[239] හෙඩිමක් නැති කවියක් වගෙ ජීවිතයක් ~~..... සංසාරේ අපි ..... ~~ සංසාරේ අපි අතරට සඳැසක් අවසන් වරට ආවෙ ගොඩක් කාලයකට කලියෙන්... ජීවිතය තිගැස්මකට ලක් වෙන කල්හි මොලයේ එක්තරා පැත්තක් ඔල්මාද වෙලා කලාව ඉල්පී එලියට පනින බවකුයි මගෙ හැඟීම. විශෙෂයෙන්ම සඳැසක්... මම තාම හිතනවා මේ පැදි පෙලට හෙඩිමක්. එත් අන්තිමේට මට කියන්න වෙන්නෙ මේවාට හෙඩිමක් නැති කවියක් වගෙ ජීවිතයක් කියල තමයි. ඒ උනාට මේක කවියක්.... කියවල බලන්නකො. අවුරුදු ගාණකට පස්සෙ එක එක ...
[238] ඈ - මම දන්නා ආදරවන්තියක් ඈ ~~..... සංසාරේ අපි ..... ~~ සුන්දර ඈ හරියට පාස්වර්ඩ් දැමූ සිස්ටම් එකක් වගේය. ඇගේ මුවින් ගිලිහෙන හැම ඩයලොග් එකම එන්ක්‍රිප්ට් කළ මැසේජ් එකකි. කෙනෙකුට ලෙහෙසියෙන් 'කියවිය' නොහැකි බැල්මක්,දෙඩුමක් සහ සිනහවක් ඇගෙන් මම දකිමි. හෙවත් , කෙනෙකුට ලෙහෙසියෙන් කියවිය නොහැකි පොදියක් ඈ සිය හදට තුරුලු කොටගෙන හැංගෙන අයුරු මම හොඳින් කියවමි. ජීවිතයට වඩා මිනිසුන් මෙතරම් කියවා ගත හැකි වීම ඛේදයකි. කියැවූ දෙයින් කියවන්නා වන මටත් කියවන ...
[237] සලබයින් අතර නග්නව ~~..... සංසාරේ අපි ..... ~~ ගොඩනැගිල්ලකි. එහි දැල් සිදුරු අස්සෙන් තෙරපී ඇතුලට රිංගා යා හැක්කේ කුඩා කෝඳුරුවන්ට පමණකි. කෝඳුරුවන් හැරුනු කොට සිය කැමැත්තෙන් ගාල් වූ නිලමැස්සනුත් , සිය අකැමැත්තෙන් ගාල් කරන ලද මැසි මදුරුවනුත් කිහිප දෙනෙක් වෙති. මේ සියල්ලන්ම හැරුනු කොට මුලු කාමරයම පිරී ඇත්තේ සලබයන්ගෙනි. කිසිම හැඩයක් පිලිවෙලක් පාටක් හෝ සුරුවමක් නැති නිකම්ම නිකම් සබලයින්ගෙනි. කිලිටි, අපිලිවෙල , එහෙන් මෙහෙන් ඉරීගිය පිහාටු සහිතව බිත්ති ...
[236] අම්මා සහ මම වනාහී.... ~~..... සංසාරේ අපි ..... ~~ අපේ අම්මා සහ මම කියන්නේ හරියට නුල් බෝලයයි ඉඳිකට්ටයි වගේ හිටි දෙන්නෙක් නොවේ... එහෙම හිටියේ අම්මා සහ අක්කාය. මම අපේ තාත්තාගේ පන්දමා වීමි. එනිසාම අම්මා එක්ක කැත්තට පොල්ල හිටි ඒ කාලය ගැන දැන් නම් දුකක් දැනෙයි. තාත්තාගේ ගේ දොර වැඩ වලදී අරක මේක ඉල්ලන ඉල්ලන වෙලාවට ගෙනිහින් දීම , තේ ගෙනිහින් දීම , පොඩි පොඩි අත වැසිකම් කිරීම වගේ වැඩ ...
