ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . . !!! දුකා.. ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . . ගෙවල් ලඟ ඉන්දියන් කඩේ පාතරාසයට තෝසේ තුනක් ගිලමින් ඉන්න වෙලාවේ වහින්න පටන් ගත්තේ.වැස්සේ අසිරිය හොඳින් විඳින ඕන නිසාම වේටර් කොලුවට කියලා තේ එක ප්ලාස්ටික් කෝප්පෙකට ඉල්ලගෙන හෝටලේ එලියේ ආවරණය යටට වුනා.ඉස්කෝලේ ගිය පුංචි කාලෙත් වැස්සේ අසිරිය මම වින්දේ සදෙව් ලෝකෙට යන ගමනක් කියලා හිතාගෙන.හෝටලේ එලිපත්තේ හිස් ප්ලාස්ටික් කෝප්ප, අතපිහිදපු කොල දාන්න තියලා ...
අවුරුදු පහක් . . . අම්මේ අද ඊයේ වගේ . . !! දුකා.. අම්මේ කාලය ගතවෙන ඉක්මන.අවුරුදු පහක්ම කොහොම ගියාද කියලා හිතෙනවා.මුල් අවුරුදු තුනේම (හතරෙම?) වගේ යුද්ධ කාලේ උතුරු නැගෙනහිර වගේ තිබිලා දැන් යුද්ධ ඉවර වෙලා තිරසාර සාමයක් උදාවෙලා තියෙන නිසා අර නවම් මලයා උන්දැලගේ ඇනිවසරි එක වෙනුවෙන් ලියපු පෝස්ට් එකේ ලිව්වා වගේ “උන්නු හැටියට මලා මදැයි” කියලා නම් කියන්න බැරියෝ බැරියෝ වගේ . . .යුද්ධය මානුශීය මුහුනුවරකින් නිමා කරන්න, මගේ මේ බ්ලොග් ...
රේඩියෝ . . රේඩියෝ . . !!! දුකා.. මම හොඳ රසවින්දනක් තියෙන කෙනෙක් . . . ඒ බවට මගේ බ්ලොග් එක නිතර කියවන අය සාක්ෂි දරනවා ඇති කියලා මම හිතනවා. හොඳ රසවින්දනක් තියෙන කෙනෙක් වීම ගැන ඇත්තෙන්ම මට නිහතමානී ආඩම්බරයක් තියෙන බවත් කියන්න ඕන..මගේ රසවින්දනය දියුනු කරන්න මුලින්ම හේතු වුනේ මොකද්ද කියලා කවුරු හරි ඇහුවොත් මම මොකක් කියයි කියලද හිතන්නේ දෙකක් නෑ රේඩියෝ එකපුංචි එකා සංදියෙම රේඩියෝ එක ...
උපන් දින තෑග්ග . . ! දුකා.. අද මගේ උපන් දිනේ. මම හැමදාම තෑගි ලබන්නම උපන් කෙනෙක් කියලා බොහෝ වෙලාවට මට හිතෙනවා.ඒත් හැදේම එපා වෙලා ජීවිතේ කලකිරිලා අපතයෙක් වෙලා හිටපු කාලෙදි මම ඒ කිසිම තැග්ගක වටිනාකමක් නොදැකපු කාලකන්නියෙක් වගේ නේද හිටියේ කියලා හිතුනාම අපරාදේ ඒ පහුගිය කාලේ කියලා දුක් වෙනවා මිසක් වෙන කරන්න කිසිම දෙයක් නෑ.මගේ අම්ම-තාත්තා, සහෝදරියෝ, බිරිඳ, පුතා, යහළු-යෙහෙලියෝ, නෑදෑයෝ, අසල්වැසියෝ, හිතවතුන් වගේ අධ්‍යාත්මික මිනිස් ...
හෆොයි . . . වහ කනවා මීට හොඳයි . . ! දුකා.. මෙහේ මිතුරන් කීදෙනෙකුත් බ්ලොග් සහ බස් වල දෙතුන් දෙනෙකුක් දන්නවා මේ දවස් ටිකේ මම ටෙන්ඩර් එකකට මුක පූට්ටු කරගෙන (කට තද කරගෙන) වැඩ කියලා . . . ඔහොම මුක පූට්ටු වෙලා ඉන්න වෙලාවක එනවා මෙන්න කෝල් එකක් . . ."මචං උඹ ඊයේ රෑ කෝල් කලා නේද . . . ආන්සර් කරන්න බැරි උනා බන් . . මොකෝ දැන් කරන්නේ""අනේ බන් ...
