ඒ සාන්තුවර තෙම අතේ වළල්ලක් පැළඳ සිටියේය! ~~..... සංසාරේ අපි ..... ~~ තවත් කතාවක්...දවස (මතක නෑ)ඒත් සිද්දිය නම් හොඳට මතකයි...සිද්දියට සම්බන්ධ අය අඳුනන්නෙ නෑ. වෙලාව : ගිනි මද්දහනේ..කොල්ලුපිටියෙ එක්තරා අතුරු පාරක ලොරියක් නවත්තලා.. ලොරියෙ ඉදිරිපස කොටස හරියෙ මිනිසුන් දෙතුන් දෙනෙක් බිමට යොමාගත් විමසුම් ඈස් ඈතිව කතා බහක... ලොරියේ පිටිපස දිසාවෙන් ලොරිය කරා, මාවතේ ඈවිදගෙන එන මට හිතුනෙම ලොරියෙ ටයර් එකෙ පෑච් එකක් යන්න ඈති කියලයි. වෙන මොනව බලන්නද ? හෙමි හෙමීට ...
අබිරහස් කතාවක් ! ~~..... සංසාරේ අපි ..... ~~ ජීවිතේ මහ අබිරහසක් ! නොවිසඳුන, හිතා ගන්න බැරි, හේතු නොපෙනෙන , සිද්දි දාමයක අද මේ මොහොතෙ එක් අවස්ථාවක අපි ජීවත් වෙනවා. හෙට වෙනකොට ඒ කිසි දෙයක් එතැන නෑ, තිබුන පෙර විධියෙන්. අගතියට හෝ උන්නතියට කාරණා සඟවමින් දලඹුවා සමනලයෙක් වෙලා !!We are simply a part of a Chain Reaction of this living world! ආගම්, කේන්දර, අනාවැකි, පේන , දාර්ශනිකයින් , මනෝ ...
මහින්දාගමනයෙන් ඔද වැඩුනු සිනමාscope :-) ~~..... සංසාරේ අපි ..... ~~ අද මම ලියන ලිපිය කොටින්ම මහින්දාගමය ගැන.සහ කොටින්ම මහින්දාගමනය වගේමයි... හොඳේ... පටන් ගන්න කැමතියි මගෙ පිස්සු රචනා මූඩ් එකෙන්. ලියමනේ මැද්දෙදි මම කැමතියි පීලි පැනලා සීරියස් වෙන්න. කමක් නෑනේ. ඒකට මම සමාවට කරුනු දෙන්නම ලිපිය අවසානයේදි... හොඳේ... අද මට වෙච්චි දේ සහ සිනමාසාලා ඉන් Kandyමහින්දාගමනය බැලුවා. සිනමාපටය පිලිබඳ අබමල් රේණු භාගයකවත් හැඟුමක් නැතිව එහි යාමේ මූලිකම පරමාර්ථයම වූයේ මගේ මව ...
LOVE නිසා නිවනක් නැති සොබාදහමට ආදරයෙන්.. ~~..... සංසාරේ අපි ..... ~~ කොණ්ඩ කිරිල්ලියක්ට බස් එකෙ වෙච්චි ඇබැද්දි සහගත දුක්බර සංවාදෙට හොරෙන් ඇහුන්කන් දුන්නට, (ඇත්තෙන්ම කිව්වොත් ඒක ඇහෙන තරමට සද්දෙන් වුන දෙයක් නිසා මට කරන්න දේකුත් නෑ) ඊට පස්සෙ අද වෙනතුරුත් එච්චර අමුතු දෙයක් ඔලුවට ආවෙ නෑ කියාගන්න ලියාගන්න. ඒත් අද උදේ මීඩියා ෆයර් එකෙන් බාපු සින්දු ගොඩාරියෙ එක හා සමාන සින්දු තුනක් ඇහිලා අනේ මන්දා මොනවදෝ ලියවෙන්න ගත්තා.. "මගේ හිතේ දුකක් ...