[235] සිය දිවි නසා ගැනීම වනාහී... ~~..... සංසාරේ අපි ..... ~~ සිය දිවි නසා ගැනීම මහ කැත වැඩකි. එහෙම හිතීම ඊටත් වඩා කැතය. කොච්චර කැත වුනත් එහෙම හිතෙන්නේ වෙරෝනිකාට නම් නිකම්මය. නිකම්ම නිකම් ජීවිතෙන් වෙහෙස වීම නිසා වෙරෝනිකාට ඒ වගේ උනාට , බෙන් තෝමස්ට නම් එහෙම හිතෙන්නේ නිකම්ම නිකම්ම නොවේ. බෙන්ගේ ජීවිතය එක්තරා තැනකදී වෙනස් වෙයි. කොටින්ම බෙන්ට එතැන්දී ජීවිතය තිත්ත වෙයි. නැත. මම වැරදියි. බෙන්ට එතැන්දී ජීවිතයේ අරුත වැටහෙයි. බෙන්ට ...
[234] කියවීම වනාහී .. 1 ~~..... සංසාරේ අපි ..... ~~ මෙලොව ඇති කියවීම් බොහෝ වෙත්. ඒ අතුරෙන් කට බලියාගෙන කතන්දර කියවීම බොහෝ සුලබ පුඟුලන්ගේ වැඩකි. ඒ හැරුනාම පොත් කියවීමත් කියවීමකි. එහෙවු කියවීමක් ! එහිද විවිධ සංකලනයන් දකින්නට හැක්කේ සමහර කියවීම් බරසාර හෝ (ලේසියෙන් අනුන්ට තේරුම් ගන්නට බැරි) සහ සමහර කියවීම ලෙහෙසියෙන් අර්ථ දැක්වූවත් එහි අරුත වටහා ගන්නට නොහැකි බැවිනි. ඒ කෙසේ වෙතත් මේ කියැවීම් දෙකම හැරුනු විට ඉතිරිව ඇති තවත් ...
[233] එම්බා වැලන්ටයින් ! ~~..... සංසාරේ අපි ..... ~~ වැලන්ටයින් සහ මා එකිනෙකා අඳුනා ගත්තේ , මගේ අති පණ්ඩිත මුල් යොවුන් වියේදීය. ඒ මීට දශකයකට එපිටය . එදා පටන් වැලන්ටයින් එක එක වේශයෙන් ආවේය , ගියේය. එක එක කාලයන්හිදී , වැලන්ටයින්ව මට එක එක විදියට පෙනෙන්නට ගත්තේය. විටෙක අහිංසකවද , විටෙක විසුළු මුහුණෙන්ද , විටෙක රෞද්‍ර වේශයෙන්ද , විටෙක අතිශය ශෘංගාරාත්මක මුහුණකින්ද වැලන්ටයින් මගේ ඉස්සරහා පහළ වූයේය. ඉටෙක ...
[232] ගෙවී ගිය දශකයේ පෞරාණික මතක.. ~~..... සංසාරේ අපි ..... ~~ ළමා වියෙන් පසුව ගෙවී ගිය තුරුණු වියේ අන් අයට හිමි වෙන වසන්තය නම් සරසවි සමයයි. ඒ සරසවි වසන්තය වැඩියක්ම සොඳුරු ලෙස උදා වන්නේ පේරා කොලු කෙල්ලන්ට බව නොරහසක්. මන මෝහනීය වටපිටාවත් , අක්කර දහස් ගණනක සරසවි උරුමයත්, ඒ උරුමය හා බැඳුනු සම්ප්‍රදායන් සහ ඉතිහාසයන් විසින් , පේරාදෙණි සරසවියට පිවිසෙන්නවුන්ව නිරායාසයෙන් ඇද දමන්නේ අපූර්ව චමත්කාරයකට කිවහොත් නිවැරදියි... එනිසාම පේරාදෙණි සරසවි මවුන් ...