ලොක්කී . . . ! දුකා.. අලෝක, අලෝක ගේ පපුවේ තියෙන බිමින් තියන්නත් බැරි දරාගෙන ඉන්නත් බැරි ගලක් වගේ මහා බර දිහා තුන්වෙනියෙක් බලන බැල්මක් හෙලුවා. අක්කල දෙන්නෙක් නැතත් අයියා නිසා එකම අක්කා ආලෝකට ලොක්කි වෙද්දී ලොකු අක්කට ආලෝක පොඩ්ඩා නිසා ලොක්කීගේ ළමයි ඒක මොඩ් කරලා පොඩීස් කිව්වා.ආලෝකගේ එකම අයියාට හෙවත් ලොක්කිග
ඔබ නැති නම් මිහිපිට නැත මම් . . ! දුකා.. “ඔය තරම් බොන්නේ ඇයි තාත්තේ”. “ ඒ විතරක්ද පුතේ සිගරට් එකක් ඉවර වෙන්න එකක් . . කිව්වට අහනවද මෙයා ”“ තාත්තට ඕන ඔව්ව ඔහොම බීල බීල ලෙඩක් හදාගෙන ඉක්මනට මැරෙන්නද? ”“ තොපි ඉතිං මම මැරෙන කම් තමයි බලන් ඉන්නේ ”“ ඔය ඉතිං . . හඳ පෙන්නුවම ඇඟිල්ල ඇදයි කියනවා ”" ...
සැබෑ මිනිසෙකුගේ මතක සටහන් හෙවත් ජෝර්ජ් අයියාගේ ලිපිය. . .! (අවසන් කොටස) දුකා.. ජෝර්ජ් අයියාගේ ලිපියේ කලින් කොටස නොකියවපු කෙනෙක්ට ඒ ටික මෙතනට ගිහින් බලන්න පුලුවන් . . මම කුඩා කාලයේදී අපේ අම්මා කවදාවත්ම නිදාගෙන ඉන්නවා දැක්ක බවක් මට නම් මතක නැහැ. ඒකට හේතු උනේ ඇය නිදාගන්න ගියානම් ගියේ අපි ඔක්කොම නින්දට ගියාට පසුව, නැගිට්ටේ අපි කවුරුවත්ම නැගිටින්නත් කලියෙන්. අප
ජෝර්ජ් අයියා . . . ! දුකා.. ජෝර්ජ් අයියා කියන්නේ දුමීගේ මාර්ගයෙන් මම අඳුන ගත්තු ඩුබායි ජීවිතයේ මුනගැසුනු අපූර්වතම චරිතයක්.දුමීගෙත් දුමීගේ ලොකු දූ ජනදිගෙත් උපන් දින තියෙන්නේ එකම දවසේ. පහුගිය දෙසැම්බර් විසි දෙවෙනිදා උපන්දිනේට දුමී ලියපු "එක් සත්‍ය කතාවක් - ජීවිතයට ලද හැකි වටිනාම තෑග්ග" බ්ලොග් සටහන කියවලා ඇස්
මහින්ද චින්තනය . . ! දුකා.. පොඩි උවමනාවකට කලින් ආපු ඊමේල් එකක් හොයා ගන්න ඕන වෙලා ඔක්කෝම ඊමේල් පීර පීර හොයද්දී අහම්බෙන් මෙන්න මේක හම්බ උනා.මේක 2005 ජනාධිපතිවරණෙදි ගෙවල් වලට තැපෑලෙන් ආපු පොත් පිංචක්.සමහර අයට ඊමේල් මඟිනුත් ලැබිලා තියෙනවා. එහෙම ලැබුනු (නමුත් මම අඳුන්නේ වත් නැති මගේ බ්ලොග් රසිකයෙක
විරුල්ට අදට අවුරුදු හතරක් . . . . ! දුකා.. ආදරය කියන මාතෘකාවේදී අපිට වැඩිහිටි අයව රවට්ටන්න පහසුයි. ඒ වගේම අපි රැවටෙන්න තියෙන ඉඩ කඩත් බොහෝම වැඩී. මොකද කියනවනම් වැඩිහිටි අපි ආදරේ කියලා තේරුම් ගන්නේ කෙනෙක් ගේ කටින් කියන දේ නිසා. බින්දු මාත්‍රයක් ආදරයක් හදවතේ නැතුව "මම ඔයාට ආදරෙයි සුදූ" කියලා හරි "මම මේ හැමදේම කරන්නේ ඔයාට තියෙන ආදරේ නිසානේ පැටියෝ" හරි කියලා කිව්ව ගමන් අපි කුප්පමේනියා ගහක් දැක්ක පූසෙක් ...