ආදරනීය ආදරය හෙවත් මායා බන්ධන !!!!!! ~~..... සංසාරේ අපි ..... ~~ කොණඩ කිරිල්ලියේ... කවුද නුඹේ ප්‍රේමවන්තයා..? කොණ්ඩෙ කපනවාද ? කොණ්ඩෙ බඳිනවාද ? කියාපන් එයා ?? සී ටි බි බස් එකේ හරියට ඉඳගන්නවත් ඉඩක් පාසුවක් නෑ. ඒත් මද්දහනේම කොහෙන් උනත් හොඳ ඇෆ් ඇම් එකකින් ගීතයක් ඇහෙන්නට වුනා... මට අනෙක් පස ඉඳගෙන ඉන්න තරමක් සංකර පහේ දඟකාර කෙලි පොඩ්ඩක් ජංගම දුරකථනයක නොම්මරයක් ගලපනවා මට ඇස් කොණෙන් පෙනුනා.. අනුන්ගේ දේට කණ් දෙන්නට ...
මගේ රස්තියාදු ගමන් 3 ~~..... සංසාරේ අපි ..... ~~ නුවර සිරි බලලා ඊලඟට පේරාදෙණි බස් එකේ නැගලා ගැටඹේ ක්‍රීඩාංගනය ගාවින් බැස්සෙ ඉතින් පයින්ම ගාටන්න බලාගෙන... රාත්‍රිය කානිවල් එකට ගැටඹේ ක්‍රීඩාංගණය වෙන් වෙලා. හරිම කලබලයි එතන. මේ වතාවෙ කවදාවත් නොබලපු කානිවල් එකත් බලන්නයි හිත.. බලමුකෝ.. නේද ? :-) මේ බුදු පිලිමය තියෙන්නෙ පෙරහැරට දිය කපනා තොට පන්සල අසලයි. නුවරට එන උදවියගෙ සිත් පහන් වෙන දසුනක්.. දිය කපනා තොට පන්සල අසල නව ...
මගේ රස්තියාදු ගමන් 2 ~~..... සංසාරේ අපි ..... ~~ සතියකට විතර පස්සෙ ආයෙමත් කිසිම හේතුවක් නැතුව නුවර යන්න තියා ගත්තෙ වෙන කිසිම දේකට නොවෙයි.රස්තියාදු ගැහිල්ල නිසාමයි. (ඇයි කොල්ලොන්ට විතරද රස්තියාදුව කැප?) නේද ? :-) ගල්කිස්සට නම් අඩු ගානෙ මුහුදු වෙරළක් තිබ්බා.. මගෙ තනියම ගත වෙන මුහුදු සැන්දෑ ගැන, මම වෙරළෙ හැදුව වැලි මාලිගා ගැන ඔයාල කියවල ඇතිනේ.. ;-) නුවරට කොහෙද මූදු ? ඒත් නුවරට තියනවනෙ ඊට වඩා අපූරු තැන් ...
මගේ රස්තියාදු ගමන් 1 ~~..... සංසාරේ අපි ..... ~~ සති කීපයක්ම මලානික ලෙස ගෙවෙද්දි( එක අතකින් ඉන්ටරස්ටින් තාලෙට- හිතට හිතෙන ඕනෙම ඉබාගාත අයිඩියා එකකට එලියට එන්න ඉඩ දිදී) ගෙදෙට්ටම වෙලා කේක් එකක් වගේ ඉන්න එකට මටම තරහක් ආවා.. :-)ආයෙ බෑලුවෙ නෑ.. බෑස්ස එලියට...මෙහෙම කිව්වට පහුගිය සතියෙ කල වෑඩ නම් බෝමයි...සාරි වසන්තය කවදාවත් කරන්ඩ වෙලාවක් ඉතුරුවෙයි කියල හිතුවෙ නැති ජල්ලියක් මෙදා මම ඇල්ලුවා... සාරියක් වැඩ දැමීම.. වැඩ කිව්වට බොහොම ලදරු ...