[231] දෙවොලක් නැති දෙවියන් ගැන... ~~..... සංසාරේ අපි ..... ~~ දෙවියන් සිටින්නේ ගස් උඩය කියා සිතූ ඉතා ලපටි වියක් මට තිබුනේය. කාලයත් සමග දෙවියන් ඉහළ අහසට ගියේය.. වයසින් මුහුකුරා යත්ම , විවිධාකාර අනංමනං වලින් යොවුන් සිත ඔද්දල් වී යන තුරුම දෙවියන් හිතේ අපූරුවට වාසය කලේය. දෙවියන් මෙන්ම දේවත්වයද සංකල්ප කියන දෙයින් එහාට නොගියේය. එහෙත් පෙර කලෙක පලාගිය දෙවියන් මීට වසර කිහිපයකට උඩදී යලිත් හෘදය අරක් ගත්තේය. මෑතකදී නන්දා මාලිනිය ...
[230] අසම්මත , එකම 'ලේ' කතාව ! ~~..... සංසාරේ අපි ..... ~~ වසර කිහිපයකට පෙරාතුව මුතු ඇටෙයක පදාසයක් ගිනිගත්තේය. ඒ මහ ගින්දරට හසුවී හළු වූ බොහෝ සුන්බුන් අතර පාලු සුසානයක් මට පෙනෙයි. මා හිඳින ඉසව් මෙන් දුර කඳු මුදුන් මිහිදුමෙන් එදා මෙන් අදත් ගැවසුනේය... මුතු ඇටයේ දිස්නය සොරාගත් ඒ සුසාන පදාසය පහුරු ගසමින් , දුබල කෙඳිරියක් ඇසෙයි. සිහ දෙනුන් දෙදෙනෙකු යැයි පෙනෙන මුත් , ලංව බැලූ විට ඒ කොටි දෙනක සහ සිහ ...
[229] ජීවිතේ මල්ට මොකද වුනේ ?? ~~..... සංසාරේ අපි ..... ~~ පහුගිය දවස් ටිකේ සංසාරේ අපි බ්ලොග් එක නිකම් වැහීගෙන වැහීගෙන ගියා වගෙ එකක් උනාද කොහෙදෝ.. අනේ මන්දා එහෙම උනා. ඒකට හේතුව මම අලුතෙන් ඇරඹුව මගේ ආදරනීය ටීච බ්ලොග් එකය කියලා කියන්නත් අමාරුයි. මොකද ඒකෙ පලවෙන්නෙ මගෙ ලිපි නොවෙන නිසා. ඒ වෙනුවට , අනෙක් අය ලියා එවන ලිපි නිසා. ඒ නිසාම ජීවිතේ මල්ට මොකද උනේ කියලා හැබෑ මත විමසුමක් කරන්නට දිල්ශාරාට ...
[228] කාලෙකට පස්සේ.. ආයෙමත් සංසාරේ අපි... ! ~~..... සංසාරේ අපි ..... ~~ ජීවිතය එක් එක් කාල පරාස ඇතුලේ විවිධ දිශාවන් ඔස්සේ ගමන් කරනවා. හරියට ගඟක් වගෙ. විටෙක ගල් පර උඩින්. විටෙක නිසංසලේ.. විටෙක අඳුරු තුරු ගොමු අස්සෙන් . විටෙක අවු රැසෙන් නෑවෙන ඉසවු වලින්.. ඒක තමයි ජීවිතේ කියන්නෙ. අසම්මතයෙනුත් ඔබ්බට යන කතා බහේදි මොණර කිරිල්ලි ගැන ලිව්වට පස්සෙ ලියුව ලිප්ය වරින් වර ඇන හිටියා. ඒත් එක්කම ඔලුවට ආව අලුත් අදහසක් නිසා මම ...
