[259] හිංසාව වපුරන්නන්ට සෙනෙහසින් ~~..... සංසාරේ අපි ..... ~~ සත්තු මරන එක පව්ය. සත්තුන්ට උපරිම ආයු කාලයම ජීවත් වෙන්න තියනවා නම් ඒක හොඳය. ඒ වගේම එක සතෙක් තව සතෙකු සිය කුසගින්න නිවා ගන්නට යොදා නොගන්නවා නම් තවත් හොඳය. එතකොට මේ ලෝකය ලේ හැලීම් නැති සුන්දර තැනක් වෙන බවත් ඇත්තකි. ගල ගහන්නා වගේ , වෙඩි තියන්නා වාගේ මෙහෙම ලියමනක් අරඹන එක කොච්චර කැතද? ආඩාතාඩේ පටන් ගෙන , එහෙන මෙහෙන් ඉඟියක් ...
[258] සාංකාව සහ සමනල්ලු ~~..... සංසාරේ අපි ..... ~~ පෙම්වතෙකුට , මම මේ කිව්වේ සරල සුගම පෙම්වතෙකුට තිබෙන එක් පොඩි සිහිනයක් වෙයි. මුලදී පොඩි පොඩි සිහි කැඳවීම් වලින් පටන් ගෙන , මේ සිහිනය බරපතල සික්නස් (sickness) එකක් තරම්ම නරක් වෙන්නේ ප්‍රේමයේ මුල්ම දවස් වලටය. ඒ සික්නස් එක නම් , පෙම්වතිය ලඟ නැතිවීමෙන් හැදෙන සාංකා තත්වයය. ඩෙංගු මැලේරියා බරවා තරම්ම ශාරීරිකව බරපතල නොවුනත් මේ රෝගය මානසිකව නම් යම් බලපැමක් කරයි. ...
[257] මල් ! ~~..... සංසාරේ අපි ..... ~~ මේ පහළ තියන වීඩියෝව මම නැරඹුවේ මීට හරියටම අවුරුදු 10කට කලින්. ජීවිතේ මොන තරම් ඇදිලා ගිහින්ද? එදා ඒ ඇස්මද අද මේ ආයිමත් ඒ වීඩියෝවම නරඹන්නේ?? දෙවියනේ.. මම අවුරුදු 10කට කලින් ඉඳගෙන හිටි ඒ හාන්සි පුටුවේ ඉඳලම මේගීතය අහමින් එක මොහොතකට නැගිටලා කණ්නාඩිය ගාවට ගියේ අවුරුදු 10කට කලින් හිටි කෙල්ලම අදත් ජීවතුන් අතරද කියලා දෑහින් දැකගන්න. මට දැනෙනවා මොකක්ද අතීත සුවඳක්.. ...
[256] සුනාමියක් හෙවත් Duality ය ! ~~..... සංසාරේ අපි ..... ~~ කිරිල්ලියක් ඉන්නවා. මේ කිරිල්ලි බොහොම වර්ණවත් . කොටින්ම උපතින්ම වර්ණවත්. ඇගේ වර්ණය කියන්නේ පිහාටු විතරක් නොවෙයි. ඇගේ ජීවිතයත් වර්ණ ගැන්විච්චි එකක්. ඇගේ හඬ... ඇගේ ගමන.. ඇගේ බැල්ම .. මේවා ඔක්කොම බාහිර දේවල්. ඒ බාහිර ඔක්කොම පැත්තකින් තියන්න. ඇගේ හිත වර්ණවත්.ඇයට පුලුවන් හිතන්න. ගොඩ දෙනෙක් නොහිතන විදියට. ඇයට පුලුවන් දකින්න, කතා කරන්න , ඒ ගැන... ඕනෙම වෙලාවක්..ඔව්... මේ ලියන්නේ එක්තරා ගැහැණු ...