මරණ භය අත් වින්දෙමි !! ~~..... සංසාරේ අපි ..... ~~ ඒ මීට කිහිප වසකට පෙරය...කලකට පසු මම ප්‍රිම් රෝස් කන්ද කරා දිවෙන කඳු මාර්ගයේ ඉහලට ඇවිදිමින් සිටියෙමි. මට පසෙකින් වූ මගේ ඥාති සොයුරෙකුත් සමග කතා කරමිනි මා පයින්ම ඇවිදින්නට වූයේ. මා කුඩා කල ඉතා ප්‍රිය කල අපූරු නිවසක් පසු කරමින් මම ඇවිදිමින් සිටියෙමි..ඉහලින් ඇසෙන්නට වූයේ සීනු හඬකි... එය මාත් මගේ සොහොයුරාත් විමතියට පත් කරන්නක් විය... අපි මුහුණට මුහුණ බලා ගතිමු.. ...
ගෙඹි හදවත.... ~~..... සංසාරේ අපි ..... ~~ මම දෑස් හෑර බෑලුයෙමි... හෙමි හෙමින් සිරුර ජල තලයක පෑද්දෙන අයුරු මට දැනෙන්නට විය... එක් මොහොතකට මට මා උන් ඉසව්ව හඳුනා ගන්නට අපහසු විය... මේ කොහෙද ???දෑස් මත වදින හිරු එලියෙන් මොහොතක් අන්ද මන්දව උඩ බිම බලමින් මම ගෑටියට රූටා උන් නෙලුම් කොළය මෑදට වන්නට හරි බරි ගැහුනෙමි...එක් පයක් හෝ ගඟ දිය මත හෙලනු නොදුන් මුත්, සීතලෙන් ගල් වූ ...
芸者 හෙවත් ගේෂාවක් සොයා ගියෙමි ~~..... සංසාරේ අපි ..... ~~ ඈ මන්මෝහනීය සුරූපිනියකි... එමෙන්ම සියලු කලාවන්හි , ආචාර ධර්මාදීන්ගේ අග්‍ර පුහුණුවක් ලද්දීය. ස්වකීය ගනුදෙනුකරුවන්ගේ චිත්ත සන්තානය පිනවීමෙහි ලා ඈ මේ සියල්ල උගනින්නීය.. කෙටියෙන්ම කිවහොත් විනෝදය , සතුට සහ කලාත්මක හැකියාවන්ගෙන් ගනුදෙනුකරුවන්ගේ ඓන්ද්රියයන් සනසවන්නීය.. සිරුර කිසි ලෙසකින්වත් අලෙවි නොකොට ඈ ඈගේ කාන්තා භාව ලීලාවන් අලෙවි කරන්නීය....තේ පෑන් සාද , ප්‍රිය සම්භාෂණ , සමූහයක් එක්ව සතුටු වන ඕනෑම අවස්ථාවකට ඈ සිය ...
පූර්ව ජන්ම -Unfinished Business ගැන - ප්‍රිහාන්, මම , සහ සුනේත්‍රා... ~~..... සංසාරේ අපි ..... ~~ සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගෙ 'පූර්ව ජන්ම අපූර්වය' පොත දිලිසි දිලිසි පොත් රාක්කෙ හරි බරි ගැහිලා, තැඹිලි පාට පොත් දාරෙ ඇස් වලට දර්ශනය කරද්දි , Uනලය දිගේ ප්‍රිහාන්ට ඕනෙ උනා අහම්බෙන් දුටුව කෙල්ලක් ගැන මේ විදියට නාහෙන් අඬන්න.... අහසයි පොළවයි වගේ නෙමෙයි , හඳයි තරුයි අහසයි වගේ ඒ සින්දුවයි , අර පොතයි , මේ ජීවිතේමල්ගෙ මතකයි එකට සමපාත වුනේ , ආයෙමත් ...