[227] උපැස් මතක ඇස් ! ~~..... සංසාරේ අපි ..... ~~ ඈ මොහොතක් අවසර ගෙන දිගු හුස්මක් හෙලුවාය. හාත්පස ඇති මල් සුවඳ , කලබලය , කතා බහ , සිනා හඬ ඈට නිනව් නැති සේය. කන්නාඩියෙන් පෙනෙන රුවෙහි ඈට පෙනෙන වරදක් නැත. ඇත්තෙන්ම තමා වෙනදාට වඩා දහස් වාරයක් රුව වැඩිවී ඇතැයි පෙනුනි. එහෙත්... කන්නාඩියෙන් පිටුපස තිබෙන මේ සිත ,කොතෙක් අමතක කළත් මතකයෙන් අමතක නොවන , ඒ උපැස් යුවල පැලඳි රුව පෙරදා මෙන්ම ...
[226] ජීවිත තෑග්ග ,ඔබා නොබලා , ලිහල බලමුද? :-) ~~..... සංසාරේ අපි ..... ~~ හෙට ... තවත් එක දවසක් තමයි. ඒත් ඇයි මේ මිනිස්සු අනාදිමත් කාලෙක ඉඳල මේ දින 365 , පැය 24 ,විනාඩි 60 සයිකල් හදල තියෙන්නෙ? ඇයි? ඇයි? ඇයි? :-) මට හිතෙන්නෙ මෙහෙම... මේ මොකවත් නැතුව , ඔහේ කාලය ඉස්සරහට ගියා නම් වෙන්නෙ , අපි ඔහේ ජීවත් වෙයි.... හරියට කය මිස සිත නැති නර ලොවක වගේ... ඒත් හැම තැනම සයිකල්ස් ?? ඇයි ...
[225] අසම්මතයෙන් ඔබ්බට පියාඹන මොණර කිරිල්ලී ~~..... සංසාරේ අපි ..... ~~ දුහුවිල්ලෙන් වත්සුණු තවරා කුමර කුමරියන් ලෙන්ගතු ඇසුරේරහස් බැලුම් දෙන සැන්දෑවේනන්නාඳුනනා කය මිස සිත නැති පුරවරයේ කවුරුන් හෝ තුරුලේනිමේශයක් කොඳුරාවී රහසින්ආගිය උන්හිටි තැන් සඟවාගිනි කඳු සිරසේ මලපුඩු අතරේකැදලි සදාවී මොණර කිරිල්ලීරැයකින් රැයකට කුස පිරෙනාසඳ සෙවනැල්ලේසිත ඇති කය නැති මිටියාවත ඉවුරේවහස් බැලුම් සඟවා උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙනපියඹා යාවී මොණර කිරිල්ලීසැඩ සුලඟේමුල් ඉදිරී යන ගස මුදුනේනූපන් දවසේරන්කිරි කඳුලේසිහින දකීවී මොණර කිරිල්ලී....දුහුවිලි ...
[224] ජීවිතය කියවමින්.... ~~..... සංසාරේ අපි ..... ~~ මේ ටික ලිව්වෙ 23-------------------23 - තවත් මහා විප්ලවීය දවසක්... ඒකට හේතුව ජීවිතෙ මල් ඉපදුන නිසා නම් නෙවි. ඒත් ජීවිතේ මල්ගෙ ජීවිතේ මහා අමුතු දේවල් ගොඩකට ඉඩ පෑදුව දවසක් මේ.මීට අවුරුදු 4 කට ඉහත මේ ලියන දවස (23)වගෙ දාක මට ඉන්න හොඳම යාලුවොත් එක්ක මම නුවර පීසා හට් එකෙ පීසා කමින් හිටියා. ඊට පස්සෙ අවුරුද්දෙ, 2008, මේ දවසෙ මම හිටියෙ දානයක් ...
