[219] පිහිට වන්නකුගේ සිට, මග සදන්නෙකු තෙක්... ! ~~..... සංසාරේ අපි ..... ~~ ඇය බැලේ නාටිකාංගනාවකි. නාටිකාංගනාවක් වීමේ සිහිනය කරා යන අතර මගදී ඇගේ දකුණත ඈ හැර යන්නේය. එහෙත් සිහිනය හැර නොගියේය. සිහිනය උදෙසා අත්වැලක් ඈ කරා ඒ වෙනුවට පැමිණියේය. බැලේ මලපොතේ අකුරක් නොදත් ඔහු නර්තන ශිල්පියෙකු කිරීමේ වගකීම ඈ පටවා ගන්නීය. සඳට අහස, අහසට සඳ ලෙස ඔවුනොවුන් 'ලෝකය එලිය කරන්නට' ගිවිස ගන්නෝය.මේ වීඩියෝව ඉතා සැලකිල්ලෙන් නරඹන්න. නැරඹීමට පෙර මේ පේලි කිහිපය කියවා ...
[218] පොත් සත්කාර්යයේ චමත්කාරය අනුමෝදන් කරනු වස්... ~~..... සංසාරේ අපි ..... ~~ සැප්තැම්බර් මාසෙ දවසක මේ උඩහින් පේන ඉස්කෝලෙට (කෑගල්ල පානකාව මහා විද්‍යාලයට) මම ගොඩ වුනේ මගෙ පුද්ගලික ඉගෙනුම් කටයුත්තක් පිලිබඳ වැඩකට. ඒත් ඒ පාසලෙ හරි අපූරුවට පුංචියට නමුත් පිලිවෙලට වැඩ සිද්ධ වෙන ලස්සන දුටුවම , කාටද උදව් කරන්න නොහිතෙන්නෙ ?"පොඩි පැටවුන්ට කියවන්න පොත් පත් තමයි හිඟ. ඒත් ඔය පුංචි දරුවා ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕනි නෑ. ඔයාට පුලුවන් හැටියකට පොතක් දෙකක් ...
[217] නගරං කපුටු 'වස්තුව' ~~..... සංසාරේ අපි ..... ~~ ගොම්මනට කිසිම බිය සැකක් නැතිව කොලොම් තොටේ රස්තියාදු ගසමින් , කඩ සාප්පු වල ඇවිදීමේ නිදහස අද සීමා වී තිබේ.. එයට හේතුව ගෙයි මාපිය සෙවණේ කූඩු වීම නොවේ... රෑ දෙගොඩ හරියේ මම යන අඩල් ගමන් වලට දැන් අපේ අම්මාගේ සිත කම්මර වී තිබේ.. මගේ වියපත් බව සිහි කැඳවා 'දැන් මා පොඩි එකකු නොවේ යයි කියා ඒ කාලයේ මම රණ්ඩු ඇල්ලුවා මතකය.එහෙත් ...
[216] සා ! රා ! ~~..... සංසාරේ අපි ..... ~~ හැඳි ගැරුප්පු පිඟන් තලය මත ගැටෙන හඬ සමග තරහින් මෙන් සාරා අහර ගැනීම නවතා මඳ හුස්මක් ගත්තාය. එහෙත් පරිසරය නිහඬ වී නැත. ඈතින් මෙන්ම සිය වත ඉදිරිපස හිඳින අරවින්දගේ පිඟානෙන් පවා නැගෙන , කන් කීරි ගැස්වෙන කඩු කිණිසි හරඹය දෙස, ඈ නිනව්වක් නැතිව මෙන් බලා සිටියේ හිස් බැල්මෙනි. ගෑරුප්පුවෙන් අනින්නේ මස් කෑල්ලටය. හැන්දෙන් අනන්නේ ඇනුම් කෑ අහරය. හැන්ද බිලිපිත්තකි. ගෑරුප්පුව ...