දිගම දිග ඇත්ත කතාවක් !!!!!!!!! ~~..... සංසාරේ අපි ..... ~~ ඒකා නම් යස්ස පැටියෙක්.... වදකාරයෙක්.... මගෙ නහර වල ලේ ඉහලම උෂ්ණත්වයට පත් කිරීමේ සමත් වූ දඟ මල්ලක්... ඒ කාලෙ... 2006.. අවුරුදු 17ක් වගෙ ඇති යාන්තමට ඌට.. ඉන්ටනෑශනල් ඉස්කෝලෙක හිටිය හොඳවෑයින්ම කරදරකාර කොල්ලෙක්. වාසනාවට මම ඒ ඉස්කෝලෙ නම් ඉගෑන්නුවෙ නෑ. ඒත් හාපුරා කියලා උපාධිය අවසන් වෙන්නත් පලමු එක් පරිඝනක ආයතනයක උගන්නන්න සෙට් වීමෙ ප්‍රතිපලයක භයානක අතුරු ඵලයක් වූයේ මේ නහරකාරයාගේ ගුරුවරියක් ...
නුඹ ..යන... තුරු... ~~..... සංසාරේ අපි ..... ~~ ..ඈතිනුත් ඈතටනුඹ පිටුපා යන තුරු.......තිතක් වීනොපෙනීම යන තුරු.......වේගවත් රිද්මයෙන්එසවෙන පා හඬනෑසී යන තුරු.....මා හිඳින්නම්බලාගෙනවෙනතක දුරු....... ..අහස පොලව ලං කළ අප ගැන ලොවටම අමතක වෙන තුරු.....හිස් බැල්මෙන්ම ඉඳින්නම්....අනන්තයක් තරම් දුරක්ෂිතිජයටනුඹ පිටුපා යන තුරු...............(පින්තූරයේ පූර්ණ අයිතිය පැතුම් වීරසිංහ සොයුරා සතුය.... පැතුම් මල්ලි , ඔබට ස්තූතියි මේ පින්තූරය නොමසුරුව ලබා දුන්නාට) ...
ඈගේ උදාන ගී උදෑසන, මම බලා සිටියෙමි.... ~~..... සංසාරේ අපි ..... ~~ ඉර එලිය එබෙන්නටත් කලියෙන් ඔහුගෙ ශරීරෙම එතෙන්න ගත්තෙ සීත සුලඟක්..... තිර රෙදි ප්‍රමොදයෙන් එහා මෙහා නටනවා... දඟලනවා... උස කවුලුවේ එතෙනවා...... මන්දාරම් එළිය අස්සෙන් කවුදෝ එහෙ මෙහෙ යන්නෙ මොකද මේ අවේලාවේ??? කාමරෙන් එලියට ඇරිච්චි පුංචි උද්‍යානය මෙච්චර උදෙන් දොඩමලු වුනේ කොහොමද ?ඔහුට එක පාරටම විදුලිය දැල්වුනේ ගතවුනු දවස සිහිපත් වෙමින්... හිතට දැනෙන්නේ මොනවාද කියාවත් නොතේරෙන මොකක්දෝ හැඟීමක් උගුර ලඟ හිර වෙලා ...
ජීවිතේ දිගයි...ඒත් මම නැවතුනා.. ~~..... සංසාරේ අපි ..... ~~ රෑ 12.15යි වෙලාව...වෙලාව රෑ 12යි.... වෙනදට ඇහෙන ලොරි සද්දෙ, ගාලු පාරෙ බස් සද්දෙ, එහෙන් මෙහෙන් ගල්කිස්ස වෙරල තීරෙන් එන මල් වෙඩි සද්දෙ... ඒ මොකුත්ම නැහැ. ඒ වෙනුවට , හොඳට කණ දීල උන්නොත් , හෝ ගාල එන ගඟේ සද්දෙයි , රෑසි සද්දෙයි මිසක්කා... වෙන මොකුත්ම නැහැ. හිත මොකක්දෝ වේගෙන ගිහින් පාලුවෙන් බර වෙනවා.... ආයෙමත් සීතල වාතයෙන් පිරෙනවා....ගෙදරම නිදි... ඒ කියන්නෙ මගෙ ...
