[279] නිදි නැති රාත්‍රීන් ~~..... සංසාරේ අපි ..... ~~ නින්ද නොයාම මල වදයකි. විටෙක හිතෙන්නේ එය ලෙඩක් යයි කියාය. එසේ සිතීමේ අතුරු ඵලය නම් , සිත විසින් බෙහෙත් ඉල්ලීමයි. බෙහෙත් බිව්වොත් එය තවත් ලෙඩකි. එතනින් එහාට බෙහෙතින් මිස නින්ද එන්නේ නැත. ඒ නිස්කාරනේ තිබූ නින්ද නැති කරගන්නා මගකි. සිත නොසන්සුන් වූ විට දෙකට දෙවාරනේ නොහිතූ විටෙක නින්ද ලඟා වීමත්, සිත සන්සුන් වූවිට නින්ද පලායාමත් එක්තරා අයුරකින් විද්‍යාවට පටහැණිය. මාසම්බන්ධයෙන් ...
[278] සර්පයෙකුගේ දියණිය ඔස්සේ..... ~~..... සංසාරේ අපි ..... ~~ සර්පයකු කෑවාක් සේම තිගැස්මක් ඇති කරන්නට ඉතා කුඩා වැකියක් ඊයේ සමත් වූයේය. ජීවිතය තිගැස්විය හැකි නිර්මාණයකදී මට එහි පැටිකිරියෙන් පලක් නැත. ඇත්තටම කියනවා නම් මේ පොත තවම මා නොකියවූ එකකි. එහෙත් මෙවර මාසාවසාන පඩි පැක්ට්ටුවේ පොත් කෝටාව ඇරෙන තුරු මෙය නොලියා සිටීමට සිත නොදෙයි... "වැස්සකට ගෙදරට ගොඩ වෙනවා වගේ සැරෙන් සැරේ ජීවිතේට ගොඩ වෙන අයට ගොඩක් ආදරේ කරන්න එපා පුතේ.. ...
[277[ සන්සුන් වීමේ ආදීනව ~~..... සංසාරේ අපි ..... ~~ දිගු කලකට පසු චිත්ත සන්තානය යම් කිසි සන්සුන් බවක් පල කරන්නේ බ්ලොග් පිටුව වෙත පෙර තිබූ ආලය පෙම සහ බැඳුම යලිත් යාවත්කාලීන කරමිනි...අනාගතයට මෙන්ම අතීතයටද එබී සිටීම දීර්ඝ කාලීන බෙල්ලේ කැක්කුම් වලට හේතුවකැයි අලුත් අවුරුදුදා මම ලියා තැබුවෙමි. කොතෙක් ප්රබන්ධයන්හි යෙදූ මුත් , ලියවෙන දාර්ශනික වැකි ප්‍රායෝගිකව 'මේන්න මම කළා' යැයි කීමට ලැබෙන්නේ එහෙමත් වතාවකය.විශාල මාවතක් වැනි ජීවිතය කුඩා අතුරු ...
[276] අස්තිර ~~..... සංසාරේ අපි ..... ~~ දෙනෙතක මෙලෙක දැක පමණක එක සැණෙක පැතුමක බියක දුක සැක දෙහදක සුරැක.... සිහිනෙක මිසෙක, සසරක මතකෙක නොදැක වදනක හසක සහනෙක දැකියැක ? නොහැක2012-12-13
[275] සත් වසක රැකියා අතීතාවර්ජනය ~~..... සංසාරේ අපි ..... ~~ සංසාරේ අපි මාසයක් වහලා දැම්ම ගානයි. බ්ලොග් ලිවිල්ල කෙසේ වෙතත් ලිවිල්ල නම් එපා වෙන්නෙ නැහැ. ඒත් දන්නවද, ජීවිතේ මල්ට ටිකක් දුරට රයිටර්ස් බ්ලොක් වගෙ එකකුයි ටෙක්නිකල් ගෑජට් එපා විල්ලකුයි එක පාර සිද්ද උනා වගෙ මාසයක් හිත හිත දුක් වින්දා. ජීවිතේ මල්ට තියන ලොකුම ලෙඩේ තමා ජීවිතේ වෙනස් වීගෙන යද්දි ඒකට හේතු භූත වෙච්චි කරුණු කාරනා හොයන්නෙම තම ඇතුල් හිතෙන්. ...