[215] කූට න්‍යායෙන් 'අයි ලව් යූ' කියවගන්න විදිය මෙන්න ! ~~..... සංසාරේ අපි ..... ~~ අතිශය වෙහෙසකර සති කිහිපයක් ගත වෙද්දි , පිටු දෙසිය ගණනක් ලියවෙද්දී , ඉඳහිට සැනසුමක් ලබන්නේ අහම්බෙන් අහුවෙන ගීතයක් ඇසීමෙන්... මේ ගීතය ඇහුනාම නම් එකපාරම මම කලේ ඉස්සෙල්ලාම මට ටොක්කක් ඇන ගත්තු එක. ඇයි දන්නවද? මෙහෙවු සොඳුරු ගීතයක් මෙච්චර කලක් ෆෝල්ඩර් එකක් අස්සෙ වේලි වේලි තිබුනු එක ගැන. ඔන්න බලන්න. ක්‍රියෙටිව් කොල්ලෙක්, එලිච්චියක් වගෙ තමන්ට 'බෑ බෑ බෑ' කිය කිය ගණන් ...
[214] පෙම්මුල්ලේ රස්තියාදුව 10 ~~..... සංසාරේ අපි ..... ~~ ගිය ඉරිදා, මහා වැහි දවසක්...අන්ධකාරය කපාගෙන අරමුණට යා යුතුව තිබේ.රාත්‍රිය කපාගෙන මාලබේට යා යුතු තවත් අර්බුධකාරී දවසක්..වැහි කෝඩයට තැලී පොඩිවී මිරිකෙමින් නුවර කරා යන ගමනේදී , ආපසු පියවර තියා ගෙදර දුවන්න හිතුනේ වරක් දෙවරක් නොවෙයි. ගෙදර දුවා ඇඳට පැන පුරුදු බ්ලැන්කේට්ටුව තුල ගුලිවී නින්දක් ගසන්නට කියාපු කාලගුණේ... :( සිත පෙරැත්ත කරයි.දෙකට දෙවාරනේ තීරණ ගැනීම, ආඩාතාඩේ ගමන් යෑම යන දෙකම දැන් ...
[213] තිත්ත මිදි හා පසුගිය මාස 3 ගෑන... ~~..... සංසාරේ අපි ..... ~~ වසර එකොලහක ඉතා දිගු නැවතීමෙන් තොර වෙහෙසකාරී ධාවන මාර්ගයෙන් මීට තෙමසකට ඉහත ලොකු වංගුවක් ගෙන පිට පැන්නා මතකය. අධිවේගී පථයෙන් පිට පැනීම හිතූ තරමට ලෙහෙසි වූයේ නැත. එය මහා මානසික ගැටුමක් විය. මම සිතා බැලුයෙමි.කල් මැරුයෙමි...මට මේ තීරණය ගන්නට හිතේ හයිය ඇතිදැයි කිරා මනිමින් බැලුයේ වරක් දෙවරක් නොවේ.ඉගෙනුම් කටයුත්තකට හැරුනු විට , කිසිවෙකුත් අත නොපෑ, වසර 6ක් ගොඩ නැගූ අතිශය ...
[212] සිත්තර රස්තියාදුව 9 - යටත් විජිතයට එබී බැලුවෙමි ~~..... සංසාරේ අපි ..... ~~ අද නුවර ටවුමට යැවුනෙ අහම්බෙන්. පොත් සත්කාර්යයෙ තවත් අදියරකට පොත් ගන්න ලෑබුනා. ඉතින් පන්දහසක පොත් මල්ලත් කරින් අරන් එද්දි , රස්තියාදුවක් යන්න තරම් වටින දෙයක් මේන්න ඇස් ඉස්සරහා!!!! ආයෙ කිසි කලෙකත් බලන්න වෙන්නෙ නැති දෙයක්. මෙතෙක් එතෙක් කල් කිසිම තැනක ප්‍රදර්ශනය නොවෙච්චි දෙයක්. මෙතෙක් කල් මහා බ්‍රිතාන්‍ය කෞතුකාගාරෙ බුක්තියට සවි වෙච්චි එක්දාස් අටසිය කාලෙ පින්තූරු එකතුවක්!!!! නොබලා කොහොමද දෙයියනේ... දෙසින් ...
