳ ගැන ලොබින් ! වෙනී අයියගේ ෆේස්බුක් එකේ මේ පින්තූරේ දැක්ක වෙලාවේ මෙහෙමයි හිතුනේ මට.පින්තූරේ අයිතියත් වෙනී අයියගෙමයි අනවසරයෙන් ගත්තෙත් වෙනියගේ ෆේස්බුක් එකෙන්ම තමා :D ...
දෙමලිච්චෝ . . ! දුකා.. දෙමලිච්චෝ . . !තොරතෝංචියක් නැතුව හිනාවෙනවායැයි දකින් උන් රැවටෙන්න ඉඩ ඇති හිනාවෙනවාදැයි අඬනවාදැයි කිසිවෙක්ට හිතා ගත නොහැකිඑකම හඬකින් කෑගසන කිසිම හැඟුමක් එලියට නොපෙන්වනදෙමලිච්චෝ . . !අම්මලගේ ගෙදර ගොඩපර ගහේ සවි කරපු ලෑල්ලට දාන කෑම කන්න එන දෙමලිච්චෝ රෑනක් දක්ක වෙලාවේ හිතුනු හිතුවිල්ලක් Pic from : http://ibc.lynxeds.com/photo/common-babbler-turdoides-caudata/common-babbler-group-drinking ...
17 වසරක සාපයක් යලිත් ඕනද? දුකා.. වර්ථමාන දේශපාලන පිටිය නිරීක්ෂණය කලාම මහින්ද ප්රමුඛ පරන හොර නඩය අන්ත පරාජයක් ලබන බව පේන්න තියෙනවා.එහෙම වෙලා UNPයට 1977දි JR ලැබුනා වගේ ලොකු බලයක් ලැබුනොත් කියලා හිතුවාම එන්නේ ලොකු භීතියක්.JRගේ බෑනා රනිල් ජේ.ආර්.ට එහා ගිය භයානක නායකයෙක් නොවෙයි කියලා චරිත සහතික දෙන්න විදිහක් කොහෙත්ම නෑ.1977 බලය ලබා ගෙන 17 වසරක සාපය කියලා අපි හඳුන්වපු UNP ආන්ඩුව 1994 චන්ද්‍රිකා මුල් වෙලා ...
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බ වෙයිද නැහැනේ . . ! දුකා.. - පුවතක් - ශ්රීලනිපය අපේක්ෂකයෝ තෝරතිනිළියෝ, ඇමැති දියණියෝ පෝළිමේ2015 ජූනි මස 30 13:35:09 | රොමේෂ් ධනුෂ්ක සිල්වා නිළියෝයි අනිත් උනුයි පොරකකා පාර්ලිමේන්තු යන්න හදන්නේ ඇයි කියලා හිතෙද්දී තමා ඕන මෙහෙම හිතුනේ විනෝද වෙන්න. . විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බ වෙයිද නැහැනේඅපේ හිතේ තියෙන සංතෝෂය කාටද ඕනේ . . විනෝද වෙන්න. . විනෝද වෙන්න ඇඟ මහත් වෙන්න මොටද බෙහෙත් බොන්නේමෙහෙන් ...
සිතුවිලි ගඟ . . ! දුකා.. ගඟ:බෝ දුරක සිට ඇවිත් නැවැත් වූ පසුව එහිසුකෝමල ගමන් මඟබැඳ දමා ඇල වේලිඉවසලා බැරිම තැන ගලා යයි පිටාරව ගම් බිම්ද යටත් කොට . .සිතුවිලි:මතක ඇතිදා පටන් හිත් කොනේ ගොඩ ගැසුණුදිනෙන් දින විසල් වූහොඳද නරකද නොදත්ගරහන්න සැදි ලොවකගැරහුමට බිය සැකෙන්විසි කරන්නට බැරුවතව තවත් ගොඩ ගසන . . !Pic from: http://www.prevention.com/ ...
සංසාරික පුරුද්දකට ඉඩ සලසන සහන ! දුකා.. "පුතේ කුස්සියේ හැලියෙන් බතුයි එහා පැත්තේ ලිපේ මාලුවකුයි ඇති බෙදාගෙන කන්න" ඉස්සර වැඩ ඇරිලා එන ගමන් අපේ ගෙදරට ගෙවල් 15ක් 20ක් මෙහායින් තියෙන මගේ දුප්පත් යාලුවගේ ගෙදරට ගොඩ වෙනකොටම යාලුවගේ අම්මා කියන්නේ එහෙම."උඹත් ගිහින් එහෙන් කෑවහම හිඟන්නගේ පාත්තරේට හෙනහුරා වැටුනා වගේ තියෙයි, ඔය අඩි දහයත් ඇවිත් උඹ ගෙදරින් කාපන්" අපේ අම්මා එහෙම කියන්නේ"කොයි තරම් දුප්පත් උනත් තව කෙනෙක්ට දීලා බෙදා ...