කඳු මුඳුනට නැග බලන්න ජීවිතයේ උස..!! ~~..... සංසාරේ අපි ..... ~~ ජීවිතේ බොහෝ දුර පහු කරන් ආයෙමත් කඩ ඉමකට ඇවිත්... සංසාරේ අපි ගැනම මේ ලියන බ්ලොග් සටහනේ ජීවිතේ මල්ගෙ ආත්මීය සලකුණු මැකෙමින් , අවවාද උපදේශ හිස ඔසවා හිටිය කාලෙකට පස්සෙ , ආයෙම වතාවකට මම 'ආත්ම ප්රකාශනයක' මුල් වචන කිහිපය ගලපනවා ...කලින් කලට කොලඹ නුවර ජීවිතේ පැදපු මාවත වහල දාලා ආයෙමත් ගස් කොලන් අස්සෙ නැංගුරම ලන්න කාලෙ ඇවිත්. හය අවුරුද්දක් තිස්සෙ කොලොම්පුරේ ...
මා ඇසූ අවාසනාවන්තම සත්‍ය කතාව - ජෝඩි බ්‍රවුන් ~~..... සංසාරේ අපි ..... ~~ ඈ ජෝඩි බ්‍රවුන්. කොටින්ම ජෝඩිට අනෙක් අය කිව්වෙ 'යක් පැටියා' කියලා. ඈ බඩු පොළොවේ ගසන , යටිගිරියෙන් බෙරිහන් දෙන උමතු කෙල්ලක්..හිතෙන් මවා ගත් චරිත වලට වරින් වර ආරෝපණය වෙන , යක්ෂාවේශයෙන් නොසරුප් වදන් කියන , වචනයේ අර්ථයෙන්ම පුංචි යක් පැටියෙක්..ඇගේ කැපකරු මව - එක් මවක් නොවෙයි මවුවරු ගණනාවක්- ඇගේ මේ අසාමාන්‍ය හැසිරීමෙන් පත් වන්නේ එසේ මෙසේ අපහසුතාවයකට නොවෙයි. ඒ නිසාම ...
'අලෝකයෙන්' ලෝකය උමතු කළ පිස්සු විද්‍යාඥයා... ~~..... සංසාරේ අපි ..... ~~ ඒ 1847 පෙබරවාරි එකොළොස් වෙනිදා... අමෙරිකාවේ ඕහියෝ ප්‍රාන්තයේ මිලාන් නුවරට ඒ විශේෂ දිනයක් වූයේ නෑ... ඒත් කාලෙකට පසුව, මේ අද දක්වාත් , කතා බහ කරන්නට සිද්ද වෙන අපූරු සිඟිත්තෙක් එදා එහිදී මෙලොව එලිය දුටු බව නම් කියන්නටම ඕනෙ. මේ එතැනයි...~....~කොලුවාට පාසල එපා වූයේ පාසල් දිවිය අරඹා මාස තුනක් ගත වෙන්නටත් මත්තෙන්... උගැන්වූ ගුරුවරිය , ඔහුට පාසල යනු අපායක් බව හඳුන්වා ...
'සැබෑ දවස' ~~..... සංසාරේ අපි ..... ~~ කියන්නට උදාන ගීයක් නැතිඒත් උදාරම් බැල්මක් ඇති....දාහක් එකක් සෝ තැවුල් අස්සෙන්හිනහව, සන්තෝසය වෑගිරෙති..දුර විත් පා රිදෙද්දී ජවය පාමින්කඩිනම්ව, තියා යන , බර අඩි..ෆැන්ටසි හීන රෑඟුම් පිටපතකකුමාරිකාවට ඇඳ, හැඩ බලන හැටි...අඳුර කැටි ගැහුන කලුවර මැද්දෙන්උදේ සැඩ අවු රැල්ල බිම වැතිරෙති.....හිස රිදෙන , සැඩ ඉරෙක 'සැබෑ දහවල''නිදා දුටු සිහින' උදුරාගෙන ගිය හැටි !~දිල්ශාරා වීරසිංහ~ ...