[211] මේ ජූඩි - කඳුලු දෝණිය ගැන... ~~..... සංසාරේ අපි ..... ~~ ඈ ජූඩි. උපතේ සිටන්ම ඈ පටන් ගත්තේ ඛේදවාචකයක්. උපන් දියණිය කෙරේ කිසිදු සෙනෙහසක් නොදැක්වූ මුත් , ජූඩිගේ දෙමාපියන්ට ජූඩි බෙදාගතයුතු "ආභරණයක්".බේබදු අනියම් සැමියකු සොයා යන මවටත්, ගුප්ත දර්ශනය විකුණමින් අනියම් බිරිය හා වසන පියාටත් ජූඩි 'දරුවක් සිටීම' යන පූර්ණත්වය පවුලකින් නොගිලිහෙනු උදෙසා අතකොලුවක් වූවා. ජූඩිගේ තිබූ මේ එකම වටිනාකම වෙනුවෙන් නිර්දය ලෙස මවත් පියාත් ජූඩි අතින් අත යවමින් පන්දු ගැසුවේ ...
[210] ඒ මම ද?.....මම නොවන මම ද?..මම ද නොදන්නෙමි... ~~..... සංසාරේ අපි ..... ~~ නිහඬ තාව රජ වෙයි.දෑස් ගණනාවක් මා වටා ගොනු වෙන'යුරු, කවාකාර මත්ස්‍ය දෑසකින් නරඹමින් සිටින්නේ කවුද? එක් දෑසක් අනෙකෙන් වෙනස්ය. එකෙක කාන්තියකි, අනෙකක නිදිමතකි. තවෙකක කුතුහලයකි. තවෙකක මේ මුකුත්ම නැති සෙයකි. මේ දෙනෙත් මග හරිමින් , දෑස් එහෙ මෙහෙ යන්නේ , ඉහළ පහළ යන්නේ කිසිදු ඒකීය රිද්මයක් නොපෙන්වමිනි.මම හුස්මක් ගනිමි. ඉ..හ..ළ..ට..!ජීවිතය, ආදරය, අතීතය , අනාගතය යනාදී දහසකුත් එකක් චිත්ත පරම්පරාවන් , ...
[209] ගුරු උපහාරයකින් රිදුනු දුයිශෙන් සිතක් සහ පොප්ලර් ගසක් ... ~~..... සංසාරේ අපි ..... ~~ " හැම උදෑසනකම, මා මගේ කාර්යාලය වෙත පිය නැගු විගස , මගේ පුරුද්දක් තිබුනා කාමරයේ වීදුරු බිත්තියෙන් එලිය බලන්න. ඒ ඇයි දන්නවද? විශ්ව විද්‍යාල පිට්ටනිය අයිනෙ මීට කාලෙකට ඉස්සර මම පැලකල පුංචි 'පිහිඹියා' ගස දිහා බලන්න. බලල හොඳ හුස්මක් ගන්න. සතුටු වෙන්න . ඒ පිහිඹියා පැලය මම පැලකළේ ඇයි දන්නවද? මම හුඟක් වෙලාවට දැකල තියනව අපේ ආයතනයෙ දරු පැටවු පිට්ටනියේ ...
[208] අවිනීත ඇත්ත කතාවක් ~~..... සංසාරේ අපි ..... ~~ එදා සතියෙ දවසක්. තමුන්ගෙ රාජ්‍ය නොවන ආයතන කාර්යාලයේ ප්‍රධානියාගෙ ඔපීසියෙ සිට ෆයිල් ගොඩක් ඔසවගෙන තමන්ගෙ මේසයට දුවන ගමන් සිටි කුමුදුනීගෙ ජංගම දුරකතනය නාද වෙන්නට වුනා.නොදන්න නොම්මරයක්! සාමාන්‍යයෙන් නොදන්න අංක මග හරින නිසා කුමුදු එය නොසලකා හරිමින් ෆයිල් ගොඩ මේසය මත තබා හුස්මක් ගත්තා. විනාඩි කිහිපයක්.. ආයෙමත් දුරකතනය නාද වෙනවා. යලිත් එම නොම්මරයෙන්ම. ඈ දුරකතනය දිහා ...