[274] මළවුන් ඇවිදින .. මිනිසුන් නිදන .. නොවැම්බරයට ... ~~..... සංසාරේ අපි ..... ~~ එය නම් අරුමයක්මැයි...හිස ගසා ගත් කලක බිත්තියකසීරුනු තැනින් ගලයිකුකවි පද එක දෙක...බිත්තියද සසලවහඬයි වැලපෙයිරතු පාට සීරුමක් වෙවුලයිදෙදරුමට අවනතව ....හිත හොඳින් ඇති විටකගැයු මනා කවි පදපොළවත් අහසත් සුලඟත්කොතෙකුත් ලියා වැනුවද .....බිත මත රැඳුනු කෙස් පොදහිස මත ඇඳුනු රතු හුණුහැඬුමට අනුනාද වන තරමටමහ පොළව සිත් පිත් නැත.... ..සිත ප්‍රීතියෙන් පසුවන කල්හි , බොහෝ අය ප්‍රීතිය බෙදා ගැනීමට වෙති... එහෙත් සිත අසරණ ...
[273] සිනහවෙන් හෝ කතාවෙන් .... ~~..... සංසාරේ අපි ..... ~~ සිනහව සහ කඳුලු අතර ඇත්තේ කෙස් ගස් භාගයක වෙනසකි .. මන්ද... සිනහ සෙන ගැහැණියකගේ හෝ මිනිසෙකුගේ සිනහව පිටුපස්සේ , බොහෝ හැඬුම් වැසී ගිය වෙස් මුහුණක් තිබේ. එහෙත් තවදුරටත් සිනහව හෘදයාංගම මෙන්ම අව්‍යාජද ලෙසින් දිස්වෙයි. ඒ කාරණාව පසු පස ඇත්තේ ජීවිතය අයැද සිටින නොමැරී සිටින අවශ්‍යතාවයි. එය ජීවිත ලෝභය හෝ ආශාව නොවේ. එහි ඇත්තේ , ජීවිතය හැරදා යා නොහැකි අසරණකමයි. ආත්මාර්ථකාමි ...
[272] අකර්මන්‍ය වූ 'කර්ම' ගැන ~~..... සංසාරේ අපි ..... ~~ කෙටියෙන්ම කිවහොත් ... 'කර්ම' නැරඹුවෙමි... හිතූ දෙයම යලි යලිත් පසක් කොට කර්ම පිලිබඳව 'සංඛාරා' කෙරෙහි අකර්මන්‍ය වූ මනසින්ම අද මම ලියන්නෙමි. ප්‍රසන්න ජයකොඩි විෂයෙහි ජයසේන ජයකොඩිගේ සෙවනැලි සෙවීමද එක් වරදක් විය යුතුය. එහෙත් අද හවස රීගල් සිනමා හලට මා ගොඩ වැදුනේ ප්‍රසන්නගේ පැටිකිරියත් සිංහල චිත්‍රපට පෙන්වන දුර්වලකම් කෙරෙහි අපුලත් විදෙස් චිත්‍රපට මවා තිබූ විස්මයානුකූල ආහ්ලාදයත් යන මේ තුනම හදවත තුල ...