හුචක්කුවේ අතුරු කතා . . . ! දුකා.. මෙහේ යූ ඒ ඊ වල මගේ හොඳම මිතුරෙක්ගේ බිරිඳයි දරු දෙදෙනායිත් පාසැල් නිවාඩුවට මෙහේ ඇවිත්. (යාලුවා කවුද කියලා නම් කියන්න බැරියෝ.) ආපු දා ඉඳන් දෙගොල්ලෝම කොහේ හරි යමු කිය කිය හිටියට අපේ නිමක් නැති ගමන් බිමන් එක්ක එයාලා එක්ක එහේ ගිහින් සෙට් වෙන්න කාලයක් ලැබුනේම නෑ. බැරිම තැන දවසක් යාලුවා කතා කරලා දුමීලගේ ගේ තියෙන තැන ඇහුවා. (දන්නවනේ දුමී ගෙදර අපිට බාර ...
තාත්තා අසනීපයෙනි, වහාම එන්න එපා.. . ! දුකා.. මගේ මුල්ම පිටරට රැකියාව කරන කාලේ - කටාර් රාජ්‍යයේ - වැඩ කරන දවසක කෝල් එකක් ආවා. කතා කලේ අම්මා. "පුතේ දැනට දවස් හතරකට කලින් තාත්තට ඩෙංගු හැදිලා හොස්පිටල් ඇඩ්මිට් කලා. ඔයාගේ යාලුවෝ ඉන්දික, හිමාෂ්, සමරෙ එහෙම තාත්තව බලා ගන්නවා. ඔයා බය වෙන එපා දැන් තාත්තට ගොඩක් හොඳයි" අම්මට පිලිතුරු විදිහට මම මොනව කිව්වද මතකවත් නෑ. මට මතක මගේ ඉස්මුදුනෙන් පටන් ගත්තු හිරි වැටීමක් ...
ඒ රටේ මිනිස්සු . . . ! දුකා.. අපි මෙහේ (ඩුබායි - අබුඩබි ) ඉන්න පිලිපීන් ජාතිකයින්ට හිනාවෙනවා මුන් උපයන ගාන වගේ දෙගුනයක් තුන්ගුනයක් ජීවත් වෙන්න වියදම් කරනවා ඇති කියලා. මුන්ට කිසිම බරපතලක් නැති දියුනු වෙන්න කිසිම උනන්දුවක් නැති ෂෝ එක විතරක් තියෙන සෙල්ලක්කාර ජාතියක් කියලා. උන් අඳින්නේ ලකොස්ටේ, ලී කූපර්, ජෝර්ඩානෝ වගේ බ්‍රෑන්ඩඩ් ඇඳුම්මයි. දාන්නේ නයිකි, ඇඩිඩාස්, මෙරිල්, කොන්වර්ස් වගේ බ්‍රෑන්ඩ්ස් වල සපත්තු තමයි. ගාන්නේ ...
උරය පලා සැතකින් . . . .! දුකා.. කෝට්ටේ රජමහා විහාරයේ පිටිපස්සේ මායිමේ පන්සල් වත්ත මායිමේ මැදට වෙන්න තියෙන කාක බෝධියට ලම්බකව තියෙන පාරට අපි කිව්වේ වතුර ටැංකිය පාර කියලා.ඒ පාරේ වම් අත පැත්තේ දෙවෙනියට හෝ තුන්වෙනියට තිබුනු ගෙදර ඒ කාලයේ හැටියට ලොකු ගෙයක්. ඇස්බැස්ටොස් තහඩු හෙවිල්ලපු, ගේ ඉස්සරහා ලස්සනට මල් වවපු, අඩි පහක් විතර උසට තාප්පේ ගහපු ලස්සන ගෙයක්."සිරි අයියේ . . ජාති ආල කාරයෝ ටැංකිය පාරේ ...