[207] අයිස්ක්‍රීම් පිලිකන්නේ සිට .. ~~..... සංසාරේ අපි ..... ~~ මම හිඳගෙන සිටියෙමි. විවිධ පාටැති හැඩැති රසැති අයිස්ක්‍රීම් රාක්ක වලින් අත් වලටත්, අත් වලින් කුස් වලටත්, අතින් අත යන පොශ් පඩිපෙල යට , කාටත් තේරෙන බසින් කිව්වොත් අගුපිලක හිඳගෙන සිටිමි.(ඔය උඩහින් පේන්නේ ඒ අගුපිලය, එවෙලේ එය ජනාකීර්ණය) මා සිටින්නේත් හිස් අතින් නොවේ. රුපියල් හෑටපහේ මා ප්‍රිය කෝනෙට්ටෝ අයිස්ක්‍රීම එකක් ලෑටි ගාමින් මමත් ඒ අගුවෙහි ...
[206] ජීවිතේ මල් වෑර්ලස් එකේ කතා කලාලු ! ~~..... සංසාරේ අපි ..... ~~ එදා පැහැබර දවසක්. නිතරම මට ඉර නැගෙද්දි ඇහැ ඇරුනම මතක් වෙනවා , හනේ තවම පාන්දර නේද? තව කොච්චර නම් වෙලාවක් තියනවාද 'දවස උදා වෙන්න' කියලා. ඒත් එදා මට සිද්ද උනා පාන්දර අටට ඇහැරෙන්න. ඇයි මාමෙක් ලැහැත්ති උනානේ මගෙන් උදේ පාන්දරම ප්‍රස්න ගොඩක් අහන්න. කවුද ඉතින් අර කොපි පූශා (Copy Cat) , වැප්නිසාන්ත වැඩසටහන් මෙහෙයුම් කරුවා.ටික දොහකට කලියෙන් මේ ගොල්ලො ඔන්න ...
[205] ඩේවිඩ් අන්කල් සහ (ආපසු බස්) රස්තියාදුව 7 ~~..... සංසාරේ අපි ..... ~~ දවස් ගානක් නැවතිලා හිටිය යාලුවගෙ ගෙදරින් මිදිලා පිටත් වෙලා ගෙදර යන්න වෙලාව හරි ( මේ සිද්දිය සිදු වුනේ ගිය සතියෙ සිකුරාද හෙවත් 23 වෙනිදා උදේ) පොත් ටික ! දෙයියනේ පොත් ඔක්කොම නම් ගෙනියන්න තවලමක් වත් හයර් කරන්නට වෙනවා. හිත හදාගෙන මගෙ නවකතා ටික ( ටික කිව්වට 31ක්) බැක්පැක් එකට පැටෙව්වා. හානේ චුට්ටක්වත් බර නෑ. ! කිලෝ 15ක පුලුන් ගෝනියක් වගේ ...
[204] මගේ (අවුරුද්දෙ අන්තිම පොත්) රස්තියාදුව 6 ~~..... සංසාරේ අපි ..... ~~ පොත් එකතු කරනවා විතරක් නෙමෙයි, ඇඳේ ගෙම්බෙක් පොලේ ගැහුව වගෙ දපාගෙන ඒවා කියවන එක තරම් කාලය සහ ධනය නිස්ලෝභීව වැය කරන වෙන විනෝදාංශයක් මට නැතිම තරම්. ඇයි රස්තියාදුව? ඒක හැබැයි අංක දෙක. :-) ඉතින් ගිය අවුරුද්ද ඉඳල සතෙන් සතේ එකතු කරල රැස් කල පොත් ප්‍රතිපාදන වල අන්තිම රුපියල් කීපය අරගෙන බ්රහස්පතින්දාවේ හවස ආයිමත් BMICH එකට සේන්දු වුනේ 2011 අන්තිම පොත් ...