[271] ආදරය කලාට දඬුවම ! ~~..... සංසාරේ අපි ..... ~~ සංසාරේ අපි බොහෝ දිගු නිහැඬියාවකට පසු ලිවීමට අර අඳින්නේ බොහෝ සතුටුදායක පුවතකි. පුවත ඇසෙන ඔබේ කණ බොහෝ ස්නායු සංවේදන ඇති කළද මගේ සංවේදනයටත් කුඩා ඉඩක් තබා මෙය කියවන ලෙස ආදරයෙන් ආරාධනා කරන්නෙමි...සංසාරේ අපි 'ආදරය' ගැන කතා කළේ වරක් දෙවරක් නොවේ... ආදරය , ප්‍රේමය , රාගය මෙන්ම සියලු සංවේදනාවන් තුල කැවී තිබෙන මානුෂිකත්වය අප නිතර නිතර කතා බහ කළෙමු.. විටෙක ආදරය ...
[270] පරණ පොත් මතක ~~..... සංසාරේ අපි ..... ~~ කලකට පසු අද මගේ නිවාඩු දවස සැබෑ නිවාඩුවක් ලෙසින්ම ගෙදර සිටියෙමි. මගේ වාසනාවට මා ඇහැරී පෑය භාගයෙන් ලයිට් ගියේය. කොම්පියුටර ෆෝන් එකී මෙකී නොකී සියල්ලන්ගේ බැටරි බැස ගොස්ය... මම නිරුත්තර වූයෙමි... අන්න ඒ වෙලාවේදී මට හැමදාම මා ඉඳගෙන ඉන්නා තැනින් ඔබ්බෙහි දුකින් බලා සිටි මගේ පොත් රාක්කය ඇස ගැසුනේය... දුහුවිලි , මකුළුදැල් වලින් ආඪ්‍ය වී මා වෙත ඔරවා ඇදවී ඇඹරී ...
[269] ටෙලිවිෂන් මතක ~~..... සංසාරේ අපි ..... ~~ දවසේ බොහෝ වේලා සිටගෙන සිටීමෙන් , දුර ඇවිදීමෙන් සහ විවිධාකාර කාර්යාල පීඩාවන්ගෙන් වෙහෙස පත් වූ මම සුපුරුදු ලෙස බිම වාඩි වී ඇඳට හිස ගසා නොකල්පනාවෙන් මනස සන්සුන් වන්නට ඉඩ හරිමින් සිටියෙමි. හිරු අස්තංගතව අහසේ පැහැය වියැකෙන අයුරුත් , අඳුර සමග නිවසෙන් පුරුදු පරිදි නික්මෙන සාම්බ්‍රානි සුවඳත් , පහල කුස්සියෙහි මා වෙනුවෙන් සැදෙන තේ ජෝගුව කැලැත්තෙන ටක ටක හඬත් දවසට බොහෝ ...
[268] ඇමීගේ කතාව ~~..... සංසාරේ අපි ..... ~~ ඇමීගේ කතාව .... ඇගේ වචනයෙන්ම ... ඔබේ ජීවිතය පොතක් නම් , ඒ පොත ලියන කතුවරයා ඔබ නම් , ඔබ කොහොමද ඔබේ ජීවිත කතාව ගොතන්න කැමති? කොහොම වෙනවටද කැමති? මෙන්න මේ ප්රශ්නය තමයි, මගේ ජීවිතය සදහටම වෙනස් කල ප්රශ්නය .. මගේ පොඩි කාලෙම ගෙවුනෙ කාන්තාර පිරිච්චි ලාස් වේගාස් නගරයෙ. මට හැමදාම ඕනෙ වුනේ ඒ ජීවිතෙන් මිදිලා නිදහස හොයාගෙන යන්න. මම හැමදාම ...
[267] මගෙ හිත ගත් පොතක් 7 - හලෝ හලෝ ~~..... සංසාරේ අපි ..... ~~ මහ වැස්සකට අර ඇඳි ව්‍යාජ අකුණු මත සන්තුෂ්ටිය සටහන් කරමින් දවස් කිහිපයක් කාර්යබහුල රාජකාරි ජීවිතයට කැප කළෙමි. අනතුරුව මම යලිත් ආවේ වැස්සක් බලාපොරොත්තුවෙන් ආයෙත් ලියන්නටය. අද මගේ විස්තර විභාගයට භාජනය වන අසරණ පොත වන්නේ 'හලෝ හලෝ' ය. චේතන් භගත් නම් අපූර්ව අපේ කාලයේ රචකයාගේ පොත් වලට වහ වැටුනාට , ඒ ගැන දුකක් නොවන්නේ චේතන්ගේ පොත් පරිවර්තනය කරන්නටත් , දක්ෂ ...