[255] සුලං කපොල්ලේ සිට ඇය..! ~~..... සංසාරේ අපි ..... ~~ "උඹ නම් මහ වසංගතයක්!, ""මොකක්?""ගැලවිල්ලක් නැහැ. කතා නොකර ඉන්න හැම වෙලාවෙම හිතෙන්නෙම කතා කරන්ඩ. කතා කරන හැම වෙලාවෙම හිතෙන්නෙ අම්මේ මට ගැලවිල්ලක් නැද්ද කියලා""ඇයි මම මක් කලාටද?" "මහ තුවක්කුවක්. කොටින්ම හෙන වදයක්" "ඉතින් තියනවකෝ ෆෝන් එක. මට වද දෙන්නේ මොකද කෝල් කර කර? ""මට ඕනෙ නිසා.. " "ඔයාට මාව ඕනෙ නැහැ.. මම යනවා.. ආයිත් එන්න එපා පැත්ත පලාතෙ" " එහෙම ...
[254] ඇවිත් ගියාට .... ~~..... සංසාරේ අපි ..... ~~ ~`~විවර අඩවන් දොරින , එ'සඳ කලුවර පැමිණ වැතිර හුස්මක් හෙලන , හඬට සඳ විත් එබින ! පියන වෙත එවු කිරණ , රැඳින මොහොතක් පමණ පිටුව පමණක් නැමුන , පොතකි පෙර බැව් පිලිණ!~`~ ...
[253] මතක නැති මතක ~~..... සංසාරේ අපි ..... ~~ ~ පෙති මත දිමුත පැහැ ඇති සුසිනිඳු මලක වුවනත ලලිත වෙත සිත රැඳිමුත මෙලෙක නටුමත කටුද පෙති යට පිණි දුටු කලෙක බැඳි සිත මිසෙක, බිඳි සිත නැත , මත, මතක !~
[252] 2012 පෙරහුරු පොත් රස්තියාදුව ~~..... සංසාරේ අපි ..... ~~ ජීවත් වෙච්චි අවුරුදු ගණනාවේ වෙනස් නොවී එක දිගට තිබ්බ එකම දේ හැටියට මට මතක් වෙන ලොකුම ආසාව තමා පොත්. පොතක් නැතුව ගෙවිච්චි එක දවසක්වත් ජීවිතෙ තිබ්බෙ නැතිව ඇති. අනික තමයි අනෙක් කොයි දේ මිලට ගන්න ගියත් දෙපාරක් හිතන පුරුද්දක් තිබ්බත් පොත් කියන මාතෘකාවෙදි නම් මම හරියට වියදම් කරන්නෙ කිසිම පසුතැවීමක් නැතුව. ඒක ආවෙ අපෙ අම්මගෙන් වෙන්න පුලුවන්. පොඩි කාලෙ උනත් ...
[251] ජීවත් වෙන එකත් ලොකු දෙයක් ! ~~..... සංසාරේ අපි ..... ~~ කාලය යන්නෙ හරිම හෙමින්... ජීවිතේ එක තැන නතර වෙලා වගේ... ඒත් බියක් නැහැ. අහිමිකම ගැනවත් , සැකයක්වත් , දුකක්වත් ... ඒ මොනම දෙයක්වත් නැහැ. මගේ ආත්මයම මා විසින් ස්පර්ෂ කරන්නා වගෙ මට දැනෙනව. මගෙ හිත මාව දුබල කල කාලෙ ඉගිලිලා ගිහින්... ඒ වෙනුවට මගෙ කකුල් දෙකට හිතේ හයිය ගලාගෙන ඇවිත් නහර දිගේ අමුතු ජවයක් දුවනව ! .. කිසිම දෙයක් නොදැන ...
[250] වස් වැදුනු බ්ලොග් පෝස්ට් එක ! ~~..... සංසාරේ අපි ..... ~~ එදා.... අගෝස්තු 7 වෙනිදා මට හීනයක් පෙනුනේය .. ඒ හීනය මෙසේය. 8 වෙනිදා ඒ හීනය මම බ්ලොග් පෝස්ට් එකක් ලෙස සටහන් කලේ එසේය ... මෙදා මම ඔය පෝස්ට් එකෙ කියූ තැන පසුකරමින්ම හෙමින් හෙමින් උඩට ඇවිදිමින් සිටියෙමි. (පහත රූපයේ ඊතලයෙන් ඇති තැන බලන්න) වෙලාව හවස 5.50ට වගේය. දෙයියනි ! ඉහළ බැලූ මට පෙනුනේ කුලප්පු වී ආත බූත නැතුව කඩාගෙන එන ...