එකම විසඳුම දිවි නසා ගැනීමද? දුකා.. පුංචිම පුංචි කාලේ ගමේ ගිය වෙලාවක ආච්චි අම්මලගේ ගෙවල් වලට ටිකක් එහායින් තිබුනු ගෙදරක මනුස්සයෙක් වස බීලා මැරිලා තිබුනා. ආරංචියට ආච්චි අම්මා එහේ යද්දී පුංචි මාත් ආච්චි අම්මගේ චීත්තපොටේ එල්ලිලා ගියා. හැදි දැඩි මිනිහෙක් ගෙයින් එලියේ පැදුරක බාවලා හිටියා. ඉනට පරන චීත්තෙකුත් උඩට හීනි පටි දෙකක් තිබුනු බොඩිය කියලා අපේ ආච්චි අම්මා හඳුන්වපු හැට්ටෙකුත් ඇඳගත්තු ගෑනු කෙනෙක් ඒ මිනිය ලඟ ...
යසෝදරා වන් බිරිඳක් . . . ! දුකා.. හැම සැමියෙකුගේම ප්‍රාර්ථනාව යසෝදරා වන් බිරිඳක්.බෞද්ධ සාහිත්‍ය ගැන දැනීමක් ඇති ඕනෑම කෙනෙක් මා මේ ඉහතින් දැක්වූ අදහස එක සිතින් පිලිගන්නවා ඇති යන්න මගේ හැඟීමයි.සිද්ධාර්ථ චරිතය, ගෞතම බුද්ධ චරිතය ගැන ගැඹුරින් අධ්‍යනය කල අය දන්නවා ඇති ගෞතම බුදුන් යසෝදරාගේ ගුණකඳ වර්ණනා කරන්න කිසි විටෙක පසුබට නොවූ වග. එතුමා හැකි සෑම අවස්ථාවකදීම සඳහන් කර තිබෙනවා එතුමාගේ සත්‍ය සොයා යන ගමනට එසේත් නැතිනම් ...
තැලුවෙමි මුව හමට . . . ! දුකා.. තැලුවෙමි ඇති පදම් මුව හමටපසුවන නිසා අසනීපෙන් මුවා තලනු නොහැකිය හිත තුටින් ඌටඉතිං තැලුවෙමි ඇති පදම් මුව හමටඅනේ දයාබර මුව මුව හම මගේ දනීද නුඹ තලා නිමවූ පසුව මම් නුඹටකේන්තියෙන් මම, මම් ගැනම උපන්අඬන බව ළය පැලී යන වේදනාවෙන්මිනිසෙකි මමත් ලේ ඇට මසින් නිමැවූදැනේ මටත් කුරිරු නපුරු සැහැසිකම්බොහෝ දර දිය ඇද දුක් වෙහෙසවීමෙහෙ කල මුවා කරනා නොපනත්කම්තලා නිමවන තුරු කෝපයෙන් ...
දුකා බ්ලොග් එකට අදට අවුරුදු දෙකක් . . . ! දුකා.. බුදු අම්මෝ . . . මෙන්න බොලේ මගේ බ්ලොග් එකට අදට අවුරුදු දෙකක් වෙලා . . . සෝඩා බෝතලේ කැඩුවා වගේ වැඩ කරන මගේ ඉතිහාසයේ මේ තරම් උනන්දුවෙන්, පිලිවෙලකට, එක දිගට වැඩක් කලාමද කොහේද.හරි ඕන් ඉතිං ස්තූති කතාව.මේ අවුරුදු දෙකේ බ්ලොග් ගමනේ ස්තූති කල යුතු අය ගැන කියනවනම් සුපුරුදු පරිදි මුලින්ම බයිස්කෝප් අඩවියේ නිර්මාතෘ පොතේගුරා හෙවත් ඉසිර මළයා තමයි ඉදිරියෙන්ම ...
පිරිමි ජාතිය ජරා ජාතිය . . ! දුකා.. හැමෝම දන්නවනේ කාන්තා පක්ෂයෙන් පිරිමි මේ අපිට තියෙන චෝදනා අටෝරාසිය.• අපි එයාලගේ ප්‍රශ්න ගැන සංවේදී නෑ.• අපි එයාලා ගැන හොයල බලන්නේ නෑ.• එයාලව ගනන් ගන්නේ නෑ.• අපි එයාලගේ ප්‍රශ්න දිහා සානුකම්පිතව බලන්නේ නෑ..• එයාලගේ ප්‍රශ්න වලින් ගොඩ යන්න අපි උදව් කරන්නේ නෑ.ඔය එයින් ටිකක්.එයාලගේ මේ චෝදනා කොයි තරම් සාධාරණද කියලා මට තේරුනේ මේ ඊයේ පෙරේදා සිද්ද වුනු සිදුවීමක් නිසා. ඒ ...