[203] මගේ රස්තියාදු (පොත්) චාරිකා 5 ~~..... සංසාරේ අපි ..... ~~ ඔන්න ඉතින් දැන් හැමෝම බලාගෙන ඉන්නේ පොත් ප්‍රදර්ශනෙන් ගෙදර ඔසවාගෙන ආව ලොකු පොදි දිගාරිනකල් නේද? දිගෑරියා... අම්මේ... පුසුඹ බැලුවා... කියවන්නත් ගත්තා... යාලුවො හමු වුනා.. අපූරු දවස් දෙකක් ගෙවුවා... (තුන්වෙනි පා ගමනකුත් තියේ)ඔන්න මම මල්ල දිග අරිනවා....හැම වතාවෙම වගෙ, කුඩා කාලෙ මගෙ සිත වසඟ කර ගත්තු අපූරු ලමාපොත් එකතුවට මේ වතාවෙත් කිහිපයක් එකතු කරගන්න මම අමතක කළේ නෑ.එන්න මේ පාර පැරණි ...
[202] මගේ රස්තියාදු චාරිකා 4 ~~..... සංසාරේ අපි ..... ~~ හතර වෙනි රස්තියාදුව ආවෙ වෙන කොහෙවත් නොවෙයි. කොලඹ... ඒ මොකෝ ? ඇයි දෙයියනෙ පොත් ප්‍රදර්ශනේ ... !!!! වෙන මොනවද? රස්සාවක් කරන්න ගත්තු 2006 අවුරුද්දෙ සිටම අද වෙනතුරුම හෑම අවුරුද්දෙම ඔය වන්දනාව කරන එක අතෑරුනෙ නෑ. රස්තියාදුවක් නෙමෙයිනෙ. මේක නිකම්ම නිකම් බස් ගමනක්නෙ. ඔයාල කියාවි. අපොයි නෑ. මොන පිස්සුද ? කියවලම බලන්නකො. එක පින්තූරයක් නෑ අද. හේතුව තමයි තනි අතින් රිලවෙක් ...
විල්මා..!!..පෝලියෝ දෛවයට පිටුපෑ විස්මිත දෙපා ! ~~..... සංසාරේ අපි ..... ~~ දෙවියනේ ඈ පෝලියෝ රෝගියෙක් !!!! ඒ විතරක් නොවෙයි ලෙඩ වාට්ටුවක්! දිලිඳු රැඩොල්ෆ් පවුලට නිකනුත් තිබෙන මහා ජීවන බර මදිවාට අහෝ, නොමේරූ දරු උපතක් .. 1940 ජූනි 23 වෙනිදින රැඩොල්ෆ් පවුලට ආ මේ සිඟිත්තිය උපතින්ම අරන් ආවෙ ලෙඩ දුක් එකක් දෙකක් නොවෙයි. දරුවන් විසි දෙදෙනෙකුගේ මහා බරපතල පවුලට එක් වූ විසි වැන්නී ඇයයි. පුංචි කාලෙ සිටම නොනවතින ලෙඩ ගොන්නකට ...
[200] උදව්වක් ... ඇත්ත කතාවක් සහ අකරතැබ්බයක් ! ~~..... සංසාරේ අපි ..... ~~ තරිණියි ශාන්තයි ආයෙමත් කුලී ගෙවල් හොයා යන්නට වුනා.. ඉරිද පත්තරේ.. ඉන්ටනෙට් එකේ, අඳුනන්නන්ගේ පණිවුඩ... ඔය හැම විදියටම.. ශාන්තට වඩා තරිණිට මේක බරක්.. ලබන මාසෙන් පස්සෙ ?? ආයෙමත් බඩු ඇදිල්ල.. ආයෙමත් අස් කෙරිල්ල.. ශාන්ත හිටියට , බඩු ඉස්සිල්ල , තැබිල්ල ඇරුනම ඉතුරු කොටසට එයා දායක වෙන්නෙ නෑ. ඒ ටික තනියම කරන්න එපැයි. ඊට කලින් වාසයට සුදුසු ගෙයක් හොයන්නත් එපැයි.. !!!! රස්සාව, ...