රවුමක දුවන ආදරවන්තයෝ දුකා.. හදිසියේ ලංකාවට ගිය ගමන් බොරදිය පොකුණ ෆිල්ම් එක බලලා ඒ ෆිල්ම් එක ගැන මට හිතුනු දේ බ්ලොග් එකේ ලියද්දී පරන කතාවකුත් ඒකට එකතු කලා . .//යෞවන වියේදි ප්‍රේමය ගැන ඇතිවූ කතාබහකදී තරුණ වියේ උන් එකෙක් කීවේ"මල්ලී . . ආදරේදි අපි හැමෝම රවුමක දුවනවා . . !!මම මට ඉස්සරහින් ඉන්න කෙනා අල්ලන්න දුවද්දී එයා එයාට ඉස්සරහා ඉන්න කෙනාව අල්ල දුවනවා.වටිනාම කෙනා ...
කිසිවෙක් නොමළ ගෙයකින් අබැටක් සොයන බොර දිය පොකුණේ ගෝතමී . . ! දුකා.. කවදා කිසි දිනෙක කිසිවෙකුගෙන් හෝ ප්රතික්ෂේපවීමකට ලක් නොවූ අය වේද? කිසියම්මදාක . . ?? කිසිවෙකුගෙම . . ???පිළිතුර ඔව් නම් . . . ඒ කියන්නේ ඔබ කවදාවත් ප්රතික්ෂේපවීමකට බඳුන් වී නැති නම් . . ඔබට කෙදිනක වත් ගෝතමීගේ පපුවේ වේදනාව අඳුනා ගත් නොහැකි වනු ඇත.ප්රතික්ෂේපවීමකින් පසු ඇඟේ ලේ නහර හරහා දුවන කෝපයද, ශෝකයද, ඉච්ඡාභංගත්වයද, වෛරයද, තමන්ට තමන් කෙරෙහිම ඇතිවන අප්පිරියාවද ...
පිහිතලය විනිවිද දිවූ උනුහුමක මතකය . . ! දුකා.. පිළිකා අවදානමක් නිසා වයස්ගත මවගේ පියයුරක් ඉවත් කලයුතු බව වෛද්‍යවරයාගෙන් දැන ගත් මැදිවියේ දරුවෝ විස්සෝපයෙන්. - ලංකාදීප පුවතක් -උනුහුමට තුරුල් වී පපුවටසීරුවට කිරි උරා බිව්තනයක් අයින් කරනවායි ඇසූ විටකඳුලක් නොහෙලා ඉන්න ඇහකිදමහමෙරක තරමට ආදරේ විඳපුවයසට ගියපු උනත් දරුවන්ටහැමෝටම හොඳ ටික බෙදාවළඳේ අන්තිම දන්කුඩ ටිකෙත්හොඳ ටික පිඟානකට හෙලාවළඳේම කටක් දෙකටක් කාබඩ පිරුනු බවක් අපිට පෙන්නාහිනා වී අත හෝදපු . . . ...
කමක් නෑ මිත්‍රයා . . ! දුකා.. ජීවිතේදි සමහර වෙලාවට පුදුම විදිහේ කම්පන වලට (shocks වලට) මුහුන දෙන්න සිද්ද වෙනවා. පුදුම වැඩේ කියන්නේ 33,000හේ DC කරන්ට් එකක් වැදිලා නොවෙන විදිහේ shock එකක් පොඩි AC කරන්ට් එකක් වැදිලා වෙන්න පුලුවන් කම.උදාහරණ සහිතව කතා කලොත්, කෙනෙක්ට තමන්ගේ ලස්සන කඩවසම් මූනත්තහඩුවත් එක්ක සරීරෙම පිච්චුනු වෙලාවක . . . එහෙම නැති නම් හතර අතේ Loan වලට හිර වෙලා ඉන්න වෙලාවක ගහෙන් ...
අකනිටා සමඟින් මරියසෙල් රුක්ශාන් සංගීත සැඳෑව . . ! දුකා.. මැදපෙරදිග රැකියා කරන / ජීවත් වෙන අපිට තියෙන්නේ හරිම එකාකාරී ජීවන රටාවක්ඔෆිස් යන කෙනෙක් නම්1. උදේ එලාම් එකට නැගිට්ටා2. තේ එක බිව්වා, ටොයිලට් ගියා, දත් මැද්දා නෑවා වැඩට ගියා3. යකා බැඳගත්තා වගේ වැඩ කලා (වැඩ අඩුයි නම් අයියෝ ලංකාවට මොකෝ වෙන්නේ කියලා ෆේස් බුක් එකේ පෝස්ට් දැම්මා / පෝස්ට් වලට කොමෙන්ට් දැම්මා / එක එකා එක්ක මරා ගත්තා)4. හවසට ගෙදර ...