[266] මගෙ හිත ගත් පොතක් 6 - තුන් තකතිරුකං කරපු කෙනෙක් මං ~~..... සංසාරේ අපි ..... ~~ ඉශ් , ගෝවින්ද , ඕමි... කොටින්ම බිස්නස් පිස්සෙක්..., ආගම් පිස්සෙක්.. සහ ක්‍රිකට් පිස්සෙක්.... මේ තුන්දෙනා එකතු වෙලා හැදෙන සුසංයෝගයේ තේරුම මොකක්ද? තේරුම තමා මේ තුන්දෙනා යාලුවො තුන් දෙනෙක්ය කියන එක. එච්චරක් නෙවි, නිකම්ම ඉන්න එක හොඳ නැති නිසා, මොකක් හරි කරලා මිනිහෙක් වෙන පිස්සුවත් තියන නිසා මේ තුන්දෙනා අතගහනවා බිස්නස් එකකට. කෝවිල් භූමියක කඩ කාමරයක දානවා ක්‍රිකට් බඩු විකුණන ශොප් ...
[265] මගෙ හිත ගත් පොතක් 5 - අමුතු ඉලන්දාරියා ~~..... සංසාරේ අපි ..... ~~ අද මම කියන පොත යම් විවාදයට තුඩු දුන් පොතක්.. කොටින්ම මේ මාතෘකාවත් එක්තරා ටැබූ සබ්ජෙක්ට් එකක්.. මම දන්නෙ නෑ මේ ලන්කාවෙ ටැබූ සබ්ජෙක්ට් ටැබූ පිලිවෙතින්ම ක්‍රියාත්මක වෙනවද කියලා. ඒ නිසා ටැබූ සබ්ජෙක්ට්ස් පිලිබඳ මගේ මතවාදය වෙනස් එකක්.. මේක ලිවව කියලා මම බ්ලොග් සින්ඩිකේටර වලින් ඉවත් වුනත් ඉතින් මොනව කරන්නද? ශ්‍යාම් සෙල්වදුරෙයි කියන්නෙ සුවිශේෂී ශ්‍රී ලාංකික ලේඛකයෙක් .. ඔහු සුවිශේෂී වීමෙහි ...
[264] මගෙ හිත ගත් පොතක් 4 - උභයජීව ~~..... සංසාරේ අපි ..... ~~ ඉක්තියැන්දර් කියන්නේ අමුතුම ජීවියෙක්... එයා උපදින්නෙ සල්වාතර්ගෙ අත්හදාබැලීම් වල ප්‍රතිපලයක් වශයෙන් .. සල්වාතර් කියන අමුතු විද්‍යාඥයෙක්... වතුර යටදී වරල් වලිනුත් , ගොඩබිමදී පෙනහලු වලිනු හුස්ම ගන්න ඉක්තියෑන්දර් කියන්නෙ, ඒත් ලේමස් වලින් හෑදිච්චි ජීවියෙක්.... ඉතින් ඉක්තියෑන්දර්ට එක දවසක්දී මේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා... ඒත් ඒ වෙනසත් එක්කම මිනිස්සුන්ගේ ඈස් ගෑටෙන මේ අපූරු සත්වයා පිලිබඳ ඈතමුන්ට ඈති වන්නෙ බියක්.. ඈතමුන්ට කෑදර සිතක්... ...