[249] ආදරනීය ගැහැණුකම ! ~~..... සංසාරේ අපි ..... ~~ ගීයක් සර්ව සම්පූර්ණ වීම උදෙසා පද, තාල , හඬ යන තුන් අතින්ම සරුසාර වීම අත්‍යාවශ්‍ය බව සත්‍යයකි. මීට දශකයක මෙහා කාලයේදී නම් ඊට සොයනු හැකිවූ උදාහරණ අල්පමය. අද ඇසෙන බොහෝ ගීත වලට හිමි දෑ අතර ලොකුම දෑවැද්ද නම් බහුවිධ තාලයන්ය. ඉලෙක්ට්‍රොනික සද්ද අච්චාරුවක් එක මත එක පාත් වෙන වත්මන් ගී අතර මනසට සුව දෙන , සිත නිවන සුගායනීය හඬක් මතුවන්නේ ...
[248] කඳු හිසින් ගලා ගිය ගඟ ~~..... සංසාරේ අපි ..... ~~ ~``~අතීතෙහි එක දිනෙක කෙඬෑරී ගිරි හිසෙකදිය බිඳක්වත් නොදැක නිදා උන් නිම්නයකඉපැදි දිය බුබුලකට හමුව, මග ගැලු ගඟෙක ගඟය නුඹ ගැලු වරෙක , ඉවුරු බිඳිමින මතක! උරුවමක් නගා ගෙන කොඳුරමින් හීනියටකවියකුත් කියාගෙන වැතිරෙමින් සීතලටමට මගේ යයි කියන්නට හිතක් සෙස් නොකොටනුඹ ඇදෙයි මා තදින් වැලඳ හිඳ, ඈතකටනුඹ ගලන දෙස හොරෙන් ඇස් යැවූ මල් වෙතීඒ මලුත් මා මෙන්ම ගඟෙක සුව විඳ නැතීපිපී සුවඳින් ...
[247] 'මා මළ පසු' - නැවත ලියූ වග ~~..... සංසාරේ අපි ..... ~~ ලියා ඇති නෙක කවි මා මළ පසු මා ගැන, මියෙන්නට දින නොලැබුන මට තිබෙද තවමත් එ'සිහින? ! එ'ලියු, මා මළ පසු කවිය යලිත් ලියන්නට මට අවැසිය මා මළ පසු මගෙ දෙණට කැමති මළ මගුලක් කල මැන ! ප්‍රීතියකි එකෙකු හෝ 'නික්මීම' සැනසුම් නොවෙද ඒකම? එහෙයින් 'මා' 'නිදන' දෙණ , ප්‍රීතියෙන් දකිනට එනු මැන ! එපා දුකට හිමි සුදු කලු ...
[246] විනාශයේ ආකල්ප දොරටු 10 ක් ! ~~..... සංසාරේ අපි ..... ~~ Marc & Angel Original Website මම හැමදාම ඉතාමත් ආසාවෙන් කියවන Inspirational බ්ලොග් එකක් තමයි Marc and Angel . මේ බ්ලොග් එක මට හොයල දුන්නට ස්තූතිවන්ත වෙන්න ඕනෙ අපේ බීට්ල් සහෝට. ඉතින් අද මම කියෙව්ව මේ ආටිකල් එක නම්, අපේ සිංහල යාලුවන් වෙනුවෙන් බෙදාගන්න, මේ මොහොතෙම හිතෙන තරමටම හිතට වැදුනේ ඇයි කියලා මමවත් දන්නෙ නෑ. කොටින්ම මේ පෝස්ට් එක ලියන්නෙ මීට ...
[245] ඇගේ ඝාතකයාගේ කතාව ! ~~..... සංසාරේ අපි ..... ~~ මම ඉපදුනෙ කොහෙද කවදද කාගෙ ලඟද කියල මමවත් දන්නෙ නැහැ. කොහෙහරි ෆැක්ටේරියක මුල්ලක එහෙම නැතිනම් වැඩ බිමක අම්මෙක් අප්පෙක් නැතුව මම මේ ලෝකෙ තනිවෙලා ඉන්ඩ ඇති කවුරු හරි මාව හොයාගන්නකල්. ලොකු වෙනකල් ලොකු දුක් ගොඩක් විඳගෙන මටම මගෙ ජීවිතෙ ගැටගහ ගන්ඩ උනා. අදටත් එහෙමයි. ඒත් ආයිමත් මම හිතෙන් නොහිතුවට මිනීමරුවෙක් වුනා. එහෙම උනේ කොහොමද කියල අදටත් මට ප්‍රශ්නයක්.එදා හරිම මූසල ...