[223] අසම්මතයෙනුත් තවත් ඔබ්බට 2 - ඔහුත් ඇයත්, "ඇයත්" ගැන ! ~~..... සංසාරේ අපි ..... ~~ ප්‍රවේශය : ප්‍රියම්භිකාව යන වදනට හිමි සැබෑ අරුත කුමක්දැයි මම සිතන්නට පටන් ගත්තේ මේ ගීයත් සමග විය යුතුය. ආලය , සෙනෙහස, පවුල් ජීවිතය , එකට ජීවත් වීම යනාදී විවිධ මාතෘකා ඔස්සේ සිතමින් සිතමින් සිටිද්දී මේ ගීතය මා සංවේදී කලේ , සෑබවින්ම මින් පෙර සංවේදී නොවූ මානයක් කෙරෙහි කිව්වොත් නිවැරදියි. ඈට ප්‍රියම්භිකාව යයි කිසිවෙක් කියන්නේ නැත. රළු පරලු දෑස් අභියස ඈ ...
[222] අසම්මතයෙනුත් තවත් ඔබ්බට .... 1 ~~..... සංසාරේ අපි ..... ~~ ලිපි පෙළ වෙනුවෙන් ප්‍රවේශය :ලෝකයෙ සම්මතය කියල දෙයක් තියනවලු. සම්මතය කියන්නෙ බහුතරය පොදුවේ ගමන් කරන මාර්ගය වෙන්න පුලුවනි. සම්මතයෙන් පිට ගිය දේවල් සහ අසම්මත දේවල් අතර වෙනසක් තිබෙනවද? එහෙම බැලුවම අසම්මත ප්‍රේමය , අසම්මත ආදරය , අසම්මත අධ්‍යාපනය, අසම්මත ජීවන රටාව .. මේ හැම එකක්ම කොතෙක් දුර සම්ම්තයෙන් පිට පැන ඇත්දැයි කියන වාරණය මෙන්ම තීරණයත් අපේම හිතේ හදාගත් මානයක්ද කියලත් ...
[221] ජෙරී පවුලයි අනෙක් සත්තුයි ගැනයි මේ... ~~..... සංසාරේ අපි ..... ~~ ජෙරීට තනිකරම තියෙන්නෙ සත්තු පිස්සුව. ජෙරීගෙ අයිය ලොරී කවද හරි ශේක්ස්පියර් වගෙ කෙනෙක් වෙන්න සිහින මැව්ව සාහිත්‍ය පිස්සෙක්. ලෙස්ලි කියන්නෙ අනික් අයිය. එයාගෙ ලෝකෙ තමයි තුවක්කු. මාගෝගෙ ලෝකෙ පිරිල තියෙන ලොකුම දුක මූනෙ කුරුලෑ හොඳ කරගැනිල්ල... රූපලාවන්‍ය උමතුව. මේ නාවිකයො කැරලි ගහන පවුල් යාත්‍රාව පදවගෙන යන ජෙරීගෙ අම්මා කියන්නෙ මේ පවුලයි පවුලට ජෙරී නොකඩවා එකතු කරගෙන එන විවිධ ප්‍රමාණයේ සත්තුයි ...
[220] සෙසේ !!!! ~~..... සංසාරේ අපි ..... ~~ 'සෙසේ' කියල අමතන්නෙ පූසන්ට. රෙදි හෝදන සබන් කෑටේට සන්ලයිට් එක කිව්වම , අන්තිමට වොන්ඩලයිට් කෑටෙන් හේදුවත් කියන්නෙ සන්ලයිට් ගානවා කියලා. අන්න ඒ වගෙ පූසන්ට සෙසෙ කියල කතා කරන්න ගියාම සමහර පූවන්ට සිද්ද වෙනවා 'සෙසෙ' කියලම බෞතිස්ම වෙන්න. අපෙ කතානායක 'සෙසෙ' ටත් වුනේ ඒකම තමයි.එයා නම් ලේසි පාසු පූසෙක් නෙවි. සෙසෙ කියන්නෙ ලෝකෙටම 'එකම එක' ජාතියෙ එක්කෙනෙක්ලුනෙ. ඒකට හේතුව එයාගෙ තියන ...