[263] මගේ හිත ගත් පොතක් 3- වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග් ~~..... සංසාරේ අපි ..... ~~ මේ තියෙන්නෙ තවත් ජැක් ලන්ඩන්ගෙ ප්රාතිහාර්යයක්.... මෙහි දෙවෙනි ලිපියෙ පොතෙහි තිබුනෙ ගෘහවාසයෙන් වනවාසය කරා ඇදෙන බක් නම් බල්ලාගෙ කතාව. ඒත් අද මම මේ කියන පොතෙන් මතුවෙන්නෙ කැලයෙහි ඉපිද ගම්වාසයකට බලෙන් අල්වාගෙන එනු ලබන සහ එතෙකින් නොනැවතී සිය ජීවිතයේ විවිධ අසාමාන්‍ය ඉසවු පසු කරන වෘකයෙකුගේ කතාවක්...ආරියවංශ රණවීරයන්ගේ තරම්ම තියුණු පරිවර්තන හැකියාවක් තුලින් මේ පොත ඔප්නැංවී නැතත්, ජැක් ලන්ඩන් මතු කළ කතා ...
[262] මගේ හිත ගත් පොතක් 2- වනපෙත අඬගසයි ~~..... සංසාරේ අපි ..... ~~ අද මම ලියන පොත , මට ජීවිතය කියා දුන් හොඳම පොත් ගොන්නෙනුත් හොඳම එක යයි මම කියන්නට පෑකිලෙන්නෙ නෑහෑ. තවත් කිවහොත් , පහුගිය පොත් ප්‍රදර්ශනයෙන් මම ගත් පොත් ගොන්නෙන් මගෙ හිතට වෑඩියෙන්ම ඈල්ලුව පොතත් මේකයි. මේ පොතෙහි සම්පූර්ණ කතාවම ගෙතෙන්නෙ බල්ලෙක් වටා. ගෘහස්ත සැපහසුවේ හැදෙමින් හිටි 'බක්' ගෙ ජීවිතේ වෙනස්ම ඉසව්වකට ඈදී යන්නෙ ඔහුව පැහැර ගැනීමත් සමග. අනතුරුව හිම කරත්ත ...
[261] මගේ හිත ගත් පොතක් 1- සාරභූමි ~~..... සංසාරේ අපි ..... ~~ අද ඉඳලා පොඩි පහේ කෙටි ලියමන් කිහිපයක් ලියාගෙන යන්න මට හිතුනා. බරසාර එව්වා පැත්තක තියලා , මගෙ හිත ගත්තු පොත් ගැන දවස ගානෙ ලියාගෙන යන්න මට හිතුනේ , බීට්ල් (අකුරු බ්ලොග් එක ලියන) යාලුවා ලිව්ව පෝස්ට් එකක් දැකලා. මම කැමති හැම පොතටම ඔබ කැමති වෙන එකක් නැති වෙයි. ඒත් හොඳ පොතක දෙකක වගතුග බොහොම වටින පිරිසකුත් ඇති. හේතුව තමයි ලඟ ...
[260] මම වෙරි වුනෙමි ... ~~..... සංසාරේ අපි ..... ~~ මද්දහන් උණුසුමට මොළය රත්වෙන වෙලාවෙහි , කාර්යබහුල කාර්යාල මේසයේ ලිපිගොනු පිරිවරාගෙන , මොන සාහිත්‍යයක් ලිවිය හැකිදැයි කෙනෙකුට සිතෙන්නට පුලුවන. චිත්ත රූප මැවීම ! එය කැමැත්තක්, ආස්වාදයක්, ඇබ්බැහියක් යන මට්ටම් වල හිඳ ලෙඩක් දක්වා වර්ධනය වන අවස්ථාවන්හිදී චිත්ත රූපය කොතරම් බලවත්දැයි කියන්නේ නම් , එය චිත්‍රපට රූප රාමු පෙලක් වේග ධාවනය වන්නා සේ පෙනෙන්නට පටන් ගනියි. ඒ දුවන්නේ මගෙ හිතේ ඇඳෙන ...