[244] ඇඟිලි තුඩු ~~..... සංසාරේ අපි ..... ~~ පෙණ බුබුලක් මත නොතියන් ඇඟිලි තුඩ අත වැදෙන මොහොතක එයින් ගිලිහෙයි හිස්තැන.. විනිවිද පෙනෙන මැදද වටකුරු හැඩ තාලද දිලෙන පලිඟු වන් බිතද රික්තයට තනි රකින .. බරින් තොර , පාවෙන නොවෙනස් පෙණ බුබුල ඇඟිලි තුඩු දැක රොස් වන බිඳී විසුණුව යනු නොහෙන.. ...
[243] විශ් ! ~~..... සංසාරේ අපි ..... ~~ අවුරුදු දවසේ මට මහා පැන දෙකක් තිබිණ.එකක් මේ හැමෝටම විස් කරන්නේ කෙලෙසද යන්නය... අනික විස් කරන අය එකෙක් නෑර අත නොහැර පෙරලා සේම් ටු යූ කියන්නේ කෙලෙසද යන්නය.ඒ දෙකම ප්‍රස්නෙයක් වන්නේ ... බොහෝ හේතු නිසාය. ලොකුම ප්රස්නය තාක්ශනයය. හේතුව නම් ඊමේල්,, එස් එම් එස්, චෑට්, ෆෙස් බුක්, ගූගල් ප්ලස් , ෆොටො ටැග්ස් , කෝල්ස් , කොමෙන්ට්ස් ටැග්ස්, එකී මෙකී නොකී ...
[242] ඇගේ රුපියල් පනහේ අවුරුද්ද ! ~~..... සංසාරේ අපි ..... ~~ දවස: අද වෙලාව: පස්වරු 6යි ස්ථානය: ආපිකෝ - නුවර මේක ඇත්ත කතාවක්. ඇහින් දුටු සිද්දියක්. සිද්දිය හරිම පොඩි වේවි ඇතැම් විට ඔබට. මට හරිම ලොකු උනාට. .. කතාව කියන්න එහෙනම්..මුදල් ගෙවන කවුන්ටරයේ රෙදි හැට්ට තාන් ඇඳුමෙන් සැරසුනු යුවතියන් අරක් ගෙන. අලුත් ඇඳුමක්. කබා කෝට් දවස් කිහිපයකට පලා ගිහින් ඒත් මැදැයි. රට යන අත ගැන අඩු ගානෙ එහෙමවත් සතුටු වෙන්න. මම ...
[241] හිස් තුරු 'හිස්' ~~..... සංසාරේ අපි ..... ~~ ඈත තුරුහිස් හුලඟෙ තාලෙට කියනවලු පැද්දෙන ගමන් තාම හුලඟට අඬන සද්දේ ඇහෙනවලු දැරියක හෙමින්.. උසට හිටියට දුරට පෙනුනට අහසෙ ගෑවෙන්නටම මෙන් දැවෙන තරමක් නොදනි පොළොවක් තුරු මුදුන් ඉර උණුසුමෙන් ... ...
[240] හෘද අභ්‍යන්තරයේ උණුසුම් දිය වැල ~~..... සංසාරේ අපි ..... ~~ සංසාරේ අපි යනු එක්තරා කොත්තුවකි. එහි නැති කිසිවක් නැත. ටැබූ සබ්ජෙක්ට්ස් වල සිට ගුරු වෘත්තියේ අපූරු සිදුවීම් තෙක්ද , කාල අවකාශයේ විවිධ විපිරියාසයන්ට ලක්වන චින්තාවලීන්ට දෙස් දෙන එක එක ජාතියේ සඳැස් නිසඳැස්ද , ගීත විවේචනද , පොත් විවේචනද යනාදී එකී මෙකී නොකී දේ මෙහි ඇත... එහෙත් සංසාරේ ලියන මට කිසිදා සිදු නොවූ දෙයක් තිබේ. එකම ගීතය ගැන දෙවරක් ලියන්නට ...