අපේ ගී පැදුර 2014 . . ! දුකා.. QSUM (Quantity Surveyor's of the University of Moratuwa) එකෙන් ගිය අවුරුද්දේ සංවිධානය කරපු අපේ ගී පැදුර සංගීත අත්දැකීම විඳලා එලියට ආපු ජනකයි මමයි කතා වුනේ ඒක නම් සමහර විට ජීවිතේ එක්වරක් පමනක් විඳින්න ලැබෙන ජාතියේ අපූර්වතම රාත්‍රියක් කියලා.ඒ අත්දැකීම හැමෝම අඩු තරමින් එක් වරක් වත් විඳින්න ඕන එහෙම නැති නම් අවුරුද්දකට වතාවක් වත් ආයේ ආයේ විඳින්න ලැබෙනවානම් කොයි තරම් වාසනාවක්ද ...
බබාට නමක් . . . !!! දුකා.. බබෙක්ට නමක් දාන සීන් එක ගැන අපි ලඟදී කතාවක් ගියා.ඒ වෙලාවේ මට හිතුනේ අපේ රටේ මේ නම් බබාට නම් දාන ක්‍රියා පටිපාටියේ මාර මෙව්වා එකක් තමා තියෙන්නේ සහ තිබිලා තියෙන්නේ කියලා.සුද්දන්ට නම් කිසි ඊ ඊ ඊ ඊ ම අවුලක් නෑ මීට පරම්පරා හය හතකට නෙමේ දහය දොලකට කලින් දාපු නම් ම තමා තාම දන්නේ - පීටර්, සයිමන්, ක්‍රිස්ටෝපර්, කොලින්, ජේම්ස්, ...
ජනිතා රාජපක්ෂ සොයුරියට ඉක්මන් සුවය පතමු . . ! දුකා.. ජනිතා රාජපක්ෂ කියන්නේ බ්ලොග් අවකාශයේ සහ ගූගල් බස් සමූහයේ පැරනි සාමාජිකාවක්.මීට දින දෙකකට පමන පෙර ඇය අසනීපවී රොහල් ගතකර ඇති බවත් අයට ඉක්මන් සුවය පතා සෙත් පතන ලෙසත් ඉල්ලා ඇගේ මෑණියෝ ඇයගේ ෆේස්බුක් ගිනුමේ සටහන් කර තිබෙනවා දුටුවා.ඇයගේ අසනීප තත්වය ගැන විස්තර අසා ඇගේ මෑනියන්ටත් ඇයගේ පෙම්වතා වන සයිබර් අවකාශයේ අප සියලු දෙනා හඳුනන විශේෂයෙන් "බයිස්කෝප් සිංහලෙන්" අඩවියට නිතර ලිපි ...
අපේ සැටලයි එක. දුකා.. ඊයේ පෙරදා ෆේස්බුක් එකේ දැක්කා මෙදා සැරේ බස්නාහිර පලාත්සභාවේ වීඩියෝ එකක්. ඒකේ තිබුනේ සභාවේ චන්ද විමසීමක් අතරතුර එක මන්ත්‍රී කෙනෙක් වට පිට බල බල කොලේකින් කාක්කෙක් හදලා විදින සීන් එකක් ඔව් ඔව් යකෝ අර අපි දෙකේ තුනේ පන්තිවල ඉන්නකොට විදපු කාක්කෝ හෙවත් රොකට් එකක් තමා . .ඒක මම මගේ ෆේස්බුක් එකේ ශෙයා කලේ "රොකට් රෝහිත මේක දැක්ක ගමන් තාත්තට කියලා ...
ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී . . . !! දුකා.. පහුගිය කාලේ ෆේස්බුක් එකේ පොඩි සංවාදයක් ගියා. ඒකේ විෂය උනේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් රචිත, නන්දා මාලනිය විසින් සංගීතවත්කොට ගායනා කරන “සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ” ගීතයෙන් කියවෙන වයසක දෙමාපිය යුවලකගේ ආදරණීය ඉල්ලීම එහෙම ආදරණීය ඉල්ලීමක් නොව චෝදනාකාරී අඬවැඩියාවක් බවයි.අවාසනාවට මට ඒ සංවාදයට ප්‍රායෝගිකව එක්වෙන්න බැරි උනත් ඒ සංවාදයේ ගොඩක් කොමෙන්ට්ස් කියෙව්වා. සිංහලෙන් ටයිප් කරලා මගේ අදහසත් එතනදී ...